Wednesday, September 30, 2015

හිම භූමිය




හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා

උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Monday, September 28, 2015

The Essentials of Global Mental Health

Essentials of Global Mental Health has recently received a certificate of high commendation at the British Medical Association 2015 book award.






The Essentials of Global Mental Health identifies the great burden of mental health disorders in global health. The authors thoroughly examines various practical community level approaches for prevention and promotion of mental health through the sharing of best information about common mental health problems especially among low and middle income countries. The book defines evidence based steps toward addressing inequality in global psychiatry. I found this book very useful in designing preventive measures in my psychiatry practice every day. I would therefore strongly recommend this book to policy makers, students and teachers involved in the practice of public health and mental health worldwide.

Anthony Ekwo MD, MPH
Department of Psychiatry & Behavioral Sciences
Meharry Medical College Nashville, TN



The Essentials of Global Mental Health

Contributors :

Professor Samuel O. Okpaku (Editor)
Professor Daya Somasundaram 
Dr. Robert Kohn
Constitutional Court Justice Edwin Cameron
Professor David M. Ndetei
Professor Athula Sumathipala
Dr Ruwan M Jayatunge 

Sunday, September 27, 2015

ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ගේ කක්කුස්සිය






ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් 1870 දී කැනඩාවේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයට ආවේය​. දුරකථනය නිපදවීමට ප්‍රථම බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ජීවත්ව සිටියදී ඔහු බොහෝ පර්යේෂණ  කරන ලදි. මේ කාලයේදී  ඔහු දොට්ට පිළට ගියේ මේ කක්කුස්සියටයි.

පහත ඇත්තේ බ්‍රැන්ට්ෆෝර්ඩ් නගරයේ ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් ජීවත් වූ නිවසයි 






Friday, September 25, 2015

තලෙයිබාන් උමතුව







..................මෑතකදී මම කියෙව්වා ශාරුක් ඛාන්ගේ ප‍්‍රකාශනයක්. ශාරුක් ඛාන් කියනවා බුද්ධාගම සාමයේ මාවත කියලා. බලන්න ඩොක්ට මේ ඉස්ලාම් ආගම අදහන මිනිහෙක්ගේ ප‍්‍රකාශය. ඒත් අපේ අයියලා මිනිහට බෝම්බ ගැහුවා. බුදු මගෙන් ඈත්වෙච්චි පැවිද්දෝ වීදිවලට බැහැලා කෑ මොර දෙනවා. ගිනි තියාගන්න තර්ජනය කරනවා. මම හිතන්නේ අඩු වයසේදී ළමයින්ව මහණ කරන්න අද කාලයේ සුදුසු නැහැ. මේක මගේ පෞද්ගලික මතය. මොකද මේ පොඩි ළමයින්ට ළමා කාලය අහිමි වෙනවා. සමහර වෙලාවට කායිකව, ලිංගිකව මේ ළමයි අපයෝජනය වෙනවා. මේ වගේ කුඩා කාලයේ ඉදන්ම මනස තුවාල වෙච්චි පැවිද්දෙක් තමයි සමාජයට එන්නේ. ඒ පුද්ගලයා අන්තවාදී සංවිධානවලට මැනිපියුලේට් කරන්න ලේසියි. ඔහු වැඩිහිටියන්ට වෛර කරනවා. දෙමාපියන්ට වෛර කරනවා. සමාජයට වෛර කරනවා. කොටින්ම තමාටත් වෛර කරනවා. සිවුරක් පොරවගත්තාට ඒක ඇතුලේ ඉන්නේ සීරියල් මර්ඩර් කෙනෙක් වගේ අයෙක්. ඒ තැනැත්තාට පුළුවන් හික්මීමක් නැතුව කෑ මොර දෙන්න. ඔළු පලන්න, උපවාස කරන්න, පෙට්රල් වත්කරගෙන ගිනිතියාගෙන මැරෙන්න,  ඕනම බෞද්ධ විරෝධි වැඩක් කරන්න පුළුවන්. මේක එක්තරා විදිහක තලෙයිබාන් වගේ උමතුවක්. බුද්ධාගම තරම් සහනශීලි, අසමානතා ඉවසන ආගමක් නැහැ. ඒ වගේ ධර්මයක් අන්තවාදයක් කරා දක්කවන උමතු මිනිස්සු ඉන්න රටක් මේක. ඩොක්ට උන්ට බෙහෙත් කරන්න මට බෙහෙත් කරන්න ඉස්සර. තරහා වෙන්න එපා ඩොක්ට මම තදින් කථා කළාට. මට ඩොක්ට තිස්ස එක්ක ප‍්‍රශ්නයක් නැහැ. මම ආවේගශීලී වෙලා කියලා හිතන්න එපා. මම කළබලකාරයෙක් නෙවෙයි. මට බෙහෙත් විදින්න එපා.

භීෂන  කාලයේ එක පොලිස් කාරයෙක් සරසවි ශිෂ්‍යයන්ගේ පොත් චෙක් කලා. එක කොල්ලෙක් ළඟ දෙල්ගහයට ගෙදර විප්පවය පොත තිබ්බා. ඒ කොල්ලා ජිප් එකට දාගත්තා. දෙවෙනි කොල්ලා ළඟ තිබ්බේ ගම් පෙරලිය, තොපි ගම් පෙරලනවා නේද කියලා ඒ කොල්ලාවත් ජිප් එකට දැම්මා. තුන්වෙනි කොල්ලා ළඟ තිබ්බේ විද්‍යාත්මක භෞතිකවාදය. මේක පොලිස්කාරයට කියවන්න අමාරුයි. අනිතිමට තටමලා තටමලා කියෙව්වා වන්දාත්මක හවිතික වාදය. අන්න හොඳ ළමයෙක් එ් වගේ පොත් කියවලා ඉගෙනීමේ කටයුතු කරගන්න කියලා තුන්වෙනි කොල්ලට යන්න දුන්නා. හැත්ත එකේ පන්ති පහ කරපු එවුන් හොය හොයා පොලිස් කාරයෝ රට වටේ ගියා. දහම් පාසල් පන්ති ගිය එවුන් වත් මැරුවා. ඩාස් කැපිටාල් එක පුළුවන්නම් කියවන්න. ඒක තේරුම් ගන්න අමාරුයි. එ්ත් ට‍්‍රයි එකක් දෙන්න. සමහර විට මාක්ස්වාදය අභියෝගවලට ලක් වුණා. දැන් බලන්න පිකාසෝ චිත‍්‍රයක් අඳිනවා පැයක් ඇතුළත. ඒ චිත‍්‍රයට ඩොලර් මිලියනයක් දීලා කෙනෙක් ගන්නවා. එතකොට ශ‍්‍රමය, නිෂ්පාදනය පිළිබඳ මාක්ස්ගේ තියරි එක මේකට ඇප්ලයි කරන්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ. ඩොක්ටට තේරෙනවානම් කියන්න. මාක්ස් ආගම එක්ක හැප්පුණා. ඒත් මම හිතන්නේ මිනිසා මවපු මිහිරිම දේ තමයි දෙවියන්. මිනිහට පීඩාවක්, බයක්, දුකක් දැණුනාම කියන්න ඉන්නේ දෙවියන් විතරයි. දෙවියන් නැත්නම් මිනිස්සු කාගේ ළඟට යන්නද? අපි හැමෝටම ආරක්ෂාව ගැන බයක් තියෙනවා. ඒකයි අපි දෙයියන්ට පහන් පත්තු කරන්නේ....................

 (මානසික රෝගියාගේ පරිකල්පනය)

Thursday, September 24, 2015

මලිත් ජයතිලික, රෝ ඔත්තු සේවය සහ ක්සෙනොෆෝබියාව




 සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  මලිත්  ජයතිලික ඉන්දියා මහකොමසාරිස්  කාර්යාලය හා  රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට මහාචාර්ය නලින්ද සිල්වා  මහතා  පදනම්  විරහිත අසත්‍ය  තොරතුරු ප්‍රකාශ  කිරිම නිසා  තමාට  සිදුවු  අපකීර්තියට  වන්දි  ඉල්ලා  එන්තර වාසි   යැවු බව  මලිත්  ජයතිලික මහතා පවසයි . තමන් ඉන්දියාවේ අධ්‍යාපනය හැදෑරීම නිසා මේ අභූත චෝදනාව කරන බවට ඒ මහතා දන්වා සිටියි. 

xenophobia  යනු විදේශිකයන්ට සහ විදේශ වලට ඇති භීතිකාව වේ.  විදේශයක් සමග ගෑවුන කෙනෙකුට ක්සෙනොෆෝබියානු අපහාස උපහාස කිරීම බොහෝ කාලයක් පුරා පැවතුනු තත්වයකි. මීට හේතුව ලෙස ලිං මැඩි මානසිකත්වය ලෙසට උපකල්පනය කළ හැක. 

 1970 ගනන් වලදී සුසිල් සිරිවර්ධන ඇමරිකාවට ගොස් තිබීම නිසා ඔහු සී.අයි.ඒ කාරයෙකු ලෙස හඳුන්වන ලදි. ඇමරිකානු පුවත් පත් සහ පොත් වලින් කරුණු හුවා දක්වන නිසා එඩ්වින් ආරියදාස ද සී.අයි.ඒ බව ලිං මැඩි පිරිස් උපකල්පනය කළහ​. විජේවීර රුසියාවේ ඉගෙන ගෙන තිබීම නිසා ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බව සමහර වමේ පුවත්පත් ද වර්තා කලේය. මේ සියල්ලම පෙන්නුම් කලේ ක්සෙනොෆෝබියා තත්වයයි. 

Monday, September 21, 2015

යුද ආතතියේ මනෝ සාමාජයික බලපෑම -උතුර සහ දකුණ



                                     


උතුරේ යුද ගැටුම් නිසා මානසික කම්පනයන්ට ලක්වූ සොල්දාදුවන් පිලිබදව මා විසින් තොරතුරු වාර්තා ලියා තිබේ. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පරියේෂණ කොට ඇත. යුද ගැටුම් නිසා උතුරේ මානසික කම්පනයන්ට ලක්වූ මිනිසුන් ගැන නොලියන්නේ මන්දැයි ඇතැමෙකු අපගෙන් අසති. එයට හේතු කීපයක් තිබේ. අපගේ නියැදියන්ගෙන් බහුතරය අයත් වුයේ දකුණටය. අපට උතුරේ ජනතාවගේ මානසික ප්‍රතිකාර කටයුතු වලට සහභාගි වීමට අවස්ථාවක් මේ දක්වා ලැබී නැත.  

වෛද්‍යවරුන් වන අප මිනිසුන් අත් විඳින මානසික පීඩනයන් දකින්නේ දේශපාලනමය හෝ ජාතිවාදීමය කෝණයකින් නොවේ යුද කම්පනයේ දුර්විපාක වලට සිංහල හෝ දමිළය කියා වෙනසක් නැත සෑම මිනිසෙකුටම යුද ආතිතියයේ පීඩාකාරී   ව්‍යසනය  බල පැවැත්වේ. ලංකාවේ ගතවූ 30 වසර පුරා පැවැති යුද්ධයෙන් සිංහල දමිල හා මුස්ලිම් ප්‍රජාවන්  පීඩාවට ලක්වුහ.  මා විසින් ලියන ලද සංග්‍රාමයෙන්  පසු - සරසවි ප්‍රකාශකයෝ සහ Combat Stress - ගොඩගේ ප්‍රකාශකයෝ කෘති මගින් ඊලාම් යුද්දය නිසා දකුණේ සොල්දාදුවා ඇත විඳි කායික මානසික පීඩනය හෙළි කරනු ලැබීය එසේ හෙළි කිරීමට එක හේතුවක්  වුයේ ඇතැම් දමිල උගතුන් විසින් ලංකාවේ පැවැති යුද ගැටුම නිසා පීඩාවට පත් වුයේ උතුරේ ජනතාව පමණක් බවත් දකුණේ සොල්දාදුවන් එකී පීඩනය මුදාහැරිය පාර්ශවය බවටත් වාර්ගික අගතියෙන් යුතුව ලියනලද ලිපි හා පොතපත නිසාවෙනි.    

 ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ ගැටම් දෙස බලන කල සිවිල් වැසියන්හට යුද්ධයෙන් ඇති වූ බලපෑම හා තදබල ආතතිය පසුගිය වසර කිහිපය තුලදි විශේෂ අවධානයකට ලක්වුවද රණවිරුවන් විසින් අත් දකින ලද යුධ කම්පන තත්ත්වයන් පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි හෙලිදරව් වී නැත. පසුගිය දශක කිහිපය තුළ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන් සිදු කළවුන් ලෙස සමහර අන්තවාදී වාර්තා මගින් රණවිරුවන්ගේ ප‍්‍රතිරූපය අමානුෂිකරණයට පත් කොට ඇත. එහෙත් යුධ කම්පනය අතිවිශාල සමානුපාතයකින් සෙබලූන්ට බලපාන ලද බව අවබෝධ කොටගෙන ඇත්තේ සුළු කොටසක් පමණකි. සටන්වලදී තම සගයින්  මරණයට පත්වනු දැකීම, ආදී කි‍්‍රයවලින් අන්තර්ගත වන බැවින්  යුද්ධය කම්පනසහගත කි‍්‍රයාවලියකි. යුද කම්පනයට නිරාවරණය වූ යුද සෙබළුන්ට මානසික ආබාධ, ප‍්‍රබල ආතතියට අදාළ රෝග ලක්‍ෂණ, සමාජ සබඳතාවන් පිළිබඳ ගැටලූ හා නොයෙකුත් වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. 

යුද්ධයෙන් ඔවුන්ට සිදුවූ හානි රණබිමට පමණක් සීමා නොවීය. ඒවා ඔවුන්ගේ ගෘහස්ථ පරිසරයටද පරිණාමය වේ. හමුදා සාමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය ක‍්‍රමානුකූලව තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයක් අවශ්‍ය වන නමුදු පසුගිය වසර 30 තුල සිදුකර ඇත්තේ එබඳු අධ්‍යයන් කිහිපයක් පමණකි.යුද කම්පනය හා කායික සෞඛ්‍යයට අදාල ආබාධ එකිනෙක හා සම්බන්ධ වන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. අධිකතර ආතතියට නිරාවරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන කායික සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්න පිළිකා අවදානම් හා සටන් ආතති අතර පවත්නා සහසම්බන්ධතාව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. එබැවින් ඊලාම් යුද්ධ අත්දැකීම් ලැබුවන් සෞඛ්‍යයට අදාළ දැඩි අවදානමකින් යුක්ත වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්පනය නිසා ඇතිවන කායික හා මානසික ගැටලූ අවම කරගනු පිණිස සෞඛ්‍ය බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගත යුතුය. යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ.

 ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත.  එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ   හා ඊට සම්බන්ධ මනෝ සමාජීය  අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම  ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු.  


  යුද ආතතිය (දකුණ) 
   යුද්ධය යන්න වීරක‍්‍රියාවක් ලෙස බොහෝ දෙනෙකු දකිතත්, ඊලාම් යුද්ධයට අදාළව නොකියවුණු වේදනාකාරී කතා දහස් ගණනක් ඇත. සමහර රණවිරුවන් ඔවුන්ගේ කම්පනසහගත කතා අප සමග බෙදාහදාගත් අතර ඒවා මගින් ඔවුන් විසින් විදින ලද දුක්පීඩාවන්ගේ දැවැන්තභාවය හෙලිවේ. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ගේ සටන් සම්බන්ධ වූ කම්පනකාරී ස්වභාවයේ සත්‍යතාවද ඉන් නියෝජනය කෙරේ. යුද්දය නිසා කම්පනයට පත් වූ සෙබළුන් දහස් ගණනකි එන එක සොල්දාදුවෙකි කෝප්රල් XXX 36 ඔහු වඩමාරච්චි මෙහෙයුමට  සහබාගි  වූවෙකි.  

 ‘‘විමුක්ති මෙහෙයුම  Operation Liberation නොහොත් වඩමාරච්චි මෙහෙයුම දියත් කරන ලද්දේ 1987 දීය. එය ශ‍්‍රී ලංකාව තුල සිදුවූ ප‍්‍රථම විශාලතම හමුදා මෙහෙයුමයි.  මෙම මෙහෙයුමට 8000ක් පමණ සෙබලූන් සහභාගී වන ලදි. LTTE ට එරෙහිව මෙම හමුදා මෙහෙයුමට අණ දෙන ලද්දේ ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව තුල සිටි ඉතාම ජනප‍්‍රිය හා ප‍්‍රචලිත නිලධාරියෙකු වූ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසිනි. මෙම කි‍්‍රයාන්විතය සිදුවී දැනට වසර 21 ක් පමණ ගතවී ඇති අතර, බොහෝ දෙනෙකුට මෙම යුධ මෙහෙයුම අමතක වී ඇත. මේවන තුරුම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හමුදා කි‍්‍රයාන්විතය පිළිබඳව හා ඊට ආනුශංගිකව සිදුවූ මානසික බලපෑම් විද්්‍යානුකූලව අධ්‍යයනය කොට නැත.              

 කෝප්රල් XXX 36 යනු ‘‘ඔපරේෂන් ලිබරේෂන්’’ නිසා මානසික රෝගී භාවයට පත්වු එක් පුද්ගලයෙකි. සටන්වදින අතරතුර ඔහු බොහෝ ආතතින්වලට මුහුණදුන්නේය. ඔහු කායිකාව හා මානසිකව ද දැඩිලෙස වෙෙහෙසට පත්විය. වසර කිහිපයක්ම යුද හමුදාවේ සේවය කිරීමේදී කෝප්රල්XXX 36 බොහෝ කම්පනකාරී සිද්ධීන් දුටුවේය. ඔහු රාත‍්‍රී බියකරු සිහින දැකීම සිතුවිලි බලාත්කාරයෙන් සිතට ඇතුලූවීම සබඑරමිසදබඅධික සංවේදීතාව ආදී රෝග ලක්ෂන වලින් පෙලේ. ඔහුගේ කම්පන අත්දැකීමට අදළ පුද්ගලයින් හා ස්ථාන මගහැරිමට පටන්ගත් අතර, සංවේදීභාවයෙන් තොරබවට පත්විය. 2003 වර්ෂයේදී කෝප‍්‍රල් XXX36පශ්චාත් කම්පන ආතති අබාධයෙන් (PTSD) පෙලෙන බවට රෝග විනිශ්චය කරන ලදී තමාගේ වත්මන් චිත්තවේගී හා කායික අපහසුතවන් සම්බන්ධව කෝප‍්‍රල් XXX36විස්තර කරනුයේ මෙසේය :  

             1987 වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධ වූ එක් සෙබලෙකි මම. අපගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ යාපනේ අර්ධද්වීපය නිදහස් කොටගන LTTE ය අල්ලාගෙන තිබූ ස්ථාන විනාශ කර දැමීමයයි. අප තොන්ඩමනාරු පාලම අසලට පැමිණෙන විට පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් ඛඔඔෑ විසින් පාලම පුපුරුවා හැර තිබුනි. අප ඉදිරියට ගමන් කලේ ඉතා සෙමිනි. මර උගුලක්   පුපුරා යාමෙන් අප සමග ගිය එක් සෙබලෙකු මා ඉදිරියේම ජිවිතක්‍ෂයට පත් විය. ඔහුගේ ලේ තැවරුණු මුහුණ මට තවමත් මතකට නැගේ. එය දැඩි වේදනාකාරී සිද්ධියක් විය.   මෙම සිද්ධියෙන් මා අතිශය සන්ත‍්‍රාශයට පත් වූ බව නොකිවමනාය. නමුදු නිල ඇඳුම ඇන්ද ද මා ද මිනිසෙකු වන බැවිනි. මරණ හා විනාශවීම් දකිත්ම මා ඉමහත්සේ සසල විය. වසර ගණනාවකට පසුව වුවද මට ඒ සිද්ධීන් සිහිනෙන් පෙනේ. එම බියකරු සිහින පෙනීම වලක්වනු පිණිස මා මද්‍යසාර පානය කොට නින්දට යාමට පුරුදු වූයෙමි. කිසිදු උස් ශබ්දයක් මට දරාගත නොහැකි විය. මා දැඩි භීතියකින් පෙලූනු අතර, මගේ හෘදය ස්පන්දන වේගය ඉතාම වේගවත් බවට පත්විය. අතීත සිද්ධින් ගැන නොසිතා සිටීමට මම බොහෝ විට උත්සාහ දරමි. රූපවාහිනිය නරඹන විට සටන්වලට අදාළ කතාවක් හෝ චිතුපටයක් දුටුවේ නම් මම එය කි‍්‍රයාවිරහිත කරමි. පසුගිය සිද්ධින් විශේෂයෙන් යුද්ධයට අදාළ සිද්ධින් ගැන කතා කිරිමට මම ඉතා අපි‍්‍රය කරමි.  මාගේ සිරුරේ දැන් කිසිදු ශක්තියක් නැත. මගේ සන්ධි රුදා දේ. මට සැතපුමක් දුර හෝ ගමන් කල නොහැකිය. මා අකාලයේ වියපත්ව ඇත. මගේ මනස දොම්නස්සහගත සිතුවිලි වලින් පිරී පවතී. සතුට යන හැඟීම මා අසලකවත් නැත. වසර ගණනාවක් තුල මා ප‍්‍රීතිදායක හැගීම් අත්දැක නැත.  මට කිසිවකට අවධානය යොමු කළ නොහැකි අතර, අමතක වනසුළු ස්වභාවයක්ද පවතී. එකම ඛණ්ඩයක සේවය කළ මගේ සෙබල  සගයින්ගේ   නම් පවා මට අමතකය. විටෙක ජීවත්වීමේ ඵලක් නැතැයි මට සිතේ. දැඩිකෝපය නිසා පවුලේ සාමාජිකයින් මා මගහරී. මුල් කාලයේදී මෙන් නොව දැන් මට තරහව පාලනය කොටගත නොහැකිය. මා නොඉවනසුළු කිසිදු හැඟිමකින් තොර පුද්ගලයෙකු බවට පත්ව ඇත. අවස්ථා කිහිපයකදී මේ ලෝකයෙන් තුරන් විමට මම කල්පනා කළෙමි. එහෙත් මා අදහස දහමට අනුව එය පාපයකි. එබැවනි සියදිවි නසාගැනීමේ අදහස මවිසින් මර්දනය කොටගෙන ඇත.  


යුද   ආතතිය (උතුර)   

උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ මානසික සෞක්ය ගැන ඉතා සවිස්තරව යාපනය විශ්වවිද්යාලයේ මනෝවිද්යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් ලියා තිබේ. මට මුලින්ම මහාචාර්ය සෝමසුන්දරම් හඳුනාගැනීමට ලැබුනේ 2002 වසරේ සායනික මනෝ  විද්යාඥ පද්මල් ද සිල්වා මහතා විසින් සංවීධානය කල සාමුහික වියසනයන් පිලිබඳ වැඩමුළුවකදීය ඉන්පසුව 2003 වසරේදී මා ශ්‍රී  ලංකා යුද හමුදාවේ 512 බල මුලස්ථානයේ දේශනයකට ගිය අවස්ථාවේදී යාපනය මහ රෝහලේදී එතුමා හමුවීමට  කතිකා කරගෙන තිබුනද මගේ ප්‍රමාදය  නිසා මහාචාර්ය දයා සෝමසුන්දරම් හමු වීමට නොහැකි විය නමුත් වරින් වර  විද්‍යුත් තැපැල් මගින් අප අදහස් හුවමාරු කරගන්නෙමු.  

 මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ ඇතැම් අදහස් වලට මට එකඟ විය නොහැක ඔහුගේ පොත පත ගැන විවේචන පවා මම ලියා ඇත්තෙමි මීට වසර කීපයකට පෙර මා විසින් ලියන ලද ප්රභාකරන් සාදකය පිළිබඳව මනෝවිද්යාත්මක විශ්ලේෂණයක් කෘතියේ මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ Scared Minds කෘතියේ ඇතැම් අදහස් මගේ තදබල විවේචනයට ලක්විය. එහෙත් එම විවේචන ගැන මා පිළිබඳව ඔහු තුල අගතියක් නැත මම යෝර්ක් විශ්වවිද්යාලයට පැමිණි විගසම ඔහු තම පැරණි සගයෙකු වූ ටොරොන්ටෝ විශ්ව විද්යාලයේ විශේසඥ මනෝ වෛද්‍ය අරුන් රවීන්ද්රන් අමතා මට කල හැකි උපකාරයක් වෙතොත් එය නොවහලා ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටියේය නමුත් කැනඩාවේ වෙසෙන තවත් සිංහල විශේසඥ මනෝවෛද්යවරයෙක් යටත් පිරිසෙන් උපකාරයක් නොව මගේ දුරකථන පණිවිඩයකට පවා දැක්වුයේ ඇල්මැරුණු ප්රතිචාරයකි මෙවැනි හේතු නිසා ජාතිවාදය කොතරම් පුහුද යන්න යලි යලිත් සනාථ වේ.    

යාපනය විශ්වවිද්යාලයේ මනෝවිද්යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් රචිත උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ ජීවිතය ඔවුන්ගේ වචනයෙන්ම විස්තර කෙරෙන Vanni Narratives 30 වසරක යුද ගැටුමේ පීඩනය මිනිසුන්ට දැනුනු ආකාරය ගැන පැවසෙන විස්තර ප්රකාශනයකි.   ඔහු මිනිසුන් විසින් අත්දුටු සාමුහික වියසනය ගැන මෙසේ ලියයි. (මෙහි කථා නායිකාව දමිල කාන්තාවකි )   

 අපේ මුල් පදිංචිය යාපනයේ අලවෙඩ්ඩි ප්රදේශයයි. මාගේ පියා චුන්නාකම්හි තැපැල් ස්ථානාධිපතිවරයා විය. 1948දී ඔහු අනුරාධපුරයට මාරු කරන ලදි. අපි අනුරාධපුර නව නගරයේ තැපැල් නිල නිවාසවල පදිංචි වූයෙමු. මාත්, මගේ නංගිලා හතරදෙනා සහ මල්ලීත් ඉපැදුණේ අනුරාධපුරයේය. මාගේ අම්මා හොඳ ව්යවසායිකාවක් වූවාය. ඇගේ හොඳ කළමනාකරණය නිසා අපට ජීවිතයේ අන්දේවලට විය පැහැදම් කරනා අතරේම ඉඩමක් මිලදී ගන්නටත් එළදෙනුන් හිමිකර ගැනීමට සහ කුඹුරු අස්වද්දන්නටත් හැකියාව ලැබිණ. ඒ කාලයේ අපට අක්කර 20ක ඉඩම්, දෙනුන් 200කගෙන් සමන්විත හරක් පට්ටියක්, පොල් ගස් 100ක් පමණ හිමිවී තිබුණු අවස්ථා විය. ඒවායේ වැඩ කළෝ සිංහල මිනිස්සුය. 130 දෙනකු පමණ එසේ වැඩ කරන්නට ඇත. ඊට අමතරව අපේ ඉඩකඩම්වල සිංහල පවුල් 10ක් පමණ ජීවත් වූවෝය.  අපේ ඉඩම් තිබුණේ කලාවැව ඉවුර අසබඩ බැවින් ජල හිඟයක් තිබුණේම නැති තරම්ය. ඒ වගේම ඒ ඉඩම් අවුරුද්දට තුන් වතාවක්ම අස්වැද්දවීමටද අපට හැකියාව ලැබිණ. අපි ශාන්ත ජෝසප් පල්ලිය පිටුපස නිවසක් තැනූයෙමු. මම කන්යාරාමයේ සිංහල බසින් ඉගෙන ගත්තෙමි. දිගින් දිගටම සිංහලෙන් කතා කිරීම නිසා අපට අපේ දෙමළ බස අමතකව ගියේය. අපේ අසල්වැසියෝ වූවෝද සිංහල, මුස්ලිම් හා බර්ගර් මිනිස්සුය. ඔවුහු ඉතා යහපත් පුද්ගලයෝ වූහ. අපට ප්රශ්නයක්ද තිබුණේ නැත. අපි සියල්ලෝම භේදයක් නැතිව දුක සතුට ඛෙදාහදා ගත්තෙමු. ඔවුහු අපට නොසෑහෙන්න උදව් කළෝය. ගව පට්ටිය තිබූ බැවින් අපේ අම්මා එළකිරි වෙළෙඳාම් කළ අතර, එනිසා ඇයට "කිරි අම්මා"ලෙස නමක්ද පටබැඳී තිබුණි.   

  1983 කෝලාහලය අපට එතරම් බලපෑවේ නැත. එහෙත් 1977 කලබල අපට අමතක කළ නොහැකිය. එතෙක් අපෙන් කා බී ඇඳි පැළඳි මිනිස්සුම කඩු කිනිසි අමෝරාගෙන අප මරන්නට ආවෝය. එහෙත් කාරුණික වූ කිහිපදෙනකු විසින් අපි බේරාගන්නා ලද්දෙමු. අපි දින දෙකක්ම කිසිවක් නොමැතිව තිසාවැව වාරිමාර්ග පද්ධති ඇළක අසබඩ කැලෑවේ සැඟව සිටියෙමු. පසුව පොලිස් ආරක්ෂාව මධ්යයේ යාපනයට යවනා ලද්දෙමු. ඇඳිවත පමණක් සහිත අපි දොරේඅප්පා ක්රීඩාංගණයට ලොරියකින් ගෙනැවිත් දමනු ලැබූවෙමු.  අප වැනි තව බොහෝදෙනා එහි වූහ. අපි පරානිතුරෙයිහි කතෝලික පියතුමන්ලාගේ මිෂනාරි මැදුරෙහි සිටියෙමු. මගේ අම්මා යාපනයට කැමති වූයේ නැත. "අපි 1977 දීම කිලිනොච්චියෙන් ඉඩමක් ගෙන එහි පදිංචි වීමු.   එහෙත් 1977දී පටන් ගත් සරණාගත ජීවිතය අදටද අවසන් වී නොමැත. අපට සිංහලයන් සමග ජීවත්වීමට නොහැකි නිසා මෙම ප්රදේශවලට පැමිණියද, මේ ප්රදේශයද එලෙසම විය. අපට අයිතිව තිබූ ඉඩකඩම් දේපළ සියල්ලම වටාපිටාවේ විසූ මිනිසුන් විසින් අත්පත් කරගෙන තිබුණි. සිංහල කතා කළ සෑමවිටම මාගේ මව ශෝකයට පත්වූවාය. "උන් කාපු තැන පාවලා දුන්නායැ'යි ඇය බොහෝ අවස්ථාවලදී කීවාය. අප කිලිනොච්චියේ විසූ අතර ඇය ආපසු අනුරාධපුරයට යෑම තරයේම ප්රතික්ෂේප කළාය. "කහ රෙදි කෑල්ලකට තැල්ල බැඳපු මිනිහෙක්. අපට උන්ව විශ්වාස කරනවට වඩා හොඳයි අපේ ඉඩම්වල ජීවත් වෙන එක. ඒක ඉතා කෙටි කාලයක් විතරයි." ඇය නිරන්තරයෙන් පැවසූ අතර, ඒ අඩූ කඳුළෙන්ම මිය ගියාය.'අපිට එහේ ඉන්න බැරි නිසා මෙහෙ ඉඩම්වලට ආවා. ඒත් 1985 න් පස්සෙ ඒකත් අපායක් වුණායැ'යි ඇය පැවසූයේ අපට කවදා නම් සැනසිල්ලේ සිටිය හැකි දවස් උදාවේදෝ යන්න සුසුමක් හෙළමිනි.  

මාගේ සහෝදරිය නැවත අනුරාධපුරයට ගියද මම මාගේ දරුවන් සමග කිලිනොච්චියේම ජීවත් වූයෙමි. පාසල් නිවාඩු සමයේ මාගේ දරුවෝ අනුරාධපුර පිහිටි මාගේ සොහොයුරියගේ ගෙදර නිවාඩුව ගත කරන්නට ගියෝය. මාගේ දෙවැනි දියණියට වයස අවුරුදු 08ක් පමණ විය. 1985 මාර්තු පාසල් නිවාඩුව ගතකිරීමට ඇය මාගේ සොහොයුරියගේ ගෙදර ගොස් සිටියෝය. එක් දවසක් එල්ටීටීඊය සිංහල මිනිසුන් සමූහයකට වෙඩි තැබුවේය. ඔවුන්ට වෙඩි වැදුණු පසු ඔවුන් නිකම් සිටීද? ඔවුහු දෙමළ වැසියන් ලූහුබඳින්නට වූහ. අපි කෙසේ හෝ හමුදා කඳවුරුවලට ගොස් පිහිට පැතුවෙමු. එහිදී වියරු වැටුණු හමුදා භටයකු වෙඩි තැබීමට පටන් ගත් අතර බොහෝ දෙමළ වැසියෝ මරණයටද, තුවාලවලටද ලක්වූහ. ඒ අවස්ථාවේදී මාගේ අහිංසක දියණියද මරණයට පත්වූවාය. මට අඩුම තරමේ ඇයගේ දේහයවත් දකින්නට නොලැබිණි. ඇය එහිදීම වළලා තිබුණි. එදා සිටම මම ඇය ගැන සිතමින් හඬමි.    1990දී මගේ තුන්වැනි පුතා එල්ටීටීඊ ව්යාපාරයට සම්බන්ධ වූවේය. එදා සිට මාගේ සිතේ ඉතිරිව තිබූ සැනසිල්ලේ අවසන් අංශු මාත්රයද නැතිව ගියේය. මම උදේ දවල් ඔහුට කිසිදු අනතුරක් වෙන්නට එපායැ'යි දෙවියන්ගෙන් ඉල්ලා සිටයෙමි.  මට කිසිදු අනුකම්පාවක් හිමි නොවූ අතර 2000දී ඔහුද දෙවියන් විසින් උදුරා ගන්නා ලදි.  2001දී මාගේ සොහොයුරාගේ පුතා වව්නියාවට ගියේය. වෙන කාටදෝ සවිකළ ක්ලේමෝ බෝම්බයකට අසුවී ඔහුද මිය ගියේය. අපි දිගින් දිගටම අවතැන් වීමු. සාමය උදාවූ විට අපි නැවත අපගේ ස්ථාන කරා ආවෙමු. අප භූමිය සමග ජීවත් වන්නට මෙලෙස අප්රමාණ දුෂ්කරතා සහ වධහිංසාවලට මුහුණ දෙන්නට විය.  2002දී සාම ගිවිසුමෙන් පසු අප අපගේ ගෙවල් අලූත්වැඩියා කරගත්තේ සාමයෙන් සතුටින් ජීවත්වීමේ අරමුණ ඇතිව වුවද 2008 යුද්ධය ආරම්භවීමත් සමග ඒ සියල්ල යළිත් නැතිවිය. කාලතුවක්කු අපට නිදහසේ ඉන්නට ඉඩ දුන්නේ නැත. කෆීර් යානාවල හඬ ඇසුණු වහාම අපි බංකරවලට දිව්වෙමු. හමුදාව මන්නාරමින් පැමිණ ආකාරායාන්වලට ළඟා වන විට අපේ ජීවිත යහපත් අතට හැරෙමින් තිබුණි. තවදුරටත් කෆීර් සහ ෂෙල් වෙඩි ප්රහාරවලට මුහුණදීමට අපට ශක්තියක් නොතිබූ අතර අපි ගෙවල්වල දොර ජනේල් සියල්ල ගලවාගෙන විශ්වමඩුවලට ගියෙමු. අපට අඩුම තරමේ එහි මාස දෙකක්වත් සැනසිල්ලේ සිටීමට නොහැකි විය. අපි අපේ බඩු බොහොමයක්ම එහි අතහැර වල්ලිපුනාම්වලට ගියද සිංහල මිනිසුන් අපිට එහි සති දෙකක්වත් ඉන්නට ඉඩ දුන්නේ නැත. හොයාගන්නට හැකි අඩුම කුඩුම එකතු කොට තරුණයෝ මඩු හැදුවෝය. ඉන්පසු අපි ඉරාතෙයිපල්ලෙයිවලට ගෙන යන ලදිමු. අවසානයේ මුල්ලිවෛයිකාල්වලට එනතුරුම අප එලෙස කිහිප තැනකටම විටින් විට යන ලදි.  ඒ අතර මගේ අත මල්ටිබැරල් ප්රහාරයකට තුවාල විය. මාගේ දරුවන් මාව රතුකුරුස නැවක ත්රිකුණාමලයට එව්වේය.   මගේ දරුවන් මුල්ලිවෛයිකාල් සිට හමුදා සිටින වාඩ්ඩුවාන් ප්රදේශයට ගමන් කිරීමේදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දී තිබිණ.  ඔවුහු මැණික්ෆාම්හි මාස 04ක් විසූ අතර එහිදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට විය. 

දෙවියන් අපගේ ජීවිත අල්පේච්ඡ කර තිබුණි. නමුත් බොහෝ මිනිසුන් මිය ගොස්ය. දුක් මහන්සියෙන් හම්බ කරගත් දේපළ ද සුළඟත් සමග ගසාගෙන ගොස්ය.  ගිය මාසයේ අපි කිලිනොච්චියට ගියෙමු. සෑම දෙයක්ම බිමට සමතලා වී ගොස්ය අපේ තැන යන්න හඳුනාගත හැකි කිසිවක් එහි නොතිබිණි. සෑම දෙයක්ම වල්බිහිවී තිබූ අතර නටබුන් සේ දිස්විය. එහි ජීවත්වීම සිතට කලකිරීමක් විය. සෑම තැනම සිටියේ හමුදාවෙන් පමණි. එල්ටීටීඊ සාමාජිකයන්ගේ කනත්තද බිමට සමතලා කොට තිබුණි. මගේ පුතාගේ සොහොන් කොත තිබූ තැන මට සොයාගත නොහැකි විය. මම සෑම මසකම එක් දවසක් මෙම සොහොන් කොත ළඟට ගොස් හඬා වැළපුණෙමි. එහෙත් දැන් මහා විරු දිනයක් ආවේද යන්නවත් නොදනිමි. අපි කිලිනොච්චියේ සිටිනා කාලයේදී, මාගේ පුතාගේ යහළුවෝ පැමිණ මට 'අම්මායැ'යි නිරන්තරයෙන් කතා කළේය. නමුත් දැන් මට කවුද ඉන්නේ?  අපි ගෙවල් හැදීමට ආධාර ඉල්ලා තැන් 15කටත් වඩා ගියෙමු. කාගෙන්ද ඉල්ලිය යුත්තේ? 

1977 සිටන් දෙමළ වැසියන්ට සිදුවූ දේ පිළිබඳව බැලු විට දැඩි කලකිරීමක් ඇතිවේ. හරියට තමන්ගේ කොටස ලැඛෙන තුරු බලාවුන් ගිරවාගේ කතාව මෙන් අපේ කතාවද අවසන් වී ඇත. කොපමණ මිනිසුන් තම දිවි පුදන්නට ඇත්ද? කකුල් අතපය, ගෙවල් දොරවල්, දේපළ විනාශ වන්නට ඇත්ද? හරියට රටක් නැති මිනිසුන් වාගේ එහෙ මෙහේ දුවන්නට ඇත්ද? නිදහස ලබාගැනීමට මුහුණ දුන් කරදර සියල්ල නැවතත් යටත් වූ ජීවිතයක්ම රැගෙන ආවේය. දෙවියන්ද අන්ධ වී ඇත. පෙර මෙන් මම රොසරිය කියවන්නේද නැත. පල්ලියට යාමට හිතක් ද නැත. මට හැෙඟන්නේ තරහව සහ වේදනාව පමණි. වෙනදා අපි නත්තලත් ඉන්පසු අලූත් අවුරුද්දත් ඉතා ඉහළින් සැමරුවෙමු. මෙවර එය නිකම්ම උදාවිය. කේ්ක්ද රසකැවිලිද හැදුවේ නැත. හැදුවත් ඛෙදා දෙන්නට කෙනෙක්ද නැත. කිලිනොච්චියේදී නම් අපේ අසල්වාසීහුත් ගමේ මිනිස්සුත් එනු ඇත. දරුවන්ගේ පෙරැත්ත නිසා මම ඉරිදා පමණක් පල්ලියට යමි. කාට හෝ අප කර ඇති වරද කුමක්ද? අප වෙනම රටක් ඉල්ලා මිනිසුන් දහස් ගණන් දිවි පිදුවද අවසානයේ එය කෙළවර වූයේ ඇඳිවතද නැතුවය. (අඩුම තරමේ අමුඩය හෝ යට කලිසමද නැතිවිය.) මෙම අවසානය දකිනවාට වඩා සැනසීමක් අපට ෂෙල් වෙඩි ප්රහාරයකට ලක්වූයේ නම් අත්වනු ඇත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Combat Trauma in Sri Lanka  ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ එස් වික්‍රමසිංහ / නදී  කදුරුවාන 

Sunday, September 20, 2015

මේගන්- මානසික රෝගියාගේ පරිකල්පනය





" මාව මුලින්ම බලපු ඩොක්ට  මගෙන්  ඇහුවා මාව කවුරුහරි පාලනය කරනවාද කියලා. ඇත්තෙන්ම අපිව කවුරුහරි පාලනය කරනවා නේද ?   අපි අපිට කන්ට්‍රෝල් නැහැ ඩොක්ට. අපිව හැමෝම පාලනය කරනවා. අපගේ මනසට විධාන දෙනවා හරියට ආමි එකේ වගේ. වමට හැරෙන් දකුණට හැරෙන්. ඉතින් අපි හැරෙනවා. මාව කවුරුහරි පාලනය කරනවාදමගේ මනස කවුරුහරි පාලනය කරනවාද

මම හිතන්නේ සිටුවේෂන් එකෙන් සිටුවේෂන් එකට මාව කවුරුහරි පාලනය කරනවා. මම විතරක් නොවයි අපි හැමෝම එහෙමයි. ලාස්වේගාස්වලදී මට මේගන් ව හම්බවුණා. ඒක  වුණේ අහම්බෙන්. මමයි නෙරන්ජලියි නැවතිලා හිටියේ වේගාස් වල ෆෝර් සිසන්ස්  හෝටලයේ හත්වෙනි තට්ටුවේ. මේගන් සිටියේ අපේ රූම් එකට රූම් තුනකට විතර ඈතින්. නෙරන්ජලී ලාස් වේගාස්වලට කැමැත්තක් දැක්වුයේ නැහැ. ඩොක්ට ලාස් වේගාස්වලට ගිහින් තියෙනවදඑය මිහිපිට සුර පුර. ඇමරිකන්කාරයෝ කියන්නේ සින් සිටි. පවු කරන නගරය කියලා. කැසිනෝඇල්කොහොල්ඩ‍්‍රග්ස්සෙක්ස් උතුරලා යනවා.

කැසිනෝ එකේ මම බ්ලැක් ජැක් ප්ලේ කරා. ඩොලර් දෙදාහක් පරාදයි. මම බාර් එකට ගියා. මම බ්ලඞ්මේරි එකක්  ඕඩර් කරා. එතකොට මම දැක්කා මේගන්ව.  මේගන් මාව අඳුර ගත්තා. තමන්ගේ අසල්වැසියා කියලා. එයා මට කථා කරේ ස්පැනිෂ්වලින්. මම මෙක්සිකන් කියලා හිතන්න ඇති. මම කිවුවා සිංෙඤරිතා මම ලංකාවෙන්සිලෝන් කියලා. එකකොට මේගන් ගත්කටටම කිව්වේ ” ඕ ලිබරේෂන් ඔෆ් ටයිගර්ස්.....”, යුද්ධය නිසා ලෝකයේ හැමෝම අපිව දන්නවා. මම මේගන්ට ඩි‍්‍රන්ක් එකක්  ඕඩර් කරා. එයා ගත්තේ මාටිනී. අපි විනාඩි හතලිස් පහක් විතර කථා කර කර හිටියා. මේගන් කිවුවා යූ ලූක්ස් ලයික් ඩැනී ග්ලෝවර්” කියලා. ඒක  මට කම්ප්ලිමන්ට් එකක්. ඩැනී ග්ලෝවර්. මෙල් ගිබ්සන් ගේ සහකාරයා. මම ඇයට සුභ රාත‍්‍රියක් පතලා කාමරයට ගියා.

නෙරන්ජලී ඇහුවා මම මෙච්චර වෙන කල් කළේ මොකක්ද කියලා. මම කිවුවා මම කැසිනෝ එකේ හිටියා කියලා. ඒක  බොරුවක් නෙවෙයිනේ. පහුවදා උදේ මම නෙරන්ජලීව අමුත්තන්ගේ ශාලාවේ තියලා ජිම් එකට ගියා. මේගන්ව බලන්න. හිතුව වගේම මේගන් ජිම් එකේ හිටියා. මම අහම්බෙන් ඇය දැක්ක වගේ මූණක් පෙන්නල මේගන්ට සුභ උදෑසනක් ප‍්‍රාර්ථනය කළා. අපි ඩිනර් එකෙන් පස්සේ බාර් එකේදී හමුවෙමු කියලා මම ඇයට කියලා අමුත්තන්ගේ ශාලාවට ගියා. නෙරන්ජලී මම කැසිනෝ එකෙන් සල්ලි පරාද උන බව තාම දන්නේ නැහැ. එහෙත් පස්සේ ක්‍රෙඩිටි කාඞ් එකේ බිල ආවහම එයා එක දැනගත්තා. ඒත්  මොකදලාස්වේගාස් යන්නේ සල්ලි වියදම් කරන්න.

එදා රෑ අපි වේලපහින්  ඩිනර්  ගත්තා. මෙක්සිකන් කෑමක්. ෆහීතා. නෙරන්ජලී කැමතියි ෆහීතාවලට. අපි නිදාගන්න කියලා කාමරයට ගියා. නෙරන්ජලී චේන්ජ් කරනකල් ඉදලා මම කිවුවා මට ඩි‍්‍රන්ක් එකක් අවශ්‍යයි කියලා. නෙරන්ජලී කිවුවා මිනි බාර් එකේ ඩි‍්‍රන්ක්ස් ඇති කියලා. මම කිවුවා මම කැමති කොක්ටේල් එකකට. මම පල්ලෙහා බාර් එකට ගිහිල්ලා ඉක්මනට එන්නම් කියලා. රූම් එකේ දොරවහලා පල්ලෙහාට ගියා. බාර් එකේදී මට මේගන්ව හමුවුණා. අපි ස්කොච් ගත්තා. මේගන් මගෙන් ඇහුවා කැන්යූ ඩාන්ස් ටැන්ගෝ කියලා.ඩැඩි  හොදට ටැන්ගෝ නටනවා. මම ඉස්කෝලේ යන කාලේ පොඞ්ඩක් කරලා තියෙනවා. මම මේගන් එක්ක ටැන්ගෝවලට ගියා. මට ස්ටෙප්ස් මතකයි. අපි ඩාන්ස් කළා. මුලදී ටිකක් සැකයෙන් ඒත් පස්සේ මට ස්ටෙප්ස් පුරුදුයි. 

මේගන්ගේ ඉන ටැන්ගෝ වලටම මවපු ඉනක්. නටලා අපිට මහන්සියි. මේගන් මට කිවුවා ෂැල් වී ගෝ ඇන්ඞ් හෑව් එ ඩි‍්‍රන්ක් ඉන් මයි රූම්...” කියලා. මම ඒකට  එකඟවුණා. අපි එලිවේටර් එකට ගියේ අත් පටලවාගෙන. ලිෆ්ට් එක හත්වෙනි තට්ටුවට යනකං මේගන් මගේ උරහිස උඩ හිස තියාගත්තා මේගන් රූම් එක අරිනකල් මම හොරඇහින් අපේ කාමරය දිහා බැලූවා. නෙරන්ජලී එළියට ආවොත් විනාසයි. මට  ඕන වුණේ පුළුවන් ඉක්මනට මේගන්ගේ කාමරයට යන්න.

මේගන්ගේ කාමරයේදී අපි ෂෙරි ගත්තා. මේගන් මගෙන් ඇහුවා පූල් ඒක පැත්තේ  ගියේ නැද්ද කියලා. මම පීනන්න කැමතියි. එත්  නෙරන්ජලී පීනන්න බයයි. නෙරන්ජලී පීනුවේ කුඩා පූල් එකකදී විතරයි. මම මේගන්ට කිව්වා මම පූල් එකේ පීනන්න කැමති නැහැයි කියලා. මේගන් එතකොට කිව්වා ඊයේ දහවලම හිටියේ පූල් එකේ ඒ අතර  හිරු රැස්  තැප්පා කියලා. මම මොකුත් කිව්වේ නැහැ. මට මොකටද හිරු රැස්  තපින්න අවශ්‍ය.? 

ගීතයක් මුමුනමින් සිටි ඇය   මගෙන් උදව්වක් ඉල්ලූවා. මේගන් මට කිව්වා ඇයගේ පිටේ සන් ක‍්‍රීම් ගාන්න පුලූවන්ද කියලා. මම ඔව් කිව්වා. එතකොට ඇය ටොප් එක ගලවලා මට පිටුපාලා බ්‍රෙසියර් එක ඉවත් කරලා ඇඳ උඩ මුනින් අතට වැතිරුනා. කී‍්‍රම් ඊස් ඔන්ද ටේබල්..” ඇය මට ඇගිල්ලෙන් පෙන්නුවා. මම ක‍්‍රීම් බෝතලය අරගෙන මේගන් ළඟට ගියා. මගේ හිතට අමුතු හැඟීමක් දැණුනා. මේගන්ගේ රන් පාට ඇඟලස්සන අත් ඇය වීනස් දෙව්දුව වගේ. මම මේගන්ගේ රන් පැහැ හිසකේ පැත්තකට කරලා ක‍්‍රීම් අත්ලට ගත්තා. ඇයගේ ගෙල පිට උරහිස්වල ක‍්‍රීම් ආලේප කරලා හෙමිහිට මෘදුව මසාජ් කළා. මේගන් ඇස් වහගෙන ගැඹුරු හුස්මක් ගත්තා. මම විනාඩි විස්සක් විතර මේගන්ගේ පිටේ ක‍්‍රීම් ගාමින් මසාජ් කළා. ඇය මට කිව්වා යූ රිමයින්ඩඞ් මී මයි ෆස්ට් හස්බන්ඞ්..” කියලා ඊට පස්සේ මුනින් අතට හිටි මේගන් මගේ පැත්තට හැරුනා. මම මේගන්ගේ ඇස් මගඅරින්න උත්සාහ කළා. නොදැනුවත්වම මගේ ඇස් ගියේ ඇගේ රන්පාට පියයුරුවලටයි. මම දුටුවා මේගන්ගේ රතු නිපල් එක. මම ඇස් එයින් ඉවතට ගන්න උත්සහ කලා.  මට දැණුනා වෙනත් කෙනෙක් මගේ මනස පාලනය කරන බව. 

මේගන් මට කිව්වා බේබි ඇප්ලයි ක‍්‍රීම් ඔන් මයි චෙස්ට්...” කියලා. මගේ අත්ල ඇයගේ පියයුරු වල වැදෙන කොට මගේ මනස මගේ පාලනයෙන් ඉවත්වෙලා. මම මගේ ඇඟිලිතුඩුවලින් ඇගේ රතු නිපල් දෙක ස්පර්ෂ කළා. ඒ  එක්කම මේගන් මගේ තොල් දෙක කිස් කළා. මගේ මනස පාලනයෙන් මිදිලා වෙනත් අයෙකුගේ ග‍්‍රහණයට ගිහිල්ලා. ඒක හරියට පයිලට් ඉවත්කරලා කෝ පයිලට් ජෙට් එක පදවන්න ගත්තා වගේ. ජෙට් එක වේගයෙන් යනවා. මගේ ඇඳුම් ශරීරයෙන් ඉවත්වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මේගන්ගේ දිව මගේ තොල් අතරින් කට ඇතුළට ගියා. මට මේගන්ගේ දිවෙන් ෂෙරි රසයක් දැණුනා. මම මේගන්ගේ දිව ළමයෙක් ලොලි පොප් එකක් සූප්පු කරනවා වගේ සූප්පු කළා. අපි දෙන්නා ඇඳ උඩ දැගළුවා. එකිනෙකා බදාගත්තා. ඇඩම් සහ ඒව වගේ අපි දෙන්නම නිරුවතින්.

ඇයගේ සම රන් පාටයි. මගේ සම දුඹුරු පාටයි. ගෝල්ඞ් සහ චොක්ලට් පැහැති අපගේ ශරීර  එකිනෙකට බද්ධ වෙලා වගේ. මම හිමිහිට මගේ කළවෙන් මේගන්ගේ කළවා ඈත් කළා. ඇය කළවා ළං කරගත්තා. නෝ බේබි නොට් විතවුට් එ කොන්ඩම්...” ඇය කෙඳිරිගෑවා. මේගන් හෙමිහිට මගේ ශරීරය තල්ලූ කරලා එයාගේ හැන්ඞ් බෑග් එක ඇදලා කොන්ඩම් එකක් ගත්තා. රබර් වැස්ම හරහා මම මේගන්ගේ ශරීරය තුළට රිංගුවා. අපි දෙන්නා වෙන් කළේ මිලිමීටර් ගණනක රබර් වැස්මකින්. මම හැකිතරම් ගැඹුරට මේගන්ගේ ශරීරය තුළට ගියා. ඇයගේ උණූසුම් හුස්ම මගේ බෙල්ලට වැදෙනවා. මේගන් කකුල් දෙකෙන් මාව ලොක් කර ගත්තා. මම උපරිම වේගයෙන් ඇය තුළට කිඳා බසින්න පටන්ගත්තා. ඒ  එක්කම මේගන් මාව පෙරලාගෙන මාව යට කළා. දැන් ඇය මගේ ඇඟ උඩ. එත්  අපගේ සම්බන්ධය ගැළවුවේ නැහැ. ඇය කොන්ඩය දෙපසට දාලා මගේ උකුල උඩ පැද්දෙන්න පටන් ගත්තා. ගැඹුරු හුස්ම එක්ක ඇය ගේ කෙඳිරියත් උත්සන්න වුණා. මට ඉන්දියාවේ මගේ අසල්වැසි කාමයේ හිටපු ගොපිනාත් සහ ධනු  මතක් වුණා. ඔවුන්ගේ හඬ වගේ අපේ හඬත් කාමරයෙන් එහාට රැව් දෙයිද 

මම බය වුණේ නෙරන්ජලීට සද්දේ ඇහෙයිද කියලා. මේගන් කළවා අංශක එකසිය විස්සකට පමණ ඈත් කරගෙන මගේ උකුල දෙපස. විනාඩි විස්සක් විතර මගේ උකුල උඩ දඟලලා හයියෙන් හුස්මක් එක්ක මගේ බෙල්ල බදාගත්තා. ඇයගේ ශරීර රිද්මය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවෙලා ගියා. මොහොතක් මගේ පපුව උඩ නිදාගත්ත මේගන් හිමිහිට නැගිට්ටා. අපේ සම්බන්ධතාවය ගැළවී ගියා. ඇය හිස පහත් කරගෙන ඇදේ මැදට විත් හිස පහත් කරගෙනම තට්ටම ඉස්සුවා. මම මේගන්ගේ රවුම් තට්ටම් අත් දෙකෙන් අල්ලගෙන ඇයට කිට්ටු වුණා. මේගන් තව තවත් තට්ටම ඉස්සුවා. එ් සමඟම මට  අසුචි ගඳක් ආවා. සුද්දියෝ අපිවගේ  මලපහ  කරල පස්ස හොදන්නේ නැහැනේ. ඇයගේ ගුදය මගේ යුනික පෙදෙසේ ගෑවෙයි කියලා මට පිළිකුලක් මට දැණුනා. මට සෙක්ස් එපා වුණා. මම බය වුණා පිළිකුල් හැඟීම් නිසා පුරුෂ ලිංගය හැකිලෙයිද කියලා. එහෙම උනොත් ඇය හිතයි මම ලිංගික බෙලහීනයෙක් කියලා.

මම නැවතත් ඇයව යට කර ගත්තා. මේගන්ගේ දෙපා ඈත් කර යළිත් ඇය තුළට කිඳා බැස්සා. මුළු වෙලාවෙම මට දැණුනේ කක්කා ගැන පිළිකුල. මම එකේ ඉඳන් දාහට ගණන් කරන්න පටන් ගත්තා. මම බයවුණේ මගේ යෂ්ටිය හැකිලෙයිද කියලා. එ් නිසා ඇගේ රන් පියයුරුවලට මම අවධානය ගෙනිච්චා. යළිත් වරක් මේගන් දඟලන්න ගත්තා. දෙවන වතාවටත් ඇය උච්ච තෘප්තියට පත්වෙලා. මගේ කකුල් රිදෙන තරමට ඇය තම දෙපාවලින් මාව ලොක් කරගෙන. මම දිගටම එකම රිද්මයක තියා ගත්තා. කිහිප වතාවක් ඇය උත්සහ කළා තට්ටම උස්කරන ඉරියව්වට යන්න. එත්  මම ඇයව යට කරගෙන හිටියා. දිගටම වේග රිද්මය පවත්වා ගනිමින් පිළිකුල් සහගත අසුචි  ගැන අමතක කරන්න මම උත්සහ කෙරුවා. මට අසුචි පිළිකුල ඉවත්වෙලා යළිත් මේගන්ගේ සිරුර ගැන ආසාවක් ආවා. මම උපරිම ලෙස ඇය තුළට කිඳා බැස්සා. ඒ  සමඟම මගේ හුස්ම වේගවත් වුණා. මගේ දණහිස් උකුළ හරහා සුව දායක විදුලියක් ගමන් කළා. තෘප්තිය ගෙන දෙමින් දියර ප‍්‍රවාහයක් මගේ පුරුෂ නිමිත්ත හරහා යනවා වගේ මට දැණුනා. ජීව දහර නිමිත්ත හරහා ඉවත් වෙන කොට දැණුනේ පුදුමාකාර සුවයක්. මම දැතින් ඇයගේ උරහිස මිරිකලා අල්ලා ගත්තා. මගේ හිස එසවිලා. ක‍්‍රම ක‍්‍රමයෙන් ගලා ගිය ජීව දහර නැවතුණා. ඒ සමඟම මා වින්ද තෘප්තිය අඩු වෙන්න පටන් ගත්තා. අවසානයේදී කිහිප වරක් ගැස්සුණු මගේ උකුළ නිසල වුණා. මම සන්සුන්ව ඇගේ ශරීරය මත නිදාගත්තා. 

ස්ටේ විත් මී ටූ නයිට්..” මේගන් මගේ කොන්ඩය අතරින් ඇගේ හීන් ඇගිලි යවමින් පැවසුවා.  ඒ  එක්කම මට නෙරන්ජලී මතක් වුණා. මහා බයක් පිළිකුලක් මගේ හිතට ආවා. මගේ මනස පාලනය කරපු කැසනෝවා මගේ මනසෙන් ඉවත්වුණා. යළිත් වින්සන්ට් ලංකාතිලක මනසේ පාලනය අතට ගත්තා. මම ඇයගේ ග‍්‍රහණයෙන් ගැළවුණා. මම උපත් පාලන කොපුව ගැළෙවුවා. ඒක ඇතුගේ මගේ බීජයන් පිරිලා. මම කොන්ඩම් එක ටිෂූ එකකින් ඔතලා හෙමිහිට සාක්කුවේ දාගත්තා. මට තේරුණේ නැහැ මම ඒක  කළේ ඇයි කියලා. සමහර විට මගේ යටිහිත කියන්න ඇති මගේ ඞී.එන්.ඒ  අඩංගු කිසිවක් මේ කාමරයේ තියන්න එපා කියලා. මට වොෂ් එකක් ගන්න මහත්  ඕනෑකමක් තිබුණා. එත්  වෙලාව නැහැ. දැනටමත් මම පැය තුනකටත් වඩා මේගන් එක්ක ගතකරලා. හැකි ඉක්මනින් මම ඇදගත්තා. මේගන් උපන් ඇඳුමෙන් ඇඳේ වැතිරිලා. ඇයගේ රතු නිපල්ස්පිරිපුන් පියයුරුදෙකලවා අතර රන් කෙඳි සහිත ත‍්‍රිකෝණයමේ කිසිවකට දැන් මගේ ආසාවක් නැහැ. අයගේ ශරීරය කෙරෙහි තිබු ආසාව මගේ මනසින් ඉවත් වෙලා.  පුළුවන් ඉක්මනින් නෙරන්ජලී ළඟට යන්න මට වුවමනා කළා.

ගුඞ් නයිට් මේගන් කියලා මම අයගේ දෙතොල් මගහැරලා කම්මුල කිස් කරලා කාමරයෙන් පිට වුණා. මේගන්ට මගේ කළබලය තේරෙන්න ඇති. ඒ නිසා ඇය මොනවත් කිව්වේ නැහැ. එත් බලාපොරොත්තු කඩ වෙච්ච මුහුණකින් මා දිහා බැලූවා. මට මම ගැන පිළිකුලක් ඇතිවුණා. නෙරන්ජලීගේ මුහුණඅවිශ්ක පුතා දිනිති දුව මතක් වුණා. ඒ එක්කම කක්කා ගඳපිළිකුල. මට නාන්න මහත්  ඕනකමක් තිබුණා. අපේ කාමරයේ දොර අරින්න මට ධෛර්යක් තිබුණේ නැහැ. පැය තුනහමාරක් මම කළේ මොකක්ද කියල ඇහුවොත් දෙන උත්තරය මොකක්දහිතේ කළබලය නිසා බොරුවක් මතක් වෙන්නෙත් නැහැ. පුළුවන් තරම් ඉක්මනට මම කාමරයට යන්න  ඕන. මම බයෙන් බයෙන් දොර ඇරියා. නෙරන්ජලී නිදි. මම සද්ද නොකර වොෂ් රූම් එකට ගියා. මට මුත‍්‍රා කරන්න  ඕනකම තිබුණා. පොඩි බොඩි වොෂ් එකක් ගත්තා. පිජාමා ඇඳගෙන හිමීට නෙරන්ජලී නැගිට්ටවන්නේ නැතුව ඇඳට ගියා. මම කොට්ටේ ඔළුව තිබ්බා විතරයි ඔයා මෙච්චර වෙලා ගියේ කොහෙද” කියලා නෙරන්ජලී ඇහුවා. එයා නිදාගෙන නෙවෙයි ඉඳලා තියෙන්නේ. මගේ මුහුණේ මෝඩ සහ වරදකාරී සිනහවක් මතුවුණා. මම බය වුණා නෙරන්ජලී ඒක දකියි කියලා. එත්  පොඩි ලෑම්ප් ෂේඞ් එකේ එළියට නෙරන්ජලී මගේ මුහුණේ ඉරියව් දැක්කා. එයා අනිත් පැත්තට හැරිලා නිදාගත්තා. මම පොඩි ඩි‍්‍රංක් එකක් දැම්මා. ලොබි එකේදි ඉන්ඩියන්ස්ලා වගයක් හම්බවුණා. ඒ අය එක්ක කථා කර කර හිටියා. මම බොරුවක් කිව්වා මගේ කටහඬ වෙනස්වෙලා වගේ මට දැණුනා. එත්  නෙරන්ජලීට යමක් තේරුණා කියලා මට හිතෙනවා.

ඩොක්ට දන්නවද ගෑනියෙකුට ඉවක් තියෙනවා තමන්ගේ පුරුෂයා තව ගෑනියෙක් එක්ක නිදාගත් බව දැනගන්න. අනික් ගෑනිගේ ශරීරයේ තියෙන සුවඳ විලවුන් පුරුෂයාගේ ඇගේ තැවරුනහම එකේ සුවඳින්. නැතිනම් වරදකාරී ඉරියව්වලින් බිරිඳ දැනගන්නවා සැමියා හොර ගමනක් ගියා කියලා. නෙරන්ජලීට තේරුණා මම මොකක් හරි හොරයක් කළා කියලා. එයා මගෙන් මොකවත් ඇහුවේ නැහැ. ඊට දවස් දෙකකට පස්සේ අපි දෙන්නාට මේගන්ව ලිෆ්ට් එක ළඟදී හම්බවුණා. මේගන් කළු ඇමරිකානු තරුණයෙකුගේ අතේ වෙලිලා. මාව දැක්ක හැටියෙම  හව් ආ යූ වින්සන්ට්....” කියලා ළෙංගතු හිනාවක් දැම්මා. එකෙන්   නෙරන්ජලී ගොඩාක් දේවල් තේරුම් ගත්තා. මේගන්ගේ අලූත් පෙම්වතා විල් ස්මිත් වගේ. මම ඩැනී ග්ලොවර්. මගේ හිතේ ඊර්ෂියාවට වඩා ඇති වුණේ සහනදායී හැඟීමක්. යළිත් මේගන්ගෙන් මට බලපෑමක් නැහැ. එයා විල් ස්මිත් එක්ක දඟලපුවාවේ......." 

(මානසික රෝගියාගේ පරිකල්පනය )



Friday, September 18, 2015

Pablo Picasso’s Anti War Mural; the Tortured Guernica

 


Dr Ruwan M Jayatunge  

Give tear out twist and kill I cross light and
Burn caress and lick embrace and look I ring
Full peals from the bells until they bleed
Frighten the pigeons and make them fly all
Around the dovecot until they fall to the
Ground already exhausted I will stop up all
Pablo Picasso

During the Spanish Civil War on the 26th of April 1937 the German Air Force (Luftwaffe) bombed a small town of Guernica in Spain killing hundreds of innocent people. Pablo Picasso who was one of the most influential artists of the twentieth century plagued by this horrific action expressed his disgust on a canvas which later became a masterpiece known as Guernica. The mural Guernica represents suffering people, animals, and buildings wrenched by Nazi bombing and later earned the title Tortured Guernica.

According to an eye witness’s account which appeared in The New York Times on April 28, 1937 describes the heartbreaking events that occurred at the small Spanish town. The report follows thus.

At 2 a.m. to-day when I visited the town the whole of it was a horrible sight, flaming from end to end. The reflection of the flames could be seen in the clouds of smoke above the mountains from 10 miles away. Throughout the night houses were falling until the streets became long heaps of red impenetrable debris. Many of the civilian survivors took the long trek from Guernica to Bilbao in antique solid-wheeled Basque farm carts drawn by oxen. Carts piled high with such household possessions as could be saved from the conflagration clogged the roads all night. Other survivors were evacuated in Government lorries, but many were forced to remain round the burning town lying on mattresses or looking for lost relatives and children, while units of the fire brigades and the Basque motorized police under the personal direction of the Minister of the Interior, Señor Monzon, and his wife continued rescue work till dawn.

The indiscriminate killing of a large numbers of the Guernica civilians by the Luftwaffe Junkers aroused Pablo Picasso's artistic conscious. Small Spanish town of Guernica was not a militarily significant target. But in front of an immense military power a sense of justice and value of human lives became trivial. Picasso who was a genius of shape molded his artistic ability to send a message to the evil dowers as well as to the future generations who would learn by Guernica tragedy. Pablo Picasso's monumental painting The Tortured Guernica portrays an eternal anti war symbol.

Although Picasso was a well-known artist but least understood so as his mural Guernica which carries artistic expressions of an enigmatic gesture. It is a black and grey picture without text which silently spoke thousand words. The picture contains images of a light bulb, a bull's head, a dying horse, a woman with outstretched arms, burning buildings, a warrior with a broken sword and an anguished mother with a dead child. Each image has a deep meaning and symbolizes the death, evil power, human despair and anguish.

The content of Guernica was widely discussed by the Artistic community as well as Psychologists. Although the precise significance of the imagery in Guernica remains ambiguous Guernica challenges the 20th century notions of warfare and portrays it as a brutal act of violence and urge for self-destruction.

Picasso seized the instinctive id impulses which comprise the unorganized part of the human personality structure that contains the basic drives. As the psychoanalytic notion the Id is the dark, inaccessible part of human personality or the savage part which becomes active in events like war. Sigmund Freud believed that the id represents biological instinctual impulses in men such as aggression (Thanotes or the Death instinct) and sexuality.

Thanotes or the Death instinct is the foremost subject of the mural Guernica.   Picasso’s Guernica painting narrates the rhythm of death and human suffering. It reflects the unexpected change from life to death. The image of bulb on the top represents the bombs fell from the German Junkers which brought the message of death. The symbolic painting of the horrors: the fallen hero and anguish mother with her dead son, agonized horse, and the dead with widely opened eyes recount an outsized story.  It is a form of indictment of man's inhumanity to man.

The Tortured Guernica is a testament to Picasso's genius. The Guernica's concealed images of death are a prophetic vision of the modern warfare.  The painting   is an artistic metaphor for the human anguish under a deadly unleashed force the mankind ever saw. Pablo Picasso’s work "continues to function as a message to humankind describing how brutal is man’s primary instincts to destroy one another. Concurrently the Guernica urges human to renounce killing its own species.

Wednesday, September 16, 2015

මොන්ට්‍රියෝල් නගරයට ගිම්හානය ඇවිල්ලා

 





මොන්ට්‍රියෝල් නගරයේ පටු මාවත් දිගේ 
අප ඇවිද යන්නෙමු අතිනත් අල්ලාගෙන 
දහසකුත් වූ මිනිස් ප්‍රාණීන් අතර
කෙනෙකු නැත ඇස ගැටෙන

තවත් දිනයක් උදාවී හිරු එලිය
සිප ගනියි කළු ගලින් කල මංමාවත්
රැගෙන එයි උණුසුම් සුළඟ
ගිම්හානයේ සම්ප්‍රාප්තිය පිලිබඳ පණිවිඩය 


කහ පැහැති ටියුලිප් මල් සෙලවේ 
ගිම්හාන සුළගේ තාලයට 
ගයයි ගීතයක් කුරුල්ලෙකු සුමුදු විලසින් 
උසැති මේපල් ගසක අත්තක සිට 
 
නිල් අහස නරඹයි නගරයක අසිරිය 
රාත්‍රියේදී රහසින් සඳුට කියා දෙන්නට 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Tuesday, September 15, 2015

Simon and Garfunkel -Beyond Music and Rhythm

By Dr Ruwan M Jayatunge 


Facts can be turned into art if one is artful enough.- Paul Simon



Find Us On Facebook