Wednesday, April 29, 2026

ශ්‍රී ලංකා දේශපාලනයේ කුල සාධකය




ශ්‍රී ලංකා දේශපාලනයේ කුල සාධකය අධ්‍යනය කිරිම ඉතා වැදගත්. මෙය මනෝ විද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද අධ්‍යනය කල යුතු දෙයක්.

දේශපාලන තීරණ මෙන්ම බොහෝ දේශපාලකයන් ගේ චර්‍යාවට කුල සාධකය බල පෑවා. නිදහසටත් පෙර 1915 මුස්ලිම් සිංහල කෝලාහලයේදී  හෙන්රි පේද්‍රිස් අත් අඩංගුව ට  පත් වී වෙඩි කන්නේ පේද්‍රිස් පවුල සමග අමනාපයෙන් සිටි බණ්ඩාරනායක මුදළි (SWRD බණ්ඩාරනායකගේ පියා) කේස් එක තද කිරීමත් එක්ක​. බණ්ඩාරනායක පහත රට ගොවිගම​. පේද්‍රිස්ලා වහුම්පුර . මේක එක්තරා ආකාරයක ගොවිගම​-වහුම්පුර ගැටුමක්. 

ග්‍රී ලංකාව නිදහස ලබන විට කුල ගැටුම් උග්‍රයි. ඩී.එස් ලා කොතලාවලලා කුල පීඩිත ගම් වල ජනයා දිනා ගත් වාමාංශික පක්‍ෂ වලට එරෙහිව ප්‍රචන්ඩත්වයක් දියත් කලා. කුල  පීඩිතයන් නියෝජනය කල කීර්තිරත්න දේශපාලන ප්‍රචණ්ඩත්වය නිසා අහස් යානාවක් කුලියට ගෙන පත්‍රිකා බෙදනවා. වරක් සර් ජෝන් කොතලාවල දේශපාලකයන්ට ඩිනර් එකක් දෙනවා. ඒ ඩිනර් එකේ කුල පීඩිත දේශපාලකයෙකුත් ඉන්නවා. මේ නිසා ඩිනර් එක ඉවර වෙලා උඩරට ගොවිගම නිලමේලා තමන්ට අවමාන කලා කියලා  උගුරට ඇඟිල්ල දාලා වමනේ කරනවා. 

1956 එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක කුල පීඩිතයන් නියෝජනය කල දේශපාලකයන්ට යම් බලයක් දුන්නා. එක් දේශපාලකයෙක් සමුපකාර භාර අමාත්‍යාංශයේ මීට්න් එකට ගිය විට කුලවත් පරිපාලන නිලධාරීන් හිටියේ හිටගෙන​. හේතුව මොහු එන විට නැගිටින්න අකමැති නිසා.  බණ්ඩාරනායක  ගෙන් පසු නායකත්වයට සුදුසුකම් තිබ්බේ සීපී ද සිල්වාට නමුත් කුල සාධකය නිසා ඔහුව කපා දැමෙනවා. පසු කාලයක එස්. ඩබ් ආර්.ඩී. බණ්ඩාරනායක ගේ පුතා අනුර වරක් ආර්.පී විජේසිරිට බණිනවා ගෙරි පද්දා කියලා. මේ නිසා ආර්.පී විජේසිරි එක්සත් ජාතික පක්‍ෂයට එකතු වෙනවා. 

ආර් ප්‍රේමදාස දේශපාලනයට ආපු මුල් කාලයේ ඩඩ්ලි ඔහුට ඔවදනක් දෙනවා නම වෙනස්කර ගන්න කියලා. ඔහුගේ ඔරිජිනල් නාමය රණහින්න ; ඔහු එය රණසිංහ කර ගන්නවා. ආර් ප්‍රේමදාස ජනාධිපති වුනත් ඔහු තුල තිබූ කුල පීඩනය ඔහුගේ දේශපාලන තීරණ වලට බලපෑවා. 

1971 කැරැල්ල කුල පීඩිතයන් ගේ කැරැල්ලක් බව වික්ටර් අයිවන් කියනවා. විජේවීරට   කලේ කුල පීඩිතයන්ට ආමන්ත්‍රණය කරන එක. විජේවීර ප්‍රභාකරන් වගේ කුල සාධකය එක්ප්ලොයිට් කලා.  කෑගළු පොලිසිය 71 කැරැල්ල හැඳින්වූයේ පදු කැරැල්ලක් කියලා. 71 / 88 ආයුධ ගත්ත තරුණයෝ බොහෝ දෙනෙක් කුල පීඩනය නිසා ජවිපෙට බැඳුනු අය. විජේවීර සැඟවී සිටි කාලයේ ගත්ත නම් ( දොස්තර තිස්ස, අලවත්තාගොඩ මහත්තයා, අත්තනායක ) බොහොමයක් ගොවිගම නම් වීම වෙනම අධ්‍යනය කල යුතු කරුණක්. 

71 කැරැල්ලේ නායකයන්ටත් කුල පීඩනය බලපෑවා. බොහෝ දෙනෙක් විජේවීරගේ මූව්මන්ට් එකට ආවේ කාස්ට් ඔප්‍රෙෂන් එක නිසා. මහ රදාගේ ජේම්ස් - සෙනෙවිරත්න කියලා 71 දී නමක් ගන්නවා. පසුව එය උයන්ගොඩ බවට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ආපු විජේවීර ලයනල් බෝපගේ වෙනුවෙන් කල මැතිවරණ රැලියේ විජේවීර කියන්නේ " අපි හොඳ බාසුන්නැහැ කෙනෙක් ගේ පුතෙක් මේ සැරේ මේ ආසනේට ඉදිරිපත් කරනව කියලා. නයනානන් ද විජේකුලතිලක අත් අඩංගුවට පත් උනාම ඉයන් වික්‍රමනායක මුලින්ම අහන්නේ උඹේ කුලය මොකක්ද කියලා. නයනානන් ද විජේකුලතිලක උත්තර දෙනවා මගේ කුලය කොමියුනිස්ට් කුලය කියලා.ඒකට ඉයන් වික්‍රමනායකට මළ පනිනවා.

මේ කතාව කියන්නේ වික්ටර් අයිවන්; එක කැරලිකාරයෙක් කඩුගන්නාව පොලිසියේ ඕඅයිසී ට වෙඩි තියලා මරලා එයාගෙ යුනිෆෝම් එක ඇඳගන එයාගේ නිල පුටුවේ වාඩි උනා. ඒ මිනිහට වැඩි වෙලාවක් එහෙම ඉන්න ලැබුණේ නෑ. හමුදාව ආවා. මේ විදියට ඔහු හැසිරුනේ ඇයි? මේ පුද්ගලයාට අධ්‍යාපන සුදුසුකම් සියල්ල තිඛෙද්දී පොලිසියට බැඳෙන්න  බැරි උනා. කුලය පිලිබඳ ප්‍රශ්නයක් නිසා. අවසානයේදී කැරැල්ල හරහා තම කුල ප්‍රශ්නය මොහොතකට හරි ඔහු විසදාගත්තා. 

1988/89 කාලයේ කැරැල්ලේ සක්‍රියව හිටි අයගෙන් සැලකිය යුතු කොටසක් කුල පීඩිතයෝ. මේ සම්බන්ධයෙන් හොඳ කතාවක් තියනවා හර්මන් මාලිංග ගුණරත්න්න අණාවරනය කරපු. 1988/89 භීෂණ කාලයේ වෙස මුහුණු දාගෙන කැරලිකාරයෝ තිදෙනෙක් වතු හිමියෙකුගේ නිවසට පනිනවා. වතු හිමියා බය වෙලා දෑත් ඔසවනවා. එක් කැරලිකාරයෙක් ගේ වෙස් මූනේ ඉලාස්ටික් පටිය කැඩිලා මුහුණ නිරාවරණය වෙනවා. මේ පුද්ගලයා තමන් ගේ වත්තක කුරුඳු තලන එකෙක් බව වතු හිමියා හඳුනා ගන්නවා. වතු හිමියා තමන් ව හඳුනා ගත් නිසා අර චේගුවේරා ආවේශ වෙලා සිටි කැරලිකරුවා අභිබවා කුල පීඩිතයා ඉස්මතු වෙනවා. මේ තරුණයා වෙස් මුහුණත් අතින් අරගෙන දුවනවා. 

බොහෝ කුල පීඩිතයන්ට දේශපාලන හෝ අධිකාරී බලයක් ලැබුනු විට ඔවුන් වෙනස් වෙනවා. ඔවුන් තමන් ගේ සමාජ ඇරියස් කවර් කර ගන්න යනවා. ඒ නිසා සමාජයට ප්‍රශස්ථ සේවයක් කරන්න ඔවුන්ට අවස්ථාව අහිමි වෙනවා. මේක ඛේදවාචකයක්. 





 

Sunday, April 26, 2026

හමුදා බුද්ධි අංශයේ සෙබලා ගේ ජීවිතය බේරා දීම




මම මේ කතාව කියන්නේ දශක කීපයකට පස්සේ. මේ සිදුවීම වෙන්නේ කොටි සංවිධානය කර්නල් මුතාලිෆ්ව මරලා හමුදාවේ බුද්ධි අංශයේ පිරිස් එකිනෙකා මරා දමන කාලයේ. මිලෙනියම් සිටි පාවා දීමෙන් පසු යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සිටි 34 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් කොටි පිස්ටල් ගැං එක මරා දමනවා. හමුදා බුද්ධි අංශයේ (2MIC)  හිටියා මා ප්‍රතිකාර කරපු සාමාජිකයෙක්. ඔහු තුල යුද කම්පනයේ ලක්‍ෂණ තිබ්බා. ප්‍රතිකාර වලින් පසු යම් ප්‍රගතියක් තිබූ නිසා ඔහු දිගටම රාජකාරී කරමින් හිටියේ.  වරක් ඔහු මාව සොයාගෙන ආවා . මේ කාලේ තමයි කොටි දිගින් දිග​ට බුද්ධි අංශ සාමාජිකයන් දඩයම් කරන වකවානුව. ඔහු කිව්වා සර් මට ලබන සඳුදා මල්ලාකම් උසාවියේ පෙනී හිටින්න තියනවා. කොටි පිස්ටල් ගැං එක මම එනකං එතන ඉන්නවා මට ඩොට් එක තියන්න " කියලා. ඔහුට මරණ භයක් තිබුනේ නෑ. නමුත් තිබුනේ කලකිරීමක්. ඔහුගේ නිලධාරියා උනේ එකේ එවකට ෆුල් ලුතිනන් කෙනෙක්. Lt Perera  බව මතකයි මේ වන විට කර්නල් හෝ බ්‍රිගේඩියර් කෙනෙක් විය යුතුයි. ඔහුත් මට මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කිව්වා. 

මේ අවස්ථාවේ කරන්න තියන එකම දේ ඔහුට දිවි නසා ගැනීමේ යොමුවක් තියනවා කියලා රෝහල් ගත කරන එක. මේ අවස්ථාවේ කොලඹ යුද හමුදා රෝහලේ හිටපු අණ දෙන නිලධාරියා කෙලින් තීරණ ගන්න බැරි දුර්වල චරිතයක්. මේ නිසා මම ඔහුට මොකුත් කියන්න ගියේ නෑ. ඔහුට කිව්වා නම් දෙන උත්තරේ මට ෂුවර්. " අපිට කරන්න දෙයක් නෑ , ඕවා වලට අත ගහන්න එපා " කියන එක.  මට මගේ ගුරුවරයෙකු වූ විශේසඥ මනෝ වෛද්‍ය එමෙන්ම යුද හමුදාවේ බාහිර මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිලිබඳව තිබ්බේ විශ්වාසයක්. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට කෝල් එකක් ගත්තා. මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කියලා අදාල සෙබලා රෝහල් ගත කරන්න අවසර ඉල්ලුවා. හැරෙන තැපෑලෙන් වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මගේ අදහස පිලි ගත්තා . මේ අනුව අපි නොදන්නා ගානට එම සෙබලා කොලඹ යුද හමුදා රෝහලේ මනෝ වෛද්‍ය අංශයට ඇතුලත් කරලා මාස දෙකක් විතර තියා ගත්තා පිස්තෝල කල්ලියේ තර්ජන අවම වෙන තෙක්. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවේ ලිව්වේ දිවි නසා ගැනීමේ යොමුවක් තියන නිසා රෝහල් ගත කර තිබෙන බව.ඒක සත්‍යක් නොවෙයි. අපේ මේ ක්‍රියාව නිසා එම සෙබලා බේරුනා. නමුත් බුද්ධි අංශයේ 34  විතර මැරුම් කෑවා. වර්තමානයේ මේ සෙබලා විශ්‍රාම ගිහින් නුවර එළිය ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔහුගේ ජීවිතය බේරා දීම ගැන මට සතුටක් තියනවා. නමුත් අපි කලේ නීති විරෝධී ක්‍රියාවක් ද ?

Saturday, April 25, 2026

සරණාගතයන් ගේ ප්‍රශ්නය



මම මුලින්ම ලන්ඩන් වලට ගියේ 1987 දී එතකොට ලන්ඩන් කියන්නේ ක්ලීන් ලස්සන සිටි එකක්, නියම වයිබ්ස් , London Beat , වයිට් ස්නේක් , Def Leppard , Bon Jovi මියුසික් එක්ක. ඉන් පසු වසර 37 පසු මම ලන්ඩන් වලට ගියා. විශාල වෙනසක් තුන් වන ලෝකයෙන් ආපු නොදියුණු සංක්‍රමනිකයෝ අර ක්ලීන් ලස්සන වයිබ්ස් තිබ්බ නගරය වනසලා. කුනු හැමතැනම , ටියුබ් ස්ටෙෂන්ස් ජරා කරලා . මිනිසුන් පාර පුරා යනවා. විනයක් නෑ. සරණාගත ලෙස ඇවිත් සමහරු සුද්දගෙන් බ්‍රිතාන්‍යට ශරියා නීතිය දෙන්න කියලා බල කරනවා . හෝටල් වල පෝර්ක් විකුනන්න එපා කියලා බල කරනවා. පිටස්තරයෙකු ලෙස මට දැනුනු වෙනස බ්‍රිතාන්‍ය සුද්දන්ට කොහොම දැනෙනවා ඇත්ත. උන් ඉල්ලගෙන කෑවා සංක්‍රමනිකයන් ගෙන්. ඉදිරි කාලයේ සුද්දන් අතරින් අන්ත දක්‍ෂිනාංශික රැල්ලක් ආවොත් පුදුම වෙන්න එපා................ ලස්සන පැරිස් නගරය තුන්වන ලෝකයේ සරණාගතයන් අපවිත්‍ර කොට ඇති දැකීම දුකක්. පැරීසියේ සමහර වීදි වල පේමන්ට් එකේ මෙට්ට දාගෙන සමහර එවුන් දවල් කාලයේත් නිදි. මිනිසුන් යන්නේ අයින් වෙලා. කසල හැමතැනම දාලා. සරණාගතයෝ ගෙන්න ගෙන ලොකු පරිප්පුවක් කන්නේ. Eiffel Tower එක ලඟට යන්න බෑ මේ එවුන් කණ්ඩායම් පිටින් වට වෙලා පර්ස් කැමරා උස්සන් දුවනවා............. කැනඩා වල සමහර පාක් වල බීච් වල ඉන්දියන්කාරයෝ කක්කා කරනවා. මේවා ෆිල්ම් කරලා යූ ටියුබ් පවා දාලා තියනවා. ............ ලන්ඩන් වල වෙස්ට් එන්ඬ් එක ඉස්සර ලස්සනයි නමුත් වෙස්ට් එන්ඬ් එක මේ වෙන කොට කාලා. බ්‍රැම්ටන් වල පාරවල් වර තුන පහ සුවඳ , ස්කාබරෝ කියන්නේ ඉස්සර ලස්සන ප්‍රදේශයක් එතන වලි දාගෙන කාර් උස්සලා අපේ එවුන් ස්කාබරෝ විනාස කලා. ස්ටැටන් අයිලන්ඬ් එකත් අපේ එවුන් හීමීට කන්න පටන් ගෙන. ඉස්සර එල්.ඒ වල ඔරේන්ජ් කවුන්ටි කියන්නේ පියකරු ස්ථානයක්. දැන් හැම තැනම ගේටඩ් කමියුනිටීස්; සරණාගත එවුන් ගෙන් බේරෙන්න. .............. ඇන් ජෙලා මර්කේල් සිරියානු සරණාගතයන් ජර්මනියට ගෙන්න ගත්තා. සමහර සරණාගතයෝ පබ්ලික් ස්විමිං පූල් වලට ගිහින් ළමයින්ව , කෙල්ලන්ව අයුතු විදියට ස්පර්‍ෂ කරනවා. මුස්ලිම් සරණාගතයන් ගෙන් බේරෙන්නෙ බර්ලින් වල ගෑණු බල්ලෝ අරගෙන ඇවිදින්න යන්නේ. .............Toronto school board එකේ එක ගුරුවරියක් මට කිව්වා ඇයගේ පන්තියේ සිරියන්  සරණාගත කෙල්ලෙක් (age 7 ) ඉන්නවා එයාගේ අම්මා ඇවිත් කම්ප්ලේන් කලා මගේ දුව ලඟ වාඩි වෙලා ඉන්නේ පිරිමි ලමයෙක් කියලා. එසේම දුවව සිංදු කියන්න දාන්න එපා කියලත් තියනවා. ඔවුන් assimilate වෙන්නේ නෑ. මේක යුරෝපයට උතුරු ඇමරිකාවට බරපතල ප්‍රශ්නයක් වෙමින් තියනවා. 

Friday, April 24, 2026

Winston Churchill - A Great Statesman or a War Criminal



Winston Churchill was a remarkable statesman whose efforts played a crucial role in countering Hitler's destructive quest for world domination. Unlike his predecessor, Neville Chamberlain, Churchill recognized the dangers posed by Hitler's rise to power and his aggressive intentions. 

However, Churchill's legacy is not without controversy, particularly regarding the Bengal famine, which resulted in the deaths of millions. Despite being aware of the devastation, he failed to take effective action to mitigate the crisis, a decision that some attribute to his mindset of racial superiority.  

Critics argue that certain decisions made under his leadership, such as the bombing of civilian targets and the handling of colonial issues, raise ethical questions about his actions. Some historians label him a war criminal for these choices, suggesting that his aggressive military strategies and policies towards colonial subjects reflect a disregard for human rights. 

Some clinicians suggest that Winston Churchill struggled with chronic depression, which, coupled with his negative mindset, allowed him to perceive reality without falling into the trap of false optimism. Mental health expert Nassir Ghaemi refers to this phenomenon as "Depressive Realism."

සිසිරකුමාර මානික්ක ආරච්චි නම් උපහාසාත්මක ලේඛකයා




සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාසගේ ගෝලයෙක්.( ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් පුවත් පත් මගින් උද්ඝෝෂණය කල බවත් කියවෙනවා)  සිසිරකුමාර මානික්ක ආරච්චි  දක්‍ෂ උපහාසාත්මක ලේඛකයෙක්. ඔහු සිංහල ඉංග්‍රීසි ද්වී භාෂා වලින් පෘථුලව කියවූ අයෙක්. එසේම ජර්මනිය වැනි රට වලත් සංචාරය කොට තිබුනා. 

ඔහු මුල් කාලයේ හිටියේ එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායකලාගේ පිලේ. පසුව බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ බවට චෝදනා ලැබූ  H.P ජයවර්ධන   විසින් හේමපාල මුණිදාසට බැණ වැදී අපහාස කල අවස්ථාවේදී එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක කිසිවක් නොකොට ඒ ගැටුම දෙස බලා සිටියා. එසේම එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගත්තේ H.P ජයවර්ධනගේ පැත්ත​. මේ නිසා සිසිරකුමාර මානික්ක ආරච්චි හේමපාල මුණිදාස ශ්‍රී.ලනි.පයෙන් ඉවත් වෙනවා. සිසිරකුමාර මානික්ක ආරච්චි කෙලින්ම එක්සත් ජාතික පක්‍ෂයේ මතවාදය වෙනුවෙන් ලියනවා. 

ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක ගේ දුර්වළතා සහ පුද්ගලික ජීවිතය දැනගෙන හිටියා. බණ්ඩාරනායක ප්‍රතිපත්ති / ප්‍රගතශීලී / වැනි එකල නිතර අව භාවිතා කල වචන ඔහු ගේ උපහාසයට ලක් වුනා. ඔහු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට කිව්වේ  බණ්ඩාරනායක හෝම්පොළ කියලා. එසේම ලංකාවේ මිනිසුන් ගේ අවිනය, කම්මැලිකම , පසුගාමී චින්තනය , මිත්‍යාව පසුපස  යාම විවේචනය කරලා පොත් ලිව්වා. සාගරයක් මැද අමන රටක් ඇත​, ශ්‍රී ලංකා ඉල්ලංකා ‘මනෝරාජ්ජේ’  මේ කොයි යන්නේ,  මනෝසීල, යනු කී හෙයින්,  මෙහෙව් රටේ වගේ පොත් ලිව්වා. එසේම සාහිත්‍ය කොල්ලය පොත මගින් පේරාදෙනිය ගුරු කුලයේ අක්‍රමිකතා , ජනතා ලේඛක සංගමයේ සමහරුන් ගේ මගෝඩි එළි කලා. සායිබබාගේ කූට ප්‍රයෝගයන් ඔහු 1977 වගේ කාලයකටත් පෙර   එලි කරනවා. ( පසු කාලයක බ්‍රිතාන්‍ය සහ ඇමරිකන් කණ්ඩායමක් මේ ප්‍රයෝග ගැන වාර්තා චිත්‍රපටයක් කලා) 

ඔහු ගේ ලිවීම් ඉතා රසවත්. ඔහු අලුත් වචන බිහි කලා. ලංකාවේ පසුගාමි ජනයා හැඳින්වීමට ඔහු භාවිතා කලේ   "දෙගාත් ඌරන්"  කියා කියන වචනය. එසේම ස්ත්‍රී ලිංග ආලපන විභක්තියෙන් ආමන්ත්‍රණය කිරීම වගේ අමුතු වාක්‍යත්  ඔහු ලිව්වා.  සිසිර කුමාර මානිකාඅරච්චි ලියපු කවියක් තිබුනා මෙහෙම

සනි මමා
දනි පණි ගගා
පගා පගා

ඇතැම් විට ඔහුගේ ලිවීම් වලදී සංයමය ඉවත් වී යම් පක්‍ෂක්ග්‍රාහී භාවයකුත් තිබ්බා. භව තරණය නව කතාව ලියූ මාර්ටින් වික්‍රමසිංහට ඔහු පහර දුන්නේ මහළු කේවට්ටයා. සෝවියට් දාස යන වචන භාවිතා කරමින්. එසේම මාර්ටින් වික්‍රමසිංහ භව තරණය නව කතාව ලිව්වේ ලෙනින් සාම ත්‍යාගය අපේක්‍ෂාවෙන් බවත් යන පදනම් විරහිත චෝදනාත් කලා.   ඔහු ලියූ රට බේරගන්න ජේ.ආර් පොතේ සිරිමාවෝ මැතිනියව   දරුණු ලෙස විවේචනය කරමින් ජේ ආර් ව ඔසවා තබන අයුරු පේනවා. 1977 ජේ ආර් බලයට පත් වීමෙන් පසුව  සිසිර කුමාර මානික්කආරච්චි ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කලා. එසේම 1978 වසරේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් ජනාධිපති සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා. ඔහු මිය ගියේ 1979 වසරේදී. 



Find Us On Facebook