Saturday, February 18, 2017

විචාරක නොහොත් බ්ලොග් ලෝකයේ වෙතරානුවා

 


විචාරක යනු බ්ලොග් ලෝගයේ පතාකයෙකි ඔහු තම විචාරක බ්ලොග් අඩවිය ආරම්භ කරන්නේ 2011 වැනි කාලයකය​.  එතැන් පටන් බොහෝ හරබර ලිපි දැණුම ගෙන එන ලිපි ඔහු විසින් පළ කරන ලදි. 

විචාතුමා ලෙස පාඨකයන් හඳුන්වන මේ බ්ලොග්කරුවා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකි. මට ඔහුව හමුවී නැතත් ඔහුගේ සොහොයුරු කර්නල් ගුණරත්න 2003 වසරේදී යුද හමුදා රෝහලේදී හමුවී තිබේ. කර්නල් ගුණරත්න හතර රියන් පුරුෂයෙකි. අවාසනාවකට මෙන් සුනාමි ව්‍යසනයේදී  තම පුතා බේරා ගැනීමට ගොස් ඔහු ජීවිතක්‍ෂයට පත් විය​. 

විචාතුමා නවකයන්ට අත හිත දෙන්නෙකි. බ්ලොග් ලිවීමට ඔහු මාව යොමු කරා පමණක් නොව අවශ්‍ය ගුරුහරුකම් ද දුන්නේය​. දැනට මඳ අසනීප තත්වයෙන් සිටින විචාතුමාට ඉක්මන් සුවය පතන අතර තව හරබර රසාංග රැගෙන අසමි දකිමි සොයමි  බ්ලොගයෙන් පාඨකයා පිනවීමට ලැබේවායි පතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 comments:

  1. විචාට ඉක්මන් සුවය පතමි!!

    ReplyDelete
  2. විචාරකතුමාට ඉක්මන් සුවය ලැබී යළිත් බ්ලොග් අතරට ඉක්මනින්ම එන්න හැකිවේවා.!

    ජයවේවා!!!

    ReplyDelete
  3. වෛද්‍ය රුවන් ගුණ්රත්න කියන නාමය අපිට මුලින්ම හඳුන්වා දුන්නේ විචා තුමා තමා..

    කාලෙකින් සද්දයක් නැති නිසා හිතුවා අසනීපයෙන්වත් දෝ කියලා.. කෝල් එකක් දෙන්න කියලා බලනකොට නම්බරේ මිසිං...

    එතුමාට ඉක්මන් සුවය පතනවා !!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. වෛද්‍ය රුවන් ජයතුංග කියන නාමය යනුවෙන් වෙනස් විය යුතුයි.. මගේ යාලුවෙක් ඉන්නවා රුවන් ගුණරත්න කියලා.. ඔහුගේ නමේ මතකය මෙතනට ආවා..

      Delete
    2. විචා තුමා තමා මට බ්ලොග් ලියන්න අත හිත දුන්නේ

      Delete
  4. අපේ ගරු කටයුතු විචාට ඉක්මන් නිරෝගී සුවය පතමි!

    වෙතරානුවා!!! ..හෙහ්..හෙහ්..විචාට අගේට ගැලපෙනව ඒ නම...:)

    ReplyDelete
  5. සින්දු කියන්න විදුරු ඔලුවේ තියන් නටන්න මෙතුමා දක්සහයි

    ReplyDelete
    Replies
    1. ජීවිතය වින්දනය කරන බුවා

      Delete
  6. අප හිතවත් විචාට නිදුක් නිරෝගී සුව පතමි.

    ReplyDelete
  7. 😳.. ඈ ඩොක්ට. විචා මාමිට තවම හොඳ නැද්ද..? මාසෙකකට විතර කලින් කෝල් කලහම කිව්ව ටෙස්ට් වගයක් තියෙනව කියල. හෙට කෝල් එකක් ගහන්නම්.

    අපේ විචා මාමි ට ඉක්මන් නිරෝගී සුවය ප්‍රර්ථනා කරමි..!!

    🙏🙏🙏🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. අනේ ප්ලීස් කෝල් කරන්න මම අද උදේ ඊමේල් එකකුත් දැම්මා

      Delete
  8. විචාට සනීපයි නේද දැන්...?

    ReplyDelete
    Replies
    1. හමුදා රෝහලේ ඉඳ තිබෙනවා

      Delete
  9. ආරංචිය දීම ගැන ස්තුතියි. කතා කරන්න අංකයක් දන්නවාද ?

    ReplyDelete
    Replies
    1. මම නම් ඊමේල් කරනවා

      Delete
  10. හැක්... කොහෙන්ද අර ෆොටෝ කෑල්ල හොයාගත්තෙ.

    විචාට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  11. මා විචාරකව හදුනා ගත්තේ මා දෙවැනි ලුතිතන්වරයෙකු ලෙස *** රෙජිමේන්තුවේ සේවය කල අවදියේ. විචාරක ඇතුළු කණ්ඩායමක් රෙජිමේන්තු අධිපතිගේ දැඩි උදහසට ලක්වුවා අත්බෝම්බ දමා මුහුදේ මසුන් මැරීමට ගොස් අසුවී. එසේම මොහු ගුරුනගර් ප්‍රදේශයේ තිබු සටනකදී සටනට නොයා ලිඳකට බැස සැගවී සිටි ආකාරය ගැන දැක්වෙන රසවත් කතාවක්ද මා සමග සිටි සහෝදර නිලධාරීන් පවසනවාද මතකයි.

    ReplyDelete
    Replies
    1. කාඩ් වෙන්න ඇති

      Delete
    2. ඇනෝ,

      එච්චර විතරක් නම් බැරිය...ආමි එකේ විචාව දන්න මගෙ යාලුවෙකුගෙ අයිය කෙනෙක් මට කිව්ව විචා ගැන තව විස්තර.......

      අර රෝඩ් බ්ලොක් එහෙකදි වෑන් එකකට "හෝල්ට්.."..."හෙඩ් ලයිස්ට් ඕෆ්"......"සිග්නල් ලයිට්ස් ඕෆ්" කියල අණ කරල ඊට පස්සෙ "ඔය මොනවද අයිෂෙ තව එළියක් පේන්නෙ?" කියල කෑගහල අහල "සර් ඒ ඩෑෂ් බෝඩ් එකේ ගහල තියන හඳුන් කූරෙ එළිය" කිව්වට පස්සෙ "ආය වෙනම කියන්ට ඕනද අයිෂේ..හඳුන් කූරුත් ඕෆ්" කියල කෑගැහුවයි කියන්නෙත් අපෙ විචාලු.

      තව විචා ගැන කතන්දර මහ ගොඩක් කිව්ව මගෙ යාලුවහෙ අයිය. මෙහෙම කියන්ට බෑ. පෝස්ට් එකක්ම ලියන්නංකො.

      Delete
  12. Transil, I thought Wicha retired form Army as a Brigadier, not as Major?

    ReplyDelete
    Replies
    1. Isn't he school master who also served in the volunteer force?

      Delete
  13. Get well soon Wicha!!

    ReplyDelete
  14. විචාරක මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පසුගිය වසරේ බ්ලොග් සම්මාන උළලෙදි හමුවෙලා වචන දෙක තුනක් හේා කතා කරන්න ලැබීම සතුටක්...

    ReplyDelete
  15. විචාරකට නිදුක් නිරෝගී ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
  16. ඉතාමත් නිහතමානී සහ සොඳුරු මනුශ්‍යයෙක්.ගස්ලබ්බගේ වෙඩිමටත් උදෙන්ම ඇවිල්ලා ආශීර්වාද ලබාදුන්නා.එතුමන්ට ඉක්මන් සුව..!!
    ජයවේවා..!!

    ReplyDelete

  17. විචාරක යනු බ්ලොග් ලෝගයේ පතාකයෙකි. 2015 බ්ලොග් සම්මාන උළෙලේ මා අතින් විචාරකට සම්මානයක් පුදන්නට ලැබීම මා ලද භාග්‍යයක්. එතුමන්ට ඉක්මන් නීරෝගී සුව පතමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook