Sunday, July 16, 2017

සර් ජෝන් කොතලාවලව පරාජය කල පෝස්ටරය



සර් ජෝන් කොතලාවල යනු අපගේ බහුතරයක් වූ දේශපාලකයන් මෙන් දෙබිඩි චෞරයෙකු නොවූයේය​. පිරිත් නූල් අතේ බැඳ අපේ හාමුදුරුවනේ කියමින් දුස්සීලයන්ට වැන්දේ නැත​. සර් ජෝන් දුස්සීල සිවුරුකාරයන් ගේ පුකේ තාර ගෑ යුතු බව කෙලින්ම කීවේය​. ඔහු බොරු සුචරිත පාට් දැම්මේ නැත​. මහජන මුදල් වලින් නොව තමන් ගේ මුදල් වලින් කෑවේය , බීවේය,  රමණයේ යෙදුනේය​. සර් ජෝන් ජීවිතය වින්දේ එසේය​. ඔහු සිල් රෙදි පොරවාගත් වෘකයෙකු නොවූයේය​. 

එහෙත් රට , ජාතිය , ආගම තොරොම්බල් කල දෙබිඩි දේසපාලුවෝ සර් ජෝන් ආගම් ජාති විරෝධියෙකු බවත් කීහ. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගත් බාබිකිව් කල වස්සෙකු සාදයකදී කෑ විට ඔවුන් ප්‍රචාරය කලේ ඔහු වස්සෙකු පණ පිටින් මරාගෙන කෑ බව කියාය. අවසානයේදී බොරු ප්‍රචාරයන් නිසා ඔහු චන්දයන් පැරදුනේය​. ඔහු දේශපාලනයෙන් ඉවත් විය​.   

සර් ජෝන් කොතලාවල යනු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිටි ප්‍රථම සහ අවසාන අවංක වූත් යථාවාදී තථාකාරි වූත් දේශපාලකයාය​. අනෙකුත් සියළු දේශපාලකයන් දේශපාලනයෙන් පරම්පරාවට ධනය එකතු කරද්දී ඔහු තමන්ට පරම්පරාවෙන් උරුම වූ ධනය ජනතාවට දුන්නේය​. ශ්‍රී ලංකාවේ ජාතියේ පියා ලෙස ජනතාව බුහුමන් කල යුත්තේ මේ සුවිසල් පුද්ගලයාටය​. 


74 comments:

  1. ජෝන් කොතලාවල මට නම් වීරයෙක් නොවේ. ඔහු ජනතාවගේ ධනය සුරා නොකෑවා විය හැකිය. නමුත් ඔහු මෝඩ පහේ චණ්ඩියෙකි. වරක් ඔහු චීනයේ මාවෝ ට අතින් පයින් ගහ ගැනීමට කතා කළේය. මාවෝ සේතුං සිනහවකින් සංග්‍රහ කර ඔහුගේ මෝඩ කමට අනුකම්පාව දැක්වුවේය. මෙම සිද්දිය නිසා එකල ජෝන් කොතලාවට මිනිස්සු ජෝන් බුරුවා ලෙස නම පට බැන්දේය.

    ReplyDelete
    Replies
    1. ඔහු චීනයේ මාවෝ ට අතින් පයින් ගහ ගැනීමට කතා කළේය කීවා කියා පිලිගනීම අපහසුය​.මූලාශ්‍රය කුමක්ද ? නමුත් ඔහු කෙලින් කතා කලේය​. නේරුට අනෙකුත් ආසියාතික රටවල නායකයන් සියල්ලන්ම බියෙන් එකත්පස්ව සිටියදී සර් ජෝන් නේරුට නම කියා කතා කලෙය

      Delete
    2. ජෝනා ජාතියේ පියා වීම ඩී.එස්. සේනානායක ජාතියේ පියා වීම වැනිම සිනහ දනවන්නක්. පෞද්ගලිකව තමන්ගේ මුදලින් කා බී සැනසීමයි එයට ජාතික නායකත්වයක ගුණාංග එකතු කර දැක්වීම ව්‍යසනයක්. sad !

      Delete
    3. මේ වගේ මෝඩ චන්ඩින්ව විරයෙන් ලෙස සැලකීම හාස්‍ය දනවන්නක්. ලොකුම හාස්‍ය කියන්නේ සමාජය ගැන විනිවිදව දක්කින් පුළුවන් රුවන්ල වගේ අයටත් මේ ජෝන්ව වීරයෙක් වගේ පේන හැටි.

      Delete
    4. නේරුට අනෙකුත් ආසියාතික රටවල නායකයන් සියල්ලන්ම බියෙන් එකත්පස්ව සිටියදී සර් ජෝන් නේරුට නම කියා කතා කලෙය | එතකොට ඉස්සර දවසක පාර්ලිමේන්තුවේදී තේමිස් මන්ත්‍රි "හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා. නම කියලා කතා කළා කියල යක්ෂාරූඩ උන ජෝන් " ඈ යකෝ උඹ කවුද මට නම කියලා කතා කරන්න. සර් කැල්ල නැද්ද " කියලා මන්ත්‍රී තේමිස් ට අම්බානක් නෙළුවා. පොර නේරුට නම කියලා කතා කලාට ජෝන්ට නම කියනවා අකමැතියි. මෑන්ස් බලාපොරොත්තු වෙන්නේ සර් කියන කෑල්ල. වර්තමානයේ මර්වින් සිල්වා වගේ මෝඩ පහේ චන්ඩියෙක්.

      Delete
    5. සමහරුන්ට ඔහු මෝඩ පහේ චන්ඩියෙක් වෙන්න ඇති

      Delete
    6. තේමිස්ට ගහපු කතාව මාත් අහල තියනවා. හෙලෝ ජෝන් ද මොකක්ද කීව කියල. බන්ඩාරනායක කිව්වලු මමවත් එහෙම කියන්නෙ නෑ උබ පන බේරගත්තෙ පූරුවෙ පිනකට කියල. ඇත්තටම ඔහු පිරිසකට වීරයෙක් තව පිරිසකට මෝඩ පහේ චන්ඩියෙක්. නමුත් ඔහු සුදුසු ඔහුගෙ වතු වල වැඩකරන අයට ඔහුගෙ සේවකයන්ට හාමු මහත්තයෙක් විදියට මිස නූතන සමාජයට නෙමෙයි. ආනමඩුවෙ සහ පොල්ගහවෙලත් ඔහොම දේශපාලකයො සිටිය. පොඩ්ඩ බැරිවුනොත් ගුටි හිත හොද චන්ඩිලු. ඉක්මනට උනුවෙනවලු රත්තරන් හදවත්ලු තියෙන්නෙ ( නිකම් බොන්ඩ දෙනවලු ) ඔහොම තමා.

      Delete
    7. මම දන්න විදියට ෙනරුට නයිට් පදවියක් නෑ.
      අනිත් එක රට වෙට් ඉන්න හාල් පාරුවො ඔක්කොටම සර් කියන එෙකක් සර් කියයුතු මනුස්සයෙකුට සර් ෙනාකිය මචංකියනඑකන් වැරදියි ෙන්ද?

      Delete
  2. අපෝ ජෝන් ලොක්කා කියන්නේ අහල පහල ගෑනියෙක්ට යහතින් ඉන්න ඉඩ නොදීපු කුපාඩි නොසන්ඩාලයෙක්.

    ReplyDelete
    Replies
    1. නමුත් ඔහු සාරුවා වගේ බලෙන් දූෂණය කරන්න ගියේ නෑනේ

      Delete
    2. ඒකනම් ජෝන් විතරක් නෙමෙයි ප්‍රභූවරුන් කවුරුත් ප්‍රවේණිදාස පවුල්වල භාර්යාවන් පමනක් නෙමෙයි වැඩිවියට පත් දැරියනුත් ලිංගික භාන්ඩ ලෙස සැලකුවා.

      Delete
  3. එවන් දේශපාලන ඉතිහාසයක් ඇති අපේ රටේ කොයින්ද ඇත්ත සේවකයින්?? ජෝන් කොතලාවල කියන්නේ (මම අහපු කතාවල හැටියට - මොකද මම ඒ කාලේ හිටපු කෙනෙක් නොවන නිසා) පිස්සෙක්. ජන නායකයෙක් වෙන්න සුදුසු කෙනෙක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ඒකාලේ හිටියේ නැති නම් නොදන්නා දේවල් නොකියා ඉන්න. නොදන්න හැම එකටම කට දානවා.

      Delete
    2. ඔව් ඉතින් ඒ කාලේ හිටපු මෝඩයින්ගේ කතිරේ තමයි අද අපිව මෙතැනට ගෙනත් තියෙන්නේ. ලොකුකම තිබ්බට මදි, ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. බඩට කරපු දේශපාලනේ නිසා තමයි අද අපිට රටක් විදියට මෙහෙම වෙලා තියෙන්නේ. තරුණ ළමයි ඉල්ලන වෙනස නොතේරෙන්නේ එවන් අයටයි.
      ඔබ සමඟ මගේ පුද්ගලික ආරෝවක් නැත. දේශපාලනය කියන්නේ වත්තක් පාලනය කරනවා නෙවෙයි. එතැනදී විනයක් ඕනේ වෙනවා. 'ලැජ්ජාව නැතිකම මහා මුදලිකමටත් වඩා යටයි' කියලා යෙදෙන්නේ එහෙම ජඩ දේශපාලනයේදී. ඒ වගේ වාතාවරණයක් හැදුවේ කාගේ වරදින්ද? පිස්සෝ රට පාලනය කරද්දී, ඔවුන්ව පත්කරන්නේ පිටසක්වලින් ඇවිල්ලා නෙවෙයිනේ. මේ වගේ අයගෙන් වෙච්ච සුගතිය පේනවා චින්තනය දැක්කහම.

      බලන්නකෝ කියන ලස්සන! ඔහුගේ රදල ගති නිසා ආපු නරක ගතිගුණ වලට සුදුහුණු ගාන ලස්සන. ඒක රදලකම නෙවෙයි, පහත්කම. එයට ඔලුව නැවීම නිවටකම. වහල් චින්තනය

      ඔහුගේ සේවයට අගරුවක් නැහැ. එය අවිවාදයක්. නමුත් ජන නායකයෙක් විදියට ඒවා නොමේරු ගති.

      Delete
    3. අනිවාර්යයෙන්ම ජෝන් කියන්නේ අමුම අමු පිස්සෙක් . ඒවගේම පල් මෝඩයෙක්. හැත්තෑ ගණන් වල මුල බිග් මැච් බලන්න ගිහින්...ශිෂ්‍ය නායකයෙක් මොකක් හරි ප්‍රශ්නයක් අහල ඒකට තඩ වෙලා මිනිහට බස්තමෙන් ගහල.

      Delete
    4. ජෝන්ට වඩා පසුකාලයක හිටපු නායකයෝ උතුම් වන්නේ කෙසේද ?

      Delete
    5. සාපේක්ෂව හොඳ වගේ ඇති. එයින් හොඳයි කියලා කියවෙන්නේ නැහැනේ. ඊට වඩා ලක්ෂ්මන් කදිරගාමර් වගේ 'මිනිස්සු' කොතරම් උතුම්ද? ඔවුන්ගේ දේශපාලනය පරිණතයි. මේ ජෝන් හොඳ වෙන්නේ චණ්ඩින් සහ හාමුලා විසින් පාලනය වෙන්න කැමති වහල් මිනිස්සුන්ට.

      Delete
    6. ලිඛිතා, මෝඩයා දිලිසෙනවා යයි කියන්නේ නිකම් ද ? ඇමෙරිකානු සමාගම් වලින් නොමිලේ දෙන සමාජ මාධ්‍ය වල දිලිසෙන තුන්වන ලෝකයේ නුතන මෝඩයන් මෝඩකමෙන් දිලිසීමෙන්ද ආඩම්බර වෙනවා හැඩයි.

      Delete
    7. ලිඛිතා ඔබ කියන සියළු කරුනු වලට එකඟයි. ජෝන් හොද ප්‍රවේණිදාසයන් ගෙන් පිරි මහා වත්තක් පාලනය කරන්නයි. ඔහුගෙ ප්‍රචන්ඩ හැසිරීම් මටනම් පිළිකුලක්.

      චණ්ඩින් සහ හාමුලා විසින් පාලනය වෙන්න කැමති වහල් මිනිස්සුන්ට.//විශේෂයෙන්ම එකඟයි

      Delete
  4. සර් ජොන් ගැන අපුරු ලිපි පෙලක් ලංකාදීප පත්තරයෙ පල උනා. ඉතිහාසය ගැන හරියට කියවන්නෙ නැතිව ඔහෙ කටකතා වලට උදහරන සපයන, ගුනමකු ජාතියක් ලොවෙත් නැතිව අති..

    ReplyDelete
  5. අනෙක අර වහු පැටියකු බාබකියු දැම්ම කියයල ප්‍රසිද්ද කලෙ එලිපන්ට් හ්ව්ස් එකන් ගත්ත එලුවකුට. එක එයාගෙ පුද්ගලික රියැදුරු එක්ක ගත්ත සම්මුක සාකච්චාවකදි කියල තිබුන.

    ReplyDelete
  6. සර් ජෝන් කොතලාවල කියන්නෙ අවංක නරුමයෙක්... මිසක් මහා පරාර්ථකාමී මිනිහෙක් නෙමෙයි.. ඔහුගෙ අවංක නරුමභාවයට සහ සිල්රෙද්දෙන් නොවැසුණු අකුටිලභාවයට ආචාර කළයුතු බව ඇත්තයි. ඒත් ඒ නරුමකම, ඔහු ජාතියේ පියා ලෙස අබිසෙස් ගන්වන්න තරම් සාධාරණ හේතුවක් නෙමෙයි. ආකාරයට අහේතුක මිනිස්සුන්ව උත්කර්ෂයට නැංවීමේ අවසාන ප්‍රතිඵලය ඔවුන් ඓතිහාසික ජෝකරයන් බවට ඌණනය වීම පමණයි.

    ReplyDelete
    Replies
    1. එසේ නම් අපි ජාතියේ පියා කර ගත යුත්තේ කාවද ?

      Delete
  7. අනෙක එයා රජය බාර දෙනකොට පව්ම් දලක්ශ හැටදාහක් ක අතිරික්තයක්, මහා බ්‍රිතානයට තවත් පව්ම් හැටදාහක සහ චීනයට විසි හත් දාහක නයක් ලන්කවෙන් දීල තිබුන. (මහ බැන්කු වාර්තා) එ ලන්කවෙ අවසාන ප්ලස් බජෙට් එක.

    ReplyDelete
  8. මිය යන විට තමා ලග වැඩ කල සියලු සෙවකයන්ට නිවසක් සහ ඉඩමක්, ජීවත් වීමට මාර්ගයක්, ඉතිරි සියල්ල රජයට පවරුව.අදටත් හමුදව ඉගෙන ගන්නෙ එකෙ.

    ReplyDelete
  9. මියයන්නට පෙර තමා ලග රාජකරි කල සියලුම සෙවකයින්ට ඉඩමක්, නිවසක්, ජීවත් ආදයම් මාර්ගය, සහ ඉතිරි සියල්ල රජයට පවරුව. අදටත් හමුදාවට උගන්නන්නෙ එකෙ. (KDA)

    ReplyDelete
  10. මෙකෙ කොමෙන්ට් කරල තියන උන්ගෙන් හිතා ගන්න පුලුවන්නෙ රටෙ ව්‍යසනය. සර් ජොන්ට ගහන්නෙ ඒ මිනිහගෙ පුද්ගලික දෙවල් වලට. ඒ මිනිහ යකෙක්ටවත් බය නැති කොන්ද කෙලින් මිනිහෙක්. තමන්ගෙ ධනයෙන් සුපිරි විදියට ජිවත් උන නිසා ගොඩක් උන්ට ඒ මනුස්සයා ගැන ඉරිසියාවයි. ලoකාවට අවශ්‍ය ඒ වගෙ කෙලින් මිනිහෙක්. තමන්ගෙ පුද්ගලික දෙවල් රටෙ ප්‍රශ්න කරනොගන්න, රටෙ ප්‍රශ්න පුද්ගලික දෙවල් කරනොගත්ත සර් ජොන් තමා ලoකාවෙ අවසන් වරට බජට් එක ලොස් නැතිව දිව්වෙ 1955 අවුරුද්දෙ.අනිවාර්යයෙන් දුස්සීල ගනයොන්ගෙ පුකෙ තාර ගෑවෙ නැති නිසා තමා වැඩි කල් නොගොස් ඔහුගෙ ප්‍රතිවාදියා උන බoඩා ගනයෙක්ගෙන්ම වෙඩි කාල මලෙ. අද වෙනකොට ධර්මය පැත්තක තියල සිවුරු පොරවන් හම්බු කරන් සර් ජොන්ටත් වඩා ධනය තියන ගනයො රටෙ ඉන්නව. ලoකාවෙ ලොකුම බැoකු ගිනුම් තියෙන්නෙ පoසල් වලට. අන්න ඒකයි.

    ReplyDelete
    Replies
    1. yaka අශිෂ්ට බලු වැඩ 100 කරලා හොඳ වැඩ දෙකක් තුනක් කලාට ජෝන්ට පොරක් වෙන්න බැහැ. එහෙමනම් මර්වින් සිල්වත් හොඳ වැඩ කරලා තියනවා. ඔහුත් ජාතික වීරයෙක්.

      Delete
    2. word travel කියලා කොමෙන්ට් දාන එකාගේ අප්පගේ පුකට සර් ජෝන් පයින් ගහලා තියෙනවද කොහෙද. ඒකයි ඌ මෙතන රෙන්නේ. පව් ඔයි තමුසෙ. කොහේ ඉදන්ද පාත් උනේ. මෙතන පුක නොදී පල

      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)

      Delete
    3. World Travel,

      ඔහු කල yaka අශිෂ්ට බලු වැඩ කීපයක් කිව්වනම්,

      ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා මේ මිනිසුන් කටකතා විශ්වාස කිරීම කණගාටු දායකයි,

      සර් ජෝන් තමයි අද බොහෝදෙනා කියවන ත්‍රිපිටක ග්‍රන්ථ සිංහලෙන් පරිවර්තනය කර රජයේ වියදමින් මුද්‍රණය කිරීමට මුලික උනේ, ඔහු ඒ කාලෙම නිසි පුහුණුවක් ඇති හමුදාවක වැදගත්කම ඉන් පසු පැමිණි පාලකයන් තේරුම් නොගැනීම නිසා වසර 30 ක භයානක යුද්දයකට ගියා.

      පුද්ගලික ජිවිතයේ ඔහු සෙල්ලක්කාර ජිවිතයක් ගතකල බව ඇත්ත නමුත් ඔහු කිසි දිනක ගැහැනියක් බලහත්කාරයෙන් තියාගත්තේ නෑ, ඔහු ජිවිතයේ ශ්‍රී ලංකික සහ විදේශ කාන්තාවන් විශාල ගණනක් ආශ්‍රය කල බවනම් ඇත්තක්

      වරක් ඔහුම N M පෙරේරා සහ ඔහුව සංසන්දනය කරමින් මෙහෙම කිව්වා.

      "ඌත් (N M පෙරේරා) ධනපතිය මාත් ධනපතිය මම එළිපිට නැටුව ඌ හොරෙන් නැටුවා "

      ඔහු තමන්ගේ වත්කම් රජයට පරිත්‍යාග කළා තමන්ගේ සේවකයන්ට ඉඩම් ලියාදීමට තරම් පරිත්‍යාග ශීලි උනා, බොහෝ දෙනා සමාජවාදීන් ලෙස හදුන්වපු කොල්වින් ආර් ද සිල්වා වැනි අය මහජනයාට තමාගේ පුද්ගලික කිසිවක් පරිත්‍යාග නොකළ බවත් මතක තියාගන්න.

      Delete
    4. ලාංකික සිතුවිලි, කොල්වින් තමන්ගේ කිසිවක් පරිත්‍යාග කර නැති බව සහ සුද්දෙන්ම කියන්නේ ඔබ සියල්ල දත් නිසාද? නැතිනම් ජඩ මාධ්‍ය කිසිවක් වාර්තා කර නැති නිසාද ?

      Delete
    5. @ ලාන්කික සිතුවිලි

      ලාන්කික සිතුවිලි, යකා, මොහොට්ටි, සුබෝඩ මේ වගේ නම් ගොඩක් දාගෙන ඵක නමකින් පෙනි ඉදලා නොදන්න මගුල් කියවන්න ගිහිල්ලා අසූචි ගාගත්තහාම තවත් නමකින් පෙනී ඉන්න අසරණයට ඵකක් කියන්න ඔන......................

      ඔයාලගේ වහල් කම නිසා තමයි මහින්ද හොරාගෙ හොරි කැසුව වගේම මේ වගේ සුද්දන්ට රට පාවලා දුන්න නාකි කුපාඩින්ට කඩේ යන්නේ.................

      මුන් මහජනයාට දුන්නා කිව්වෙ සුද්දන්ට රට පාවලා දීලා සුද්දන්ගෙන් සන්තෝසමට ඉල්ලගත්ත මේ රටේ මහ ජනතාවගේ දේපොල ම තමයි.නැතුව මුන් මහන්සියෙන් කුබුරු කොටලා ගත්ත ඉඩම් නෙවෙයි ගොනෝ...............

      අනික මුන්ගෙ පරම්පරා ගෙනයන්න හරි හමන් ඵවුන් නොසිටිය නිසා , සහ හිටපු ඵක දෙන්නත් ඵේරොප්පෙ වාසය කොරන හින්දා තව පරම්පරාවකින් දෙකකින් කොහොමත් ඔය දේපල රටේ මිනිස්සු අතට පත්වෙන ඵක වලක්වන්න (හරියට චන්ඩ්‍රිකාලගේ දේපලට වෙනවා වගේ ) ඵ්ක බලන් ඉන්න බැරුව ඔය ක්‍රියාවලිය වලක්වන්න තමා මුන්ගේ රදල ඵ්ජන්ත ඵක්සත් පජාතික පක්ශයටයි මරුවෙන් මාරුවට මුනුයි මුන්ගෙ අනිත් පැත්තෙ යාලුවොයි පවත්වාගෙන යන ආන්ඩුවට පූජා කලේ.........................

      ඒන්.ඵම් කියන්නේ මහන්සියෙන් දියුනු වුන කරත්ත මුදලාලි කෙනෙකුගෙ පුතෙක්.....................ඵන් ඒම් ලා මුන් වගේ නෙවෙයි තරුන කාලේ මිනිස්සු මැලේරියාවෙන් ඵකා පිට ඵකා මැරෙද්දි තමුන්ගෙ ජීවිතේ පවා පරදුවට තියලයි ජනතාව වෙනුවෙන් සේවය කලේ.................ඵන්.ඵම්ලා ඵහෙම කරනකොට මේ ජෝනා වගේ තවත් බඩුවක් වෙච්ච ඩී.බී ජයතිලක කියන කලු සුද්දා කිව්වේ මිනිස්සු මැලේරියාවෙන් මැරෙන්නෙ උන්ගෙ කරුමෙට කියලයි..................

      ඵන්.ඵම් කොල්වින්ලගේ මානව හිතවාදිතයත් ජෝන් ලගේ පිලේ මානව හිතවාදිත්වයත් අපිට අපූරුවටව් පේනවා ඔයවගේ ඉතිහාසයේ ඔය උදාහරන දිහා බැලුවහාම..........................

      සුද්දන්ට ජාතිය පාවලා දීලා ගත්තු දේපල වලින් සුර සැප විදලා , ඵ් ඉඩම් වල ඉන්න ගෑනුන්වත් ඇද උඩට නග්ගගගත්ත නිහීනයො අන්තිමට දේපොල කරගෙන යන්න උන් නැතුව කොහොමත් මහජන සතු වෙන ඵක වලක්වගන්න උන්ගේ පන්තියටම පවරපු ජිමික් කාරයො රැල ජාතියේ පියා බත් දුන් පියා අර පියා මේ පියා කියලා හිතන් ඉන්න තමුන්නාන්සේලා වගේ ජෝකර්ලා ගැන මොන කතාද............???????????????????

      Delete
    6. AnonymousJuly 17, 2017 at 5:33 AM,

      //අනික මුන්ගෙ පරම්පරා ගෙනයන්න හරි හමන් ඵවුන් නොසිටිය නිසා , සහ හිටපු ඵක දෙන්නත් ඵේරොප්පෙ වාසය කොරන හින්දා //
      සර් ජෝන් ට දුවක් හිටිය, ඊට අමතරව ඔහුගේ බාල සහෝදරයා වන ජස්ටින් කොතලාවලගේ පුතා තමයි ඔබත් මමත් හොදින් දන්නා ලලිත් කොතලාවල. ඔවුන්ට නොදුන්න දේපල මොහු රජයට දෙනවා.

      ඔබ N M පෙරේරා ගැන කියපු නිසා යමක් කියන්න ඕනේ ඔහු තමයි දිගින් දිගටම වරායේ උද්ගෝෂණ දියත් කලේ මෙනිසා ශ්‍රී ලංකාවට ලැබියයුතු තැන සිංගප්පුරුව ලබාගත්ත අද සිංගප්පුරුව ඒකපුද්ගල ආදායම ඩොලර් 52000 වෙනකොට ශ්‍රී ලංකාවේ එය ඩොලර් 3900 වෙනවා.

      Delete
    7. // ඔබ N M පෙරේරා ගැන කියපු නිසා යමක් කියන්න ඕනේ ඔහු තමයි දිගින් දිගටම වරායේ උද්ගෝෂණ දියත් කලේ මෙනිසා ශ්‍රී ලංකාවට ලැබියයුතු තැන සිංගප්පුරුව ලබාගත්ත අද සිංගප්පුරුව ඒකපුද්ගල ආදායම ඩොලර් 52000 වෙනකොට ශ්‍රී ලංකාවේ එය ඩොලර් 3900 වෙනවා. //

      සින්ගප්පුරුව දියුනු වුනේ ඵන්.ඵම් පෙරේරා උද්ගෝශන කරපු හින්දලු..................

      ලී ක්වාන් යූ ලියපු පොතේ නම් වෙනම පරිච්චේදයක් තියනවා සින්ගප්පූරුවට වඩා ඉස්සරහින් තිබුනු ලන්කාවට කෙලවුනු හේතු ඵහෙම දක්වලා....................

      ලී ක්වාන් යූ ඒකේ පැහදිලිව දක්වලා තියනවා ලන්කාව වැටෙන්න හේතු උනු දූශනය, අකාර්යක්ශමතාව , නාස්තිය , දුරදිග නොබැලීම කියන සියලුම නුර්ගුනයන් සහිත දේශපාලන රැලක් විසින් ශ්‍රී ලන්කාව විනාශය කරා ගෙන ගිය බව...............ඊට අමතරව ඔහු සදහන් කරන්නේ ලන්කාවට නැවත හිටපු තත්වයට ඵන්න ඔනනම් ඉහත කී අසික්කිත වැඩ නවත්තන්න ඔන කියන ඵකයි.....................

      ලන්කාව පාලනය කරන අසික්කිත දේසපාලුවො ලන්කාව දූශනය, නාස්තිය හොරකමෙන් පුරවපු නිසා තමයි ලන්කාව විනාශ උනේ කියලා ලී ක්වාන් යූ ම කියනකොට කියනකොට කියනකොට,
      පිස්සු යකා කියනවා ඵ් හේතු නිසා නෙවෙයි ලු ඇන්.ඵම් පෙරේරා නිසාලු ලන්කාව විනාශ වෙලා සින්ගප්පුරුව දියුනු වුනේ.........................

      ඔබතුමා ලී ක්වාන් යූ ටත් වඩා උගතෙක් නිසා ඔබ තුමා තමා අනාගතේ අපේ රටේ ජනාදිපති වෙන්න ඔනා..................

      අනික ඵන්.ඵම් මලේ 1979 විතර නේ.මේ වෙනකොට අවුරුදු 38ක් වෙනවා................ඇන්.ඇම් ඉන්න කාලේ ස්ට්‍රයික් කරලා ලන්කාව කෑව නම් ඵන් ඵම් මැරිලා අවුරුදු 38 කට පස්සෙත් ලන්කාව ඵන්න ඵන්න දුප්පත් වෙන්නෙ මොකද බන්???ඵන්.ඵම් ඉන්න කාලේ බැරි උනාට දැන් පුලුවන් නෙ රට දියුනු කරන්න.අනික කොළබ විතරක් නෙවෙයි දන් හම්බන්තොටත් වරායක් තියනවා නේ...............???තාම මොකෝ ලන්කාව හොම්බෙන් යන්නේ??? ඵන් ඵම් ගෙ හොල්මන ඈවිත් වරායෙ ඉස්ට්‍රයික් කොරනවද????

      මැටි හරකො ඵන් ඵම් ලා උද්ගෝශන කලේ මේ රටේ අසාදාරනයට විරුද්දව, නාස්තිය දුශනය වන්චා සමාජ අසාදාරනයට බොරු ජාතිවාදයට විරුද්දව...............එවා නිසයි ලන්කාව විනාස උනේ..............අපි නෙවෙයි කියන්නේ ලී ක්වාන් යූ..............
      රටක් දියුනු වෙනවා කියන්නේ ජනතාව දියුනු වෙනවා කියන ඵක.ඵහෙම නතිව දේසපාලු හොරුයි, බිස්නස් හොරුයි, නිලදාරි හොරුයි විතරක් මඩිය තර කරගන්නවා කියන ඵක නෙවෙයි.................
      ඵන්.ඵම් ලා කෑගැහැව්වෙ වන්චා, දූශන, සමාජ අසාදාරනය නැතිව හරියට රට කරපල්ලා කියලයි ..................ඵ්වා අහව්වා නම් අද අපි සින්ගප්පූරුවට වඩා ඉස්සරහින් .................සින්ගප්පුරුව ගොඩදාපු ලී ක්වාන් යූ කිව්වෙත් ඵන් ඵම් කියපු කතාවම තමයි..................


      // සර් ජෝන් ට දුවක් හිටිය, ඊට අමතරව ඔහුගේ බාල සහෝදරයා වන ජස්ටින් කොතලාවලගේ පුතා තමයි ඔබත් මමත් හොදින් දන්නා ලලිත් කොතලාවල. ඔවුන්ට නොදුන්න දේපල මොහු රජයට දෙනවා. //

      ලක්ශ්මි කොතලාවල කියන්නේ ජෝන් කොතලාවලගෙ දුව.
      ජෝන් කොතලාවලගෙ ලේ උරුමය ඵතනින් ඉවරයි.............................ඵ් නිසා වෙන්න පුලුවන් ජෝන් කොතලාවල මේ දෙපල තමන්ගේ පන්තිය සහ පන්තියේ ආර්ක්ශකයා වෙච්ච ඵක්සත් පජාතික පක්ශය සතු කලේ.....................ඵහෙන නොවුනා නම් මේ දේපල කාට කාට යයිද දන්නෙ නෑ.........................
      අද චන්ද්‍රිකාලගෙ පවුල් වල ලමයි හිටියත් ඵ් දේපලට වෙලා තියන දේ බලන්න.........................

      ජස්ටින් කොතලාවල ජෝන් කොතලාවලගෙ බාල සහෝදරයා උනත් අද ඵ් පරම්පරාවත් ලලිත් ගෙන් පස්සෙ ඉවරයි.................

      ඵක තමා ගොන් වහන්ස මම මුලින්ම කිව්වෙ ඔය ජරා දේපල පරම්පරාවකින් හරි දෙකකින් හරි මහජනයා සතු වන බව ජෝන් කොතලාවල දක්කා කියලා..............................

      ගොනා වගේ තප්පුලන්න කලින් කියවලා හිටියා නම් ඔහොම නාන්න වෙන්නෙ නෑ....................

      Delete
    8. @ Lankika Sithuwili

      Delete
    9. AnonymousJuly 18, 2017 at 3:21 AM,

      //ලන්කාව පාලනය කරන අසික්කිත දේසපාලුවො ලන්කාව දූශනය, නාස්තිය හොරකමෙන් පුරවපු නිසා තමයි ලන්කාව විනාශ උනේ කියලා ලී ක්වාන් යූ ම කියනකොට කියනකොට කියනකොට,//

      මෝඩ හරකෝ,

      ආසියාවේ දියුණුම පරිපාලන සේවය විනාශ කලේ 1970 හත් හවුලේ වාමාංශික මෝඩ හරක් නායකයෙක් වන කොල්වින් ආර් ද සිල්වා නමැති මිනිහ දෙසපාලුවන්ට රාජ්‍ය පරිපාලනයට ඇගිලි ගහන්න පුළුවන් වියවස්තාවක් හදපු නිසා තමයි බුරුවො එහෙම උනේ . ඒ කාලකන්නිය එක හැදුවට පස්සේ තමයි තෝ කියන දේසපාලුවෝ දුෂණය කරන්න ලයිසන් ලැබුනේ.

      Delete
  11. සර් ජොන් තමන්ගේ වලව්ව ඇතුලු දේපල ආරක්ෂක විද්‍යාපිඨයට ලබාදුන්නා. ඒවාගෙම ඔහුට අයත් රත්මලානේ ඉඩකඩම් තමයි බොහෝ දෙනෙක් අද භුක්ති විදින්නේ. ඔහු ගැහැනුන්ට ලොල්වුත් ඒවා බලහත්කාරයෙන් ලබාගත් බවක් කියවෙන්නේ නෑ. සමහරවිට සමහර වේලාවල්වලට ඔහුගේ වලව්කාර මහතැන් ගතිය ඉස්මතුවෙන්න ඇති එත් අදකාලේ ඉන්නා ජඩ දේශපාලුවන්ට වඩා සර් ජොන් බොහෝ හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අදකාලේ ඉන්නා ජඩ දේශපාලුවන්ට වඩා සර් ජොන් බොහෝ හොදයි කියලා හිතෙනවා.///// ++++++

      Delete
  12. වලවුවේ හාමුට නැවෙන අය තවමත් ඉන්නවා වගේ

    ReplyDelete
  13. ධනවාදී රටවල නායකයින් ඉදිරියේ කීකරු බලු කුක්කෙකු වූ ජෝන්.

    ReplyDelete
  14. මේක නම් විකාර ලිපියක් රුවන්. ජෝන් ලොක්කා හොරා කෑවේ නැති බව ඇත්ත වෙන්න පුළුවන් නමුත් ජෝන් කියන්නේ රටක් පාලනයට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. අද කාලේ ඉන්නා ජඩ දේශපාලුවන්ට වඩා සර් ජොන් බොහෝ හොදයි කියලා හිතෙනවා

      Delete
  15. මා දන්නා පමණින් සාරුවා සුනිල් ස්ත්‍රී දූෂණය කර නැත. ඔහු බොහෝ කාන්තාවන් ඇසුරුකළ නමුත් ඒ දෙපාර්ශ්වයේ කැමැත්ත මතය. ස්ත්‍රී දූෂණ චෝදනාව දේශපාලන කුමන්ත්‍රණයකි

    ReplyDelete
    Replies
    1. අවුරුදු 16ත අඩු කාන්තාවන් සමග ලිංගිකව එක්වීම දුෂණය කිරීමක් බව නොදන්නා ඔයා ලොකු බබා :D මෙයා වගේ අශුචි බණ්ඩාරල ඇවිල්ල ඉලෙක්ට්‍රොනික් ගූ ගොඩවල් !!

      Delete
  16. ජාතියේ පියෙක් නම් මං දන්නෙ නෑ.

    සර් ජෝන් බොහෝ දේවලින් ඔහුට පස්සෙ ආපු දේශපාලකයින්ට වඩා හොඳයි කියලා පේනවා. ඒ වැඩියෙන්ම ඔහුගේ හොඳටත් වැඩිය අනිත් එවුන්ගේ නරක නිසා. ඊට පස්සෙ ආපු නායකයින් වගේ අනාගතයටත් බලපාන නරක තීරණ ගැනීම කලේ නෑ

    ReplyDelete
  17. සුසූ මොහොමඩ් ගේ ෆොටෝ එකක් හොයාගන්න පුළුවන්ද?

    ReplyDelete
  18. ජෝන් කොතලාවල වැනි ශ්‍රේෂ්ඨ පාලකයන් නිසා මේ රට බැබළුණා කීවොත් නිවැරදියි වචනයේ පරිසාමප්ත අර්ථයෙන්ම ඔවුන් නියම මහත්වරු විචාරකතුමා කියල තියනවා මහාමැතිවරණයෙන් එන්.එම් පෙරේරා පැරදිලා ඩඩ්ලි දිනලා යනකොට කෑගල්ලේ කච්චේරිය ඉදිරිපිට අතට ඇත දීලා සුහදව වෙන්වුනා කියලා. අද නම් මොන වගේද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණියනි. වඳුරා තමන්ගේම වලිගය ගැනම ගුණ කියනවලු.

      Delete
  19. https://en.wikipedia.org/wiki/John_Kotelawala

    ReplyDelete
  20. Sir John - the politician, the gentleman, the soldier
    by Lorna Wright - Sunday Observer Mar 7 2002

    Sir John, a statesman politician of his day and age, who practised the profession of politics with the zeal of a successful evangelist. A gentleman. A proud and confessed nationalist he loved his country and its people.

    General the Rt. Hon. Sir John Kotelawala CH, KBE, LLD.


    He had a deep love and respect for his mother Alice Kotelawala but never had the intimate family life that his brother Justin and sister Freda had. However his life was a triumph of discipline over bitterness dictated by wisdom drawn from experience.

    Anchored in human reality he would often say 'one needed to go hungry to appreciate a good meal, know loneliness to yearn for a mother's love - only then will one break free from shadows and get permanently reverted to substance. He had a sneaking appreciation of practical down-to-earth men such as A.E. Goonesinhe's golaya - Premadasa.

    ReplyDelete
  21. Promoting him to contest N.M. Perera, remarking, 'that man knows how to handle time.' Sir John exemplified time which was an obsession with him. Observing that everyman had a credit of 86,400 seconds every morning and if he failed to use that days deposit, there was no going back - time waits for no one.

    Sir John would insist that in Sir Lanka we lived in a society that based her moral claims on the worth, dignity, and talents of the individual. Sri Lankans were a very talented people. To each his own. Sinhala, Tamil, Muslim, Burgher yet all a lovable lot, who over the years in a give and take lived amicably together. Friends and politicians of every shade of opinion sat at his famous breakfast table. There never was indiscriminate indictment of one race, or of any one family or another. Never. Kandawala, a simple but well maintained residence had feudal overtones. Families, husband, wife and children in their own houses lived on the estate.

    His beautiful gardens, and he had not separated himself from the earth. Chattering and laughing children - gossiping adults were everywhere on Sunday morning, after guests had left the breakfast table. Two hours of cleaning up - breaking cobwebs, polishing brass, dusting, sweeping the residence. He looked after them down to the children's uniform and school books, they had to reciprocate. There was no exploitation or violation of human rights. He had not-distanced himself from everyday people. The green, green lawns, green trees were the green nutrients of his life.

    It was not his money, the background of the large feudal estate that led and dominated his way of life. The dictatorial power was there by force of personality, very deep knowledge of his subject, his acceptance to listen to another's point of view. He had a very humane approach to anything he said or did. He understood his supporters as well as his opponents.

    Sir John left no one great deed done. A soldier to the marrow of his bone he left his properties to the Kotelawala Defence Academy training men in the Army. The importance of accomplishment and he always had an honest impulse to open up new realms of experience. This needed a great leap of faith in himself and that he had in good measure.

    Yesteryear and prisoners were taken out in gangs for maintenance work on public and state owned buildings. Voted budget monies were spent on materials while the labour was free. The supervision was good and pilferage minimal. Post Independence and cultural integrity and social issue surfaced and became complex. Radical labour militants and their class - conscious rhetoric changed procedures. Not being a homogeneous nation, it was not easy to unite and create a good, strong, culture of work for economic progress.

    This gave Sir John a new sense of purpose and thought. He set up the ESLC - Essential Services Labour Co. insisting that while the collective intelligence of a large group was average, the collective action was quite high and could benefit the country. This organised, semi-skilled disciplined labour force, proud of themselves in uniform would do the maintenance jobs.

    ReplyDelete
  22. Budgetary monies already voted. The country would be absorbing drop-outs, someday conscription wise and turning them into useful citizens and a much needed semi-skilled workforce - Learn to work was also learn to earn. The cheer squad were mothers proud of their sons, in uniform grateful for some financial assistance, and the discipline and skills training given them.

    Sir John believed in discipline of a military nature. Enforcement by law and order. As Minister of Transport, Communication and Works - the PWD (Public Works Department) he was fully ware of pilferage and corruption - chiselling he always said was part of the Asian ambience. Blasting a PWD overseer whom he valued for his efficient work, but suspected of corruption, he was startled at the man's reply.

    "Sir if we Overseers take or don't take, they say we take - so we might as well take". Many of his personal friends, he moaned, were committed to unattainable dreams they'd walk through this fire and book and return trip as well, little realising they'd be straining the fragile cords of unity of a multi-racial, mutli-religious country.

    Soldiering was his love. Travelling down in jeeps, once a year, foreign and local friends and relations were his guests at Yala game sanctuary for a week. A fiend for daily exercise he'd march them late evening on the drive-way swinging his arms.

    "We're the boys of the Army, the mighty CLI, all we have to do - is fight and fight and die".

    After this walk one day, Upali his cousin, noticing a wild buffalo standing in his path shouted.

    "Lionel Aiya get back, get back, wild buffalo".

    Sir John bolted leaving his companions to fend for themselves - much laughter. On another occasion the jeeps were confronted by wild elephants leisurely feeding - cameras started clicking. Some stupid students in a van from the opposite side rushed past banging their vehicle and shouting. The elephants disturbed, stampeded. The jeep drivers tried desperately to reverse. Rukman in the first jeep leapt out and faced the elephants - we learnt later with mantrams the mahouts use. The elephants turned and slowly wandered away.

    Sir John greatly relieved quipped, "thank God, we have one Senanayake left who can handle elephants from going berserk".

    He had a taste for what was good and strong a sharpness of vision to distinguish the true from the false.

    He died a veteran soldier, General the Rt. Hon. Sir John Kotelawala CH, KBE, LLD.

    ReplyDelete

  23. Sir John Kotelawala's early years

    Sunday Observer April 6 1997

    These excerpts also throw interesting light on Sir John's formative years and in retrospect can be read as a record of how a tempestuous political personality was formed. The book was published by George G. Harrap and Co. Ltd.

    One of my earliest memories is of a small boy whose widowed mother could not afford to buy him a pair of shoes to send him to one of the leading schools in Colombo. Surprisingly enough, that boy was myself. Today I am regarded as a very rich man; and the popular impression is that my wealth made it easy for me from the very start to make smooth progress on the road that ended with the Premiership. But I was not born rich; and my family's circumstances in my boyhood handicapped me badly.

    The school chosen for me was the Royal College. My mother used to give me ten cents every morning to pay my tram fare. I saved this by going to the junction now known as Lipton's Circus and waiting for the carriage that carried a lawyer to the courts at Hultsdorp. Jumping on to a perch at the back of the seat, unnoticed, I waited for the first warning cry from a street urchin or some other passer-by that I was stealing a ride. I could then expect the lash of the driver's whip. It was time to protect my face by covering it with my books. I wonder if the lawyer, who later became the Supreme Court Judge, Sir Stewart Schneider, ever dreamt that a future Prime Minister was up to pranks behind him.

    But I was happy at the Royal College, where the other boys found in me a high-spirited companion easily led into fights, and good at games, even if I was nowhere near the top of my class in studies. No teacher saw a brilliant career before me.

    I had to leave school in 1915, before I could captain the cricket eleven, as I hoped to, because I was chosen as the most suitable person for smuggling food and comforts into the prison where leaders of the temperance movement, including F.R. and D.S. Senanayake, were detained during the 1915 riots, when the Government panicked and saw a rebel in every prominent social worker.

    Strokes of good fortune and the astute use of opportunities had changed my family's fortunes by now. My mother, to whom I owe so much, always gave sound advice to those who sought it. She feared that increasing wealth might tempt us to lead idle, extravagant lives, and that future generations of Kotelawalas would be impoverished.

    When the large sum of three million rupees was offered by a foreign investor for our plumbago mines she said that so valuable an asset should be retained by the family, and could be developed with much greater profit if we did not yield to the temptation of selling it at that price. She was certainly right.

    My father had gone to Australia in his youth, but he found there was no opening for him there, and returned to join the Ceylon Police Force. He rose to the post of Inspector for the Island. I was only a boy of eleven when his life came to a tragic end, by his own hand, when he was convinced that cruel circumstances and implacable foes were conspiring to convict him of having instigated the murder of a kinsman. The fact that he was a popular hero was amply demonstrated at his funeral.

    One characteristic of my father was his unrestrained impulsiveness. He had the habit of acting first and thinking afterwards. When I am accused of doing the same, I think it must be because I am my father's son.

    An indelible impression I have of John Kotelawala the First, as some people may call my father today, is of his astounding conduct at a wedding. He was with my mother, my grandmother, and me at the bride's house, awaiting the arrival of the bridegroom's party. The bride was one of my aunts. I was then a boy of six, and stood at his knee, eagerly looking forward to the festivities to come.

    The bridegroom arrived in the uniform of an officer of the Ceylon Light Infantry. He belonged to one of the most influential Sinhalese families of the time, and in his entourage were men who mattered.

    ReplyDelete
  24. As soon as the party reached the threshold of the house my father, for a reason unknown to anyone present, rose from his seat, thrust me aside, went up to the bridegroom, and gave him a thundering slap. The amazed officer's helmet fell off, and his other military accoutrements were seriously disturbed. What a reception from the family with whom his fortunes were going to be wedded!

    My grandmother thrust herself between her turbulent son-in-law and the humiliated bridegroom, whom she did her best to pacify. Peace was restored, and the wedding took place. But the foundation was then laid for a bitter family feud that went on right up to the time of my father's tragic death and continued later, even in public life. That was a way we had among our people in those days, when a petty private quarrel could lead to a persistent vendetta.

    My father was a man of great physical strength. He once accepted the challenge of a visiting strong man and wrestler from India named Mabul Khan, and beat him soundly. In those days if any Ceylonese had a giant's strength and knew how to use it he was called a ``Mabul Khan''. For a Ceylonese to get the better of such a champion was an occasion for national rejoicing. John Kotelawala actually did it. He became a proud people's idol.

    What must have been the first strike in Ceylon was one started by carters in Colombo. A regulation was introduced by which these drivers of bullock carts were forbidden to sit on the pole of the cart and compelled to walk by the side of their bulls. When they were seated, they could not get their carts out of the way quickly enough to please the lordly Sahibs who thought the roads belonged only to them in those colonial days.

    The men went on strike as a protest, and appealed to my father for sympathy. He gave it to them readily, and undertook to feed them all and their bulls while the strike lasted.

    I have a vivid picture in my mind of the garden of our home being crowded with carters, their families, and their bulls. How different from the strikes of today, when workers out on strike often have to fend for themselves, while their leaders go to dances and have a good time generally. In the end a compromise was reached. The strike was settled, and my father became a hero of the working classes.

    My father was one of the earliest temperance workers in Ceylon, and he regarded this as part of the nation-building activities in which he and a few other patriots were engaged. Their temperance was of the militant type. When they caught a man who had drunk to excess they would march him through the streets the next day, making him wear a chain of coconut shells, in order to render him an object of ridicule and contempt among the people.

    My father was one of those who struck the first open blows against colonialism in the days when white men in Ceylon thought they were lords of creation before whom the natives should cringe. And the blows came from hard fists with a terrific punch behind them, and the full force of patriotic pride.

    ReplyDelete
  25. පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වූ ජෝන් කොතලාවලටත්, (අපි කවුරුත් දන්නා නෙයිනගේ සූදුව නීතිය හමුවේ කොටු කරගත්තේ මෙතුමායි) එකල මෙරට “මිනිරන් රජ පරම්පරාව” ලෙස හදුන්වනු ලැබූ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක් වූ ආටිගල පරපුරේ ඇලිස් ආටිගලටත් දාව 1897 අප්‍රේල් මස 04 වන දින පවුලේ වැඩිමහල් දරුවා ලෙස ජෝන් ලයනල් කොතලාවල උපත ලබනවා. ජස්‌ටින් කොතලාවල හා ප්‍රිඩා කොතලාවල ජෝන්ගේ සහෝදරයා හා සහෝදරියයි.

    කුඩාකලදී ම පියා මරණයට පත් වීම හේතුවෙන් තම මව් පාර්ශවයෙන් ඥාතියෙක් වූ ඇෆ්. ආර්. සේනානායක විසින් කුඩා ජෝන්ව රැක බලා ගන්නවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරන තරුණ ජෝන් උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව යනවා. කේම්බ්‍රිජ් සරසවියෙන් තම ප්‍රථම උපාධිය ලබා ගන්නා ඔහු 1922 වසරේදී දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් ලංකා පාබල හමුදාවට ඇතුළු වෙනවා.

    එවකට පැවති උසස්ම තනතුරවූ කර්නල් ධූරයට පත්වීමෙන් අනතුරුව විශ්‍රාම යාමට ප්‍රථම සර් ජෝන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් ද කටයුතු කරනවා. පසු කාලයේදී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජෙනරාල් පදවියක්‌ ද පිරිනමා උපහාර දක්වන අතර එංගලන්තයේ මහ රැජිනගෙන් ශ්‍රීමත් (සර්) යන නයිට්‌ නාමයෙන්ද පිදුම් ලබනවා.

    ReplyDelete
  26. යුධ හමුදාවෙන් ඉවත් වන සර් ජෝන් 1937දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කුරුණෑගල අසුනට තරග කර ජයග්‍රහණය කරනවා. පසුව 1939දී නැවතත් එම ආසනය දිනා ගන්නේ කෘෂිකර්මාන්තය හරහා එම ප්‍රදේශයේ ජනතාවට කළ සේවය හේතුවෙන්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඩී.ඇස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘෂිකර්ම සහ ඉඩම් කාරක සභාවේ සාමාජිකයකු සර් ජෝන් ඩී.ඇස්‌. සේනානායක මහතා විදේශගත වූ විට වැඩ බලන ඇමැතිවරයා වශයෙන්ද ක්‍රියා කරනවා.

    ඩී.ඇස්‌ගේ පක්ෂය හා එක් වීම


    ඇමරිකානු ජනපති අයිසන් හවර් සමඟ (Lankapura)

    1947 වසරේ මෙරට පැවැත්වුණු ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන සර් ජෝන් ඩී.ඇස්‌. සේනානායකයන් විසින් පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන හා කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කරමින් විශාල සේවයක් ඉටු කරනවා.

    ගාලු පාරේ විධිමත් ඉදිකිරීම් ආරම්භ කිරීම, කොළඹ වරාය සංවර්ධනය කරමින් ආසියාවේ ප්‍රමුඛ වරායක් බවට පත් කිරීම, රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම මෙන්ම මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් සමඟ එක් වී ගොවි ජනපද ව්‍යාපාර ඇරඹීමත්, පේරාදෙණිය සරසවිය ඉදිකිරීම් අලංකාරව නිම කරන්නෙත් මෙතුමාගේ මග පෙන්වීමෙන්. ජල විදුලි උත්පාදනයට සමාරම්භය තබමින් ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉදි කිරීම, බම්බලපිටිය තට්ටු නිවාස ක්‍රමය ඇති කිරීම. තවද ආසියාතික රාජ්‍ය නායකයන් පිළිබද බැංඩුන් සම්මේලනයට මුල් වන්නේ සර් ජෝන් සංකල්පයක් . 1951 වසරේදී බණ්ඩාරනායකයන් එජාපයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ම නියෝජ්‍ය සභාපති ධූරය හිමිවෙනවා.

    ලංකාවේ තෙවන අගමැති


    නුවර එළියේ තම නිවසක විවේක සුවයෙන් (Pinterest)

    1952දී ඩී.ඇස්‌. සේනානායක මියගිය පසු සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායකව පත් කරනවා. නමුත් සුදුස්සා වුණේ සර් ජෝන් කොතලාවල යි. මෙම තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වෙනවා. මේ කාලෙයේදී ම තමයි “අගමැති පොරය” නමින් කොතලාවල විසින් ඩඩ්ලිට විරුද්ධව ප්‍රචාරයක් පතුරවන්නේ. මේ සිදුවීමෙන් අනතුරුව ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවට යන අතර නැවත ටික කාලයකින් ආපසු පැමිණෙනවා.

    ඩඩ්ලි සේනානායක රජයට වසරක්‌ ගතවීමෙන් පසුව වාමාංශික පක්‍ෂ විසින් විවිධ හර්තාල් ඇති කළ බැවින් ඩඩ්ලි අගමැති පදවියෙන් ඉල්ලා අස්‌වූ අතර නව අගමැතිවරයා ලෙස පත් වන්නේ සර් ජෝන් කොතලාවලයි.

    මෙරට ආණ්ඩුකාර පදවියට ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමේ පිළිවෙත හදුන්වා දෙන්නේ සර් ජෝන් කොතලාවලයි. ඒ 1954 දි ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර පදවියට පත්කරමින්. සෑම නිදහස්‌ දිනයකම රටේ ජාතික කොඩිය සමඟ ඉංග්‍රිසි කොඩිය එසවීමේ පිළිවෙතද ඉවතට දැමූ සර් කොතලාවල ලංකාවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට මූලික වෙනවා.

    ReplyDelete
  27. සර් ජෝන් සම්බන්ධ රසවත් කතා


    කඳවල වලව්ව අද (Lanka University News)

    සර් ජෝන් සම්බන්ධ රසවත් කතා වලින් ඔහුගේ දේශපාලන දිවිය පිරී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගැටුම් වලට මුල් වූ කේන්තිකාරයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. වාර්තා වෙන අන්දමට පාර්ලිමේන්තුවේ ප්‍රථම මන්ත්‍රී ගැටුමට මූලික වන්නේත් ඔහු යි.

    ඒ පිලිප් ගුණවර්ධන හෙවත් බොරළුගොඩ සිංහයා සමඟයි. සිරගෙට ගිය තමන්ගේ මාමා කෙනෙක් පිළිබඳව සර් ජෝන් මහත් ආඩම්බරයෙන් පැවසීම තමයි ගැටුමට මූලික වෙලා තියෙන්නේ. එය ආඩම්බර වීමට නොව ලජ්ජා වීමට කරුණක් යැයි ගුණවර්ධනයන්ගේ පැවසීම නිමා වෙලා තියෙන්නේ දෙදෙනාම එකිනෙකාට පහරදී ගැනීමෙන් අනතුරුවයි.

    තවත් අවස්ථාවක පාර්ලිමේන්තුවට නවකයෙක් ලෙස පැමිණි එම්.එස්. තේමිස්ට සර් ජෝන් මුණ ගැසෙන්නේ රත්මලාන ගුවන්තොටුපොළ පරිශ්‍රයේදීයි. එම අවස්ථාවේ ඔහු සර් ජෝන් අමතන්නේ “හලෝ ජෝන්” ලෙසයි. මොහතකින් ඔහුට සර් ජෝන්ගෙන් ලැබෙන්නේ තියුණු පා පහරක්. වහාම තමන් යන්නට ගිය ගමන නවතා තේමිස් රොස්මිඩ් පෙදෙසේ එවකට අගමැති වූ බණ්ඩාරනායක වෙත ගොස් එය පැමිණිලි කරනවා.” මමත් ඔහුට කතා කරන්නේ සර් ජෝන් කියලයි” අගමැතිවරයා එලෙස කියන්නේ සුපුරුදු පරිදි කොක් හඩලා සිනා සෙමින්.

    බණ්ඩාරනායකයන් සිංහල ජාතිය මුල්කරගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂයක් ආරම්භ කිරීමෙන් අනතුරුව පසු කාලයේදී මිය යන්නේ චීවරධාරියෙකු විසින් තැබූ වෙඩි පහරකින්. අවමගුලෙන් අනතුරුව සර් ජෝන් පවසන්නේ “මම බැඳලා දාපු බල්ලන්ව බණ්ඩා ලෙහා දැම්මා”යනුවෙනි. එවකට රත්මලාන අසල පන්සලකට දිනපතාම හීල් දානය කඳවල වලව්වෙන් සැපයූ අතර දිනක්‌ එහි වැඩ වසන ස්වාමින්වහන්සේ නමක් තමන් නොමැති දිනවල දානය නොඑවන ලෙස සර් ජෝන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට සර් ජෝන් පවසන්නේ “හාමුදුරුවො ඇතත් නැතත් පන්සල තියෙන තුරු මම දානෙ එවනවා. ඒක නම් නවත්වන්නෙ නැහැ.” ලෙස ආඩම්බරයෙන්.

    1956 වසරේ හේවාහැට මධ්‍ය විද්‍යාලයේ වූ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ සර් ජෝන්ව එහි බාලිකාවන් විසින් පිළිගන්නේ “අගමැති මාමා… අගමැති මාමා… ලොව දස දෙස පූජිත වූ අගමැති මාමා..” නම් පිළිගැනීමේ ගීතය ගායනා කිරීමෙන්. මෙම ගීතය අවසානයේ සර් ජෝන් පවසන්නේ “මගෙ ලේලිලා ඔක්කෝටම බොහොම ස්තූතියි” යනුවෙන්.

    1956 මැතිවරණයට පෙර සර් ජෝන් විසින් බාබකියු සාදයක් පවත්වනවා. එහිදී වසු පැටවෙක් පුළුස්සා ආහාරයට ගන්නවා. එවකට දිනමිණේ සිටි ප්‍රවෘත්ති කතෘ හා ඩී.එෆ් කාරියකරවන නම් පුවත්පත් ලේඛකයා එකතුවී වස්සා පුළුස්සන ඡායාරූපය පසුදා පුවත්පතේ පළකරනවා. මෙම සිදුවීම මැතිවරණය පරාජය වීමට පවා බලපෑ බව සඳහන්. නමුත් සර් ජෝන් විසින් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාව තම වලව්වට කැදවා තේ පැන් සංග්‍රහයක් පවත්වනවා. ඔහුට විරුද්ධව පුවත්පත් කාටුන් පළ කළ ශිල්පියෙක්ම ලවාම නිවසේ බිත්ති වල සිතුවම් නිර්මාණය කර ගැනීමද විශේෂ කරුණක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඉතින්, මේ ඔහු සම්බන්ධව ඇති කථා අතරින් කිහිපයක් පමණයි.

    මැතිවරණ අන්ත පරාජය

    කෙසේ වෙතත් දේශපාලනයේ නිර්ව්‍යාජභාවය නිතරම අගය කළ සර් ජෝන් ජනතාව චාටුවෙන් රැවටීම සඳහා උපක්‍රම ආයාසයෙන් යොදවන්නේ නැතිකම හේතුවෙන් මෙම සිදුවීම් කොතලාවල හිතවතුන්ගේ විනෝදයටත්, විරුද්ධවාදීන්ගේ දෝෂාරෝපණයටත් ලක් වෙනවා. කෙසේ හෝ සර් ජෝන්ගේ නායකත්වයෙන් යුතුව 1956 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් ලැබෙන්නේ මුළු ලංකාවෙන්ම ආසන 8ක් පමණක් ලබා ගනිමින්.

    කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨය


    සර් ජෝන් 34 වන ගුණානුස්මරණය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී (Sri Lanka Air Force)

    පසුව දේශපාලනයෙන් ඉවත් වන සර් ජෝන් තමාගේ කඳවල වලව්ව ඇතුළු දේපල රත්මලාන ආරක්ෂක පීඨය ඉදිකිරීම සදහා පරිත්‍යාග කරනු ලබන අතර එංගලන්තයේ තමන් විසූ නිවස හා දේපලද එහි සේවය කළ පුද්ගලයන්ට පරිත්‍යාග කරන්නට තරම් නිර්ලෝභී වෙනවා. 1980 ඔක්තෝම්බර් මස 02 දින තම දිවි ගමනට ආයුබෝවන් කියන මේ හිත හොඳ මිනිසාගේ ප්‍රතිමාක් කොළඹ පැරැණි පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ඉදි කර ඇති අයුරු දකින්නට පුළුවන්.

    ReplyDelete
  28. ජෝන් එංගලන්තයේ මහා රැජිනගේ සපත්තු ලෙව කනකොට , ඇමරිකාවේ නායකයින්ගේ පස්ස හෝදන ගමන් සමාජවාදී රටවලට පලු යන්න බැන්නා. ජෝන්ලා සමාජවාදයට බය උනා. ජෝනට වඩා පහල මට්ටම්වල මිනිස්සු නැගිටලා ඉදිරියට එයි කියලා බයක් තිබුණා. ජෝනට ලස්සන ගැනියෙක් දැක්කොත් එකිතේ එක්ක බුදිය ගන්න ඕනේ. ඉතින් ගෑනුත් බයේ හමු මහත්තයා නිසා අල්ලනවා ඇති. තවමත් මේ අපතයට බියගුලුකමේ හිස නවන මිනිස්සු ඉන්නවනේ. තාම වහල් මානසිකත්වයක ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ මු සර් ජෝන් ට බනිනවා රැජිනගේ ,ඇමරිකාවේ සපත්තු ,පස්සවල් ලෙවකනවා කියල එත් ඌ දන්නෙම නැතුව රුසියාවේ මිනීමරු ලෙනින්ගේ ,ස්ටාලින්ගේ මවොගේ අසුචි කනවා

      Delete
    2. සර් ජෝන් දැක මැරයෝ පලායති
      එක්දහස් නවසිය තිස් ගණන්වලදී අපේ රටේ මතුව ආ ප්‍රධාන ප්‍රශ්න අතරින් එකක් වූයේ දේශීය නිෂ්පාදනවලට මිනිසුන් තුළ පැවැති උනන්දුව ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගෙන තිබීමය. රටේ තිබූ වෙළෙඳ ව්‍යාපාර සියල්ලකම වාගේ හිමිකරුවන් බවට පත්ව සිටියේ මලයාලම් කාරයන්ය. රටේ සෞඛ්‍ය සේවයට එකදු සිංහලයකු ඇතුළත්ව නොපැවතිණි. මෙය ඉදිරියේදී ජාතික ව්‍යසනයක් බවට නිසැකවම පත්වන බව සර් ජෝන් දැන සිටියේය.


      මේ සඳහා ජනතාව දැනුම්වත් කිරීමේ ජන හමුවක් ගාලු මුවදොර පිට්ටනියේ පැවැත්වීමට අදහස් කළ සර් ජෝන් තමන්ගේ මෝටර් රථයේ ඉදිරිපස “සිය රටටමයි කවදත්” යනුවෙන් කොඩියක් රඳවාගෙන ගමන් යන්නට විය. කාලයේ හැටියට මෙය අපූරු දෙයක් ලෙස කාටත් පෙනිණ.


      ජනතාව ගාලු මුවදොර පිටියට රැස්වී සර් ජෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු උද්ඝෝෂණයට ඒකරාශි වූහ. මේ රටේ ව්‍යාපාරික කටයුතුවලදී පමණක් නොව මුළුමහත් සමාජය පුරාම විහිද පැතිර ගිය මලයාලම් ජාතිකයන්ගේ ක්‍රියාවලිය ගස් මැදීමේ සිට සිංහල කාන්තාවන් විවාහ කර ගැනීම දක්වා දුරදිග ගොස් තිබිණි. රජයේත්, ව්‍යාපාරිකයන්ගේත්, වතු ආශ්‍රිත ප්‍රදේශවලත් සෑම කටයුත්තකදීම මෙම පිරිස සිංහලයන් අභිභවා සිය අණසක පතුරුවාගෙන සිටියහ. ඔවුන් විසින් පිටරටින් ගෙන්වූ සහල් සේරුවක් එකල ශත දහයක් වූ අතර සියලුම ආපනශාලාවල භාවිතයට ගැනුණේ ඔවුන් විසින් ගෙන්වන ලද පිටරට ආහාර ද්‍රව්‍යයන්ය.

      ආපනශාලා හිමියන්ට මෙරට සහල් යොදා ගන්නා ලෙස බල කරමින් කොළඹ නගරයේ වීදි ඔස්සේ ගිය පෙළපාළිය ගාලු මුවදොර පිටියේදී පැවැති මහජන රැස්වීමට එක්විය. සුළු කලක් ඉක්ම යත්ම මෙහි ප්‍රතිඵල පෙනෙන්නට විය. මෙහි දිගුකාලීන ප්‍රතිඵල වශයෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධිය වන විට දේශීය ගොවියා තම නිෂ්පාදන ඉලක්කයන් මුළුමනින්ම සපුරා තිබීම නිසා කුසගින්න පිළිබඳ ප්‍රශ්නයකට මුහුණදීමට ඔවුන්ට සිදුවූයේ නැත.


      ප්‍රසිද්ධ වැඩ ඇමැතිවරයා වශයෙන් තමාට අයත්ව තිබූ දුම්රිය සේවය ගැන වඩාත් අවධානයක් යොමු කරද්දී ඒ වන විට දුම්රිය සේවාව හා සම්බන්ධව සිටි කම්කරු පිරිස මුළුමනින්ම ඉන්දීය ජාතිකයන් වූ හෙයින් නිසැකවම ඉදිරියේදී මේ රටට මෙම අංශයෙන් බලගතු ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවන බව සර් ජෝන් කල්තබාම දැන ගත්තේය.

      Delete
    3. රත්මලානේ දුම්රිය වැඩපොළට සම්බන්ධව සිටි ඉන්දියානු ජාතිකයන් වෙනුවට සිංහලයන් සේවයෙහි යොදා ගැනීමට නම් ඔවුනට ඒ සඳහා නිවාස ලබා දිය යුතුව තිබිණි. දුම්රිය සේවකයන් සඳහා නිවාස 1500ක් සෑදීම සඳහා ප්‍රසිද්ධ වැඩ අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලැබීය. මේ සඳහා ඉල්ලුම්කරුවෝ විසිපස් දෙනෙක් ඉදිරිපත් වූහ. වසරක් ඇතුළත නිවාස 1500ක් සෑදීම එක් අයෙකුට හෝ දෙදෙනෙකුට කළ නොහැකි නිසා ටෙන්ඩර් ඉදිරිපත් කළ විසිපස් දෙනාටම එකට වැඩ කටයුතු පැවරීය.


      නිසැකවම නුදුරු අනාගතයේදීම තමන්ට රැකියා අහිමි වන බව දැනගත් ඉන්දීය පිරිස සිය හිතවත් ව්‍යාපාරිකයන්, මැරවරයන් සමග මේ ගැන කතා බහ කරන්නට වූහ. මේ ව්‍යසනයෙන් මිදිය හැකි එකම මග ලෙස ඔවුන් කල්පනා කළේ සර් ජෝන් සමග මේ ගැන පළමුව කතා බහ කොට පිළියමක් නොලදහොත් බිය ගන්වා තීරණය වෙනස් කර ගැනීමටය. එසේ කළ නොහැකි වුවහොත් සර් ජෝන් මරා දැමීමට ඔවුහු තීරණය කළහ.


      සියයක් දෙසියයක් පමණ සිටි ඉන්දීය කම්කරුවන් තැති ගත්තේ අලුතින් ඉදිවන දුම්රිය නිවාස එක්දහස් පන්සියයම සිංහලයන්ට හිමි වන හෙයින් නිසැකවම තමන්ට ඉදිරියේදී රැකියා අහිමි වී යන බවයි. සර් ජෝන් සමග සාකච්ඡාවෙන් මෙය කිසිදාක විසඳාගත නොහැකි බව දැනගත් ඔවුහු දිනය වේලාව සහ ස්ථානය දක්වා එදිනට සර් ජෝන් මරා දමන බවට තර්ජනය කර මන්ත්‍රණ සභාවට ලිපි කිහිපයක් එවූහ. වරින් වර දුරකථන ඇමතුම් ද දෙන්නට වූහ. නියමිත දිනය වේලාව මතක තබාගත් සර් ජෝන්ට සිය පියා කළ වීර වික්‍රමාන්විත ක්‍රියාවන් සිහිපත් විය. කුඩා කාලයේ සිට ප්‍රගුණ කළ කරාටේ ජූඩෝ මල්ලව පොර ක්‍රීඩා සිහිපත් විය. යුද හමුදාවේ දී ඉලක්කයට වෙඩි තැබීමෙන් ලද පදක්කම් සිහිපත් විය.


      “කර්තේලිස්, කාර් එක නවත්තපන්”
      ගාලු පාරේ සිට කඳවලට හැරෙන වංගුවේ සිටින හැඩිදැඩි පිරිසක් දුරතියාම සර් ජෝන් දුටුවේය. දෙදෙනෙකු අත තුවක්කු දෙකක් ද අනෙකුත් අය අත කැති, පිහි, මන්නා, පොලු, මුගුරු ද තිබිණි. ස්වාමියාගේ අණට කීකරු වූ රියැදුරු කර්තේලිස් රථය මහ මග නතර කළත් ඔහු බියෙන් ගැහෙමින් සිටියේය. පෞද්ගලික ආරක්ෂාවට සාක්කුව තුළ රිවෝල්වරයක් තිබුණ ද එයට අත නොතැබූ සර් ජෝන් හෙමින් සීරුවේ ඉදිරියටම ගියේය. සන්නද්ධව සිටි පිරිසේ එකෙකු දෙන්නකු පැන දුවන්නට වූහ. සර් ජෝන් ඔවුන් සිටි තැනට යන විට කිසිවෙකුත් එහි නොසිට පැන දුවන්නට වූහ. ගාලු පාරේ සිට කඳවල සිය නිවෙස දක්වාම සර් ජෝන් පා ගමනින් ගමන් කරන්නට විය. මැරවර බලයෙන් කොතලාවල බිය ගැන්වීමට නොහැකි වූ ඉන්දියන් කාරයෝ ශ්‍රී නේරු මෙහි පැමිණි අවස්ථාවේ දුක් ගැනවිල්ලක් ලෙස දුම්රිය සේවයෙන් ඔවුන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන සහනයක් බලාපොරොත්තු වූහ. එහෙත් සිංහල ජනතාව සතු උරුමය සුරක්ෂිත කිරීම තම අරමුණ බව යළි ඔහු අවධාරණය කළේය.

      Delete
    4. ලෝක මහා සංග්‍රාමයට 1939 අවුරුද්දේදී මහා බි්‍රතාන්‍ය එක්වීමත් සමගම බි්‍රතාන්‍ය යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාව ද නිරායාසයෙන්ම යුද්ධයට එක්වූ රටක් බවට පත්විය. යුද්ධය යුරෝපාකරයට සීමා වුවද ඒ වන විට මෙරටට ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ගෙන්වීමට සිදුවූ හෙයින් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ බලවත් ගැටලුවකට රජය මුහුණ දුන්නේය. යුද්ධයේ ස්වරූපය ලංකාවට වඩාත් බිහිසුණු සේ දැනෙන්නට වූයේ ජපානයත් වසර දෙකකට පසුව යුද්ධයට එක්වීම නිසාය. බි්‍රතාන්‍යයට අයත්ව තිබූ මලයාව සහ බුරුමයත් ජපනුන්ට අත්පත් වීම නිසා ලංකාවට ද ජපන්නුන් ප්‍රහාර එල්ල කරනු නියත බව බි්‍රතාන්‍යයට වැටහිණි.


      මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද්මිරාල් සර් ජෙෆ්රි ලේටන් ලංකාවේ සේනාධි නායකයා ලෙස පත්කර එවීය. යුද්ධ කටයුතු පිළිබඳව තීරණ ගැනීමේ බලය අද්මිරාල්වරයාට පැවරීමත් එක් අතකින් ආණ්ඩුකාරවරයාට ඉහළින් තනි තීරණයක් ගැනීමටත් තිබූ බලතලත් නිසා ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකෝට් කොතරම් සිත් වේදනාවට පත්වී ද යත් තනතුරෙන් අස්වී නැවත මව් රටට යාමට පවා උත්සාහ ගත්තත් ඇමැතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට ඔහු සිය අදහස අත්හැර ගත්තේය. සුපුරුදු පරිද්දෙන් ආණ්ඩුකාරවරයා සහ ඇමැති මණ්ඩලය පාලන කටයුතුවල යෙදුණි. යුද නිලධාරියකු වශයෙන් ලේටන් සාමිවරයා ඉතා කර්කෂ ගතිගුණ හා වර්යාවන් ඇති පුද්ගලයෙක් විය.


      මුලින්ම සර් ජෝන් හමුවීමට පැමිණි දිනයේම ලේටන් සාමිවරයාට මුහුණ දෙන්නට සිදුවූයේ ඔහු නොසිතු අවස්ථාවකටය. කිසිම දැනුම්දීමකින් තොරව සර් ජෝන්ගේ කාර්යාලයට කඩා වැදුණු ඔහු “ගමනාගමන හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමති තමුසෙද?” යැයි ඇසීය. “ඔව් මොකද කියන්නේ?” යැයි වේගවත් හඬින් දුන් පිළිතුරත් සමඟ ලේටන් සාමිවරයා කාමරයෙන් ඉවතට විසි වුණි. සැර පරුෂ ගතිගුණ තිබුණ ද ලේටන් සාමිවරයා තරමක සමාජශීලී සහ මිනිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් තිබූ පුද්ගලයෙකු විය. ජපනුන් සිංගප්පූරුව ද තම අණසකට යටත් කර ගැනීමෙන් පසු පෙරදිග යුද්ධ කටයුතු මෙහෙයවීම සඳහා හොඳම ස්ථානය වූයේ ලංකාවය.

      කොළඹ වරායේ දුර්වලකම් සොයා බලා එයට පිළියම් යෙදීම මේ අතර ප්‍රධාන ස්ථානයක් ගත්තේය. වරාය, ගුවන් තොටුපොළ පමණක් නොව සෑම ගමනාගමන මාර්ගයක්ම සර් ජෝන්ගේ පාලනය පිට පැවතීම නිසා යුද සමයේ විශාල වගකීමක් සර් ජෝන් පිට පැවරුණි. මේ අතරතුර කොළඹ නගරය මැද පිහිටි රේස් පිට්ටනියේ කුඩා ගුවන් තොටුපළක් ඉදි කළේ ද සර් ජෝන් විසිනි.

      Delete
    5. ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්න CRH එකෙන් පේනවා මොලේ. අන්තුරටලක්වුන කෝච්චිය මිනිස්සු එක්කම වලලපු දුම්රිය සේවයක් තියෙන CRH චීන්නුන්ට ගාථාවක් හදල වදින්න ඔයා. එලෝ මෙලෝ නැතුව ඉන්ටෙර්නෙට් එකේ කෙලෝන මෙයා වගේ අශුචි බණ්ඩාරල ඇවිල්ල ඉලෙක්ට්‍රොනික් ගූ ගොඩවල්.

      Delete
  29. අනේ මම නම් කාගේවත් අසුචි කන්නේ නැහැ. සමාජවාදයේ ගැටළු තියනවා. සමාජවාදය නුතන ලෝකයට ගැලපෙන්නේ නැහැ. නමුත් ජෝන් කලේ බයාදු කමින් බටහිර රටවල කක්කුසි හෝදපු එක. මහා රැජින දැක්කොත් හතරට පහට නැවෙනවා. දැන් හාමු මහත්තයා නැහැ. දැන්වත් කොන්ද කෙලින් තියාගෙන හිටපියව්. ඔය බයාදු වහල් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න.

    ReplyDelete
  30. දොස්තර මහත්තයෝ හාමුගේ කෙරුවාව දැන ගන්න ඕනේනම් මම ඔබතුමාට පෞද්ගලිකව එමේල් එකක් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. Mema Atham Prakashakaruwan Miyagiya Jenaralwarayekuta Agamathiwarayekuta Nayit Padaviyaklath Prabhuwarayekuwa Gawrawanvithawa Handinvimatawath Nodaneemagana Kanagatuwenawa... Deshapalanyata Pamina Janatha Sampath Kollakana Kalakanni Sitina Yugayaka Thamaparampara Urumaya Ratawenuwen Pudadun Lankawe Pahalauna Akama Sihalaya Ohuya..Thaman Jeewathuna kandawala Bumiyehi Athi Kothalawala Arakshaka Vishwa Vidyalaya, Verahera Edikerena Hamuda Rohala Ohuge Des. Vdes Sampathwalin Warthamanayeth Ratata Labuna Dayadayanya.Bogalaminiran pathala, Dehiwala Saththuwaththa Rathmalana Guwankandawura Ayath Bhumiya Ohugen Jathiyatalabuna Dayadaweyi Mewani Danapathiyekuta Garahannan Suddan Meratata Handunwadun Dumriyehi Suddanta Banimin Thamata Awashya Gamananthayata yana Dumriyamagiyan Waniya..

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook