Monday, February 29, 2016

රුමේනියාවට ගිය ගමන

 



මා රුමේනියාවට ගිය කාලයේ රුමේනියාවේ බොහෝ අවුල් වියවුල් තිබුණි. මේ කාලයේදී රුමේනියානු සමාජවාදී ජනරජයේ ජනාධිපති Nicolae Ceaușescu ඝාතනය කොට තිබුණි. රට පුරා අර්ථික අර්බුදයක් තිබුණි. එම නිසා මෙවැනි වියවුල් සමයක රුමේනියාවට පැමිනීම ගැන මම මඳක් පශ්චාත්තාප වූයෙමි. එහෙත් රුමේනියානු වීසාව ගැනීමට ගිය අවස්ථාවේදී මගේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය දුටු රුමේනියානු නිලධාරීන් මැඩම් බරඞනායකගේ රට කියා ගරු බුහුමන් සහිතව මට විසා දුන්නේය​. තානාපති කාර්‍යාලයක ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය අතැතිව ගරු බුහුමනක් ලැබූ ප්‍රථම සහ අවසාන අවස්ථාව  එය විය​. 

කෙසේ නමුත් අපගේ දුම්‍රිය බුහරෙස්ට් වලට පැමිණි වහාම මිනිසුන් අපගේ දුම්‍රිය වට කරගෙන විවිධ භාණ්ඩ විකිනීමට තැත් කලහ​. මෙම භාණ්ඩ ඔවුන් ගේ ගෙවල් වල තිබූ විසිතුරු භාණ්ඩ විය හැක​. ආර්ථිකය කඩා වැටීම නිසා ගෙවල් වල තිබූ බඩුද විකුනා එදා වේල සොයා ගන්නා දහසකුත් ජනයාගෙන් බුහරෙස්ට් නගරය පිරී තිබුණි. මම ඉතා සුළු ඩොලර් ප්‍රමාණයක් දී අගනා ලී වාස් එකක් මිලදී ගත්තෙමි. අතීතයේ අපට රුමේනියානු දුම්රිය ඉන්ජින් පවා සහන මිලට දුන් සමාජවාදී රුමේනියාවට වූ අබ්බග්ගය ගැන මම සිතුවෙමි. කෙසේ නමුත් බුහරෙස්ට් නගරයේ කරක් ගැසීමට සිතක් නොවීය​. 

රුමේනියාවේ ගම්බද ප්‍රදේශ වල තත්වය නගරයන්ට වඩා යහපත් විය​. දුම්රිය ගම්බද ප්‍රදේශ හරහා යන විට මෙම වෙනස කැපී පෙනුනි. අපගේ දුම්රිය ට්‍රාන්සිල්වේනියාව හරහා යන බව කී විට මට මතක් වූයේ ඩ්රැකියුලාගේ මාලිගයයි. මෙම ප්‍රදේශයේ තවමත් මධ්‍යතන යුගයේ මෙන් දිස් වන ගෙවල් දක්නට තිබේ. සමහර ගෙවල් වල සුදු ළූනු එල්ලා තිබෙනු මම දුටුවෙමි. 

අපගේ දුම්‍රිය ඩැනියුබ් ගඟ හරහා යන විට මලානික මූසල පරිසරයක් මම අපේක්‍ෂා කලෙමි. ඒ ජොනතන් හාකර් ගේ දිනපොතේ විස්තර අනුවය​. එහෙත් දුම්‍රිය ඩැනියුබ් ගඟ හරහා යන විට ඒ අවට පරිසරය සහ කාර්පේතියානු කඳුකරය ඉතා චාරුමත් ලෙස දර්ශනය විය​.

රුමේනියාවේ ෂිගනිවරු හෙවත් ජිප්සිවරු සිටිති. ඔවුන් බලහත්කාරයෙන් මෙන් දුම්රියට මෙන්ම දුම්‍රිය ස්ථාන වලට කඩා වැදී මගීන්ට හිරිහැර කරති. ජිප්සිවරුන්ට ඉන්දියානු සම්භවයක් තිබෙන අතර අප ඉන්දියානුවන් ලෙස සැලකූ නිසාදෝ ජිප්සිවරුන් ගෙන් අපට කරදරයක් නොවීය​. එහෙත් ඔවුන් අනෙකුත් මගීන්ට කරන හිරිහැර අප බලා සිටියෙමු. 

රුමේනියාවේදී මට අන්කා නම් තරුණියක් මුණ ගැසුනෙන් අප කථාවට වැටුනෙමු. අප ඩ්‍රැකියුලා ගැන කථා කලෙමු. අන්කාට අනුව ඩ්‍රැකියුලා හෙවත් ව්ලාද් ද්‍රැකුල් රණශූරයෙකි. ඔහු ඉස්ලාම් භක්තික තුර්කීන්ට එරෙහිව සටන් කලේය​. ඔහු මග දෙපස ගස් වල ඉහල කොටස සිඳ උල් කොට තුර්කි භටයන් උල තැබුවේය​. ඔහු ඇටිලාගේ පරපුරේය​. අන්කාද ආදි ඇටිලාගේ පරපුරට අයත් ය​. ඇටිලාට රෝම අධිරාජ්‍යය පවා බිය වූ බව කියවේ. 

ව්ලාද් ද්‍රැකුල් ක්‍රිස්තියානි පල්ලියට එරෙහි වීම නිසා ඔහු නොස්ෆෙරාටු හෙවත් වැම්පයර් වරයෙකු වූ බව අන්කා කීවාය​. අන්කා තමන් ඩ්‍රැකියුලා ගේ අඩවියේ සිටියද බය නැති බව කියා ඇයගේ කරේ තිබූ කුරුසය පෙන්නුවාය​. මමද ඩ්‍රැකියුලා ගේ අඩවියේ සිටීම ගැන මමද බිය නොවන බව කියා මා අත බැඳි පිරිත් නූල පෙන්නුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Sunday, February 28, 2016

GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන වෛද්‍යවරයෙකුගේ ඇසකින්




මම 1995 - 2009 අතර කාලය තුල  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ගොඩනැගිල්ල සඳහා වේතනයෙන් රුපියල් 6000 ආසන්න මුදලක් කපා ගැනීමටද අනුමැතිය දුනිමි.  මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ගැන කතා කිරීමට මට අයිතියක් තිබෙන බව සිතමි. 

මගේ අදහස අනුව GMOA හෙවත් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ලංකාවේ තිබෙන බලවත් වෘත්තීය සමිතියකි. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ කේවල් කිරීමේ හැකියාව ඉහලය​. මේ බලය භාවිතා කල යුත්තේ වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා මෙන්ම රෝහල් වල ගුණාත්මක භාවය ඉහල දැමීම සඳහා  රෝගියා කේන්ද්‍ර කරගත් ක්‍රියා මාර්ගයකිනි. 

ලංකාව වැනි රටක උගත් බුද්ධිමත් වෘත්තිකයන්ට තැනක් නැත​. එය කටුක සත්‍යයකි. අසීරුවෙන් ඉගනගෙන සමාජයට බුද්ධිමත් දායකත්වයක් දෙන වෘත්තිකයාට වඩා දේශපාලනයට අවතීර්ණ වූ නූගත් හරක් හොරුන් වරප්‍රසාද අතින් ඉහලින් සිටිති. දේශපාලනීකරණය දසත පැතිරී තිබේ. ලංකාව යනු නූගතුන් විසින් බුද්ධි මතුන්ව අඩන්තේට්ටම් කරමින් පාලනය කරන රටකි. එම නිසා බොහෝ වෘත්තිකයන්ට සිදුව ඇත්තේ රට හැර යාම හෝ අකමැත්තෙන් වූවද මජර ක්‍රමයට අනුගත වීම හෝ ඊට එරෙහිව පොදු ජනයා අතර ජනප්‍රිය නොවන ක්‍රම වේදයකින් තම වෘත්තීය සටන ගෙන යාමටය. 

අප සීමාවාසික සේවාව කල කාලයටත් වඩා රෝහල් අද දේශපාලනීකරණය වී තිබේ. අප සීමාවාසික සේවාව කල කාලයේ ඇලික් අළුවිහාරේ වැනි බලවත් මැර දේශපාලකයන්ට පවා රෝහල් වලට අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමට අප ඉඩ නොදුන්නෙමු.  1994 මැතිවරණ කාලයේ  මම මාතලේ රෝහලේ ශල්‍ය වාට්ටුවේ රෝගීන් බලමින් සිටි අවස්ථාවක වාට්ටුවට ඇතුළු වීමට ගිය ඇලික් අළුවිහාරේ ගේ පුතෙකුද එළියට යැවූ අයුරු මට සිහිපත් වේ. නමුත් අද කාලයේ දේශපාලකයෙකු එන විට වෛද්‍යවරයා නලාවත් ගෙන ඔහුගේ දෙපතුල ලඟට යයි. ඔහු ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන නොසිටී. මේ හැර රෝහල් වල ගුණාත්මකභාවයන් ඉහල දැමීමට රෝගී සත්කාරයේ ගුණාත්මක භාවය නංවාලීමට  ප්‍රබල බාධකයක් ලෙස මෙම රෝහල් දේශපාලනීකරණය හඳුනාගත හැකිය​. 

ලංකාවේ සියළු වෘත්තිකයන් අතුරෙන් වෛද්‍යවරු ලංකාවට කැපී පෙනෙන සේවාවක් කොට තිබේ. එය නම් සංවර්ධිත රටවල් වල සෞඛ්‍යය  දර්ශකයන්ට ආසන්නයට යන අන්දමට අපගේ බොහෝ සෞඛ්‍යය දර්ශකයන් ඉහ නග්වා තිබේ. එසේම බෝවන රෝග ගනනාවක් ලංකාවෙන් තුරන් කොට තිබේ. මෙම සාර්ථකත්වය ලබා ගැනීමට සෞඛ්‍ය සේවයේ අනෙකුත්  පාර්ශවද උපකාරී වී තිබෙන බවද මෙහිදී කිව යුතුය​.

 රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට රජයක් දණ ගැස්සවීමට සමත් බලයක් තිබේ. මේ බලය භාවිතා කල යුත්තේ කෙසේද ? යම් කිසි රජයක් ප්‍රජාතාන්ත්‍රවාදී මාර්ගයක නොයමින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එම රජය නිසි මගට ගැනීමේ ලා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට හැකියාවක් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය තම බලය භාවිතා කල යුත්තේ එවැනි අවශ්තා වලදීය​. එහෙත් සමහර විට පටු දේශපාලන අභිමතාර්ථයන් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය භාවිතා කිරීම අනුමත කල නොහැක​. 

අතීතයේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය වෙනුවෙන් අභීතව සටන් වැදුනු සෙන්පතියන් පසු කාලයක දේශපාලකයන් ගේ අවශ්‍යතා මත තම වෘත්තීය අභිමානය පාවා දුන් අයුරු තාජුඩීන් සිද්ධියේ දී අප දුටුවෙමු. එම නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට තම ජීව ගුණයන් දිය කර නොගන්නා සහ ජීව ගුණයන් විකුණා නොදමන  නායකයන් අවශ්‍ය කෙරේ. මේ සඳහා ආත්මාර්ථකාමීත්වයෙන් තොර එලෝත්පාදක නායකත්වයක් සෑම කාලයකදීම තිබිය යුතුය​. 

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් අතීතයේදී දියත් කරන ලද සමහරක් වර්ජන අසාධාරන බව මම සිතමි. පුද්ගලික හේතූන් නිසා , වෘත්තීය කුහක භාවය මත ,පුද්ගල බ්ලැක්මේල් කිරීම් මත , සමහර දේශපාලකයන්ට කඩේ සඳහා  අාදී වශයෙන් රෝගීන් ගේ දිවි තර්ජනයට ලක් කිරීමෙන් කරන වර්ජන නොමනා බව මම තරයේ අදහමි. අතීතයේ මෙවැනි වර්ජන වලදී අපගේ රෝහල් වල හදිසි සේවා අප පවත්වාගෙන ගියෙමු. 

ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර බලපතළ ලෙස පැතිරී ගිය වෘත්තීය කුහකත්වය , ඉරිසියාව තිබේ. මේ නිසා සෞඛ්‍යය සේවයට ඉතා හිතකර වූ තීරණ ගනනාවක් හමස් පෙට්ටියට යැවීමට මෙම කුහක ඉරිසියා මානසිකත්වය සමත් වී ඇත​.  මේ කුහක මානසිකත්වයට එරෙහිව යාම වෙනුවට සමහර අවස්ථා වලදී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය විසින් ඊට අනුගතවී තිබේ. එය සිදු නොවිය යුතු තත්වයකි. 

එසේම වෛද්‍ය සේවයේ වැරදි කරන ලද පුද්ගලයන් , පශ්චාත් උපාධි ආයතන වල තම හිතවතුන් , ඤාතීන් විභාග වලින් සමත් කරවන දූෂිත පුද්ගලයන් , විශ්ව විද්‍යාල වල සුදුසුකම් ඇත්තන් කපා දමමින් තම හිතවතුන් බඳවා ගන්නන් , ස්ථාන මාරු කිරීම් වලදී අයථා ක්‍රියා කරන්නන් වැන්නවුන් ආරක්‍ෂා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉදිරිපත් නොවිය යුතුය​. අතීතයේ මෙවැන්නවුන් ආරක්‍ෂා කිරීම සඳහා  රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය  ඉදිරිපත් වූ අවස්ථා කීපයක් තිබේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය යනු උගත් වෘත්තිකයන් පිරිසකගෙන් සැදුම් ලද සංගමයකි. එම නිසා එකී සංගමය විසින් ගන්නා තීරණ සදාචාරාත්මක මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදීද වීම වැදගත් වේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



උදයංග වීරතුංග පිළිබඳ සටහනක්




මේ කියෙව් නගරයේ 1980 දශකයේ අග භාගයේ තිබූ සිසු සාදයකි. මෙම චායාරූපයේ උදයංග වීරතුංගද සිටියි


උදයංග වීරතුංග  රුසියාවේ හිටපු තානාපතිවරයාය​. ඔහු මේ වන විට ආන්දෝලනාත්මක චරිතයකි.  උදයංග වීරතුංග  නාලන්දා මහ විදුහලේ මට වසර දෙකකින් පමණ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු විය​. පාසල් සිසුවෙකු ලෙස උදයංග වීරතුංග පිළිබඳව මට යන්තම්  මතකයක් තිබේ.   

මට උදයංග වීරතුංග 1988 පමණ කාලයේදී  යූක්‍රයීනයේ කියෙව් නගරයේදී සාදයකදී හමු විය​. පසුව ඔහු මට  ඔහුගේ නවාතැනටද ආරාධනා කලේය​.   මම කියෙව් වල ඩීන් අයියා , ශාන්ත කුලසේකර​ , බන්දුල පට්ටියගේ සහ සිසිර යන සිසුන් සමග ඔහු ගේ නවාතැනට ගියෙමි. උදයංග වීරතුංග අපව සාදරයෙන් පිළිගත් අතර අපට රසවත් බත් වේලකින් සංග්‍රහ කලේය​. ඒ කාලයේ ඔහුට කියුබානු පෙම්වතියක් සිටිය අතර තවත් කියුබානු සිසු සිසුවියන් පිරිසක් ද එහි වූ බව මතකය.

යූක්‍රයීනයේ මාර්තු 8  නිවාඩු දිනයකි. එදාට සිසු සිසුවියන් එක් රැස්ව නගරය අසල වූ වනාන්තරයට යති. එදින ශශ්ලීකි සාදමින් මුළු දිවා කාලයම විනෝදයෙන් ගත කරමු. එවැනි දිනක  උදයංග වීරතුංගද අප සමග විනෝද වූ අයුරු සිහිපත්වේ.  ඒ කාලයේ උදයංග වීරතුංග සොඳුරු මිනිසෙකි. ඔහු පසුකාලීනව වියාපාරිකයෙකු බවට පත් විය.​ එසේම දේශපාලන දහරාව අත ගැසීය​. එමගින් ඔහු බොහෝ මතභේදයන්ට ලක් විය​. 

Saturday, February 27, 2016

මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ vs ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි




යාපනය යුද හමුදා 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තමන්ට නිසි ලෙස ගෞරව නොකළ බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පවසයි. නිසි ලෙස ගෞරව යනු මර්වින් සිල්වා කලාක් මෙන් පසඟ පිහිටුවා වැඳීමද කියා ඔහු සිතනවා දැයි අප නොදනිමු. 

චාගි ගාල්ලගේ තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බළකාය හා පාබල හමුදා මෙහෙය වූයේ ය​. වන්නි මෙහෙයුමේදී දස්කම් දැක්වීය​. එහෙත් චාගි ගාල්ලගේ මෙන් කරුණාසේන හෙට්‌ටිආරච්චි රට වෙනුවෙන් කරන ලද මෙහෙයක් අප අසා නැත​. 

යුද්දය කාලයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටි හැට හුටාමාරක් වූ ලේකම් ලා අතිරේක ලේකම්ලා , ගනකාධිකාරීවරු , සහ අනෙකුත් නිලධාරීන් යුද්දය කරන්නේ තමන් ලෙස සිතමින් ක්‍රියා කල පම්පෝරි ආකාරයන් ගැන මටද වැටහීමක් තිබේ. 

මම හමුදා රෝහලේ සේවය කල කාලයේ වරක් මට  රන්ටැඹේ  කඳවුරට යාමට නියමිතව තිබුනි.   මට රන්ටැඹේ   කඳවුරට යාමට හමුදාවෙන් වාහනයක් නියමිතවී තිබුනද හමුදාවට අනවශ්‍ය ලෙස ඉන්ධන වියදම් දමන්නේ මන්දැයි කියා මම මගේ ඩොක්ටර් සනී වාහනයෙන් මගේ වියදමෙන් පෙට්‍රල් ගසාගෙන කොලඹ සිට රන්ටැඹේ  කඳවුරට  ගියෙමි. 

එදින  රන්ටැඹේ   කඳවුරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්ලා කියාගත් නිලධාරීන් පිරිසක් පවුල් සමග ඇවිත් ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින්  පිණට කකා බිබී සිටියහ​. ඔවුන්ට උසස් අන්දමට රාත්‍රී  ආහාරද කඳවුරෙන් සකස් කොට තිබුණි. එහෙත් එක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් ගේ ළමයෙක් රාත්‍රී ආහාර සඳහා තමන්ට ආප්ප අවශ්‍ය යැයි කීවෙන් එම නිලධාරියා ආරක්‍ෂක අමාත්‍යාංශයේ රථයක් රන්ටැඹේ   සිට මහියංගනයට යවා  ළමයාට ආප්ප පහක් ගෙන්වා ගත්තේය.​ 

යුද්ද කාලයේදී සොල්දාදුවන් සහ නිලධාරීන් ජීවිත පරදුවට තබා සටන් කරන් විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ මැක්කන් හමුදාවේ මුදල් වලින් බාල් නැටුවේ එලෙසටය​. 

තන්හාය ජායතී සෝකෝ


ජීවත් වීමට මුදල් කෙතරම් අවශ්‍යද ? කොතලාවල අඹු සැමියන්ට සුවසේ ජීවත් වීමට අවශ්‍ය මුදල් ඕන තරම් තිබුණි. නමුත් ඔවුන් ගේ තන්හාව නිමක් නොවීය​. ජීවිතයේ සැඳෑ සමයේ නිස්කලංකව ජීවත් වෙනවා වෙනුවට මොවුන් පොලිසි උසාවි වල බඩගාති. මේ කාන්තාව තුල විශාදයේ ලක්‍ෂණ පෙනේ. ජාතික පොලේ අච්ච්චාරු විකුනන ආච්චී කෙනෙකු තුල තිබෙන මානසික සහනය මේ කාන්තාව තුල නොමැත.  

Friday, February 26, 2016

මාතලේ භීෂණ සමය





 2012 වසරේ නොවැම්බර් මස 23 දින ජීව වායු ඒකකයක්‌ ඉදිකිරීමට කළ කැණීමකදී මාතලේ දිස්‌ත්‍රික්‌ මහ රෝහල් භූමියෙන් සමූහ මිනීවළක්‌  මතුවිය. මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන  පැවසූ අන්දමට මෙම සමූහ මිනීවලෙන් හිස් කබල්  150 කට ආසන්න  සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මෙම සමූහ මිනීවලේ සත්‍ය කතාව අප තවමත් නොදනිමු.  කෙසේ නමුත් මෙම මිනීවල 1986ට පෙර එකක් නොවන බවට මිනීවල සම්බන්ධයෙන් පර්‍යේෂණ සිදුකිරීමේ වගකීම පැවරුණු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්‍ය රාජ් සෝමදේව වෘත්තීය නිගමනයක් ලබාදී  තිබෙන බවද මෙහිදී සිහිපත් කල යුතුය​. 

1988/89 භීෂණ කාලයේ මාතලේ ප්‍රදේශයේ එවකට පැවති ආණ්ඩුවේ අනුග්‍රය යටතේ ක්‍රියාත්මක වූ ඝාතන කණ්ඩායම් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් යොදවා තිබූ ඝාතයන්ද තරඟයට මෙන් මිනී මැරූහ​. මේ ඝාතන සියැසින් දුටුවන් බොහෝ කාලයක් පුරා නිහඞව සිටියහ​. 1995 කාලයේ මම මාතලේ රෝහලේ සේවය කරන සමයේ මෙම ඝාතන පිළිබඳ යම් යම් තොරතුරු මට අසන්නට ලැබුණි. 

මාතලේ රෝහලේ වාට්ටු අංක 12  හෙදි සොහොයුරිය ලෙස සේවය කළ හෙදි සොහොයුරියක වූ අළුවිහාරේ මහත්මිය භීෂණ කාලයේ ශල්‍ය වාට්ටුවේ සේවය කළාය​. ඇය පවසන පරිදි ජූඩ් නම් ආණ්ඩුවේ අනුග්‍රය යටතේ ක්‍රියාත්මක වූ ඝාතන  කණ්ඩායමක සාමාජිකයෙක් කිහිප විටක්ම දඩයම් සොයමින් මාතලේ රෝහලට පැමිණ තිබේ. එසේම වරක් ඔහු අළුවිහාරේ මහත්මියටද තර්ජනය කොට තිබේ. ඒ ආයුධ සහිතව වාට්ටුවට නොපැමිනෙන්න යැයි කීම නිසාය​. මෙම ජූඩ් නම් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ  පුද්ගලයෙකු බවද පැවසේ. මෙම ඝාතන කණ්ඩායම් විසින් මරා දමන ලද පුද්ගලයන් ඕවිලිකන්ද , කූඹියන් ගොඩ යන ප්‍රදේශ වල වලලා දමන ලද බව දැක්වේ. එසේම මාතලේ තානායම (රෙස්ට් හවුස් කඳවුර​) මෙම කාලයේ හමුදාව සහ නිල නොවන ඝාතන කණ්ඩායම් භාරයේ තිබූ අතර අත් අඩංගුවට ගත් තරුණයන් නිදහස් කර ගැනීමට පැමිණි ඔවුන් ගේ පවුලේ සාමාජිකයන්ට විශේෂයෙන් සොහොයුරියන්ට  ලිංගික අල්ලස් දීමට සිදුවී ඇත​. 

මේ සමයේ දී මාතලේ විජය විද්‍යාලයේ හා  පෝසිලේන් කර්මාන්ත ශාලාවේ  වධකාගාර තිබුණි. මෙම වධකාගාර වල ශරීර අවයව තියුණු ආයුධ වලින් වෙන් කිරීම​, විදුලිසැර වැද්දවීම , වෙල්ඩින් යන්ත්‍ර මගින් පිලිස්සීම වැනි බිහිසුණු ක්‍රියා සිදු කරන ලද බවට තොරතුරු ලැබී තිබේ.  මාතලේ දී ගොඩගත් ඇටසැකිලි අතර එක් පා අස්ථියක රැඳී තිබූ ලෝහ වළල්ලක් හමුවී තිබේ. මෙම ලෝහ වළල්ල වින්දිතයාට විදුලිසැර වැද්දවීමට යොදා ගත්තේද යන සැකය මතු කරයි. 

මේ කාලයේදී සමහර එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලකයන් නම් ලයිස්තු දෙමින් ඝාතන කිරීමට අනුබල දී තිබේ. 

ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් විසින්  මාතලේ පලාපත්වල ප්‍රදේශයේ මංකොල්ලකෑම් බොහොමයක් සිදු කොට තිබේ. මෙවැනි එක් මංකොල්ලකෑමකදී නිවැසියන් සතු සියළුම ස්වර්ණාභරණ ලබා ගෙන තිබෙන්නේ ගෘහ මූලිකයා මරා දමන බවට ඔහුගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කිරීමෙනි. මේ හේතුවෙන් මෙම පුද්ගලයා පසුව මානසික රෝගියෙකු බවට පත් වී තිබේ. 

 මේ භීම කාලයේ මනුසත් බව  අතුරුදහන් විය​. මෙහි සඳහන් වන්නේ 1988/89 භීෂණ කාලයේ මාතලේ ප්‍රදේශයේ තිබූ අමානුෂික තත්වයෙන් බිඳක් පමණි. 

Thursday, February 25, 2016

දැදිගම වී රුද්‍රිගු නම් අසහාය පරිවර්තකයා





දැදිගම වී රුද්‍රිගු සම්භාව්‍ය රුසියන් ග්‍රන්ථ  සිංහලට පරිවර්තනය කල විශිෂ්ට පරිවර්තකයෙකි. මට එතුමාව හමුවී නැතත් මගේ පියා රුද්‍රිගු මහතාව දැන සිටියේය​. දැදිගම වී රුද්‍රිගු මහතා සෝවියට් දේශයේ වෛද්‍ය උපාධියක් හදාරා තිබුනද එතුමා වෛද්‍ය වෘත්තිය වෙනුවට තෝරා ගත්තේ සාහිත්‍යයි.   රුද්‍රිගු මහතා සාමාන්‍ය පරිවර්තකයෙකු නොවේ. එතුමා තුල විශිෂ්ඨ ගනයේ සාහිත්‍යධරයෙකු සිටියේය​. එම නිසා මූලකෘතියට ඉතා සමාන ආකාරයට මුල් කෘතියේ ජීව ගුණය එලෙසටම පාඨකයාට සමර්පණය  කිරීමේ අනර්ඝ හැකියාව එතුමා සතු විය​. 

දැදිගම වී රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලද කෘති බොහෝ ගනනකි. ඔහුගේ රුසියානු භාෂා දැණුම ප්‍රශස්තය​. එතුමා රුසියානු සාහිත්‍ය පරිශීලනය කලේ වෙනත් විදේශීය බසකින් නොව රුසියානු භාෂාවෙනි. එසේම රුසියානු සහ සෝවියට්  සංස්කෘතිය පිළිබඳවද එතුමාට උසස් දැණුමක් තිබුනේය​. එම නිසා තොල්ස්තෝයි, පුෂ්කින්, දොස්තයෙව්ස්කි , ගෝගොල් , නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කි යනාදී සාහිත්‍ය පතාකයන් ගේ  නිර්මාණ කිසිදු විකෘතියකට ලක් නොකොට  එලෙසින්ම සිංහල පාඨකයන්ට දීමට රුද්‍රිගු ශූරීන්ට හැකි විය​. එසේම ඔහුගේ සිංහල බස පිළිබඳ දැණුමද විශිෂ්ඨ විය​. මෙම භාෂා දෙකේ හැකියාවන් මත සංකලනයෙන් දැදිගම වී රුද්‍රිගු නම් සාහිත්‍යධර පරිවර්තකයා ඔපවත් වූයේය​. 

දැදිගම වී රුද්‍රිගු මහතා විවහා වී සිටියේ රුසියානු කාන්තාවක් සමගය​. සෝවියට් දේශය ඔහුගේ දෙවන නිවහන විය​. ඔහුට පුතුන් දෙදෙනෙකු විය​. දැදිගම වී රුද්‍රිගු මහතා මිය ගියේ අනූව දශකයේදීය​. මොස්කව් වල තිබූ එතුමාගේ අවමගුලට සහභාගි වූ මා මිත්‍ර අනුර ඇතුලත්මුදලි  පසුව මට පැවසුවේ දැදිගම වී රුද්‍රිගු මහතා වෙනුවෙන් ලංකාවේ තානාපති කාර්‍යාලය මෙන්ම ලංකාවේ සාහිත්‍යධාරීන්ද හරවත් යමක් නොකල බවයි. ඇත්ත පුවත්පතේ පමණක් එතුමා පිළිබඳව සුළු විස්තරයක් පළ විය​.   

දැදිගම වී රුද්‍රිගු යන නාමය සිංහල පාඨකයන්ට අමතක කල නොහැකි නාමයකි. දැදිගම වී රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලද නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි , චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා (ගුරු ගීතය​) ,අම්මා සහ මිහිකත ,  මැක්සීම් ගෝර්කි ගේ අම්මා ,බොරිස් පලවෝ‍යිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ,  වී. කරලෙන්කෝ ගේ  අඳ වාදකයා ,නේස්තුර්හ් ගේ මිනිසාගේ සම්භවය යන කෘතීන් සිංහල පාඨකයන් විසින් ඉමහත් සෙනෙහසින් වැළඳගත් කෘතීන් වෙති. 

පහත දැක්වෙන්නේ දැදිගම වී. රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද චිංගීස් අයිත්මාතොව් ගේ “අම්මා සහ මිහිකත” කෘතියේ ‘තල්ගනායී’ නම් අම්මා සමඟ පෘථිවි මාතාව කළ සංවාදය ඔහු විසින් සිංහලට පෙරලා තිබූ අපූර්ව ආකාරයයි. 

“මේ ලෝකයේ ජීවත්වන ජනයිනි. නුඹලාට ඕනෑ මොනවා ද? පෘථිවිය ද? මෙන්න මා තමයි පෘථිවිය. මම සියලු දෙනාට ම එක හා සමානයි. නුඹලා ගේ කලහවලින් මට පලක් නෑ. මට අවශ්‍ය වෙන්නේ නුඹලා‍ගේ මිත්‍රත්වයයි, නුඹලාගේ ශ්‍රමයයි. පෙරළුෑ බිමට එක ධාන්‍ය ඇටයක් දීපල්ලා. මම නුඹලාට ධාන්‍ය සියයක් ලබා ‍දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා, මම නුඹලාට මහ ගොඩක් පලතුරු දෙන්නම්. සතුන් ඇතිකරපල්ලා, මම උන්ට තණ ආහාර සපයන්නම්, ගෙවල් හදාපල්ලා, මම තාප්ප හා බිත්ති වෙන්නම්. විවාහ වී දරුවන් ඇති කරපල්ලා, මම නුඹලා සියලු දෙනාට ම සුන්දර නිවහනක් වෙන්නම්. මම අනන්තය වෙමි. සීමා රහිත වෙමි. මා ගැඹුරුයි. උසයි. නුඹලා සියලු දෙනාට ම මගේ ඇකයේ ඉඩ තිබේ" 


සෝවියට් ළමා පොත්ද එතුමා පරිවර්තනය කලේ ළමා මනසට ගෝචර වන ලෙසටය​. ලස්සන වසීලිස්සා එක් නිදර්ශනයකි. එසේම දැදිගම වී රුද්‍රිගු රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදීමේලා කරන ලද සේවය විශාලය​. නමුත් මෙම අසහාය සාහිත්‍යධර පරිවර්තකයා ජීවත්ව සිටි කාලයේ ඔහු  උපන් දේශයන් කිසිදු ඇගයීමක් නොලද්දේය​. 2002 වසරේදී මා විසින් ලියන ලද ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) නම්  නවකතාව පිදෙන්නේ දිවංගත දැදිගම වී රුද්‍රිගු මහතාටය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, February 24, 2016

අරුසියා

 


බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තරුණියක් හයේ වාට්ටුවට ගෙනත් තිබෙන බව සිස්ටර් රණසිංහ ඉන්ටකොම් හුවමාරුව හරහා මා අමතමින් කියා සිටියාය​. මම වහ වහා වාට්ටුවට ගියෙමි. ඇය මුස්ලිම් තරුණියකි. ශරීරයෙන් 65 % වඩා පිළිස්සී තිබේ. ඇයගේ තත්වය බරපතළය​. මම ඉක්මනින් ඇයට පිට ගැස්මට එන්නතක් මෙන්ම වේදනා නාශක පෙතඩීන් මාත්‍රාවක් ද දුන්නෙමි. එසේම සේලයින් ශිරා ගත කිරීම ආරම්භ කලෙමි. ඇයගේ ශිරා ඇකිලී තිබූ හෙයින් ශිරාවක් පාදා ගැනීම අසීරු විය​. අවසානයේදී මම පාදයේ ශිරාවක් පාදා ගෙන එයට කැනුලාවක් දැමුවෙමි. 

මුලින්ම ඇයව රෝහලට ගෙන ආ ඤාති සහෝදරයා මට කීවේ කෑම උයන විට භූමිතෙල් ලිප පෙරලී ඇය පිලිස්සුන බවයි . එහෙත් මම එම කතාව විශ්වාස නොකලෙමි. ඇයගේ ශරීරය පිලිස්සී තිබූ අයුරින් මෙය ගිනි තබා ගැනීමක් විය හැකි බව මම සිතුවෙමි. කෙසේ නමුත් රෝගියා ගැන රෝහල් පොලිසියටද දැන්වූයෙමි. 

රෝගී තරුණියගේ තත්වය බරපතළ නිසා මම වාට්ටුවේම රැඳී සිටියෙමි. ඇය වයස දහ හතක් පමණ වූ රූමත් තරුණියකි.  පිළිස්සුම් තුවාල බොහෝ වේදනා සහගතය​. සමහර විට වේදනාව , ආසාදනය සහ විජලනය මරණය ඉක්මන් කල හැකිය​. මම ඇයට ප්‍රතිජීවක දුනිමි. මධ්‍යම රාත්‍රිය වන විට ඇය මා ඇමතුවාය​. 

" ඩොක්ටර් මම ගිනි තියාගත්තා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන කෙනෙක් එක්ක යාළු වෙච්ච නිසා. මම කලේ මෝඩ වැඩක්. අනේ ඩොක්ටර් මට මැරෙන්න දෙන්න එපා මගේ ජීවිතය බේරගන්න " ඇය ඉතා අසරණ හඞකින් කීවාය​.

 මම හැකි උපරිමය කරන බවට ඇයට පොරොන්දු වූයෙමි.  

මම බොහෝ පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් දැක තිබේ. ඔවුන් නොමැරී බේරුනේ කළාතුරකිනි. බොහෝ රෝගීහු සති දෙක තුනක් යාමට පෙර මිය යති. වරක් ඉතා දරුණු පිළිස්සුම්  ලැබූ පුද්ගලයෙකු ජීවත් වූයේ පැය විසි හතරකටත් වඩා අඩු කාලයකි. මානසික රෝගියෙකු වූ ඔහු බූමිතෙල් හිස වත් කොට තමන්ටම ගිනි තියාගන්නා ලදි. රෝහලට ගෙනෙන විට ඔහුට හුස්ම වැටෙමින් තිබුනද ඔහුගේ පුරුෂ ලිංගයෙන් භාගයක් පමණ පිලිස්සී කරවී තිබුණි. තවද වරක් රත්තොට පැත්තේ වත්තකින් ගිනි තියා ගන්නා ලද කාන්තාවක් ගෙන එන විට ඇයගේ මුළු ඇඟ පුරා ගොම ගා තිබුණි. මෙය ඔවුන්ට අනුව ප්‍රථමාධාරයකි. එහෙත් පිටගැස්ම අවධානම මෙන්ම ආසාධනය තීව්‍ර කරන මෙම අනුවන ප්‍රථමාධාරය නිසා රෝගියාට බෙහෙත් කිරීමට ප්‍රථම හෙදියන්ට රෝගියා මුලින්ම නැහැවීමට සිදු විය​. 

තරුණිය වේදනාවෙන් අඞන්නට වූ නිසා ඇයට යළිත් වේදනා නාශක දීමට සිදු විය​. ඇයගේ නම අරුසියාය​. වේදනා නාශක දීමෙන් පසු ඇය නිදා ගත්තාය​. පසු දින ඇයගේ පියා ආවේය​. තම දියණියගේ තත්වය දුටු පියා බොහෝ වේලාවක් ඇඞුවේය​. අරුසියාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය සියළුමදේ අප කලෙමු. අපගේ ඉල්ලීම පිට ඔවුන් මදුරු දැලක් ද ගෙන ආවේ මැස්සන් ඇඟ මත වැසීම වැලැක්වීමටය​. 

දින දෙකක් පමණ යන විට ඇයගේ පිළිස්සුන සම දුඹුරුවන්ව යන ලදි. අර රූමත් තරුණිය වෙනුවට ඇඳ මත ඉන්නේ ආසාදනය වීම නිසා ගඳ ගසන විරූපව ගිය මනුෂ්‍ය ශරීර කූඩුවකි. අනිත්‍යතාව අප ඇස් ඉදිරියේම විද්‍යාමාන විය​. එහෙත් අප සැම වෙනසකින් තොරව ඇයට වෙද හෙදකම් කලෙමු. අරුසියාගේ ජීවිතය අවධානම් බව අප තේරුම් ගතිමු. එහෙත් දෛවය කුමන මාර්ගයක් ගනීද යන්න අප නොදන්නෙමු. එම නිසා අරුසියාගේ තත්වය ගැන අපෙන් නිතර අසන පියාට අප දුන්නේ අස්පෂ්ට පිළිතුරුය​. 

අරුසියා දැන් කතා කරන්නේ ඉතා අඩුවෙනි. වේදනා නාශක නිසා ඇය බොහෝ වේලාවක් නිදාගනී. තම ශරීරය ජාරාවට පත්ව යනවා ඇය දකින්නීය​. අරුසියා ආහාර ගැනීමද අඩු කොට තිබෙන බවද හෙදිය කීවාය​. එම නිසා සේලයින් සහ ඩෙක්ස්ට්‍රෝස් දියරය ඇයට ලබා දෙන ලදි. 

අරුසියා රෝහල් ගත කිරීමෙන් දින දහයකට පසුව මට සවස් වරුවක ඇය සිටි වාට්ටුවෙන් ඇමතුමක් ආවේය​. කතා කලේ හෙදියකි. අරුසියා මිය ගොසිනි. මම වාට්ටුවට ගියෙමි. ඇය ඇඳ මත නිසලව වැතිර සිටියාය​. ඇයගේ දෙනෙත් මඳක් ඇරී තිබේ. මම විදුළි පන්දම ඇයගේ දෙනෙත් වෙත යොමු කලෙමි. අරුසියාගේ කණිනිකාව ආලෝකයට ප්‍රතිචාර දක්වන්නේ නැත​. ඇයගේ හෘධය ස්පන්ධනය නොවේ. ඇය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නැත​. මම අරුසියාගේ ඇඳ ඉහපත ගෙන ඇයගේ මරණය ස්ථිර කොට තව පැය දෙකක් මෘත ශරීරය වාට්ටුවේ තබාගෙන ඉන් පසුව මෝචරියට ගෙන යන ලෙසට හෙදියට විධාන කලෙමි. එක් ඇටෙන්ඩන්වරියක් ඉස්කිරිමක් ඇද ඉන් පසුව අරුසියාගේ නිසල ශරීරය බෙඩ් ශීට් එකකින් වැසුවාය​.  

මම පිරිමි වාට්ටුවට ගියේ මරණය විසින් ඇති කරන නලංගුව පහ කර ගැනීම සඳහාය​. වේදනාව සහ මරණය වෛද්‍යවරයෙකුගේ රෝහල් ජීවිතයේ අනිවාර්‍ය දසුන් වෙති. 

අරුසියාගේ මරණින් මාස අටකට පමණ පසු මම මාතලේ ටවුම වෙත යමින් සිටියෙමි. හදිසියෙන්ම මගේ මෝටර් රථයේ ටයරයක හුලං ගියේය​. මම පාර අද්දර වූ ටයර් කඩයකට ගියෙමි. ටයර් කඩයේ සිටි තරුණයා ජැක්කුව ගසා ටයරය මාරු කරන තෙක් මම කඩයේ තිබූ පුටුවක වාඩිව සිටියෙමි. කඩය ඇතුලේ සිට මධ්‍යම වයසේ පුරුෂයෙකු අවේය​. ඔහු මා සමග සිනාසී " සර්ට මාව අඳුනගන්න පුලුවන්ද කියා ඇසුවේය​. මට ඔහු ගැන නිච්චියක් නොවීය​. 

" සර් මම තමයි අරුසියාගේ තාත්තා " ඔහු කීවේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, February 23, 2016

පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ




මීට වසර 15 පමණ පෙර මගේ රෝගියෙකු වූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙක් මට අපූරු කතාවක් කීවේය​. පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය අවස්ථාවේ ඔහුද අනෙකුත් පොලිස් නිලධාරීන් සමග පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ සිටි බවය​. එහිදී සිදුවූ ගැටුමකින් වීරසූරිය නම් සරසවි සිසුවා පොලිස් වෙඩි පහරකින් මිය යන ලදි. මෙම පොලිස් කොස්තාපල්වරයා කියූ පරිදි වීරසූරියට වෙඩි තබන ලද්දේ මාතලේ  මූලස්ථාන පෙලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහයි. මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව මම නොදනිමි.  මට මේ කතාව කියූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයාද වර්තමානයේ ජීවතුන් අතර නැත​. 

එහෙත් මේ වෙඩි තැබීම ගැන වරක් මාධ්‍යවේදියෙකු පොලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහ  ගෙන් විමසූ ඔහු මෙසේ කියා තිබේ. “මම යනකොට දවස් දෙකක් රාළහාමිලා එකම යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඩියුටි මාරු වෙන්න විදියක් නැහැ. ඔවුන්ට කන්නත් නැහැ. තිබුණේ වතුර විතරයි. ඉහළ නිලධාරීන් බලා සිටියා පමණයි. අපේ කිසි කෙනෙක් තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලය ඇතුලේ නිසා  බයෙන් හිටියේ. හිස් පරිසරයට ‘ඕපන් ෆයර්‘ කරලා මොකද වෙන්නේ කියලා බලන්න මම තීරණයක් ගත්තා. මම එහෙම කළේ පොලීසිය පැත්තෙන් කල්පනා කරලා. පොලිසියේ ඉන්නේත් මිනිස්සු. මේ කියන  වෙලාවේ සමහර සිසුන් ශාලාවල නිදි. එළියට ඇවිත් නැහැ.  අපේ ඇක්‍ෂන් එකට සිසුන්ගෙන් ලැබෙන  රිඇක්‍ෂන් අධ්‍යයනය කරන්න මම බලා පොරොත්තු වුනා. ඒත් ඒ සාධාරණ ක්‍රියාව අවාසනාවන්ත විදියට කනපිට හැරුණා" ( මූලාශ්‍රය - පොල් වික්කා, වීරසූරිය, රොනී ගුණසිංහ, පබා, කොණ්ඩයා, ලහිරු සහ සසිනි සංදීපනී සමග සරසවි විප්පලවාදය – චඳ්‍රගුප්තයන්ගේ සටහන) 

රූපවාහිනි නිවේදකයකු වූ රිචඩ් ද සොයිසාව 1990 පෙබරවාරි 18 දා රාත්‍රියේ පැහැරගෙන ගොස් මරා දමන්නේ   කොළඹ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ බවටද මතයක් තිබේ. රිචඩ් සොයිසාගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය තම පුතා පැහැරගෙන පුද්ගලයා ලෙස පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහව හඳුනා ගනු ලැබුවාය​.   මේ හැර රෝහණ විජේවීරට  වෙඩි තබන ලද්දේ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බවත් පැවසේ.  කෙසේ නමුත්  1991 මැයි 1 දා    ආමර් වීදියේදී කොටි බෝම්බකරු   බාබුගේ බෝම්බයට පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ   බිළිවිය.

Monday, February 22, 2016

Ozzy Osbourne සියැසින් දුටුවෙමි



ඊයේ (පෙබරවාරි 21 දින ) Ozzy Osbourne ඇතුළු     Black Sabbath  සංගීත කණ්ඩායම හැමිල්ටන් නගරයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වූ අතර මම ද එය බැලීමට ගියෙමි. Godfather of Heavy Metal මෙන්ම Prince of Darkness යන නම් වලින් හැඳින්වෙන Ozzy Osbourne රොක් වෘත්තාන්තයකි. 1985 දී මට Ozzy Osbourne ටී. ෂර්ට් එකක් තිබුනි. 1992 දී Ozzy Osbourne සහ  Black Sabbath  සංගීත කණ්ඩායම මොස්කව් නගරයේ ප්‍රසංගයක් පැවැත්වූ අතර එය මට අතපසු විය​. මගේ ප්‍රියතම හෙවි මෙට්ල් ගායක​ Ozzy Osbourne මට සියැසින් දැකගැනීමට වසර 31 ගතවිය​. 




Ozzy Osbourne ඇතුළු     Black Sabbath  සංගීත ප්‍රසංගය ( මෙම චායාරූපය ගනු ලැබුවේ මා විසිනි) 



Black Sabbath THE END Tour Announcement





Black Sabbath War Pigs Live on The End Tour 2016




Sunday, February 21, 2016

71 කැරැල්ලේ 18 වන විත්තිකරු මහමරක්කලගේ විජේපාලද සිල්වා

 

18 වන විත්තිකරු මහමරක්කලගේ  විජේපාලද සිල්වා බලපිටියේ පදිංචිකරුවෙකි. වරායේ ලේත් මැෂින් ක්‍රියාකරුවෙකු වූ ඔහු පිලපිටියේ කම්මලක චිනච්චට්ටි බෝම්බ නිපදවීය.  විජේපාලද සිල්වා මහ නඩුවේ විත්තිකාරයෙකු වීම පිළිබඳව ඇතැමෙකු විමතිය පළ කරති. ඔහු චිනට්ටච්චි කවර නිෂ්පාදනය කළා මිසක දේශපාලනික වශයෙන් ව්‍යාපාරය සමඟ සම්බන්ධව නොසිටි බව කියවේ.
 
විජේපාලද සිල්වා මහතා මට 2009 අප්‍රේල් 5 දින කොළඹ මහවැළි කේන්ද්‍රයේදී හමු විය. අපගේ කෘතිය පිළබඳව කළ හැදින්වීමකින් පසුව එයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට  විජේපාලද සිල්වා  මහතා එකඟ විය. 71 කැරැල්ලට තමන් සම්බන්ධවූ ආකාරය ඔහු පැවසුවෙ මෙසේය.

මම වරායේ වාත්තු වැඩ කළා. 1970 දි විතර තමයි වික්ටර් අයිවන් හරහා සම්බන්ධ උනේ. මම පන්ති 2 විතර කරලා තියෙනවා ගැඹුරු දේශපාලන දැනුමක් සොයාගෙන ගියේ නැහැ. කැරැල්ල සඳහා චීනට්ටටච්චි අත් බෝම්බ 10 000 විතර අවශ්‍ය බව ගනන් හදා තිබුනා. අපි පිලපිටියේ වැඩපොලක් කෝෂ හැදුවා. එක චීනට්ටච්චි කෝෂයක් අඹ ගෙඩියක් තරම් ඇති. දිනකට 300-400 වගේ මහන්සි වෙලා හැදුවා.

ලොකු අතුලගේ සබ`දතාවක් හරහා ආනන්ද පෙරේරා වැඩ පොලේ ගෝලයෙක් හැටියට ආවා. ආනන්ද පෙරේරා නුවර කිංස්වුඩ් එකේ ශිෂ්‍යයෙක් ඔහුට රසායන විද්‍යාව පිළිබඳ හොද දැණුමක් තිබ්බා. අපි මාස 7-8 විතර දිනකට පැය 18-19 අතර කාලයක් පුරා මහන්සි වෙලා පිලපිටිය වැඩපොලේ චිනච්චට්ටි කෝෂ හැදුවා. සෑම දිස්ත්‍රික්කයකටම මේවා ඛෙදා හැරියා. පුපුරන ද්‍රව්‍ය පිරවීම කළේ ඒ ඒ දිස්ත්‍රික්වල. එහිදී දුර්වලතා සිදු වුනා. ඒ නිසා බෝම්බ ගොඩාක් පිපුරුවේ නැහැ.

කැරැල්ල දවසේ මට නිශ්චිත වැඩක් පවරලා තිබුනේ නැහැ. මම කොළඹ ඒ මේ අත ගියා. කඩවත පොලීසිය ල`ග දැක්කා වෙඩි වැදිලා මැරිලා හිටපු මිල්ටන්ව. මිල්ටන්ගේ මිනිය කෙසෙල් අත්තකින් වහලා තිබුනා. ඇතැම් අයගේ කට උත්තර නිසා පොලිසිය මාව සොයන්න ගත්තා. ඒ නිසා මම සැඟවුනා. රේණුකා හෝටලය හදන කොට මම ඒ බිල්ඩිං සයිට් එකේ වැඩ කළා රහසිගතව.

මාව අත්අඩංගුවට ගත්තේ 1971 අගෝස්තු මාසයේදි. නඩුවේ දී  මට අවුරුදු 12 ක සිර ද~ුවමක් ලැබුනා. නිදහස් වෙලා ඇවිල්ලා ජීවත් වෙන්න මාර්ගයක් තිබුනේ නැහැ. 1997 දි පමණ යළි වරායේ රැකියාව ලැබුණා. අද මම විශ්‍රාමිකයෙක්. එදා සහ අද දිහා බැලූවම සමාජය වෙනස් වෙලා. 71 දි මම කළේ ඒ යුගයට අවශ්‍ය දෙයක් කියලා මට හිතෙනවා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 5. 8.    1971  දින විෙජ්පාල සිල්වාගේ කට උත්තරය ප්‍රකාශ කොට ගෙන ඇත්තේ මෙසේය.

දිනය:- 5. 8. 71 වේලාව:- පස්වරු 1.45, විශෙAෂ පරීක්ෂණ ඒකකයේ දී, අංක 117, විෙජ්රාම මාවත, කොළඹ 7. පොලිස් පරීක්ෂක සුවාරිස් විසින් 3. 8. 71 වැනි දින එම්. එම්. විෙජ්පාල සිල්වා මා ඉදිරියට පමුණුවන ලදි. පරීක්ෂක සුවාරිස් ගේ සහායද ඇතිව මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. දැන් මම ඔහුගේ ප්‍රකාශය වාර්තා කරමි.
 
මහ මරක්කල විෙජ්පාල සිල්වා හෙවත් සුමිත් රාජපක්ෂ. අවුරුදු 23යි. බෞද්ධ. වෙළ`ද ආධුනික. බලපිටියේ පදිංචිය. ඔහු මෙසේ ප්‍රකාශ කරයි. බලපිටියේ, හීනටියේ මම පදිංචිකරුවෙක් වෙමි. මගේ පියාවන එම්. බී. ඇල්බින් සිල්වාද මෙහි පදිංචි කරුවෙකි. ඔහු වෘත්තියෙන් කම්කරුවෙකි. කේ. ඩබ්ලිව්. අගිනෝනා වන මගේ අම්මාද හීනටියේ අයෙකි. ඈ අවුරුදු 12 කට පමණ පෙරදී මිය ගියාය. අපේ පවුලේ ළමුන් 11 ක් වේ. මම පවුලේ අටවැනියා වෙමි. මට බාල අය තිදෙනෙක් සිටිති. වැඩිමලා එම්. එම්. ගෝමිස් සිල්වාය. ඔහු විවාහකයෙක් වන අතර අනුරාධපුරේ, මහපොතානේ පදිංචි වෙයි. ඊළඟ පුද්ගලයා එම්. එම්. සයිමන් සිල්වා වන අතර ඔහුද එම ප්‍රදේශයේම පදිංචි වෙයි. එම්. එම්. සෑම් සිල්වා නම් තෙවැන්නා හොරොව්පතානේ කපුගොල්ලෑවේ පදිංචි වෙයි. සතරවැන්නා වන එම්. එම්. මිසිලින් නෝනා කේ. ටී. ආරියසේන සිල්වා සමඟ විවාහ වී ඇති අතර හීනටියේ පදිංචි වී සිටියි. හොරොව්පතානේ, කපුගොල්ලෑවේ පදිංචි එම්. එම්. පමාසිරිස් සිල්වා පස්වැන්නා වෙයි. හීනටියේ පදිංචි එම්. එම්. ගුණසිරි සිල්වා සයවැන්නා වෙයි. හීනටියේ පදිංචි එම්. එම්. සුමනසිරි සිල්වා සත්වැන්නා වෙයි. මම අටවැන්නා වෙමි. නවවැන්නා එම්. එම්. රොස්ලින් නෝනා වෙයි. ඈ විවාහක නොවන්නීය. ඈ මගේ පියා සමඟ හීනටියේ ජීවත් වෙයි. හීනටියේ පදිංචි එම්. එම්. කුලිසිරි සිල්වා දහවැනියා වෙයි. එම්. එම්. පියවතී එකොළොස් වැන්නා වෙයි. ඈද අවිවාහක වන අතර මගේ පියා සමඟ හීනටියේ පදිංචි වෙයි. 

ප්‍රථමයෙන් බලපිටියේ සිරි රාහුල විද්‍යාලයේද, ඊට පසු මා ජ්‍යෙෂAඨය සමත් වූ අම්බලන්ගොඩ සිරි දේවානන්ද මහා විද්‍යාලයේද, මම අධ්‍යාපනය ලැබුවෙමි. මම ජ්‍යෙෂAඨය සමත් වූ පසු අම්බලන්ගොඩ සිරි දේවානන්ද මහා විද්‍යාලය අතහැර ශාස්ත්‍රෝදය විශ්වවිද්‍යාලය පිරිවෙනේ මාස කීපයක් ඉගෙන ගතිමි. 1966 දී මම මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළු වී අවුරුදු දෙකක වැඩ පුහුණු වීමේ පාඨමාලාවක් හැදෑරුවෙමි. එම පාඨමාලාව සාර්ථකව අවසන් කර 1968 දී මම කාර්මික විද්‍යාලයෙන් පිටවීමි. 

වැල්ලවත්තේ එම්. සීටින් සිල්වා නම් අයෙක් සමඟ මම කාර්මික විද්‍යාලයට යන කාලයේ මාස 5ක් පමණ පදිංචි වී සිටියෙමි. මරදාන, දේවානම්පියතිස්ස පාරේ, අංක 175 හි මම ඉතිරි කාලය නේවාසිකව සිටියෙමි. කාර්මික විද්‍යාලයේ ඉගෙනීම අවසන් කළ පසු මම බලපිටියට ගියෙමි. මාස කීපයකට පසු, වත්තල, ඩයස් මැකැනිකල් ඉංජිනියර්ස් වර්ක්ස්හි රක්ෂාවක් ලබාගන්නට මට හැකි විය. මම මෙහි මාස 3ක් පමණ වැඩ කොට වැටුප ගැන මම සතුටු නොවූ බැවින් අස්වීමි. මෙය වූයේ 1969 ආරම්භයේදීය. මට කිසිම රක්ෂාවක් නොතිබුණු නිසා මම ආපසු මගේ උපන් ගමට ගියෙමි. 

1969 මැද හරියේදී නවලෝක ඉන්ඩස්ටී්‍රස්හි මැෂින් ඔපරේටර් කෙනෙකු වශයෙන් රක්ෂාව ලබාගතිමි. මෙම ස්ථානයේ සති දෙකක් පමණ වැඩ කොට, වැල්ලවත්තේ, සිලෝන් සිල්ක් සමාගමේ වෑද්දුම්කරුවකු ලෙෂ රක්ෂාව ලබාගත් බැවින්, පළමු ස්ථානය අතහැර ගියෙමි. මා රක්ෂාව ලබාගත් කාලයේදී මා ප්‍රථමයෙන් කී බෝඩිමේ සිට ගමන් කළෙමි.

1969 ජූලි හෝ අගෝස්තු දවසක කොළඹ වරාය කොමිෂන් සභාවේ වෙළ`ද ආධුනිකයකු වශයෙන් පත්වීමක් ලැබුවෙමි. මෙම රක්ෂාව ලබාදෙන ලද්දේ කාර්මිත විද්‍යාලය මගිනි. ආධුනිකයකු වශයෙන් අවුරුදු 3 ක් මම වැඩ කිරීමට තිබූ අතර, මම වෙළ`ද ආධුනිකයකු වශයෙන් දිනකට රුපියල් 1.20 ක් ගෙවන ලදි. මගේ රක්ෂා කාලය තුළ මම වරායේ පැටර්න් ෂොප්හි සහ ඊට පසු වාත්තු වැඩපොළෙහි වැඩ කළෙමි. වාත්තු වැඩපළේ වැඩවලට ලෝහ ද්‍රව්‍ය පිරිද්දීමද අදාල විය. රැකියාවට ගිය මුල් හරියේදී මම මගේ බලපිටියේ ගෙදර සිට පැමිණියෙමි. ඊට මාස කීපයකට පසුව මම නැවත මරදානේ බෝඩිමට ගියෙමි. 

මම වරායේ වැඩ කරමින් සිටි කාලයේදී, ජාඇල නවරත්න බණ්ඩාගේ ගෙදරට යාමට පුරුදුව සිටියෙමි. නවරත්න බණ්ඩා අම්බලන්ගොඩ දේවානන්ද මහා විද්‍යාලයේදී මා සමඟ එකට පාසලේ සිටි මගේ මිත්‍රයෙකි. කුලරත්න බණ්ඩා හෙවත් හෙවත් පියසිරි නම් නවරත්න බණ්ඩාගේ බාල සහෝදරයා සමඟ මම නවරත්න බණ්ඩාගේ ගෙදරට යන කාලයේදී මිත්‍ර වුනෙමි. දැන් ජනතා විමුක්ති පෙරමුණ යනුවෙන් හ`දුන්වා දෙනු ලබන මෙම ව්‍යාපාරය මට ප්‍රථමයෙන් හ`දුන්වා දුන් පුද්ගලයා පියසිරි විය. රක්ෂා නැතිකම, ඉන්දීය ව්‍යාප්තිය, අධ්‍යාපනය, වැටීගෙන යන ආර්ථීක තත්ත්වය යනාදී ප්‍රශ්න පිළිබ`දව ආරම්භයේදී පියසිරිත් සමඟ සාකච්ඡා කළෙමුත් ඊට පසු දිනක 1970 අප්‍රේල් මාසයේදී අපේ සාකච්ඡාවට භාජනය වූ විෂය කරුණු වලට අදාල වන පංතියකට යාමට පියසිරි මට කථා කළේය. නවරත්න බණ්ඩා ගේ මාමා කෙනෙකු වන ජාඇල, වැලිකුරු`දුවත්තේ ඇලෝසියස් නම් අයෙකුගේ ගෙදරදී මම ඒ පංතියට සහභාගි වුනෙමි. 

මෙම පංතියේදී, මා පසුව පියතිලක යනුවෙන් හ`දුනාගත් අයෙක්, ආර්ථීක අර්බුදය, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ නිදහස යන ඒවා ගැන අපට දේශන කළේය. මෙම පංතිය දින දෙකකින් පැවැත්විණි. අපි රාත්‍රියේ මේ ගෙදර නැවතී සිටියෙමු. මෙම පංතියට අපි විසි දෙනෙකු පමණ සහභාගි වීමු. බඩල්ගම බර්ටි, බෝඩිම්කරුවකු වන සිරිපාල, පියසිරි, නවරත්න බණ්ඩා,
යන අය පංතියට පැමිණි අය අතර සමහරු වෙති. මෙම ව්‍යාපාරයේ සාමාජිකයින් විසින් පවත්වාගෙන යන ලද සාමාන්‍ය දේශන 4ක් මෙම දින දෙක ඇතුළතදි අපට දෙන ලදි. 

මාස දෙකකට පමණ පසු බඩල්ගම ක`දවුරකට යාමට මට කියන ලදි. ජාඇල බස් නැවතුම්පළේදී හමුවීමටත්, ඊට පසු තමා සමඟ ක`දවුරට යා හැකි බවත් සිරිපාලටත්, මටත් නවරත්න බණ්ඩා කීවේය. අප විසින් යෝජනා කරන ලද පරිදි ජාඇල බස් නැවතුම්පොළට සිරිපාල සහ මා පැමිණි විට පියසිරි, පියතිලක, මාබෝලේ රාජා සහ තවත් කීප දෙනෙක් සමඟ නවරත්න බණ්ඩා හමුවිය. වේලාව සවස 7.30 ට පමණ විය. ජාඇල සිට දූනගහ නම් ස්ථානයකට අපට බසයෙන් ගෙන යන ලද අතර, එතැන් සිට සැතපුම් භාගයක් පමණ පයින් ගමන් කර යම් කිසිවෙකුගේ නිවසකට ගියෙමු. මෙම ගෙදර හිමිකරුවාගේ හෝ පදිංචිකරුවාගේ නම, හරියටම ගෙය පිහිටි ස්ථානය මම නොදනිමි. 

අප මේ ගෙදරට එන විට වේලාව පස්වරු 10.00 ට පමණ ඇත. 40 පමණ දෙනා මේ ගෙයි එකට රැස්වී සිටියහ. පස්වරු 11.45 ට පමණ පැමිණ සිටි එක් අයෙක් අපේ රැස්වීම ගැන ගම්මුන් දැන සිටින බවත්, අපේ වැඩ ගැන ඔවුන් සැක කරන බවත්, ඒ නිසා විසිර යා යුතු බවත් දැන්වූයේය. අප රැස්වූ අවස්ථාවත්, විසිර යාමට කී අවස්ථාවත් අතර කාලය තුළ විශෙAෂ යමක් සිදු නොවීය. ක`දවුරකට පැමිණ සිටි අයගෙන් එක් අයකුගේ ගෙයක් වූ කුරන ගෙයකට අපි කණ්ඩායමක් ගියෙමු. අපි රාත්‍රිය මෙම ගෙයි රැ`දී සිට පසුදා උදේ අපේ ගෙවල් වලට ගියෙමු. මෙම ක`දවුරට මා කැටුව ගිය අය හැර, මේ ක`දවුරට ආ අය වශයෙන් පහත ස`දහන් අයව මට හ`දුනා ගත හැකිය. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනපාල සහ බඩල්ගම බර්ටි.

මේ වන විට මෙම පන්ති සහ ක`දවුර පවත්වමින් සිටි සංවිධානය සාමාන්‍යයෙන් චේ ගුවේරා ව්‍යාපාරය වශයෙන් හ`දුන්වන බව මම දැන ගත්තෙමි. සති දෙකකට පමණ පසු අපි මෙම බඩල්ගම ක`දවුරට ගියෙමු. මා ඊට පෙර හමුවී නොසිටි පොඩි අතුලත් සමඟ පියතිලක මාගේ බෝඩිමට ආවේය. පියතිලක විසින් පොඩි අතුලව මට හ`දුන්වා දුන් අතර ඔහු පොඩි අතුලව නවතා යන්ට ගියේය. මා වැඩ කරන තැනත් මාගේ වැඩවල ස්වභාවයත් පිළිබ`දව පොඩි අතුල මාගෙන් ප්‍රශ්න කළේය. වෘත්තිය සමිති රැස්වීමකට සහභාගි වීම ස`දහා නියම කරනු ලබන දිනයකදී රාගම දුම්රිය ස්ථානයට පැමිණීමට යයි මට කියා පොඩි අතුල යන්ට ගියේය.

නියම කළ දිනයේදී මා රාගම දුම්රිය ස්ථානයට ගියමුත් පොඩි අතුල පැමිණ සිටිියේ නැත. මම ආපසු ගෙදර ආවෙමි. දින කීපයක් තුළදී පොඩි අතුල මාගේ බෝඩිමට ආපසු ආවේය. ඉවත දමන ලද යකඩ වලින් වළ`දක හැඩයට ආවරණයක් දේශීය වශයෙන් සෑදීමට හැකිදැයි පොඩි අතුල මාගෙන් විමසුවේය. ඊට සමාන දෙයක් සෑදිය හැකි බව මම පිළිතුරු වශයෙන් කීවෙමි. දින කීපයකට පසු නැවත පොඩි අතුල මගේ බෝඩිමට පැමිණ, අත් බෝම්බයක් යයි කියා, බිත්තරයක හැඩය ඇති ලෝහ ද්‍රව්‍යයක් පෙන්වා, එම හැඩය සහ එම ප්‍රමාණය ඇතිව ආවරණයක් දේශීය වශයෙන් සකස් කළ හැකිදැයි ඔහු ඇසුවේය. ඊට සමාන ආවරණයක් සකස් කළ හැකි යයි මම කීවෙමි.

ඔහු ආපසු ගොස් දින කීපයකින් පැමිණ, ඔවුන් කුලියට ගන්නට සිතා සිටිනා ගෙයක මා නතර වීමට සූදානම්දැයි විමසුවේය. මම මේ යෝජනාවට එකඟ වීමි. යෝජනා කරගෙන තිබූ පරිදි, පසු දිනයකදී ක`දාන දුම්රිය පලේදී නවරත්න බණ්ඩා සමඟ පොඩි අතුලව හමුවීමි. ක`දානේ ඔහුගේ නැන්දා කෙනෙකුගේ ගෙදරකට අපව ගෙනගිය පොඩි අතුල, කලින් සාකච්ඡා කළ පරිදි ගෙයක් කුලියට ගැනීම ස`දහා, මට රුපියල් 200/} ක් දී ඔහුගේ සහෝදර ඇන්ටන් සමඟ යාමට කීවේය. ක`දැන දුම්රිය පළට කිට්ටුව පිහිටි ගෙයකට ඇන්ටන් අපව ගෙන ගියේය. මා කැටුව ගිය ගෙදර පුද්ගලයාගේ නම මම නොදනිමි. එම පුද්ගලයාට එම වත්තේම තවත් හිස් ගෙයක් තිඛෙන බව කියන ලදි. ගෙයි හිමිකරුවාට අපි කතා කොට ගෙයද බැලීමු. ගෙය සතුටුදායක වූ බැවින් පොඩි අතුල මට කියා තිබූ පරිදි මාසයකට රු. 80/} ක කුලියකට අපි ගෙය කුලියට ගතිමු. 

මාස දෙකක අත්තිකාරම් මුදලක් වශයෙන් රු. 160/} ක් මා විසින් ගෙවන ලදි. මම පොඩි අතුල වෙත ගොස් මාස දෙකක අත්තිකාරම් මුදලක් ගෙවා ගෙය කුලියට ගත් බව කීවෙමි. ඉතිරි මුදල ළඟ තබා ගන්ටත්, පසුදාට ගෙට පදිංචියට යාමටත් මට උපදෙස් දුන් ඔහු මා සමඟ සිටීමට තවත් අයෙකුව එවන බවද කීවේය. පසුදා මම මේ ගෙදර පදිංචි වීමි. 

එදා සවස අම්බලන්ගොඩ, කරන්දෙනියේ ජයරත්න නම් අයෙකුට මා සමඟ සිටීමට පොඩි අතුල එව්වේය. මම මේ ගෙදරට යාමට පෙර මට කුලියෙන් කොටසක් වත් ගෙවීමට නැති තත්ත්වයක මා නොසිටින බව මම පොඩි අතුලට දැන්වීමි. කුලිය ඔහු විසින් උසුලනු ලබන බවත්, මට කලින් පෙන්වන ලද වර්ගයේ ආවරණ සාදමින් මට ඔවුන්ට ආධාර කළ හැකි බවත්, පොඩි අතුල මට කීවේය. මේ වන විට, මා බැ`දී සිටි විප්ලවවාදී සංවිධානයේ අදහස වූයේ හිංසාකාරී විප්ලවයක් මගින් බලය
අල්ලා ගැනීම බව මම දැන ගතිමි. සංවිධානයේ අවශ්‍යතා ස`දහා අත්බෝම්බ සෑදීමට මෙම ආවරණ සකස් කිරීම අවශ්‍ය බව පොඩි අතුල මට දැන්වූයේය. 

මා මේ ගෙට ගිය පසුව එනම් 1970 මැයි මස යම් කිසි දිනකදී අසල්වාසීන් අප කරන්නේ කුමක්ද? කියා සොයා බැලීමට සූදානම් වූ නිසා මේ ගෙය කුලි යට ගත් කටයුතු වල යෙදීම ආරක්ෂා සහිත නොවන බව මම දැන ගතිමි. මෙම ගෙය තුළම ආවරණයක් සෑදීමටද පොඩි අතුල අදහස් කළ බැවින්, ප්‍රදේශය ජනාකීර්ණ බවත්, අසල්වාසීන් අප ගැන සෙවිල්ලේ සිටින බවත්, අප කරන වැඩ පිළිබ`දව සොයා බලනා බවත්, ඒ නිසා මේ වැඩ කටයුතුවල මේ ගෙය තුළ යෙදීම ආරක්ෂා සහිත නොවන බවත් මම පොඩි අතුලට දැන්වීමි. එවිට ඔවුන් ළගදීම විවෘත කිරීමට බලාපොරොත්තු වන ක`දානේ ගැරේජ් එකක වැඩ
පටන් ගන්නට පොඩි අතුල මට දැන්වූයේය. මේ ගෙදර මම මාස 1 1/2ක් පමණ කාලයක් රැ`දී සිටියෙමි. ඊට පසුව ගෙය අයිති කරුට දෙන ලදි. 

(වේලාව පස්වරු 4.45 ය. පරීක්ෂණය කල්දමා රාත්‍රිය ස`දහා සැකකරුවාව කුරු`දුවත්ත පොලිසියට යවන ලදි.)
 
71. 8. 6. වැනිදා පෙරවරු 9.15 ට නැවත කැ`දවනු ලැබ එම්. එම්. විෙජ්පාල සිල්වා ප්‍රකාශ කරයි. දැන්වීම් ඇ`දීමේදීද, එකල රිමාන්ඩ් එකෙහි සිටි විෙජ්වීර නිදහස් කර ගැනීමට කතා කිරීමේදීද මම පොඩි අතුල, නවරත්න, විමලසේකර යන අයට සහාය වුනෙමි. නම් ස`දහන් කළ විමලසේකර මීගමුවේය. ජයරත්නගේ පැමිණීමට සතියකට පමණ පසු ඔහුද මේ ගෙදරට පදිංචියට ආව්ය. එක් අවස්ථාවකදී පොඩි අතුල ඇලූමිනියම් කුඩු වගයක් සහ රිවෝල්වරයක් රැගෙන විත් ඒවා මේ ගෙදර තබා දින කීපයකට පසු ඉවත ගෙන ගියේය. එක් අවස්ථාවකදී මෙම ගෙදර සාකච්ඡාවක් පැවති අතර, ඊට සහභාගි වීමට මට අවසර නොලැබුණි. මෙම සාකච්ඡාවට පියතිලක, පොඩි අතුල, මාතර සුසිල්, සහ කතරගම සිරිපාලද සහභාගි වූහ. 

මෙම සාකච්ඡා කාලය තුළදී, පුද්ගලයන් තිදෙනෙක් කොන්සල් කාර් එකක ආ අතර පියතිලක සහ සෙසු අයද ඒ පොලිසිය යයි බය වෙමින් පැන දිවූහ. පසුව ඒ ආවේ සංවිධානයේ සාමාජිකයන් බවත්, ඔවුන් ආවේ සුසිල්ව වෙනත් වැඩකට ගෙන යාමට බවත් හෙළිවිය. කාර් එකේ සිටි අයගෙන් එක් අයෙක් කඩවත තිලකේ බව මම හ`දුනා ගත්තෙමි. මෙහි අප සිටි කාලය තුළදී ආකෘති සෑදීමට අවශ්‍ය ආයුධ මිලයට ගැනීම ස`දහා පොඩි අතුල මට රුපියල් 100 ක් දුන්නේය. මම ආමර් වීදියේ සාප්පුවකින් අවශ්‍ය ආයුධ මිලයට ගත්තෙමි. මේ කාලය තුළදී, කැළණියේ දුම්රිය ස්ථානයේදී විෙජ්වීර නිදහස් කිරීමට ඉල්ලා සිටින දැන්වීම් වගයක් ඛෙදා දෙමින් සිටියදී සාමාන්‍ය මිනිසුන් කීප දෙනෙකු විසින් විමලසේකර සහ ජයරත්න අත්අඩංගුවට ගන්නා ලදි. සාමාන්‍ය මිනිසුන් කීප දෙනෙකු විසින් විමලසේකර නිදහස් කර හැර තිබුණු අතර ජයරත්නව පොලිස් ස්ථානයක් වෙත ඉදිරිපත් කරන ලදි. 

මම ජයරත්නව මාස කීපයකින් නුදුටු නිසා ඔහුට කුමක් සිදුවීදැයි නොදනිමි. අප මේ ගෙය අතහැර යන්ට පෙර, කලින් කී ගැරේජය zzකපිල ඔටෝ ඉන්ජියර්ස්ZZ යනුවෙන් ක`දානේ විවෘත කරන ලදි. කඩවත සිරිපාල සහ පියදාස නම් අයකුද විසින් දෙන ලද සහාය ඇතිව ගැරේජයේ භාරකරුවා ඇලඩින් වූයේය. යෝජිත අත්බෝම්බ ආවරණ ස`දහා ආකෘතිය සැකසීමට කැපීම මම වහාම කළෙමි. ආකෘතිය කපා අවසන් වූ පසු, අපට ආවරණ නිෂ්පාදනය කර දීමට කැමැති මිත්‍රයකුට අයත් වාත්තු වැඩ පළක් තිඛෙන බවත්, එහි අපට ආවරණ නිෂ්පාදනය
කළ හැකි බවත්, පොඩි අතුල මට දැන්වූයේය. 

සනී නම් අයෙකුට අයත්, කැළණියේ, zzපිලපිටියේ වාත්තු වැඩ කරුවෝZZ වෙත පොඩි අතුල මා කැටුව ගියේය. සනීට ආකෘතිය පෙන්වා ඔහු සමඟ අපි කරුණු සාකච්ඡා කළෙමු. අප විසින් ශ්‍රමය සැපයුවහොත් වෙළ`ද මිලට ආවරණ සැපයීමට ඔහු භාර ගත්තේය. පොඩි අතුල එකඟ වූයේය. රු. 800/} ක් මට දී එය අත්තිකාරම් වශයෙන් සනීට දීමට යයි පොඩි අතුල මට කීවේද එම සැන්දෑවේය. ඒ අනුව මම පිලපිටියට ගොස් ඒ මුදල් සනීට දුන්නෙමි. සනී සමඟ අප කළ සංවාදයේදී සනී ආවරණ වල පරමාර්ථය දන්නා බව මට දැනුනේය.

අපි ක`දානේ ගෙය අතහැර ගැරේජයේ පදිංචිවීමු. විමලසේකර මා සමඟ ගැරේජයේ පදිංචියට ආවේය. කෙසේ වුවත් සතියකින් පමණ කාලයක් ඔහු තුළ ඔහු එම ස්ථානයද අතහැර ගිය අතර ඊට පසු ඔහුට කුමක්වීදැයි මම නොදනිමි. මේ කාලය තුළ විෙජ්වීරගේ නඩුව නුවරඑළිය උසාවියේ විභාගය ස`දහා ගනු ලැබූ අතර නවරත්න සමඟ මම නඩුව බැලීමට දෙවරක් ගියෙමි. ව්‍යාපාරය ස`දහා මා වැඩ කරමින් සිටි නමුත් මම වරායේ මගේ රක්ෂාව අත් නොහළෙමි. මම එයද කරගන ගියෙමි. මසකට පමණ පසු පොඩි අතුලගේ උපදෙස් පිට මවිසින් දෙන ලද ආකෘතියකට අනුව සාදන ලද ආවරණ 6ක් කැළණියේ වාත්තු වැඩපලින් ගෙන ආවෙමි. එම ගැරේජයේදී ඒවා පොඩි අතුලට භාර දුනිමි. සතියකට හෝ ඊට වැඩි කාලයකට පසුව ආවරණ බොහෝ ඝනකම බවත්, ඒවා ඉතාම බර බවත්, පුපරණ ද්‍රව්‍ය සමඟ පිපිර වූ විට සතුටුදායක ලෙස කැඩී යන්නේ නැති බවත්, ඒ නිසා ආවරණ සතුටුදායක නැති බවත් පොඩි අතුල මට දැන්වූයේය. 

ඔහුට ආවරණය වැසීමට මූඩියක්ද අවශ්‍ය වූයේය. කියන ලද අවශ්‍යතාවන්ට අනුව අළුත් ආකෘතියක් සෑදීමට ඔහු මට උපදෙස් දුන්නේය. (පෑලියගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමලසේන විසින් ආවරණයක් ඉදිරිපත් කරනු ලැබ, එය පිලපිටියේ වාත්තු වැඩපලේ නිෂ්පාදනය කරන ලද්දක් බව විෙජ්පාල හ`දුනා ගනියි) එම ආවරණය පෙන්වන අතර, එය මා විසින් ප්‍රථමයෙන් සාදන ලද ආකෘතිය අනුව නිෂ්පාදනය කරන ලද ආවරණයක් වශයෙන් මම එය හ`දුනා ගතිමි. පොඩි අතුල විසින් උපදෙස් දෙන ලද පරිදි පසුව මම අළුත් ආකෘතියක් සෑදුවෙමි. මට උපදෙස් දෙන ලද පරිදි මම එම ආකෘතිය සනීට දී ප්‍රථම ආවරණය සතුටුදායක නොවන නිසා අළුත් ආකෘතිය අනුව ආවරණ සෑදීමට සනීට කීවෙමි. ඊට පසු, මම පොඩි අතුලත් සමඟ වාත්තු වැඩපලට ගොස් අළුත් ආකෘතිය අනුව ආවරණ සකස් කිරීමට යන නිෂ්පාදන වියදම ගැන සාකච්ඡා කළෙමි. නිෂ්පාදන වියදම රු. 3.50 ටත් රු. 5.00 ටත් අතර ගණනක් එක් ආවරණයක් ස`දහා වැය වන බව සනී කීවේය. සතියකට පමණ පසු, එක් පැත්තක එක් ඉස්කුරුප්පු ඇනයක් බැගින් වූ තරන් ඇති අළුත් ආවරණ මම ආපසු ගෙන ආවෙමි. සනී විසින් මට දෙන ලද පරණ ආවරණ ටිකකුත් සමඟ අළුත් ආවරණ 35 ක් හෝ 40 ක් පමණ ගණනක් මම පොඩි අතුලට ක`දානේ ඔහුගේ නැන්දාගේ ගෙදරකදී භාර දුන්නෙමි. 

මේ කාලය තුළ පොඩි අතුල මේ ගෙදර නැවතී සිටියේය. මෙම අළුත් ආවරණ ගැන පොඩි අතුල සතුටට පත්වී. ෆියුස් වයරයක් දැමීම ස`දහා එහි තිබූ කර මැද හිලක් හැදීමෙන් එය ම`දක් වෙනස් කිරීමට සනීට උපදෙස් දීමට ඔහු මට කීවේය. මෙම අළුත් වර්ගය නිෂ්පාදනය කිරීම නොනවත්වා කරගන යාමටත් අඩු වශයෙන් ආවරණ දහදාහක් සිට පහලොස්දාහක් නිෂ්පාදනය කිරීමටත් සනීට උපදෙස් දෙන ලදි. මේ කාලය තුළ ජ.වි.පෙරමුණේ පුවත්පත වන zzවිමුක්තිZZ වරායේ වැඩ කරුවන්ට වරාය කොමිෂන් සභාවේදී විකිණීමට මම පුරුදුව සිටියෙමි. දෙල්ගොඩ රාජාද මෙම පුවත්පත් විකිණීමේදී හා මුදල් එක් කර සංවිධානයට දීමේදී මට ආධාර කිරීමට පුරුදුව සිටියේය. 

මේ කාලය තුළදී කාසල් වීදියේ, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කාර්යාලයේ සාකච්ඡා තුනකට පමණද මම සහභාගි වී ඇත. සංවිධානයේ කටයුතු දියුණු කිරීමෙන්, පුවත්පතේ වෙළ`දාම වැඩි කිරීමටත්, සංවිධානයට අරමුදල් වැඩි කිරීමටත් මෙම සාකච්ඡා කරන ලදි. ස.තො.සේ. ෙජ්මිස්, ඉඩම් සංවර්ධනයේ ධනපාල, තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක, වැල්ලවත්තේ විවීම් සහ කෙටීම් මෝලේ පාගොඩ, හේලිස් හි විල්සන් දැදිගම යන අය මේ සාකච්ඡාවලට පැමිණීමට පුරුදුව සිටි සමහරු වෙති. විෙජ්වීරගේ නිදහස් වීමට පසුව පොඩි අතුල, ලොකු අතුල, පියතිලක, ලොකු ෙජ්මිස්, නවරත්න පියසිරි, සහ නම ්මතක් කළ නොහැකි තවත් අය කීප දෙනෙකු සමඟ මා ගිය සාකච්ඡාවක් විමලගුණේගේ ගෙදර දී පැවැත්වුණි. 

විෙජ්වීර ඔහුව පොලිස් අත් අඩංගුවට ගනු ලැබූ ආකාරය අපට ප්‍රකාශ කොට ඊට පසු සංවිධානයේ කටයුතුවල දියුණුව ස`දහා සම්බන්ධ කරුණු සාකච්ඡා කළේය. අළුතින් බ`දවාගනු ලබන අයට තුවක්කු සහ අනෙක් ආයුධ එකතු කිරීම ගැන නොදන්වන ලෙසට විෙජ්වීර අපට අනතුරු ඇඟවීමක් කළේය. මෙම සාකච්ඡාවට පසුව මම ආපසු ගැරේජයට ගියෙමි. දින එකකට හෝ දෙකකට පසුව අත්බෝම්බ නිෂ්පාදනය ගැන සාකච්ඡා කරන විට, කැළණියේ වාත්තු වැඩපලේ සාදනු ලබමින් තිබූ අළුත් වර්ගයේ බෝම්බ 50,000 ක් ප්‍රමාණය දක්වා හදන්නට විෙජ්වීර තමාට කී බව, පොඩි අතුල මට දැන්වූයේය. මේ කාලය තුළ වාත්තු වැඩපලේ ආවරණ නිෂ්පාදනය ප්‍රමාද බැවින්, මා වාත්තු වැඩපලේ නතරවී ආරවණ නිෂ්පාදනය ගැන සිත යෙදවීම ඔහුට අවශ්‍ය වූ බවත්, පොඩි අතුල මට දැන්වූයේය. මට සහායවීමට තවත් කීපදෙනෙකු යැවීමටද ඔහු භාරගත්තේය. ඊට පසු 1970 ඔක්තෝබර් දවසක, මම පිලපිටියේ වාත්තු වැඩපලේ පදිංචිවීමි.

සතියකට පමණ පසු නුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආනන්ද සහ සරත් යන දෙදෙනා මට හමු වූහ. මේ ආවරණ නිෂ්පාදන ස`දහා අපි තිදෙනා සනීට සහ අනෙක් වැඩකරුවන්ට ආධාර කළෙමු. අපි දිවා රාත්‍රි දෙකේම වැඩ කළෙමු. සෑම දින 15 ක කාලයකටම ආවරණ 600ක් නිෂ්පාදනය කිරීමට අපි පුරුදු වීමු. සාදන ලද ආවරණ සනී විසින් සපයන ලද ලී පෙට්ටි වල අසුරා කුලියට ගන්නා ලද ලොරිවලින් ගැරේජයේ සිට ක`දානට මා විසින් ප්‍රවාහනය කරන ලදි. පොඩි අතුල විසින් උපදෙස් දෙන ලද පරිදි අප වාත්තු වැඩපලේ පදිංචි වූවාට පසු, සනී අනෙක් ඕඩර් භාර නොගෙන ඔහුගේ මුළු කාලයම අප වෙනුවෙන් ආවරණ සෑදීම ස`දහා ගත කළේය. 

වාත්තු වැඩපලේ පදිංචි දින 10 කට පසු ටී. ඩී. සිටින තැනට මම ගියෙමි. අම්බලන්ගොඩ නන්ද යයි කෙනෙකුට ටී.ඩී. විසින් එහිදී මාව හ`දුන්වා දෙනු ලැබීය. මෙම නන්ද ද වාත්තු වැඩපලේ වැඩට සහාය වීමට අප වෙත එවන ලදි. වාත්තු වැඩපල පිහිටා තිබුණු ඉඩමේම තිබූ සනීට අයත් බයිසිකල් සාප්පුවේ උඩ තට්ටුවේ අපි සතර දෙනා පදිංචිව සිටියෙමු. වැලිවේරියේ සිරිසේන හෙවත් සුමනසේන නම් අයෙක්ද අපට එක්වූයේය. ඔහුව පොඩි අතුල විසින් මට භාරදෙන ලද අතර වැලිවේරියේ සිරියා විසින්  එවන ලද බව කියන ලදි. සිරිසේනට වෑල්ඩිං වැඩ ගැන දැනීමක් තිබූ අතර ඔහු ආවරණ වලට මුරිච්චි සවි කිරීමේදී අපට සහාය වූයේය. 

මා මෙහි වැඩ කරමින් සිටි කාලය තුළ වරාය කොමිෂන් සභාවෙන් මා ඉවත් කරනු ලැබූ අතර, මා අස්කරන ලද්දේ මගේ රක්ෂාවට නොයාම නිසා බව පසුව දැන ගතිමි. 1970 දෙසැම්බර් අග දක්වා අපි වාත්තු වැඩපළේ වැඩ කළෙමු. එක් අවස්ථාවකදී ලොකු අතුල පොඩි අතුලත් සමඟ පැමිණ නිෂ්පාදනය කරන ලද ආවරණ පරීක්ෂා කළේය. වරාය කොමිෂන් සභාවේ මා සමඟ වැඩ කළ බලංගොඩ කුමාරලාද වාත්තු වැඩපළට පැමිණ දින කීපයක් ස`දහා අපට ආධාර කළ එක් අවස්ථාවක්ද තිබුණි. ඔහුව කැදවන ලද්දේ මා විසිනි. එකල ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් හ`දුන්වන ලද අපේ ව්‍යාපාරයේ සාමාජිකයෙකි ඔහු. විෙජ්වීර රිමාන්ඩ්හි සිටියදී සංවිධානය මේ නමින් දැනගන්ට ලැබුණි. 

මා වාත්තු වැඩපළේ වැඩ කරමින් සිටි කාලය තුළ, ඉස්රුප්පු මූඩියේ ඇති ටින් එකක රූප සටහනක් ඇ`ද ගැනීමට පොඩි අතුලට මාව අවශ්‍ය විය. ඔහුට එසේ ඇ`ද ගැනීමට අවශ්‍ය වූයේ එම ටින් නිෂ්පාදනය කරවීමට කර්මාන්ත ශාලාවකට ඔහුට ඕඩරයක් දීමට උවමනා වූ නිසාය. මෙම ටින්ද අවශ්‍ය වූයේ අත්බෝම්බ සෑදීමට ප්‍රයෝජනයට ගැනීමටය. පොඩි අතුල විසින් දෙන ලද විස්තර අනුව මම රූප සටහනක් ඇන්දෙමි. පොඩි අතුල මට රු. 100/} ක් දී පිටකෝට්ටේ සිග්මා ඉන්ඩස්ටී්‍රස් වෙත යාමටත් රත්මලානේ තවත් කර්මාන්ත ශාලාවකට යාමටත් අඩු සංඛ්‍යාව සපුරා ගැනීමට ටින් 10,000 ක ඕඩරයක් දීමටත් උපදෙස් දුන්නේය. ඉස්කුරුප්පු මූඩිය ස`දහා ඕඩරය භාර ගැනීමට සිග්මා ඉන්ඩස්ටී්‍රස් ප්‍රතික්ෂේප කළේය. එකක් ශත }/51 බැගින් සාමාන්‍ය මූඩියක් සැපයීමට ඔවුහු කැමති වූහ. රත්මලානේ කර්මාන්ත ශාලාවද ඉස්කුරුප්පු මූඩිය ස`දහා ඕඩරය භාරගැනීමට කැමති වූයේ නැත. සාමාන්‍ය මූඩියක් සහිත ටින් එකක් සම්පාදනය කිරීමට ඔවුහු ශත }/58 ක් ඉල්ලුහ. මම ආපසු ගොස් පොඩි අතුලට තත්ත්වය විස්තර කළෙමි. ඔහු සිග්මා ඉන්ඩස්ටී්‍රස් හි සාමාන්‍ය මූඩියට ඕඩරය දීමට මට උපදෙස් දුන්නේය. මම සිග්මා ඉන්ඩස්ටී්‍රස් වෙතද ගියෙමි. දෙන ලද සම්පූර්ණ ඕඩරය ස`දහා 25% අත්තිකාරකමක් ඔවුන්ට අවශ්‍ය විය. ප්‍රමාණවත් තරම් මුදල් මට නොතිබුණු නිසා මම ටින් 1000 කට ඕඩරයක් දී අත්තිකාරම් වශයෙන් රු. 127.50 ක් ගෙවීමි. මෙම මුදල් වලින් රු. 27.50 ක් මා ළඟ වෙනත් වියදම් ස`දහා තිබූ මුදල් වගයකින් ගත් ඒවාය. 

මම ඕඩරය දෙන විට ඉ`දුරුව, ගාලූපාර, සුමිත් රාජපක්ෂ යනුවෙන් මගේ නම දුන්නෙමි. මා විසින් ගෙවන ලද අත්තිකාරම් මුදලට රිසිට් පතක් මට දෙන ලදි. මගේ හාම්පුතා යනුවෙන් මා විසින් පවසන ලද, ඉ`දුරුවේ ඊ.ඊ. පෙරේරා නම් අයෙකු වෙනුවෙන් මා ඕඩරය දුන් බව ස`දහන් කරන ලදි. පසුව මම පැමිණ තවත් ටින් 10,000 කට ඕඩරයක් දී පොඩි අතුල විසින් දෙන ලද අත්තිකාරම්ද ගෙවීමි. මෙම 11,000 ප්‍රථම ටින් තොගය තුන් වරකට මා විසින් ගෙන යන ලදි. ප්‍රථම තොගය පොඩි අතුලගේ සහෝදරයා වන සුජීවගේ ආධාරය ඇතිව ආමර් වීදියෙන් කුලියට ගන්නා ලද ලොරියකින් ගෙන යන ලදි. ක`දානේ ගැරේජයේදී බඩු බාන ලදි. දෙවන තොගය ආමර් වීදියේදී කුලියට ගන්නා ලද ලොරියකින් මා විසින් ගෙන යන ලදි. මෙම තොගයද එම ගැරේජයේදීම බාන ලදි. ආමර් වීදියෙන් කුලියට ගත් ලොරියකින් ගෙන යන ලද අනෙක් තොගය ගොනයාමට වැලිවේරියේ සුමනසේන මට සහාය වූයේය. මෙයද එම ගැරේජයේම බාන ලදි. ඒවා ගෙන ගිය ලොරි හෝ ලොරි රියදුරන් මම නොහ`දුනමි. 

බඩු ගෙනයාමට භාරගත් සෑම අවස්ථාවකම ඒවා ලබාගත් බව දැන්වීම ස`දහා සුමිත් රාජපක්ෂ වශයෙන් මම අත්සන් කළෙමි. ටින් වලට ගෙවීම ස`දහා ලොකු අතුලගෙන් මෙන්ම පොඩි අතුලගෙන්ද මම රු. 5, 700/} ලබාගතිමි. මම රු. 5,610/} ක් පමණ ටින් 11,000 ස`දහා සිග්මා ඉන්ඩස්ටී්‍රස්වලට ගෙව්වෙමි. මෙම ගණනට මා මෙම ආයතනයට ගෙවූ අත්තිකාරම් මුදල්ද ඇතුළත් වේ. ඉතිරි මුදල ලොරි ගමන් ස`දහාද වෙනත් වියදම් ස`දහාද මා විසින් වියදම් කරන ලදි. මා විසින් ලොකු අතුල ගෙන් සහ පොඩි අතුලගෙන් ලබා ගන්නා ලද යයි ඉහත කී මුදල්
වලින්, රු. 2,400/} ලොකු අතුලගෙන්ද ඉතිරි මුදල පොඩි අතුලගෙන්ද මම ගතිමි. මා වාර තුනකදී ලබාගත්තා යයි කී ටින් 11,000 මාස 3කට වැඩි කාලයක් ඇතුළත මා වෙත එවන ලදි.

1970 දෙසැම්බර් අග හරියේදී ආනන්ද, නන්ද, සරත්, මමද ලොකු අතුල සහ පොඩි අතුල විසින් කියන ලද පරිදි වාත්තු වැඩපළ අත්හළෙමු. සුමනසේන හෙවත් සිරිසේන වාත්තු වැඩපළ සතියකට පමණ පෙර අත්හළේය. ඔහු ආපසු නොආවේය. මම නන්ද සමඟ නැවත ගැරේජයේ පදිංචිවීමු. ආනන්ද සහ සරත් පොඩි අතුල සමඟ ගියහ. ඔවුන් කොහේ ගියේදැයි මම නොදනිමි. මා ගැරේජ් එකට පැමිණි පසු ටින්වල මූඩි හො`දින් ආරක්ෂිතව පිහිටන ක්‍රමයක් මා සෙවිය යුතු බව පොඩි අතුල මට කීවේය. මූඩි හො`දින් තබාගැනීමට නට් එකක් සහ බෝල්ට් එකක් යොදා ගැනීමෙන් හැකි විය හැකි බව මම කීවෙමි. බෝල්ට් සහ නට්ස් වල මිල අධික නිසා අපේ නිෂ්පාදන වියදම ඉහළ යන නිසා මම අඟල්
සතරේ ඇණ මිලයට ගෙන ඒවායේ උල්පැත්තේ ඉස්කුරුප්පු කැපුවෙමි. ඒ නිසා ඒවාට නට් ඉස්කුරුප්පු කරවීමට හැකිවිය. මෙම සොයා ගැනීම මුදල් වැය නොවන ක්‍රමයක් විය. නන්ද මා සමග මේ කටයුත්තේ යෙදුනෙමු. 

මම සතියක් පමණ කල් මේ වැඩේ කළෙමි. ඊට පසු ලොකු අතුල විසින් මම වැලිවේරියට යවනු ලැබීමි. මා වැලිවේරියට යන විට මා විසින් ලබාගෙන තිබුණේ ටින් 3000 පමණි. මෙම 3000 ප්‍රථම තොගයට අයත්ය. මෙවර මා වැලිවේරියට ගියේ සුමනසේනත් සමග ටින් 3000 ද රැගෙනය. ක`දානෙන් කුලියට ගත් ලොරියකින් ඒ ටින් අපි වැලිවේරියට ගෙන ගියෙමු. ඒ ටින් වැලිවේරියේ සිරාගේ ගෙදරට විරුද්ධ පැත්තේ ලී පැලක තැබුවෙමි. දින දෙකකට හෝ තුනකට පමණ පසුව, ගරාජයේ එක්රැස්වී තිබුණු වාත්තු කරන ලද යකඩ ආවරණ සහ වෙඩි බේත් වැනි තවත් සමහර පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම ස`දහා සිරිසේනට මාව වැලිවේරියෙන් ඉවත ගෙන යාමට උවමනා විය. සිරිසේන සහ මම මේවා ලොරියකින් වැලිවේරියට ගෙනවිත්, ඒවා වැලිවේරියේ සිරාට අයත් ප්‍රයෝජනයට නොගන්නා ලද චිත්‍රපට ශාලාවක බෑවෙමු. 

මෙවර අපි වාත්තු කරන ලද යකඩ ආවරණ 2000 ක් පමණ ගෙනාවෙමු. එදාම රෑ මා ආපසු ගරාජයට එන ගමනේදී, පොඩි අතුල බෝම්බයක් සකස් කරමින් සිටින විට හදිසි අනතුරක් වී ඇති බවත්, ඔහුගේ අතක් බරපතල ලෙස තුවාල වී ඇති බවත්, ඇලඩින් කීවේය. වැලිවේරියේදී මම වැලිවේරියේ සිරාගේ නිවසේ නැවතී සිටියෙමි. අනුරාධපුරයේ හීන්බණ්ඩා නම් අයෙත් මේ ගෙදර පදිංචිව සිටියේය. වැලිවේරියට වාත්තු කරන ලද යකඩ ආවරණ ගෙනා වහාම, මට වැලිවේරියේ ස්ථීර
ලෙස පදිංචි වීමට ලොකු අතුල කී බැවින් ය, මම වැලිවේරියේ සිරාගේ ගෙදර නැවතී සිටියේ. 2000 ක්වූ ආරවණ තොගයෙන් 1000 ක් අනුරාධපුරයේ අපේ සාමාජිකයෙක් වෙත යවන ලද බව මට වැලිවේරියේදී ලොකු අතුලගෙන් සහ සිරිසේන ගෙන් දැනගත්තේමි. 

1971 ජනවාරි වලදී පමණ බදුල්ලේ සිට ලොකු අතුල විසින් එවන ලද තිස්ස නම් අයෙක්, සහ මා නම නොදන්නා තවත් අයෙක්, 500 ක් ආවරණ එක්රැස් කොට ඒවා ලොරියකින් බදුල්ලට ගෙන යන ලදි. ජනවාරියේ එක් අවස්ථාවක අපේ සංවිධානය විසින් කුලියට ගන්නා ලද ක`දානේ ගෙයකට සිරිසේන මා කැටුව ගියේය. මෙම ගෙය ක`දානේ දුම්රිය පොලින් සැතපුම් කාලක් පමණ ඈත පිහිටි අතර එය දර මඩුවක් කිට්ටුව තිබුණි. මෙම ගෙදරදී මා සමඟ කලින් වාත්තු වැඩපොලේ වැඩපල කළ සරත් සහ ආනන්ද මට හමු විය. මා මේ ගෙට පැමිණි විට සරත් සහ ආනන්ද කැපිලරි ටියුබ්ස් ඇතුළට සල්ෆරික් ඇසිඩ් පුරවමින්
සිටිනු දුටුවෙමි. මා ආනන්ද සමඟ කථා කොට ඔහු කරමින් සිටියේ කුමක්ැදයි ඇසුවෙමි. ඔවුන් දෙන්නා වාත්තු වැඩපල අත්හළ දිනේ සිට මෙම ගෙදර නැවතී සිටින බව ඔහු කීවේය. ඔවුන් කැපිලරි ටියුබ්ස් ඇතුළට සල්පරික් ඇසිඩ් පුරවමින් සිටි බවද කීය. වාත්තු කරන ලද යකඩ ආවරණ ඇතුළට වෙඩි ඛෙහෙත් පුරවන ආකාරය ගැන වැලිවේරියේදී ලොකු අතුල හීන්බණ්ඩාට, සිරිසේනට සහ මට උපදෙස් දුන්නේය. ඊට පසුව ප්‍රයෝජනයට නොගන්නා ලද චිත්‍රපට ශාලාවේ තිබූ ආවරණ වලින් 500 ක් පමණ ආවරණ අපි පිරවීමු. අත්බෝම්බ සාදන්නේ කෙසේද කියා දන්නා පුද්ගලයා වූයේ හීන්බණ්ඩාය. ඔහු මට සහ සිරිසේනට මේ කලාව පිළිබ`දව උපදෙස් දුන්නේය. වෙඩිඛෙහෙත් වලින් අප විසින් ආවරණ පිරවීමට අමතරව, ටින් එකකින් අත් බෝම්බයත් සාදන ආකාරය හීන්බණ්ඩා අපට පෙන්නුවේය. ඔහු මනෝසීල සහ පොටෑස් සහ පියුස් වලින් එබ`දු බෝම්බ සෑදුවේය. මේ බෝම්බ සාදන අන්දම අපට පෙන්වන ලද නමුත් සිරිසේන සහ මම ඇත්ත වශයෙන් බෝම්බ නොසෑදුවෙමු. 

හීන්බණ්ඩා බෝම්බ දෙක සෑදූ දවසේදී, සිරිසේනගේ ඉඩමට විරුද්ධ පැත්තේ ඇති පොල් ඉඩමක සිරිසේන විසින්ම එම බෝම්බ දෙක අත්හදා බැලූවේය. එය අප විසින් චිත්‍රපට ශාලාවේදී පුරවන ලද්දකි. අත්හදාබැලීම් සාර්ථක විය. මේවා අත්හදා බලන විට පහත ස`දහන් පුද්ගලයෝ සිටියහ. සිරිසේන, හීන්බණ්ඩා, ලොකු අතුල, සුමනසේන, සහ මා. මෙම අත්බෝම්බ සාදන්නේ කෙසේද කියා අපේ සහායකයන්ට උපදෙස් දීමට ගිය දින කීපයකට පසුව එම ප්‍රදේශයේ අපේ ක`දවුරු වලින් එකක් වැලිවේරිය පොලිසිය විසින් වටලන ලදි. 

එම අවස්ථාවේදී වැලිවේරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් තිදෙනෙක් සිරිසේන විසින් එම ක`දවුරට යවන ලද අය වූහ. මේ මිනිසුන් සංවිධානයට සිරිසේනගේ තිබූ සම්බන්ධය අනාවරණය කරන්ට ඇතැයිද, එහි ප්‍රතිඵලයක් වශයෙන් සිරිසේනගේ ඉඩම සහ ඔහු බෝම්බ සඟවා තිබූ තැන පරීක්ෂාවට භාජනය වීමට ඉඩ ඇතැයිද බය වූයේය. ඒ නිසා යක්කල ගෙයකට බෝම්බ සහ අනෙක් පුපුරණ ද්‍රව්‍ය ගෙනයාමට ඔහු මට කීවේය. මේවා ඉවත් කිරීමට පෙර සිරිසේන මා යක්කලට කැටුව ගොස් ප්‍රේමසිරි නම් අයෙකුට මාව හ`දුන්වා දී ඔහුත් සමඟම ගෙයකට ගොස් ්එහි සිටි කිසියම් අයකු සමඟ එහි බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය තැබීමට සූදානම් කළේය. මෙම ගෙය යක්කල හන්දිය කිට්ටුව පිහිටා තිබේ. හරියටම ස්ථානය හෝ බෝම්බ තැබීමට භාරගත් පුද්ගලයාගේ නම මම නොදනිමි. 

ඉහත ස`දහන් පොලිස් වැටලීම නිසා, වැලිවේරිය අතහැර, ක`දානේ ගරාජයට විරුද්ධ පැත්තේ ගෙයක අපි තිදෙනාම පදිංචි වීමු. මෙම ගෙයද මාසයකට පමණ පෙර අපේ ව්‍යාපාරය විසින් කුලියට ගන්නා ලදි. ඇත්ත වශයෙන් මාසයකට රු. 75/} ක් බැගින් කුලිය ස`දහා මෙම ගෙය කුලියට ගත් පුද්ගලයාද මම වෙමි. (පරීක්ෂණය දවල් ආහාරය ස`දහා කල් දමන ලදි) පස්වරු 1.10 (පස්වරු 1.45 පරීක්ෂණය යළි ඇරඹේ.)

එක් දවසක් උතුරු කොළඹ අපේ සාමාජිකයන්ට, අත්බෝම්බ සෑදීමේ ක්‍රමය පිළිබ`දව පන්තියක් පැවැත්වීමට ටී.ඩී. ගේ ගෙදරට යාමට ලොකු අතුල හීන්බණ්ඩාට කීවේය. කියන ලද දවසක හීන්බණ්ඩා, ආනන්ද සහ සරත් සමඟ මමද ටී. ඩී. ගේ ගෙදරට ගියෙමි. ටී. ඩී. ගේ ගෙදරදී විෙජ්වීර සහ චුකී අපට හමුවිය. විෙජ්වීර හීන්බණ්ඩා පැමිණ අරමුණ ගැන ප්‍රශ්න කළේය. ඔහු බෝම්බ සෑදීම පිළිබ`දව පන්තියක් පැවැත්වීමට පැමිණි බව කී විට පන්තිය එහි නොපෙන්වන ලෙසත්, වෙනත් තැනක පවත්වන ලෙසත් විෙජ්වීර කීවේය. 

කොළඹ උතුර ප්‍රදේශයේ දිස්ත්‍රික්ක ලේකම් වූ චුකී පන්තියට පැමිණීම ස`දහා පුද්ගලයන් කීප දෙනෙකු රැගෙන විත් ඔවුන්ව මග නතර කොට පැමිණ සිටියේය. චුකී බඩල්ගම හන්දියේ තිලකේ නම් අයකු වෙත අපව ගෙන ගියේය. චුකී මග නතර වූ අතර දෙල්වපුර හන්දියෙන් සැතපුම් කාලක් පමණ ඔබ්ඛෙහි වූ තොගියලෙල්ල හි ගෙයකට අපව ගෙන යන ලදි. මෙම ගෙය කාගේද යනු මම නොදනිමි. මේ ගෙදරට යන විට එහි ඉදිරිපස කාමරයේ චුකී විසින් ගෙන එන ලද පුද්ගලයන් පස් දෙනෙක් සිටියහ. ගෙදර ඉතිරි ඒවා වසා තිබුණු අතර ගෙයි ඇතුළේ කිසිවෙක් නොවීය. බෝම්බ නිපදවිය හැකි ක්‍රම දෙකක් හීන්බණ්ඩා කර පෙන්නුවේය. ඔහු ඩෙටනේටරයක් සමඟ ජෙලොග්නයිට් කෑල්ලක් සහ පියුස්වයරයක් ගෙන බෝම්බයක් සාදන ආකාරය සහ පොටෑස්, මනෝසීල, සහ පියුස් වයරයක් ගෙන බෝම්බයක් සාදන ආකාරයත් පෙන්නුම් කළේය. හීන්බණ්ඩා බෝම්බ සාදා පෙන්වීමට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය සහ හිස් ටින් දෙකක් තමා සමඟ ගෙනවිත් තිබුණී.

සල්ෆියුරික් ඇසිඩ් අඩංගු කැපිලරි ටියුබයක ආධාරයෙන් බෝම්බයක ෆියුස් වයරයක් එකතු කරන ආකාරයද හීන්බණ්ඩා ඔවුනට කර පෙන්නූයේය. පන්තියට පැමිණි අයගෙන් බඩල්ගම බර්ටි, අඟසරා සහ සුමනපාලව මම හ`දුනා ගතිමි. අඟසරා සහ සුමනපාල පදිංචි වුණේ කොහිදැයි මම නොදනිමි. මම පන්තියට පසුව ආපසු ගෙදර පැමිණියෙමි. දින දෙකකට පමණ පසුව, මීරිගම කැලෑබද ප්‍රදේශයක අත්බෝම්බ නිපදවීම පිළිබ`ද තවත් කර පෙන්වීමක් හීන්බණ්ඩා විසින් පවත්වන ලදි. බදුල්ලෙන් දිසානායක නම් අයෙක් සහ තවත් දෙන්නෙක්ද නුවර පාර පැත්තෙන් සය දෙනෙක්ද මේ පන්තියට පැමිණියහ. නුවරපාර පැත්තේ අයගෙන්, සුමනසේනව සහ වැලිවේරියේ සිරාගේ සහෝදරයා හ`දුනා ගතිමි. මම ඔහුගේ නම නොදනිමි. යක්කල ප්‍රේමසිරි විසින් ඉහතදී කියන ලද සය දෙනකුව පන්තියට ගෙන එන ලදි. කෙසේ වුවත් ප්‍රේමසිරි පන්තිය ස`දහා රැ`දී නොසිට කල් ඇතිව ආපසු ගියේය. මෙම පන්තිය පැවැත්වූ පසු, ලොකු අතුල ගරාජයේදී අපව හමුවී, අත්බෝම්බ නිපදවීම ස`දහා අපේ සාමාජිකයන්ට උපදෙස් දීමට, නුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, අම්පාර, සහ පොලොන්නරුව යන ප්‍රදේශවල යාමට මට කීවේය. එම පරමාර්ථය ස`දහාම කලූතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, සහ වෘත්තිය සමිති අංශයට යාමට හීන්බණ්ඩාට උපදෙස් දුන්නේය. 

කොළඹ දිස්ත්‍රික් අංශයේ පුද්ගලයන්ට උපදෙස් දීමට වැලිවේරියේ සිරිසේනව පත් කරන ලදි. එම අංශය නම්, කොළඹ උතුර ප්‍රදේශයෙන් කොළඹ සිට බඩල්ගම දක්වා, කොළඹ දකුණේ ප්‍රදේශයෙන් කොළඹ සිට පානදුර දක්වා, නුවරපාර පැත්තෙන් කොළඹ සිට වේයන්ගොඩ දක්වා, සහ කැළණි වැලි අංශයෙන් හංවැල්ල දක්වාද විය. ලොකු අතුල විසින් උපදෙස් දෙන ලද පරිදි, නිතරම ගැරේජයට ඒමට පුරුදුව සිටි අම්බලන්ගොඩ තිස්ස සමඟ මම නුවරට ගියෙමි. නුවරදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ දිස්ත්‍රික්ක ලේකම් වූ රංජිත් නම් අයකුට තිස්ස මාව හ`දුන්වා දුන්නේය. නුවර සංවිධානය පන්ති ස`දහා සූදානම්ව නොසිටි බැවින් මම තිස්සත් සමඟ රාත්‍රිය සංඝාරාමයේ නතරවීමි. පසුවදාද ඔව්හු පන්ති ස`දහා සූදානම් නොවූහ. 

එදා සවස විෙජ්වීර සංඝාරාමයට පැමිණ රංජිත්ව හමුවූයේය. පෙරදා රාත්‍රිය රැ`දී සිටි කාමරයේ මමද මේ වන විට රැ`දී සිටියෙමි. එය කාගේ කාමරයදැයි මා නොදන්නා නමුත් එහි ටෙලිෆෝනයක් තිබුණි. මෙම කාමරයේදී විෙජ්වීර රංජිත්ගේ දිස්ත්‍රික්කයේ තුවක්කු පතොරම් පිළිබ`ද තත්ත්වය ගැන විමසුවේය. විෙජ්වීරගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් රංජිත් විවිධ විස්තර දුන් නමුත් රංජිත් තිබේ යයි කී තුවක්කු සහ පතොරම්වල විස්තර මට දැන් මතක් කළ නොහැක. මෙම සංවාද කාලය තුළ අත්බෝම්බ නිපදවීම පිළිබ`ද කලාව ගැන නුවර මිනිසුන්ට උපදෙස් දීමට කොළඹින් කිසිවකු එවනු ලැබ නැද්දැයි විෙජ්වීර රංජිත්ගෙන් ඇසුවේය. රංජිත් එවිට මාව විෙජ්වීරට පෙන්වා මේ පරමාර්ථය ස`දහා එවා සිටින පුද්ගලයා මා බව කීවේය. එවිට මේ පිළිබ`දව වැඩ ඉක්මන් කිරීමට විෙජ්වීර මට කීවේය. ෆියුස් වයරය පිලිස්සෙන ප්‍රමාණය සාමාජිකයන් ට දුන් බවද, එය ඔවුන් කැමති වේලාවකට තැබූ බවද මම පිළිතුරු වශයෙන් කීවෙමි. එවිට කාලය විනාඩි 5කට තැබීමට මා ඔවුන්ට උපදෙස් දිය යුතු යයි විෙජ්වීර මට උපදෙස් දුන්නේය. සම්පූර්ණ සංවාදය පැයකින් පමණ අවසන් වූයේය. එය අවසානයේදී විෙජ්වීර සහ රංජිත් කොහි හෝ ගියේය.

එදා සවස දඹුල්ල ප්‍රදේශයේ වැඩ කරන අම්බලන්ගොඩ සේනානායක ඉහත ස`දහන් කළ සංඝරාමයේ කාමරයට ආවේය. මාව හ`දුනාගත නොහැකි යම් පුද්ගලයකු සමඟ ඔහු පැමිණියේය. අප කාමරයේ සිටින විට රංජිත් විෙජ්වීර සහ ලයියා සමඟ ආවේය. විෙජ්වීර සේනානායකගේ ප්‍රදේශයේ තුවක්කු සහ පතොරම් තත්ත්වය විමසුවේය. සේනානායක විස්තර සැපයුවේය. සේනානායක ඊට ටිකකට පසු ඔහුගේ මිත්‍රයා සමඟ යන්ට ගියේය.

රෑ කෑමට පසුව අපි සතර දෙනා ව්‍යාපාරය පිළිබ`දව සාකච්ඡාවක් කළෙමු. විෙජ්වීර ටින් අත්බෝම්බ වලට වඩා දේශීය වශයෙන් නිෂ්පාදිත ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බ වල ඇති වාසි ලයියා සමඟ කියනවා මට මතකය. විෙජ්වීර මේ කරුණ ගැන ලයියාට කියන විට දේශීය වශයෙන් නිෂ්පාදිත ආවරණයන් සෑදූ වැඩපලේ වැඩ කර තිබූ බව කීමට මම ඔවුන්ගේ කථාවට සම්බන්ධ වීමි. එවිට විෙජ්වීර එබ`දු ආවරණ කීයක් සාදන ලදද සහ නිෂ්පාදන වියදම ආදී වශයෙන් මගෙන් ඇසුවේය. එයින් එකක් රු. 3.50 සිට රු. 5.00 දක්වා වටින බවත්, නමුත් සනී එකකට අඩු වශයෙන් රු. 5} ක් වත් ගෙවීමට යයි අපේක්ෂා කළ බවත්, මම ඔහුට කීවෙමි. සනී කෙසේ ද කියා ඔහු මගෙන් නොවිමසූ අතර, ඔහු සනීව හ`දුනන බව මම සිතුවෙමි. ආවරණයන් 2000 ක් නිෂ්පාදනය කරන ලද බවත්, බදුල්ලට ඒ වනවිටත් 500 ක් යවන ලද බවත්, 1000 ක් අනුරාධපුරයට යවන ලද බවත්, ඉතිරිය කොළඹ තිඛෙන බවත්, මම කීවෙමි. තවත් බොහොමයක් තවමත් නිෂ්පාදනය කරනු ලබමින් පවත්නා බවද මම කීවෙමි. යම් අයෙකුව කොළඹට යැවීමටත් එෙ`ඩ්රමුල්ලේ ටී.ඩී. සිල්වාගේ ගෙදරදී ලොකු අතුල සමඟ එක්වීමටත්, නුවරට පතුරොම් 1000 ක් ගෙන ඒමටත් විෙජ්වීර රංජිත්ට කියනවා, සැන්දෑවීමට පෙර මට ඇසුණු බව මට මතකය.

ව්‍යාපාරයේ සාමජිකයකු වන සංඝාරාමයේ පදිංචි වී සිටින මල්ලී නම් අයෙකු සමඟ පසුවදා මා නුවර එළියට යාමට නියමිතව තිබුණි. මල්ලී පෙනෙන්ට නොසිටි බවත්, ඉන්පසුව මා විමසන විට පතුරොම් 1000 ක් එකතු කිරීමට කොළඹට යවන ලද පුද්ගලයා මල්ලී බවත් මම දැනගතිමි. එම සැන්දෑවේදී මිනිසුන් හතකට හෝ අටකට අත්බෝම් නිෂ්පාදනය පෙන්වා දීමට පංතියක් පැවැත්වීමි. මෙම පංතිය සරසවි උයන දුම්රිය ස්ථානය කිට්ටුවදී පවත්වන ලදි. මෙම ගෙය තට්ටු දෙකක එකක් වූ අතර එය කාට අයිති දැයි මම නොදනිමි. එදා සවස මල්ලී කොළඹ සිට ආපසු ආ අතර, අපි දෙන්නා රාත්‍රි තලවකැලේට ගියෙමු. 

තමාට කොළඹින් පතුරොම් ලබාගන්නට නොහැකිවූ බව දුම්රියේදී මල්ලී මට කීවේය. පෙරවරු 1.30 ට පමණ අපි තලවකැලේට ළඟාවීමු. දුම්රිය ස්ථානයට කිට්ටුව, පියසේන නම් අයකුගේ ගෙයකට මල්ලී මාව කැටුව ගියේය. අපි එහි රාත්‍රිය ගත කළෙමු. පසුවදා නුවරඑළියේ දිස්ත්‍රික් ලේකම් කපිල මේ ගෙදරට පැමිණ මාව හමුවිය. අත්බෝම්බ සෑදීම පිළිබ`දව පංතියක් එදින සැන්දෑවේ කිසිවෙක් පදිංචි නැති තේ වත්තක
ගෙයක පැවැත්වූයෙමි. මම රාත්‍රිය පියසේනගේ ගෙදර නැවතී සිට, වැලිමඩ සංවිධායකයන්ට මාව හ`දුන්වා දීම ස`දහා පුද්ගලයකුද සමඟ, පසුවදා බසයෙන් වැලිමඩට ගියෙමි. ඒ පුද්ගලයාගේ නම මම නොදනිමි. දැනටමත් මා විසින් ස`දහන් කරන ලද මීරිගම පංතියට කලින් පැමිණ සිටි දිසානායක මට වැලිමඩදී හමුවූයේය. දිසානායක මාව හ`දුනාගත් පසු මා සමඟ වැලිමඩට පැමිණ සිටි පුද්ගලයා යන්ට ගියේය. වැලිමඩ එස්. බී. ගේ ගෙදරට දිසානායක මාව කැටුව ගියේය. මම එදා රෑ වැලිමඩ එස්. බී. ගේ ගෙදර නතරවීමි. පසුවදා එස්. බී. මාව වැල්ලවායට කැටුව ගොස් පාසැල් ගුරුවරයෙකුට මාව හ`දුන්වා දුන්නේය. මම ඔහුගේ නම හෝ පාසලේ නම නොදනිමි. 

මම රාත්‍රිය පාසල් ගුරුවරයාගේ ගෙදර ගත කළෙමි. පසුදා මා නොදන්නා පුද්ගලයකු සමඟ මොණරාගලට පිටත් කරන ලදි මොණරාගල නගරයේ ගමගේ නම් අයෙකුට මාව හ`දුන්වා දෙන ලදි. එහි සංවිධායකයන් මාගේ පැමිණීමට සූදානම් නොවී සිටි නිසා මම වහාම කොළඹ පැමිණියෙමි. තවත් පංතියක් බඩල්ගම පවත්වන ලදි. බඩල්ගම හන්දිය කිට්ටුව ගෙයක පවත්වන ලද මෙම පංතියට එම ප්‍රදේශයේ සිටින බඩල්ගම තිලකේ සහ සෝමපාල මෙම පංතියට පැමිණියහ. විවිධ ප්‍රදේශවලට බෝම්බ ඛෙදා හැරීමේදී සිදුවූ බව මා විසින් ස`දහන් කරන ලද බෝම්බ පිපිරීම නිසා අබලන් වූ අතක් ඇති පොඩි අතුලට සහාය වනන්ට යයි මාර්තු අග හරියේදී පියතිලක මට කීවේය. එක් අවස්ථාවක කටුබැද්දේ පරණවිතානගේ ආතාගේ ගෙදරට මම බොම්බ 1200 ක් පමණ ලොරියකින් ප්‍රවාහණය කළෙමි. මෙහි බෝම්බ තැබීමට සූදානම් කරන ලද්දේ පරණවිතාන විසිනි. 

මෙම බෝම්බ වලින් 200 ක් පමණ බෝම්බ පියතිලකට අවශ්‍ය විය. මේ බෝම්බ පරණ කාර් එකක එක් රැස් කිරීමට මා සමඟ කටුබැද්දට ගිය මහරගම බණ්ඩා නම් අයෙක් මේවා ගෙනයාමට භාරගත්තේය. තවත් අවස්ථාවකදී, කපිල මෝටර්ස් හි තිබුණු එස්. ඩී. බණ්ඩානායකගේ වොක්ස්වැගන් කාර් එකෙන් ව්‍යාපාරයේ තවත් සාමාජිකයෙකු- සමඟ ගොස් කටුබැද්දෙන් බෝම්බ 100 ක් එක්කොට ඒවා ආපසු ගැරේජයට ගෙන ආවෙමි. පසුවදා බෝම්බ එක් කිරීමට අම්පාරේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ගරාජයේ සිට කාර් එකකින් මා සමඟ නවරත්න බණ්ඩාගේ ආතාගේ ජාඇල ගෙදරට ගියෝය. ඒ අවස්ථාවේදී බෝම්බ 100 ක්, ඩයිනමයිට් පෙට්ටියක්, ඩිටොනේටර්ස්, සහ ෆියුස් වයර් අපි ගෙන ගියෙමු. ෆියුස් රෝල් 10ක් පමණ සහ ඩිටොනේටර්ස් 500ක් පමණද තිබුණි. මෙවරද ඇලඩින් විසින් පදවන ලද එස්. ඩී. බණ්ඩාරනායකගේ කාර් එකෙන් අපි ගියෙමු. අම්පාරෙන් පැමිණ සිටි පුද්ගලයන් දෙන්නා ජාඇල දී කාර් එකක් කුලියට ගෙන, ඉහත ස`දහන් කළ බෝම්බ සහ අනෙක් පුපුරණ ද්‍රව්‍යත් පටවා ගෙන පියසිරිගේ සහෝදරියත් තවත් නෝනා මහත්මියකුත් සමඟ අම්පාරට ගියහ. 

මට නම මතක් කළ නොහැකි විද්‍යෝදයේ යම් අයකු විසින් බෝම්බ දෙන්නට යයි මට කියා තිබුණු රත්නපුරයේ තවත් පුද්ගලයකුටද බෝම්බ 50ක් යවන ලදි. ගැරේජයේ කලින් ගෙන එන ලද ඩයිනමයිට් පසුම්බි දෙකක් සමඟ ඉතිරි බෝම්බද පියසිරි විසින් කුලියට ගෙන තිබුණු මාකොළ ගෙයකට මා විසින් ප්‍රවාහනය කරවන ලදි. මා මෙය කළේ පොඩි අතුලගේ උපදෙස් පිටය. ඊට පසුව බෝම්බ නිෂ්පාදනයේදී ප්‍රයේජනයට ගනු ලැබීමට හැකිවන පරිදි මම මේ ඩයිනමයිට් පෙට්ටි දෙක සනීගේ වාත්තු වැඩපලට ගෙන ගොස් එහි තැබීමි. 

පොඩි අතුලගේ උපදෙස් පිට මැද කොළඹ දිස්ත්‍රික්කයේ පත්මබන්දු නම් අයකුට මම බෝම්බ 350ක් දුන්නෙමි. ඔහු ඒවා මාකොළ එකතු කොට ලොරියකින් ගෙන ගියේය. බෝම්බ වලින් ඉතිරි ඒවා මාබෝලේ රාජා විසින් ගන්නා ලදි. පොඩි අතුලගේ උපදෙස් පිට දෙන ලදි. ඔහුද ඒවා ලොරියකින් ගෙන ගියේය. මේවාද පොඩි අතුලගේ උපදෙස් පිට දෙන ලදි. මේ සෑම බෝම්බ ප්‍රවාහනයක්ම මාර්තු අග හරියේදී සිදුවිය. ඉහත ස`දහන් කරන ලද බෝම්බ 1200 පුරවන ලද්දේ, සනීගේ වාත්තු වැඩපලේදී ආනන්ද සහ පියසිරි විසින් එවන ලද පිරිමි ලමයින් දෙදෙනෙකු විසිනි. පසුව ගමගේ විසින් දෙන ලද දිනයක මම මොණරාගලට ගොස් දඹගල්ලේ පංතියක් පැවැත්වූයෙමි. මෙම පංතියට සයදෙනෙක් පමණ පැමිණියහ. මම ඔවුන්ගේ නම් නොදනිමි. දඹගල්ලේ බණ්ඩාර නම් අයකු විසින් මම අම්පාරට ගෙනයනු ලැබ එහිදී දිස්ත්‍රික් ලේකම් නිස්සංකට හ`දුන්වා දෙනු ලැබුවෙමි. මෙහිද සංවිධායකයන් සූදානම්ව නොසිටි නිසා නොදන්නා පුද්ගලයකු සමඟ මාව පොලොන්නරුවට යවන ලදි. එහිදී මම එහි දිස්ත්‍රික් ලේකම් සුසිල්ට හ`දුන්වා දෙනු ලැබුවෙමි. ඔව්හුද මගේ පැමිණීම ගැන සූදානම්ව නොසිටියහ. එම නිසා මම කොළඹට පැමිණියෙමි.

ජ.වි.පෙ. විසින් අන්තිමට හයිඩ්පාක් පිට්ටනියේ පවත්වන ලද රැස්වීමට මම ගියෙමි. 1971 පෙබරවාරි අග දිසාවට පමණ මෙම රැස්වීම පවත්වන ලද බව මට මතකය. රැස්වීමට පසුව මම පියතිලකත් සමඟ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ගියෙමි. එහිදී මට විෙජ්වීර මුණ ගැසී දැනටමත් මා ස`දහන් කර ඇති මගේ විවිධ ගමන් ගැන ඔහු මගෙන් ඇසුවේය. මාගේ ගමන ගැන මම විස්තරයක් දුන්නෙමි. එවිට ඉක්මන් වැඩ පිළිබ`ද ඇති අවශ්‍යතාව ගැන විෙජ්වීර මාව උනන්දු කරවූයේය. ඊට පසු මම අම්පාරට ගොස් එහි පංතියක් පැවැත්වීමි. ඊට පසු මම එතැනින් හිඟ=රක්ගොඩට ගොස් සෝමා නම් අයෙකුගේ ගෙදර තවත් පංතියක් පවත්වා ආපසු කොළඹට ආවෙමි. 

කොළඹට මා ආපසු එන ගමනේදී එක් පැත්තකින් ලොකු අතුල සහ සනත් අතරත්, අනෙක් පැත්තෙන් පියතිලක හා විෙජ්වීර අතරත් ආරවුලක් ඇති බව දැන ගත්තෙමි. මාර්තු මුලදී පොඩි අතුලගේ ගෙදරදී මා හමුවූ විට, ශිෂ්‍ය අංශයේ අපේ සහායකයන්ට බෝම්බ නිෂ්පාදනය පුරුදු කිරීමට විෙජ්වීර මට උපදෙස් දුන්නේය. ඊට පසු සරත්, හීන්බණ්ඩා, ආනන්ද සහ මා හැර දොළොස් දෙනෙකු පමණ සිටි පංතියක් මම විද්‍යෝදයේදී පැවැත්වීමි. මෙම පංතියේ සිටි අය අතර, විද්‍යෝදයේ පූජ්‍ය නන්දසිරි, මාබෝලේ රාජා, සහ පාලිත යන අය සිටියහ. ඊට පසුව (මාර්තුවේදී) වරාය කොමිෂන් සභාවේ වැඩ කරුවන් විසින් පදිංචිවනු ලැබ ඇති, මාතර තානායමට විරුද්ධ පැත්තේ ඇති බෝඩිමක අපේ සංවිධානයේ වෘත්තීය සමිති වල සාමාජිකයන් ස`දහා මම තවත් පංතියක් පැවැත්වීමි. මෙම පංතියට පැමිණි අයගේ නම් මම නොදනිමි. නමුත් මෙම පංතිය සංවිධානය කරන   ලද්දදේ නවරත්න බණ්ඩා විසින් මට හ`දුන්වා දුන් ගුණා නම් අයකු විසිනි. 

පියතිලකගේ උපදෙස් පිට මම හොරණටද ගොස් එහිද තවත් පංතියක් පැවැත්වීමි. මෙය කලූතර දිස්ත්‍රික් ලේකම් දයානන්ද විසින් සංවිධානය කරන ලදි. පසුව මම ත්‍රිකුණාමලයට සැම්සන් සිරිපාලත් සමඟ ගොස්, මට නම මතක් කළ නොහැකි තවත් පුද්ගලයන් කීපදෙනෙකු හමුවීමි. ඔවුන් සූදානම් වී නොසිටි බැවින් මම එහි කිසිම පංතියක් නොපැවැත්වීමි. ත්‍රිකුණාමලයේ සිට ආපසු පැමිණි පසු රත්මලානේ සුභසිංහ විසින් සංවිධානය කරන ලද පංතියක් අත්තිඩියේ පැවැත්වූයෙමි. එම පිරිමි ළමයි දෙදෙනා වරාය කොමිෂන් සභාවේ කුමාලෝනා සහ වරාය කොමිෂන් සභාවේ වැඩකරන මා නම නොදන්නා තවත් පිරිමි ළමයෙක්ද වෙති. මාර්තු මුල හරියේදී, පියසිරිගේ උපදෙස් පිට රාගම රෙක්ස් වෙතට හිස් ආවරණ 700ක් පමණ මම යැවීමි. මේවා ගෙනයාමට රෙක්ස් වාත්තු වැඩපලේදී භාර ගත්තේය. ඔහු ඒවා ලොරියක ගෙන ගියේය. 

බෝම්බ නිෂ්පාදනය කිරීමේ ක්‍රමය අප්‍රේල් 5 වැනිදා දක්වා සනීගේ වැඩපලේ හරියාකාර කරගන යනු ලැබුවා. අප්‍රේල් 5 වැනිදා වන විට ඛෙදා හැරීමට සූදානම්ව බෝම්බ 500ක් පමණ එහි තිබුණි. මෙම ප්‍රමාණයෙන් චුකී, ආනන්දත් සමඟ බෝම්බ 100ක් අප්‍රේල් 5 වැනිදා සවස අරගන ගියේය. 1971 අප්‍රේල් මස 5 වැනිදා රාත්‍රි පහරදීමට යෝජනා කර ඇති බව අප්‍රේල් 3 වැනිදා මම පියතිලකගෙන් දැනගතිමි. අප වැඩ කරමින් සිටියේ මේ විප්ලවය ස`දහා බව මම දනිමි. අප්‍රේල් 5 වැනිදාට මට විශෙAෂ කාර්යයක් භාර දුන්නේ නැත. එදා ම සරත් සමඟ වාත්තු වැඩපලේ සිටියෙමි. මධ්‍යම රාත්‍රියේ 12.00ට පමණ මම සරත් සමඟ තත්ත්වය සොයා බැලීමට පෑලියගොඩ දෙසට ආවෙමි. දුම්රිය පාලමට නුදුරුවදී තුවාල සහිතව අප දෙසට එන පිරිමි ළමෝ තිදෙනෙක් අපට හමුවූහ. ඔවුන්  චිත්‍රපටයක් බලා එන විට ඔවුන්ට පොලිසිය පහර දුන් බව ඔව්හු අපට කීහ. කකුලක තුවාලයක් තිබුණු එයින් එක් අයෙක්, ඔහුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ගෙන යන ලෙස අපෙන් ඉල්ලා සිටියේය. ඔව්හු පිලපිටිය දෙසට යමින් සිටියහ. අපිද ආපසු හැරුණෙමු. පිලපිටියට පැමිණ සරත්ව පිලපිටියේ දමා මම තුවාල වූ පුද්ගලයාව බයිසිකලයකින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට රැගෙන ගියෙමි.

පසුදා උදේ (අප්‍රේල් 6) මම සනී සමඟ ඔහුගේ මෝටර් බයිසිකලයෙන් පෑලියගොඩ, කොළඹ නගරය, මහබාගේ, සහ කඩවත  තත්ත්වය සෙවීමට ගියෙමි. කඩවතදී පොලිස් ස්ථානය අසල මිල්ටන් මැරී වැටී සිටිනවා මම දුටුවෙමි. සනී මිල්ටන්ව දන්නවාදැයි මම නොදනිමි. කෙසේ
වුවත් ඒ මිල්ටන්ගේ ශරීරය බව මම සනීට කීමි. මම පිලපිටියේ නැවතී සිටියෙමි. 6 වැනිදා සරත් කෝට්ටෙට ගියේය. පෙරළා පැමිණියේ නැත. දින 3කට පමණ පසුව ආනන්ද ආපසු පැමිණ ඔහු ගුවන් හමුදාවට පහරදීමට චුකී සහ කණ්ඩායමක් සමඟ ගිය නමුත් ස්ථානය දැඩිව මුරකරමින් තිබූ නිසා පහරදීමට බැරිවූ බව මට දැන්වූයේය. අප්‍රේල් 12 වැනිදා පමණ දිනෙක වාත්තු වැඩපලේ තිබූ ඉතිරි බෝම්බ සහ නඩු පැවරිය හැකි හෝ වරද පැටවිය හැකි අනෙක් දේවල්ද, පොලිසිය ඒවා සොයා ගනී යයි තිබූ බිය නිසා ඉවත් කිරීමට සනීට උවමනා විය. ඒ අනුව එදා රෑ සනී, ආනන්ද (වේලාව පස්වරු 4.45 යි. පරීක්ෂණය කල් තබනු ලැබේ. සැකකරුවා රාත්‍රියට කුරු`දුවත්ත පොලිස් ස්ථානයට යවනු ලැබේ.)

71.8.9 පෙරවරු 8.45 පරීක්ෂණය යළි ආරම්භ කෙරේ. (1971 අගෝස්තු 7 සහ 8 ප්‍රසිද්ධ නිවාඩු දවස්ය.) එම්. එස් විෙජ්පාල සිල්වා නැවත කැ`දවනු ලැබ ප්‍රකාශ කරයි. මාටින් සහ මම, බෝම්බ, ආවරණ, ආකෘති, අඩංගු සන්ලයිට් පෙට්ටි 4ක් සහ ගෝනි දෙකක් සහ කෝ බොක්සස් ද ගෙන ගියෙමු. මේවා ගෝනි මලූ සහ සන්ලයිට් පෙට්ටිවල සනී විසින් අසුරන ලදි. මේ සියල්ල අපට එක් වරම ගෙනයාමට නොහැකි විය. ඒවා කීප වාරයකදී ගෙනයාමට අපට සිදුවිය. පිලපිටිය පල්ලිය අසල තැනකින් අපි මේවා කැළණි ගෙඟ් ගිල්වූයෙමු. මේවා ගිල්වන ලද තැන මට පෙන්විය හැකිය. 

අප්‍රේල් 16 වැනිදා පමණ යම් දවසක ආනන්දත් මමත් අපේ ගම්වලට යාමට තීරණය කළෙමු. එදාම එහි පැමිණි සරත්ව මට හමුවිය. ඔහු නුගේගොඩ මම නැවතී සිටිය හැකි ස්ථානයක් දැක්වූයේය. ඇඹුල්දෙණිය හන්දිය අසල පිහිටා ඇති මේ නිවසට ගිය පසු, එම නිවසේ කාමරයක් කුලියට ගෙන ඇති සුගතනාම සමඟ මම නැවතී සිටියෙමි. සති දෙකක පමණ කාලයක් මම මෙහි රැ`දී සිටියෙමි. ඊට පසු මම කපිල මෝටර්ස් වෙත ගියෙමි. මට එහිදී උයන්ගොඩ හමුවිය. තෙල්මෝලට විරුද්ධ පැත්තේ පිහිටි, අපේ සාමාජිකයන් කීප දෙනෙක් පදිංචි වෙමින් සිටි ගෙයකට උයන්ගොඩ මා රැගෙන ගියේය. එහිදී අපට චුකි හමුවිය. චුකී මා නම නොදන්නා තවත් අයකු සමඟ තොහියලෙල්ලේ ක`දවුරකට මාව යැව්වේය. ඒ වේලාවේ නායකයා වූ ගාන්ධි නම් අයෙකුට ක`දවුරේදී මාව හ`දුන්වා දෙන ලදි. 

පසුව දිස්ත්‍රික් ලේකම් වූ චුකී ක`දවුරට ආවේය. ක`දවුරට බැ`දීමට කැමති සාමාජිකයන් කැටුව ඒමට පසුවදා මාව කොළඹට යවන ලදි. මම සරත් හමුවී සුගතනාම ද එක් කර ගතිමි. මහරගම පාලිතද තවත් මා නොහ`දුනන අයකුවද සමඟ සතර දෙනාවම මම ක`දවුරට ගෙන ආවෙමි. මේ ක`දවුරේ සිටි අය නම්, විද්‍යෝදයේ සුනිල්, මැදකොළඹ ජයතිලක, බත්තරමුල්ලේ ජයන්ත, යන අය වූහ. පසුවදාද චන්ඩි විසින් තවදුරටත් සහකරුවන් ක`දවුරට ගෙන ඒම ස`දහා මා කොළඹට යවන ලදි. යක්කල ප්‍රේමසිරි සහ පියසිරිව මට හමුවිය. මම ඔවුන්ව මා සමඟ ගෙන ගියෙමි. හතර වෙනිදා මා ක`දවුරට ගිය පසු පොලිසිය ක`දවුර වටලෑවේය. අපි සියල්ලෝම විවිධ දිසාවලට දිවීමු. 

පසුදා උදේ මම සරත් සමඟ කොළඹට ආවෙමු. එතැනින් පසු සරත් මා හැර යන්ට ගියේය. ජාඇල තෙල් මෝලට විරුද්ධ පැත්තේ ගෙදර මම ගොස් නැවතුනෙමි. එතැන සිට මම සෑම දින දෙකකට හෝ තුනකටම මගේ වාසය වෙනස් කළෙමි. 1971 ජූනි 20 වැනිදා දක්වා මා රැ`දී සිටි ස්ථාන මෙසේය. වත්තල නවරත්න බණ්ඩාගේ ගෙදර, පිලපිටියේ සනීගේ ගෙදර, බත්තරමුල්ලේ ජයන්තගේ ගෙදර, සහ තිඹිරිගස්යායේ මන්ත්‍රි පාරේ මගේ නැන්දා කෙනෙකුගේ ගෙදර යන ඒවාය. සිංහල ප්‍රවෘත්ති පත්‍රයක දැන්වීමක් පරිදි, කඩවත විජිත හෝටලය සහ බේකරිය නම් කුඩා හෝටලයක රැකියාවක් ඉල්ලූම් කෙට එය ලබාගතිමි. 1971 ජූලි 2 වැනිදා පමණ දක්වා මම මෙහි වැඩ කළෙමි. 

මා මෙහි සිටි කාලයේදී මට හදිසියේ මෙරිල් ජයසිරි හමුවූයේය. ඊළඟට එන පෝයට පසුදා ඔහු කොළඹ මහ රෝහලේ ඔ.පී.ඩී. හි සිටින බවත්, අවශ්‍ය නම් ඔහුව හමුවන ලෙසත් ඔහු මට දැන්වූයේය. මම ඔහුව එකී දින හමුවීමි. ඔහු මගෙන් සාමාන්‍ය වැඩ කටයුතු ගැන විමසුවේය. මා කැමති නම් ඔහුට මාව අනුරාධපුරයට යැවිය හැකි බවද, කීවේය. තැපැල් දෙපාර්තමේන්තුවේ ඊ. මදනායක නම් අයෙකුගේ ලිපිනයක්ද ඔහු මට දුන්නේය. මට ජයසිරිි හමුවීමට අවශ්‍ය නම් මදනායක සමඟ සම්බන්ධ විය යුතු විය. මෝදර ලංකා ඔක්සිජන් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුක්ත බී.ඒ. සිරිපාල නම් අයෙකුගේ නම මම ඔහුට දුන්නෙමි. මා සමඟ එක්වීමට ඔහුට අවශ්‍ය නම් සිරිපාලගේ මාර්ගයෙන් එය කළ හැකිය. ඊට පසුව, ජයසිරි තමා සමඟ එක් වූ බවත්, ජයසිරි කාරියවසම් නම් අයකුගේ නමක් දුන් බවත්, කාරියවසම්ගේ මාර්ගයෙන් ජයසිරි සමඟ එක්විය හැකි බවත් සිරිපාල මට දැන්වූයේය. කොල්ලූපිටියේ තැපැල් ගොඩනැගිල්ලේ පස්වන තට්ටුවේ කාරියවසම් වැඩ කරන බවද කියවන ලදි. 

තත්ත්වය අසතුටුදායක වූ නිසා, ජුලි 2 වැනිදා පමණ මම කඩවත මෙමකුඩා හෝටලයේ වැඩ කිරීම නතර කළෙමි. මම මෙම ස්ථානය අත්හළ පසු මොරටුවට ගොස්, ඊට පසු රක්ෂාවක් සෙවීම ස`දහා ආපසු කොළඹට පැමිණියෙමි. අතරමගදී විවිධ ගොඩනැගිලි සාදන බිම් දුටුවෙමි. පසුව කොල්ලූපිටියේ (ගාලූපාරේ) ගොඩනැගිලි සාදන බිමක මම රක්ෂාවක් ලබාගතිමි. මා රක්ෂාවේ යෙදුණු බිමේ ගොඩනැගිල්ල ඉදිකරනු ලබමින් තිබුණේ, තුඩාවේ සහෝදරයන් විසිනි. එය පිහිටා තිබුණේ කොල්ලූපිටියේ රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට විරුද්ධ පැත්තෙනි. රහස් පරීක්ෂණ කාර්යාලය එසේ පිහිටා තිඛෙන බව මම කලින් දැන නොසිටියෙමි. දින කීපයකට පසුව කම්කරුවකු වෙතින් එම කාර්යාලය මා වැඩ කරන තැනට කිට්ටු බව දැනගතිමි. මා පොලිසිය විසින් හ`දුනාගනු ලැබේ යයි මම බියවීමි. නමුත් මම වෙන දෙයක් කර ගැනීමට නොහැකිවූ බැවින්, මා පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ දිනය දක්වාම මෙම ස්ථානයේ කම්කරුවකු වශයෙන් දිගටම වැඩ
කළෙමි. මා විසින් කලින් ස`දහන් කරන ලද රු. 800/} ක මුදල හැර වාත්තු කළ යකඩ ආවරණ නිෂ්පාදනය කිරීම ස`දහා අත්තිකාරම් ගෙවීම් වශයෙන් පහත ස`දහන් කරනු ලබන මුදල් මා විසින් වරින්වර සනීට ගෙවන ලදි. මේ මුදල් සියල්ල මට දෙන ලද්දේ පොඩි අතුල විසිනි. මට මතක් කළ හැකි පරිදි ඒ මුදල් පහත ස`දහන් පරිදි කොටස් වශයෙන් සනීට දෙන ලදි. රු. 500/}, රු. 450/}, රු. 500/}, රු. 1000/}, රු. 500/}, රු. 500/}, රු. 1000/}, මීට අමතරව එම අරමුණ ස`දහාම පියතිලක විසින් මට දෙන ලද රු. 2500/} ද සනීට මා විසින් දෙන ලදි. ඉහත ස`දහන් මුදල් ගෙවූ දිනයන් මට මතක නැත. තවත් අවස්ථාවකදී එම අරමුණ ස`දහාම ලොකු අතුල මා ඉදිරියේදී සනීට රු. 1000/} ක් දුන්නේය. මේ මුදල් දුන් දිනයන් මට මතක් කළ නොහැක. මේ ඉහත කී මුදල් වලට අමතරව, උපකරණ මිලයට ගැනීම ස`දහාද, සායම් මිලයට ගැනීම් ආදිය ස`දහාද, ආකෘතීන් සහ වාත්තු යකඩ ආවරණ නිෂ්පාදනය ස`දහාද පොඩි අතුල විසින් වරින්වර මට මුදල් දෙන ලදි. ඒ මුදල් එකතුවූ විට රු. 1025/} ක් පමණ වේ.

ආනන්දගේ, සරත්ගේ සහ මගේ යැපීම් ස`දහාද කොටස් වශයෙන් රු. 500/} ක් හෝ එපමණ මුදලක් පොඩි අතුල කොටස් වශයෙන් මට දුන්නේය. එක් අවස්්ථාවකදී කින්සි පාරේ චැනල් කාර්යාලයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ස`දහා පොඩි අතල මට රු. 35/} ක් දුන්නේය. පියතිලක අවස්ථා දෙකකදී රු. 1000/} සහ රු. 800/} බැගින් පොඩි අතුලට දීමට මට දුන්නේය. මම ඒවා ඔහුට දුනිමි. මේ මුදල් මා ලබාගත් දිනයන් හරියටම මට මතක් කළ නොහැක. මෙම මුදල් පොඩි අතුලට හෝ පියතිලකට දෙන ලද්දේ කවුරුන් විසින්ද යනුද මම නොදනිමි. ඉහතදී ස`දහන් කරන ලද රු. 100/} ලොකු අතුල කොහෙන් ගත්තාදැයි මම නොදනිමි. මා වැලිවේරියේ සිටියදී, ක`දානේ රංජිත් නම් අයකුට දීම ස`දහා මට ලොකු අතුල විසින් දෙන ලද 1,100/} ද ඔහු කොහෙන් ගත්තේදැයි මම නොදනිමි. මා රංජිත්ට දුන් රු. 1,100/} ද මම මීට පෙර ස`දහන් නොකළෙමි.

මා විසින් කලින් ස`දහන් කරන ලද සිග්මා ඉන්ඩස්ටී්‍රස් හි නිපදවන ලද ටින් 11,000 පහත ස`දහන් පරිදි ඛෙදන ලදි. එක් දිනක් පියසිරිද මමද කපිල මෝටර්ස් හි සිට ලොරියකින් ටින් 4750 ක් ගෙනගොස්, ජාඇල පියසිරිගේ මාමාගේ ගෙදර තැබුවෙමු. ටින් 4750 ආරක්ෂා සහිතව තැබීම ස`දහා ගුණේ අයකුට භාර දෙන ලද බව පසුව පියසිරි මට කීවේය. ටින් 11,000 න් ඉතිරි කොටස කෙසේ ඛෙදන ලදදැයි මම නොදනිමි. ඛෙදා හැරීම කරන ලද්දේ ලොකු අතුල විසින් වැලිවේරියේ සිරා සමඟය. කපිල මෝටර්ස් වලට විරුද්ධ පැත්තේ ගෙදර අප පදිංචිව සිටින විට, වැලිවේරියේ සිරා සහ ඇලඩින් වෑන් එකකින් පතුරොම් 2750ක් පමණ ගෙන ආවේය. එම රාත්‍රියේදීම පතුරොම් 1000ක් පමණ බදුල්ලේ සිට පැමිණි අපේ ව්‍යාපාර සාමාජිකයන් කීප දෙනෙකුට සිරිසේන විසින් දෙන ලදි. ඒවා ඛෙදා දෙන ලද්දේ ලොකු අතුලගේ උපදෙස් පිටය. එම රාත්‍රියේදීම ලොකු අතුලගේ උපදෙස් පිට සිරිසේන විසින් තවත් පතුරොම් 750ක් නුවර සිට පැමිණි අපේ ව්‍යාපාරයේ සාමාජිකයකුට දෙන ලදි. ඉතිරි පතුරොම් 1000 මා නැති විට සිරිසේන විසින් ඛෙදා දෙන ලදි. ඒවා ඛෙදා දෙන ලද ආකාරය මම නොදනිමි.

තවත් අවස්ථාවක (මට දිනය මතක් කළ නොහැකිය) පොඩි අතුල ගේ උපදෙස් පිට කලූතර අපේ ව්‍යාපාරයේ සාමාජිකයකුට ඩයිනමයිට් පෙට්ටියක්ද, ඩිටනේටර්ස් 500ක් පමණද, ෆියුස් වයර් රෝල් 10ක් පමණද, භාර දුන්නෙමි. මේවා ගබඩා කොට තිබුණේ ඇලඩින්ගේ ගෙදරය. තවත් අවස්ථාවකදී වැලිවේරියේ සිරාත් මමත් කඩවත ගෝනහේනේ ගෙදරකට ගියෙමු. එය කාගේ ගෙයක්දැයි මම නොදනිමි. එහි, පොටෑස් බැරල් 4ක් පමණද, මනෝසීල පෙට්ටි 2ක් පමණද, සල්ෆ ගෝනිමලූ 3ක් පමණද, තිබුණි. අපි තිදෙනාද ගෙදර පදිංචි කරුවාද ඉහත ස`දහන් කරන ලද පුපුරන ද්‍රව්‍යන් කිරා ඛෙදා හැරීම ස`දහා ඇසුරුවෙමු. මෙසේ කරන ලද්දේ රෑ කාලයේදීය. පසුවදා උදේ අපි තිදෙනා ක`දානේ ගරාජයට ආපසු ආවෙමු. පැකට් කරන ලද පුපුරණ ද්‍රව්‍යයන් කෙසේ ඛෙදා හරින ලදද, හෝ කාට ඛෙදා දෙන ලදද හෝ කියා මම නොදනිමි. ඉහත ස`දහන් කරන ලද පුපුරණ ද්‍රව්‍යන් කිරන ලද්දේ හෝ පැකට් කරන ලද්දේ කවදාදැයි මට හරියටම කිව නොහැක. නමුත් අප මෙය කළේ පොඩි අතුලගේ හදිසි අනතුරට පෙර බව මට විශ්වාසය.

(13.7.1971 වැනි දින වාර්තාගත කරන ලද පොඩි අතුලගේ ප්‍රකාශයේදී ඔහු විසින් ස`දහන් කරන ලද්දාවූද, පෑලියගොඩ පොලිසිය විසින් පොලිසියට භාරගනු ලැබුවාවූද, ලියකියවිලි වගයක් මම දැන් පෙන්වා ගෙන යමි.) (5 සලකුණු කර ඇති ලියවිල්ල පෙන්වනු ලැබේ.) 

මෙය පොලිස් ස්ථාන ලේඛනයක් ගැන ස`දහන් කරයි. මෙම ලියවිල්ල මා විසින් ලියන ලදි. එය මට කිව්වේ පොඩි අතුලය. (6 සලකුණු කරන ලද ලියවිල්ල පෙන්වනු ලැබේ.) මෙම ලියවිල්ලද පොඩි අතුල විසින් කියවනු ලැබ මා විසින් ලියන ලදි. (7 සලකුණු කරන ලද ලියවිල්ල පෙන්වනු ලැබේ) මෙම ලියවිල්ලද පොඩි අතුල විසින් කියවනු ලැබ මා විසින් ලියන ලදි. (8 සලකුණු කරන ලද ලියවිල්ල පෙන්වනු ලැබේ) මෙය මා විසින් නොලියන ලදි. (10 සලකුණු කරන ලද ලියවිල්ල පෙන්වනු ලැබේ) මෙයද මා විසින් නොලියන ලදි. (23 ලකුණු කරන ලද ලියවිල්ල පෙන්වනු ලැබේ) මෙය මා විසින් නොලියන ලදි. (24 ලකුණු කරන ලද ලියවිල්ල පෙන්වන ලදි) මෙය මා විසින් ලියන ලදි. නමුත් එය පොඩි අතුල හෝ වෙනයම් කිසිවකු විසින් මට නොකියවන ලදි.

මෙම ලියවිල්ලේ අංක 1285 පිලපිටියේ වැඩපොලේදී දේශීය වශයෙන් නිෂ්පාදිත ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බ පෙන්නුම් කරයි. 350 ආරම්භ වී 200 න් අවසන් වන අංක තීරය අදහස් කරන ලද ඛෙදා හැරීම් ක්‍රමය පෙන්නුම් කරයි. අනෙක් අංක තීර දෙක මගින් කුමක් අදහස් කරන ලදදැයි මට මතක් කළ නොහැක. පොඩි අතුල සමඟ කළ සාකච්ඡා කාලයක් ඇතුළත මා විසින් මේ ලියවිලි සූදානම් කරන ලදි. මෙම ප්‍රකාශනයේ මා ස`දහන් කළ ටී. ඩී. එෙ`ඩ්රමුල්ලේ ටී. ඩී. සිල්වාය. මට ස`දහන් කිරීමට ඇති සියල්ල මෙහි. කියවා විස්තර කරනු ලැබ නිවරද යයි පිලිගන්නා ලදි. හදිසි නීතිය යටතේ ප්‍රකාශනය වාර්තාගත කිරීමටත්, පරීක්ෂණය කිරීමටත්, මට බලය ඇති බව මම සැකකරුට විස්තර කළෙමි. නඩු විභාගයකදී මෙම ප්‍රකාශ කළ පුද්ගලයාටත්, මෙම ප්‍රකාශනයේ ස`දහන් පුද්ගලයන්ටත් විරුද්ධව මෙම ප්‍රකාශනය ප්‍රයෝජනයට ගනු ලැබිය හැකි බව මම තවදුරටත් ඔහුට දැන්වීමි. ප්‍රකාශනය කිරීමේ අරමුණ ඔහු තේරුම් ගෙන තිබීම ගැනත් ඔහු එම ප්‍රකාශනය ස්ව කැමැත්තෙන් කිරීම ගැනත් මම තවදුරටත් තෘප්තිමත් වෙමි. මම දැන් ඔහුගේ අත්සන ලබාගනිමි.

71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග )

Find Us On Facebook