Saturday, February 27, 2016

මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ vs ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි




යාපනය යුද හමුදා 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තමන්ට නිසි ලෙස ගෞරව නොකළ බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පවසයි. නිසි ලෙස ගෞරව යනු මර්වින් සිල්වා කලාක් මෙන් පසඟ පිහිටුවා වැඳීමද කියා ඔහු සිතනවා දැයි අප නොදනිමු. 

චාගි ගාල්ලගේ තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බළකාය හා පාබල හමුදා මෙහෙය වූයේ ය​. වන්නි මෙහෙයුමේදී දස්කම් දැක්වීය​. එහෙත් චාගි ගාල්ලගේ මෙන් කරුණාසේන හෙට්‌ටිආරච්චි රට වෙනුවෙන් කරන ලද මෙහෙයක් අප අසා නැත​. 

යුද්දය කාලයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටි හැට හුටාමාරක් වූ ලේකම් ලා අතිරේක ලේකම්ලා , ගනකාධිකාරීවරු , සහ අනෙකුත් නිලධාරීන් යුද්දය කරන්නේ තමන් ලෙස සිතමින් ක්‍රියා කල පම්පෝරි ආකාරයන් ගැන මටද වැටහීමක් තිබේ. 

මම හමුදා රෝහලේ සේවය කල කාලයේ වරක් මට  රන්ටැඹේ  කඳවුරට යාමට නියමිතව තිබුනි.   මට රන්ටැඹේ   කඳවුරට යාමට හමුදාවෙන් වාහනයක් නියමිතවී තිබුනද හමුදාවට අනවශ්‍ය ලෙස ඉන්ධන වියදම් දමන්නේ මන්දැයි කියා මම මගේ ඩොක්ටර් සනී වාහනයෙන් මගේ වියදමෙන් පෙට්‍රල් ගසාගෙන කොලඹ සිට රන්ටැඹේ  කඳවුරට  ගියෙමි. 

එදින  රන්ටැඹේ   කඳවුරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්ලා කියාගත් නිලධාරීන් පිරිසක් පවුල් සමග ඇවිත් ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින්  පිණට කකා බිබී සිටියහ​. ඔවුන්ට උසස් අන්දමට රාත්‍රී  ආහාරද කඳවුරෙන් සකස් කොට තිබුණි. එහෙත් එක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් ගේ ළමයෙක් රාත්‍රී ආහාර සඳහා තමන්ට ආප්ප අවශ්‍ය යැයි කීවෙන් එම නිලධාරියා ආරක්‍ෂක අමාත්‍යාංශයේ රථයක් රන්ටැඹේ   සිට මහියංගනයට යවා  ළමයාට ආප්ප පහක් ගෙන්වා ගත්තේය.​ 

යුද්ද කාලයේදී සොල්දාදුවන් සහ නිලධාරීන් ජීවිත පරදුවට තබා සටන් කරන් විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ මැක්කන් හමුදාවේ මුදල් වලින් බාල් නැටුවේ එලෙසටය​. 

30 comments:

  1. මෙතන තමයි ගැටලුව තියෙන්නේ තම තමන්ගේ රාජකාරිය මහජන මුදල් විනාශ නොකර හරියට නොකිරීම සහ ඉන්පසු එසේ හරියට කරන්නා දේශපාලන , ඔහුගේ පාසැල් පසුබිම, විශ්ව විද්‍යාල පසුබිම වැනි යමක් ඉදිරියට දමා පහර ගැසීම.. අන්වස්ය ගවුරව බලාපොරොත්තුවීම..

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය ගරුත්වය බලාපොරොත්තුවීම

      Delete
    2. මහාප්‍රාණ අකුරු ගහන්න බැහැනේ අප්පා...

      Delete
  2. /* ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි */

    අයි රුවන් ඔබත් මේ වරද කළේ?

    ඔය කියන තනතුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් (ප්‍රධාන ලිපිකරු) කමයි. ආරක්‍ෂක ලේකම් කියන්නේ ඇමරිකා එ.ජ. වැනි රටවල්වල ආරක්‍ෂක ඇමතිගේ තනතුරු නාමය.

    කෙසේ වෙතත් මං හිතන්නේ ඔය කියන පරිපාලන නිලධාරියා හිතාගෙන ඇති පොර තමයි නියෝජ්‍ය සේනාධිනායක කියලා!

    ඇයි ඔයිට කලින් හිටි ගෝඨාබය කියන මනුස්සයා තාමත් දෙයියෙක් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඝොටා කියන්නෙ දෙවියෙක් තමයි! ඒ මිනිහ බය නැතුව යුද්දෙ කරල කොටි විනාශ කරපු නිසා තමයි අපියි අපෙ දරුවොයි බය නතුව ඉන්නෙ. තමුසෙල අපේ බදු මුදලින් ඉගෙනෙගෙන දැන් රට රාජ්ය වල ගිහින් ලොරි ටෝක් දෙනව! මොකද තමුසෙලගෙ දරුවන්ට කිසි තර්ජනයක් නැහැනේ!

      Delete
    2. ගෝඨාබය කියන මනුස්සයා ලේකම් කෙනෙක් උනාට ඇමති කෙනෙක් වගේ ඇඳගෙන ක්‍රියා කරේ. ඒකෙ උණ සමහර විට කරුණාසේන හෙට්‌ටිආරච්චිත් ගන්න හිතන්න ඇති. ගෝඨාබය අඩි දෙකක් උඩින් ගියත් යුද්දය ඉවර කරන්න දායකත්වයක් දුන්නා. නමුත් මේ අය ?

      Delete
    3. මා කියා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට ඇමතිකමත් වෙන ආරක්ෂක ලේකම් යැයි කීම වැරදි බවයි.

      Delete
  3. Transyl මහතානෙනි, ඔබ මෙතනදි පොඩ්ඩක් "Out of your line". ඔබේ posts ගොඩක් මම කියවලා තියෙනව, සමහර ඒව තරමක කයිවාරු උනත්. මෙතනත් "මගෙ Doctor Sunny එකෙන් ගියා" කියන්නෙ කයිවාරුවක් !

    මගෙ point එක මේකයි. ඔබ රජයේ department එකක වැඩ කරල තියෙනවා, දන්නව නේද "insubordination" කියන්නෙ මොකද්ද කියල? තමන්ගෙ උසස් නිලදාරියෙකුට නොසැලකීම, ඕනවට වැඩිය argue කිරීම අයතන සංග්‍රහයෙ හෑටියට disciplinary action ගන්න පුලුවන්. ඔතන් කරුණාසේන වෙනුවට ගෝටාභය හිටියනම් ඔය එක්කෙනෙක්වත් argue කරනව තියා කෙලින් හිටගන්නෙ නෑ.

    කරුණාසේන කියන්නෙ අට පාස් politician කෙනෙක් නෙවි, qualified engineer කෙනෙක්, senior administrator කෙනෙක්. ඉතින් සමාන්‍ය දෙයක් නම් එයා complain කරාවි කියලා මම හිතන්නෙ නෑ.

    ඔබ හිතන විදිහට රටට සේවය කරනවා කියන්නෙ යුද්දෙට යන එක විතරක් නම්, කරුණාසේන යුද්දෙට ගියෙ නැහැ තමයි, ඒ වුනාට senior administrator කෙනෙක්, former chairman of Water Board.

    So in conclusion let me emphasize, please do not be so narrow-minded and paint all of them in a broad brush since you had had some bad experience with the Defense Secretaries in the past.

    PS: I personally do not know Karunasena nor do I have any reason to defend him apart from responding to the unjust criticism here.

    ReplyDelete
    Replies
    1. // AnonymousFebruary 27, 2016 at 8:00 PM //

      දන්න කෙනෙක් ලියුවා විදියට ඇඟවෙන්න ඇනෝ ඇවිත් කොන්ද පන නැති කෙනෙක් ලියපු කොමෙන්ටුවක් වගෙයි!

      Delete
    2. මම සත්‍ය පරාවර්තනය කරමි. ඒ නිසා සමහර විට සවිස්තර කොටස් ලියමි. මෙතන මම මගේ ඩොක්ටර් සනී වාහනයෙන් ගියා කියන්නේ පාඨකයාට ගිය ඉන්දන වියදම ගැන අදහසක් දෙන්නයි. නමුත් ලිපි වල කයිවාරු කියමින් ඔබ දකින්නේ ඔබගේ මානසික තත්වයයි. එනම් ඔබ තුල තිබෙන හීනමානය නිසා ඔබට ඩොක්ටර් සනී වාහනය , ඩිනර් එක , වාහනයක යාම වගේ දෙවල් දේවල් ඉතා උසස් ලෙස දකිනවා. නමුත් මේ භෞතික දේවල් මත ජීවත් වූ කෙනෙක්ට එය කයිවාරුවක් නොව සාමාන්‍ය දෙයක්. ඔබ ආනාපානාසතිය වඩන්න එවිට ඔබ තුල තිබෙන හීනමානය අඩුවී යයි. ඔබට යහපතක්ම වේවා.

      Delete
    3. මේ ඩොක්ටර් සනි බොහෝ විට ඩීසල්කාර්. මගේ පර්මිට් එකටත් ගෙනාවේ ඩීසල් ඩොක්ටර් සනියක් amw එකෙන්.
      ඉන්ධන වියදම හරි අඩුයි.

      Delete
    4. Ha ha ha, Mr. Trans Syl, my හීනමානය, because I cannot afford a Doctor Sunny ?? Wake up Mister !

      Delete
    5. රසික මේ ඩොක්ටර් සනි බොහෝ විට ඩීසල්කාර් එක පෙට්‍රල්

      Delete
  4. මොකක්ද දන්නෙ නැහැ නේද වෙච්ච අඩුපාඩුව...

    ReplyDelete
    Replies
    1. මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තමන්ට නිසි ලෙස ගෞරව නොකළ බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පවසයි

      Delete
  5. ඕවා ඝෝඨාභයලා හදාපු ලෙඩ.. හමුදාපතිවරුන්ටත් වඩා ඉහළින් එයා වැජඹුනා.. ඉතින් උන් ගාව වැඩ කරපු හාල්පාරුවොත් ඒ ට්‍රෙන්ඩ් එක ඉදිරියට ගෙනියනවා..

    කොහොම උනත් චාගී ඒ කාළේ මේ පාට් දැම්මා නම් ෆනීට වෙච්ච දේ තමයි වෙන්නේ...

    මාරුවකින් ගොඩ ගිය ළොකු දෙයක්... ජීවිතයෙන් වන්දි නොගෙවා...

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන්, උඹලගෙ රානිල් හාමු කිසිස්ම දෙයක් කරගන්න බරුව තියෙන මනහ්තතෙ එක්ක බලපුවහම අවුරුදු තිහක යුද්ද්යක් ඉවර කරල ලෝකෙම දරුණුම ත්‍රස්තවදින්ව පරාදකිරීමට මුලික වෙච්ච් ඝොටා කොච්චර නිහතමනිද?

      Delete
    2. මාතලන් ඝෝඨාභයට පට්ට මනාපයි.. එයා පක්ෂයක් හැදුවොත් මාතලන් අනිවාර්යයෙන් පක්ෂ සාමාජිකත්වයත් ගන්නවා දෙකක් නැතිව.. එහෙම මිනිස්සු තමයි ලංකාවට ඕන.. හරි හෝ වැරදි... මේ රට හදන්න නම් එහෙම මිනිස්සු තමයි ඉන්න ඕන.. රනිලුත් ඝෝඨාභය කෙනෙක් වෙනවා නම් මම කැමතියි... මේ දෙකයි පනහේ චන්ඩියෙක් නොවී...

      Delete
    3. මේ සම්බන්ධව සරස විසින් මගේ අඩවියේ දක්වා තිබුණු අදහසක් සහ එයට මා දුන් පිළිතුර මෙහි දක්වනවා. එහි සඳහන් වන්නේ ආරක්ෂක ලේකම් නොව, ඇමති මංගල සමරවීර සමග ජෙනරල් ගාල්ලගේ මතභේදයක් ඇතිකරගත්තා කියලයි.

      Sa rasaFebruary 27, 2016 at 12:18 PM
      http://dbsjeyaraj.com/dbsj/archives/45406

      “Minister Samaraweera rejected the proposal saying this could not be done. An exchange of words is reported to have ensued. Days later, Maj. Gen. Gallage was transferred out of Jaffna. Senior Army officials declined to confirm or deny the incident. He has now been appointed Director General of Infantry at Army Headquarters”.



      විචාරක WicharakaFebruary 27, 2016 at 10:48 PM

      No Army personnel is allowed to directly involve in Government policy matters unless otherwise authorised by the Commander of Army in writing. Any Minister or any politician other than HE The President can't give direct orders to even a Soldier, in Military or Civil Administration Matters. I myself have given point balk replies several times to some politicians who tried to manipulate me, when I was an Infantry Battalion Commander.

      Any Military personnel shows his political interests while on duty or make any exchange of heated words or other type of harsh expressions will be dealt with appropriate Army disciplinary regulations. And that's the standing procedure.

      Delete
  6. "ඕවා ඝෝඨාභයලා හදාපු ලෙඩ.. " යකෝ යමක් කිව්ව නම් එ මතයෙ හිටපන් ගැඩවිලෙක් වගෙ ඒ මේ අත හැරෙන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මතයට මේකෙන් අවුලක් වෙල නෑ නේ.... ඉස්සර ඇමති වරුන්ට වඩා නිළධාරි තමයි බලවත්.. ඒ දේ ඝෝඨා තමන්ගේ සහෝදරයගේ බලය පාවිච්චි කරලා ආයෙත් ගොඩ නැගුවා.. ඒත් එතනෙ විතරයි...

      ඒකයි මම කිව්වේ.. ඝෝඨා කල දේවල් මේ "හාල්පාරුවොත්" කරන්න හදනවා කියලා... ඝෝඨත් එක්ක මුන්ට හැරෙන්නවත් පුළුවන්ද....?

      Delete
  7. කවුරු මොනව කීවත් මෙතන වඩා ගෞරවාන්විත පුද්ගලයා චාගි ගාල්ලගේ විරුවායි

    ReplyDelete
  8. කවුරු කවුරුත් මේක බලපල්ලා

    http://sinhala.lankanewsweb.net/featured/item/3036-2016-02-24-10-41-58

    ReplyDelete
  9. හමුදාව තුල තමාට වඩා ඉහළ නිලධාරියාට ගරු කිරීම විනය කාරනයක් බව ඇත්ත. නමුත් තම අදහස් පලකිරීමට එහෙම බාධාවක් නැතුව ඇතිනේ. චාගිව එක පාරම වෙන තැනකට ඇදලා දාන්නේ නැතුව වෙන විදිහක අවවාදාත්මක දඬුවමක් හෝ උපදෙසක් දුන්නානම් හොඳ බවයි මගේ අදහස.

    දේශපාලකයාත්, පරිපාලන නිලදාරීනුත් අන් හැමට වඩා ඉහලින් යැයි සිතා වැඩකිරීමත් මේ කාරනාවලට එක හේතුවක්. සමහරක් දොස්තරවරුත්, බොහෝ මාධ්‍ය කරුවනුත් මේ රෝගය වෙලාගෙන ඉවරයි.Aru

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook