Tuesday, February 16, 2016

අංගඩ ඩංගඩ බංගඩ

 

කීත් චැප්මන් ගේ උපන් දිනය නිසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් බොහෝ දෙනෙකු නේවාසිකාගාරයේ චැප්මන් ගේ කාමරයට රොක් වී සාමීචීයේ යෙදී සිටියහ. ශ්‍රී ලාංකිකයන් සාමීචීයේ යෙදී සිටින විට ගාලගෝට්ටියකි. සියළු දෙනාම උස් හඞින් එකිනෙකා පරයමින් කතාවේය​. මම මඳකට කාමරයෙන් ඉවතට ආවෙමි. දොරකොඩ ලඟ ඊගර් ය​. 

" උඹලගේ බාසාවෙන් කථා කරන කොට අපිට ඇහෙන්නේ  අංගඩ ඩංගඩ බංගඩ ගානවා වගේ " ඊගර් කීවේය​. " ඒකට බලපන් යූක්‍රයීන භාෂාව කොතරම් මිහිරිද ස්වර මාධුර්‍යද කියා ඔහු තව දුරටත් තමන් ගේ මව් බස පාරට්ටු කලේය​. 

මම නිහඞව සිනාසුනෙමි. 

ඊගර් තව දුරටත් කතා කලේය​. 

" යූක්‍රයීන භාෂාව ලෝකයේ මිහිරිම භාෂාව ඉතලියානු භාෂාවට පස්සේ " 

"මම හිතන්නේ යූක්‍රයීන භාෂාව ලෝකයේ මිහිරිම භාෂාව අරාබි භාෂාවට පස්සේ " ඊගර් අවුස්සනු වස් මම කීවෙමි.  

" මොකක් මොකක් අරාබි භාෂාව ? මෙසේ කියමින් ඊජිප්තුවේ සාමෙක් සහීද් තම කාමරයේ දොර ඇරගෙන ආවේය​. 

" අරාබි භාෂාව ඉපැරණි භාෂාවක් , කර්ණ රසායනයි මෙසේ කියමින්  සාමෙක් හිස් ටකරමකට ගසන්නක් මෙන් අරාබි ගීතයක් කීවේය​.

....... යහ බිබී යහ බිබී අන්තා රෝහී යන වචන ස්වල්පය පමණක් මට ගෝචර විය​. 

" කවුද මේ මොර දෙන්නේ කියා කොලොම්බියාවේ කාර්ලෝස් දොර ඇරියේය​. 

" අපි මේ මිහිරිතම භාෂාව මොකක් ද කියලා වාද කරනවා මම කීවෙමි. 

ඕක වාද කරගන්නත් දෙයක් ද ලෝකයේ මිහිරිතම භාෂාව ස්පාඤ්ඤය භාෂාව නේ. කර්ලොස් කීවේය​. එහෙත් ඊගර් ඊට එකඟ වූයේ නැත​. 

මේ අව් අස්සේ එතනට පැමිණි ඉන්දියාවේ නිනාද් දික්සිත් ලෝකයේ මිහිරිතම භාෂාව හින්දි භාෂාව බව කීවෙන් වාදය උනුසුම් විය​. 

" බලන්න ඉන්දියානු චිත්‍රපට වලට රුසියන් ජාතිකයන් කොච්චර කැමතිද ; ඒ මධුර ස්වරය තියන හින්දි ගීත නිසා නිනාද් ආඩම් බරයෙන් කීවේය​. 

නිනාද් කීවේ ඇත්තකි. ඉන්දියානු චිත්‍රපට බලන රුසියානු යුවතියන් අඞති. 


ඊගර් , කර්ලෝස් සහ සාමෙක් නිනාද් ගේ අදහසට එකඟ නොවූහ​. ඔවුන් තම තමන් ගේ භාෂා මධුර බව කියමින් වාද කලහ​. 


 නිනාද් සමග පැමිණි බංලාදේශයේ හාල්ද් ද පරාජය වීමට අකමැති විය​. 

" බලන්න බෙංගාලි බස කොච්චර මිහිරිද අහලා තියනවාද ? 

කිසිවෙකු උත්තර දුන්නේ නැත​

භාෂා ප්‍රශ්නය කෙමෙන් කෙමෙන් උග්‍ර විය​. වාදය ගාලගෝට්ටියක් විය​. ඒ අතරවාරයේ මම මගේ කාමරයට ගියෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

38 comments:

  1. ලෝකේ තියන කැතම භාෂාව දෙමළ එහෙම කියුවේ මම නෙමෙයි අපේ ..නිරා...උෟත් දමීල ජාතිකයෙත්

    ReplyDelete
    Replies
    1. වෙන්නත් අැති. මටත් ඔ්ව පැය හැටක course එකක් කරන්න තිබ්බ. මේ ලෝකෙ polite කමක් නැති බාසාවක්. :D වචනෙ default තියෙන්නෙ වරෙං කියල. එන්න කියන්න වචනෙට තව අාලවට්ටං දාල ගන්න ඔ්න :D

      Delete
    2. දකුණු ඉන්දීය දෙමල භාෂාව තියෙන්නෙ වචනයෙන් වචනය පැහැදිලිව ඇසෙන සෙමින් යන උච්චාරනයකට නෙමෙයි. ඒක සැරේම වචන ගොඩක් කියවෙන අන්දමටයි. ඒ නිසා ඒ බස අහන ආගන්තුකයන්ට ඒක අමිහිරි වීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ එය උතුරු ඉන්දීය හින්දි මෙන් කර්ණ රසායන එකක් කියලා හිතුවොත් තමයි. මේ දෙමල උච්චාරණය අනුවම ඔවුන් ඉතා වේගයෙන් ඉංග්‍රීසි බසත් උච්චාරනය කරනවා. හරියට experss කෝච්චියක් යනවා වාගේ. මොනවාදකියන්නේ කියල තේරුම් ගන්න නම් ඉතින් කට දිහාම බලන් ඉන්න වෙනවා.

      සමරසේකර

      Delete
    3. //හරියට experss කෝච්චියක් යනවා වාගේ// මැන්ඩරින් භාෂාව කොහොමද?

      Delete
    4. දෙමළ බස තමයි ලෝකෙ තියන කැතම බාසාව. ඔවුන් එක දිගට කියාගෙන යන නිසා නුපුරුදු කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. ඒත් ඔය කඨෝරකමට හේතුව ඒක නෙමෙයි. ට්ට ,ඩ්ඩ ,ප්ප වගෙ හල් අකුරු එක්ක එන ශබ්ද වැඩි එක.

      Delete
    5. ඉන්දියන් දෙමළ මිතුරෙකු මා සමග කීවේ යාපනයේ දෙමළ කතා කරන විදිය හරිම ගීතවත් ය කියලායි!

      Delete
    6. මෙහෙමයි රසික, එයාල කියන්නෙ ලංකාවෙ දමිළ බස වඩා පිරිසිදු අමිශ්‍ර මෙන්ම කණට මිහිරි (ඔවුන්ගේ දකුණු ඉන්දීය දමිළ බසට සාපේක්ශව ) බසක් බවයි. යාපනයේ දමිළ බස සිංහල බසෙන් සෑහෙන අභාසය ලැබූවක්. සිංහල බසද කණට මිහිරි දිවට පහසු සුගම බසක්. මට විදෙස් රටවලදී හමුවූ ඉන්දීය මිතුරන් පැවසුවේ සිංහලය සංස්කෘත මන්ත්‍ර වල මහප්‍රාණ ශබ්ද අයින් කොට ගයන්නාක් මෙන් සුන්දර බසක් බවයි. මා ඔවුන්ට හෙළ බස සහ සකු මගධ ඈ බස් වලින් හෙලයට වදන් බිඳෙනයුරු පැහැදිලි කළ විට ඔවුන් (වෙසෙසින්ම උතුරු ඉන්දියානුන්) අප බස ගැන මහත් සේ පැහැදුනා. ඔවුන්ද උර්දු හින්දි බසේ විස්තර, අරාබි ෆර්සි ඈ බස් වලින් හින්දියට පැමිණි වදන් හා බලපෑම මෙන්ම පංජාබි, බෙංගාලි, භෝජ්පුරි, පශ්ඨූන්, මරාති, ගුජ්‍රාටි, ඔරියා අදී බස් පිළිබඳ බොහෝ විස්තර පැවසුවා. දකුණු ඉන්දීයයන්ද දමිළ, මලයාලම්, කන්නඩා, තෙළුගු, තුළුූ ආදි ද්‍රවිඩ බස් පිළිබඳ බොහෝ දේ පැවසුවා.

      මේ ලිපිය කියවූ විට නම් පෙනී යන්නෙ ලෝකෙ හැමෝම තම තමන්ගෙ භාශාව/සංස්කෘතිය උසස් කියල සලකන කොට

      නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලෙස දුප්පත් අහින්සක ලාංකිකයින්ගේ මුදලින් උගෙන විදෙස් ගතවෙලා ඉන්න ඇතැම් ශ්‍රී ලාංකික අපත මනපහතයින් සහ ලංකාවෙත් සිටින ඇතැම් ආතක් පාතක් නැති බ්ලොග්කරුවන් හිතාමතාම සිංහල භාශාව/සංස්කෘතිය අතිශය තුච්ඡ ලෙස ගරහා පහත්කොට අපහාස කරනවා. තමුන් උඩබලාගෙන කෙලගහගන්න බව මේ මනපහත් මුග්ධ හොරිකඩයින්ට නොපෙනෙන එක හරිම ලොල් සහගතයි නේද?

      ඒ මදිවට තමන් හරිම පොශ් වෙස්ටන්යිස් ඇන්ඩ් ප්‍රෝග්‍රෙසිව් කියල පෙන්නන්න හදනව. ඇත්තටම එහෙම අය පවු නේද?

      Delete
    7. දෙමල බසේ ඉතාම උපදේසාත්මක අගයක් තියනවා කුරුක්කල් වගේ. හැලප අයියා ගේ අදහසත් බලන්න ඕනේ

      Delete
  2. ඔ්ක ඉතිං කොහෙත් සිද්ද වෙන එකනෙ :)

    //නිනාද් කීවේ ඇත්තකි. ඉන්දියානු චිත්‍රපට බලන රුසියානු යුවතියන් අඞති.
    තනි අැහෙන්ද දන්නෑ :D

    ReplyDelete
    Replies
    1. https://www.quora.com/How-popular-are-Bollywood-films-in-Russia

      Delete
    2. In Soviet Union they were kind of popular. People said "there are 3 types of movies : good, bad and Indian

      Delete
  3. ලෝකෙ හැමෝමො තමන්ගෙ තම්න්ගෙ භාශාව උසස් කියල සලක්නො කොට ලංකවෙ ඉන්න තුට්ටු දෙකේ බ්ලොගර්ල සිංහල භාශාව පහතට දාල කතා කරනව!

    ReplyDelete
    Replies
    1. භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි+++++

      Delete
  4. අනෙකුත් බොහෝ දේ වගේ භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි. මගේ පෞද්ගලික කැමැත්ත තියෙන්නේ ස්පාඤ්ඤ භාෂාවට. කතාව හදිස්සියේ මගදී නවත්තලා වගේ දැනුනේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි +++++

      Delete
  5. සිංහල නොදන්න කෙනෙකුට සිංහල උච්ඡාරනය කොහොම ඇහෙනවද දන්නෙ නෑ. මට නම් හිතෙන්නෙ උච්ඡාරනය අතින් හින්දි ලෝකෙ ලස්සන බාෂාවක් කියල. ලේඛනය ගත්තොත් නම් ලෝකෙ ලස්සනම අකුරු තියෙන්නෙ සිංහල බාෂාවෙ.
    රුසියන් යුක්‍රීයින පෝලන්ත වගෙ බාශා එක වගෙ ඇහෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. භාෂාවක් කැත හෝ ලස්සනවීම සාපේක්ෂයි

      Delete
    2. සිංහල භාෂාවේ උච්චාරණය ඒ ඒ ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. නමුත් හොඳම උච්චාරණය මොකක්ද කියල කාටවත් කවදාව ත්ම කියන්න බැහැ. ඒ ඒ පලාත්වල ඉන්න අය තමන්ගේ උච්චාරණයට කැමතියි. ඉංග්‍රීසි භාෂාවේත් එහෙමනෙ. නමුත් අපේ රටේ යම්කිසි කාලයක අන් භාෂාවලින් නයට නොගත්, ලස්සන ගීතවත් හෙළ බසක් රට පුරාම පැතිර තිබිල තියනවා. නිදසුන් ලෙස "බුදුරුවගල,ගලෙන්බිඳුන වැව, කදුරුගොඩ විහාරය,අසුපිනි ඇල්ල යකා බැඳී වැව" ආදී වචන පෙන්නන්න පුළුවන්.

      සමරසේකර

      Delete
  6. ඔය ගැන හරියටම දැන ගන්න නම් පිට සක්වල ජීවියෙක් ගෙන්නගෙන අහන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඌ කියයි "මේ පෘථිවියේ තියෙන කසිකබල් බාසා මොනවද? අපේ සක්වල තියෙන භාශා තමයි සුපර්" කියල.

      Delete
  7. තම තමන්ගෙ භාෂාව තම තමන්ට ලස්සනයි...බාසාවක ලස්සන බලන්න නං ඒ බාසාව තේරෙන්න ඕනෙ. ලස්සනම භාෂාව හොයනව කියන්නෙ තේරුමක් නැති වැඩක්. ඔය තේරුමක් නැති වැඩේ අත ඇරල ඩොක්ටර් වගේ පැත්තකටවෙන එක තමා හොඳම...

    ReplyDelete
  8. අපේ ටීවී එකේ එක ඇප් එකක් තියෙනවා බොලිවුඩ් HD කියලා හින්දි මූවීස් තියෙන. ඒක ඇත්තටම රෂියන් එකක්!!

    වීඩියෝ ස්ට්‍රීම් එක කොච්චර කොලිටි ද කියනවා නම් මගේ ADSL කනෙක්ෂන් එකෙන් බලන්න බෑ!

    ReplyDelete
    Replies
    1. //වීඩියෝ ස්ට්‍රීම් එක කොච්චර කොලිටි ද කියනවා නම් මගේ ADSL කනෙක්ෂන් එකෙන් බලන්න බෑ//

      හයියෝ රසික ඔයා ඉන්නෙ ඔස්ට්‍රේලියාවල නේද? ඔසී වල අන්තර්ජාල පහසුකම් අන්තිමයි නේද? මහ කුජීත රටක් නෙව. නොදකින්. හැබැයි ලොකුවට කියනව නේද සංවර්ධිත රටක් කියල. ඒ අතින් ලංකාව ඔයිට දාහෙන් සම්පතයි.

      Delete
    2. හින්දි මූවීස් තියෙන රෂියන් එකක් ?????

      Delete
    3. රසිකගෙ නයා Smart TV එකෙන් නැගල ADSL connection හරහ ගිහින් Android App එකන් බැහැල තියෙන්න!

      Delete
  9. තමන්ගේ මට්ටම් තම්මැට්ටම්...:)

    ReplyDelete
  10. //අංගඩ ඩංගඩ බංගඩ ගානවා වගේ//
    හැම ජාතිකයෙක්ම කියන කථාවක්.

    //යහ බිබී යහ බිබී අන්තා රෝහී යන වචන ස්වල්පය පමණක් මට ගෝචර විය​.//
    යා හබිබි (මයි ඩියර් ) ඉන්තා (යු ) රෝ (ගෝ, ගොඉං )
    ඔබ කොහෙද යන්නේ ප්රියාවියේ විය හැකියි.

    ReplyDelete
  11. මිහිරිම එක මොකක්ද දන්නෙ නෑ , ඒත් ජපන් බාසාව කතාකරනවා අහගෙන ඉන්නකොට කණට අමාරුයි. ශබ්දය මෙන්ම කියන විදිහ නිසා. ඒත් මට ඒ බාසාව තේරෙනවනම් එහෙම නොවෙන්න ඉඩ තියනවා

    ReplyDelete
    Replies
    1. මිහිරිම බස සෙවීම හරියට ලස්සනම අම්මා තෝරනවා වගේ වැඩක්. තමන්ට තම මව රූපත්

      Delete
    2. //ජපන් බාසාව කතාකරනවා අහගෙන ඉන්නකොට කණට අමාරුයි//

      විශ්වාස කරන්න අමාරුයි. මගේ ජීවිත කාලෙටම එහෙම දෙයක් අහපු පලවෙනි වතාව. විශේෂයෙන්ම ජපන් බස උච්චරනය ව්‍යාකරණ සිංහලට බොහෝ සමානයි. අහගෙන ඉන්න හරිම පහසු නිස්කලංකව පැහැදිලිව කතාකරන ලස්සන ම භාෂාවක් නේ ජපන් බස.

      ඔබ ජපන් බස කියා වටහාගත්තේ චීන බසද කියල මට සැකයි.

      Delete
  12. මිහිරිම භාශාව නිෂ්ශබ්ධ බව. කවුරුවත් කථා නොකරන කොට, වාහන සහ අනිකුත් ශබ්ද නොඇසෙනකොට තමයි ස්වාභාව ධර්මය කථා කරනවා ඇහෙන්නේ. ඒ වගේම ඒ භාශාව හැමෝටම තේරෙනවා.

    ReplyDelete
  13. ගස්ලබ්බා දකුණේ වැඩ කරනකොට එහෙමෙයි,ඔහේ,ඇත්තෙයි භාශාවට බැස්සා ආතල් එකටම.අන්තිමට වාදයක් පටන්ගත්තා ඒක තමයි හරි සිංහල කියලා.. ඕක කොතනත් ඔහොමයි.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook