Monday, October 31, 2016

ඩබල් එන් පී රත්නායක - මගෙ මිතුරා හොඳ මුනියා



ඩබල් එන් පී රත්නායක නාලන්දේ මා සමග පුරා වසර තුනක් පන්ති වල සිටියේය​. ඔහු මුලින්ම මා  සමග වැටුනේ අට වසරටයි. ඉන්පසු නවය  දහය පන්ති වලදී රත්නායක එකම පන්තියේ සිටියේය​. 

රත්නායකට ඩබල් එන් පී නම වැටුනේ අට වසරේදීය​. ඒකාලේ අපේ පන්ති භාර ගුරුතුමිය වූයේ ඇන්තූරියම් මල් රොඩ්‍රිගෝ ටීච ය​. ඇන්තූරියම් මල් පාසලේ වැවූ නිසා රොඩ්‍රිගෝ ටීච මල් රොඩ්‍රිගෝ විය​. 

රොඩ්‍රිගෝ ටීච එක එක ලමයාගෙන් නම අසන විට එන් එන් පී රත්නායක තම නම ඩබල් එන් පී රත්නායක කීවේය​. මෙයට මුළු පන්තියම සිනාසුනහ​. ඉන්පසු කොල්ලෝ රත්නායකට ත්‍රිබල් එන්පී යනාදී වශයෙන් නම් කීවෝය​. 

අට වසරේදී වරක් මට විහිළු කරන නමක්  කීම නිසා  කෝප වූ මා  රත්නායකට පහර දෙන බවක් පෙන්වා කටින් බය කර ගත්තෙමි. රත්නායක මට වඩා උසය​.  ඒ නිසා රත්නායක මම කටින් බය නොකර ගත්තේ නම් සිදු වන්නට තිබුනේ ජංජාලයකි. කෙසේ නමුත් රත්නායකද මා මෙන්ම තකට තක පන්තියේ නොටෝ‍රියස් වූයෙන් අප මිතුරන් වූයෙමු. 

ඒ කාලයේ අපේ අට ඩී පන්තියේ මම , රත්නායක , සකලසූරිය​, ලියනපතිරණ යන සතරදෙනා පන්තිය උඩු යටිකුරු කරන ලදි. අප විසින් මාජරීන් හෙවත් උපතිස්ස සර් උගන්වන විට කෑගැසීම , කෘෂිකර්ම සර් වූ විජේවර්ධන සර් නොහොත් බොහොඞා ඇවිස්සීම​,  විද්‍යාව ඉගැන්වූ අත්තනායක ටීචගේ පන්තියේදී උගන්වන විට බාධා කිරීම යනාදී වශයෙන් බොහෝ දඟ වැඩ කලෙමු. මේ නිසා අපගේ පන්තිභාර ගුරුතුමිය වූ රොඩ්‍රිගෝ ටීච ගෙන් සතියකට වරක් වත් අප හතර දෙනා බැණුම් අසන්නෙමු.

නවය වසරේදී අපගේ සිංහල ගුරුතුමිය වූයේ ගුණතුංග ටීචයි. අප සතරදෙනා ගුණතුංග ටීච ගුත්තිලය​, සද්ධර්ම රත්නාවලිය , සුභාශිතය උගන්වන විට කෝලම් කතා කියමින් ටීචව ප්‍රකෝප කලෙමු. ගුණතුංග ටීච පාඩම නවත්වා අපට බනින විට අප සතරදෙනාට මෙන්ම පන්තියේ අනෙකුත් කොල්ලන්ටද මාර ත්‍රිල් එකක් තිබුනි. 

ගුණතුංග ටීච සන්ධි ගැන උගන්වමින් පූර්වලෝප සන්ධිය යනාදී කියාදී අපෙන් සන්ධි ගැන අැසුවාය​. " දැන් සන්ධි දන්න ලමයෙක් අත උස්සලා සන්ධියක නමක් කියන්න" කියා කීවිට රත්නායකයා අත ඔසවා කීවේ සර්පණ සන්ධිය සහ සැද සන්ධිය කියාය​. මේ සර්පණ සන්ධිය සහ සැද සන්ධිය මිනිස් ශරීරයේ තිබෙන සන්ධි වන අතර මේවා අපට ඉගැන්වූයේ සෞඛ්‍යය පාඩමේදීය​. 

වරක් සමාජ අධ්‍යනය ඉගැන්වූ වැලිකල ටීච " ඕගොල්ලන්ට විභාගෙට අඟලේ සිතියමකුත් තියනවා " කියූ විට ඩබල් එන් පී රත්නායක "ඔහේ තිබිච්චාවේ "කීවේය​. මේ අතර අපගේ සූරයන් හතර දෙනා හට තවත් සූරයෙක් එකතු විය​. ඔහු අරුණ ශාන්ත හෙවත් මිනී ඔළුවාය​. මේ පස් දෙනා ගේ ගෝසා නිසා වැලිකල ටීච අපගේ පන්තියෙන් ගොස් තිලකරත්න ටීච සමාජ අධ්‍යනය ඉගැන්වීමට ආවාය​. 

ඩබල් එන් පී තිලකරත්න ටීච සමගද කෝලම් කලේය​. වරක් තිලකරත්න ටීච කළු ලෑල්ලේ සිතියමක් ඇඳ "මෙහෙන් එහා කැළනි ගඟ"  කීවාය​. එවිට ඩබල් එන් පී " ඔතනින් එහා කළු ලෑල්ලනේ " කීවෙන් මුළු පන්තියම බකස් ගා සිනාසුනෝය​. තිලකරත්න ටීච රත්නායක දෙස රවා බැළුවාය​. 

අපගේ නවයේ පන්තියට ජීව විද්‍යාව ඉගැන්වූ සර්ට කොල්ලන් කීවේ පූසා කියාය​. පූසා සර් උගන්වන විට වරක් රත්නායක සහ මිනී ඔළුවා ඤාව් ගෑවෙන් මුළු පන්තියම ජීව විද්‍යා සර් ගෙන් කෑමට ආසන්න විය​. මේ අතර ඉංග්‍රීසි ඉගැන්වූ පතිරගේ ටීච්ගේ පන්තියට රත්නායක පොකට් රේඩියෝවක් ගෙනවිත් ක්‍රිකට් විස්තර ඇසුවේය​. එම තරඟයේදී රෝයි ඩයස් හතරේ පහරක් එල්ල කලෙන් රත්නායකට ඉංග්‍රීසි පන්තියද අමතක වී ඔල්වරසන් දුන්නේය​. එම නිසා පතිරගේ ටීච පොකට් රේඩියෝව සමග රත්නායකව පන්තියෙන් එලියට දැම්මේය​. ඉක්බිති ඔහු කොරිඩෝවේ ඇණ තබාගෙන ක්‍රිකට් විස්තර ඇසුවේය. 

දහය වසරේදී මම , රත්නායක , සකලසූරිය​, ලියනපතිරණ සහ මිනී ඔළුවා පන්තියේ පිස්සු නටන නිසා ෆිසික්ස් ඉගැන්වූ අත්කොට හැට්ට ඇඳි ගුරුතුමිය අපගේ පන්තියට ඒම ප්‍රතික්ශේප කළාය​. මේ කාලයේදී මිනී ඔළුවා කාඩ් පැක් එකක් ගෙනවිත් රත්නායකට ඔමී ගසන හැටි උගන්වන ලදි . ඉන් පසු නිදහස් කාල පරිච්ඡේද වල ඔවුන් ඔමී ගැසූහ​. අප වටවී බලා සිටියෙමු. 

මේ මදාවි කොල්ලන් කණ්ඩායමේ ක්‍රියා නිසා සතියකට වතාවක් ජයසූරිය සර් හෝ ජයවර්ධන සර් අපගේ පන්තියට පැමිණ දෝස් මුරයක් දී වේවැල පෙන්වා තර්ජනය කරති. එහෙත් මේ මදාවියන් ඒ අවස්ථාවේදී පූසන් මෙන් සිට පසුව පන්තියේ කෝලම් නටති. 

බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්ටද මොවුන්  විකාර කතා කීමෙන් බාධා කලහ​. එම නිසා හාමුදුරුවන් ඉදිරි පේලි වල සිටි ඉගෙන ගැනීමට උනන්දුව දැක්වූ ළමුන්ට පමණක් ඇසෙන සේ පාඩම කරගෙන ගිය අතර ටික වෙලාවක් යන විට මොවුන් ද හාමුදුරුවන් අසලට විත් ඉතා උනන්දුවෙන් පාඩමට සවන් දෙන්නාක් මෙන්  නෙත් අයාගෙන සිටියහ​.  

වරක් බුද්ධාගම පීරියඩ් එකකදී ඈතින් අපගේ පන්තියෙ වෙත වඩින කොක්මාදූවේ ගුණසිරි හාමුදුරුවන්  දුටු රත්නායක සහ ගැන්සිය එක වරම හයියෙන් ගෙල වට බැන්දා  වූ මුතු පොටේ ගීතය ගැයුවෝය​. පන්තියේ අනෙකුත් ළමෝද ගැයීමට හවුල් වූ අතර පන්තියේ ගෝසාව නිසා හාමුදුරුවන් ආපසු හැරී ගුරු විවේකාගාරයට වැඩි සේක​. අප අහම්බෙන් මෙන් ලැබුනු  ෆ්‍රී පීරියඩ් එකේ ගීත ගයමින් විනෝද වූයෙමු. මේ විනෝදය කැඩී ගියේ අල්ලපු පන්තියක උගන්වමින් සිටි නිලවීර මයා වේවැල සමග කඩා වැදීම නිසාය​. 

අපට ගණිතය ඉගැන්වූයේ. වික්‍රම සෙනෙවිරත්න (කිරිහාමි) මහතාය. වරක් ත්‍රිකෝණ අංග සම කිරීම ඉගැන්වූ වික්‍රම සෙනෙවිරත්න මහතා   ඒ කෝණය සමානයි බී   කෝණය , සී කෝණය සමානයි ඩී කෝණය , ඒබී පාදය සමානයි ඩීසී පාදය එම නිසා ත්‍රිකෝණ දෙක අංග සමයි කී විගසම ඩබල් එන් පී සෙමෙන් " අම්මප " කීවේය​. එය ඇසුනු අප සිනාසුනෙමු. වික්‍රම සෙනෙවිරත්න මහතා විහිළුවට බර නිසා රත්නායක එදා කෑවේ නැත​. 

ගුරුවරුන්ට විජ්ජා පෙන්වීමෙන් පමණක් නොනැවතුනු ඩබල් එන් පී රත්නායක සහ පිරිස පන්තියේ සිටි උස මහත ළමයා වූ කපිල මුණසිංහ හෙවත් බඩා මුනේව බයිට් එකට ගත් හ. මේ විහිළු කතා නිසා උරණ වන බඩා මුනේ පහර දීමට එන විට මේ කොල්ලන් කණ්ඩායම දුවති. මුණසිංහ මහත නිසා ඔහුට දිවීමට නොහැක​. 

වරක් වාර්ශික ඕල්කට් දානයට කළමනා ඉල්ලාගෙන  ශිෂ්‍ය නායකයන් හතර දෙනක් අපේ පන්තියට ආවෝය​. මමත් ඩබල් එන් පී රත්නායකත්  මුණසිංහට කවට කමක් කිරීමට ගිවිස ගත්තෙමු. රත්නායක ශිෂ්‍ය නායකයන් වෙත ගොස් කරවල කිලෝ හතරක් දානයට පොරොන්දු විය​. 

"මල්ලිගේ නම මොකක්ද ? කියා ශිෂ්‍ය නායකයෙක් ඇසූ විට රත්නායක "කපිල මුණසිංහ" කියා කීවේය​. එම ශිෂ්‍ය නායකයා කපිල මුණසිංහගේ නම ලියා එයට ඉදිරියෙන් කරවල කිලෝ හතරයි කියා ලිව්වේය​. ඉන් සති දෙකකට පසුව  ඕල්කට් දානයට කළමනා එකතු කිරීමට ආ ශිෂ්‍ය නායකයන් පිරිසක් අපගේ පන්තියට ආවෝය​. එවිට අපට තිබුනේ සෞඛ්‍යය  පීරියඩ් එකයි. අපට සෞඛ්‍යය ඉගැන්වූයේ ජයමහ සර් ය​. එක් ශිෂ්‍ය නායකයෙක් කපිල මුණසිංහගේ නම  කියා "කෝ කරවල කිලෝ හතර? කියා ඇසුවේය​. කපිල මුණසිංහ උඩ බිම බැලූ  අතර මටත් රත්නායකටත් සිනහව නවතා ගත නොහැකි විය​. කරවල නොලැබුනු නිසා ශිෂ්‍ය නායකයන්  මුණසිංහට දොස් කියමින් ගියෝය​. ඉන් පසුව කොල්ලන් මුණසිංහට කරවල මහත්තයා කියා නමක් පට බැන්දෝය​. 

ජයමහ සර් මැලේරියාව ගැන වරක් උගන්වමින් 1930 ගනන් වල ලංකාවේ මැලේරියාව පැතිරී ගිය බවත් ජනතාවට සහන බෙදමින් ගිය එන් එම් පෙරේරාට මිනිසුන් පරිප්පු මහත්තයා කියූ බවත් පැවසුවේය​. එසැනින්ම අප කපිල මුණසිංහට අප පරිප්පු මහත්තයා කියාද නමක් පට බැන්දෙමු. 

 දිනක් ගමනායක වෙරළු තොගයක් පන්තියට ගෙනාවේය​. රත්නායක ඇතුළු කණ්ඩායම වෙරළු කා ඇට වලින් කොල්ලන්ට ගැසූහ​. වැඩියෙන්ම ගැසුවේ කොකටුවාටය. හිසට වැදෙන වෙරළු ඇට නිසා කොකටුවා කුඩයක් ඉහලාගෙන සිටියේය​. මෙය දුටු සකලසූරිය කොල්ලෙක් ගේ පොත් බෑග් එකක් කුඩය ඉහලාගෙන සිටි කොකටුවා ගේ හිස මතට යැවීය​. කුඩයද කඩාගෙන පොත් බෑග් එක කොකටුවා ගේ හිස මත වැටුණි. කොකටුවා ජයවර්ධන සර් ගේ කාර්‍යාලයට ගොස් පැමිණිලි කරන බවට තර්ජනය කොට නැගිට්ටා පමණි ඩබල් එන් පී ඔහුව බදා ගත්තේය​. ඉන් ටික වේලාවකට පසුව සෞඛ්‍යය පාඩම සඳහා ජයමහ සර් ආවෙන් කොකටුවා සන්සුන්ව වාඩි විය​. ඔහුට කොල්ලන් කොකටුවා කීවේ ඔහුගේ නාසය කොකටුවෙකුගේ මෙන් වක් වී තිබීම නිසාය​. 

අපට ඉංග්‍ර්‍රීසි ඉගැන්වූයේ උසුලා විජේසූරිය මහත්මියයි. වරක් ඇය Some areදමා වාක්‍යයක් කියන්න කීවාය​. ජානක පෙරේරා Some are from America කීවේය​. ගොඩකන්ද Some are from UK  කීවෙය . එවිට ඩබල් එන් පී,  සම්මා සම් බුදුන් කීවෙන් පන්තිය සිනහවෙන් පිරී ගියේය​. 

මෙලෙස තෙවසරක් පුරා ඩබල් එන් පී රත්නායක සමග පන්ති වලදී කෝලම් කිරීමෙන් පසුව සාමාන්‍ය පෙළ විභාගය ලියා අප උසස් පෙළට ගියෙමු. උසස් පෙළදී මමත් රත්නායකත් වෙන්වූයෙමු. ඉන් පසු පුරා වසර තිස් එකක් අප හමු නොවූයෙමු. අප යළි හමු වන්නේ 2016 දී මුහුණු පොතෙනි.  

වර්තමානයේ රත්නායක දේපළ වෙලඳාම් කරන ව්‍යාපාරිකයෙකි. එසේම නාලන්දා ආදි  ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. දෙදරු පියෙකි. ඔහු දැන් ඉතා සීරියස් පුද්ගලයෙකි. ඒකාලයේ ඔහු විසින් කරන ලද විකාර වැඩ  සමහරක් ඔහුටද මතක නැත​. නමුත් ඒවා මට අද වූවද මැවී පෙනේ. 

මා මෙන්ම ඩබල් එන් පී රත්නායක සහ පිරිස පාසලේ පරමාදර්ශී සිසුන් නොවූයෙමු. අප පාඩම සමග කොළු කාලයේ කරන කවටකම් සොයා ගියෙමු. අපව වරදවා වටහා ගත් සමහරක් ගුරුවර ගුරුවරියන්  අප අධ්‍යාපනය කාබාසිනියා කරගෙන කාලකන්නි වන බවට අණාවැකි කිව්වෝය​. එහෙත් මේ අණාවැකි අප බොරු කලෙමු. මිනී ඔළුවා පමණක් අකාලයේ මිය ගිය මුත් ඩබල් එන් පී ඇතුළු විකාර කල්ලිය අද වැඩදායී පුරවැසියන් වෙති. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Saturday, October 29, 2016

කුඩා මිනිසා

  
ගර්භණීව  සති දහසයේදී පමණ අපරිණත  කළළය සමග වැදෑමහ ප්‍රසූත කල කාන්තාවගේ රුධිර වහනය නැවැත්වීම සඳහා මම සින්ටෝ ඒකක විස්සක් සේලයින් ද්‍රාවණයක මුසු කොට දුන්නෙමි. ඒ සමගම ඇයගේ රුධිර වහනය අඩුවී ගියේය​. ගර්භාශය  සංකෝචනයත් සමග  ඉතිරිව තිබූ කළළ සහ වැදෑමහ පටකයන් ද ඉවත් විය​. 

මම ඇයට ප්‍රතිජීවකද ලබා දුන්නෙමි. එහෙත් මේ අනපේක්‍ෂිත ගබ්සා වීම නිසා ඇය තැවෙන්නීය​.  සති දහසයක් වූ ඇයගේ භ්‍රෑණය ගර්භාශයෙන් පිටත ජීවත් නොවේ. මම එය ඇයට පහදා දුන්නෙමි. දියුණු රට වල සති 23 දී ප්‍රසූත කල කළළයන් බේරාගෙන තිබේ. එහෙත් සති දහසයක කලලයක් බේරාගත් අවස්ථාවක් මම අසා නැත​. 

 කාන්තාවගේ ගර්භාශයෙන් පිට කල කළළය සහ වැදෑමහ කිඩ්නි ට්‍රේ එකක තිබේ. සිස්ටර් හෙට්ටිආරච්චි එය උපස්ථායිකාවකට ගෙන ගොස් පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට දමන ලෙස කීවාය​. මම උපස්ථායිකාවට මොහොතක්  නතර වන ලෙස පවසා කළළය අළුත් කිඩ්නි ට්‍රේ එකකට ගත්තෙමි. 

මා අත සති දහසයක් වයසැති මිනිස් කළළයකි. කළළයේ ලිංගිකත්වය නිර්නය කල හැකිය​. හේ පුරුෂයෙකි.   එයට තවමත් පණ තිබේ. එහෙත් මේ මිනිස් කළළය ජීවත් කරවීමට තවමත් අප සතු උපකරණ නොමැත​. 

මම කළළය සහිත කිඩ්නි ට්‍රේ එක සේලයින් දියරයෙන් සෝදා දැමුවෙමි. මිනිස් කළළය හෙවත් පොඩි මිනිසා මුඛය අරියි. මම ග්ලූකෝස් බිංදු කීපයක් පොඩි මිනිසා ගේ මුඛයට දැමුවෙමි. හෙතෙම ඇම්නියොටික ද්‍රව  ගිලින්නාක් මෙන් එය ගිල්ලේය​.  කළළයේ චුෂණ ප්‍රතීකයන් දැකිය හැකිය​.   කළළයේ ඇස් හාවී තිබේ. එහෙත් එය ආලෝකයට ප්‍රතිචාර දක්වන්නක් මෙන් හිස මඳක් එහා මෙහා කලේය​. එසේම අතපය සෙමෙන් සෙලවූයේය​. 

මොහු කුඩා මිනිසෙකි. අලිගැටපේර ගෙඩියක් තරම් වූ  ඔහු සංවේදනයෙන් යුක්තය​. වේදනාව දැනේ. ඔහුගේ හෘධය ස්පන්ධනය  වේ . එහෙත් වැදෑමහ සහ පෙකනි වැළ නොමැතිව ඔහුට ආහාර සහ ඔක්සිජන් නොලැබේ. කළළයේ පෙණහළු මෝරා නැත​. එම නිසා එයට හුස්ම ගත නොහැකිය​. මිනිසෙකු වතුර ඇතුල සිටින විට හුස්ම ගැනීමට බලවත් පරිශ්‍රමයේ යෙදෙන්නාක් මෙන් කළළය වායුගෝලීය ඔක්සිජන් පෙණහළු වලට ලබා ගැනීමේ නොහැකියාව නිසාදෝ ශරීරය සෙලවූයේය​. 

සති 16ක් වයසැති කළළයට මවගේ කටහඞ ශ්‍රවණය කල හැකි බව පරියේශකයෝ කියති. මේ කළළයට මගේ කටහඞ ඇසේද ? මම සෙමෙන් ඔහුට කතා කලෙමි. 

මෙම කුඩා මිනිසාව මම ග්ලූකෝස් ද්‍රාවණයක බහා මගේ මේසය අසලින් තබා ගෙන වරින් වර ඔහුව නිරීක්‍ෂණය කරමින් ඩිස්චාර්ජ් කාඩ් ලිව්වෙමි. සිස්ටර් හෙට්ටිආරච්චි කුතුහලයෙන් යුතුව මගේ මේසය දෙස වරක් දෙකක් බැළුවාය​. එහෙත් ඇය කිසිවක් කීවේ නැත​. 

තව පැයක්  පමණ යන විට කුඩා මිනිසා ගේ චලනය අඩුවී ගොස් හෙතෙම නිසල විය​. මට ඔහුගේ හෘධ ස්පන්ධනය දැනෙන්නේද නැත​. ඔහු මේ ලෝකය හැර ගොසිනි. 

රෝගියෙකුගේ මරණයකදී දැනෙන හැඟීම මේ කුඩා මිනිසාගේ  මරණයේදී මට දැනුනේය​. සියළු ජීවිත මරණයෙන් අවසන් වේ.

මම කළළ මෘත ශරීරය අඩංගු කිඩ්නි ට්‍රේ එක රැගෙන ගොස් එය පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට හැලුවෙමි. 

( මෙය 1994 වසරේදී මාතලේ රෝහලේ නාරිවේදය - Gynecology වාට්ටුවේ සිදුවූ සත්‍ය සිදුවීමකි ) 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, October 26, 2016

පුනරුප්පතිය / පුනර්භවය සත්‍යද ?




පුනරුප්පතිය /  පුනර්භවය  සත්‍යද ?  ? 
නැවත උපන් දැරිය පුනරුප්පතිය පිලිබඳ සත්‍ය කතාවක්ද​?
අරණායක තිලකරත්න ඤාණතිලකා ලෙස උපත ලැබීද ?


An Objective View of Reincarnation



“Reincarnation contains a most comforting explanation of reality by means of which Indian thought surmounts difficulties which baffle the thinkers of Europe.” 
- Albert Schweitzer 

Dr Ruwan M Jayatunge  

Reincarnation is a popular belief among many people, and it is a fundamental basis for many religions. The general idea of reincarnation is the belief that when a person dies he is reborn again. Is there a life after death? The clinical evidence for reincarnation is subjective and arguable. Belief in reincarnation has ancient roots.

Pre Historic Concepts on Reincarnation 
Neanderthal traits appeared in Europe as early as 350,000 years ago. The first signs of religion are found in gravesites of Neanderthals in Eastern Europe. These gravesites were found to have very clean fossils, with flowers, dyes, and later, pottery placed around the body of the deceased. The Neanderthals had unusual funeral rituals, which can be interpreted, as they believed in some form of existence after life.

The Egyptians and Transmigration of the soul 
The Egyptians Pharos believed in transmigration of the soul. This means their immortal souls travel through the valley of Nile until it meets the next existence. They thought the soul transmigrate from body to body. The Pharos built mighty Pyramids to provide provisions and other necessities to their next extramundane voyage.

The Ancient Greek Philosophers on Reincarnation 
The Greek philosopher and mathematician Pythagoras taught that the soul was immortal and the soul goes through a series of rebirths. Plato too shared similar views as Pythagoras. Greek Platonism asserted the pre-existence of the soul in a celestial world and its fall into a human body due to sin. In order to be liberated from its bondage and return to a state of pure being, the soul needs to be purified through reincarnation. The Greek philosopher, Socrates declared, “I am confident that there truly is such a thing as living again, that the living spring from the dead, and that the souls of the dead are in existence.” 

Reincarnation in the Upanishads 
In India, the concept of reincarnation is first recorded in the Upanishads. The Upanishads were the first writings to move the place of one’s “second death” from the heavenly realm to this earthly world and to consider its proper solution to be the knowledge of the atman-Brahman identity.

Reincarnation in Hinduism 
Hinduism teaches that the soul goes on repeatedly being born and dying. At the time the Vedic hymns were written, the view on afterlife was that a human being continues to exist after death as a whole person.

Bhagavad Gita 
In the Bhagavad Gita, which is a part of the Mahabharata, reincarnation is clearly stated as a natural process of life that has to be followed by any mortal.

Reincarnation in Buddhism 
According to Buddhism, there is no permanent and unchanging soul. The Buddha taught a concept of rebirth that was distinct from other religions. The Buddha used the term Punarbhawa to explain reincarnation – an endless process that is connected with the Sansara Chakra. Buddhism denies the existence of a permanent soul that reincarnates from one life to the next. The Buddha responded that only karma is passing from one life to another. To explain this Buddha used the metaphor of the light of a candle, which is derived from another candle without having a substance of its own.

Buddhism edifies that what is reborn is not the person but that one moment gives rise to another and that that momentum continues, even after death. In the Milindapanho – a dialogue between the king Menandar and the Buddhist Monk Nagasena deeply analyze the concept of reincarnation.

Modern Research in Reincarnation 
In the last decade of the 18th century, many scholars in the Western World began to speculate on reincarnation. Father Leadbeater and Madam Helena Blavatsky of the Theosophical society saw reincarnation as a form of evolution and their writings and speeches made a profound impact on the Western World about life after death. Numerous universities in the West started gathering data on this subject. Comprehensive research on reincarnation started mainly after the World War 2. The Western researchers explained the reincarnation in terms of para-psychological phenomenon. Among the researchers, Dr Ian Stevenson was prominent.

Reincarnation and the western World 
Reincarnation has captured the imagination of a significant number of people in the West. A large number of Westerners are interested in reincarnation and a number of movies like “The Reincarnation of Peter Proud” (Directed by J . Lee Thompson, starring Michael Sarrazin and Jenifer O’Neal ) , Heaven Can Wait (starring Warren Beatty & Julie Christie) , Birth( Nicole Kidman) ,Ghost (Patrick Swayze & Demi Moore ) and Darren Aronofsky’s movie The Fountain captured mass popularity. According to a survey done in the USA nearly 60% of Americans believe reincarnation is possible.

Case works of Dr. Ian Stevenson
Ian Stevenson was the former head of the Department of Psychiatry at the University of Virginia who devoted many years to the scientific documentation of past life memories of children from all over the world (Dr Stevenson investigated 16 cases from Sri Lanka) and had over 3000 cases. Ian Stevenson published his research article titled The Explanatory Value of the Idea of Reincarnation, which made a huge impact on the scientific community. His book Twenty Cases Suggestive of Reincarnation that was published in 1974 became a best seller. Dr. Ian Stevenson’s case works provide rigorous scientific reasoning to explain reincarnation. His methodology was unique and Stevenson evaluated the spontaneous narrations of the children who spoke of their previous lives, then interviews, often repeated, with the subject and with several or many other informants for both families. However, these methods led critics to question the credibility of his research technique. Some have criticized Ian Stevenson for being confirmation bias.

Skills & Past life 
Some children show enormous talent in language, memory and skills. These children could not acquire aptitude within their relatively short life years. There are many reports of Child prodigies and their cognitive talents. Mozart played a symphony at the age of seven, Carl Friedrich Gauss made his first inventive mathematical discoveries while still a teenager, John von Neumann was able to divide two 8-digit numbers in his head at the age of six, Alexander Pope was a child prodigy as a poet, the famous Indian mathematician Srinivasa Ramanujan mastered advanced trigonometry by the age of 12. Have these people had certain exposure before?

Déjà vu experiences 
The term Déjà vu experience was coined by Emile Boirac to explain the uncanny feeling of having already seen or experienced something that is being experienced for the first time. One could explain déjà vu experiences by claiming that they were memories of past lives. Experiential evidence show that certain people find familiar in unfamiliar places, proverbial in meeting unknown people for the first time in their lives and so forth. Medical experts argue Déjà vu experiences are evident in epilepsy.

Neurophysiologists point out that the déjà vu feeling is triggered by a neurochemical action in the brain that is not connected to any actual experience in the past.

Theories opposed to reincarnation (Selective thinking and False Memory Syndrome) 
Some disbelievers of reincarnation explain that claims of evidence for reincarnation originate from selective thinking – a process that one focuses on favorable evidence in order to justify a belief, ignoring unfavorable evidence and sometimes following the psychological phenomena of false memories. In false memory syndrome, person’s identity and relationships are affected by memories, which are factually incorrect but are strongly believed. False memory syndrome may account for the memory construction process, which leads people to “remember living a past life.

Confabulation 
Confabulation is defined as the spontaneous production of false memories: either memories for events, which never occurred, or memories of actual events that are displaced in space or time. These memories may be elaborate and detailed. Confabulation is a form of memory disorder that may occur in patients who have sustained damage to both the basal forebrain and the frontal lobes, as after an aneurysm of the anterior communicating artery.

Hysteria reactions misinterpreted as Reincarnation 
Children suffering from dissociative disorders (hysteria) sometimes give vivid descriptions under hypnotic trances and these expressions are misinterpreted as the evidence of past lives by inexperienced hypnotherapists who have no clinical background. A typical case was analyzed by Professor Carlo Fonseka (Rebirth or Hysteria Island news paper 4th of January 2010) of a 14 year old girl with fainting attacks. Many reincarnation stories reported in countries like Sri Lanka and India have much to do with disassociation. In addition, some newspapers too fabricate and exaggerate stories in order to capture the attention of the readers who lack rational thinking. In the past few decades, some Sri Lankan newspapers reported reincarnations of the popular artist Rukmani Devi, film actor Vijaya Kumaratunge and President Ranasinghe Premadasa. These stories were found to be bogus and inflated.

Psychological trauma and a belief in reincarnation 
A number of modern researches identified a possible link between psychological trauma and a belief in reincarnation. Jonathan R. T Davidson from the Dept. of Psychiatry & Behavioral Sciences, Duke University Medical Center, Durham USA has extensively studied the beliefs in karma and reincarnation among survivors of violent trauma in the general US population. According to Davidson, personal experience of trauma may be associated with greater acceptance, as well as certain demographic and health-associated variables. The importance of holding belief in reincarnation, which may represent an important way of coping following violent trauma, 

Carl Jung & Collective Unconscious
Certain psychologists openly argued that past life memories are merely a result of collective unconscious. According to them when exceptional numbers of children recall people and places which is not connected to their present life people believe these memories are linked to their past lives. These psychologists disagree with the reincarnation phenomena. To explain this they introduce Carl Jung’s famous expression “collective unconscious.

Swiss psychologist and psychiatrist Carl Jung who founded analytic psychology coined the term collective unconscious. The collective unconscious represents a form of the unconscious common to mankind as a whole and originating in the inherited structure of the brain. It is distinct from the personal unconscious (explained by Sigmund Freud) which arises from the experience of the individual.

Jung saw the collective unconscious as being made up of so-called “archetypes”. These archetypes being potentialities, or proclivities, that can find a channel of expression in the finding of a mate, religion, art, myth, and even in the eventual facing of death. Jung’s collective unconscious has been described as a “storehouse of latent memory traces inherited from man’s ancestral past, a past that includes not only the racial history of man as a separate species but his pre-human or animal ancestry as well.

Following were the words of Carl Jung in which he elucidated his belief in life after death

“My life often seemed to me like a story that has no beginning and no end. I had the feeling that I was an historical fragment, an excerpt for which the preceding and succeeding text was missing. I could well imagine that I might have lived in former centuries and there encountered questions I was not yet able to answer; that I had been born again because I had not fulfilled the task given to me.” 

Reincarnation and Edgar Cayce 
American mystic Edgar Cayce better known as the Sleeping Prophet promoted the theory of both reincarnation and karma. Cayce was deeply concerned about reincarnation. Cayce did over 16,000 readings during his lifetime. The exceptional book Many Mansions written by Gina Cerminara disclosed the patients who were treated by Edgar Cayce and their past lives. Cayce explained the symptomatology of these patients in a broad context of Karma. According to Edgar Cayce, the illnesses that his clients had were due to karmic repercussions.

Based on modern investigations of Edgar Cayce’s readings medical experts say that Cayce frequently connected illness to the mental and emotional states of the patients and he disregard the etiology of certain illnesses. His clients predominantly had cancer, multiple sclerosis, diabetes, arthritis, gallstones, kidney stones, hay fever, mental and psychological problems, digestive problems, epilepsy, hemorrhoids, ulcers, psoriasis etc and according to Cayce karmic repercussions had do with the symptoms. Cayce had stated that people suffer from epilepsy as a result of adultery that they had committed in their past lives. But modern neurophysiology explains the genesis of epilepsy that has organic courses in the brain.

The famous Sri Lankan case study of Gnanathilaka 
Well-known Sri Lankan reincarnation case study “The reincarnation of Gnanathilaka” ( Navatha Upan Dariya) done by Dr H.S.S Nissanka along with Rev Piyadassi in early seventies became world famous. Gnanathilaka a young child articulated strange facts about a person named Thilakaratne believed to have lived in Aranayaka in the Central Province of Sri Lanka. She claimed that in her previous life she lived in Aranayaka and forced her parents to take her there. The local research team took the child to Aranayaka and she recognized her mother, sisters, brother, and teachers in the previous life.

Thilakaratne had seen the Queen Elizabeth when she first visited Sri Lanka in 1954. Gnanathilaka could vividly recall this incident. In her present life, she had never seen the ocean. When queried she could give specific details of the ocean and seashore.

Thilakaratne died as a teenager at the Arnayaka Government Hospital under strange circumstances. Dr. Abraham Kovoor of Minnesota Institute of Philosophy USA and the leader of the rationalist movement who openly denounced the supernatural and life after death claimed that the death certificate of Thilakaratne produced by the research team was not a genuine and the investigation was biased and non scientific. Although Dr. Abraham T Kovoor challenged the credibility of this local reincarnation research Dr Ian Stevenson accredited the reincarnation case of Gnanathilaka. (According to the information provided by Dr Darmasiri Herath , Gnanathilaka now a grown woman and working as an Aurvedic practitioner.)

The Search for Bridey Murphy 
The story of Bridey Murphy created a mass speculation in the West. Morey Bernstein’s bestselling book The Search for Bridey Murphy tells about hypnotic regression. Morey Bernstein a skillful hypnotist in Colorado, once hypnotized a housewife named Virginia Tighe. In the hypnotic session Bernstein probed Tighe’s memories back to childhood and then, as it seemed, to an earlier life. During the hypnotic regression Virginia Tighe stated that in her previous life she lived in Ireland and her name was Bridey Murphy. She mentioned the street in Ireland where Bridey Murphy believed to have lived, a name of a laundry near her previous residence, several names and other information.

A group of lawyers conducted an independent investigation on Bridey Murphy case. They found more than century old facts about a woman named Bridey Murphy in Ireland. It was revealed that Bridey Murphy was not a fictitious character. She truly lived in Ireland in the 19 th Century. Those who opposed Bridey Murphy case argued that Virginia Tighe came out with childhood memories during the hypnotic session. Also they pointed out that Virginia Tighe had an Irish nanny when she was small. Also they highlighted on the facts that the 19th century Irish poems which Virginia Tighe uttered during hypnosis could have learnt from her Irish nanny.

Past Life Therapy 
Past life therapy is based on the argument that some people carry in their subconscious mind memories of unpleasant events of their past lives and these subconscious memories adversely affect them in their present lives. By hypnosis they can be regressed beyond their birth to their previous lives. Past life therapists assure many ailments, all types’ phobias and even certain physical ailments can be cured by such hypnotic regression. Past life therapy has now become a standard western medical treatment for such ailments.

Dr. Brian Weiss and Past Life Therapy 
Dr. Brian Weiss was one of the first doctors to explore the past lives of his patients as a means of therapy. A graduate of Columbia University and Yale Medical School, Brian L. Weiss is the Chairman Emeritus of Psychiatry at the Mount Sinai Medical Center in Miami. His revolutionary book “Many Lives Many Masters” opened an unexpected door into the astonishing realm of past-life regression. Dr. Brian Weiss gives an astonishing case study of Katharine who had past-life traumas that seemed to hold the key to her recurring nightmares and anxiety attacks.

Hypnotic regression and Reincarnation 
Hypnosis is an altered state of consciousness and heightened responsiveness to suggestions. It is a trance state characterized by extreme suggestibility, relaxation and heightened imagination. During regressive hypnotherapy, a person is guided into a deep state of relaxation and/or trance by way of hypnosis. In theory by entering this state, the conscious mind, which is responsible for processing information, can be by-passed. Thus, the sub-conscious mind can be accessed. Some hold the belief that the hypnotic regression as a proof for reincarnation. Those who oppose hypnotic regression declare that in a Hypnotic regression, repressed childhood memories come in to action it if wrongly interpreted as evidence of past life.

Dr. Raymond Moody & Near- Death Experience 
Dr. Raymond Moody is recognized as the father of NDE research. He has chronicled and studied many of these experiences in several books. Dr. Raymond Moody, in his innovative book “Life After Life,” coined the term “near- death experience.” Dr. Moody was the first person to document the core experience of an NDE.

A near-death experience (NDE) is the perception reported by a person who nearly died or who was clinically dead and revived. The experience often includes an out-of-body experience. The phenomenology of an NDE usually includes physiological, psychological and transcendental factors. Typically the experience follows a distinct progression, starting with the sensation of floating above one’s body and seeing the surrounding area, followed by the sensation of passing through a tunnel, meeting deceased relatives, and concluding with encountering a being of light (Morse, Conner & Tyler, 1985).

Dr. Raymond Moody‘s book Life After Life appeared in 1975. Dr. Ray Moody described an elderly woman’s account of her near-death experience so accurate that she even correctly reported the colors of the instruments used on her. What is especially impressive about this example is that she had been blind for over fifty years. In another account, from a proactive Dutch NDE study, a nurse removed the dentures of an unconscious heart attack victim, and was asked by him after his recovery to return them (van Lommel et.al, 2001).


On Death and Dying – Dr. Elizabeth Kubler-Ross 

Dr. Elizabeth Kubler-Ross was a Swiss-born psychiatrist who became a pioneer in the field of thanatology (the study of death and dying). Her first book On Death and Dying in 1969 made Kübler-Ross an internationally renowned author. On Death and Dying examines the attitudes of the dying and the factors that contribute to society’s anxiety over death. Dr. Elizabeth Kubler-Ross once stated that “Death is simply a shedding of the physical body like the butterfly shedding its cocoon. It is a transition to a higher state of consciousness where you continue to perceive, to understand, to laugh, and to be able to grow”.

Dr. Elizabeth Kubler-Ross believed that death is a highly creative force. The highest spiritual values of life can originate from the thought and study of death. In the later part of her career she believed that death is not an end. Dr. Kubler-Ross implied there may be another dimension after death.




Conclusion 

Reincarnation is an unknown phenomenon that needs more research and investigation. The tools and technology that we use today may not be advanced enough to discover a natural phenomenon like reincarnation. For instance, 500 years ago people had no means to prove the existence of radioactivity in the environment. Time and human progression had solved many natural mysteries in the past. Perhaps the mystery of reincarnation will be resolved within another few decades with the advancement of science and technology. Until such time it remains an enigma and a debatable subject.

These were the words of Professor Carl Sagan of Cornell University about reincarnation and paranormal activities.

At the time of writing there are three claims in the ESP field which, in my opinion, deserve serious study: (1) that by thought alone humans can (barely) affect random number generators in computers; (2) that people under mild sensory deprivation can receive thoughts or images “projected” at them; and (3) that young children sometimes report the details of a previous life, which upon checking turn out to be accurate and which they could not have known about in any way other than reincarnation.

Tuesday, October 25, 2016

Mario Hamel


Ho Mario Mario 
Ho Mario you poor soul
Hungry cold and wasted 
Drifter and a social destitute
There was no one to save you

When you discontinued Lithium
Your mood may have become unstable
Probably you have lost the reality
Unable to figure out the danger

You were not striking at anyone
But only at your self
When the battle of sanity vs insanity began
You lost it indeed
Lost it completely

When you were acting out
You were disconnected and incoherent
Never had an idea for a second
You were surrounded by cops with deadly magnum force

When the bullets hit your body
You touched the ground
This is how your story ended 
Another homeless insignificant man became history

by Dr Ruwan M Jayatunge

This Poem is dedicated to Mario Hamel – Homeless man who was shot dead by the Montreal Police in June 2011

Sunday, October 23, 2016

ඉස්සෝ බුවා


හලාවත රෝහලට අළුතින් වෛද්‍යවරයෙකු පැමිනි විට ඉස්සෝ කිලෝ එකක් රැගෙන එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය හමු වීමට යන අරුම පුදුම පුද්ගලයෙකු සිටියේය​. ඔහු රෝහලේ සේවකයෙකුද නොවීය​. පිටින් එන පුද්ගලයෙකි. 

මෙම අරුම පුදුම පුද්ගලයා අළුත් වෛද්‍යවරයා හමුවී "සර් මම තමයි අහවලා සර් මේ ඉස්පිරිතාලෙට ආව එක බොහොම හොඳයි. මම සර්ට හලාවත වැල්ලෙන් ඉස්සෝ වගයක් ගෙනාවා " කියා ඉස්සන් පර්සලය අතට දෙයි. මෙම කාරුණික සංග්‍රහය හමුවේ නිරුත්තර වන වෛද්‍යවරයා බොහෝ විට ඔහුගේ තුටු පඬුර පිලි ගනියි. ඉන්පසුව " සර්ට ඕනම දෙයක් කියන්න මෙන්න මගේ සෙල් නොම්බරේ " කියා දුරකථන අංකයක්ද දෙයි. 

මේ අරුම පුදුම පුද්ගලයා ගැන මම මඳක් විමසිලිමත් වූයෙමි. මම හලාවත රෝහලට ගිය මුල් දින වලදී ඔහු මා සොයාගෙන ආවත් මම ඔහුව මඟ හැර සිටියෙමි. පසුව පෙනී ගියේ මොහු ඉස්සෝ කිලෝ එකක් දී වෛද්‍යවරුන් මිත්‍ර කරගෙන තම ප්‍රදේශයේ සැත්කම් හා ප්‍රතිකාර සඳහා එන රෝගීන් ගෙන් මුදල් ලබා ගෙන  ඔවුන්ව ඒ අදාල වෛද්‍යවරු වෙත ගෙනැවිත් "සර් මේ මගේ ගෙවල් ලඟ යාලුවෙක්  මේ මාසේ විසි හය වෙනිදා මෙයාගේ ඔපරේෂන් එකක් තියනවා සර් පොඩ්ඩක් බලන්න"  කියයි. 

වරක් මට සීසර් ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය ලබා දෙන ලෙස නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  මට දැණුම් දුන්නේය​. රෝගියා ශල්‍යාගාරයට ගෙන යන ලෙසට ඔහුට පවසා මමද ශල්‍යාගාරයට යාමට සූදානම් වූයෙමි. ඒ අතරවාරයේ කිසිදු ආරාධනාවකින් තොරව මේ පුද්ගලයා තවත් පිරිමියෙකු සමග නිර්වින්දන වෛද්‍ය නිල නිවාසය වෙත ආවේය​. 

" සර් මෙයාගේ පවුල සීසර් කරනවා , ලෙඩාව සිහි නැතිකරවන්න සර්ව ගෙනියන්න ආවේ " කියා ඔහු කීවේය​. 

මට විමතිය සමග ව්‍යාකූලතාවක් ද මතු විය​. 

" ඉතින් ඒක මට තියටර් එකෙන් නේ දැණුම් දෙන්න ඕනේ ඔයා නෙවෙයි නේ , මොකද ඔයා රෝහලේ වැඩ කරන කෙනෙක් නෙවෙයි නේ " මම කීවෙමි. 

මගේ පිලිතුරින් මඳක් පසුබා ගිය ඔහු අමුත්තා කැටුව බැහැරට ගියේය​. 

මට ඔහුගේ කට්ටකම වැටහුණි. බිරිය සීසර් කරන්නට යන බවත් ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු නැති නිසා තමන් නිර්වින්දන වෛද්‍ය නිල නිවසෙන් වෛද්‍යවරයෙකු ගෙන එන බවත් සැමියාට කියා ඔහුගෙන් ගානක් කඩාගෙන මා ඉදිරියේ රඟපෑමක නිරත වීමට ඔහුට අවශ්‍යව තිබුණි. එහෙත් මගේ අනපේක්‍ෂිත උත්තරය නිසා ඔහුගේ පැලෑන අඩාල විය​. යම් ලෙසකින් රෝහලට ආ මුල් දවස් වල මොහුගේ  ඉස්සෝ කිලෝ එකට මා යට වුයේ නම් මට සිදුවන්නේ ඉස්සෝ වමාරන්නටය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, October 22, 2016

දොට්ට පිළට යාම

 



වැසිකිලි යාම ජීවිතයේ වැදගත් ක්‍රියාවලියකි. එහෙත් ආහාර ගැනීම ගැන තිබෙන කතිකාවට ඇති උද්‍යෝගය වැසිකිලි යාම සබැඳිව නැත​. වැසිකිලි යාම ගැන කතා කරන්නේ අඩුවෙනි. වැසිකිලි යාම  ජීව ක්‍රියාවලියක් පමණක් නොවේ. ඒහා බැඳුනු ආගමික මෙන්ම සංස්කෘතික ක්‍රියාවලීන් තිබේ. 

බටහිර ජාතිකයෝ වැසිකිලි යාමෙන් පසුව ටොයිලට් පේපර් භාවිතයෙන් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කර ගනිති. මෙය සමහරක් අපරදිග ජාතීන්ට අනුව පිලිකුල් දනවන ක්‍රියාවකි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා සුද්දන් යනු පස්ස නොසෝදන ජාතියක් බව කියා වරක් ඔවුනට නිග්‍රහ කලේය​. 

වැසිකිලි යාමෙන් පසු ලංකාව වැනි ආසියාතික රටවල මිනිසුන් වතුර යොදා පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගනිති. එහෙත් මෙය තනිකරම ශුද්ද ක්‍රියාවලියක් නොවන බව පෙනී යයි. වැසිකිලි යාමෙන් පසු වතුර යොදා වම් අතින් පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගන්නා පුද්ගලයන් ගේ නියපොතු වල බොහෝ විට ඊකෝලායි බැක්ටීරියාව තිබේ. මෙම අසූචි බැක්ටීරියාවන් මිනිසුන් අතර සංක්‍රමණය වෙයි. 

සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන කාලයේදී හෝටල් වල කෑම පිසින අරක්කැමියන් ගේ නියපොතු පරීක්‍ෂා කිරීම මම කලෙමි. මොවුන් බොහෝ දෙනෙකු වැසිකිලි ගොස් යන්තම් අත සෝදාගෙන ඉවීම් කටයුතු කරති. ඔවුන් ගේ නියපොතු කුණු වලින් පිරී තිබේ. මේ නියපොතු ඇතුලේ ඊ-කෝලයි බැක්ටීරියාවන් ඇත​. තවද මෙහෙකරුවන් මෙහෙකාරියන් ඉවුම් පිහුම් කරන ඉහල මධ්‍යම පන්තික නිවෙස් වලද මෙම ගැටළුව දක්නට තිබේ. මෙම මෙහෙකරුවන් මෙහෙකාරියන් වැසිකිලි ගොස් අත් සේදීම හොඳ හැටි නොකරති. එම නිසා නිවැසියන්ට විවිධ උදරාබාධ ඇතිවේ. 

මාස 18 සිට වසර 3 දක්වා ගුද කාලය ළදරුවන්ට වැදගත් වන සමයක් බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැවසීය​. මේ කාලය තුලදී ළදරුවා තමාව බලා කියා ගන්නා පුද්ගලයා සමග කායික මානසික වශයෙන් බැඳෙති. 

බටහිර රටවල දෙමාපියන් වැසිකිලි යාමෙන් පසු ළමයින් ගේ පස්ස පිරිසිදු කරන්නේ ටොයිලට් පේපර් මගිනි . එහෙත් ඉන්දියාව ,  ලංකාව වැනි රටවල අම්මලා තම අතින් ළදරුවන් ගේ කක්කා සෝදති. මේ නිසා මවගේ අත ළදරුවාගේ අධි සංවේදී ගුද කලාපයේ ගෑවේ. මේ අනුව  ලංකාව , ඉන්දියාව වැනි රටවල ළදරුවන් ගුද සමය හෙවත් ( Anal Stage) හිදී බටහිර ළමුන් මව සමග ඇති කර ගන්නා බැඳීමට වඩා වැඩිපුර බන්ධනයක් ඇති වන බවට මතයක් මම මගේ ළමා මනෝ විද්‍යාව සහ උපදේශනය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) පොත මගින් ප්‍රකාශ කලෙමි. මෙම අදහස දිවංගත මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතාගේ අවධානයටද ලක් විය​. වරක් රූපාවාහිනී වැඩසටහනකදී එතුමා මගේ කෘතියේ එන මෙම මතය ගැන කතා කලේය​.

විදේශ රටවල වැසිකිලි වල වතුර නැත . තිබෙන්නේ ටොයිලට් පේපර් ය​. එම නිසා අපහසුවෙන් හෝ ටොයිලට් පේපර් භාවිතා කිරීමට ආසියාතිකයන්ට සිදුවේ. 

සෝවියට් දේශයේ ටොයිලට් පේපර් හිඟයක් තිබුනේය​. මේ නිසා මිනිසුන් බොහෝ විට භාවිතා කලේ පව්දා (ඇත්ත​) පුවත් පතේ කොලය​. සෝවියට් දේශයේ වැසිකිලි වල හතරට ඉරන ලද පව්දා  පුවත් පත් කොල තිබුනේය​. මිනිසුන් සමහර විට ලෙනින් ගේ පින්තූර තිබෙන  පව්දා  පුවත් පත් කොල වලින් කක්කා පිස දැමුවෝය​. ස්ටාලින් ගේ කාලයේ මෙය ප්‍රති විප්ලවවාදී ක්‍රියාවක් ලෙස සලකන ලද බැවින් ලෙනින් , ස්ටාලින් මෙන්ම අවශේෂ පොලිට් බියුරෝ නායකයන් ගේ පින්තූර තිබූ පත්තර කොල කසල ගොඩටවත් විසි නොකිරීමට මිනිසුන් පරෙස්සම් වූහ​. 

 සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේදී පෙනී ගියේ ලාංකිකයන් පමණක් නොව ඉන්දියානුවන් සහ අරාබි ජාතික සිසුන් වැසිකිලි යාමේදී වතුර භාවිතා කරන බවයි. ඒ කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාර වල හිස් වයින් හෝ ෂැම්පේන් බෝතල් වලට වතුර පුරවාගෙන වැසිකිලි යන ආසියාතික සහ අරාබි සිසුන් දෙස රුසියානුවන් විමතියෙන් යුතුව බැලූහ​. 

ටොයිලට් පේපර් නිරන්තරයෙන්ම භාවිතා කිරීම නිසා සමහර විට ගුද ප්‍රදේශයේ ආසාදන ඇති විය හැකිය​. එම නිසා වැසිකිලි ගොස් වතුර මගින් ගුද ප්‍රදේශය පවිත්‍ර කර ගැනීම සෞඛ්‍යය හිතකරය​. ඒ සඳහා බිඩේ එකක් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. වර්තමානයේ ලංකාවෙ පමණක් නොව බටහිර රටවල ජීවත් වන ලාංකිකයන් ගේ නිවෙස් වල හෑන්ඩ් බිඩේ සවි කොට තිබේ. සමහර ලාංකිකයන් මුලින්ම ටොයිලට් පේපර් මගින් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කරගෙන පසුව හෑන්ඩ් බිඩේ එකේ වතුර පහර අල්ලති. 

ආහාර ගැනීම මෙන්ම වැසිකිලි යාමද ජීවිතයේ වැදගත් අංගයකි. එය සෞඛ්‍යය ආරක්‍ෂිතව කල යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Thursday, October 20, 2016

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - විස්තීර්ණයක්




මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය තිස් වසරක යුද්ධය පුරා සිදුවූ ඉතිහාසයෙන් සැඟවී ගිය වීර ධීර ක්‍රියා මෙන්ම පාවා දීම් , බියසුළු ක්‍රියා, යුද්දයෙන් ගසාගෙන කෑම , ආත්මාර්ථය මුල් කරගෙන සිදු කල පහත් ක්‍රියා යනාදී සියල්ලක්ම යම් මට්ටමකට හෙළි කරනු ලබයි. එම නිසා මෙම ග්‍රන්ථය ඇස් ඇරවන්නක් ලෙස නම් කලාට වරදක් නැත​. 

මේ මහා යුද්දයේ සිදුවූයේ කුමක්ද කියා දැන ගැනීමට රට වෙනුවෙන් යුදට යාමට තම දරුවන් හමුදාවට  දුන් දෙමාපියන්ටද   යුද්දය වෙනුවෙන් බදු ගෙවූ රටවැසියන්ටද  අයිතියක් තිබේ. එම නිසා කාලාන්තරයක් පුරා ලංකාවේ ජනමාධ්‍ය විසින් යුද්දය ගැන ගොතා කියූ බොරු මෙන්ම  ව්‍යාජ  වීර සළු පොරවාගෙන සිටි උදවියගේ නිරුවතද මේ ග්‍රන්ථය නිසා හෙළි වෙමින් පවතී. 

ඉතා දරුණු මෙන්ම සැහැසි ත්‍රස්තවාදී සංවිධානයක් වූ ප්‍රභාකරන් ගේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය කරනු ලැබුවේ ගම් වලින් පැමිණි දුප්පත් කොල්ලන් විසිනි. මේ සඳහා අතලොස්සක් වූ නිර්භීත සහ යුද කලාවේ නිපුණ වූ නිලධාරීන් පිරිසක් සංග්‍රාමයට නායකත්වය දුන්හ​. මෙය ඊලාම් යුද්දයේ සත්‍ය කතාවයි. අනාගත පරපුර විසින් දැනගත යුත්තේද මෙම සත්‍යයයි. 

එහෙත් මෙම ජයග්‍රහණය ලබා දුන් විරුවන් ලේ දහඩිය වගුරද්දී වන්නියේ කැලෑ වල ඔවුන් ගේ ප්‍රාණයන් නිරුද්ධ වෙද්දී ආත්මාර්ථකාමී  මෙන්ම බියගුළු නරුමයන් කටින් යුද්ද කරමින් මේ විරුවන් ගේ කකුල් වලින් ඇද්දහ​. එසේම නියමිත වේලාවට අතිරේක හමුදා මෙන්ම උණ්ඩ  ලබා නොදුන්හ නැතහොත් ප්‍රමාද කළහ ​. සෙබළුන්ව රවටා ඔවුන්ව මරුවාගේ කටට යවනු ලැබීය​. සමහරක් බියගුළු නිලධාරීන් සොල්දාදුවන් යුද්දයේ තනි කොට තමන් ගේ පණ පමනක් බේරාගනිමින් පළා ගියහ​. ඇතැම් නරුමයන්  විසින් සොල්දාදුවාට යුද හමුදාව වහක් කොට ඔවුන්ට ඇබ්සන්ට් වීමට කටයුතු සැලසූහ​. යුනිෆෝම් ඇඳි හොරුන් සෙබළුන් ගේ රැෂන් වලින් පවා ගසා කෑහ​. නිල ඇඳුම් ඇඳි ඇතැම් අපගාමිකයන් සෙබලියන් ලිංගික වහලියන් මෙන් යොදා ගත්හ. සමහරක් තරුණ භටයන් ලිංගික ක්‍රියා සඳහා බලහත්කාරයෙන් යොදා ගනු ලැබීය​. මේ ඊලාම් යුද්දයේ සඟවාගෙන තබාගත් අශෝභන පාර්ශවයයි. මෙම පහත් ක්‍රියා යම් ප්‍රමාණයකට එළිදරවු කිරීමට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යම් උත්සහයක් ගෙන තිබේ. එය වර්ණනීය ක්‍රියාවක් ලෙස මම දකිමි. 

ඊලාම් යුද්දයට මුහුණ දුන් සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය නගා සිටුවමින් ඔවුන්ට උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාරයෙන් සහය වීමට හැකිවීම ජීවිතයේ මා ලද එක් භාග්‍යකි. මේ කාලය තුලදී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙළි කරන ධීර වීර ක්‍රියා මෙන්ම පහත් නරුම ක්‍රියා මම සියැසින් දුටුවෙමි නැතහොත් විශ්වාස කළ හැකි මූලාශ්‍රයන් මගින් ඇසුවෙමි. මේවා අප රට ජනතාව විසින් දැනගත යුතු සත්‍යන් වෙති. 

මගේ අත්දැකීම් අනුව යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කලහ​. මේ අතර ප්‍රී ඉන්ටන්වරු ලෙස හඳුන්වන ලද විදේශ වෛද්‍ය පීඨ වලින් උපාධි ලත් නවක වෛද්‍යවරු රැසක් ද වූහ​. මොවුන් ද කැපවීමෙන් රාජකාරි කල අතර සමහරක් දිවි පරදුවට තබා ක්‍රියාන්විත ප්‍රදේශ වලටද ගියහ​. එහෙත් ක්‍රියාන්විතයේදී මේ ප්‍රී ඉන්ටන්වරයෙක් මිය ගියේ නම් ඔවුනට කිසිදු දීමනාවක් නොලැබීමේ සම්භාවිතාව ඉහල විය​. එහෙත් අපගේ වෛද්‍ය සේවාවන් විසින් මේ විදේශ උපාධිධාරී ප්‍රී ඉන්ටර්න්වරුන් ගේ සේවාවාවන් යුද කාලයේදීවත් ඉන් පසුවත් අගය කිරීමක් කලේ නැත​. මේ කාලය පුරා ඔවුන්ට බොහෝ විට සලකන ලද්දේ හරිජනයන්ට මෙනි. සමහර විට නිලධාරී නිවස්න වලදී පවා මොවුන්ට වෙනස්කම් කරනු ලැබීය​. 

යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කල නමුදු මේ කිරි කළයට ගොම දැමූ කසඩයන් කිහිප දෙනෙකු ගැන යම් ප්‍රමානයකට හෙලිදරව්වක් කල යුතුය​. මින්  නිල ඇඳුම් ඇඳි එක් වෛද්‍යවරයෙක් එක්තරා බළකායක අණදෙන නිලධාරියෙකු වූවද ඔහු හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කිරීමක් සඳහා චාජ් එකේ ගිය අයෙකු වීය​. මොහු බලගතු ඉහල නිලධාරීන් ශේප් එකේ තබා ගත්තේ ඔවුනට කාන්තා සෙබලියන් ලබා දීම මගිනි. එම නිසා සොරකම් චෝදනා ලැබුවද ඔහුට යහතින් සිටීමේ භාග්‍ය ලැබුනි.  

කාන්තා සෙබලියන් අපයෝජනය වීම ගැන වෛද්‍ය බළකායේ කාන්තා නිලධාරිනියක වූ ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බලවත් සේ විරෝධය දැක්වූවද ඔහු තම හිතවතුන් මගින් ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බල රහිත කොට දැමුවේය​. 

යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කල එක් වෛද්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂනයෙන් ආරම්භ කල යුද ආතති ප්‍රතිකාර සායනය කෙරෙහි දැක්වූයේ ඉරිසියා සහගත ප්‍රතිචාරයකි. මේ නිසා දහසක් සොල්දාදුවන්ට උපදේශනයෙන් මනෝ ප්‍රතිකාරයෙන් උපකාරී වූ මධ්‍යස්ථානය වසා දැමෙන අන්දමට මොහු කටයුතු කලේය​. මේ නිසා පසුකාලීනව යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් දිවි නසා ගනු ලැබූ බව වාර්තා විය​. 

මේ පුද්ගලයා ඉතා නිහින මෙන්ම දීන ගතිගුණ වලින් යුක්ත විය​. උසස් නිලධාරීන් ගෙන් ඇමතුමක් එන විට ඔහු අසුනින් නැගිටින්නේය​. ඔහුගේ නමේ මුල් අකුරු කේපී හෙවත් වචනයේ පරිසමාප්තියෙන් කොන්ද පණ නැති අයෙකු බව පෙන්වීය​. තමාගේ ගැලවීම උදෙසා ඕනෑම කෙනෙකු බිල්ලට දීමට හෙතෙම පුරුදුව සිටියේය​. 

ජෙනරාල් ෆොන්සේකා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා යුද හමුදා රෝහලේ සිටියදී ඔහුගෙන් ලකුණු දමා ගැනීමට මේ නිලධාරියා ඔහුගේ මුත්‍රා බෝතලය ඔසවාගෙන ගියේය​. මෙය සොල්දාදුවෙකු විසින් කල යුතු කාර්‍යකි.  මේ විකාරය දුටු එක් මේජර්වරයෙක් "මචං අපේ සී.ඕට (USP)  යූඑස්පී එකක් ජෙනරාල් ෆොන්සේකා ගෙන් ලැබෙයි "කීවේය​. යූඑස්පී යනු  උත්තම සේවා පදක්කම. එහෙත් වෛද්‍ය බළකායේ මේජර්වරයා ඉන් අදහස් කලේ උත්තම සේවා පදක්කම නොවේ යූරීන් (මුත්‍රා) සේවා පදක්කම බව කීවේ එතැන සිටි සෑමදෙනාම සිනා ගස්සවමිනි. 

නිහින දීන අයුරින් ක්‍රියා කල,ඉරිසියාව සහ කුහක කමේ ලක්‍ෂණ පෙන්වූ මෙම නිලධාරියා සමග අනුරාධපුර රෝහලේ සීමාවාසික පුහුණුව නිම කල වෛද්‍යවරයෙකු මට පැවසුවේ මොහුගේ මෙකී චර්‍යාවන් සඳහා පවුල් පසුබිම​, ආර්ථික දුෂ්කරතා මෙන්ම කුල පීඩිත සාධකයන් ද ඉවහල් වූ බවයි. මොහු විසින් මේ පෙන්වන ලද්දේ වෛද්‍යවරයෙකු වීමෙන් පසු සහ නිල ඇඳුම ඇඳීමෙන් පසු පන්තිය මාරු කිරීම නිසා හටගත් එරියස් ය​. එහෙත් මේ එරියස් නිසා ඊලාම් යුද්දයේදී යුද කම්පනයට ලක් වූ සොල්දාදුවන්  දහස් ගනනකට උපදේශන සේවාවන් අහිමි විය​. මේවා ජනතාව දැනගත යුතුය​. 

ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයද යුද සමයේදී නිසි ලෙස ඉටු නොවූ බව මම වගකීමකින් යුතුව කියමි. මේ සඳහා බොහෝ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද සාක්‍ෂි දරති. මෙම ඒකකයේ සිටි එක් උසස් නිලධාරිනියක් උද්දච්චකමේ ප්‍රතිමූර්තියක් වූවාය​. ඇය සැලකුවේ ඇයට කේලාම් සපයන අයට පමණි. එසේම තම සිත් නොගත් සමහර ආබාධිත සොල්දාදුවන්ව පන්න පන්නා පලි ගැනීමට මේ ඉතිරිය පුරුදුව සිටියාය​. මේ හේතුවෙන් බොහෝ නිලධාරීන් කීවේ ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයට පෙර මේ නිලධාරිනිය  පුනරුත්ථාපනය කල යුතු බවයි. 

ජොනී බට්ටන්ට කකුල් ගිය සොල්දාදුවන් බොහොමයක් ඒ කාලයේ මා වෙත පැමින ඇඞූ කඳුලෙන් කීවේ මැඩම් විසින් ඔවුන් ගේ බස් පාස් එක අවලංගු කල බවය​. එහෙත් මේ දුප්පත් සොල්දාදුවන්ට සාධාරණය ඉටු කිරීමට අපට බලතල නොවීය​. ඒ නිසා මා බොහෝ විට කලේ මේ අසරණයන්ට සතියක නිවාඩුවක් නිර්දේශ කිරීමයි. එයද බොහෝ විට ඇය විසින් කපා දැමුවාය​. 

මේ කාන්තාව අනාරක්‍ෂිත (insecurity) බවින් පෙළුනාය​. ඇයගේ සැමියාගේ මිථ්‍යාචාරයන් නිසා ඇය සෑම අයෙකුව සැක කලාය​. ඇයට අනුව සොල්දාදුවා යනු හොරෙකි වංචාකරුවෙකි. එසේම තමාට වඩා උගත් දක්‍ෂ වෛද්‍යවරු දුටුවේ හමුදාවට ලැබූ සම්පතක් ලෙස නොව තමන්ට වූ තර්ජනයක් ලෙසටය​. මේ නිසා පුනරුත්ථාපනය   පිලිබඳව ආචාර්‍ය උපාධියක් තිබූ වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්‍ෂයන් පුනරුත්ථාපන  අංශයෙන් පළවා හැරීමට ඇය ක්‍රියා කලාය​. යුද හමුදා පුනරුථාපන අංශයේ බලෙන් හෝ තියාගත යුතුව තිබූ  මේ වෛද්‍යවරයා දැන් සේවය කරන්නේ  ඕස්ටෙ‍්‍රලියාවේය​. 

නිරවුල් මානසිකත්වයක් තිබූ පුද්ගලයෙකුට හමුදා පුනරුථාපන අංශය භාර නොදී පෞරුෂ අක්‍රමතා තිබූ තැනැත්තියකට සොල්දාදුවන් ගේ පුනරුත්ථාපනය භාර දීම නිසා ආබාධිත සොලාදුවන්ට වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්‍ෂයන් ගේ සේවාව ලබා ගැනීමට තිබූ මං අසුරා දැමීම ජාතික අපරාධයක් ලෙස මම දකිමි. 

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙලි කරන තවත් සාධයක් නම් බොරු වීරකම් ගැන සඳහන් කරමින් හමුදා මූලස්ථානය නොමග යැවීමයි. කොටි ත්‍රස්තවාදීන් ඉදිරියට එන විට පළා ගොස් බොරු  සයිටේශන් හෙවත් ආහවනයන් ඉදිරිපත් කොට RSP, RWP වැනි  පදක්කම් ලාභීන්ද සත්‍ය වීරයන් අතර අසුන් ගෙන සිටිති. 

මෙහිදී මට එවකට කර්නල්වරයෙකු වූ සරත් ඇඹව කියූ කතාවක් මතක් වේ. කලවංචිකුඩි කඳවුර කොටි ග්‍රහනයෙන් මුදා ගැනීම නිසා ඔහු ලැබූ වීර පදක්කම ප්‍රහාරය ආසන්නයේවත් නොසිටි රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද  කල කවටයන් කීප දෙනෙකුටද ලබා දීම නිසා ඔහු තම විරු පදක්කම බේරේ වැවට විසි කල බවය​. පදක්කම බේරේ වැවට විසි කල බව සමහරක් විට අතිශයෝක්තියක් විය හැකි නමුදු රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද  කල කවටයන්ද විරු පදක්කම් ඊලාම් යුද්දයේදී  ලබා ගත් බව  නම් සත්‍යකි. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ  නිත්‍ය සහ ස්වේච්ඡා බළකා අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි භේධ තිබේ. සමහර නිත්‍ය නිලධාරීන් තම ඒකකයේ සිටි ස්වේච්ඡා නිලධාරීන් පාගා දමමින් හමුදා නායකත්වයට නිගා දෙන අන්දමට කටයුතු කල අයුරු මෙහිදී මට සිහිපත් වේ.  යුද්දයේදී සතුරාගේ උණ්ඩ ආවේ නිත්‍ය සහ ස්වේච්ඡා ලෙස වෙන් වෙන්ව නොවන බව මොවුන් දැන සිටියේද කියා යන්න ගැටළුවකි. ගෝත්‍රික මානසිකත්වයෙන් ක්‍රියා කල ඇතැම් නිලධාරීන් පරම විර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කපිතන් සාලිය අලදෙනියද ස්වේච්ඡා  නිලධාරියෙකු වූ බව අමතක කලා විය හැකිය​. මෙවැනි භේද නොසලකමින් ඊලාම් යුද්දයේදී වීරත්වයෙන් සටන් වැදි ස්වේච්ඡා  නිලධාරීන් ගැන ජනරාල් කමල් ගුණරත්න තම කෘතියේ සඳහන් කරයි. 

හමුදාවේ යුද නිපුනයන් මෙන්ම ලොසාලා ලෙස හඳුන්වන ලද  මනප්පුලාද වූහ​. එහෙත් බලය බොහෝ විට තිබුනේ මනප්පුවන් අතය. යුද හමුදාවේ එක්තරා මනප්පු නිලධාරියෙකු කේන්දර බැලීම , බළි ඇරීම වැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධිය ඉසිලීය​.  හමුදාපති කෙනෙකු හෝ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියෙකු තමාගේ සාක්කුවේ දමා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ එම නිලධාරියාගේ බිරිඳ වෙත ගොස් " මැඩම් ඉස්සරහට සර්ට පොඩ්ඩක් අපල මාරක තියනවා මේ  ජීවම් කරපු සුරේ දාගන්න කියන්න " කියා තඹ සුරයක් දෙයි. මාරක  වලට බිය වන උසස් නිලධාරියා තඹ සුරය තම ගෙලේ හෝ දිය ලණුවේ එල්වා ගනී. මෙලෙස බය පැකට් විකුනූ මෙම නිලධාරියා තමන්ට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා කල තොවිලයක් ගැන දිවයින පුවත් පතේ පළ වීම  එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා   මොහුට සේවා දිගුවක්  නොදී  හමුදාවෙන් යවන ලදි.තවද මේ ජෝකර් නිලධාරී තැන එල් ටී ටී ඊ සංවිධානය පරාජය කිරීමට නම් හනුමා කෝවිලක් ඉදි කල යුතු බවද ප්‍රසිද්ධියේ කීවේය​. 

කමල් ගුණරත්න මහතා තම කෘතියෙන් යුද්ද කාලයේදී හමුදාවේදී සිදුවූ ලිංගික හිංසනයන් ගැන ප්‍රමාණවත් තොරතුරු කතා නොකිරීම අඩුවක් ලෙස මම දකිමි. මේ කාලයේදී සමහර නිලධාරීන් සෙබලියන්ට මෙන්මද කාන්තා නිලධාරිනියන්ටද  ලිංගික බලහත්කාරකම් සිදු කල බව නොරහසකි. එක් කාන්තා නිලධාරිනියක් තමාව දූෂණය කිරීමට ආ උසස් නිලධාරියාට විරුද්ධව හමුදා පොලිසියට පැමිණිලි කල නමුදු විභාගයේදී හමුදා අධිකාරය ගත්තේ වින්දිතයාගේ පාර්ශවය නොව උසස් නිලධාරියාගේ පැත්තය​. මේ නිසා ඇය අසරණව හමුදාව හැර ගියාය​. 

ගැහැණුන් පමණක් නොව පිරිමින් ද දූෂණය කිරීම සිදු වූ බව මෙහිදී කිව යුතුය​. සමහර බංකර් වල මෙලෙස කුරුටු ගී ලියා තිබුනේය ; රට බේරා ගැනීමට උතුරට ආ සෙබලා ..ක බේරා ගැනීමට බංකරය වටේ දුවයි. 

කුජීත නිලධාරීන් මෙන්ම සමහර සාජන්ලා කෝප්‍රල්ලා නවක සොල්දාදුවන් ගෙන් බලහත්කාරයෙන් ශරීර උදව් ලබා ගත්තෝය​. මෙලෙස අපයෝජනයට ලක් කරන ලද සොල්දාදුවෙක් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කොට තිබුනි. මෙම ලිංගික අපයෝජනය නිසා ඔහු තද බල ලෙස සමායෝජන අක්‍රමතාවකට (Adjustment Disorder) ලක්වී සිටියේය​.  පසුව ඔහු හමුදාවෙන් පැන ගියේය​. මේ කොටින් ගෙන් රට බේරා ගැනීමට ආ නවක සොල්දාදුවෙකුට නිහින ජේෂ්ඨයන් විසින් දුන් ත්‍යාගයකි. 

කතුවරයා හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් සහ එල් ටී ටී ඊ සංවිධානයේ මහාවිරු පවුල් සැසඳීමක් කරමින් හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වලට නිසි ගරුත්වය මෙන්ම පොදු රැකවරණය නොලැබුනු බව පවසයි. එය සත්‍ය කරුණකි. එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වූවද තම මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වල සුභ සාදනය බැලුවේය​. එහෙත් හමුදාවේ සිටි සමහර නරුමයන් මිය ගිය සොල්දාදුවන් ගේ බිරින්දෑවරුන්ටද ලිංගික බලපෑම් කල අයුරු යුද වැන්දඹුවන් ගේ උපදේශන කටයුතු වලදී අපට අනාවරණය විය​.  

මේජර් ජනරාල්  ගුණරත්න යුද්දය අස්සේ සුද්දයද දුන් මර්ෂියන් ගැන සඳහන් කරයි. මෙවැනි ප්‍රකට මර්ෂියෙක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ සිවිල් වැසියන් ගේ නිවාස වලින් කොල්ලකා ගත් රූපාවාහිනී කැසට් රෙකෝඩර් තොගයක් සමග යුද හමුදා පොලිසියට අසු වූ විට ඔහු කීවේ එවා නිලධාරී නිවස්නය සඳහා ගෙන යන බවයි. කෙසේ නමුත් මේ සිද්ධිය ඔහු යටපත් කිරීමට සමත් විය​. පසු කාලයක මොහු ජෙනරාල් නන්ද සිල්වා , බ්‍රිගේඩියර් තම්මිට වැනි අවංක නිලධාරීන් නායකත්වය දුන් ජාතික ශිෂ්‍ය භට බළකායේ සුක්කානම අතට ගෙන ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින් මෙන්ම බළකායේ බෙහෙත් ෆාමසි වලට විකිනීමෙන් ද මුදල් උපයා ගත්තේය​.  ඇවන්ගාඩ් නඩුවේදී කොමිසම හමුවේ බොරු සාක්‍ෂී දීම නිසා තම නිලයත් යුද හමුදාවත් අපකීර්තියට ලක් කල මෙම පුද්ගලයා වැනි  බොල් පිළිම නිරාවරණය කිරීම සම්බන්ධයෙන්  මේජර් ජනරාල් කමල් ගුණරත්නට  බහුමානය හිමි විය යුතුය​. 

මේ අනුව පෙනී යන්නේ සත්‍ය රණවිරුවන් යුද්ධය කලේ එල් ටී ටී ඊ සංවිධානය සමග පමණක් නොවන බවයි. ඔවුන් කුජීත නිලධාරිවාදය මෙන්ම බියගුල්ලන් , බොරුකාරයන් , කොමිස්කාරයන් ,පාවා දෙන්නන්, මර්ෂිවාදීන් , කාම උන්මත්තකයන් වැනි මූලාවයවන් සමගද සටන් කලහ​. මේ නිසා සත්‍ය සෙබලා පෙරමුණු  ගනනාවකට එරෙහිව සටන් කලේය​.  මේ නිසා ඊලාම් යුද්දය යනු මහා බරපතල සංග්‍රාමයකි. මේ රෝග කාරක මුල කාලයේදීම හඳුනාගෙන නිසි පිලියම් යෙදීමට යුද හමුදා නායකත්වයට හැකියාවක් තිබුනේ නම් වසර තිහක් නොව දශකයකටත් මෙහා කාලයකදී යුද ජයග්‍රහණය ලබා ගැනීමට හැකිව තිබුණි. එයද කතුවරයා විසින් පෙන්වා දෙන්නේය​. 

රණමඟ ඔස්සේ නන්දිකඩාල් යනු පරිපූර්ණ කෘතියක් කියා මම නොකියමි. එම කෘතියේ ධූසර ප්‍රදේශයන් යම් ප්‍රමාණයකට තිබේ. කතුවරයා යුද භූමියේදී දිවි නසාගත් සොල්දාදුවන් බානසුළු අධමයන් ලෙස නම් කිරීම ගැන මම එකඟ නොවෙමි. ඒ මන්ද යත් යුද කම්පනය (Combat Shock ) පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)  , පශ්චාත් සංග්‍රාමික විශාදය (Post Combat Depression) වැනි හේතු නිසාද සොල්දාදුවන් බංකර වලදී දිවි තොර කර ගැනීමට යොමුවූ බවට සාධක තිබෙන නිසාය​. මෙම සාධකයන් ගැන කතුවරයා දැණුවත් වූයේ නම් මැනවි. 

යම් යම් අඩුපාඩු තිබුනද සමස්ත වශයෙන් ගත්   කල මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඊලාම් යුද්ධය පිලිබඳ ලියැවුණු ටෙස්ටමෝනියක් හෙවත් සාක්‍ෂාත්කරයක් කිව හැකිය​. එවැනි ග්‍රන්ථයක් පාඨකයාට ලබා දීම වනාහී  දැවැන්ත ප්‍රයත්නයකි.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook