Saturday, December 31, 2016

එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

  
අජිත් පැරකුම් ජයසිංහ නොහොත් පැරා ලේඛකයෙකි එසේම බ්ලොග් රචකයෙකි, සමාජ ක්‍රියාකාරිකයෙකි , ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් බහුලය​.

එළියකන්ද  වද කඳවුර පිලිබඳ කතිකාව මුලින්ම ඇති වූයේ රෝහිත මුණසිංහ විසින් රචිත එළියකන්ද  වද කඳවුර නම් කෘතිය මගිනි. එළියකන්ද වද කඳවුර    නොහොත් කේ පොයින්ට් යනු අපගේ සමාජය එක් කාලයකදී ගමන් කරන ලද අඳුරු යුගයක් සනිටුහන් කරන ස්ථානයකි. මෙම අඳුරු යුගය ඇතිකිරිමේ ලා දේශපාලකයන් මෙන්ම කළා කරුවන් ද විසින් කරන ලද කාර්‍යභාරය තවමත් පූර්ණ ලෙස හෙළි  දක්වා නැත​. එම නිසා එළියකන්ද පිලිබඳ වගකීම හමුදාවට හෝ කැරලිකරුවන්ට පවරා නිදහස් වීමට නොහැක​. 

අජිත් පැරකුම් ජයසිංහ එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙකි. ඔහු එළියකන්දේ පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය​. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි.  මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය​.  

හෙට්ටියාවල කඳවුරේද සිටි අජිත් හෙට්ටියාවල කඳවුරේ සිටි එක් සාජන්වරයෙකු ගැන පවසයි. ඔහු රූකාන්තගේ සින්දු වලට නටන නමුත් දක්ෂ ලෙස පිහියකින් රැඳවියන් ගේ බෙලි කපා මරා දැමූ පුද්ගලයෙකි. වරක් එලියකන්දේදී  නවක සොල්දාදුවෙක් රැඳවියන් දෙදෙනෙකුට උදැල්ලකින් ගසා ගෙලවෙන් කර, එක් හිසක් වැටෙන් එහා පැත්තට විසි කර එය අජිත්ට ගේන්නට නියෝග කලේය​. මේ සොල්දාදුවා  හොරණ ප්‍රදේශයේ  අවුරුදු 19ක් පමණ වූ තරුණයෙකි.  

එළියකන්ද තිබුණේ හමුදා බුද්ධි අංශය භාරයේයි. ඔහු එළියකන්දේ සිටි මුල් කාලයේ එය භාරව සිටි 4 වන කාලතුවක්කු හමුදාවේ කපිතාන්වරයා පසු කලෙක ඉතා ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වූ බව ඔහු සිතයි. ඔහු අජිත්ගේ ජීවිතය බේරා දීමට කටයුතු කලේය. ඔහු සිටි කාලයේත් එහිදී දරුණු වධ බන්ධන සිදු වූ මුත්, ඝාතන සිදු වුණේ නැත. 1989 මැද භාගයේදී පමණ ඔහු ගම්පහ ප්‍රදේශයේ බුද්ධි අංශය භාරව ගිය බව දැන ගන්නට ලැබුණි. මාතර දිස්ත්‍රික්කයේ බුද්ධි අංශය භාරව කලින් ගම්පහ බුද්ධි අංශය භාරව සිටි කණ්ඩායම පැමිණි අතර විශාල වෙනසක් සිදු වුණේ එතැන් සිටයි. එම කණ්ඩායම තරමක් බුද්ධි හීන අංශයක් වුණත්, තිරශ්චීන ලෙස වධ බන්ධන හා මිනිස් ඝාතන සිදු කරමින් ජවිපෙ මර්දනය කරන්නට සමත් බව ඔහු පවසයි. අජිත් ගේ මතකයට අනුව මේ කාලයේ මාතර සම්බන්ධීකරණ නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් සිරි පීරිස්.

එළියකන්දේ සිටි ප්‍රධානියා දෙවන  ලුතිනිමල් සිල්වා (6 කාලතුවක්කුවියඑසේම  සාජන් දිසානායකබොම්බඩියර් සෙනෙවිරත්නලාන්ස් බොම්බඩියර්අමරසිරිසිරිල්, කිත්සිරි, හරිශ්චන්ද්‍, වික්මසිංහඋදයසිරිනන්දසිරිදයාරත්න ආදීන් හිටි බව ඔහුට මතකය​.  

එළියකන්ද කඳවුර සහ එහි රැඳවියන් මගේ අධ්‍යන වලට ලක්වී තිබේ.   මනෝ ප්‍රතිකාර සඳහා 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුමහතා විසින් මා වෙත යොමු කරන ලද සාමාන්‍ය සෙබල XX2 88/89 කැරලි සමයේදී   එළියකන්ද -කේ පොයින්ට් කඳවුරේ රැඳවියන් ගෙන් ප්‍රශ්න  කිරීම් ක​රන්නෙකු  මෙන්ම වදකයෙකු  වශයෙන් සේවය කලේය. රැඳවියන්ට ශාරීරිකව පහරදීම, දැල්වෙන දුම්වැටිවලින් ඔවුන්ව පිලිස්සීම, දරුණු වේදනාඇතිකරන අයුරින් ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ලාච්චුව තුලට දමා වැසීම සහ සමහර අවස්ථාවලදී මරණ දඞුවම්  ක්‍රියාත්මක කිරීම ඔහු විසින් සිදුකරතිබේ. 2002 වසරේදී පවත්වන ලද මනෝවිද්‍යාත්මක  වෛද්‍ය පරීක්ෂණ හා විස්තරාත්මක සායනික පිලිවිසීම් වලින් පසු ඔහු ‛පශ්චාත් ව්‍යසන ක්ලමථඅක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන බවට විනිශ්චය විය. 

 සාමාන් සෙබළ XX2 ආක්රාන්තියසිහිනෙන් බියවීමභීතිකාසමුද්දේශ පිලිබඳ අදහස්,මායාදර්ශණ හා කම්පනයට අදාළ විවිධ රෝග ලක්ෂණවලින් පෙලුනිකේ පොයින්ට් කඳවුරේ සිද්ධීන් අමතක කර දැමීම සඳහා ඔහු තදින් මත්පැන්වලටඇබ්බැහිව සිටියේ මේ අනුව වධහිංසනය යනු වින්දිතයාට පමණක් නොව අපරාධකරුට  අනර්ථයක් සිදුකරන දෙපැත්තම 
කැපෙන අසිපතකි.වධහිංසනය පමුණුවන බොහෝ අය විවිධ මානසික අපගමනයන්ගෙන් පෙළේ

වධ බන්දනයට ලක් වූවන් බොහෝ විට ප්ශ්චාත් ව්‍යසන ක්ලමථ (PTSD) ලක්‍ෂණ  පෙන්වති. මෙම ක්ලමථ ලක්‍ෂණ අතර තදබල විශාදිය, හීන වූ ජීවිතආශාව, හැඟීම් නිර්වින්දනය දක්නට තිබේ එළියකන්ද කේ පොයින්ට්’ වධකාගාරයෙන් පලාගිය හෝ නිදහස ලැබූ පුද්ගලයෝ තවමත් අනේක මානසික ව්‍යාධි වලින් පෙළෙති. 

මා දක්නා පරිදි අජිත් වධ බන්ධනයට ලක්වූ නමුදු බරපතල දුර්විපාකයන් ගෙන් තොරව  සාර්ථකව සමාජගතවූ පුද්ගලයන් ස්වල්පය අතරින් කෙනෙකි. ඔහු ලේඛන කලාව මගින් තමා වටා තිබූ අයෝමය වලල්ල බිඳ දැමූ අයෙකු බව මට සිතේ. එසේම ඔහු තම දරුවන් කෙරෙහි දක්වන්නේ අපරිමිත ආදරයකි. ඔහු තුල සිටි මනුෂ්‍යයා ප්‍රබල විය​. මේ අනුව එළියකන්ද වධ කඳවුරට අජිත්ව විනාශ කිරීමට නොහැකි විය​. 

පහත දැක්වෙන්නේ එළියකන්ද ‘කේ පොයින්ට්’ වධකාගාරය​ සහ වධ බන්ධනය ගැන අජිත් පැරකුම් ජයසිංහ සමග මා විසින් කරන ලද සාකච්ඡාවයි.


1)      කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්

මට නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්, ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී , ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්. මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ.

2)      1988 / 89 කාලයේදී ඔබගේ ජීවිතය ගලා ගියේ කෙසේද ?

1984 පමණ සිට මම ජවිපෙ දේශපාලනය කළා. ඉතා ඉක්මණින් ම ඒ වන විට මා කරමින් සිටිය විශේෂ ඉංජිනේරු ආධුනික පාඨමාලාව මගහරිමින් ජවිපෙ දේශපාලනයට වැඩිපුර යොමු වුණා. ජවිපෙ පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ මාස තුනක් රිමාන්ඩ් භාරයේ තබා නිදහස් කිරීමෙන් පසු ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමු වුණා. ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා.

3)      ඔබව අත් අඩංගුවට පත් වන්නේ කෙසේද?

මාතරදී රාත්‍රිය නිදා ගැනීමට තැනක් සොයමින් යද්දීවෙලක් මැද මාර්ගයකදී මග පෙන්වන්නන්ගේ වරදක් නිසා හමුදාවේ කොමාන්ඩෝ භට පිරිසකගේ අත්අඩංගුවට පත් වුණා. 


4)      මුලින්ම ප්‍රශ්න කල පුද්ගලයා මතකද?

මතකයි. අලුත බැඳුණු දෙවන ලුතිනන් කෙනෙක්. ඒවා ප්‍රශ්න කිරීම් නෙමෙයි. කට්ටියක් එක්ක එකතු වී නිකම් පහරදීම් විතරයි. දෙවනුව ප්‍රශ්න කිරීම් කළ ලුතිනන්වරයා පසුව මඩකලපුව පැත්තේ කොටි පාලන ප්‍රදේශයකට මුහුදෙන් ගොඩබැසීමේ ක්‍රියාන්විතයකදී කොටින්ගේ ප්‍රහාරයට ලක් වී බෝට්ටුවේ ම මිය ගොස් පසුව ඔහුගේ සගයන් විසින් මළ සිරුර මුහුදට දමනු ලැබූ බව දැනගන්නට ලැබුණා. ඔහු මට මානුෂික අන්දමින් සැලකුවා. එළියකන්දට භාර දෙනකල් ඔහුගේ සාජන් හැර වෙනත් අය මට පහර දුන්නේ නැහැ. මා එළියකන්දේ සිටිද්දීත් මාස ගණනකට පසුව වරක් ඔහු එහි පැමිණි විටෙක මගේ සුව දුක් ඇසුවා. එම භට පිරිස අතර සිටි මාතර පැත්තේ ම සාජන්වරයෙක් මා ඔවුන් යටතේ සිටි දින කීපයක කාලය අතරතුර වරින් වර පැමිණ මා උස්සා පොළවේ ගැසුවා. ඔහු බොහෝ වාර ගණනක් මා පොළවේ ගසන්නට ඇති. මේ සාජන් පසු කලෙක ජේ.ඕ.සී. බෝම්බයෙන් මිය ගිය බව ද ඔහුගේ මිනියවත් නො තිබුණු බව ද දැන ගන්නට ලැබුණා.

5)      ප්‍රශ්න කිරීමේදී ඔවුන් යොදාගත් ක්‍රම මොනවාද?

වැඩියෙන් ම කළේ විශාල මුගුරුවලින් දැඩිව පහර දීම. ඊට අමතරව, එළියකන්දේදී මගේ එක් කණක් පැලෙන්න ම පහර දුන්නා. ඒ කණෙන් ගොඩක් දවස් කුණු සැරව ගැලුවා. මාව මැද පෙළේ නායකයකු ලෙස හඳුනා ගැනීම හා මා සමග අසු වූ වෙනත් නායකයකු හමුදාව සමග සම්මුතියකට පැමිණීමත් නිසා මගෙන් දැඩි ලෙස වධ දී ප්‍රශ්න කිරීමක් වුණේ නැහැ. හැබැයි, ඔහු ජවිපෙ අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා මිසක කිසිවකු පාවා දුන් බවක් මා දන්නේ නැහැ. ඔහු මා දිගු කලක සිට දැන සිටි අයෙක්. ඒ නිසා ඔහු මා පිළිබඳ සියලු තොරතුරු කියා තිබුණා. මා අසු වන විට (1989 මැයි) හදිසි නීතිය නො තිබුණු නිසාත්මට හා මා සමග අසු වූ අනෙක් අයට රැඳවුම් නියෝග ලබා ගත් නිසාත්ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා අසු වූ එක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු නිදහස් කිරීම නිසාත්ඔහුගේ මැදිහත් වීමෙන් අප සම්බන්ධයෙන් හබයාස්කෝපුස් ගොනු කර තිබුණු නිසාත්ඒ වකවානුවේ මාතර දිස්ත්‍රික්කයේ හමුදා බුද්ධි අංශය භාරව සිටි කැප්ටන් රත්නායක (4වන පාබල හමුදාව) දැඩි මර්දනයක් සිදු කළ අයෙකු නො වන නිසාත්මේ වකවානුවේ එළියකන්දේ රඳවාගෙන සිටියේ සුළු පිරිසක් පමණක් නිසාත්එහි ඒ වන විට එතරම් ම නරක තත්වයක් තිබුණේ නැහැ. එහෙත්, ඔහු ඇතුළු පිරිස මාරු වී ගිය පසු එළියකන්දේ තත්වය වෙනස් වුණා. එය හුදෙක් ම මිනිසුන් වධ දීම සඳහා හා මරණ තෙක් හෝ වෙනත් කඳවුරකට පිටත් කරන තෙක් රඳවා ගන්නා තැනක් බවට පත් වුණා.

6)      එලියකන්ද වෙත ඔබව ගෙනියන්නේ කවදාද?

1989 මැයි 28 විතර.

7)      එලියකන්දේ ඔබ අත් දුටු සිද්ධීන් මොනවාද?

එතන විධිමත් ප්‍රශ්න කිරීමක් සිදු වූ තැනක් නෙමෙයි. එතන කළේ මිනිසුන්ට සාමූහිකව වධ දීමමිනිසුන් පහර දී මරා දැමීම හා මරා නො දමන අය රැඳවුම් කඳවුරකට යවන තෙක් රඳවා තබා ගැනීමයි. එහි සිරකරුවන් රඳවා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් තිබුණේ නැහැ. එකවර පැපොල රෝගීන් 70, 80 සිටියා. පාචනය වැළඳුණු රෝගීන් එළිමහනේ වැසිකිලි වල ළඟ දම්වැලක බැඳ  දමා තිබුණා. රෝගීන් සංඛ්‍යාව කීයක් වුණත්, සියලු දෙනා ඒ අඩි 12ක් විතර දිග දම්වැලේ තමයි හිටියේ. සමහරු කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව පාචනයෙන් මැරුණා. කඳවුරට මාතර කොටුවේ සිට කෑම ගෙන ඒම වැනි දේට පාවිච්චි කළ කහපාට ඩබල් කැබ් වාහනයෙන් ම රෑට මේ මළ මිනී අරගෙන ගියා. පසුව කාලෙක ඒවා වැසිකිළි වල එහා පැත්තේ වලක දමා පිළිස්සුවා.

8)      එලියකන්දේ සිටි නිලධාරීන් ඔබට මතකද?

මතකයි. හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.


9)      ඔබ එලියකන්දේ සිටියදී එහි යොදාගත් වධ බන්ධනයන් මොනවාද?

දෑතේ ඇඟිලිවලින් එල්ලීමෂොපිං කවර කීපයක් එකතු කර එය තුළට පෙට්‍රල් දමා ඒවා හිසට දමා හුස්ම හිර වන තුරු තැබීම, පුද්ගලයකු මොහොතකට සිහි විසඥව ඇද වැටෙන පරිදි බෙල්ලේ පිටුපසට පොල්ලකින් පහර දීම, හිස වතුර ටැංකියක එබීමසීමාන්තිකව පහර දීමඅධික වෙහෙසින් මැරෙන තුරු ශාරීරික ව්‍යායාම කරවීමවැසිකිළි යන්නට නො දීම, දිගු කාලයක් තිස්සේ නිදහසේ කෑම කෑමට නො දී කෙටි කාලයක් තුළ ආහාර ගිල්ලවීම, කෑම කන විට පොලුවලින් පහර දීම, එකපිට එකා නංවා පෑගවීමනිවස තුළ වැසිකිළිවල දිගු කාලීනව සඟවා තැබීමපිඹුරකු ඇඟට හෝ  සිරකරු සිටින වැසිකිළියට දමා බිය වැද්දවීමකිසිවකු සමග කතා කිරීමට නො දීමමාස ගණන් ඇස් බැඳ තැබීමහැම විට ම අත පයවලට මාංචු දමා තැබීම. හෙට්ටියාවල කඳවුරේ ලුතිනන් මීඩිං අමුතු වධ බන්ධන ක්‍රමයක් භාවිතා කළා. කුරුසෙ ගහනවා ය කියා හැඳින්වූ මෙහිදී පුවක් ගස් දෙකකින් හැදූ කුරුසයක සිරකරුවන් දවස් ගණනක් එල්ලා තැබුවා. ඒ සිරකරුවන්ගේ අත් මාස ගණනක් ම අක්‍රියවයි තිබුණේ. ඔවුන්ට බත් ටික අනා කටට ගෙන යන්නට හෝ බැරි වුණා. සිරකරුවන් හැමෝම මේ හැම එක වධයකට ම ලක් වුණේ නැහැ.

10)   ඔබ නිදහස් වූ ආකාරය ?

1990 යුද්ධය පටන් ගත් විට හමුදා කඳවුරු වසා දමන ලදී. එවිට මා වීරවිල රැඳවුම් කඳවුරට යවන ලද අතර පොලිසියට භාර දුන් 40ක විතර පිරිස නිදහස් කර, පැහැරගෙන ගොස් මරා දැමුවා. මා ද මුලින් පොලිසියට භාර දීමට නියමිතව තිබුණ මුත්, මගේ ඉල්ලීම මත එහි සිටි නිලධාරීන් දෙදෙනෙකු වන කිත්සිරි හා දයාරත්න මට වීරවිලට යාමට ඉඩ සලස්වා දුන් නිසා මගේ ජීවිතය බේරුණා. හැබැයි දයාරත්න තමයි අර කපපු බෙල්ලක් වැටෙන් එහාට විසි කර මට එය ගෙනැවිත් දෙන්නැයි කියූ ඝාතකයා. වීරවිල සිට පොල්ගොල්ල, සේදවත්ත පන්සල, ගොඩිගමුව පන්සල, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානය වැනි පුනරුත්ථාපන කඳවුරුවල තබාගෙන තබාගෙන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය හරහා  1993දී නිදහස් කරන ලදී.

11)   වධ බන්ධනයන්බොහෝ මානසික පීඩා ඇති කලද ඔබට සමාජගත වීමට උපකාර වූයේ කවර දේවල් ද?

විශේෂ උපකාර වීමක් තිබුණේ නැත. ඔය පුනරුත්ථාපන වැඩසටහන්වලින් නම් කිසිදු උපකාරයක් ලැබුණේ නැත. පොල්ගොල්ලේදී සැලසුම් ශිල්පය පාඨමාලාවක් කළෙමි. එහෙත්, වීරවිලදී අපි ඊට වඩා හොඳ අධ්‍යාපනික හා සංස්කෘතික වැඩසටහන් අප විසින් ම සංවිධානය කර පවත්වන ලදී. මම බොහෝ අයට ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. සාක්ෂාරතාව පවා නැතිව කඳවුරුගතව සිටි මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණයෝ බොහෝ දෙනෙක් ලියන්නට කියවන්නට ඉගෙන ගත්තේ අප විසින් දියත් කළ ඒ වැඩසටහන්වලදීයි. වීරවිලදී මම ගෙලට අසිපත තබා ඇත දැන් නමින් දිග නාට්‍යයකුත්, කෙටි නාට්‍ය බොහෝ ගණනකුත් නිෂ්පාදනය කළා. සමනල සඳෙස නම් දිග කාව්‍යය ලිව්වා. එය ඇතුළේ හුවමාරු කරගෙන කියෙව්වා. මුද්‍රණය කළේ නැහැ. ඊට අමතරව අළු යට ගිනි නමින් ලියූ නවකතාවක් කඳවුරේ සිටියදී ම 1992දී පමණ දිවයින නවකතා තරගයට යැව්වා. එය අවසන් අත්පිටපත් දහය අතරට තේරී තිබුණත් පළමු, දෙවන, තුන්වන තැන් හිමි වුණේ නැහැ. එයත් පළ කළේ නැහැ. මම මුල් ම පරිවර්තනය ලෙස ජූල්ස් වර්න්ගේ ලොව වටා අසූ දිනකින් පොතේ තරමක් සරළ කළ පොතක් පරිවර්තනය කළේත් වීරවිලදීයි. මාස කීපයක් වෙහෙස වී මම කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගය කර සමත් වුණා. මම ඉගෙන ගත්තේ මම කැමති විෂයන් වූ සිංහල, ඉංග්‍රීසි සාහිත්‍යය, දේශපාලන විද්‍යාව හා නාට්‍ය හා රංග කලාවයි. විභාගයට දින 10කට විතර පෙර මා පැලවත්ත කඳවුරට ගෙන ගියා. එහිදී මා මුහුණ දුන් ප්‍රශ්න නිසා මා පාඩම් කිරීම අතහැර දැම්මා. කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගත් ලකුණු මට්ටමට වඩා ලකුණු තුනයි මට අඩු වුණේ.  ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් තනිව ම සෙමින් සමාජගත වුණා. නිදහස් වී ටික කලකින් තරග විභාගයක් සමත් වී ඉංග්‍රීසි ගුරු වෘත්තියට ඇතුළත් වීමත්පදවිය ප්‍රදේශයේ රැකියාව කිරීම සමග අලුත් සමාජයක ඇසුරට පත් වීමත්, අලුත් මිතුරන් ඇති වීමත්, ජවිපෙ දේශපාලනයෙන් මුළුමනින් ම ඈත් වීමත් නිසා සමාජගත වීම පහසු වුණා.

12 වින්දිතයන් බොහෝ දෙනෙකු විශාදය පශ්චාත් ව්‍යසන ක්ලමථය (PTSD) වැනි තත්වයන් වලට පත් වූවද ඔබ සාමාජීය වශයෙන් ක්‍රියාශීලී වීම සඳහා ඔබට ශක්තිය ලැබුනේ කෙසේද?

පදවියේදී හමු වූ මිතුරන් සමග ආරම්භ කරන ලද අලුත් ජීවිතය හා පාසල් ළමයින් සමග ගත කළ ක්‍රියාකාරී ජීවිතය එහිදී ප්‍රධාන වුණා. පෙම්වතියන් ඇසුරත්, ඔවුන්ගේ ආදරය ලැබීමත් ප්‍රබල හේතු ලෙස සැලකිය හැකියි. ආදරය කළ හැමෝ එක්ක ම ගොඩක් දුර යන්නට බැරි වුණා. මට විවාහ වෙන්නට උවමනා කර තිබුණා. ඒ නිසා මම හෙව්වේ විවාහ වෙන්නට සුදුසු ආදරවන්තියක්. අවසානයේදී මට හොඳ බිරිඳක් ලැබුණා. අද ඉන්න මම ඇයට ගොඩක් ණයයි.  

12)   එලියකන්ද ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක් ද?

එය ජීවිතයේ කිසි කලෙක අමතක කළ නො හැකි නපුරු සිහිනයක් වැනි සමයකි. එහෙත්, එය ජීවිතය ගැන ගැඹුරු අත්දැකීමක් ලැබීමට අවස්ථාව ලබා දුන්නා. තිරිසන්කමට කිට්ටු ප්‍රාථමික තත්වයන්හිදී මිනිසුන්ගේ හැසිරීම් සාමාන්‍ය ශිෂ්ට සමාජයේ හැසිරීම්වලින් හාත්පසින් ම වෙනස්. එහෙත්, අවසානයේදී වධකයෝ ද ලෙයින් මසින් සැදි මිනිස්සු ය. එළියකන්දේ වධකයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් පසු කලෙක එහි සිට නිදහස් වූ ජවිපෙ සිරකරුවන්ගේ සොයුරියන් විවාහ කර ගත්තා. මේ ඇතැම් පවුල් ප්‍රදේශයේ ජවිපෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන්ට සම්බන්ධ ඒවායි. එම ඉදිරි පෙළ ක්‍රියාකාරිකයන් මරා දමන ලදී. එහෙත්, ඒ පවුල්වල ගැහැනු පසු කලෙක එවැනි ඝාතකයන් විවාහ කර ගත්තා. ඉන් පසු ඔවුන් කුමන ආකාරයේ ජීවිත ගත කළා ද යන්න මම දන්නේ නැහැ.

13)   අනාගත පරම්පරාවට ඔබ දෙන පණිවිඩය කුමක් ද?

නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදයආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා තරුණයන් මේ අන්තවාදී ව්‍යාපාරවලින් මුදා ගැනීමට කටයුතු කිරීම බරපතල සමාජ වගකීමක්. ඒ වගේ ම තරුණයන්ට දේශපාලනයේ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ නිමග්න වෙන්නට සාධාරණ අවස්ථා ලබා දීමට අප ක්‍රියා කළ යුතුයි. තරුණයන්ට තමන්ගේ ජවය තමන්ගේත්, සමාජයේත් යහපත වෙනුවෙන්  උපරිමයෙන් පාවිච්චි කරන්නටත්, සතුටින් ජීවත් වන්නටත් අවස්ථාව ලබා දිය යුතුයි. ඔවුන්ට පිළිගැනීම අවශ්‍යයි.
  
  සාකච්ඡා කලේ  වෛද්‍ය රුවන් එම් ජයතුංග 

117 comments:

  1. වෛද්‍යවරයෙක් සහ වින්දිතයෙක්, බ්ලොග් කරුවෙක් සහ තවත් බ්ලොග්කරුවෙක් අතර සාකච්ඡාවක්. මම ඉතාම උනන්දුවෙන් කියවු සටහනක්.

    රුවන් සහ පැරා....ඔබ දෙදෙනාටම ස්තූතියි!!!!!

    ReplyDelete
    Replies
    1. Transylvania: එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ >>>>> Download Now

      >>>>> Download Full

      Transylvania: එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ >>>>> Download LINK

      >>>>> Download Now

      Transylvania: එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ >>>>> Download Full

      >>>>> Download LINK qI

      Delete
  2. ඩොක්ටර් මෙතන හරිම වැදගත් දෙයක් ලෝකයට පෙන්වනවා, එනම් මිනිසුන් කොතරම් අවස්තාවදීද කියන දෙයයි, ලොව පිළිගත් කලාකරුවන් ගත්කතුවරුන් ලෙස අද ලෝකය ඉදිරියට එන පුද්ගලයන් නිසා කීදෙනෙකුට මරණය හිමුඋනාද කියන දෙයයි.

    ඔය කාලයේ අවුරුදු 13ක් වූ මට මතකයි මිනිසුන් නන්දාමලිනි ගේ "පවන" නමැති කැසට් පට දෙක අසා විප්ලව කිරීමට පෙලබුන හැටි පැරා මේක කියන්වනවානම් ඔහුටත් මත්ක්වෙයි.

    සමාජවාදය පිලිබදව ලෝකය පිලිබදව පොල්පොට් වැනි චරිත පිලිබදව කිසිම අවබෝදයක් නැති තරුණ පරපුර විජේවීර කියන උන්මත්තක මිනිසා වලපල්ලට ගෙනගිය ආකාරය කණගාටු දායකයි.

    පැරා ගැන නම් මට ඇත්තේ සතුටක් ඔහු මේ තත්වය ගැන ඉතා පරිනත අවබෝදයකින් සිටිනවා.සහ ඉදිරියට ඔහු වැඩදායක එකතුකිරීම් මිනිසුන්ට ලබාදෙනවා.

    මට ඇති එකම කනගාටුව අපට ඇතිවූ විනාශයෙන් කිසිවක් තවම ඉගනගැනීමට නොහැකි වීමයි.
    ඔබ සැමට සුභ 2017 වේවා!

    ReplyDelete
    Replies
    1. මගේ ගන්ධබ්බ කවිය ඔබ කියූ කරුණ ගැනයි

      ගන්ධබ්බයෙකු වූ මා
      බොහෝ වේදනාවල් විඳ
      ටයර් සෑයක් හරහා
      විමුක්තිය ලැබුවෙක්මි

      මවුබිම නැත්නම්
      මරණය කියමින්
      කුණු කයක් දරාගෙන
      ඝනඳුරු මැදියම
      අරුණලු දකින්නට
      කල උත්සහය
      මට කුණු කය අහිමි කලේය

      නන්දා සහ සුනිල් විසින්
      විප්ලවීය මායාවෙන් අවධි කල
      බොහෝ ගන්ධබ්බයන් සමග
      මමද පාවෙමින් සිටිමි
      පහතින් පෙනෙන
      මායා ලෝකය දකිමි

      අපට පන්තිකලවුන්
      ඝනඳුරු මැදියම
      අරුණලු පෙන්වූවන්
      විරු ගීත වලින් මායම්කලවුන්
      මෙරට සහ පිටරට සිට
      ජීවිත විඳින අයුරු දකින්නෙමු

      උන් ගේ දරුවන්
      ප්‍රවේසම් කරවමින්
      අපව දං ගෙඩියට දෑක්කූ
      බක තපස්සුන්
      ඉඳ හිට අහස දෙස බලා
      අපට විරිත්තති

      මුන් ගේ බක තපස් බලමින්
      නිදහසේ පාවෙමින්
      සිටින්නෙමු
      සිරුරු අහිමි වූ
      ගන්ධබ්බයන් වූ අප

      Delete
    2. Well done...congratulations!

      Delete
    3. Feel gratitude to you for writing this. Doctor, Ajith was my classmate at Ananda Sasthralaya, Matugama when we were A.L. students. He has different talents. Once we left school we didn't have contacts and very recently I got to know the things happened to him.

      Delete
  3. එළියකන්ද වද කඳවුරේ අජිත් විසින් ගත කරන ලද කාලය පිළිබඳව පොතක් ලියන ලෙස මා ඔහුගෙන් ඉල්ලීමක් මෙයට පෙර කරන ලද අතර ඒ පිළිබඳව සංක්ෂිප ලෙස හෝ ලිවීම පිළිබඳව වෛද්‍ය තුමාට කෘතඥ වෙමි.
    උතුරේ සහ නැගෙනහිරද දිවයිනේ වෙනත් ප්‍රදේශවලද කඳවුරු වල රඳවා තබාගන්නා ලද දෙමල තරුණ තරුණියන් එලිය කන්ද වද කඳවුරේ වධ බන්දනයන්ට වඩා දහස් ගුණයකින් දරුණු වද බන්දනයනට ලක්වන්නට ඇත යන්න මේ මොහොතේ සිහි කරමු.

    ReplyDelete
    Replies
    1. මමත් ඔහුට කියන්නේ මේ ගැන පොතක් ලියන්න කියායි

      Delete
    2. Premalal, /උතුරේ සහ නැගෙනහිරද දිවයිනේ වෙනත් ප්‍රදේශවලද කඳවුරු වල රඳවා තබාගන්නා ලද දෙමල තරුණ තරුණියන් එලිය කන්ද වද කඳවුරේ වධ බන්දනයන්ට වඩා දහස් ගුණයකින් දරුණු වද බන්දනයනට ලක්වන්නට ඇත යන්න මේ මොහොතේ සිහි කරමු.// +++++++++ !!

      Delete
    3. Shame to be born here.... දෙමල තරුණ තරුණියන් එලිය කන්ද වද කඳවුරේ වධ බන්දනයන්ට වඩා දහස් ගුණයකින් දරුණු වද බන්දනයනට ලක්වන්නට ඇත.

      Delete
  4. කැප්ටන් රත්නායක යනු දයා රත්නායක විය යුතුයි.

    ඔහු ඇමරිකන් යුද හමුදාවේ බුද්ධි පාසලේ පුහුනුව ලැබුවෙක්. වද දීම් මඟින් ලැබෙන තොරතුරු විශ්වාස කල නොහැකි බවයි එවැනි (ඇමරිකන් බුද්ධි අන්ශ වල සිටින්නන් වැනි ) වෘත්තීය ප්‍රශ්න කරන්නගේ මතය.

    එවැන්නන් ප්‍රශ්න තොරතුරු ලබා ගන්නේ වද දීම් වලින් තොරව. එසේම සතුරන් පාවා දෙන්නන් බවට පත් කරන්නත් දක්ශයාට පුලුවන්.

    බුද්ධි කටයුතු හා ප්‍රශ්න කිරීම් ගැන නිසි පුහුනුව නැති අය නිසා එම කාලයේත් ඊට පසුත් මහා විනාශ උනේ.

    ReplyDelete
    Replies
    1. බුද්ධි කටයුතු හා ප්‍රශ්න කිරීම් ගැන නිසි පුහුනුව නැති අය නිසා එම කාලයේත් ඊට පසුත් මහා විනාශ උනේ. ///// ++++++++

      Delete
    2. ලුතිනන් මීඩින් යනු කිරිබත්ගොඩදී මියගිය පුද්ගලයා විය හැකියි

      Delete
  5. මගේ පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඔය කාලයේ ඔය කුරිරු වධයට ලක්වුනා. එක්කෙනෙක් දේශපාලන අයන්නවත් නොදන්නා අහිංසකයෙක්. අදත් මහා වෙනයම් මානසික තත්වයකින් තනිකඩව ජීවත් වෙනවා. ලඟම ඥාති අයියෙක්ව පොලීසිය මරා දැමුවා. අපි යාන්තම් ජීවත්වෙනවා. පැරාගේ සිතුවිලි මට දැනෙනවා.

    ReplyDelete
  6. // සුනිල් මාධව ප්‍රේමතිලක// අද මළකඳක් වගෙයි. මමත් කාලයක් සත්‍යවාදියෙකුගේ දිනපොතින් මත වී හිටිය. හැබැයි හොඳ වෙලාවට 1984 කාලයේ සුචරිත ගම්ලත් වැනි අයගේ දේශන වලට යෑම පොත් කියවීම තුල ජවිපෙ දේශපලනයේ වැරැද්ද මුලින්ම හඳුනා ගත්ත. පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි.
    //නො ගැඹුරු වාමාංශික දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය වනාහි එකම වර්ගයේ පිටුදැකිය යුතු සමාජ පිළලයන් ය. බලය වෙනුවෙන් කෙටි මං සොයන අය තමන්ගේ අරමුණු වෙනුවෙන් ගිනි ඇවිළීමට පාවිච්චි කරන පිදුරු වන්නේ තරුණයන් ය. ලංකාවේ තරුණ පරම්පරා තුනක් මේ ව්‍යාජ විප්ලවවාදී හා ජාතිවාදී කැරැලි නිසා මහා පරිමාණයෙන් ජීවිත අහිමි කර ගත්තා. ඒ තරුණයන් ජීවත් වුණා නම් හා ඔවුන්ගේ හැකියාවන් වඩා ඵලදායී දේ වෙනුවෙන් යොදා ගත්තා නම් අපට මීට වඩා සොඳුරු ලෝකයක ජීවත් වන්නට අවස්ථාව ලැබෙනවා//
    රුවන් සහ අජිත් පැරකුම් ට බොහොම ස්තුතියි මෙවැන්නක් පල කලට. අජිත් ශාස්තෘ කෘතියෙත් යම් අදහස්මතු කරනවා. ප්‍රශ්නය නම් ඔබ සඳහන් කල වාමාංශික බොළඳ දේශපාලනයේ තවමත් දී සිටින අය සලකන්නේ 89 කලෙත් ප්‍රබල කැරැල්ලක් කියා. ඒ භීෂණයට අසුවූ තරුණයන් ගැන ඉතාමත් ම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. සමාජවාදයෙන් මත්ව සිටි මමත් පණ බේරාගන්න ඇත්තේ ලංකාවේ සමාජවාදය ගොඩනඟන්නට දායකවෙන්න පෙර සමාජවාදය බුක්තිවිීඳීමේ වරප්‍රසාදයක් උරුමවූ නිසා වෙන්නැති.

      Delete
    2. සමාජවාදය හදන්න යන බොහෝ දෙනෙකු සමාජගතවී නෑ ඒකයි මූලික ගැටළුව

      Delete
    3. Mewa qyawanna denna ona api wage ayata! Me adhas huwamaru wenne madi wiye aya athara samagay wadipura..... ekay

      Delete
    4. වාමාංශික බොළඳ දේශපාලනයේ තවමත් දී සිටින අය සලකන්නේ 89 කලෙත් ප්‍රබල කැරැල්ලක් කියා//// ++++++

      Delete
    5. //පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. // මෙයත් වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි කරන්නේ .යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි Ajith Dharma

      Delete
    6. සෝවියට් දේශයේ ඉගෙනුම ලැබූවන් සෝවියට් දේශයට ආදරය ගරු කරනවා. නමුත් සෝවියට් දේශය තුල තිබූ වැරදි සඟවලා සුදු හුනු ගාන්නේ නෑ. කැපුවත් කොල , කැපුවත් නිල් හෝ කැපුවත් ජේවීපී කියන වහල් මානසිකත්වයක් මෙතන නෑ

      Delete
    7. //පසුව 84 සෝවියට් දේශයට යාමට ඉල්ලුම් පත්‍ර දැම්මෙත් විජේවීර ගේ අදහස් ඇත්තද නලින් ද සිල්වා ඒ දවස් වල ලියු "සමාජවාදී පන්තිය ගැන "ඇත්තද කියල හොයන්න බව මට මතකයි. //

      හිහ් හිහ් හී හූ, අඩෝ මේව දැක්කම මටනම් දෙකොණින්ම හිනා. බලහල්ලකො බන් මේ රිලවුන්ගෙ පොර ටෝක්??

      ඒ ලෙවෙල් ඇණගෙන ආතක් පාතක් නැතුව අතේ සතේ නැතුව වේලි වේලි හිටපු අපතයො යන්තම් පැරණි සෝවියට් දේශයේ පිහිටෙන් පිනට ලැබුණු ශිෂ්‍යත්වෙක පිහීන් යාන්තම් ඩිග්‍රියක් ගොඩ දාගෙන දැන් දෙන ලොකු ටෝක් බලහල්ලකො බන්? ටහිකේ? අම්මගෙ රෙද්ද තමයි.

      Delete
    8. වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි මේ මම වජිර යාපා ට දුන් පිළිතුරක්. වජිර යාපා කියන්නේ බටහිරට පැන යාමට රුසියාවට පැමිණ අනාත වී නැවත ලංකාවට ගිය අයෙක් බව දන ගන්නට ලැබුනා. ඔහුගේ සහෝදරයෙක් රුසියාවේ ඉගෙන ගත අතර මගේ මිතුරු බිබිසියේ සරෝජ් ගේද යහළුවෙක්. ඔහුට සරෝජ් ගෙන මා ගැන දැන ගත හැකියි.

      Delete
    9. රුබල් අනුවෙන් නොව ලන්ඩනයේ වැඩ කර ඒ මුදලින් ලංකාවට ගියා කියල වෙනස් කලොත් හරි

      Delete
  7. වරක් මා සිංහලින් පළවූ සෝවියට් ප්‍රකාශන විනාශකාරී පරපුරක් බිහිවීමට හේතු වූ බවක් ලියූ කොමෙන්ටුවකට රුවන් එකඟ වූයේ නෑ, මෙහිදී අජිත් කියා ඇති පරිද්දෙන්ම මා කතා කර / සවන් දී ඇති 71 සහ 88-89 විප්ලවකාරීන් ඒ මඟට පිවිස තිබුනේ එම ප්‍රකාශනවලින් කෙරුණු ප්‍රොපගන්ඩා ඇසුරින් ලත් පෙළඹවීමමතයි, ඔවුන් සියල්ලම වාගේ ගුරුවරුන්ගේ දරුවන් හෝ එවැනි දරුවන් ආශ්‍රය කළ දක්ෂ දරුවන්, ඔවුන් එළිපිට විප්ලවකාරී අදහස් ප්‍රකාශ කළත් සියතින්ම දරුණු අපරාධ කිරීමට තිබූ නොහැකියාව නිසාදෝ කොහෙද අත්අඩංගුවට පත්වී ජීවිතය බේරාගෙන තිබුනා, නමුත් මා දැන සිටි එම උගත් (?) තරුණයන් විසින් ව්‍යාපාරයට බඳවාගත් දරුණු අපරාධවල යෙදුණු නූගත් ගැමි තරුණයන් කිසිවෙකුත් ජීවතුන් අතර නෑ (හෝ ගමට ආපසු ආවේ නෑ).

    සමාජවාදී චින්තනය නිසා මේ ලෝකයේ කොපමණ මිනිසුන් මියගොස් ඇත්ද? එය අනෙකුත් ඇදහිලි නිසා මියගිය පිරිසට අඩුද /වැඩිද?

    ReplyDelete
    Replies
    1. ඇණස් මම තාමත් ඉන්නේ සෝවියට් සාහිත්‍යය නිසා මිනිසුන් මිනීමරුවන් වූවා කියන ස්ථාවරයේ නෙවෙයි. මම සෝවියට් සාහිත්‍යය රුසියන් බසින් පවා හැදෑරුවා. නමුත් මම මිනී මරන්න ගියේ නෑ. සෝවියට් සාහිත්‍යය සමග මම පැස්ටර්නාක් , සොල්ත්සෙනිත්‍ෂින් කියවූවා. ඒ නිසා තුලනාත්මක අදහස් ලැබුවා සමාජවාදය ගැන

      Delete
    2. :) ග්‍රාමීය ප්‍රදේශවල අපි වැනි තරුණයන් සාහිත්‍ය රස විඳීමේ පුරුදු පුහුණුවක් ලෑබූ අය නොවේනේ, ඊටත් වඩා ඒකාලේ රුසියාවෙත් සීමා කරපු සොල්සෙනිත්ෂින්ලා සිංහලෙන්? අපි ඒ සාහිත්‍යෙ උඩින් කියවල සුසුම් හෙළුව සහ වෛර සධාරනීකරණය කරගත්තා, අපිට ඔන වුනේ පළිගන්න සහ වීරයෝ වෙන්න. බහුතරය වුනේ ඔබලා නොවේ අපයි,

      රුසියාවේ ඉන්නකාලේ සොල්ෂෙනින්ලා ගැන අසා තිබුනත්,කියෙව්වේ නම් මෑතක, ඔබ හෝ අරුණි හෝ අජිත් (ධ) ගේ පෙළඹවීමකට අනුව.

      Delete
    3. ඔබ කියවීම තුලින් වර්තමානයේ නිවැරදි මාර්ගයකට අවතීර්ණ වෙලා කියා සිතෙනවා

      Delete
    4. යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන රුසියන් භාෂාවෙන් කොටන අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි

      Delete
    5. සෝවියට් දේශයේ ඉගෙනුම ලැබූවන් සෝවියට් දේශයට ආදරය ගරු කරනවා. නමුත් සෝවියට් දේශය තුල තිබූ වැරදි සඟවලා සුදු හුනු ගාන්නේ නෑ. කැපුවත් කොල , කැපුවත් නිල් හෝ කැපුවත් ජේවීපී කියන වහල් මානසිකත්වයක් මෙතන නෑ

      Delete
    6. @ vajira yapa, සෝවියට් දේශයට ඉගෙනගන්න ගිය බොහෝ දෙනා එහි සැබෑව දුටු පසුත් කළගුණ සැළකීමක් වශයෙන් එම ක්‍රමයට වැඳිය පිඳිය යුතු බව ඔබ කියනවාද? ඔවුන් සියල්ල එහි ජනයාට හා සංස්කෘතියට ආදරයකරනවා, විවේචනය කරන්නේ එම ජනයා සහ ලෝකයේ තවත් බොහෝ ජනයා පීඩාවට පත්කළ පාලනක්‍රමය,සහ එම අසාර්ථක කොමියුනිස්ට පාලනක්‍රමය මේ රටේත් ක්‍රියාත්මක කරවන්න වැර දරන මංමුලාවූ අන්ධයන්. සෝවියට් රුසියාවේ ජනයා එම පාලනක්‍රමයට විරුද්ධවූවා අප එම ජනයා සමඟයි.

      ඔබ කියන “නිකම්මු“ නම් පසුගිය කාලේ රජයේ අමාත්‍යංශවල ලොකු ලොකු තනතුරු වලට පත්වෙලා අප්පච්චී වන්දනාවේ යනවා, රුසියාව වෙනස් වූ නිසා ඔවුන් සහ ඔවුන්ගේ තාත්තලා ගත්ත ෆන් දරුවන්ටත් දෙන්න දෙන්න නොලැබුනායයි කණගාටුවෙනවා, සොරි තමයි.

      Delete
    7. ඇණයා Nut ManJanuary 2, 2017 at 2:21 AM


      // සෝවියට් දේශයට ඉගෙනගන්න ගිය බොහෝ දෙනා එහි සැබෑව දුටු පසුත් කළගුණ සැළකීමක් වශයෙන් එම ක්‍රමයට වැඳිය පිඳිය යුතු බව ඔබ කියනවාද? ඔවුන් සියල්ල එහි ජනයාට හා සංස්කෘතියට ආදරයකරනවා, විවේචනය කරන්නේ එම ජනයා සහ ලෝකයේ තවත් බොහෝ ජනයා පීඩාවට පත්කළ පාලනක්‍රමය,සහ එම අසාර්ථක කොමියුනිස්ට පාලනක්‍රමය මේ රටේත් ක්‍රියාත්මක කරවන්න වැර දරන මංමුලාවූ අන්ධයන්. සෝවියට් රුසියාවේ ජනයා එම පාලනක්‍රමයට විරුද්ධවූවා අප එම ජනයා සමඟයි.

      ඔබ කියන “නිකම්මු“ නම් පසුගිය කාලේ රජයේ අමාත්‍යංශවල ලොකු ලොකු තනතුරු වලට පත්වෙලා අප්පච්චී වන්දනාවේ යනවා, රුසියාව වෙනස් වූ නිසා ඔවුන් සහ ඔවුන්ගේ තාත්තලා ගත්ත ෆන් දරුවන්ටත් දෙන්න දෙන්න නොලැබුනායයි කණගාටුවෙනවා, සොරි තමයි.//

      Delete
  8. ඉතාම වැදගත් ලිපියක්. සාමාන්‍ය කරලිකරුවෙකු වෙත නැති අන්දමේ පැරා ගේ පරිනත දැක්මත් මෙහි වටිනාකම තවත් වැඩි කරනවා. එහෙත්, මේ අදහස ගැන නම් මා එකඟ වෙන්නේ නැහැ.

    //හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.//

    දැනට සමාජ ගතවී ඇති වධ බන්ධන මුලිනුපුටා දැමීමට හැකි එකම ක්‍රමය වධකයින් පිළිබඳව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම මගින්, ඔවුන්ට කවදා හෝ 'පව් ගෙවීමට' සිදුවන බව සමාජයට ඇස් පනාපිටම දැක්වීමයි. කිසිවෙකුට හෝ, ප්‍රශ්නයේ ගොදුරක් නිසා, අන් අයෙකුට වධ දීමෙන් හෝ මරා දැමීමෙන් පසු ගැලවී යාමට ඉඩ සැලැස්වීම, එය අනාගතයේදීත් නොකඩවා සිදුවීමට ඉඩ දීමක්.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ වධකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් ඔවුන්ව පුනරුත්තාපනය කිරීමත් වැදගත්

      Delete

  9. Желаю тебе счастливого Нового года!

    ReplyDelete
    Replies
    1. Спасибо желаю вам того же

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Ich wünsche Ihnen ein frohes neues Jahr!

      Delete
  10. හිතට වැදුණු සටහනක්්...
    මං මේ දවස්වල අවුශ්වීද් වද කඳවුර පොත කියවනවා.. මට ඒක මතක් උනා...
    ඔබට සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  11. හපොයි ඩොක්ට. 😳..!! මේ වගේ දෙයක් බ්ලොග් එකක හරි ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම සුද්ද සිංහලෙන් ලිවීමට එඩිතර වූ ඔබ දෙපලටම ස්තුති වන්ත වෙමි.

    වෙන කවුරු හරි මෙහෙම ලිව්වනම් මම හිතන්නෙම අතිශයෝක්තියකින් ලියල කියල.

    බෙල්ල කපල විසි කරල අහුලන් වරෙන් කියන තැනකට මිනිහෙක්ම පත්වෙනව මටනං දැනුත් හිතාගන්ට බැහැ. ඔය දේවල් වෙනකොට මට අවුරුදු 8ක් 9ක් අතරෙ. ගෙදර ඉස්සරහම හැමදාම ටයර් උඩ පිච්චුන මිනිස්සු ඒ ගඳ මේ ලිපිය කියනකොට සජීවී රූප වලට හැරුන.

    හැබැයි ඩොක්ට, මේ දැන් දැන් ආගම විරෝදී රැල්ල තරුණයන් අතරින් එන්නෙත් එහෙම යුගයකට ආයෙත් රට හරවන්නට තමයි. මොකද යුද්දෙත් ඉවර උන එකේ අවුලුවන්ට වෙන දෙයක් නැහැ. මම මේ වෙලාවේ කෙලින්ම ඇඟිල්ල දික්කරන්නෙ සිංහල බෞද්ද කියන අපේ අවුන්ටමත් සහ සිවුර උස්සගත්ත චන්ඩි ස්වාමින් වහන්සේලාට.

    ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩය. වඳින්න වඳින්න ගහන මිනිහත් මොඩය.

    ජීවිතේට පන්සලකට ගිහිල්ල නැති ගියත් කුජීත වැඩක් මිසක් හොඳක් නොකරන මගේ යහළුවන් සමාජ ජාලා වල හැසිරෙන්නේ උන්ට වඩා ආගම ගැන කැක්කුමක් නැති පිරිසක් නැති ගානට. එව්ව දක්කහනනම් පුදුම කාලකන්නි කමක් දැනෙනව මම නිරාගමික උනත්.

    පැරා. ඔබනම් පුදුම මිනිසෙක්..!!

    උත්සාහයට ජය පතනව..!!

    ReplyDelete
    Replies
    1. තිලාන්

      71/88-89 විජේවීර තරුණයන්ව පිදුරු ලෙස ගින්නට දැම්මා
      1983-2009 ප්‍රභාකරන් දෙමල තරුණයන්ව පිදුරු ලෙස ගින්නට දැම්මා
      2017 - ඉදිරියේදී මැර භික්‍ෂූන් / මුස්ලිම් අන්තවාදීන් විසින් තරුණයන්ව ෆෝම් කොට පිදුරු ලෙස ගින්නට දමයි

      Delete
  12. මට වැටහුණු පරිදි 1984 දී ජවිපෙ සමාජවාදය අත හැර දමා ජාතිවාදය වැළඳ ගත්තා. ඔවුන් සමග ඉන් පසු කටයුතු කළේ සිතේ පොඩ්ඩක් හෝ ජාතිවාදය තිබුණු අයයි.

    මෙහි දී පැරා විජේවීර ළඟට නම සඳහන් කර ඇත්තේ ඒ දිනවල මව්බිම සුරැකීමේ බිස්නස් එකක් කරමින් සිටි සෝබිත උන්නාන්සේවයි.

    මව්බිම සුරැකීම යනු සුනිල්-නන්දා ගේ පවන ෂෝ එක වගේ ම හොඳ බිස්නස් එකක්. මං පවන නරඹන්නට නොගියේ එහි ටිකට් මිළ ඉතා අධික නිසායි.

    ReplyDelete
    Replies
    1. නන්දා සහ සුනිල් විසින් විප්ලවීය මායාවෙන් අවධි කල බොහෝ ගන්ධබ්බයන්

      Delete
  13. ලොකුවට ශිෂ්ටාචාරගත වුණා කියුවත්, අපේ සමාජය යටින් දිවෙන ම්ලේච්චත්වය කැරලි තුනේදීම එළියට ආව. ඇත්තටම එය ශිෂ්ටාචාරයේ ආපස්සට යාමක්. මෙහෙ පවා, තත්වය ඔය තරමටම නැති වුවත්, අවශ්‍ය වටපිටාව ඇතිවුනොත් ම්ලේච්චකම එලියට එන්න බැරි කමක් නැහැ. එයට සමාජයේ බහුතරයක් අවශ්‍ය නැහැ.

    මට තේරුම් ගන්නට අසීරු කරුණ නම්, ඒ කාලයේ අපරාධ වලට සම්බන්ද වූ වගට චෝදනා තිබුණ දේශපාලකයන් කෙරෙහි සාමාන්‍ය ජනතාවගෙන් කිසිම සංවේදී බවක් පළ නොවීම.

    නාසි වධ කඳවුරු වල ඉඳ මරණයේ අද්දරින් එළියට ඇවිත්, ඒ සියල්ල අමතක කර, ලෝකයත් අවට සමාජයත් දෙස දයාර්ද ව බැලු මිනිසුන් ගැහැණුන්ගේ කතා මන් කියවා තියනවා. ලංකාවේ එවැනි උදාහරණ හරි අඩුයි. පැරා එයින් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. පැරා තම වධකයන් ගැන එසේ බැලීම සඳහා ඔහු තුල සිටින මිනිසා ප්‍රබලයි

      Delete
  14. ඉස්සෙල්ලාම පැරාට සහ රුවන්ට ස්තූතියි.

    //හැබැයි, ඔවුනුත් අප වගේ ම මිනිසුන් නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ වැනි දේ තේරුමක් ඇති ය කියා මා හිතන්නේ නැහැ. ඔවුනුත් අප වගේ ම මේ ප්‍රශ්නයේ වෙනස් විධියක ගොදුරු.//

    පැරාම කියන පරිදි, විප්ලවවාදීන් තුල නැති දේ " මනුස්සකම" මම මේ ප්‍රකාශය තුලින් දැක්කා. මෙතන ලොකු කතාවක් තියනවා. මෙහෙම හිතමු. ඔය කියන කාලෙ, ගමක දුප්පත් කොල්ලෙක් ඉන්නවා. ඌට විකල්ප දෙකක් තියනවා. ගමේ ඉඳලා පන්ති පහට ගිහිල්ලා " අපේ " එකෙක් වෙන එක එකක්. අනික ආමි එකට බැඳිලා , "උන්ගෙ" එකෙක් වෙන එක. ආමි එකට ගිය එකා. බෙල්ලට උදලු පාර දීපු වධකයා වුනා. "අපේ" එකා ජවිපෙ සන්නධ අංශයට බැදිලා ගල්කටස් එක අතට ගත්තා. පුනුරුත්ථාපනය කරන කතාවට එකඟයි, ඒත් අපි දඬුවම් දෙන්න ඕනෙ කාටද?

    හමුදාව කියන්නෙ දෑවැන්ත යාන්ත්‍රණයක්. ඒක වෙනම උප සංස්කෘතියක්. එයටම ආවේනික වෙච්ච නීති-රීති, රෙගුලාසි වගේම වරප්‍රසාදත් තියනවා. එවැනි දෑවන්ත යාන්ත්‍රණයක ගොදුරක් වෙච්ච, හොරණ පැත්තෙන් ආපු "උදැල්ලෙන් බෙලි කපන්නා "ඇත්තටම දරුණු අපරාධකාරයෙක්ද? පැරාම කියල තියනවා ඔහුගෙන් උදව් ලැබිච්ච වග.

    කවදාවත් අසු නොවෙන, නියම අපරාධකාරයො ඉන්නෙ හුඟක් ඉහල. ඔය කැ‍රැල්ලෙ නම් ඒක " ඔප්ස්-කම්බයින්". ටොරින්ටන් යටරා කැෆේ වගේ කඳවුරක නමක් යාන්තමට මතකයි.

    නන්දා- සුනිල්, කපුගේත් මෙව්වට වගකියන්න ඕනෙ කියන එක ගැන මගේ අදහස ටිකක් වෙනස්. ඔය විදිහට හැමෝම වගකියන්න ඕනෙ නම් , අර ඇණයා කියනව වගේ , "සෝවියට් දේශය" සඟරාවත් , මුළු රුසියන් සාහිත්යමත් වගකියන්න ඕනා කියන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන කාලෙ, ගමක දුප්පත් කොල්ලෙක් ඉන්නවා. ඌට විකල්ප දෙකක් තියනවා. ගමේ ඉඳලා පන්ති පහට ගිහිල්ලා " අපේ " එකෙක් වෙන එක එකක්. අනික ආමි එකට බැඳිලා , "උන්ගෙ" එකෙක් වෙන එක. ආමි එකට ගිය එකා. බෙල්ලට උදලු පාර දීපු වධකයා වුනා. "අපේ" එකා ජවිපෙ සන්නධ අංශයට බැදිලා ගල්කටස් එක අතට ගත්තා. පුනුරුත්ථාපනය කරන කතාවට එකඟයි, ඒත් අපි දඬුවම් දෙන්න ඕනෙ කාටද?///////////////////// හොඳ උදාහරණයක්

      ඔය විදිහට හැමෝම වගකියන්න ඕනෙ නම් , අර ඇණයා කියනව වගේ , "සෝවියට් දේශය" සඟරාවත් , මුළු රුසියන් සාහිත්යමත් වගකියන්න ඕනා කියන්න වෙනවා නේද?//////////// එ් කතාවෙත් සත්‍යක් තියනවා. නමුත් නන්දා සහ සුනිල් ගේ භූමිකාව විශාලයි.

      Delete
    2. සොරි වෙන්ට ඕන, මුළු රුසියන් සාහිත්‍යම අදාල වෙන්නේ නෑ එය ඉතාම පොහොසත්, මම සඳහන් අදහස්කරේ ප්‍රගති ප්‍රකාශන මැදුරෙන් සිංහලෙන් පල කර අඩු මිළට විකිණන ලද විප්ලවීය සාහිත්‍ය ප්‍රකාශන ගැනයි, සාමාණ්‍ය ජනතාව අතරට ගියේ ඒවා විතරයි.

      Delete
  15. අත් දැකීම් බෙදා ගැනීම ගැන ඔබට තුති. මෙහෙදී (comments ද ඇතුලත්ව) කැරලි කරුවන් හා වදකයන් ගැන දරණ මැදහත් තුලනාත්මක අදහස විප්ලවයට න්‍යාය/ නායකත්වය /උත්ප්‍රේරණය.. සැපයූ රෝහණ, සෝභිත හිමි, අමරසේකර , සුනිල් මාදව, සුනිල් නන්දා ගැන නොදරන්නේ මන්ද ? ඔහුන් ද මේ ක්‍රමයේ හා පද්දතියේම කොටස් කරුවන් නිසා ඔහුන්ට පමණක් සියල්ල පෙර දකින හැකියාව තිබුණා හෝ තිබිය යුතුයි කියා සිතන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය ඇත්ත. රෝහණ විජේවීර, ප්‍රභාකරන් වැනි අය කෙළින් ම තමන්ගේ ජීවිතය ම මේ වෙනුවෙන් දුන්නා. හැබැයි තමන්ට අදහස් දරන්නට තිබෙන අයිතිය වගේ නෙමෙයි, ඒ අදහස් මත වෙනත් අය බලමුළුගන්වන එක. ඒක කරන අය ඒ ව්‍යාපෘති සාර්ථක වුණොත් වීරයන් වෙනවා. අසාර්ථක වුණොත් ඒ සම්බන්ධ වගකීම භාර ගන්නට හා මෙවැනි චෝදනාවලට ලක් වන්නට සිදු වෙනවා. ඒ නිසා අනුන් බලමුළු ගන්වනවා නම් ඒක විඳ දරා ගන්න සූදානම් විය යුතුයි. කරන්න දෙයක් නැහැ.

      බල්ලට ගැහුවා නම් ගූ අදින්න වෙනවා ය කියන ගැමි පිරුළ ගැලපෙන්නේ මෙවැනි තත්වයන්ටයි.

      Delete
    2. ඔබ හරි , මාත් කියන්න හිටියෙ දිනුවානම් ඔහුන් වීරයින් වන බව.

      89 මම හිටියේ පහ වසරේ. අපේ ගෙදර හා සම්බන්ද අනෙක් අය යූන්පී හිතවාදී අය. ඒ නිසා තාවකාලිකව නිවස අතහැර යාමට හා නේක දුක් කරදරවලට මුහුණ පෑවා 89 දි. එවිට ජවිපේ කෙරෙහි කිසියම් විරුද්ද මානසිකත්වයක් ඇති වුනා.
      නමුත් 87 , 88 කාලයේ ඉන්දු ලන්කා ගිවිසුම කාලයේ අපේ නිවසේ තිබුනේ ජේවීපීය කරන දේවලින් ලත් ආස්වාදයක් හා පැහැදීමක්. කියන්න ඕනෑ වුනේ යූන්පී කාරයන් තුල පවා ජවිපේ කෙරෙහි හා මතවාදය ගැන වූ හිතවත් කමයි. එනිසා මත සාදන්නන් නිසා සමාජයේ එවන් හිතවත් කමක් නිර්මාණය වන්නට ඇතුවා මෙන්ම සමාජයෙන් ද එවැනි (ජවිපේ අදහස්) මත වලට සෑහෙන ඉල්ලුමක් තිබෙන්නට ඇත.
      එනිසා මම හිතන්නේ 89 කියන්නේ ඒ ඒ චරිතවලට අඩු වැඩි වශයෙන් පණ පෙවූ රෝහණ, සෝභිත හිමි, අමරසේකර... යන අයගේ මෙහෙයවීමකට වඩා ඇතිවී තිබූ දේශපාලන පරිසරය ව්සින් ඔහුන් මෙහෙයවූ බවයි.

      Delete
    3. @ උන්ඩියාරාළ

      දිනුවා නම් ඔවුන් වීරයන් වන බව ඇත්ත.වඩා නිවැරදි දිනුවා නම් වීරයින්/ ගැලවුම්කාරයා කියලා තමන් විසින්ම පත්කර ගනීවි. මේක ඒකාධිපති පාලනයක පොදු ලක්ෂණයක්.

      මේ තර්කයම හිට්ලර්ට ගෙනාවොත් කොහොමද? දිනුවනම් ඔහුත් වීරයෙක් වෙන්නෙ නැද්ද? හිට්ලර්ව මෙහෙයුවෙ එදා ජර්මනියෙ තිබ්බ දේශපාලන පරිසරයද? නැත්නම්, විජේවීර, ප්‍රභාකරන්, හිට්ලර් පවතින සමාජ/දේශපාලන වාතාවරණය , තමන්ගේ වාසියට හරවා ගත්ත කපටින්ද?
      // 89 කියන්නේ ඒ ඒ චරිතවලට අඩු වැඩි වශයෙන් පණ පෙවූ රෝහණ, සෝභිත හිමි, අමරසේකර... යන අයගේ මෙහෙයවීමකට වඩා ඇතිවී තිබූ දේශපාලන පරිසරය ව්සින් ඔහුන් මෙහෙයවූ බවයි//

      මෙන්න මේ කොටසට මම එකඟයි අනෙක් අය සම්බන්ධයෙන්. ඒත් තුවක්කුවෙන් බලය අල්ලා අපට සමාජවාදය "පෙවීමට", දෙපාරක්ම රටේ තරුණ පරපුර මිනීවලට දක්කාගෙන ගිය විජේවීර,මට නම්, තම ප්‍රතිවාදීන් මිලේච්ච ලෙස ඝාතනය කල ප්‍රභාකරන්, හිට්ලර් ගණයේ ඒකාඪිපතියෙක් මිස වීරයක් වෙන්නෙ නෑ.

      Delete
  16. මම විදුසර පුවත්පතේ පලවූ මනෝ විද්‍යා ලිපිකියවා තිබෙනවා.
    ඒ අනුව මට හිතෙන්නේ සුනිල් මාධවට ඇත්තේ යම්කිසි මානසික රෝගයක්.
    විදුසරේ එක ලිපියක බුදුපිලිම පොලවේ ගැසීමට පුරුදු වූ 12 හැවිරිදි දරුවෙකු ගැන ලිපියක් පලවුනා. සුනිල් මාධවටත් ඇත්තේ එවැනි ලෙඩක් විය හැකියි.
    ඒ නිසා ඔහු නොගැඹුරු වාමාංශිකයන්ගේ සහ දෙමළ ජාතිවාදීන්ගේ අතකොළුවක් බවට පත්වුනා.

    රාවය පුවත්පතේ තරිඳු උඩුවරගෙදරටත් එවැනි රෝගී තත්වයක් ඇත්දැයි සැකයි. මම ඒ ගැන ඔහුව දැනුම්වත් කිරීමට කටයුතු කලා :)

    ReplyDelete
  17. අත් දැකීම් බෙදා ගැනීම ගැන ඔබට තුති. මෙහෙදී (comments ද ඇතුලත්ව) කැරලි කරුවන් හා වදකයන් ගැන දරණ මැදහත් තුලනාත්මක අදහස විප්ලවයට න්‍යාය/ නායකත්වය /උත්ප්‍රේරණය.. සැපයූ රෝහණ, සෝභිත හිමි, අමරසේකර , සුනිල් මාදව, සුනිල් නන්දා ගැන නොදරන්නේ මන්ද ? ඔහුන් ද මේ ක්‍රමයේ හා පද්දතියේම කොටස් කරුවන් නිසා ඔහුන්ට පමණක් සියල්ල පෙර දකින හැකියාව තිබුණා හෝ තිබිය යුතුයි කියා සිතන්නේ ඇයි ?

    ReplyDelete
  18. මේක කියවද්දී මට දැනුනේ අවුස්ච්විට්ස් කඳවුර ගැන කියවනවා වගේ හැඟීමක්...

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් බිහිසුණුයි

      Delete
    2. Auschwitz is better in terms of these places. Both Army and JVP with associated para military groups used heavy torture.

      Delete
  19. ඩොක්ට රුවන්ට ලංකාව ඇතුලෙ වැඩ ගොඩක් තියනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  20. ඩොක්ටර් රුවන්, පශ්චාත් උපාධි‍ කටයුතුවලදී මා ඔබ ලියූ ප්‍රභාකරන් ගැන කෘතිය හැදෑරුවා. මේ සෙවීම් හා හැදෑරීම් අතිශය වැදගත්‍. පැරාට මම හැමදාමත් ගරු කරනවා.

    ReplyDelete
  21. මෙයා විතරක් නම් ඔය දස දුක් වින්දේ ,මේ කතා අපිට අහන් ඉන්න පුළුවන්.ජේවීපී එක සරල දේවල් කළා නම් කළයුතුව තිබුනේ ඒවා පක්ෂය තුල ඉදමින් නිවැරදි කරන එකයි .බියසුලු කමට වටිනාකම් දෙන්න බරපතල වචන පාවිච්චි කරලා වැඩක් නැහැ .මෙයා කරන්නේ වර්තමානයේ ඉදන් අතීතය ගලපන්න හදන එකයි.එක හරියට ගල් යුගයේ මොබයිල් ෆෝන් එකක් තිබ්බානම් හොදයි කියනවා වගෙයි.යුගය විසින් ඉල්ලන දෙයයි ගායක ගායිකාවෝ හෝ ගීත රචකයෝ නිර්මාණය කරන්නේ.රුසියානු සාහිත්‍ය ෆැන්ටසි ගොඩනගන්නක් කියලා දොඩවන්නේ ,අමතකද අවුරුදු 71 ක් සමාජවාදී පාලනයක් රුසියාවේ තිබුනා කියලා .අදත් ඒ සෝවියට් පාලනය ඒ ජනතාවට දුන්න දේ බුක්ති විදින හැටි දැනගන්න ඔයා වගේ ,ශරීරයෙන් විතරක් ලොකු වෙච්ච ළමයි රුසියාවට ගිහින් බලන්න ඕන .කෙටියෙන් ''මේ සටනට මට දහිරියක් නැහැ" කිවුවා නම් සරලයි. ඇත්ත මම පිලිගන්නවා ඒ දරුණු වධහිංසා ඔබේ හයිය දිය කරන්න ඇති.මානසිකව ඔබට වෙලා තියෙන වැටිල්ල අපි අවතක්සේරු කරන්නේ නැහැ .හැබැයි මතක තියා ගන්න ඒ වගේ වද විදපු තව පිරිසක් සමහර විට ඔබටත් වඩා දුක් විදපු මිනිස්සු ,සටන අත් හැරියේ නැහැ .ඔබ වගේ බොරු තර්ක කියමින් ඒ අයත් තමන්ගේ වැඩක් කොරගෙන හිටියා නම් ,මේ රට මීටත් වඩා අපායක් .මට නම් පෙන්නේ ඔබ තාමත් යථා තත්වයට ඇවිත් නැහැ .අපිට පුලුවන් උදවු කරන්න .මොකද සමහරු තමන් නොදැනම ,තමන්ගේ පංතියට ද්‍රෝහී වෙනවා .ජේවීපී එක නෙවෙයි නම් මේ රට වෙනස් කරන්න ඕනේ ,ඒක කරන්න පුළුවන් කාටද ?ලෝකයේ කොහෙවත් රිදී බන්දේසි වල තියලා ,නිර්ධනයන්ට සැනසීම ලැබී නැත

    ReplyDelete
    Replies
    1. @ vajira yapa January 1, 2017 at 10:23 PM ඔබ තුල පන්ති වයිරය ; ක්‍රෝධය පුද්ගල බද්ධ වයිරය වගේ එලිමන්ට්ස් තිබෙන බව පේනවා. ඒවා වලින් මිදී මානුශික තත්වයට පත්වී පැරාගේ අදහස් විශ්ලේශනය කරන්න . ලෝකය කලු සුදු ලෙස දකින්න එපා. ඔබගේ මනස සකස් වී තිබෙන්නේ පක්‍ෂිකයා/ ද්‍රෝහියා යන අන්ත දෙකෙන්. ඒ ධ්‍රැවගත මනසෙන් මිදෙන්න​. මනුෂත්වයේ දේශපාලය සොයාගෙන යන්න

      Delete
    2. විරාජි කියන දෛර්යය තිබූ මිනිස්සු කවුරුත් තමුන්ගේ අත්දැකීම් කියන්න පනපිටින් ඉතිරිවෙලා නැති එක නම් හරි අවුලක්. ජෙවීපියේ සහ පෙරටුගාමීන් නායකයින් අතරවත් එහෙම අය ඉන්නවද?
      සිතන්න හැකියාව තියන ජීවීන් පමණක් නොවේ සංවේදනය පමණක් ඇති ප්‍රාථමික ක්ෂුද්‍ර ජීවීන් පවා අනතුරක් ඉදිරියේ යමින්සිටි ගමන්මග වෙනස් කරනවනේ. ධෛර්යය කියන්නේ සිතීමේ හැකියාව සහ සංවේදය මුළුමනින්ම අහිමිවීමටද?

      Delete
    3. @ Trans SylvaniaJanuary 2, 2017 at 12:05 AM


      අනේ ඈත්තට මොන බොලද නිර්නායකඩ මෙවා..............
      මටනම් වජිරගේ කතාවෙ කිසිම ක්‍රෝදයක් පෙන්නෙ නැහැ.

      කෙලින් කතාකරන මිනිස්සු හරි ද්වේශසහගතයි නෙද මෙයා.............
      ඵතකොට පන්ති හිතෙ තියාගෙන , බොරුවට සුදු කිට ගහගෙන මගේ දුවේ පුතේ...කියාගෙන අනිත්පැත්තට දුප්පත් මිනිස්සුන්ට හැමදාම ඇරලා තමුන්ගේ පවුල පන්තිය ගොඩකරගන්න දෙසපාලුවො.
      විසි හතර පැයෙම පන්සල් බඩගාන ගමන් සුදු වෑන් ඵ්වපු දෙසපාලුවො.............
      ඵ්යාලා හරි ඩිමොක්‍රටික් නේද...........ශා...................

      ලන්කාවෙ මිනිස්සුන්ගේ චින්තනය කොතරම් දුගිද???

      Delete
    4. ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක් http://www.w3lanka.com/2011/11/hour-with-jvp-parrot.html

      Delete
    5. සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන, කියවීමේදී පක්ෂය විසින් නිර්දේශ කර ඇති ලේඛන පමණක් තෝරා ගන්නා මේ තරුණයෝ පක්ෂ පංති, කඳවුරු ආදියට සහභාගි වී තමන් පක්ෂයේ සාමාජිකයින් හැර ලෝකයේ අන් කිසිවකු විසින් අත් පත් කරගෙන නැති අවබෝධයකින් යුක්ත පිරිසකැයි තමන් ගැන අධි විශ්වාසයක් හා මානයක් ඇති කර ගනිති. ඉන් පසු ඔවුන් කියවන්නේත්, සවන් දෙන්නේත් පක්ෂය හරහා ගලා එන දැනුමට පමණි.


      පක්ෂය ඔවුන්ට ආගමක් වන්නේ එසේ ය. මේ ආගමික විශ්වාසය මත පදනම්ව ඔවුහු ලොව අන් සියලු දෙනා මිත්‍යා දෘෂ්ටිකයන් සේ සලකති. මේ පක්ෂවල නායකයෝ මීට වඩා බුද්ධිමත්තු ය. එහෙත්, ඔවුන්ගේ ගැටලුව වන්නේ ඔවුන් සාමාජිකයන් අතර මෙම මුග්ධත්වය නඩත්තු කිරීමයි. (ජවිපෙ ගිරා පෝතකයකු සමග පැයක්)

      Delete
    6. මීටවඩා පිලිගතහැකි තර්කයක් අවශ්‍යයි.
      පැරා නම් අවිශ්වාසවන්ත ලියන්නෙකු ලියූ වචන පෙලක් ගිරා පෝතකයෙකු සේ උච්චාරනය කිරීමෙන් සැබැ ගිරාපෝතකයා කවුදැයි මනාව ප්‍රදර්ශනය වේ................
      අනුන්ට ගිරාපෝතකයන් කියන්න යන අයවලුන්ද අනුන්ගේ බූතකතා පුනුරුච්චාරනය කරන ගිරාපෝතකයින් බව පෙනෙනවිට අපට නගෙන්නේ බලවත් සිනහවකි............

      අමාරුවෙන් අතික්‍රමනය කරගත් පන්තිය රැකගැනීමට දරන නිරුවත් උත්සාහයක තරම................

      Delete
    7. මම නම් උපන් දා සිටම ඉන්නේ එකම පන්තියේය​. මම උපතේදී මධ්‍යම පාන්තිකයෙකු වූ අතර තවමත් මධ්‍යම පාන්තිකයෙකි.

      Delete
    8. //සිංහල බස පමණක් දත්, සාමාන්‍ය උගතුන් වන, වැඩිය පොත පත නො කියවන//

      මේවායින් ඔබ අදහස් කරන්නේ මොකක්ද රුවන්? ඔබ කියන පරිදි හරිහැටි සිංහල නොදන්නා නමුත් ඉංග්‍රීසි උගත් පමණින් කෙනෙක් මහා පඬියෙක් වෙනවාද? නැත්නම් ඉංග්‍රීසි උගත් පමණින් මහා අමුතු ප්‍රඥාවක් පහළ වෙනවාද?

      එතකොට උතුරු ඇමෙරිකාවේ සිටි සියාත්ල් (චීෆ් සියැට්ල්) වැනි නූගත් ගෝත්‍රිකයින් ගැන ඔබ කියන්නේ කුමක් ද? මෙබඳු බොලන්ද තර්ක නගන්නේ ඇයි?

      Delete
  22. වැඩියෙන්ම මේ කමේන්ට් වල තියෙන්නේ ,ලංකාවේ සමාජයේ පොර සංකල්පයෙන් ඉදිමුණු දොස්තරලා ප්‍රමුඛ ගෝලයෝ /ලෙඩ්ඩු පිටේ ලෙලි යන්නම පිටවල් කසා ගන්න එක .මේ ගොඩක් අයගේ ගොන් පාරට් කමෙන්ට් වල පේනවා .පැරකුම් ට ඒවා දැන් පෙනුනත් මොනවා කරන්නද ?කළුකුම් කකා ආතල් එකේ ඉන්න ජීවිතෙන් ආපිට හැරෙන්න කියලය .නේ ? ඔහොම යමු මේ ඉර හද යට නේ අපි හැමෝම ඉන්න ඕනේ .ජිවත් වෙලා හිටියොත් කතා කරමු. වෙලාවක් තිබුනොත් ජෝන් රීඩ් ''ලොව හෙල්ලූ දස දවස ''(Ten Days that Shook The World - by John Reed )කියවන්න .බය වෙන්න එපා මෙයා ඇමරිකන් කාරයෙක් .ඔයාලා ආසම රටනේ .

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන මං පොර කතාව ගැන මම කෙටි ලිපියක් ලිව්වා. ඔබ විතරක් නොව ආත්ම ශක්තිය අඩු අනාරක්‍ෂිත හැඟීම් තිබෙන පුද්ගලයෝ බොහෝ දෙනෙක් අනෙකාට මං පොර කතා කියති . මගේ ලිපිය පහත තිබේ එය කියවන්න

      2) ජෝන් රීඩ් '' ගැන ඔබ දැනගැනීමටත් ප්‍රථම මම ඔහුගේ පොත කියවූවා පමණක් නොව ඔහුගේ අළු තැන්පත් කර තිබෙන ස්ථානයද නරඹා තිබේ. ඔබ පිටරටවල් කීපයකට ගියහොත් ඔබ නව අත්දැකීම් ලබා ලෝකය දෙස වෙනත් ඇසකින් බැලිය හැකි පුද්ගලයෙකු වෙතැයි මම විස්වාස කරමි.

      Delete
    2. වජිර යාපා මෙන්න මං පොර ලිපිය

      මං පොර මානසිකත්වය

      තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවට ලංකාවේදී සැලකේ. මේ නිසා තමාගේ හැකියාවන් දක්‍ෂතා ගැන කතා කිරීමේදී මිනිසුන් බොහෝ සෙයින් නිහඬ වීමට උත්සහ දරති. එහෙත් උතුරු ඇමරිකාවේ මා දකින ලද ලෙසට මිනිසුන් තම හැකියාවන් ,දක්‍ෂතාවන් , මස්තකප්‍රාප්තින් ගැන අභිමානයෙන් යුතුව කතා කරති. පාසල් වලදී ළමුන්ට ආත්ම ශක්තියකින් යුතුව තම ශක්‍යතාවන් ගැන කතා කිරීමට උගන්වති. එහෙත් ලංකාවේ අධ්‍යාපනය මෙන්ම සමාජ ආකල්පද බොහෝ සෙයින් වෙනස් ය​. එයට හේතුව කුමක් ද​?

      තුන්වන ලෝකයේ දිළිඳු කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය , සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම හැකියාවන් දක්‍ෂතා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට අපගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන , ආත්ම ශක්තිය අඩු වෘත්තිකයෙකි.

      ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය. තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන් ඔහුව හෝ ඇයව කපා දමයි.

      වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​.

      එහෙත් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් ගෙන් ඔහුගේ සමකාලිනයෙකු ගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය මැක්ෆාඩ්න් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​. මේ ලෝකයේ යායන් දෙකක වෙසෙන උගතුන් වර්ග දෙකක ස්වභාවයන් ය​.

      පෙනී යන පරිදි ලංකාව වැනි රටවල් දිළිඳු භෞතික වශයෙන් පමණක් නොව ආකල්ප අතින් ද අපගේ සමාජය දිළිඳුය​.

      Delete
    3. මං පොර ලිපිය ++++++++++

      පොඩි විවේචනයක් තියේ

      //සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. ..// මහාචාර්යවරුන් අතර පමණක් නොව සියළුම ක්ෂෙත්‍රයන්ට පොදු නිරන්තර අත්දැකීමකි, නමුත් මෙවැනි හැසිරීම් ඇති සුදු සමැති අාචාර්ය/මහාචාර්යවරුන් ද හමුවී තියෙනවා, ඔවුන් බොහෝ කාලයක් ලංකාවේ සිටි නිසා පරිසරයට අනුවර්තනය වී ඇත්ද? නැතිනම් සුදුසු පරිසරතත්වයන් සොයා සංක්‍රමණය වූවන්ද, අර ලංකාවේ රස්සාවට එන සුද්දෝ ගොඩක් දෙනා කොට සුද්දෝ වගේ :)

      Delete
    4. රුවන්,

      ඔබ ලංකාවේ යෙදෙන "පොර ටෝක්/ මං පොර" යන්නෙහි නිර්වචනය නිසි පරිදි නොදැන මෙම ලියැවිල්ල ලියා තිබේ.

      සාමාන්‍යයෙන් තමන් ගේ හැකියාවන් හෝ දක්‍ෂතාවන් හෝ මස්තකප්‍රාප්තින් කිසිත් නැතිව ටෝක්ස් වලින් පමනක් ජීවත් වන අය පොර ටෝක් දෙන (මං පොර) අය බවට සැලකේ. එවන් බොරු කයිවාරු ගසමින් අනුන් ඉදිරියේ තමාට නැති වැදගත්කමක් උසස් තත්වයක් සහ සුවිශේශී වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කරන්නෙකුට කවුරුන් හෝ "පොර ටෝක්/ මං පොර" කීවා නම් ඔහු 100% නිවැරදිය.

      Delete
    5. @ vajira yapa

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. ඉතින් එහෙම කරපු කවුද මෙතන ඉන්නෙ ? නමක් කියන්නකො හැංගිලා අතපත ගාන්නේ නැතිව

      Delete
    7. හිතවත් රුවන්,

      ඉහත "පොර ටෝක්" සම්බන්ධව කමෙන්ට් (Ano 7.06 AM) කළ මා බ්ලොග්කරුවකු නොවන සාමාන්‍ය පාඨකයෙක්මි. ඉහත කමෙන්ටුව තුළින් විවේචනය කළේ ඔබේ කමෙන්ටුව තුළින් මතුකළ අදහස පමණකි. ඔබ හෝ වෙනත් බ්ලොග්කරුවන් ගැන මා හරිහැටි නොදන්නා බැවින් නම් සඳහන් කරමින් පුද්ගලයින් ගැන කිව නොහැකිය. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ පොරටෝක්/ මං පොර යන්න පිලිබඳ මට හරි යැයි සිතෙන අදහස පමණක් ඉදිරිපත් කළෙමි. මගේ වදන් වලින් ඔබ සිත රිදුණා නම් කරුණාකර සමාවන්න. මෙය කිසිවෙකුත් ඉලක්ක නොවුණු හුදෙක්ම අදහසක් පමණකි.

      ස්තූතියි !

      Delete
    8. මං පොර මානසිකත්වය ගැන ඉහත කමෙන්ටුවෙහි පහත සටහන මනහරය;

      //එහෙත් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් ගෙන් ඔහුගේ සමකාලිනයෙකු ගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය මැක්ෆාඩ්න් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​. මේ ලෝකයේ යායන් දෙකක වෙසෙන උගතුන් වර්ග දෙකක ස්වභාවයන් ය​. //

      නමුදු මේ අතිශ්‍රේෂ්ඨ වූ සුපිරි වියතාට ඊළඟ වැකි ලියුම අතපසුව ඇත. ඒ මෙසේය.

      "ඉන් මහත් අමන්දානන්දයට පත් මා මහාචාර්‍ය මැක්ෆාඩ්න්ට අතට අත දී සතුට ප්‍රකාශ කිරීමට ඇත දිගුකළා පමණි, යමක් පෙරලෙන හඬත් ඉන්පසු වීදුරුවක් බිඳෙන හඬත් මට ඇසිනි. තිගැස්සී වටපිට බැලූ මට මා සිටි ඇඳ ඉදිරිපස බිත්තියේ ඔරලෝසුවේ වෙලාව දහවල් එක බවත් ඇඳ ළඟ තිබූ ටීපෝව පෙරලී එහි තබා තිබූ වතුර වීදුරුව කැබලි වී ඇති බවත් වැටහිනි."

      මේ ලෝකයේ දියුණු සහ නොදියුණු යායන් දෙකක වෙසෙන මේ වර්ගයේ ගෝත්‍රික පුඟුලන් දකින දවල් සිහිනයන්ගේ ස්වභාවයය​.

      Delete
    9. //තුන්වන ලෝකයේ දිළිඳු කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන්//

      මෙය යල්පැනගිය විකාර යෙදුමකි. ලංකාව තුන්වන ලෝකයේ රටක් යැයි කියන්නේ ලෝක සම්මතයන් ගැන මෙලොවින් මෙලොව දෙයක් නොදන්න මුග්ධයින්ය. විසිවන සියවසේ අග භාගයේදී ලෝකයම ශීත යුද්ධයට මැදි වී සිටි නිසා දේශපාලනික වශයෙන් කොටස් තුනකට බෙදුණා. එක කොටසක් කොමියුනිස්ට් රටවල්. ඉන් වැඩි හරියක්ම සෝවියට් සමාජවාදී ජනරජ සංගමයට අයත් ඒවායි. අනෙක් කොටස කොමියුනිස්ට්වාදය අනුගමනය නොකළ රටවල්. මින් පෙරමුණ ගත්තේ එක්සත් ජනපදයයි. මෙම කොටස් දෙකටම අයත් නොවූ රටවල් තුන්වන ලෝකයේ රටවල් ලෙස හඳුන්වනු ලැබුවා. නොබැඳි ජාතීන් යනුවෙන් එක්වුණේත් මෙම රටවල් රැසයි.

      The term Third World arose during the Cold War to define countries that remained non-aligned with either NATO, or the Communist Bloc. The United States, Western European nations and their allies represented the First World, while the Soviet Union, China, Cuba, and their allies represented the Second World.

      මෙම විසි එක්වන සියවසේදී ඉහත සඳහන් කළ දේශපාලනික වශයෙන් බෙදුණු කොටස් තුන දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ආර්ථික හා කාර්මික දියුණුව අනුව ලෝකයේ රටවල් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස බෙදා තිබෙනවා. ධනවත් රටවල සංචාරකයන් දිලිඳු රටක සංචාරයේ යෙදෙන විට මෙම බෙදීම් දෙක අතර තිබෙන පරතරය මනාව දැකගත හැකියි. නමුත් ඉන් කිසිසේත් රටක් උස් හෝ පහත් යැයි කිව නොහැකියි. උදාහරණ ලෙස ඇතැම් අරාබි රටවල ගුවන් තොටුපොළවල්, මාර්ග ආදිය බොහෝ බටහිර දියුණු යැයි කියාගන්නා රටවලට වඩා භෞතිකව ඉතා උසස් තත්වයේ තිබෙනු දැකිය හැක. (උදා: එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඔස්ට්‍රෙලියා/ කැනඩා වැනි රටවල් ගුවන්තොටුපොළ සසඳා බලන්න. ඩුබායි ගුවන්තොට අතිවිශිෂ්ටය.)

      //ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය , සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම හැකියාවන් දක්‍ෂතා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට අපගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන , ආත්ම ශක්තිය අඩු වෘත්තිකයෙකි.

      ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය. තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන් ඔහුව හෝ ඇයව කපා දමයි.

      වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​. //

      මේවා කිසිදු තාර්කික පදනමක් නොමැති නිකම්ම නිකම් මනස්ගාතය. බටහිර එක "හොඳ" පුද්ගලයෙකුත් ලංකාවේ එක් "නරක" පුද්ගලයෙකුත් ගැන ලියා ඇති හෑල්ලක් මිස ගතයුත්තක් නැත.

      ඔය කියන මහා උසස් බටහිර "හොඳ" යැයි සම්මත රටවලට වඩා ඉතා උසස් මිනිස්කම් සහිත පුද්ගලයෝ ලංකාව ඇතුළු බොහෝ "නොදියුණු තුන්වෙනි ලෝකයේ" රටවල ඕනෑ පදම් සිටිති. 2016 මැයි මසදී ලංකාවේ ගංවතුර අර්බුදයේදී ලංකාවේ මිනිසුන් අවතැන්වූ සිය සහෝදර ජනයාට කල හදිසි උපකාර දැක පුදුම වූ යුරෝපීයයෝ එය බෙහෙවින් අගය කලත් ලංකාවෙන් බටහිරට හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වඳුරු කුණුහබ්බ කෙළින හීනමානකාරී කුහකයින්ට ඒ නොපෙනීම අරුමයක් නොවේ.

      -සසිත අනුශ්ක

      Delete
    10. "...වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක් ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී විභාගයක් අසමත් වූ බවත් , ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​..."

      කියනකොට මෙහෙමයි කරනකොට මෙහෙමයි නේද!

      "කන්සල්ටන්ට් උමතුව




      අතීතයේ වෛද්‍යවරු කන්සල්ටන්ට් හෙවත් විශේෂඥ මට්ටමට පත් වූයේ දැණුම අත්දැකීම් වලින් පරිණතව වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව ජීවිත අත්දැකීම් වලින් ද පරිපූර්ණ වූ මිනිසෙක් ලෙසටය​. එහෙත් පසුකාලීනව විශේෂඥ විද්‍යවරුන් ගේ හිඟය නිසා පශ්චාත් උපාධි ආයතන විසින් ආප්ප බාන්නාක් මෙන් අපරිණත වෛද්‍යවරු විභාග වලින් තල්ලු කරවා දෙවසරක් පමණ විදේශ පුහුණුවක් දී ඔවුන්ට විශේෂඥ ලේබලය ගසා රෝහල් වලට එවන්නට විය​. දැණුමෙන් මෙන්ම ජීවිතාවබෝධයෙන් පිරිපුන් නොවූ මෙම කන්සල්ටන්ට්ලා රෝහලේ සම්පත් වලට මෙන්ම පුද්ගලික සේවය සඳහාද මරා ගනිති. මීට හොඳම නිදසුන කරාපිටිය රෝහලේ හෘධ හා උරස් ශල්‍ය අංශයේ විශේෂඥවරුන් ගේ කඹ ඇදීමයි. මොවුන් ගේ මොන්ටිසෝරි ගෝරි දකින විට පෙනී යන්නේ ජීවිත විද්‍යාවෙන් මොවුන් කෙතරම් පසුගාමීද යන්නයි.

      මෑතකදී තමා හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු බව කියූ තරුණ වෛද්‍යවරයෙකු සමග මම සංවාදයේ යෙදුනෙමි. අහංකාර ලෙස වගාඩම්බරයේ යෙදුනු ඔහුගෙන් තමා මෙතෙක් පළ කොට තිබෙන පරියේෂණ පත්‍රිකා ප්‍රමාණය ගැන ඇසූ විට ඔහු නිරුත්තර විය​. ඔහු කිසිදු පරියේෂණ පත්‍රිකාවක් පළ කොට නැත​. මනෝ විශ්ලේෂණය පිලිබඳ ඔහුගේ දැණුම අවමය​. යන්තම් මනෝ රෝගයක් හඳුනාගෙන ප්‍රති විශාද හෝ ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් රෝගියාට නියම කිරීමට පමණක් මොවුන් ගේ විශේෂඥ භාවය සීමාසහිත වී තිබේ..."

      Delete
    11. මෙය පුද්ගලික අපහාසයක් නොව ප්‍රසිද්දියේ කියූ කරණු දැක්වීමකි. මේ කතාව සත්‍යකි. මේ ඊනියා කන්සල්ටන්ස්ලා ෆ්‍රොයිඩ් ගැනවත් කියවා නැත​. මේ ලියමන් වල වගකීම මා ගන්නා ප්‍රසිද්දියේය​.

      Delete
    12. ඔබ පුද්ගලික අපහාස සහ සදොස් ස්ථාන පෙන්වා දෙන ප්‍රකාශ අතර වෙනස දන්නේ නැත​. මෑතකදී තමා හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු බව කියූ තරුණ වෛද්‍යවරයාට මනෝ විද්‍යාව පිලිබඳ දැණුම ඉතා පහලය​. ඔහු කිසිම පරියේෂණ පත්‍රිකාවක් වත් පළ කොට නැත​. නමුත් පුද්ගලයෙකු ලෙස මම ඔහුව හෙලා දැක නත මම පෙන්වා දුන්නේ ඔහුගේ දැණුමේ තියන ඌනතාවන් ය​. එසේ පෙන්වා දුන්නේ නිවට ඇනෝ කමෙන්ට් වලින් නොව මගේ නමිනි. නමුත් ඔහු නරක මිනිසෙකු පහත් මිනිසෙකු බව මම කියා නැත​. ඔහුගේ පුද්ගලිකත්වය මට අදාල නැත​. මේ වෙනස වටහා ගැනීමට බුද්ධිමත් වන්න

      Delete
    13. මාව මෙන්ෂන් කර ඇති පොර ලිපිය පිලිබදවයි
      මම ඉස්සර පොර ටෝක් දුන්නා .ඕනේම අයෙක්ට තමන්ට සාපේක්ෂව පොර ටෝක් දෙන්න පුළුවන්.ඒකට එකතු කරගත්ත ඇකඩමික් සහතිකම තියෙන්න ඕනේ නැහැ නේද?සමහරු තමන් ගිය රටවල් ගණන,හිටපු කෙල්ලෝ ගාන ,බීපු බෝතල් වර්ග ගැන ඒ තියා තමන් ලිංගිකව හැසුරුණු ස්ත්‍රීන් ගැන පොර ටෝක් දාන්න පුලුවන් නේද?මට මාළු අල්ලන්නෙක් හම්බ වුනා දවසක් ,එයා පොර ටෝක් දුන්නා අල්ලපු මාළු ගැන.
      ඇමරිකාව /බටහිර සාපේක්ෂව අපට වඩා දියුණුයි කියලා පිළිගන්නවනේ ?උදාහරණයකට ඇකඩමික් පැත්තෙන් වුනත් ,උවමනාව තියන ඕනෑම කෙනෙක්ට උපාධියක් ගන්න පුලුවන් නේ.අනිත් අතින් ප්‍රොෆෙෂනල් විධිමත් පුහුණුවක් ගන්නත් පහසුකම් වැඩියි .ඒ නිසා ඇමරිකාව/කැනඩාව /යුරෝපයේ ඇතුළු දියුණු රටවල බහුතරයක් ඉන්නේ පොරවල් තමයි .ඉතින් එකිනෙකාට පොර ටෝක් දැම්මට ඒවා පොර ටෝක් වෙන්නේ නැහැ .මොකෝ අනෙකාත් ඒ හා සමාන පොරක්.නමුත් ලංකාවේ ලක්ෂ තුන්හාමාරක් A/L කරනකොට 18000 ක් විතර තමයි විශ්වවිද්‍යාලෙට යන්නේ.ඒ කියන්නේ 332000 (තුන්ලක්ෂ තිස් දෙදාහකට පොරවල් වෙන්න බැරි වෙනවා) වැරැද්ද ඒ දරුවන්ගෙද ?ප්‍රොෆෙෂනල් වෙන එකත් ඔච්චර තමයි .මෙච්චර විෂමතා තියන ලංකාවේ ඔබ පොර ටෝක් දැම්මොත් අනෙකාට හිස්ටිරියව/හීනමානය හැදෙන්න පුළුවන් හෝ ඔබව ජෝක් වෙන්න පුළුවන් .ජනතාව පාන් ඉල්ලලා උද්ගොශ්නය කරපු වෙලාවේ ,අර ප්‍රංශයේ ලුවී රජුගේ බිරිද "Let them eat cake" කියලා තියෙන්නේ සිරියස්ලි.ඕක අජිත් පැරකුම් දන්නවා.ඔයාලට කියලා දෙන්නේ නැහැ.එතකොට කම්කරු ලියන්නාගේ සාක්කු පිරෙන්නේ නැහනේ .



      Delete
    14. මට පුද්ගලයෙකු පොරක් වන්නේ ඔහුගේ මානව ගුණාංග , ඔහුගේ දැණුම අත්දැකීම් අන්‍යන් ගේ යහපත වෙනුවෙන් යෙදවීම යන කාරණා උඩ. ඔබ ගොඩාක් විස්තර කරන්නේ භෞතික දේවල් අරබයා. භෞතික දේවල් ජීවිතයේ කේන්ද්‍රය කර ගන්න එපා ( කේන්ද්‍රය කර ගන්න එපා කියන්නේ භෞතික දේවල් නිසා තමාගේ සිතේ තරහා / අනෙකා කෙරෙහි ඉර්ශියාව / විරෝධය උනත් කේන්ද්‍ර ගත කිරීම නිසා වෙන්නේ)

      Delete
    15. "අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි."

      ලංකාවේ රාජ්‍ය ආයතනවල පවතින වෘත්තිය මාෆියාවට හේතුව මෙයයි. රජය නවක වෘත්තින් සදහා ගැලපෙන උපාධි හදුන්වාදුන්නද ඒ නව උපාධිදාරින්ව රජයේ රැකියා සදහා බදවා ගැනිම් අවහිර කරන්නේ මෙන්නමේ වර්ගයේ වෘත්තිකයන්ය.

      Delete
  23. වජිර යාපා ඔබ තවම ඉන්නෙ ත්‍රස්තවාදි මානසිනත්වයක.ඔබ වැනි අයයි අපරෙධවලට පහසුවෙන් පොලබවගත හැක්කෙ. පැරා ඉතා පැසුන දැක්මක් සහිතව කතා කරල. රුවන් අැතුලු කොමෙන්ට් කරුවනුත් ඒ විදියයි.

    ඔබ කියවල තියෙන්නෙ එක පැත්තක අදහස්.
    තුලනාත්මකව හදාරන්න පක්ෂය ලබාදෙන දැනුම හැර සියල්ල වැරදියි කියන්න එපා.

    මැතිවරන නොපවත්වා අවුරුදු 71 ක් ඒකාධිපති පාලනයක් ගෙන ගිය සෝවියට් අාදර්ශය ඔබව තවම මත්කරල. ජෝන්රීඩ් වගේම සොල්ෂෙනිට්සින්ලත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. මහත්තයො අනුන්ට ත්‍රස්තවාදියා කියන්න කලින් තමන් තුල ඉන්න මානසිකරෝගියා අදුනාගන්න.
      මහත්තයො ඔයා බ්ලොග් අවකාශෙදී ඇනකොටාගත්තෙ නැත්තේ කියෙන් කිදෙනෙක් ඵ්ක්ක විතරද???
      ඵ්හෙම බලනකොට වජිර නෙවෙයි ත්‍රස්තවාදී මනසිකත්වයෙ ඉන්නෙ ඔයා..............
      කී පාරක් මුලු බ්ලොග් අවකාශෙටම බැනලා මම ආයේ බ්ලොග් දිහා බලන් බත් කන්නෑ කියලා ඔයාගෙ බ්ලොග් පඩන්ගුව වහල දැම්මද???
      ඔයාට තියෙන්නේ මිනිස්සුත් ඵක්ක ඉන්න බැරි කම.ඔක සමාජ පෝබියාව.ඔක බාග උගත් රජයෙ සේවකයන් ගොඩ දෙනෙකුට තියන ලෙඩක්...........

      Delete
  24. භීෂන සමයට වගකිවයුත්තෙ ජවිපෙ. ශක්තිමත් සතුරෙක් අපව කැලයට තල්ලු කරනවනම් අප කල යුත්තෙ කැලයෙන් එලියට යාමයි. විජේවීරට මැදිවියේ හෝ කස්ත්‍රෝ වැනි ඒකාධිපතියෙක් වීමේ සිහිනය තිබුන. ඒ වෙනුවෙන් තමයි පරම්පරාවක්ම නැතිවුනෙ.

    නන්ද ල සුනිල්ල වධකාගාරවල වධකයන්ටත් වඩා නීච පිරිසක්. අනුන්ගෙ ලමයි කතත්තට යවන්න නිර්මාන කල ඔවුන් රට පැන්න.

    මට 13 යි ඔය කාලෙ. ඒ වයසෙදිත් ජවිපෙ දේශපාලනයෙ වරද පමනක්නෙමෙයි සමාජවාදි දේශපාලනයෙ වරදත් තේරුම් අරන් තිබුනෙ.
    සමාජවාදි කියන්නෙ වර්තමාන ජනප්‍රිය අර්ථයෙන්. සමාජවාදය හදන්න වෙන්නෙ ජනතාවට අවශ්‍ය වුනාම. පක්ෂය ජනතාවට ඉදිරියෙන් බලෙන් හදන්න යාමෙන් චීන සෝවියට් අාකෘතියක් බිහිවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ශරීරෙ ලොකු වුනාට .මනසේ වයස තාම 13 ක් වගේ.13 දී ෆ්රිස් වෙලා .
      තමන් ළග නැති නිසාම එයාම හදුන්වාගන්නවා,"මධ්‍යස්ථ මතධාරියා" කියලා තමන්වම

      Delete
    2. වජිර ඇයි ඔයා මධ්‍යස්ථ මතධාරියාගේ මතය විවේචනය කිරීම වෙනුවට වෙන දෙයක් ලියන්නේ

      Delete
    3. වජිරගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු (ප්‍රශ්න)

      To - මධ්‍යස්ථ මතධාරියා

      භීෂන සමයට වගකිවයුත්තෙ ජවිපෙ. - JVP යට තනි වගකීම දීම කොඉතරම් සාදාරණද?

      ශක්තිමත් සතුරෙක් අපව කැලයට තල්ලු කරනවනම් අප කල යුත්තෙ කැලයෙන් එලියට යාමයි. - කැලයට යනවාද එලියට එනවාද යන්න තීරණය කිරීමේ හැකියාව තිබේ නම් සතුරා නොව ශක්තිමත් තමා නොවේද.

      විජේවීරට මැදිවියේ හෝ කස්ත්‍රෝ වැනි ඒකාධිපතියෙක් වීමේ සිහිනය තිබුන - මෙයට තිබෙන සාක්ෂි මොනවාද? (විද්‍යාත්මක හෝ ප්‍රවාදාත්මක)

      මට 13 යි ඔය කාලෙ. ඒ වයසෙදිත් ජවිපෙ දේශපාලනයෙ වරද පමනක්නෙමෙයි සමාජවාදි දේශපාලනයෙ වරදත් තේරුම් අරන් තිබුනෙ. - අවුරුදු 13දී තේරුම් ගත්තා කියන එකෙන් තේරෙනවා හොඳ අවබෝධයක් තියෙන්න ඇති කියලා.

      සමාජවාදි කියන්නෙ වර්තමාන ජනප්‍රිය අර්ථයෙන්. සමාජවාදය හදන්න වෙන්නෙ ජනතාවට අවශ්‍ය වුනාම. පක්ෂය ජනතාවට ඉදිරියෙන් බලෙන් හදන්න යාමෙන් චීන සෝවියට් අාකෘතියක් බිහිවෙන්නෙ - උත්තර දෙනවා නම් පොතක් ලියන්න වෙනවා. පොඩ්ඩක් සමාජවාදය කියන්නේ මොකක්ද කියල හදාරලා ඉන්න කියල තමයි කියන්න වෙන්නේ.

      To - Trans Sylvania

      ඔයා මධ්‍යස්ථ මතධාරියාට පිළිතුරු දෙන්න කියල කියන්නේ ඔය එම මතය පිළිගන්න නිසාද. එහෙම නැතිනම් ඔයා එම comment එක ගැන කියන්නේ මොකක්ද

      Delete
  25. ලංකාවේ පෙල පොත්වලට ඇතුලත් කළ යුතුම ළිපියක්... තැන්කිව් රුවන්....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ අතීත අත්දැකීම් ගැන හැදෑරීම පාසල් විශයමාලාවට ඇතුල් කළ යුතුමයි.

      Delete
    2. ඉස්කෝල ළම්යින්ට මේ වගේ ගොබ්බයින්ගෙ වඳුරු කුණුහබ්බ වලින් ඇති වැඩේ මොකක්ද බන්? ඊට වඩා හොඳයි උන්ට ඒ වෙලාව යොදාගෙන ජීවන කුසලතා පාඩම යටතේ ගෙයක් පිළිවෙලට පිරිසිදුවට තියාගන්න හැටි ඉගැන්නුවනම් ප්‍රයෝජනයක් හරි තියෙනව.

      Delete
  26. පැරාගෙ දර්ශනය .. රැවන්ගෙ දැනුම.. එකතු වු තැන නිශ්චල ගැඹුරු මොහොතකි...

    ReplyDelete
  27. http://www.gunner.lk/news-view.php?id=630

    ReplyDelete
  28. කදිම පෝස්ටුවක් !

    ඊනියා යුධ විරෝධී වාමාංශිකයින් වලසා එනවිට ගහෙත් නොනැග පලා යද්දී මතුගම උපගුරුවරයකු වූ සැබෑ යුධ විරෝධී අජිත් පී. ජයසිංහ වලසා සමග තනිව දිවි නොතකා පොරබැදුවා නුඹලාට අමතකද? මේ අරගලය ද ඔහුට බාරය. ඊට නුඹලාගේ උපදෙස් අවශ්‍ය නැත. මෑතකදී රවිරාජ් වෙනුවෙන් ඔහු කළ අරගලය මහත්පල මහානිසංස ගෙන දුන් හැටි නුඹලා නුදුටුවෝද?

    අජිත් පී. යනු ශ්‍රී ලාංකේය විප්ලවයට මග කියන මහා පහන් තරුවය. උන් රටක මහා ජාතියේ අනන්‍යතාවය නැති කිරීමෙන් සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ න්‍යාය සහ රටක මධ්‍යම පන්තිය විනාශ කිරීමෙන් ඒ රටේ සමාජ ප්‍රගමනයට හේතු වන විප්ලවයට මගපාදන න්‍යාය ලොවට හඳුන්වා දුන් මේ සියවසේ මහා දාර්ශනිකයා බව නුඹලා පිලිනොගන්නහුද?

    එය එසේ නොවන්නේනම් “පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය” පිලිබඳ සිදුකල ලෝකප්‍රකට අතිවිශිෂ්ට පර්යේෂණ නිසාම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන අනාගත නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික මනෝ වෛද්‍ය විශේෂඥයකු විසින් අජිත් පී. ව සම්මුඛ සාකච්චාවට ලක්කර ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දෙයිද?

    මේ ලෝ ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥවරයා දැනට ගතින් විදේශ රටක ජීවත්වන නමුත් සිතින් මෙහිය. අපේ රටේ කරුමය කියන්නේ මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමන්ගේ ආදී ශිෂ්‍යකුයයි කියාගැනීමට අපේ රටේ කිසිදු වෛද්‍ය පීඨයක් වාසනාවන්ත නොවීමයි.

    එසේම Sri Lanka College of Psychiatrists ද මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා වෙත අඩුම ගන්නේ සාමාන්‍ය සාමජිකත්වයවත් පිරිනැමීමට සාධාරණ නොවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලැජ්ජාවකි.

    - හාල් මාක්ස්

    ReplyDelete
  29. @ AnonymousJanuary 2, 2017 at 12:45 PM / - හාල් මාක්ස්

    මේ ලෝ ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥවරයා දැනට ගතින් විදේශ රටක ජීවත්වන නමුත් සිතින් මෙහිය. අපේ රටේ කරුමය කියන්නේ මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමන්ගේ ආදී ශිෂ්‍යකුයයි කියාගැනීමට අපේ රටේ කිසිදු වෛද්‍ය පීඨයක් වාසනාවන්ත නොවීමයි. එසේම Sri Lanka College of Psychiatrists ද මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා වෙත අඩුම ගන්නේ සාමාන්‍ය සාමජිකත්වයවත් පිරිනැමීමට සාධාරණ නොවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලැජ්ජාවකි./////////////

    @ AnonymousJanuary 2, 2017 at 12:45 PM / - හාල් මාක්ස්
    මම Psychiatrist නොවෙමි. එය මම කිහිප වතාවක් කියා තිබේ. මගේ විශය පථය Psychology සහ Psychotherapy වේ. ඔබලා ඉතා ඉහලින් අගයන සෝවියට් දේශයේ MD වෛද්‍ය උපාධිය ලැබු අයෙකි. වසර 16 ලංකාවේ රෝහල් වල සේවය කලෙමි. කොලොන්ගොඩ ග්රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්ය නිලධාරී ලෙසටද (1995) මිනිපේ ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල(1998), උතුරු කොළඹ ශික්ෂණ රෝහල(2000), හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල (2002- 2006)යන රෝහල් වල සේවය කරන ලදි. එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයෙන් ළමා මනෝ විද්යාවද , කැනඩාවේ හම්බර් විද්යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්රතිකාර ආයතනයේ මනෝ විද්යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි අධ්යනයන් හදාරයි. මගේ පරියේෂණ පත්‍රිකා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය (2015) මෙන්ම ඇමරිකා යුද හමුදාව විසින් ද පළ කොට තිබේ. ( pl see http://fmso.leavenworth.army.mil/Collaboration/international/Sri%20Lanka/PTSD.pdf අන්තර්ජාතිකව ප්‍රකට වූ පත්‍රිකා මෙන්ම පොත් කිහිපයක්ද මම ලියා තිබේ. මේ පොත් වලට පෙරවදන් සපයා තිබෙන්නේ මහාචාර්‍ය මේරි සීමන් (University of Toronto ) සහ සයිමන් ෆ්‍රේසර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ගෝඩ්න් අතලි වැනි ලෝ ප්‍රකට විද්වතුන් වෙති. මම ඔබලා මෙන් ලිං මැඩියෙකු නොවෙමි. මම අන්තර්ජාතික ප්‍රජාව සමග වැඩකරන්නෙකි. මම කැනඩාවේ Registered Mental Health Therapist වෙමි එසේම කැනඩාවේ Registered EMDR Therapist කෙනෙකි . මට ඉරිසියාවෙන් පිරුණු කුහකයන් බහුතරය සිටින තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල ලියාපදිංචි අවශ්‍ය නැත​. මගේ ලියාපදිංචිය තිබෙන්නේ පලවන ලෝකයේ රටක් වන කැනඩාවේය​. ඔවුන් මගේ දැණුම සහ හැකියාවන් පිලිගනිති.

    ReplyDelete
  30. Itha watina lipiyak. Sthuthi Obata!

    ReplyDelete
  31. They are rich we are just poor, working for monthly salary.
    Communism does not make you rich, instead get up early every day, make a list of 10 rich people in the world, Now check whether your name is on that list? Is it? If not, then just allocate 5 minutes of time to think about their luxuries, the food they eat, the escorts that they hit, etc etc and build your dream top of that. Then make your best effort to make that dream come true during the rest of the working day !

    Trust me, dreams need a good foundation, Trump tower was built like that.
    Before Trump tower become concrete, it was blueprinted by dreams.

    ReplyDelete
  32. Excellent life story , and there are number incidents in which we can identify how human mind operate in terms of the intersections of power and politics of being and society

    ReplyDelete
  33. kuburu kotala jiwath wena apita ,,,,,samajawadaya hara wenath wikalpayak thiyenawanm kiyanna ,,,samajawadayata bana bana inne nathuwa,,,,mokada gowithan karana minissu godak dukwidinawa ,,,,,

    ReplyDelete
    Replies
    1. oba hari sahodaraya. ada thiyena JVP eka nam podi pahe wihiluwak thamai. eth Wijeweera kiyana purawurthayata garahana me minissu dekkama hithata dukai.

      Delete
  34. 2019. 3.20 වගේ අතනීතිවිරූදීව අත්අඩංගුවට අරන් මාස එකහමාරක් හිරකරගෙන බලෙන් බේත් පොවලා මාවත් මරන්න හැදුවා. පොලිසි උසාවී ත්‍රස්තවාදියෝ වගේ වැඩකරන්නේ. මෙලෙජ්ජ විදියට තවමත්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook