Tuesday, March 31, 2020

රවුෆ් හකීම් සහ අන්තවාදීන් ෆෝම් කිරීම


ලංකාවේ මුස්ලිම්වරු කොටස් කීපයක් සිටිති. උගත් වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන සංවේදී මිනිසුන්, එතරම් උගත්කමක් නැතත් දුප්පත් වූවද පරාර්ථකාමී කරුණාවන්ත අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන මුසල්මානුවන් මෙලෙස නම් කල හැකිය. නමුත් ඒ අතර තමන් ජීවත් වන රට තුල කිසිම නීතියකට ගරු නොකරන ගෝත්‍රවාදය හිසට ගැසූ අන්තවාදී මෝඩයන් යම් පිරිසක් මුස්ලිම් සමාජය තුල සිටිති. මොවුන් නිසා සමස්ථ මුස්ලිම් ජනතාව අපකීර්තියට පත් වෙයි. කණගාටුදායක තත්වය නම් මේ පසුගාමී මුග්ධයන්ට අවවාද කිරීමටවත් මුස්ලිම් නායකයන් ඉදිරිපත් නොවීමය. මෙහි බරපතලක​ම වනාහී රවුෆ් හකීම් වැනි දේශපාලකයන් ද මේ අන්තවාදීන්ව ෆෝම් කිරීමට දරන උත්සාහයයි. 

Saturday, March 28, 2020

අහිවාතක , රෝගය හෙවත් බුදුන් දවස කොරෝනා රෝගය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයක් රජගහ නුවර එක්තරා පවුලක අහිවාතක රෝගයෙන් උවදුරට පත්විය. (මෙය වසංගත මාරාන්තික රෝගයකි. විශාල සර්පයන්ගේ විෂ, වාතය හා මිශ්‍ර වීමෙන් හටගන්නක් බව කියැවේ. “අහි” යනු විෂඝෝර සර්පයාට කියැවෙන පාලි වචනය යි.” වාත” යනු සුළඟ යි. ගුණසේන සිංහල මහා අකාරාදියෙහි ද (පි. 132) මෙසේ පැහැදිලි කිරීමක් කර ඇත. “හිමාලය වන ප්‍රදේශයෙහි නාග රාජයන් විසින් පහළට හෙළනු ලබන විෂ වාතයක් ( අහි වාතයක් ) ඇත. (මේ විෂ වාතය ආඝ්‍රාණය වූ මිනිසුන්ට අහිවාතක රෝගය වැළඳෙතැයි ද, ඒ රෝගය යම් ගෙයක ඇති වූයේ නම් ඒ ගෙයි බිත්ති බිඳගෙන ගිය අය පමණක් නො මැරෙතැයි ද කියති”) මෙහි එක් ස්ත්‍රියක් හැර අනික් සියල්ලෝ ම මිය ගියහ. ඇය නිවස ද නිවසේ වූ සියලු ධන ධාන්‍ය ද හැර දමා මරණ භයෙන් බියපත් ව බිත්තියක් පලාගෙන පැන ගියා ය. මෙසේ අසරණ ව පැන ගිය ඇය අනාථ වූයේ අනුන්ගේ නිවසකට ගොස් ඒ නිවස පිටුපස වාසය කළා ය. එම නිවසෙහි විසූ කරුණාවන්ත පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දීමට පුරුදුව සිටියේය. ඒ ස්ථානයෙහි ම හිඳිමින් ඔවුන්ගේ කැඳ බත් කා ජීවත් වූයේ මේ මව්තුමිය යි. ඇතිලි වළං සෝදා දැමීමට පෙර තමන්ට ලැබෙන දම් කුඩ පූජා කළ දායිකාව යන අර්ථයෙන් ම විමාන කථා වස්තුව “ආචාමදායිකා” නම් වූ හ.

Friday, March 27, 2020

කොරෝනා සුව මෙහෙය



කොරෝනා සුව මෙහෙය පාස්ටර් උන්නා මළා වෙතින් 


Tuesday, March 24, 2020

ලිංගික පාපය


සුදින්න නම් වූ කලන්දපුත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ තමාව සාසනයේ පැවදිකරගන්නා ලෙස අයද සිටි අතර එහිදී උන් වහන්සේ දන්වා සිටියේ මාපියන්ගෙන් අනුමැතිය ලබා පැමිණෙන ලෙසය. සුදින්න කලන්දගම තම මව්පියන් වෙත ගොස් තමාට පැවිදිවීමට අවසර දෙන ලෙස ඉල්ලාසිටි අතර වත්පොහොසත් එම දෙමාපියන් තම එකම දරුවා වන ඔහු හට පැවිදිවීමට අවසර නොදුන් අතර සුදින්න ආහාර අනුභවය ප්‍රතික්ෂේප කරමින් පැවිදිවීමටම ඉල්ලා සිටිය. පැවිදි ජීවිතය එපාවී ඔහු නැවත ගිහිජීවිතයට පැමිණේවියැයි බලාපොරොත්තුව පිට දෙමාපියන් අවසානයේ කැමැත්ත පළකරනලදී
සුදින්න සාසනේ පැවිද උපසම්පදා ලබා පිණ්ඩපාතියෙන් අරණෙහි වසයි. මේ කාලයේ දුර්භික්ෂාවක් ඇතිවිය. සෙතට්ඨිකානම් සස්‍යරෝගය විය.පිණ්ඩපාතය හිගවිය. එම නිසා ආයුෂ්මත් සුදින්න තම කලන්දසිටු ග්‍රාමය ආශ්‍රයේ වාසයට ගියේය. ගමේ පිඬුසිගා වැඩියේය. මෙය දුටු ආයුෂ්මත් සුදින්නගේ පියා පැමිණ ආයුෂ්මත් සුදින්නව ගෙදර එක්ව ගොස් දානය පිළිගැනිවීය. සිය ධනය සැපසම්පත් භුක්ති විදිමින් ගිහිගෙයි වාසය කරන ලෙස ඇවිටිලි කළේය. ගිහිකල මව හා බිරිද ද ඇවිටිලි කළේය. ආයුෂ්මත් සුදින්න කැමති නොවීය. අවසානයේ මව මෙසේ පැවසීය,
“පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහාභෝග මහද්ධන වස්තූපකරණ ඇත්තක. එහෙයින් කුලවංශය ආරක්‍ෂා කර ගැණීමට බීජයක් (පුතෙකු) දෙව.
“මෑනියනි, මෙය මට කරන්නට හැකි ය”යි සුදින්න කී ය. “පුත සුදින්න, මෙ කල කොහි වෙසෙහි දැ?”යි මවු ඇසුවා ය. “මෑනියනි, මහවනයෙහියැ”යි සුදින්නභික්‍ෂු තෙමේ කී ය.
...ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව බණවා “එසේ වී නමි ලේළිය, යම් දවසක ඍතුමතී වෙහි ද, තිට මල්වර වේ ද, එකල්හි මට දන්වව” යි කිවු ය.
නොබෝ දවසකින් අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට “ආර්‍ය්‍යාවෙනි, උතුනියක් වෙමි. මට ඔසප් ලෙය උපනැ”යි මෙය කීවා ය. “එසේ වී නම් ලේළිය, යම් අලඞ්කාරයකින් සැරසුනී පුත් වූ සුදින්නහට ප්‍රියමනාප වූ ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව”යි ඕ කිවු ය.
මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව කැඳවාගෙණ මහවනයෙහි ආයුෂ්මත් සුදින්න වෙත එළඹියා ය.
”පුත සුදින්න, බීජයක් (පුතකු) දෙව කීය."
ආයුෂ්මත් සුදින්න “මෑනියනි, මෙය නම් මට කරන්නට හැකි”යි

හෙතෙම ගිහි කල අඹුවගේ අත අල්ලා ගෙණ මහවනයට බැස ගෙණ, සිකපද නො පැණවූ කල්හි....ගිහිකල අඹුව සමග තෙවරක් මෙවුන්දම් සෙවී ය. ඕ එයින් ගබ් ගත්තී ය. අඹු තොමෝ පුතකු වැදුවා ය. එකල්හි ආයුෂ්මත් වූ සුදින්නගේ යහළුවෝ ඒ දරුහට ‘බීජක’ ද අඹුවට ‘බීජකමාතෘ’ ද ආයුෂ්මත් සුදින්න හට ‘බීජකපිතෘ’ නම් කළාහු ය.
’’....ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමක් ය. යහපත් ලැබීමක් නො වේ”යි ඒ කුකුසෙන් ඒ විපිළිසරින් ආයුෂ්මත් සුදින්න කෘශ වූයේ රළු වූයේ දුර්වර්‍ණ වූයේ විපිළිසර වූයේ පසුතැවිලිව සිතිවිල්ලට වැටුනේ විය.
..... මෙය සැලවූ භික්‍ෂුහු ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ සැළ කළාහු ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා.
“සුදින්න, තෝ පොරණ අඹුව සමග මෙවුන්දම් සේවනය කෙළෙහි ය යනු සැබෑ දැ”යි ආයුෂ්මත් සුදින්නගෙන් පිළිවිසි සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”යි සුදින්න භික්‍ෂු කී ය.
භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක:
“හිස් පුරුෂය, ශ්‍රමණයන්ට අයත් නුවූ අකැප වූ නො කට යුත්තෙක. කෙසේ නම්, තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්‍මවිනයෙහි පිරිසිදු බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද?

.... “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
“හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්‍යකර්‍මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්‍මයට සමවන්නෙහි ය.
……ප්‍රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි ද, විර්‍ය්‍යාරම්භයෙහි ද, ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණියැ හැකි දුක් දුරු කිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස ය යන මේ දස හිතවිශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා එකකර්‍මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ..

Saturday, March 21, 2020

Understanding Autism


By Dr Ruwan M Jayatunge M.D. 

The word autism was coined by the Swiss Psychiatrist Eugine Bleuler in 1910. In 1938, Hans Asperger of the Vienna University Hospital adopted Bleuler’s terminology and in 1981 the Clinical Community widely recognized Autism as a separate diagnosis. Autism is classified as a Pervasive Developmental Disorder affecting young children and adults in which impaired development in communication, social interaction and behaviour are more pronounced. The degree of autism can range from mild to severe.According to the DSM4 (The Diagnostic and Statistical Manual of Mental Disorders) the essential features of Autistic Disorder are the presence of markedly abnormal or impaired development in social interaction and communication and a markedly restricted repertoire of activity and interests. Manifestations of the disorder vary greatly depending on the developmental level and age of the individual.

What causes Autism?
Some researches have speculated the genetic basis in Autism. Although some have queried childhood vaccines as the causing agent the vaccine hypotheses lack any convincing scientific evidence. Therefore, contemporary views deny the vaccine theory.
There have been numerous studies and theories about the cause of Autism. Researchers believe it is multifactoral. Abnormal development of the brain inborn errors of metabolism and viral effects are under speculation. Recent studies have found that the gene for at least one kind of familial autism may be on chromosome 13. The holistic view highlights combination of environmental (including infections, toxins, nutrition) and genetic factors contribute to the development of autism.

The prevalence of Autism
The prevalence of the Autistic Spectrum Disorder is about 6 per 1,000 people with about four times as many boys as girls. (Rutter M 2005). Higher numbers of cases have been reported since 1980 may be due to awareness and sophisticated diagnostic tools, but some point out environmental pollution and a higher range of artificial chemicals in food affects the genetic factor. Autism can cause structural and functional changes in the brain. Therefore, symptoms tend to continue through adulthood.

Risk Factors
Autism affects children of all races and nationalities. Studies show that boys are three to four times more likely to develop autism than girls are. Families who have one child with autism have an increased risk of having another child with the disorder. Research increasingly suggests that having an older father may increase a child’s risk of autism. One large study showed that children born to men 40 years or older were almost six times more likely to have autism spectrum disorder than were children born to men younger than 30 years.

Main features of Autism
Autism typically appears during the first three years of life. Autistic children show less attention to social stimuli, a reciprocal smile, (often not responding to their names), less attachment towards their caregivers, meagre eye contact. Sometimes Autism is associated with aggression, destruction of property, and tantrums .Children with a history of language impairment can go into tantrums quite frequently. Autistic children can display many forms of stereotyped (hand flapping, head rolling, or body rocking), compulsive behaviour (follow strict rules such as arranging objects, resistance to change), repetitive behaviour, ritualistic behaviour and restricted behaviour (limited in focus, interest, or activity) Autistic children fail to form the normal social contacts. Affected behaviours can include facial expressions and body postures as well. Although Autistic individuals demonstrate affection and bonding may differ from others, many are capable of exhibiting in their own way. They find difficult to develop normal peer and sibling relationships. Habitually the child seems isolated. Affected children have little interest in normal age-appropriate activities. Deficits in language comprehension include the inability to understand simple directions, questions, or commands. Sometimes hypersensitivity to sensory input through vision, hearing, or touch is associated.

How to Diagnose
A qualified child Psychiatrist must make the diagnosis after a series of clinical observations. Early diagnosis is important because early intervention can be recommended. Comprehensive assessment and evaluation must be done to establish the diagnosis and determine the level of deviation.

Treatment of Autism
There is no magic bullet for the treatment of Autism. Treatment models are designed for the educational and clinical settings. Treatment options may include different modes.

Behavioural and communication therapies
Behaviour analysis should be done via careful longitudinal and sometime surreptitious observations. Behaviour analysis would help the therapist to modify the erroneous behaviour. Modification of the environment would help the child to minimize unwanted and disturbing stimuli. Creating a safety environment around the child is essential.Some autistic children have accident-prone features. The child should be exposed to favourable stimuli that would enhance his communication skills and cognitive development. Behaviour modifications focus on reducing problem behaviours and teaching new skills. Other programmes focus on teaching children how to act in social situations or how to communicate better with other people.

Speech Therapy
Some autistic children lack marked impairment in speech and language skills. Speech and language therapies have been developed to address the range of social and language difficulties associated with autism.The chief focus of skill development for children with autism is communication because it is the most pervasive area of developmental delay. Communication is most crucial for socialization and cognitive development, and it relates to the occurrence of problem behaviours.Instruction in communication is designed to provide a generative tool that will serve many immediate needs throughout the child’s life.

Drug therapies
Sometimes medication has been prescribed to control repetitive and aggressive behaviours. Medication should be prescribed by a qualified Physician after intricate clinical analysis.

Educational therapies
Children with autism often respond well to highly structured educationprograms. These educational programmes are geared to improve reading skills, writing skills and develop mathematical ability. Children with autism often respond well to highly structured education programmes.Successful programmes often include a team of specialists and a variety of activities to improve social skills, communication and behaviour.Educational Psychologists advise autistic children should be placed in a mainstreamed classroom to absorb vicarious learning from the healthy children and minimize social discrimination. Apart from the normal educational programme, autistic children need extra lesions and special educational therapy. In educational therapeutic environment autistic children are benefited by Speech language therapy, Social skills therapy, Occupational therapy, Sensory Integration therapy and Integrated Cognitive therapy.

Art and Music Therapy
Autistic children have aesthetic skills that can be aroused in therapeutic settings for growth promotion. Art Therapy provides them to express themselves creatively and artistically, using a wide variety of art materials. The power of music should not be undermined in the treatment. It can be used as a healer, relaxation mode and to reduce impulsivity.

Play therapy
Play therapy enhances autistic children’s own interests or obsessions to develop relationships and social/communication skills. Various colorful toys can be used to pick the child’s interest and attention.Play therapy builds reciprocal skills, imaginative skills and sometimes-abstract thinking skills (putting together puzzles, solving problems) give knowledge and enjoyment as well.

Diet and Vitamin Therapy
As a complementary approach, some researchers recommend diet, vitamins, and minerals to affected children. Professor Vevskaya a researcher in Spectrum Disorders recommends natural food supplements without artificial ingredients for Autistic children since food allergies can negatively affect the metabolism. Some Australian researchers too concur and in addition, recommend natural bees honey as a good food source for these children.

How to ease parental stress
Parents are often devastated when they hear that the child is being diagnosed with Autism. Parents too need counselling on how to cope with an autistic child and they should be taught how to enjoy the child’s ongoing success and not to compare him with other children, not to be over vigilant about child’s behaviour in public. With appropriate treatment and guidance the child can successfully become himself which is worth to them the whole wide world.Autistic children can be trained as fun lovers. Sitting and cuddling together, tickling, hugging give more warmth, affection and ease to the parents rather than thinking and suffering. Other families struggling with the challenges of autism can be a source of useful advice. Many communities have support groups for parents and siblings of children with autism. Do not regard other people’s opinions and comments. The autistic child has a mind of his own even enjoying the childishness of his autistic behaviour would give more satisfaction and stress release to the parent.

Parents are the best Teachers
Autistic individuals must be taught how to communicate and interact with others. Parents of an autistic child must continually educate themselves and help the child to develop. Parents are the best mentors if trained properly to handle autistic children.

Gifted Features in Autism
Every person on the autism spectrum is unique. About 10% of people with autism have some form of gifted features such as memorizing lists, calculating calendar dates, drawing, or musical ability. The famous Hollywood movie Rain Man (starring Dustin Hoffman) narrates a series of gifted and specific abilities of an Autistic person. Therefore, the parents should discover and improve the stereotyped gifted feature in the child rather than comparing and judging him.

Saturday, March 14, 2020

සිස්ටම් පජාත කිරීම

රාජපක්ෂලා ලංකාවේ කලා කාරයෝ පජාත කරලා දැම්මා , ලංකාවේ බුද්ධාගම පජාත කරලා දැම්මා , ලංකාවේ උසස් අධ්යාපනය පජාත කරලා දැම්මා. මගේ අදහස අනුව එසේ සිස්ටම් පජාත කිරීමෙන් රාජපක්ෂලා කලේ සේවයක්. යම් සිස්ටම් එකක් පජාත කරලා දාන්න පුලුවන් කියන්නේ ඒක genuine නැහැ. ඒ නිසා ඒවගේ සිස්ටම් පජාත වෙලා මහජනයා ඉදිරියේ විහිළුවක් වෙන එක හොඳයි හරියට කැලනියේ නයි සාදුගේ ඇක්ෂන් වගේ. යම් සිස්ටම් එකක් පජාත වෙලා ජෝක් එකක් උනාට පස්සේ මිනිසුන්ට අවශ්ය වෙනවා සීරියස් genuine සිස්ටම් එකක් හදන්න. ඉන් පස්සේ සීරියස් genuine සිස්ටම් එකක් හැදෙනවා. මේ අනුව රාජපක්ෂලා ලංකාවේ සිස්ටම් වලට විශාල සේවයක් කලා.

Friday, March 13, 2020

පොඩි සහරාන්ලා


මේ ඉන්නෙත් සමාජ වින්දිතයන් පිරිසක්. ඈත පසුගාමී ගම් වලින් ආපු.  කුල පීඩනය ,ආර්ථික ගැටළු ඇතුළු අනෙකුත් සමාජ විශමතාවයන් නිසා  තම තමන් ගේ ගම් වලින් කොන් වූ , අධ්‍යාපනය ලබන කාලේ බාහිර ක්‍රියාකාරකම් වල නොයෙදුනු , දිස්ත්‍රික් කෝටාව නිසා කැම්පස් පය ගැසූ කොටසක්. මොවුන් තුල පවත්නා හීනමානය , සමාජ වයිරය කාල බෝම්බයක් වගේ. මොවුන්ව අන්තවාදය කරා තල්ලු කරන්න හරි පහසුයි. අනෙක් සිසුන් අතරේ පොඩි තැනක් දීලා ෆෝම් කලාම ඔවුන් ලවා මිනී උනත් මරව ගන්න පුලුවන්. ජවිපෙ , පෙරටුගාමීන් මේ ක්‍රමය හොඳින් භාවිතා කරනවා මේ ඉත්තෝ ලවා. මොවුන් වැඩිපුරම පීඩනයට පත් කරන්නේ තමන් වගේම පීඩිත පන්තියෙන් ආපු එවුන්ව​. තමන් ගේ පන්තියේ තවත් පීඩිතයෙකුගේ ඔළුවට ටයර් එකක් අත ඇරලා ඒ කොල්ලා පණ අදින අවස්ථාවේදී වත් මොවුන් තුල එම්පති එකක් නෑ. ඒ ප්‍රචණ්ඩ ක්‍රියාවත් සාධාරනීකරණය කරනවා. මෙහෙම ටීවී එකේ මයික් එකක් ඉදිරියට ඉදිරියට ඒමට ලැබීමත් මොවුන් සලකන්නේ ජීවිතයේ ලද විශාල ඇචීව්මන්ට් එකක් හැටියට. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා හරහා මොවුන් තව තවත් තමන් ගේ අනන්‍යතාවය මෙහෙම එස්ටැබ්ලිෂ් කර ගන්නවා. මොවුන් යම් ලෙසකින් උපාධිය අවසන් කරලා සමාජයට යන්නේ ඇරියස් කාරයෝ ලෙසට. මොවුන් එක්කෝ විප්ලවය කියලා ගල් කටස් වලින් මිනී මරන්න ගිහිල්ලා ටයර් එකක් උඩ යනවා, නැත්නම් වීරවංශලා වගේ ධනපති කඳවුරකට හේත්තු වෙලා  ඉතා  ආත්මාර්ථකාමී ලෙස අනෙක් එකාගේ බල්ල කපලා හරි තමන් ගේ මල්ල  පුරව ගන්නවා. 

Thursday, March 12, 2020

ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසය


කොරෝනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කල නමුදු මේ පසුපස ඇත්තේ ඊනියා පර්‍යේෂණවල සාවද්‍යතාවයකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන අතර  බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසයද බේගලයකි. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය.  අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. මේ සංස්‌කෘතියෙහි ඇතමුනට, විශේෂයෙන් ම යුදෙව්වනට දැනුම ලබා දෙන යුදෙවු දෙවියන් තවමත් සිටින්නට ඉඩ ඇත. බටහිර විද්‍යාව ඉහත සඳහන් චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණය වන්නකි. ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසයද හුදු මිත්‍යාවකි.

අපේ සියලු පෘථග්ජන සංකල්ප හා ප්‍රවාද බොරු ය. ඒ අතරෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි? අනෙක්‌ සියලු බොරු එක්‌කෝ මනස විසින් පමණක්‌ නැත්නම් පංචෙඳ්‍රිය සමග එක්‌ වී මනස විසින් නිර්මාණය කෙරෙන දැ ය. ඒ සෘජු දැනුමකි. එහි ප්‍රවාද ඇත්නම් ඒ සංයුක්‌ත ප්‍රවාද ය. ඒ ප්‍රවාද ද පංචෙඳ්‍රිය ගෝචර ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. ඒවා මනස විසින් නිර්මාණය කෙරෙන්නේ හිතළු ලෙස ය.  කොරෝනා වෛරසයද හිතළුවකි.  කොරෝනා වෛරසය මා ත්‍රිකෝටික න්‍යායෙන් පැහැදිලි කරනවා. මා එය කොළඹ විශ්වවිද්‍යාලයෙ සිසුන්ට කියල දීල තියෙනවා.

වරක් මගෙන් අහනවා බටහිර රටක, බටහිර විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රයකින් අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකුගේ මොළයේ පිංතූරයක් අරගෙන ඔහුගේ යම් රෝගාබාධයක් නිර්ණය කර ගැනීමට හැකිනම් ඉන් කියවෙන්නේ බටහිර විද්‍යාව වාස්ථවික බව නෙවෙයිද කියා. වෙනත් වචනයකින් කියනවා නම් ඔහු කියන්නේ එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධ ගැන ගොතන කථා අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකු සම්බන්ධයෙනුත් වෙන ඕනෑම මිනිසෙකු සම්බන්ධයෙනුත් හරියනවා. එහෙම හරියන්ඩ නම් ඊට අනුබද්ධ දැනුමේ කිසි සංස්කෘතියක්, රටක්, ජාතියක් පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැති විය යුතුයි කියලයි.   දැන් මේ යන්ත්‍රය ආධාරයෙන් ගොතන කථාව හරියනවා කියල අපි දැන ගන්නෙ කොහොමද? ඔය යන්ත්‍රය ක්‍රියා කරවන්ට ඕනෑම අයෙකුට බැහැනෙ, ඒකට යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඊලඟට ඒකෙන් ලැබෙන මොළේ පිංතූරය විවරණය කරන්නත් යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඒ විවරණයත් රෝගියාගේ අනිකුත් ආබාධත් එකතු කරල රෝගය ගැන කථාවක් ගොතන්නත් යම් පුහුණවක් ඕනෙ. ඒ විදිහට බැලුවහම මේ කථාව ගොතන්න විවිධ විශේෂඥ දැනුම ඇති කිහිප දෙනෙකුගේ සහය අවශ්‍යය වෙනවා. සාමාන්‍ය මිනිස්සු බහුතරයකට මේ විශේෂඥ දැනුම නැහැනෙ. ඒ නිසා අපි බොහොමයකට මේ කථාවේ ඇත්ත නැත්ත හොයන්න විදිහක් නැහැ. අපි කරන්නේ අර විශේෂඥයින් කෙරෙහි ඇති භක්තිය නිසා ඔවුන් කියනදේ විශ්වාස කරන එක නේද? එහෙම නම් එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධය ගැන ගොතන කථාව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි යැයි කියන්නේ මොන පදනමකින්ද? බොහෝ අයට තියෙන්නෙ ඒ පිළිබඳව විශ්වාසයක් පමණයි. බටහිර විද්‍යාව සහ එහි අනුගාමිකයින් පිළිබඳව පොදුවේ විශ්වාසයක් අප තුල ඇති කරන්නේ බටහිර සංස්කෘතියෙන් ආධිපත්‍යයෙනුයි. දැන් රෝගය ගැන කථාව හරි කියල අපි පිලිගන්නේ බටහිර සංස්කෘතික බලපෑම නිසා නම් රෝගය ගැන කථාවේ බටහිර සංස්කෘතිය නැතැයි කියන්න පුලුවන්ද? එහි බටහිර සංස්කෘතිය ඇත්නම් ඒ කථාව වාස්තවිකද?
කොරෝනා ප්‍රතිකාරයට කට්‌ටඩියන්  ගෙන් සහාය ලබා ගත හැකියි. මෙරට කට්‌ටඩියන්ට හෙවත් ගුරුන්නාන්සේලාට බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට මෙන් සමාජ තත්ත්වයක්‌ නො ලැබී ඇත්තේ සමාජ ආධිපත්‍යය බටහිර විද්‍යාවට ඇති බැවිනි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, සමාජ විද්‍යාවට මෙන් ම ඉංජිනේරු විද්‍යාවට ද තුන්වැනි පංතියේ උපාධි ලබාගත් අයකු ගේ මැදිහත් වීමෙන් මගේ අවිද්‍යාව හා මිථ්‍යාව පිළිබඳ ප්‍රකාශයක්‌ නිකුත් කළේ ය. එතැනින් නො නැවතුණු ඔවුහු මහාචාර්ය පරණගම හා මහාචාර්ය අමරසිංහ මහත්මීන් මා සමග එක්‌ ව කටයුතු කිරීම නතර නො කළ හොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීම ප්‍රශ්නයක්‌ වන බවට තර්ජනය කළ හ. ජීවිතයේ කිසි ම දිනෙක නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නිර්මාණය කර නොමැති වුවත් ශ්‍රී ලංකා විද්‍යා ඇකඩමිය නම් ව්‍යාජ ගාම්භීර සංවිධානයක අධිසාමාජික පදවි ලද්දෝ ද ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන තමන් නො දන්නා බහුබූත දෙඩවූ හ. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසි ම වෛද්‍ය ක්‍රමයක්‌ පිළිබඳ දැනුමක්‌ ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් ලැබුණේ ඇය දෙවියන් ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් හෝ ලත් දැනුමකි. බටහිර වෙදකමට ප්‍රතිකාර නැත. එහි කෙරෙන්නේ රෝග කළමනාකරණය මිස රෝග සුව කිරීම නො වේ.

ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසය පිලිබඳව අපි පසුගිය අවුරුදු විසි හක පමණ කාලයක්‌ පුරා විටින් විට කියා ඇත්තෙමු. මගේ ලෝකය කෘතියෙහි සිට බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ කෘතිය දක්‌වා ලියෑවුණු පොත්වලත් දහස්‌ සංඛ්‍යාත ලිපිවලත් මේ කරුණු අඩංගු වෙයි. ඇතැමුන් මේ අදහස්‌ ඉන්පසුව තමන් ගේ මෙන් ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ ව මට එතරම් කම්පනයක්‌ නැති බවත් සඳහන් කරනු කැමැත්තෙමි. එහෙත් ඒ සමග පෘථග්ජනකුට ඇති වන ඇතැම් හැඟීමක්‌ ඇති නො වන්නේ යෑයි ද මම නො කියමි.

Tuesday, March 10, 2020

පොදු ලක්‍ෂණ

අන්තරේ කැඳවුම්කරු , පෙරටුගාමී අරගාමී මේ ගාමී කියාගෙන එන එවුන් ගේ පොදු ලක්‍ෂණ කීපයක් තියනවා
1) මුහුනේ සිරියාවක් නැති , ක්‍රෝධ සමාජ වයිර ලුක් එක
2) තුන් වේල කන එකා කෙරෙහි තිබෙන ඉරිසියාව
3) පර පීඩකත්වය
4) හීනමානය
5) සමාජවාදය ගැන කතා කලද තවමත් සමාජ කුසලතා නොමැති වීම
6) පීඩිත පන්තියෙන් ඇවිත් තමන් ගේම පීඩිත පන්තියේ එවුන්ට කෙල කිරීම

Find Us On Facebook