Tuesday, January 29, 2019

සමරිසියෝ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය

 

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන්  පීඩාවට පත් වන බව නොරහසකි. මේ නිසා  සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන් ද නිරන්තරයෙන්ම  වෙනස්කම් වලට භාජනය වෙති. 1994 වසරේදී මා  දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ සේවය කල කාලයේදී එම රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කල සමරිසි පුද්ගලයෙකුගේ චර්‍යාව නිරීක්‍ෂණය කලෙමි. ඔහු සමහර විට රෝගීන් ගේ පිරිමි ඥාතීන්ට යම් බලපෑම් කල අතර රෝහලේ අනෙකුත් කම්කරුවන් ඔහුව කවටයෙකුගේ තත්වයට පත් කොට තිබුණි.  1999 වසරේදී මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම  රෝහලේ සේවය කල කාලයේදී සමරිසි වෛද්‍යවරියක් අනෙකුත් වෛද්‍යවරුන් ගේ අවමන් සහගත කතාබහට ලක් වන අයුරු අත් දුටුවෙමි. ඇය තමන් ගේ ඥාති සොහොයුරියක් බව පවසා තම සහකාරිය රෝහල් නිල නිවාසයක නවතාගෙන සිටි අතර බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියන්  ඒ පිලිබඳව උපහාසයෙන් කතා කළහ. 

සමරිසියෙකු වූවද ඒ බව ප්‍රසිද්ධියේ හෙළි නොකොට ජීවත් වන මනෝ වෛද්‍ය මහාචාර්‍යවරයෙකු සමග මම කාලයක් වැඩ කලෙමි. ඔහු ඉහල දැණුමකින් යුතු පුද්ගලයෙකි. එහෙත් සමහර ව්‍යාපෘති වලදී මම ඔහුගේ නම යෝජනා කල විට සමහර විද්වතුන් විද්වත්වරියන් ඔහුව හෙළා දුටුවේ ඔහු සමරිසියෙකු බව කියමිනි.  තවත් ද්‍රවිඩ මනෝ වෛද්‍යවරයෙකු තම සහකරුවා සමාජයෙන් සඟවාගෙන සිටියේ ඔහු තමාගේ රියැදුරා බව පවසමිනි. මොවුන් දෙදෙනාම පිලිගත් උගතුන් වූවද ඔවුන් තම ලිංගික අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුල සේවය කලේ සමාජ අපවාද වලින් බේරීම සඳහාය. 

මම  පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ වෛද්‍ය  නිලධාරී ලෙස සේවය කල කාලයේදී සමරිසියෙකු වූ එක් සෞඛ්‍ය ලිපිකරුවෙකුගේ චර්‍යාව නිරීක්‍ෂණය කලෙමි. ඔහු කාර්‍යාලයට එන බොහෝ තරුණ නිලධාරීන්ට බලපෑම් කලේය. එසේම ඔහු තරුණ ගිලන් රථ රියැදුරන්ට ලිංගික එස්.එම් එස් පණිවිඩ යැවීම් කලේය. තම ලිංගික දිශානතිය තුල ඔහු අතරමංව සිටි බවක් පෙනෙන්නට තිබුණි. 

මා සමග මේ මාතෘකාව පිලිබඳව සාකච්ඡාවේ යෙදුනු වෛද්‍ය YKXX මහතා තමන් සමලිංගිකයෙකු ලෙස පිලිගන්නෙකි. ඔහු තම අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන්  පීඩාවට පත් වන ආකාරය මෙලෙස විස්තර කරයි. 

 ......මා සමරිසියෙකු බව මම වටහා ගත්තේ වයස 10 දී පමණය. මා අමුතු අයෙකු ලෙස මට දැනුනේය. එහෙත් මම අස්වාභාවික පුද්ගලයෙකු නොවන බව මගේ සිත මට කීවේය. මම ජීව විද්‍යාව සහ මනෝ විද්‍යාව පොත පත කියවමින් සමරිසි තත්වය පිලිබඳව කියවමින් දැණුම ලබා ගත්තෙමි. මේ දැණුම පසුකාලීන ජීවන අර්බුධ ජය ගැනීමටබොහෝ සෙයින් බලපෑවේය. මා අධ්‍යාපනය ලැබුවේ කොලඹ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසලකය.   මා තුල පුරුෂරූපී ලක්‍ෂණ නොමැත බව වටහා ගත් අනෙක් සිසුන් මාගේ පාසල් කාලය පුරා මාව වාචික හිංසනයන්ට ලක් කළහ. මේ නිසා පාසල් කාලය පිලිබඳව සොඳුරු මතකයන් මා තුල නොමැත.  මගේ දෙමාපියන් මා සමරිසියෙකු බව වටහා ගත්හ. මගේ මව මට භාවාත්මකව අනගි සහයක් දුන් නමුත් මගේ පියා ඒ පිලිබඳව නිශ්ශබ්ද විය. ඔහු ඔහුගේ මරණය වන තෙත් මේ පිලිබඳව මා සමග කතා නොකලේය. යම් ආකාරයකට මා ඔහුගේ බලාපොරොත්තු කඩ කල පුද්ගලයෙකු වන්නට ඇත. මගේ සොහොයුරියන් මට ශක්තියක් වූ නමුත් මාගේ එකම සොහොයුරාද මා පිලිබඳව මුනිවත රැක්කේය. 

වෛද්‍යවරයෙකු ලෙස රජයේ රෝහල් වල සේවය කරන විට සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන්ද දරුණු වෙනස්කම් වලට භාජනය වන අයුරු මම අත් දුටුවෙමි. මාගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ රෝහල් වල සේවය කරන හෙදියෝ බොහෝ දෙනෙකු හෝමෆෝබියා තත්වයෙන් පෙලෙති. බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියන් තුලද මෙම හෝමෆෝබියාව තිබෙන බව මම අත් දුටුවෙමි. රෝහල් කාර්‍යමණ්ඩලයට මාගේ ලිංගික දිශානතිය ගැටළුවක් විය. ඔවුන් ඒ පිලිබඳව මාගේ පසුපස සිට කසු කුසු ගෑහ. මා පිලිබඳ ඕපාදූප පැවසූහ. සමහරක් මාගේ රෝගීන්ට මා පිලිබඳව අණතුරු ඇඟවූහ. මේ නිසා සමහර විට රෝගීන් මා දෙස සැකෙන් බැලූහ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි බලධාරීන්ටද මාගේ ලිංගික දිශානතිය ගැටළුවක් විය. එක් රෝහල් අධ්‍යක්‍ෂවරයෙක් මට සිල් ගන්නා ලෙසටද , කාන්තාවක් කසාද බඳින ලෙසටද නියම කලේය. ඔහුට අනුව මා තුල තිබුනේ ආධ්‍යාත්මික ගැටළුවකි. මේ නිසා මම රෝහල් තුලදී බොහෝ සෙයින් පීඩාවට පත් වූයෙමි. එහෙත් සමලිංගිකතාව අසාමාන්‍ය රෝගී තත්වයක් නොව එය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක තත්වයක් ලෙස වටහා ගැනීමට බුද්ධියක් තිබූ පුද්ගලයන් සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුල සිටි බවද කියමි. 

 සමරිසි අයිතීන් පිලිබඳව සලකා බලන විට ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ආකල්පමය අතින් ඉදිරියෙන්ම සිටියි. ශ්‍රී ලාංකික සමාජය තුල හෝමෝෆෝබියාව  බොහෝ සෙයින් පැතිරී තිබේ. එය සාමාන්‍ය ජීවිතයේ පමණක් නොව සාමාජික ජීවිතය දේශපාලන ජීවිතය ආදී වශයෙන් විහිදී පවතියි. මෙහිදී සමලිංගික අයිතිවාසිකම් පිලිබඳව සටන් කරන ආයතන සහ පුද්ගලයන් ගැනද යමක් කිව යුතුය. මේ ආයතන සහ පුද්ගලයන්ට බොහෝ විට තමන් ගේ ආත්මාර්ථය වඩා ගැනීමේ පුද්ගලික ඇජෙන්ඩාවන් තිබේ. මේ නිසා සත් භාවයෙන් යුතුව සමලිංගික අයිතිවාසිකම් පිලිබඳව කටයුතු කරන්නෝ අල්පයකි. දුප්පත්කමින් සහ නූගත්කමින් මිරිකී ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන සමරිසියන් පිලිබඳව බොහෝ දෙනෙකු දන්නේ නැත . ශ්‍රී ලාංකික සමාජය තුල ඔවුන් බොහෝ පීඩාවන්ට පත් වෙති. 

සමලිංගිකතාව යනු ලිංගික දිශානතිය පමණක් නොවේ. එය ජීවන ක්‍රමයකි. දියුණු රටවල සමලිංගිකතාව පිලිගන්නා නමුත් ශ්‍රී ලංකාව තවමත් එම මට්ටමට පත්වී නොමැත. කටුක සත්‍ය නම් ශ්‍රී ලාංකික සමාජයටත් වඩා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය හෝමෝෆෝබියාවෙන් පෙළීමය.   

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Saturday, January 26, 2019

පොනීගේ දත් වලින් බේරීම


ජනරාල් ෆොන්සේකා  යනු තරහා කර ගත් විට පළි ගන්නා අයෙක් බව රටම දන්නා කරුණකි.  වරක් කර්නල් සුනිල් සෝමවීර පොනීගේ සිත ගත් කාන්තා නිලධාරිනියක් දෙවන වෛද්‍ය බළකායට ඇතුලු නොකර ගැනීමේ පලිය පොනී ගත්තේ හමුදාපතිවූ පසුය​. ඔහු කර්නල් සුනිල් සෝමවීර ඇතුළු දෙවන වෛද්‍ය බළකායම​ කොලඹින් මින්නේරියට මාරු  කොට දැම්මේය​. මේ නිසා පොනී තරහා කර ගැනීම නයාට ගසා පොල්ල වරද්දවා ගැනීමක් විය​.   

වරක් ජනරාල් ෆොන්සේකා මා සමග ගණුදෙනුවකට ආවේය​.  එය අහඹු  සිදුවීමකි. එය සිදු වූයේ මෙසේය​.  වරක් මරදාන ආනන්ද විද්‍යාලය ඉදිරිපිටදී මධ්‍යම රාත්‍රී එකට පමණ හමුදා වාහනයක් ඇක්සිඩන්ට් විය​.  මේ රිය අණතුරින් රථයේ සිටි රත්නායක නම් හමුදා කර්නල්වරයෙක් සහ  හමුදා සෙබළියක් තුවාල ලබා රෝහල් ගත කරන ලදි. හමුදා සෙබලියගේ හිස තුවාලව තිබූ අතර ඇය හමුදාවෙන් ඇබ්සන්ට් වූ තැනැත්තියක් විය​. මේ නිසා  මධ්‍යම රාත්‍රියේ ජනරාල් ෆොන්සේකා යටතේ සේවය කල කර්නල්වරයෙකු සහ හමුදාවෙන් ඇබ්සන්ට් වූ සෙබලියක් ගමන් කලේ කොහේද කියා ප්‍රශ්නයක් පැන නැග්ගේය​. 

හමුදා සෙබලිය අසන අසන සෑම ප්‍රශ්නයකටම මතක නෑ කියූ නිසා ඇයව මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වෙත යොමු කරන ලදි. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු ඇයව සයිකොලොජිකල් ඇසෙස්මන්ට් එකක් කරනු පිණිස මා වෙත යොමු කලේය​. මා ඇයගෙන් අසන සෑම ප්‍රශ්නයකටම ඇය කීවේ " මතක නෑ සර් කියාය​.  

මේ කාලයේ හමුදාපති වූයේ ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩය​. ජෙනරාල් ෆොන්සේකා  ස්වේච්ඡා බළකායේ ආඥාධිපති විය​. ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සති කීපයකට විදේශගතව සිටි අතර මේ කේස්  එක හරහා ජෙනරාල් ෆොන්සේකාව හිර කිරීමට ජෙනරාල් චන්ද්‍රපාල තැත් කලේය​. මේ නිසා ජෙනරාල් ෆොන්සේකාට හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ යලි දිවයිනට පැමිනීමට පෙර මෙම කාන්තාව ගේ මානසික තත්ව වාර්තාව සකසා රෝහලෙන් පිට කිරීමට අවශ්‍ය විය​.  එබැවින් ජෙනරාල් ෆොන්සේකා යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාත් තවත් බ්‍රිගේඩියර්වරයෙකු හරහාත් මට බලපෑම් කරමින් අදාල සෙබලිය ඉක්මනට ටිකට් කපා පිට කරන්නට කීහ​. එහෙත් මේ කාන්තාවගේ මානසික තත්වය තව දුරටත් නිරීක්‍ෂණය කල යුතු බව කියමින් මම ඇයව රෝහලේ තබා ගත්තෙමි.   

මම මාගේ නියමිත රාජකාරිය කිසිවෙකුට ගැති නොවී කලෙමි. අදාල වාර්තාව සකසා මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට යැව්වෙමි. ඒ කාලය අතර තුරදී   හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ යලි දිවයිනට පැමිනි අතර කේස් එක ඇදී මෙම සෙබලියව හමුදා වාහනයේ ගෙන ගිය කර්නල්වරයා හමුදාවෙන් ඉවත් කෙරුනි. මේ නිසා පොනීට මාව නෝට් විය​. 

මෙම සිදු වීමෙන් වසරකටත් වඩා අඩු කාලයකදී ජෙනරාල් ෆොන්සේකා හමුදාපති වූ අතර පොනී ගෙන් මට සංග්‍රහයක් ඉදිරි අනාගතයේ ලැබෙන සලකුණු තිබුනේය​. හමුදාපති ජෙනරාල් ෆොන්සේකා යටතේද මම කලක් සේවය කල නමුදු පුදුමයකට මෙන් ඔහු මගෙන් පලි නොගත්තේය​.   

වෛද්‍ය නීල් ප්‍රනාන්දු සහ මම කිසිදු අවස්ථාවක වෘත්තීය භාවය කෙලෙසා කිසිදු මනෝ වෛද්‍ය වාර්තාවක් නොදුන්නෙමු. වරක් සමලිංගික චෝදනා මත එක් මේජර්වරයෙකු හමුදාවෙන් ඉවත් කිරීමට යුද හමුදාපති වූ  ශාන්ත කෝට්ටේගොඩට අවශ්‍ය විය​. ඔහුට අවශ්‍ය වූයේ අදාල මේජර්වරයාට මානසික රෝගයක් (සමලිංගිකතාව​) තිබෙන නිසා ඔහුව යුද හමුදාවෙන් ඉවත් කිරීමටයි. එහෙත් අප දෙදෙනා එම නියෝගයට එරෙහිව ගොස් එම මේජර්වරයාට  සමලිංගිකතාව  නම් මානසික රෝගයක් නොමැති බව කීවෙමු. එහෙත් අවශ්‍ය නම් විනය උල්ලංඝන චෝදනා මත ඔහුව හමුදාවෙන් යවන ලෙස නිර්දේශ කලෙමු. මේ නිසා ඔහුව හමුදාවෙන් ඉවත් කිරීමට නොහැකි විය​. ඉහල නිලධාරීන්ට අවශ්‍ය ලෙස වාර්තා නොදීම නිසා එවකට යුද හමුදා රෝහලේ අණ දෙන නිලධාරියාද මා සමග අමනාප විය​. එහෙත් අප අපගේ වෘත්තීභාවය පාවා නොදුන්නෙමු 

වෛද්‍ය රුවන් එම් ජයතුංග


Thursday, January 24, 2019

Meditation and Psychoanalysis



Ruwan M Jayatunge M.D. 

According to Freud meditation is a reaction formation of omnipotence to infantile helplessness. As described by Alexander (1931)   meditation is a "libidinal, narcissistic turning of the urge for knowing inward, a sort of artificial schizophrenia with complete withdrawal of libidinal interest from the outside world.  Kris (1963) viewed meditation as a transitory regressive state that is conducive to the expression of hidden memories, fear love and anger. Shafii (1973) illustrated meditation as a temporary and controlled regression to the preverbal level and meditation returns the individual to the earliest fixation points and permits re-experiencing of traumas of the separation-individuation phase on a non-verbal level.

Carl Gustav Jung was the first major psychologist to explore fully the relation between Buddhist meditation and the Western notion of the unconscious (Welwood, 1977). Jung's fateful meeting with Richard Wilhelm in 1929 has helped to build a bridge of depth psychological understanding between the East and the West (Ma, 2005). Jung believed in the fulfillment of individual wholeness or self-realization (Moacanin, 1986). Jung spoke of active imagination and believed that it can serve as a bridge between the conscious "ego" and the unconscious. In 1939 Jung wrote …. the meditation on the syllables of the mantra leads to identification with the highest Self. Jung claimed that Eastern higher consciousness is characterized by a nebulous state of non‐intentionality (Zhu, 2009). The transcendent function (unification of archetypal opposites) which Jung described could be the end result of the meditative mind. 

Psychoanalysis and meditation compensate for the other's blind spots (Rubin, 2016).  Within psychoanalysis, meditation has traditionally been associated with a search for the resurrection of infantile ‘primary narcissism’ (Epstein, 1990).

Phenomenologically meditation is a practice that could be meant as mind focalization on objects, body feelings, emotions and thoughts (Bianco, et al., 2016). Psychoanalysis is primarily a psychology of the unconscious. Meditation may also permit deepened access to the unconscious (Bogart, 1991).  Meditation deals mainly with the training and observation of consciousness and observes the mind in great detail on a moment-to-moment level (Falkenström, 2003). The goal of psychoanalysis is to acquire self-understanding and knowledge of the sources of anxiety (Satsangi, 2013) and the goal of meditation is to go beyond the mind and to foster well-being.

For Freud free association is the “fundamental rule” of psychoanalysis. According to some experts during meditation auto-catharsis- a form of free-association occurs.  The meditator observes free associated thoughts, feelings, and fantasies silently.  Meditation facilitates self-observation. Both meditation and free association involve self-observation. Self-observation refers to observations and reflections about the self in the present moment (Falkenström, 2012).

The unconscious has played an important explanatory role in transpersonal psychology (Welwood, 1977).  Freud's topographical model is used to stress that the psychoanalytic unconscious can be understood only in relation to theories of consciousness and wishing (Opatow , 1997). The fundamental proposition of psychoanalysis is that all mental processes are in themselves unconscious (Solms ,1997). Meditation can also bring about "descendence" of consciousness, thus increasing access to the unconscious (Bogart, 1991).  The aim of Zen is, rather, the breaking-up of the very dualistic structure of consciousness-and-unconsciousness (DeMartino, 1961). 

According to Freud in each individual there is a coherent organization of mental processes. Meditation uses mental processes to influence physical functioning and promote health. According to object relations theory, the major cause of psychopathology is the lack of a sense of self, caused by failures in establishing a cohesive, integrated self, resulting in an inability to feel real  correspondingly  Buddhist meditation is focused upon seeing through the illusory construction of the self (Bogart , 1991).

In 1912 Freud delineated the ideal state of mind for therapists to listen, what he called "evenly hovering" or "evenly suspended attention which is an accessible state of mind that could be similar to meditative mind (Rubin, 2009).  Meditative mind can achieve the highest level of consciousness.

Meditation is a multidimensional phenomenon and meditation can make a significant contribution to the deep transformation of personality sought in psychotherapy (Bogart, 1991). Meditation may lead to "transcendence," the experience of going beyond one's habitual perceptions or conceptions of self and world, culminating in peak experiences such as samadhi, satori, or enlightenment (Noble, 1987).

The main goal of psychoanalytic therapy is to bring unconscious material into consciousness and enhance the functioning of the ego. Mindfulness   is a method of using the ego to observe its own manifestations (Epstein, 1988).

Meditation promotes egolessness and dissolves ego.  The Jungian term "psychic death" is a synonym for "ego death (Ventegodt & Merrick 2003 ). Ego death is a "complete loss of subjective self-identity (Jonson, 2008). Zen meditation practice is said to lead to ego-death (Safran, 2012). According to Nichtern (2011) egolessness is not a product - it is a discovery. As described by Park (2006) meditation is learning how to die by learning to "forget" the sense of self.  

Tuesday, January 22, 2019

එෂයිලම් වීෂා එක සුත්තා මට දුන්නා



අඩේ යප්පා  බ්‍රිගේඩියැර් ෂර් ඔයියාට ටැංකිව්. ඔයියා අර බෙල්ලා කපන එක පෙන්නපු නිෂා අවුරුදු ගානක් ඇදි ඇදී තිබ්බ එෂයිලම් වීෂා එක සුත්තා මට ගිය සුමානෙ දුන්නා ලංකාවට යන එක බයියානකයි කීලා. 

Monday, January 21, 2019

සුද්දා සමග වැඩ කිරීම පහසුය

  

යෝක් විශ්ව විද්‍යාලය හරහා නිවාසරහිත බව (homelessness) සහ මානසික සෞඛ්‍ය  අතර තිබෙන සහබන්ධනය පිලිබඳව කරන ලද පරියේෂණ  කණ්ඩායමක මමද වැඩ කලෙමි. එහිදී මට පෙනී ගියේ සුදු මහාචාර්‍යවරුන් සමග වැඩ කිරීම වඩාත් පහසු බවය. මේ ටීම් එකේ ඉන්දියානු සම්භවයක් තිබූ පරියේෂකයන්  කිහිප දෙනෙකු මෙන්ම පිලිපීන සම්භවයක් තිබූ පරියේෂිකාවක්ද වූවාය. ඉන්දියානුවන් පිටස්තරයන් කෙරෙහි මෙන්ම ඔවුනොවුන් අතරද ඉරිසියා සහගත බවක් පෙන්වූහ. පිලිපීන සම්භවයක් තිබූ කාන්තාව තුල තිබූ අනාරක්‍ෂිතභාවයන් කැපී පෙනුනේය.  මෙම පරියේෂණය භාරව ක්‍රියා කල මහාචාර්‍ය ජිම් ඇල්කොක් නිතර මා සමග පරියේෂණයට සහභාගීවූවන් ගේ මානසික  රෝගී තත්වයන් තුලනීක්‍ෂණ (assessment) පිලිබඳව කතා කිරීම පිලිපීන කාන්තාවට පෙනුනේ තර්ජනයක් ලෙසටය. ඇය අනවසරයෙන් පවා අපගේ සාකච්ඡාවන් වලට ආවාය. ඉන්දීය ජාතිකයන් ගේ ඉරිසියා සහගත ක්‍රියා කලාපය නිසා ස්ටැටිස්ටික්ස් ලබා ගැනීමේ ප්‍රමාදයන් සිදු විය. සුදු ජාතිකයන් ගෙන් 98 % වෘත්තීය මට්ටමෙන් ක්‍රියා කලහ. කෙසේ නමුත් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව නිම විය. එහෙත් පසුව මට සිතුනේ  ඉමිග්‍රන්ට් උගතුන් සමග වැඩ කිරීමට වඩා සුද්දන් සමග වැඩ කිරීම ඉතා පහසු බවය. සුද්දා ලඟ එරියස් තිබුනේ නැත. 

Saturday, January 19, 2019

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා -නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී  ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් . එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. මට ඔහුව මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදී . හිටපු විමර්ශණ නිලධාරියා අතීත විස්තර පැවසූවේ මේ ආකාරයටය.
 ...චේගුවේරා බියුරෝව මගින් 1968 පමණ කාලයේ පටන් අපි තරුණ කැරළිකාර දේශපාලන ප්රවාහය ගැන සෝදිසියෙන් සිටියේ. අප මෙම ව්යාපාරය ගැන තොරතුරු එකතු කලා. විෙජ්වීර ප්රථම වතාවට හම්බන්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අප සෝවියට් තානාපති කාර්යාලයේ තිබූ ඔහුගේ විසා අයැදුම්පතේ පිටපතක් හා සඳහා ඔහු විසින් ලබා දී තිබු ඡායාරූපය අප ගෙන්වා ගත්තා.
 .වි.පෙ. විසින් ප්රසිද්ධ රැස්වීම් ආරම්භ කිරීමෙන් පසු රහස් පොලිස් නිලධාරින්ද එම රැස්වීම් වල සැරිසැරුවා. වරක් එවැනි අවස්ථාවක රහස් පොලිස් නිලධාරියකු වූ කේ.එස්.. සිල්වා මහතාගේ කොළර් එකේ අපහාස වැකියක් එල්ලා තිබ්බා. කේ.එස්. සිල්වා මහතා හිසේ කෙස් නැති තට්ට පුද්ගලයෙකු වූ නිසා ඔහුව හඳුනා ගන්න ඇති.
 කැරැල්ල පටන් ගත් පසු කෑගල්ල. දෙනියාය. වගේ ප්රදේශ වල පොලිස් ස්ථාන විනාශ කලා. ඇතැම් විට පොලිස් නිලධාරින් මරා දැමුවා. ඇල්පිටිය පොලිස් ස්ථානය ජයතිස්ස නම් ගුරුවරයකුගේ නායකත්වයෙන් යටත් කොට විප්ලවේ කොඩිය පවා දැම්මා. මේ නිසා පොලිස් නිලධාරින් කැරලිකරුවන් සමග යම් තරහකින් හිටියේ. නිසා යම් යම් අවස්ථාවල කර්කශ අන්දමට ක්රියා කරන්න ඇති.
 කැරලිකරුවන් පිළිබඳ විමර්ශනයට විශ්රාමික පොලිස්පති වරයකු වූ ඇලරික් අබේගුණවර්ධන මහතා ගෙන්නුවා. ඔහු නිලධාරීන් පනහක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන තම විමර්ශන කටයුතු ආරම්භ කලා. මමද අයත් වූයේ මෙම පරීක්ෂණ කණ්ඩායමටයි. කැරලිකරුවන්ගෙන් ලබා ගන්නා ප්රකාශ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව දුන්නා. මෙම ප්රකාශ ලබා ගැනීමට බලය තිබ්බේ ඉයන් වික්රමනායක, කෙනත් සෙනෙවිරත්න, ෂන්මුගනාදන් වැනි රාජ් නීතිඥවරුන්ට. නමුත් කැරලිකරුවන්ගේ ප්රකාශ වලින් 99% සටහන් කර ගත්තේ ඉයන් වික්රමනායකයි.
 ඉයන් වික්රමනායක කාලයේ තනතුරුගණනාවක් දැරුවා. ඔහු ඉතා කාර්ය බහුල පුද්ගලයෙක්. නිසා ඔහුගේ නියමය පරිදි විමර්ශන නිලධාරීන් සැකකරුවන් ගෙන් ප්රකාශ ලබා ගත් පසු ඉයන් ඒවා කියවා බලා අත්සන් කළා. ඔහුගේ හෝ කෙනත් සෙනෙවිරත්න ගේ හෝ ෂන්මුගනාදන් ගේ අත්සනින් යුතු සාක්ෂි සටහන් පමණයි .යු.වි. හෙවත් සී.ෙජ්.සී. කොමිසම භාර ගත්තේ. කැරැල්ලෙන් පසුව රෝහණ විෙජ්වීර රඳවා සිටි යාපනය බන්ධනාගාරයට ඉයන් වික්රමනායක සර්නි් විෙජ්සූරිය, උපාලි සෙනෙවිරත්න හා මම ගියා. අපි ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් තමයි උතුරට ගියේ.
 අපි යාපනය කොටුවේ කිංස් පැවිලියන් කියන ගොඩනැගිල්ලේ නැවතුනා. මෙය බංගලාවක්. උසස් රජයේ නිලධාරින් යාපනයට පැමිණි විට නවතින්නේ මෙම ස්ථානයේ. රෝහණ විෙජ්වීර ගෙන් කට උත්තර ලබා ගැනීමට අපට විශේෂ අවසරයක් ලැබුනා. අපි ප්රශ්න කරන්නට ගිය විගසම විෙජ්වීර පෙන්නුවේ කෝපවූ ස්වභාවයක්. zzමගෙන් අහන්න එපා ඒකිගෙන් (අගමැතිනිය සිරිමාවෝගෙන්) අහන්නZZ යැයි කියමින් කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව මැතිනියට දොස් කිව්වා. ඉන් පසුව කැරැල්ල ලොකු අතුලගේ වැඩක් බවටත් ප්රකාශ කලා.
 දිගින් දිගටම විෙජ්වීර කථා කලේ කෝපයෙන්. මෙහිදි මම මගේ රිවෝල්වරය හා හදිසි නීතිය ගැසට් පත්රය ඔහුට පෙන්නුවා. මම ඔහුව ඇමතුවේ විෙජ්වීර සහෝදරයා කියලා. මම කිව්වා විෙජ්වීර සහෝදරයා දන්නවා නේ මේ මොකක්ද කියලා. මේක තුවක්කුව. මේක මොකක්ද දන්නවානේ මේක ඕනෑම සැකකරුවෙකු මරා දැමීමට හා මරණ පරීක්ෂණයකින් තොරව සිරුර වළලා දැමිය හැකි බලතල තියන ගැසට් පත්රය. අපිට බලය තිබ්බත් එහෙම කරන්න අවශ් නැහැ. අපි කථා කරමු. ඉන් පසුව ඔහු මඳක් මෙල්ල උනා.
 අපි විෙජ්වීරව දිවා කාලයේ රැගෙන ගියා, ප්රශ්න කිරීමට කිංස් පැවිලියන් වෙතට. ඔහු බියසුළු චරිතයක්. නමුත් කථාවේ අති දක්ෂයි. සිංහල භාෂාවෙන් කථා කොට පුද්ගලයන් නම්මා ගැනීමේ දක්ෂ අයෙක් මට ජීවිතයට දැකලා නැහැ. ඔහුගේ කථා වලින් ඇතැම් විට අපේ නිලධාරින් පවා වශී උනා.
 ප්රශ්න කිරීමේදී ඔහු බිය පෙන්නුවා. දාඩිය දැම්මා. ඔහුව ප්රශ්න කරන අතර තුර යාබද කාමරයේ නිලධාරින් අනෙකුත් සැකකරුවන්ට පහර දුන්නා. ඔවුන් කෑ ගහන ශබ්දයට විෙජ්වීර දැක්වූයේ බියපත් වු ප්රතිචාර. ඔහු තමාගේ උපැස් යුවල ගැලෙව්වා. ඉන් පසුව ඔහු තම ව්යාපාරයේ අභ්යන්තරය තමන්ගේ සගයන් ගැන තොරතුරු ලබා දුන්නා. අපි ඔහුගේ කට උත්තරය පටිගත කලා. ඇතැම් අවස්ථාවලදී ඔහු අනෙකුත් කැරලි කරුවන් ගැන කළ හෙලිදරව් පටිගත වනවාට ඔහු කැමති උනේ නැහැ. එවැනි අවස්ථා වල පටිගත කරන යන්ත්රය නවත්තන්න යැයි ඉල්ලීම් කලා. අනුව වරින් වර අප යන්ත්රය නවත්තලා ඔහුගේ කරුණු වලට සවන් දුන්නා.
 දවස් 14-15 විතර මේ ආකාරයට විෙජ්වීරව දිවා කාලයේ යාපනය කොටුවේ පිහිටි බංගලාවට ගෙන්වා ගෙන විස්තර ලබා ගත්තා. රෑට ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනවා. දිනක් හදිසියේ මට බඩේ කැක්කුමක් ආවා. මාව වහාම යාපනය රෝහලට ගෙන ගියා එහිදි ඇපන්ඩිසයිටිස් ශල්යකර්මයට මාව භාජනය කෙරුනා. මාව රෝහලේ දින කිහිපයක් රඳවාගෙන පසුව ගුවන් මගින් කොළඹ ගෙනාවා. එහිදි මට ආරංචි උනා විෙජ්වීර මම ඔහුට රිවෝල්වරය පෙන්වා මරා දමන බවට තර්ජනය කිරීමක් පිළිබඳව බන්ධනාගාර අධිකාරීන්ට පැමිණිලි කළ බව. මම තර්ජනය කිරිමක් කලේ නැහැ. ආයුධය හා ගැසට් පත්රය පෙන්වා බලතල අනුව නොව සහයෝගයෙන් ක්රියා කිරීමට කැමති බවයි කීවේ. මේ පිළිබඳව යාපනය පොලිස් අධිකාරී එස්. පී. සුන්දරලිංගම් මහතා පරීක්ෂණයක් කළා. මෙම පරීක්ෂණය එවකට සිටි පොලිස්පති ස්ටැන්ලි සේනානායක මහතා දක්වා ගියා.
 ලොකු අතුල අත් අඩංගුවට පත් වූයේ ප්රහාරයේ දී. එදා සිටි ඉහල නායකයන් සටන මඟහරිද්දී ප්රහාරයේ සිටයේ ලොකු අතුල විතරයි. ඔහු චේගුවේරා නිල ඇදුම පිටින් සී.අයි.ඩී. එකේ හතරවන තට්ටුවට ගෙනාවා. ඔහුගේ කකුලක් පවා තුවාල වෙලා තිබුනා. ඉහල නායකයන් සටන කර අරිද්දී   සටනේ සිටි ලොකු අතුල කෙරෙහි පොලිස් හා හමුදා නිලධාරීන් කෙරෙහි යම් ගරුත්වයක් තිබුනා. ඉයන් වික්රමනායක මහතා වහාම පියවර ගත්තා ඔහුට වෛද් ප්රතිකාර ලබා දීමට.
 ප්රතිකාර වලින් පසු යළිත් මට ලොකු අතුල මුන ගැසුනා හතරවන තට්ටුවේදී. ඔහු අපෙන් ඉලAලුවා සර් මට මගේ කෙල්ල සොයලා දෙන්න. කියලා. ඔහුගේ පෙම්වතිය ධම්මිකාත් ප්රහාරයේ හිටියා. ඇයත් සිටියේ අත්අඩංගුවේ. අප ධම්මිකාට ලොකු අතුලව මුන ගස්සවලා දුන්නා. අව්සථාව ඉතා හැඟීම්බර මොහොතක්. ඇය දැන් ඔහුගේ බිරිඳ.
 වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල්  බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුනා. අපි විසදුමක් සොයා ගත්තා.
 අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල්   ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල්  බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන් වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්යාජ නම්. උදාහරනයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිලිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි උනා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. නිසා ඔහුව දැක්කත් හඳුනා ගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ.
 විරාජ් ප්රනාන්දුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු මුලින්ම අපට සත් පැවසුවේ නැහැ. ඔහු සේවය කලේ කැකිරාව පැත්තේ විරාජ් හොඳ පවුල් පසුබිමකින් පැමිණි උගත්, ඉංග්රිසි භාෂාව කතා කළ හැකි තරුණයෙක්.   ඔහුව අත්අඩංගුවට ගත් කොස්තාපල්වරු චේගුවේරා පෙන්නපන් කියලා ඔහුට පහර දී තිබුනා. කාලේ ඇතැම් කොස්තාපල්වරු චේගුවේරා කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියෙත් නැහැ.
 විරාජ් අප ලඟට ගෙන්වා ගැනීමෙන් පසු ඔහුට අපි හොඳට සත්කාර කළා. හිරිහැර කලේ නැහැ. විරාජ් බුද්ධිමත්. වගේම ලිස්සා යන පිළිතුරු දුන්නේ. අපිට අනෙක් අයගේ සාක්ෂි වලින් දැන ගන්නට ලැබුනා විරාජ් වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදී බෝම්බ සාදන අයුරු ගැන දේශනයක් කල බව. මම මේ කරුණු ඇසුවේ වටින් ගොඩින්. මුලින්ම ඇසුවා විරාජ්ගෙන් ඔයා වනාතමුල්ලට ගිහිල්ලා තියනවාද? ඔහු කිව්වා ඔව් ඕවල් එකේ මැච් බලන්න ගිහිල්ලා තියනවා. ඉන් පසුව මට ඔස්මන්ඩ් ගැන ඇහුවා. එවිට විරාජ් කියා සිටියා ඔස්මන් ගැන නොදන්නා බව. අප විසින් ප්රශ්න කරන ලද සැකකරුවන් කිහිප දෙනෙක් සාක්ෂි ඉදිරිපත් කලා. එදා විරාජ් ඔස්මන්ඩ්ගේ ගෙදර බෝම්බ
නිෂ්පාදනය ගැන දේශනය කරපු අයුරු. එවිට විරාජ් එය පිළිගත්තා. ඔහු විස්තර පැවසූවා. යළිත් කට උත්තර දීම නවත්වා අගමැතිනිය සිරිමාවෝ බන්ඩාරනායක හමුවිය යුතු බවට බල කලා. නමුත් මම ඔහුට පෙන්වා දුන්නා එවැනි ඉල්ලීමකට ඉඩ නොදිය හැකි බව. එවිට ඔහු ප්රකාශ කළා ලන්ඩනයේ තමා හා ගිනි පුපුර සංවිධානය අතර තිබූ සම්බන්ධතා. කුමාර් රූපසිංහ හා සුනේත්රා සමග ඔහුට තිබු මිත්රකම යනාදිය. මැණික් ගෙන යාම ගැනත් ඔහු කිව්වා. විරාජ් පැවසූ පරිදි සුනෙත්රාට  බන්ඩාරනායක මැතිණිය හා විෙජ්වීර අතර හමුවක් සංවිධානය කිරීමට අවශ් කෙරුනා කැරැල්ලට පෙර. නමුත් එම හමුව ආරක්ෂක අංශ වල උපදෙස් මත පැවැත්වූයේ නැහැ. එහි යම් සත්යතාවක් තියෙන්න ඇති. විරාජ් සුනේත්රා පිළිබඳ කළ ප්රකාශය ඔහුගේ කට උත්තරයට අඩංගු කලේ නැහැ. එය ඉහලින් පැමිණි නියෝගයක්. ඇතැම් විට සුනේත්රාවද මෙයට පැටලිම මගින් යම් කේවල් කිරීමක් විරාජ් බලාපොරොත්තු වන්නට ඇතැයි මට සිතෙනවා.
 විරාජ් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ එස්. නඩේසන්. ඔහු ඉයන් වික්රමනායක සාක්ෂි කූඩුවට නංවා බොහෝ සෙයින් ප්රශ්න කලා. ඉයන් .යු.වි. කොමිසමේ දී  වාර 100 පමන සාක්ෂි දුන්නා. සෑම අවස්ථාවකම ඔහු ඇඳ සිටියේ එකිනෙකට වෙනස් ටයි කෝට්. ඔහු විශාල ටයි පටියක් පැලදුවා. අප අතර විහිළුවක් තිබුනා මුලින්ම පේන්නේ ටයි එක ඉන් පසුව දකින්නේ ඉයන් ලෙසට.
 ඉයන් ඔහුගේ යටත් නිලධාරින්ට ආවරණය දෙමින් ඉදිරිපත් වී සාක්ෂි දුන්නා. වර්තමානයේ උසස් නිලධාරින්ට එවැනි කොන්දක් තිබේද පවා මට සැකයි. ඔවුන් බොහෝ විට පහල නිලධාරින්ගේ ඛෙල්ල ඉදිරිපත් කොට තමා ගැලවෙනවා. නමුත් ඉයන් එසේ කලේ නැහැ. කැරැල්ල මර්ධනයේදී ඉයන් විසින් කළ කාර්ය භාරය තවමත් ඇගයීමකට ලක් වෙලා නැහැ.
 අප්රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වූ විිට ඇතැම් විත්තිකරුවන් අත්අඩංගුවේ සිටියේ නැහැ. නමුත් ඔවුන් නොමැතිව නඩු විභාගය ආරම්භ උනා. මට ඔත්තුවක් ලැබුනා ඩබ්ලිව්. ටි. කරුණාරත්න හෙවත් ඉන්කම්ටැක්ස්කරු සිටින තැන පිළිබඳව.
 ඉන්කම්ටැක්ස් කරු රත්නපුර දිස්ත්රික්කයේ තිරුවාණ කැටිය ප්රදේශයේ නවාතැනක සිටියේ වෙනත් නමකින්. අපි ඔහු සිටි නවාතැනට ගොස් ඇසුවා කොහොමද කරු කියලා. ඔහු වික්ෂිප්ත උනා. මම කිව්වා දැන් ලොකු අතුල ඇතුළු ඔබගේ මිතුරන් සෑම දෙනා පාහේ අපි ලඟ ඉන්නවා අපිත් එක්ක යං යනාදි වශයෙන්. කරු නිහ~වම අපි සමඟ ආවා.
  වගේම යාපනයේ බාස්කරන්, ලිනස් ජයතිලක පියතුමා වැනි පුද්ගලයන් පිළිබඳවත් අපි පරීක්ෂණ පැවැත්වූවා. බාස්කරන් ගුරුවරයෙක්. ඔහු එස්.ඩී. බන්ඩාරනායක ගේ මිතුරෙක්. විෙජ්වීර එස්. ඩී. බන්ඩාරනායක හරහා යාපනයේ තරුණයන් ව්යාපාරයට සම්බන්ධ කර ගැනීමේ වෑයමක නිතර වූවා. ඒත් එය සාර්ථක වූයේ නැහැ.
 ලීනස් ජයතිලක දිළිඳු ධීවර පවුලක දරුවෙක්. ලීනස් පූජකවරයෙක් බවට පත් වුන නමුත් ඔහු යම් ආකාරයක රැඩිකල් චරිතයක්. ඔහු කැරලිකරුවන්ට යම් හිතවත්කමක් පෑවා.
 71 කැරැල්ල පිලිබඳ විමර්ශනය කණ්ඩායම් වැඩක්. අපි ඉතා සහයෝගයෙන් කැපවී වැඩ කළා. බොහෝ දින වල අපි රැය ගත කලේ කාර්යාලයේ. විමර්ශන කටයුතු වලදි මා සමඟ ඉතා සහයෝගයෙන් යුද හමුදාවේ ඩෙන්සිල් කොබ්බෑකඩුව ක්රියා කළා. ඔහු එවකට කපිතාන්වරයෙක්.
 අපි කැරලිකරුවන් සමඟ පෞද්ගලික ආරොAවක් තිබුනේ නැහැ. අපි කලේ අපේ රැකියාව. අපිට නියමිතව තිබුනා රට ආරක්ෂා කරන්න. ප්රජාතන්ත්රවාදී රජයකට එරෙහිව සන්නද්ධ ප්රහාරයක් වැලැක්වීම අපගේ පරම යුතුකමක්. අපි රජය, ජනතාව ආරක්ෂා කලා.
 මම විශ්රාම ගියේ 1996 දී නියෝජ් පොලිස්පතිවරයකු ලෙසට. 1988 කැරැලA අවස්ථාවේ දී අපට විශේෂ වැඩ කොටසක් ලැබුනේ නැහැ. එහෙත් වරක් ඉතා උසස් පොලිස් නිලධාරියෙක් මට බැන්නා ඔහේලා 1971 දී මුං (විෙජ්වීර ඇතුළු නායකයන්) මරා දැමුවෙ නැති එකේ ප්රතිඵල තමයි අද අපි විඳින්නේ කියලා. මම කතාවට එකඟ උනේ නැහැ. අපිට බලය තිබුනා කැරැල්ලේ නායකයන් මරා දමන්න. අපි ක්රියා කලේ හිතට එකඟවම. වැදගත් තොරතුරු ලබා ගැනීමේදී පහර දීමට බලය පාවිච්චි කරන්න සිදු වෙනවා. එය ස්කොට්ලන්ඩ්යාඩ්, එෆ්.බී.අයි. ආයතනය පවා කරනවා. නමුත් තිරිසන් ක්රමයට මිනිසුන්ට වද දීම මා අනුමත කලේ නැහැ.
 විෙජ්වීර නිදහස් වුනු පසු ටවුන් හෝල් එකේ පැවති මුල්ම රැස්වීමේදී මට හා සර්නි විෙජ්සූරියට දොස් පැවරුවා. නමුත් 1988 කැරැල්ලේදී ඔහුට ගනුදෙනු කිරීමට සිදු වූයේ අප වැනි නිලධාරින් සමඟ නොවේ. ඔවුන් අප කලාක් මෙන් විෙජ්වීරට සැලකුවේ නැහැ. ඔහුව මරා දමන්ට පසුබට වූයේ නැහැ. එය විෙජ්වීර තේරුම් ගත්තද යන්න මට සැකයි.

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

Find Us On Facebook