Thursday, January 3, 2019

ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයෙක්ද ? වීරයෙක්ද ?


හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල වසර  84 ආයු වළඳා අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රේමදාස උඩුගම්පොල 1988/89 භීෂණ කාලයේදී ජවිපෙ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා ක්‍රියා කලේය. ඔහුගේ ක්‍රමවේදයන් සහාසික විය. අල්ලා ගත් කැරලිකරුවන් වධ බන්ධනයට පත් කිරීම මෙන්ම ඔවුන්ව ඝාතනය කිරීම ඔහුගේ නායකත්වය යටතේ සිදු විය. කුප්‍රකට බෝල් පොයින්ට් වධයද ඔහුගේ නිර්මාණයක් බව කියවේ. මේ අතර ප්‍රේමදාස උඩුගම්පොලව බලල් අතක් ලෙස යොදා ගනිමින් බොහෝ දේශපාලකයෝද අහිංසකයන්ව  ඝාතනය කළහ. 

සාම කාලයක  නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොලව  විනිශ්චය  කිරීම ඉතා පහසු ක්‍රියාවකි. එහෙත් ඔහුට මුහුණ දීමට සිදුවූ අවිචාර සමය සැලකිල්ලට ගෙන ඔහු පිලිබඳව තක්සේරුවකට ආ යුතුය.  කෙසේ  නමුත් නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයෙකු ලෙසට දඞු කඳේ ගැසීමට නොහැක්කේ ජවිපෙ 2 වැනි කැරළි සමය තුල කැරලිකරුවන් ද පොලිසියට හා හමුදාවට නොදෙවෙනි ලෙස ම්ලේච්ඡ ක්‍රියා වල නිරත වීම නිසාය.  ඔවුන්ද මිනී මැරීම , මංකොල්ලකෑම , ස්ත්‍රී දූෂණ කලෝය. එම අවිචාර සමයේදී බලවත් වූයේ අවිය මිස මිනිස්කම නොවේ. 

පහත දැක්වෙන්නේ  ජවිපෙ හිටපු ක්‍රියාකාරියෙකු වූ නන්දසේන සිල්වා ගේ  දියණිය වූ රුවන්දි සිල්වා විසින් ලියන ලද සටහනකි. (ජවිපෙ කැරලිකරුවන් විසින් නන්දසේන සිල්වාව ද්‍රෝහියෙකු ලෙස නම් කරමින් මරා දමන ලදි )

........මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකල වුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අංකල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ. මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය..............

මේ අනුව බලන විට හිටපු නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයක්ද ? ජවිපෙ භීෂණයෙන් ජනතාව බේරා ගත්තෙක්ද යන්න ප්‍රශ්නයට නැගෙයි. භීෂණ සමයන්හි අන්‍යන් බියපත්ව පසෙකට යන විට උඩුගම්පොලා ඉදිරියට එති.  ඔවුන් කුණු සුද්ද කරන  ස්කැවෙන්ජර්ස්ලා වෙති. රාජ්‍ය විසින් සියළු අපවිත්‍ර වැඩ කර ගන්නේ ඔවුන් හරහාය. එහෙත් කිසිදා ඔවුන් ඒ සඳහා ගරුත්වයක් නොලබති. කෙසේ නමුත් ඉතිහාසය විසින් ඔහුට අදාල ස්ථානය ලබා දෙනු ඇත.

12 comments:

  1. සුබ නව වසරක්.
    ප්‍රේමදාස උඩුගම්පොල ඝාතකයෙකු හෝ වීරයෙකු වෙන්නේ ඒ ඒ පුද්ගලයින්ගේ දේශපාලන දැක්ම අනුවයි. නමුත් දේශපාලනය පසෙකට දා 'මනුෂ්‍යත්වයේ නාමයෙන් ' බැලුවාම නම් එතුමා මනුෂ්‍යත්වට නුසුදුසු පුද්ගලයෙකු බව හිතෙනවා. රාජකාරි අවශ්‍යතාවය මත හෝ ඉහල නිලධාරීන්ගේ අණ නිසා මිනිසුන්ට අප්‍රමාණ වධ හිංසා පැමිණවීම හෝ මරා දැමීම (මුහුණට මුහුණ ලා කෙරෙන යුද්ධයකට මේක අදාළ නැහැ) ''මනුෂ්‍යයෙකුට " කරන්න බැහැ. ඒ දේ දේශප්‍රේමින්ටත් අදාලයි.

    ඒ හැර මා එකල අසා තිබූ තවත් කතාවක් තියනවා. මෙතුමාගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කලේ ජවිපෙන් නොව වෙනත් පාර්ශවයකින් බවත්, මොහු වැනි දරුණු පුද්ගලයෙකුට පුද්ගලිකවම පළිගැනීමේ මානසිකත්වයක් ඇති කර 'නාලාගිරියාට රා පෙවීමක් ' සිදු කර ඇති බවත් ඒ කතාවෙන් කියැවුනා. ඒ කාරණාව ඇත්ත උනත්, දෙපාර්ශවයම සිදු කල මනුෂ්‍ය ඝාතන, දරුණු හිංසා අනුමත කල හැකිද කියා සිතා බැලිය යුතු වෙනවා.

    රජය පැත්තෙන් බැලුවාම, කඩුවට කඩුවෙන් පිළිතුරු දෙනවා මිසක් නවගුණ වැලෙන් පිළිතුරු දීලා හරියන්නේ නැති බවත් කියන්න වෙනවා.

    ReplyDelete
  2. ජ. වි. පෙ. සම්බන්ධයෙන් කියූ කතා සියල්ල හරි වෙන්න පුළුවන්. එකක් හැර. ඔවුන් ස්ත්‍රී දූෂණ කලාය කියන කතාවනම් පිළිගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට ; සමහරුන් කලා

      Delete
  3. දෙවන වරටත් උනිෆොර්ම් ඇදපු මිනිමරුවන් සදරනේකරණය කිරීමට ඔබතුම ගන්න උත්සාහයට මගෙ හද පිරි මෙව්වා එක,,,,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. සියල්ල කළු සුදු ලෙස දකින්න එපා Kanchana

      Delete
    2. සියල්ල කළු සුදු ලෙස දකින්න හොද නැහැ.ඒ වගේම සුදුහුණු load ගානක් ගාවත් කලු සුදු කරනත් බැහැ.මීට කලින් අබිලිපිටියේ කොල්ලෝ ටික මරල දාල අදිකරණයෙන්හි ර දඩුවම් ලබමු හිටපු haටපු හමුදා නිලදරියට major කියල ඔබතුම තමා මේ බ්ලොග් එකේ ලිව්වේ.ඔයා කවුරුවත් jvp මර්දනය කරනවා කියල කලේ ගෙවල් වල නිදන් ඉදපු කොල්ලෝ ටික අරන් ගිහින් මරපු එක.60000 මරලත් jvp එක වැරදි කරපු අයව අල්ලන ඔයා කටත් බැරි උනා.ඒ ගොල්ලෝ රට පන්න.කොහොමද සොමවන්ෂ් අමරසින්ඝ රටින් ගියේ ඔයා දක්ෂ නිලදරින්ට හොරෙන්.jvp මර්දනය කරනවා කියල අහින්සකමා කොල්ලෝ ටික මරල දැම්ම.මගෙ ගම ඉංගිරිය.නම්බපන කියල ගමක් ගෙවල් 3 ක එක රට ගිනිතිබ්බ.ඒ ගෙවල් වල අවුරුදු 3 පොඩි ළමය ඉදල මරුන.වයසක සීය 80 වෙන මනුස්සයවැහැ මාරුව.එක ගෙදරක කවුරුවත් හිටියෙ නැහැ කියල අනිත් ගෙදර 6 දෙනෙක්ව ගෙයත් එක්ක ගිනිතියල මරල දම්ම.ඔබ තුමා මේ බ්ලොග් එකෙන් ලොකු වෙහෙසක් දරනවා jvp වැරදි කරුවන් බවත් හා,උද නිලදාරීන සහ මේ වගේ police නිලදාරීන හරි දෙය කලා කියන්න.උත්සාහය ඇත අරින්න එපා.එකම බොරුව 100 පාරක් කියල හරි ඔබතුමාට ඔයා මතය ගොබෙල්ස්වගේ සමාජ ගත කරන්න මේ ලැබුවා වූ 2019 වසරේ ශක්තිය ලැබේව.එත් අහිනස්ක මිනිස්සු මරපු අයට හුණු ගන්න ඔබතුම දරණ වෙහෙස දැක්කහම මට කට පියාගෙන ඉන්න බැහැ...එක මගෙ දුර්වල කමක්.......එක මම හදා ගන්න ලොකු උත්සහයක් දරනවා මේ අවුරුද්දේ................

      Delete
    3. දෙපාර්ශවයෙන්ම මිනී මැරුවා. ඒ සත්‍ය ඔබට කවදා වැටහෙයිද ?

      Delete
    4. ඉංගිරියේ පදිංචි 89 පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටපු p.d. අබේරත්න මහතා ගෙ සහෝදරයන් දෙදෙනා භාර්යාවන් දරුවන් ඇතුළු පවුල් දෙකක 11 දෙනෙක් එකම නිවසක ඉතා අමානුෂික ව මරාදමා ගිණි තැබු සිද්දිය කාංචන මහත්මයා ඉංගිරියේ නම් නොදන්නවා වෙන්න බැහැ. අද මපුටුගල ළමා නිවාසය පවත්වාගෙන යන්නේ ඒ ගෙදර. විජේවීර ගේ බණ අහල ඒ වගේ වැඩ කරපු උන් ව හුරතල් කරන්න බැහැ.උඩුගම්පොල මහත්මයා වගේ අය නිර්භීතව මේක මර්ධනය කරලා මිනිස්සුන් ට බය නැතුව ජීවත් වෙන්න වටපිටාව හදලා දුන්නා. ඒ අය කරපු සේවයේ අගය මිනිස්සු ට තේරෙන්න්න තිබුනා වැරදිලා හරි විජේවීර රටේ බලය ඇල්ලුවා නම්.

      Delete
  4. ලංකාවේ කිසිම රජයක් ඔහුගේ ක්‍රියාවන් විනිශ්චය කිරීමට කටයුතු නොකර තිබියදී එකල ඔහුගේ ක්‍රියාවන් පදනම් කරගෙන ඇමෙරිකා එක්සත් ජනපදය එරටට ඇතුළු වීමට විසා ලබාදීම තෙවරක්ම ප්‍රතික්ෂේප කිරීමෙන් නීති විරෝධී ඝාතනයන්ට රජයේ නිලධරයෙකු ලෙස ඔහුගේ දායකත්වය තහවුරු වේ.
    https://www.courthousenews.com/judge-wont-help-sri-lankan-kept-out-of-u-s/

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook