Thursday, June 7, 2018

බොහෝ ශ්‍රී ලාංකික උගතුන් තුල කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ ඇත්තේ මන්ද ?


මට හමුවූ ශ්‍රී ලාංකික වෘත්තිකයන් (උගතුන් ) තුල තිබෙන අතිශයින්ම කුහක සහ ඊර්ෂ්‍යා  ගති  මාගේ අවධානයට ලක්වී තිබේ. අපේ උගතුන් කුහක සහ ඊර්ෂ්‍යා සහිත  කුඩුකේඩු මනසකින් ක්‍රියා කරන්නේ මන්ද ? මම එය අධ්‍යනය කරමි. පහත දැක්වෙන්නේ එක් උදාහරණයකි. 

මෑතකදී  ගංජා භාවිතය සහ සෞඛ්‍ය පිලිබඳව මනෝ වෛද්‍ය ආචාර්‍ය මන්ඩේ  ඉග්වේ (නයිජීරියාව) , විශේෂඥ මනෝ වෛද්‍ය උපාලි පීරිස්    සහ මා විසින්  පත්‍රිකාවක් ලියුවෙමි. අප විසින් තවමත් දියුණු කිරීමට උත්සහ කරන මෙම පත්‍රිකාව සඳහා විවිධ රටවල මානසික සෞඛ්‍ය පිලිබඳ උගතුන් දක්වන ලද ප්‍රතිචාර මෙසේය​.  

 1) මනෝ වෛද්‍ය ගෞරව් මේතා ( ඉන්දියාවේ ; එංගලන්තයේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට අත්දැකීම් ඇත්තෙකි. - ප්‍රතිචාර ධනාත්මකය​. ධෛර්‍ය්‍ය වඩන ප්‍රතිචාර දැක්වීය )

2) මනෝ වෛද්‍ය ක්‍රිෂ්ණා බාලචන්ද්‍ර ( ශ්‍රී ලංකාවේ ඉපදුනේය​. නමුත් වයස නවය වන විට දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය විය. ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිලිබඳ සහාය මාහාචාර්‍යවරයෙකි. ඇමරිකාවේ සහ කැනඩාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට ඇත​. - ප්‍රතිචාර ධනාත්මකය. විවේචන constructive හෙවත් අර්ථකාරීය) 

3) මනෝ  වෛද්‍ය ස්ටීවන් යුසුෆියන් ( ස්පාඤ්ඤයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. - ප්‍රතිචාර ධනාත්මකය​. විවේචන අර්ථකාරීය)

4) මනෝ වෛද්‍ය මේරි සීමන් - ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය මහාචාර්‍යවරියකි. බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමරිකාවේ මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කොට ඇත​. ප්‍රතිචාර ධෛර්‍ය්‍ය වඩවයි) 

5) මනෝ වෛද්‍ය මයිකල් රීවා - (ඉතාලි ජාතික මනෝ වෛද්‍යවරයෙකි . ප්‍රතිචාර ප්‍රතිචාර ධනාත්මකය. අනුබල සහිතය )

6) මනෝ වෛද්‍ය ඔලෙග් -(රුසියාවේ මනෝ වෛද්‍යවරයෙකි. රුසියාවේ / යූක්‍රයීනයේ මෙන්ම පෝලන්තයේ සේවය කොට ඇත​. ප්‍රතිචාර උනුසුම්ය​. පත්‍රිකාවේ අඩුපාඩු ධනාත්මකව පෙන්වා දෙයි)

මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය - (ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරයෙකි. ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට එහි ඉරිසියාව මෙන්ම අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) දක්නට තිබේ.  කන්ස්ට්‍රක්ටිව් හෙවත් අර්ථකාරී විවේචනයක් දක්නට නැත​)

ඉහත දක්වා ඇත්තේ එක් උදාහරණයක් පමණි. මෙවන් උදාහරණ සිය ගනනක් මට දිය හැකිය​. එම නිසා මා මේ දෙය පවසන්නේ එක් සිද්ධියක් පාදක කරගෙන බව නොසිතන්න​. එසේම මෙහිදී මම මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය නරක කුහක පුද්ගලයෙකු ලෙස ලේබල් කරනවා කියා නොසිතන්න​. ඔහු තුල අනන්තවත් යහ ගුණ තිබිය හැක​. ඔහුගේ ප්‍රතිචාරය බොහෝ ලාංකික උගතුන් දක්වන ප්‍රතිචාර වලට සමානය​. එය නිසගයෙන්ම තමා තුලින් එලියට එන්නකි. 

ශ්‍රී ලාංකික වෘත්තිකයා නොහොත් උගතා කුහක කුඩුකේඩු මිනිසෙකු වූයේ මන්ද ? මා සිතන ආකාරයට හේතු කීපයකි.

1) දිවයිනකට කොටු වීම නිසා මතුවන දිවයින් මානසිකත්වය 
2) තමන් පිලිබඳ අනාරක්‍ෂිත හැඟීම් (insecurity feelings ) 
3) වෙනත් රටවල සමාජ සමග මුසු නොවීම ( විභාග සඳහා පිටරට යාම මේ යටතේ ගැනෙන්නේ නැත​) 
4) සම්පත් හිඟ සමාජයක ජීවත් වීම නිසා අනෙකා නිරන්තරයෙන් සතුරෙකු ලෙස දැකීම 
5) හීනමානය නිසා අන්‍යන් ගේ දක්‍ෂතා නාස්තික මනසකින් බැලීම 
6) අපගේ ආත්මාර්ථකාමී අධ්‍යාපන ක්‍රමයේ වරද 
7) ලෝකයට විවෘත නොවීම නිසා ඇති ලිං මැඞි මානසිකත්වය​. විදේශිකයන්ට බිය වීම (Xenophobia) 
8) දැණුම ගවේශනය නොකිරීම පීපී මානසිකත්වය​. දැණුම අප්ඩේට් හෙවත් යාවත්කාල නොකිරීම  
9) විවිධ අත්දැකීම් ඇති වෘත්තිකයන් සමග අධ්‍යාපනික අදහස් හුවමාරු නොකර ගැනීම සහ ඒ සඳහා දක්වන බිය​
10) තමාගේ විශය හැරුණු කොට වෙනත් විශයන් පිලිබඳ අවබෝධයක් නොවීම 
11) තමන් ගේ අනාරක්‍ෂිත බව නිසා බෝඩ් සර්ටිෆිකේෂන් වැනි මාෆියා පන්නයේ මිණුම් දඞු අත තබාගෙන සිටිනවා මිස දැණුම සඳහා විවෘත නොවීම 
12) ජාතිවාදී වර්ගවාදී තම පාසල , තම විශ්ව විද්‍යාල ප්‍රධාන කොට පටු ගෝත්‍රික ආකල්ප වලින්  ලෝකය දෙස බැලීම. විවෘත මනසක් නොතිබීම 

දීප්ති කුමාර ගුණරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ බොහෝ උගතුන් තුල සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව වැනි විශයන් පිලිබඳ ගැඹුරු දැනීමක් නැත​. එහෙත් නොදියුණු සමාජය විසින් ඔවුන්ව ඉන්ටර්ලෙක්චුවල්ස් හෙවත් ධීමතුන් ලෙස සලකති. එහෙත් මේ ඊනියා ධීමතුන් සතුව ඇත්තේ ඉතා නොගැඹුරු දැණමකි. මෙම දැණුම වෙනත් ප්‍රගතිශ්‍රීලී සමාජ වල මෙන් අභියෝගයට ලක් නොවන නිසා ඔවුන් සුරක්‍ෂිතය​. එහෙත් මෙකී වෘත්තිකයන් උගතුන් ලෙස සැලකිය හැකිද යන්න දීප්ති කුමාර ගුණරත්න තව දුරටත් ප්‍රශ්න කරයි. 

( මෙම ලිපිය මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා විවේචනය කරන ලිපියක් නොවන බව සලකන්න)

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 comments:

  1. Hello Mr. Ruwan M. Jayathunga,

    I do agree with you in this matter. I too been a victim of such negativity at UOC, physics department during final year project. However, I would like to see those feedback you received. Since, you are using Mr. Rajasuriya's name, I believe it is fair to Mr. Rajasuriya if you post those feedback (of course covering all their contact details). Otherwise, this is just "he said, she said." Sometimes, I think you put these stuff to collect data towards your Ph.D.. All the best!

    ReplyDelete
    Replies
    1. He is my FB friend ; I have nothing against him just highlighting some of my observations. He is most welcome to comment on this . I wanted to be open and transparent, thats why I used names and facts.

      Delete
    2. I do understand that and you had already mentioned it in your blog post. My point is as a reader, I should be able to draw the conclusions based on your "received feedback." That will legitimize your claims. Just my opinion and thank you for the reply.

      Delete
  2. හ්ම්ම්, මේ පෝස්ට් එකෙත් යම් යම් 'කුහක සහ ඊර්ෂ්‍යා ගති ලක්ෂණ' පෙනෙන්නේ ඔබත් ශ්‍රී ලාංකික උගතෙක් නිසාදෝ යයි සිතෙන්නේ මට විතරදෝ?

    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම ඉන්නේ නාරා වලක

      Delete
  3. රටේ පවතින ඉගෙනුම් ඉගැන්වීම් පටිපාටියත් බලපානවා

    ReplyDelete
  4. Not only local professionals but also those who migrated in hope of greener pastures also show feelings of insecurity and narcissism - for an example one expatriate man of science, equated Sri Lankan medical colleges with those of utterly backward African nations - in the process elucidating more about himself than about the quality of medical education in SL.

    ReplyDelete
  5. කුහක කමේ සහ ඊර්ෂ්‍යාවේ මායිම් ඉර කොතනද? ඔය වගේ දේවල් තම තමන්ට සාපේක්ෂව / තම තමන්ට කැමති විධිහට අර්ථ නිරූපණය කරන්න පුළුවන්...

    ReplyDelete
  6. ඔබේ අදහස සියට සියයක් එකඟයි. ඒ පිළිඹදව මටද ආයතනය තුල අත්දැකීම් දමුදායක් ඇත. කංසා පිළිඹදව වූ "ත්ර්යිලෝක විජයා" පොත මා කියවුවා. කංසා දුම ආග්‍රහණය පිලිම්බන්දව වෛද්‍යවරයකු සහ මනස සම්බන්ධ වෛද්‍යවරකු ලෙස ඔබගේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ගංජා වැඩන මොලයට අහිතකරයි

      Delete
  7. අපේ රටේ උගතුන්වූ පලියට තැනක් ලැබෙන්නේ නැත. ඒ නිසා අනිකා කපාගෙන යාම දියුණුවට හේතුවේ. ලමයෙකු පාසැලකට ඇතුලත් කිරීමේ සිට සියලුම කටයුතු සුදුසුකම් මත සිදු නොවේ. එනිසා තවෙකෙකුට උදව් කිරීම සියදිවි නසා ගැනීමකි. යහපත් අයෙකුට සතුටින් සිටීම ඉතා අසීරුබව මාගේ අත්දැකීමයි.

    ReplyDelete
  8. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_46.html

    ReplyDelete
  9. මාතලන් එදා ඉඳන් කියන දේ දොස්තර මහත්තයට අද වත් තේරුණ එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ප්‍රමාදවී හෝ කරුණු අවබෝධ වීම හොඳයි මාතෙ

      Delete
  10. Yes this is true.Starting from scholarship exams upto the level of professionals this can be seen.But i guess religious leaders,parents are also (some of them) are responsible for it because they have the mentality of surpassing others and racism.My opinion is people should develop their good attitudes to listen to others and make them understand every profession followed by people does a major role in society influenzing lives of living beings for the benefit.

    ReplyDelete
  11. නිදහස් අද්‍යාපනයට පින්සිදුවෙන්න පට්ට හිගන පවුල්වල ය ඉගෙනගෙන ඉහල තනතුරු වලට ගිහින් කරන හීන මාන ඉරිසියා වැඩ තමයි මුලික හේතුව . මම ලංකාවේ මෙන්ම පිටරටත් ඉගන ගෙන තියෙනවා , නමුත් එහි ලොකු වෙනසක් නැහැ . බලන්න ලංකාවේ උනත් වැදගත් කෙනෙක් ඉගෙන ගත්තම රටට සමාජයට හොදයි ඉරිසියාව කුහක කම නැහැ . ඉතින් කොහොමද ජාන වෙනස් කරන්නේ. මම ආව කැනඩාවට දරුවොත් එක්ක නිදහසේ ජිවත් වෙන්න . මොන දේවල් උනත් කුහක කම් ඉරිසියාව නැති සමාජයක ඉන්න පුළුවන්, නමුත් මෙහෙ උනත් සිංහල උන් ආශ්‍රය කලොත් බඩුම තමයි. මම දරුවන්ට කියන්නේ මගේ උනත් මොනවා හරි කුහක කමක් දැක්කොත් වහාම කියන්න , ඔය ගොල්ලෝ ඒවා ගන්න එපා, යහපත් මිනිසුන් විදියට සමාජයට වැඩ දායකව ඉන්න කියල.

    ReplyDelete
  12. විවේචන උනත්ත මන්ට අවශ්‍යදේ පමණක් අරන් අනවශ්‍ය දේ බැහැර කලාම හරි.

    ReplyDelete
  13. අබේ සිංහල බල්ලෝ වගේ නෙමෙයි දෙමළ අයනම් හරීරී හොඳයි

    ReplyDelete
  14. I think, before our graduates pass out from Universities, the subject called Theory of Knowledge should be taught. That subject make them humble when delivering their services to the community, because the graduates aware of the Theory Knowledge knows that, what they learnt from Universities was simply a borrowed stuff rather than a Wisdom.

    ReplyDelete
  15. Totally agree
    This is why foreign educated people are reluctant to come back, esp PhD holders to Sri Lankan university system. They become victims of their own superiors, peers as well as university teachers.

    ReplyDelete
  16. I totally agree with you. I too have witnessed and undergone similar experiences during my carrier in state service. Once a young talented junior Sri Lankan engineer of our section has written a paper on simplifying a well-known method of estimation of floods, by evaluating the area under a parabolic flood hydrograph curve, by considering it as two triangles and showed that the resulting error is insignificant.
    He has sent an abstract of this paper to a peer scientific international Journal published in France, and reviewers have accepted it for publication and asked him to send it for universal discussion and comments after its publication. However, they insisted that it should be sent through the Country representative, who is Ex-officio the Head of our Department. When author tried to submit this to the Director through our sectional head, the latter did not want to forwarded it to Director and withhold it saying him, before we submit it to an International Journal, it should be discussed at a Local Forum for its comments.
    We all knowingly our Sectional Heads character, I told our Junior to wait for another two weeks, as our boss was scheduled to go abroad to participate in a conference, and I will be the acting Head our section during that period. When our boss left, I personally took it to our Director explained to him the circumstances. Our Director, who was aware our persons character told me “you can’t change people” and submitted it to the journal with his recommendations.
    It appeared in that journal and got very positive comments. This young engineer later got a Scholarship to France, and after his training he did not return, paid back the cost of the scholarship, and now attached to a Scientific Research Institute in France.

    2. Don’t you agree the SAITAM issue too is outcome of your suggested reasons 2 and 11

    ReplyDelete
  17. Reproducing a comment made on Facebook in relation to this post by Gamini Ekanayake:

    රුවන් අමනාප වෙන්නනං එපා මම මෙහෙම මේ විධිහට සම්බන්ධ වුනාට. ඔබතුමාගේ සමහර ප්‍රකාශ තුල ශ්‍රී ලාංකික අධ්‍යාපනය අතිශය පහතට ඇද දමනවා හැමවිටම හැමදාම. මට හිතෙනවා ඔබගේ යම් කාලයකදී සිතේ පැලපදියම්වු ඔබට රිදුනු දෙයක් එලියට එනවා කියා. ඔබගේ මේ ප්‍රකාශයේ ගැබ්වතියෙන්නේ එය වියහැකියි.

    //මගේ ආචාර්‍ය උපාධිය සඳහා රෙකමෙන්ඩේ‍ෂන් ලෙටර් එකක්වත් මම ලංකාවේ උගතුන් ගෙන් නොගෙන ගත්තේ බටහිර සුදු උගතුන් දෙදෙනෙක් ගෙන් (යෝක් විශ්ව විද්‍යාලයේ සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරු දෙදෙනෙක් ගෙන් ) ඔවුන් ලංකාවේ උගතෙක් කවදාවත් නොදෙන මට්ටමේ රෙකමෙන්ඩේ‍ෂන් මට ලබා දුන්නා.//

    මෙසේ කිව හැක්කේ ඔබ ලංකාවේ පශ්චාත් උපාධි ආයතනයක මනෝචිකිත්සනය පිලිබඳ Masters (MSc / MPhil) මට්ටමේ උපාධියක් ලබා PhD උපාධියට යාමට "රෙකමන්ඩේශන් ලිපියක්" නොදුන්නා නම් පමනයි. ඔබට එසේ වූවාද! "රෙකමන්ඩේශන් ලිපියක්" අවශ්‍ය වන්නේ transcript එකට පොඩි සපෝට් එකක් වශයෙන්නේ. බොහෝ කොට බලන්නේ transcript එකේ strength එක නෙමෙයිද! ඇරත් රෙජිස්ටර වෙන්නේ online නේ. ඒවගේම "රෙකමන්ඩේශන් ලිපිය" ඒ අය දකින්නේ process එකේ අන්තිම හරියේදී interview එකකුත් තිබුනොත්නේ නේ.
    මම දන්න විදිහට PhD එකට යනව නම් අදාල විශය ක්‍ෂේස්ත්‍රයේ ප්‍රථම උපාදියේදී first class එකක් තිබුනත් නැතිනම් PG Diploma/ MSc/(Mphill) හරහා ගියත් සියල්ල කර ගතයුත්තේ තමන් ඉදිරිපත් කරන ඒ පූර්ව සුදුසු කම ලබාගත් විශ්වවිද්‍යාලයෙන් කියායි. ඔබට එහෙම නොදුන්නා නම් PGIM එක වැරදියි. ඒත් ඔබම ලියා තැබූ ඔබගේ බොහෝ දේ කියවා ඇතිනිසා මට සිතෙන්නේ මේ චෝදනාව සාධාරන නොවන බවයි.
    ඔබගේ මෙම විරෝධතාවය කෙසේ වෙතත් ඔබ බොහෝ ප්‍රයෝජනවත් ලිපි ලියනවා. අප ඒවා අගය කරනවා. කරුනාකර ඉදිරියටත් ඒ විද්‍යාත්මක දේ ලින්න ඒත් මේ අප්‍රසාදය පතුරවන්න එපා. හැම සමාජයකම මෙය තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ නඩුව ඉවරයි කියලා පොතක් තියනවා එය කියවන්න එතකොට ඔබට වැටහීම එයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook