Monday, October 17, 2016

වල්ලිපුරම් ටීච

 


උසස් පෙළ රසායනික විද්‍යා ගුරුවරියක වූ වල්ලිපුරම් මිය ජීවත් වූයේ වැල්ලවත්තේය​. ඇයගේ නිවෙසේ පැවැත්වූ රසායන විද්‍යා ටියුෂන් පන්තියට සිසු සිසුවියන් බොහෝ දෙනෙකු සහභාගී වූහ​. ඇය රසායනික විද්‍යාව ඉගැන්වූයේ සිංහල බසිනි. 

1983 දී උසස් පෙළ ඇරඹි සමයේදී මම ඇයගේ  වැල්ලවත්ත මාකට් එක අසල තිබූ ටියුෂන් පන්තියට ගියෙමි. මුලදී ඇයගේ සිංහල උච්චාරණය  අසා සිනා ගිය නමුද පසුව අප මෙම උච්චාරණය පුරුදු වූයෙමු. ඇය " සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඞගු ද්‍රේවණයක් "  යනාදී වශයෙන් කැඩිච්ච සිංහලෙන් වූවද දක්‍ෂ ලෙස ඉගැන්වීම කලාය​. එසේම මුදල් පසුපස ඇය හඹා ගියේ නැත​. මේ නිසා වල්ලිපුරම් මහත්මියගේ ටියුෂන් පන්තියේ ඉබ්බන් (ටියුෂන් ෆීස් නොදී මග හරින්නන්) කිහිප දෙනෙක් ද වූහ​. මුදල් දුන්නොත් ගත්තා මිසක ඇය සිසුන් ගෙන් මුදල් ඉල්ලුවේ නැත​. 

වල්ලිපුරම් ටීච උසස් පෙළ රසායනික විද්‍යාව සිලබස් එක දෙතුන් වරක් කරන්නීය​. එම නිසා සිසුන්ට එය පුනරුක්තියකි. ඇයට නිල් පැහැති මෝටර් රථයක්  තිබූ අතර එය නිවෙස ඉදිරියේ නවතා තිබුනු බව මට මතකය​. 

මේ කාලයේ 1983 ජූලි කලබල ආරම්භ වූ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ද්‍රවිඩයන් ගේ නිවාස  අග්නි දෙවියාට පුද කරනු ලැබීය​. එම භීම සමයේදී  මට වල්ලිපුරම් මහත්මිය මතක් වූ අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් ඇයගේ නිවසටද පහර දී තිබේද යන කුකුස මතු විය​. 

83 ජාතිවාදී මාරුතයෙන් පසු මමත් මගේ මවත් ඇයගේ නිවසට ගියෙමු. වාසනාවකට මෙන් මැරයන් ඇයගේ නිවෙසට පහර දී තිබුනේ නැත​. එහෙත් අසල්වැසි නිවාස කඩ ගිනිබත් කොට තිබේ. මේ කලබල අස්සේ වූවද  වල්ලිපුරම් ලෙස ඉංග්‍රීසි බසින් ලියා තිබූ නිවාස නාම තහඩුව ඇය ඉවත් කොට තිබුනේද නැත​. 

මේ ම්ලේච්ඡ ප්‍රහාර කෙරෙහි ඇය පෙන්වූයේ බියක් , කෝපයක් හෝ පසුතැවීමක් නොව උපේක්‍ෂා සහගත බවකි.  එය එදා මම තේරුම් නොගත් නමුත් ඇය තුල තිබූ උච්ච මානසිකත්වය මම අද දිනයේදී තේරුම් ගනිමි. 

1983 කලබල වලින් පසු මට තව දුරටත් වල්ලිපුරම් මහත්මියට මුහුණ දීමට අපහසු විය​. එසේම කලබල නිසා පන්තිද වරින් වර කල් දමනු ලැබීය​. එම නිසා මම දෙව් රුවන් අල්විස් මහතාගේ නුගේගොඩ පන්තියට ගියෙමි. ඉන් පසුව මට කිසි දිනෙක වල්ලිපුරම් මහත්මිය මුණ ගැසුනේ නැත​. 

මෑතකදී වල්ලිපුරම් ටීච පිලිබඳව මුහුණු පොතේ සටහනක් මම දුටුවෙමි. ඇය වියපත්ව ගොසිනි . වෛද්‍යවරියක වූ ඇයගේ දියණිය පිළිකා රෝගය විසින් ගොදුරු කරගෙන තිබේ. ජීවිතයේ සැඳෑ කාලය ඇය දැන් ගත කරන්නේ උතුරේ ඇයගේ මහ ගෙදරය​. 

වල්ලිපුරම් ටීච සිංහල දෙමල භේදයකින් තොරව සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට දැණුම දුන්නාය​. ඇයගෙන් ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙකු අද විද්වත් වෘත්තිකයන් වෙති. මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන ලෝකයක ඇය දරුවන්ට දැණුම දුන්නේ මුදල් පෙරදැරි කරගෙන නොව ආත්ම තෘප්තිය නිසාය​. මෙවැනි ගුරුවරියන්  මුතු මැණික් මෙන් දුර්ලභය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

75 comments:

  1. Good one Ruwan, reminds me of good old days and all those teachers who gave us education, though some of us could not use it for good cause. (and also the once who gave us Wewal Kasaya)

    ReplyDelete
    Replies
    1. The last I heard about Mrs.Vallipuram was that she is living at Thirukethiswaram Hindu temple.She is in charge of a pilgrims rest house which accomodates Buddhist and Hindu devotees to the temple.The buddhist priest at Mannar teple too sends his visitng devotees to this centre for accomodation I heard.She speaks fluent sinhala and her former sinhala students always visit her when they go towards Mannar.She was a teacher at Veyangoda Central college more than 50 years ago when I was her student.Hope I will be able to meet her.

      Delete
  2. අපේ කාලේ නම් ටියුෂන් කළ කාන්තාවන් හිටියේ ම නෑ.

    පාසලේ රසායන විද්‍යාව ඉගැන්වුයේ පිළිවෙලින් කිඅපේ කාලේ නම් ටියුෂන් කළ කාන්තාවන් හිටියේ ම නෑ.

    පාසලේ රසායන විද්‍යාව ඉගැන්වුයේ පිළිවෙලින් කිරිමුතුගොඩ (පිරිමි) සහ ඊළඟට සේරම ගැහැණු දෝන කතිරිනා (නම අමතකය), වෛද්‍යනාථ සහ ඇන්ටිමනී (ලියනගේ). ඒ අය ටියුෂන් කළේ නෑ.

    මං ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ලඟට, වැල්ලවත්තේ සහ නුගේගොඩ!රිමුතුගොඩ (පිරිමි) සහ ඊළඟට සේරම ගැහැණු දෝන කතිරිනා (නම අමතකය), වෛද්‍යනාථ සහ ඇන්ටිමනී (ලියනගේ). ඒ අය ටියුෂන් කළේ නෑ.

    මං ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ලඟට, වැල්ලවත්තේ සහ නුගේගොඩ!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ගැහැණු දෝන කතිරිනා ///// ?????

      Delete
    3. අකුරු පැටලි අවුල් වී ඇත.

      මා කීමට අදහස් කළේ මෙයයි.

      "අපේ කාලේ නම් ටියුෂන් කළ කාන්තාවන් හිටියේ ම නෑ.

      පාසලේ රසායන විද්‍යාව ඉගැන්වුයේ පිළිවෙලින් කිරිමුතුගොඩ (පිරිමි) සහ ඊළඟට සේරම ගැහැණු. දෝන කතිරිනා (නම අමතකය), වෛද්‍යනාථ සහ ඇන්ටිමනී (ලියනගේ). ඒ අය ටියුෂන් කළේ නෑ.

      මං ටියුෂන් ගියේ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ලඟට, වැල්ලවත්තේ සහ නුගේගොඩ!"

      Delete
  3. අපේ අම්මා ගමේ කරන ඉංග්‍රීසි පන්තියකින් එක්කෙනෙක්ගෙන් මාසෙටම ගන්නේ සීයක් විතර. ළමයි හයකට විතර උගන්වන්නෙ. සමහඑඅ අයගෙන් සල්ලි ගන්නෙ නෑ

    ReplyDelete
  4. Dr, your sentimental way of writing always refreshed our mind... Even though I did not receive tuition from wallipuram teacher, I have heard lot about this kind hearted lady from fellow mahanamians.. The way of teaching and proper singhala of Deviruwan alvis sir is still in my memory... Someone told me that Alaw Isi sabihela( Sabbya Seela Alwis) is the father of Deviruwan sir.. Is that true ? Anyway these kind hearted ladies and gentlemens are our super hero's and their valuable service should ever appreciated.... (Wrote this in english as I dont have singhala fonts in my phone)

    ReplyDelete
    Replies
    1. ඔව් දෙව් රුවන් අල්විස්ගේ පියා අලව් ඉසි සැබිහෙළ තමයි. ඔහුගේ දුවක් විවාහවී ඉන්නේ දයා රෝහණ අතුකෝරාල සමගයි.

      අලව් ඉසි සැබිහෙළගේ මුල් නම සවියෙල් අල්විස්.
      අනඳපිය කුඩාතිහිගේ මුල් නම ජෝජ් කුඩච්චි
      අරිසෙන් අහුබුදුගේ මුල් නම ආරියසේන ආයුෂ්බෝධ

      Delete
  5. Dr, your sentimental way of writing always refreshed our mind... Even though I did not receive tuition from wallipuram teacher, I have heard lot about this kind hearted lady from fellow mahanamians.. The way of teaching and proper singhala of Deviruwan alvis sir is still in my memory... Someone told me that Alaw Isi sabihela( Sabbya Seela Alwis) is the father of Deviruwan sir.. Is that true ? Anyway these kind hearted ladies and gentlemens are our super hero's and their valuable service should ever appreciated.... (Wrote this in english as I dont have singhala fonts in my phone)

    ReplyDelete
  6. මේ ටීච බලන්න යන්න එන්න. මමත් එන්නම් යාපනේ යන්න.

    ReplyDelete
    Replies
    1. This teacher is now living in mannar.It is very close to Tiru koneshvaram temple.You can easily find her place. Ask some one in that area.I met her in year 2013 last.

      Delete
  7. මාත් වල්ලිපුරම් මිස් ගෙන් රසායන විද්යාව ඉගෙන ගත්තා ෆසල්ස් ලේන් එකේ තිබුනු ඇගේ නිවසේ දී....
    1986 උසස් පෙල සඳහා

    ReplyDelete
  8. අපේ රටේ කුඩාවට පවත්වාගෙන යන පුද්ගලික පන්ති සියල්ලකම මුදල් නොදෙන සිසුන් අතලොස්සක් සිටින බව අනුමාන කල හැකිය.

    එහෙත් ඔඋන් පන්න්තියෙන් කිසි දිනක නෙරපන්නේද නැත.

    ReplyDelete
  9. මෙවැනි ගුරුවරුන් මුලින් ටියුෂන් පටන්ගන්නේත් ළමයින්ගේ / දෙමාපියන්ගේ කරදරෙන් බේරෙන්නයි, පැසැලේ / ටියුෂන් පංතියේ කියා වෙනසක් කරන්නේ ද නැත. එවැනි ගුරුවරුත්, දොස්තර මහත්තුරුත් සිටිති, සිවිල් නිළධාරීන් නම් තමුන්ගේ සේවය මුදලට කරොත් ඒක ඉබේම අල්ලසක් වෙනවානේ.

    ReplyDelete
  10. අපිට කැම්පස් එකේදී ඉගැන්නුවා රවිහාර් කියල දෙමල ගුරුතුමෙක්, ඔහුට PHd තිබුනේ නැහැ, තිබුනේ MPhil එකක්...
    නමුත් ඩොකාලට ප්‍රොෆාලට වඩා හොඳටම ඉගැන්නුවේ එතුමා...
    මනුස්සයෙක් වශයෙනුත් ගොඩක් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඇකඩමික් සහ ටීචිං යන ස්කිල් දෙකම එකවිට පිහිටන්නේ ටික දෙනෙකුටයි, අපි පුරුද්දට වගේ හොඳ ට උගන්නනවා කියා කියන්නේ සීමිත කරුණු ටිකක් ඉතාම හොඳට පැහැදිලි කරදෙන එකට, හැබැයි හොඳ ලෙක්චර් එකක දී (යුනිවර්සිටි එකක) වෙන්නෝන හොඳට පැහැදිලි කරදීමට වඩා විශය පරාසය සහ කන්ට්‍රඩික්ටරි පොයින්ට්ස් පෙන්වා දීම, ඩීටෙල් ස්ටඩිකරන එක ස්ටුඩන්ට් ගේ වැඩක්. හැබැයි කොලේජ් එකක /ටෙක්නිකල් ඉන්ස්ටියුට් එකක නම් සේරම ඩීටේල්ම කියා දෙන්න වෙනවා.

      Delete
  11. මම AL කරන කාලෙත් වල්ලිපුරම් මිස් ක්ලාස් කලා, යන්න බැරි උනා ක්ලාස් ෆුල් වෙලා තිබ්බ හින්දා යන්න බැරි උනා.

    ReplyDelete
  12. මෙවැනි ගුරුවරු නැතිවේගෙනම යනවා. 83ක් ආපහු නිර්මාණය කරන්න එපා කියලා හනුමන්තලාගේ පස්සට වැඳලා හරි ඉල්ලනවා. ඒ කරුමේ අපි දැක්කා. විඳෙව්වා.

    ගුරුවරියක්වූ මගේ සොයුරිය මුදල් නොගෙන ටියුශන් දෙනවා ගෙදරටම ගෙන්වගෙන. ඇයට මම ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කරුමේ අපි දැක්කා. විඳෙව්වා.

      Delete
  13. මම මිස්ගෙ ක්ලාස් ගියා 1991. එතකොට නම් මිස් retire වෙලා මගෙ මතකෙ හෑටියට.
    පට්ට සෙන්ටිමෙන්ටල් මේ වගේ පෝස්ට් නම්. හරියට අරූගෙ පෝස්ට් වගේ.

    ReplyDelete
  14. අද කාලෙ හරිම අඩුයි මේ ජාතියෙ ගුරුවරු...

    මෙතනදී මම කැනීෂියස් පළිහවඩන ගුරුතුමාව මතක් කරන්න කැමතියි.. එකම එක ඉල්ලීමකින්, කිසිඳු සෙවීමක් බැලීමක් නොකර ඔහු මට ‍ෆ්‍රී කාඩ් එකක් දුන්නා, අවුරුදු දෙකටම වලංගු...

    ReplyDelete
  15. මම නම බණ්ඩාර ගේ රිවිෂන් පන්තියට විතරයි ගියේ. ඒත් ඒලෙවල් ලංවෙලා බැරිම තැන. හැමෝම යන නිසා. ඒ 1983. රුවන් හුඟක් සංවේදී ලෙස ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
      පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
      සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
      අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

      සාමා අමර විකුණති බස් පොළේ කජු
      කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
      උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
      වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

      රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
      සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
      ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
      ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

      පැන මඩ කඩිති වැව් තාවලු ...


      පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
      සංගීතය: රෝහණ වීරසිංහ
      ගායනය : සුනිල් එදිරිසිංහ

      එක අතකට මට හිතන්නෙ රුවන් ලංකාවේ මුළු අධ්‍යාපන ක්‍රමයේම ඇත්ත මේ පදවැල් අතර තියනව කියල. මහින්ද චන්ද්‍රසේකර මහත්මයා ගුරුවරයකු ලෙස රැකියාව ආරම්භ කළ කෙනෙක්.

      Delete
  16. My elder son too started with her but later went Ms. Piyabhani. I cannot remember why as it is long ago. I nremeber her as teacher who was not concerned about monbey. Dr. Ruwan you have a fantastic memory.

    ReplyDelete
    Replies
    1. Thanks , Mrs Priyabhani Jayakody was my C. teacher @ Nalanda

      Delete
    2. නිලන්ති දේවිකා පියභානි ජයකොඩි මෙනවිය අපිට අකාබනික රසායනය ඉගැන්නුවා 76/77 නාලන්දේ. මා දන්නා තරමින් ඇය විවාහ වුනේ නෑ.

      Delete
  17. Ms. Wallipuram was the well known Chemistry teacher in Veyangoda Central College in nineteen seventies. Unfortunately when I did my A/levels we had a different teacher. That was may be in 1976. I didn't know Ms. Wallipuram had à tution Class in Colombo. Wish her al the best.....

    ReplyDelete
  18. Arnjali SamarasekeraOctober 20, 2016 at 12:04 AM

    මාත් වල්ලිපුරම් මිස් ගෙන් රසායන විද්යාව ඉගෙන ගත්තා ෆසල්ස් ලේන් එකේ තිබුනු ඇගේ නිවසේ දී....
    1981 උසස් පෙලට ඇයට නිදුක් නීරෝගි බව ලැබේවා!

    ReplyDelete
  19. she was their at thiruketheeshwaran kovil at mannar2015....i personally met her whiles on duty.....every morning and evening she is coming to the kovil..and she lives nearby home.

    ReplyDelete
    Replies
    1. Do you know any strategy to find her now. My mother was in Ms. Wallipuram's class and she would be delighted to see.

      Delete
    2. Go to Evening pooja (7.00 pm)at Tirukaneshwaram temple at Mannar. She used to come to the pooja every evening.

      Delete
  20. Dr Do you have any contact information about her. My mother was in class and used to tell her name very frequently. She would be delighted to visit the teacher. If you dont mind let me know any contact detail please.

    ReplyDelete
    Replies
    1. she is in Manna ; Go to Evening pooja (7.00 pm)at Tirukaneshwaram temple at Mannar. She used to come to the pooja every evening.

      Delete
    2. She lives in a home called Ammai Appan Illam which is very close to the ketheeswaram Temple. Everybody in the temple knows her by name.

      Delete
    3. call this # 023 2050822
      Image may contain: 1 person, standing, eyeglasses and sunglasses

      Delete
  21. Although she never taught me, her daughter was a very close friend of mine. People like them are extremely hard to find.

    ReplyDelete
  22. Three types of teachers. Best Explaining, Second Inspiring, Third - Complaining
    Try to be the second type.
    Qualities of a teacher -1. Be a good example
    2. Same as one
    n. Same as one
    Bhagavan Sri Sathya Sai Baba

    ReplyDelete
    Replies
    1. In Sri Lankan School System, we have 3 types of teachers now. ගුරැව..රැ - සැබෑ ගුරැවරැ, ගුරැවරැ - වරැවක් පමණක් වැඩ කරන්නන් සහ ගුරැහොරැ - රැකියාවට පැමිණ පන්තියට නොපැමිණෙන අය

      Delete
  23. හරිම සංවේදියි. ඇයට දිගා සිරි පතමු.

    ReplyDelete
  24. මෙවැනි කතා කියවීමෙන් අප ටත් යම් දුරකට හෝ සාමාජීය පොදු යහපත අරමුණු කර ගනිමින් වෘතීයේ යෙදීමට සිත අවුලුවා ගත හැක.
    ලියුවාට ඔබට තුති !

    ReplyDelete
  25. ස්තුතියි මාඅත් ටික කලක් මිස්ගේ පන්තියට ගියා. පලවෙනි දවස ඇය 'යුරේනියම් අණු දෙක ' කිව්වාම මම බය වුනා යුරේනියම් පරමාණු මිස අණුත් තියනවද කියලා. පස්සෙ තමා තේරුනේ යුරේනියම් 92 කියලා පරමාණුක ක්‍රමාංකය කියපු බව.එක දිගට වැඩ කරගන ගිය බව මතකයි. ඒ 70 දශකයේ අග. ඒකට ආපු හැමෝම වගේ හොඳටම සමත් වුනා. දෙවෘවන් අල්විස් සර් පන්ති පටන්ගත්තෙත් ඒ කාලෙම වගේ. සර් මොරටුවේ හුඟ කාඅලයක් නොමිලේ පන්ති කළා. ඉතා මෑතකදි තමයි ගුරුකමට සමුදුන්නෙ. එහෙම ගුරුවරු අදත් ඇති. නෑ කියලා හිතෙන්නෙ අපි නාකි වෙලා නිසා වෙන්නැති. ගුරු ගීතය පොත බලන හැම වතාවෙම මට මතක් වෙන්නෙ අපට උගන්නපු සමහර ගුරුවරු, එහෙම වදවෙලා අපට ඉගැන්නුවේ ඇයිද කියලා හිතෙන තරමට ඒ අය මහන්සි වුනා.

    ReplyDelete
  26. හොඳ ගුරුවරු අදත් ඇත අතලොස්සක්. පෙර පරිදි උපේක්ෂාවෙන් බලන සමානත්මතාවය ඇති ගුරුවරු නැති බැවින් දැන් කපුගේ ගීතය කියන්න බැරිය

    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නොයන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන

    දැන් කාලයේ තාලයට සමාජය වෙනස් වී මූසිලයන් බහුතරයක් මැද වෙසෙයි ගුරුවරු.

    ReplyDelete
  27. ඒ විදියෙ ගුරුවරු තවමත් සුලු සංඛ්‍යාවක් ඉන්නවා ලංකාවෙ. ඒත් අප්‍රසිද්ධියේ. ඔවුන් ගැන දැනගන්න වෙන්නෙ මැරුනම තමයි.

    ReplyDelete
  28. http://www.divaina.com/2017/07/23/feature08.html
    වල්ලිපුරම් අම්මාගේ "අම්මයි - අප්පන්"
    සංහිඳියාවේ නවාතැන

    නිමල් දයාරත්න

    ස්‌වාමිපුරුෂයාත්, දියණියන් දෙදෙනාත්
    මියගොස්‌ ඇත්තේ පිළිකා රෝගය වැළදීමෙන්

    දකුණේ සිහළ දරුවන්ගේ සුබසිද්ධිය පතා තම ජීවිත කාලයෙන් වැඩිම පරිච්ඡේදයක්‌ ගත කළ එස්‌. වල්ලිපුරම් රසායන විද්‍යා ආචාර්යවරිය ගෙවීගිය හැට.... හැත්තෑව... අසූව.... දශක තුනෙහි වෛද්‍ය, ඉංජිනේරු, කාර්මික ශිල්පීන්, ආචාර්ය මහාචාර්යවරුන් රැසක්‌ දැයට දායාද කළ අති දක්‌ෂ ගුරු මාතාවකි.

    ReplyDelete
  29. වල්ලිපුරම් මිස් වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයයේ රසායන විද්‍යා ගුරුතුමියව හිටියා 60-70 දශක වල, මා දන්නා තරමින්. මගේ මවගේ පවුලේ සොයුරු සොයුරියන් බොහොම දෙනෙක් ඇයගේ සිසු සිසුවියන්ව හිටියා. මේ නිසා මගේ පුංචි අම්මාගේ උපදෙස් පරිදි මමත් 1993 උසස්පෙළ සඳහා වැල්ලවත්ත ෆසල්ස් ලේන් එකේ ඇගේ නිවහනේ පැවැත්වූ පන්තියට ගියා. ඇය මා පුහුණු කරවූයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. එකම ප්‍රශ්නයට තමා සෑහීමකට පත්වන තුරුම මා ලවා නැවත නැවතත් ඇය පිළිතුරු ලියෙවුවා. ප්‍රතිඵලය A සාමාර්ථයක්. මම අම්මාත් සමග ඈ බැලීමට ගොස් ප්‍රතිඵලය කියූ අවස්ථාවේ ඇගේ මුහුණේ ඇති වූ සුන්දර සිනහව මට තවත් මතකයි! ඇය විශිෂ්ට ගුරු මවක්. ඇය ට නිදුක් නිරෝගී සුවය පතමි!

    ReplyDelete
  30. http://www.lankadeepa.lk/sunday/thaksalawa/අවුරුදු-25ක්--සිංහල-දරුවන්ට-ඉගැන්වූ--දෙමළ-ගුරුවරිය/55-522899

    ReplyDelete
  31. 86'අන්තිම කාලේ තමා මට වල්ලිපුරම් ගුරැ තුමිය වෙත යන්න වුනේ .ඇණයක් වෙලාතිබ්බ භෞතික රසායනය ඇය අපුරැවට ගොඩ දැම්මා . දෙව්රැවන් සර්ගෙ දෙහිවල වෙේ‍ද්‍්‍ය රෝඩ් පන්තිය කාබනිකයෙන් රස වුණත් කෙමිස්ට්රි ගොඩ ගියේ වල්ලිපුරම් මිස් හින්දා.
    ඇ ඉන්න තැනක ෙදවියන්ද ගැවසෙනු නිසැකයි

    ReplyDelete
  32. I got to know her because her daughter was my co-ho.Bala was my best friend. She treated everybody same Aunty came with Uncle to give us food.I visited her in Mannar.She hug me crying,may be thinking of her daughter.

    ReplyDelete
  33. mata B ekak. balanna yana kenek Sinhala mage agaraya ethumiyata denna. ahata kadulu awa.

    ReplyDelete
  34. There was a similar person lived in Wellawatta , somewhere near Ramakrishna Road. He was an elderly Tamil gentleman. Very nice person. He never charged money from students. His wife offered us tea as well. He never had large group classes .In 1971 , I went there for AL tuition with a friend . He is Dharmarathna lived in Melder Place Nugegoda. I have never met him after AL exam.

    ReplyDelete
  35. Is this teacher living in this time. Any idea, I am also student of her....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook