Friday, October 14, 2016

පෝල් මැක්ග්‍රෝරි, පේරාදෙනියේ වළ සහ සංස්කෘතික පසුගාමීත්වය

 

පෝල් මැක්ග්‍රෝරි මගේ මිතුරෙකි. ඔහු උපත ලැබුවේ ස්කොට්ලන්තයේය​. අප දෙදෙනාම එකම වසරේ ලෝක ගෝලයේ ස්ථාන දෙකක උපත ලැබීම විශේෂ දෙයක් ලෙස අප සලකන්නෙමු. පෝල් අවුරුදු විසි පහේදී කැනඩාවට සංක්‍රමණය වෙයි. 

මගේත් පෝල් ගේත් ළමා සහ ගැටවර කාලයන් ගත වෙන්නේ අප උපන් දේශ වලය​. නිරන්තරයෙන්ම අප දෙදෙනා අපගේ ළමා සහ ගැටවර කාලයන් ගැන කතා කරන්නෙමු. එහිදී අප අතර තිබූ සමානතා අසමානතා අපගේ සාකච්ඡාවට ලක්වේ. 

නව යොවුන් සමයේදී පෝල් සවන් දුන් සියළුම පොප් ගීත වලට එම කාලයේදීම මාද සවන් දී තිබේ. උදාහරණයක් ලෙස පෝල් දොලොස් හැවිරිදිව සිටියදී ඔහු ඉයන් සදලෑන්ඩ් ගේ  (Sutherland Brothers and Quiver - Arms of Mary) ගීතයට ප්‍රිය කරයි. මමද දොලොස් හැවිරිදිව සිටියදී එම ගීතය ප්‍රිය කලෙමි. එසේම ඒ කාලයේ පැතිරී ගිය බීට්ලස් , ඇබා , බීජීස් , ඩෝනා සමර්, රොඩ් ස්ටුවර්ට් , පින්ක් ෆ්ලොයිඩ් , සන්ටානා යනාදීන් ගේ පොප් රොක් රැල්ල අප දෙදෙනාම ග්‍රහනය කර ගන්නේ සමකාලික ලෙසටය​. එහෙත් ස්ථාන දෙක වෙනස් ය​. පෝල් දියුණු රටක් වූ මහා බි‍්‍රතාන්‍යයයේ සිටද මම තුන්වන ලෝකයේ රටක් වූ ලංකාවේ සිටද මෙම රැල්ල වින්ඳෙමි. 

ඔහු පාසල් දරුවෙකු ලෙස ක්‍රේසි බෝයිස් චිත්‍රපට බලන විට මමද පාසල් ළමයෙකු ලෙස ඒ චිත්‍රපට බලා තිබේ. එසේම ජේම්ස් බෝන්ඩ් චිත්‍රපට , ක්‍රිස්ටෆර් ලී ගේ  Dracula චිත්‍රපට අප එකම කාල පරාසයන් තුල නරඹා තිබේ. 

මා සමග එකී කාලයන් ගැන කතා කිරීමේදී පෝල් බොහෝ විට විමතියට පත් වේ. මුල් කාලයේ ඔහුගේ අදහස වූයේ ශ්‍රී ලංකා සමාජය වූ කලී ඉතා ප්‍රාථමික නූගත් පසුගාමී සමාජයක් කියාය​. එහෙත් මා සමග සංවාදයෙන් පසු පෝල් මෙසේ කීවේය​. 

" රුවන් සංස්කෘතිකව ග්ලාස්ගෝ වල ජීවත් වූ මමත් කොලඹ ජීවත් වූ නුඹත් අතර එතරම් වෙනසක් තිබී නැත​. ග්ලාස්ගෝ වල තිබූ පොප් සංස්කෘතිය කිසිම අඩුවක් නොමැතිව නුඹලාද විඳ තිබේ. සංගීතය මෙන්ම සිනමාවද මීට අයත් වේ. මා දැක තිබූ චිත්‍රපට සියල්ලම පාහේ නුඹද බලා තිබේ. මේ අනුව ස්කොට්ලන්තය මෙන්ම ලංකාවේද  සංස්කෘතික  වශයෙන් දියුණු පොකට්ස් තිබී ඇති බව මට පෙනී යයි. 

බටහිර සංගීතය සමග බැඳුණු පොප් රැල්ල ලාංකිකයන්ට ලබා දීමේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය කරන ලද මෙහෙය තවමත් කිසිවෙකුගේ අවධානයට ලක්වී නැත​. මෙම ඉංග්‍රීසි සේවයේ නිවේදකවරුන් වූ වර්නන් කොරයා ,රාජන් වෛරවනාදන් , ජිමී බරුචා, නෙරන්ජන් අබේසුන්දර , රවි ජෝන් , ෆයිසාල් බොන්සෝ , චන්න පෙරේරා  යනාදීන්   ලංකාව පොප් ලෝකය සමග සම්බන්ධ කළහ​. 

වරක් කැනේඩියානු කාන්තාවක් වූ තෙරේසා ෆොස්ටර් මම ඈන් මරේගේ ගීත අසා තිබේද කියා ඇසුවාය​. මම ඇයට කීවේ මම ඈන් මරේගේ ගීත අසා තිබෙනවා පමණක් නොව 1978 වසරේ පාසල් සිසුවෙකුව සිටියදී මට ඈන් මරේගේ ගීත ඇල්බමයක් සහිත කැසට් එකක් තිබූ බවයි. මේ පිලිතුරෙන් තෙරේසා ෆොස්ටර් මහත් විමතියට පත් වූවාය​. තුන්වැනි ලෝකයේ නොදියුණු රටක් වූ ලංකාවේ මිනිසුන් කැනේඩියානු ගායිකාවක වූ ඈන් මරේගේ ගීත අසා තිබෙනවා යන්න ඇයට අදහා ගැනීමටත් නොහැකි වූවාය​. එය අපට හරියට බින්තැන්නේ වැද්දන් මෝසාට් ගේ Symphony No. 40 in G minor, KV. 550 ට සවන් දෙනවායි ඇසූ විට අපෙගේ දෙනෙත් උඩ යන ප්‍රතිචාරයම එදා තෙරේසා ෆොස්ටර් මට දුන්නාය​. 

මෑත කාලයේදී කැළනිය විශ්ව විද්‍යාලයේ දිග කලිසම් තහනම මෙන්ම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වලේ හෙවත් සරච්චන්ඳ්‍ර එලිමහන් රංග පීඨයේ කිස් එකකට දැක්වූ විරෝධය මෙන්ම නාට්‍යකරුවන්ට බිත්තර ප්‍රහාර එල්ලවීම මගේ අවධානයට ලක් විය​.  මෙවැනි ක්‍රියා   අනාගතයේ ලංකා සමාජය ගමන් කරන සංස්කෘතික වශයෙන් පසුගාමී තලෙබාන් මාර්ගය පෙන්වන්නකි. ලිං මැඩියන් බඳු මෙවැනි ක්‍රියා ප්‍රවර්ධනය කරන  පුද්ගලයන් අපගේ සමාජය ඇදගෙන යාමට උත්සහ දරන්නේ තෙරේසා ෆොස්ටර්ලා අප ජීවත් වනවා යැයි සිතන නූගත් පසුගාමී අසංකෘතික රටකටය​. 

වරක් ඉරාන ජාතික සිසුවියක් වන සාහර් මට මෙසේ කීවාය​. " ෂා රජුගේ කාලයේ මිනිසුන් එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වලට සවන් දීම අයතොල්ලාගේ අනුගාමිකයන් රිස්සුවේ නෑ. එම නිසා අයතොල්ලාගේ ආගමනයත් එක්ක බටහිර සංගීතය තහනම් උනා. ඒ එක්කම ඉරාන පොප් ගීතත් තහනම් උනා. ඔවුන් මිනිස්සුන්ට දුන්නේ විලාප වැනි ආගමික ගීත​. මේ නිසා බොහෝ දෙනෙක් සංගීතයට සවන් දීම අත් හැර දමා යාන්ත්‍රික මිනිසුන් බවට පත් උනා" 

සාහර් මේ කියන්නේ බටහිර අනුකාරකයන් කියමින් බටහිරට බැන බැන ස්වකීය ගං කබරයන් ඉහලට ගෙනා සමාජයකට අත් වූ ඉරණමයි. අපද ගමන් කරන්නේ දේශීය ගං කබරයන් ප්‍රවර්ධනය කරන ආස්ථානයකටය. 

කැළනිය විශ්ව විද්‍යාලයේ දිග කලිසම්  ගලවන්නට හැදූ , පේරාදෙනිය වලේදී හාද්දක් දැක එරියස් පෙන්වූ මෙන්ම නාට්‍යකරුවන්ට බිත්තර ගැසූ බාලයන් වහාම පුනරුත්ථාපනය කිරීම අපගේ සමාජයේම වගකීමකි. නැතහොත් මොවුන් මේ සංස්කෘතික පසුගාමීත්වය ලාංකීය සමාජය පුරා පතුරවනු ඇත​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 comments:

  1. රාජපක්ෂලා සිංහල බින්ලාඩන්ලා ජාතක කොට සරසවි වලට එව්වාද? නැතහොත් සරසවි සිසු සංගම් විසින් වැසිකිලිවලදී ඔවුන් ජාතක කළාද?

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රෂ්ණයම රාජපක්ෂලා වෙත ලගු කරන්නට උත්සහ දැරීම අන්තගාමී මානසිකත්වයකි. රාජපක්ෂ රජය උත්සාහ කලේ ජාතුකත්වය ගැන හැඟීමක් සහිත ජාතියක් තැනීමට විනා යූ එන් පී කාරයන් උදේ හවස මොර දෙන ආකාරයේ ජාතිවාදී උන්මත්තක සමාජයක් තැනීමට නොවෙයි කියා මා සිතමි. මෙවන් පාට කණ්නාඩි විවේචන වලින් සැබෑ ප්‍රශ්නය සැඟව යන බවනම් නියතයි.
      ලංකාව මේ බුදු දහමට කිසි සේත් නොගැලපෙන "නූතන තලේබාන්" සංස්කෘතියක් කරා යාමෙහි ආරම්භය මා දකිනා ආකාරයට ලංකාවෙහි සිටි බුද්ධාගම්කාර නායකයන් අධි වික්ටෝරියානු සංස්කෘතිය ගෙඩිය පිටින් වැලඳගැනීමෙහි සිට ක්‍රමයෙන් විකාශනය වෙමින් එන්නකි.

      Delete
    2. හැම ප්‍රෂ්ණයම රාජපක්ෂලා වෙත ලගු කරන්නට උත්සහ දැරීම අන්තගාමී මානසිකත්වයකි// athha

      Delete
  2. මනමේ නාට්ටියට වලේදිිි බිත්තර ගහද්දී වැි රජාට රඟපෑවේ අපේ ගුරුතුමා ජයනාත් බණ්ඩාර මහතා

    ReplyDelete
  3. Nayane - sithuwiliOctober 14, 2016 at 2:26 PM

    "නූතන තලේබාන් සංස්කෘතිය" ඔව් ප්‍රශ්නය ඇදී යමින් තියෙන්නේ එතැනට තමයි.
    මෙයට වගකිව යුතු පාර්ශව බොහෝමයක් ඉන්නා බවයි මට පෙනෙන්නේ. මෙවැනි ඍජු විවේචන ලියැවීම වැදගත්

    ReplyDelete
    Replies
    1. තුති ඔබට මා කියන්න හැදූ කාරණාව තේරුම් ගැනීම ගැන

      Delete
  4. /* රුවන් සංස්කෘතිකව ග්ලාස්ගෝ වල ජීවත් වූ මමත් කොලඹ ජීවත් වූ නුඹත් අතර එතරම් වෙනසක් තිබී නැත​. ග්ලාස්ගෝ වල තිබූ පොප් සංස්කෘතිය කිසිම අඩුවක් නොමැතිව නුඹලාද විඳ තිබේ. සංගීතය මෙන්ම සිනමාවද මීට අයත් වේ. මා දැක තිබූ චිත්‍රපට සියල්ලම පාහේ නුඹද බලා තිබේ. මේ අනුව ස්කොට්ලන්තය මෙන්ම ලංකාවේද සංස්කෘතික වශයෙන් දියුණු පොකට්ස් තිබී ඇති බව මට පෙනී යයි */

    මේ පෝල් මැක්ග්‍රෝරි කියන්නේ ලිඳක සිටි ගෙම්බෙකි. පොර හිතන්නේ උසස් සංස්කෘතිය යනු පොප් මියුසික් අසා ජේම්ස් බොන්ඩ් බැලීම වැනි දේ කියා ද?


    ඒ අදහස ඔබ අනුමත නොකරන්නට ඇතැයි සිතමි.

    ලංකාවේ කලාව සංස්කෘතිය ගැන ඔබ ඔහුට කීවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ පෝල් මැක්ග්‍රෝරි කියන්නේ ලිඳක සිටි ගෙම්බෙකි. පොර හිතන්නේ උසස් සංස්කෘතිය යනු පොප් මියුසික් අසා ජේම්ස් බොන්ඩ් බැලීම වැනි දේ කියා ද?////// මේ කතාවේ එසෙන්ස් එක තේරුම් ගන්න බලන්න , මේ කතාව පොප් මියුසික් අසා ජේම්ස් බොන්ඩ් බැලීම ගැන නොවේ

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Rasika you nailed to the point , civilization is relative to the culture. Look at all the garbage coming in the name of pop and American culture these days!

      Delete
    4. So what do you suggest ; embrace Taliban system or Boko Haram ?

      Delete
  5. ලංකාවේ විශ්වවිද්‍යාලවල ඔබ කියා ඇති දේ කරන පිරිස සමාන කළ හැක්කේ ඕනෑම ගමක නගරයක හවසට අරක්කු බී කුඩු ගසා පිස්සු කෙලින කීප දෙනාට ය. අති බහුතරය අධ්‍යයන කටයුතු නිමකර උපාධි ලබා පිටව යති.

    ReplyDelete
    Replies
    1. නමුත් මේ කුඩා පිරිසට කල හැකි බලපෑම විශාලය , ඔවුන් ගේ බිත්තර ප්‍රහාරය නිසා මුළු නාට්‍ය මාලවක්ම අවලංගු කොට තිබේ. මීට එරෙහිව හඞ නැගූ ඔබ කියන (අති බහුතරය අධ්‍යයන කටයුතු නිමකර උපාධි ලබා පිටව යති) අති බහුතරය කෝ , කොහේද ඔවුන් ගේ හඞ.

      Delete
  6. ‘‘ මේ කතාවේ එසෙන්ස් එක තේරුම් ගන්න බලන්න‘‘...ඒක තමයි ප්‍රශ්නෙ රුවන්. පොල්ලෙන් ගැහුවා වාගෙ කිව්වෙ ලිවුවෙ නැත්නම් කිසි දේක අන්තර්ගතයක්, පසුබිමක් තේරුම් ගන්න හුග දෙනෙක් උත්සාහ කරන්නෙ නැහැ. මගේ අදහස ඔය හැමෝම බැන වදින ජේ ආර් ගේ ‘විවෘත ආර්ථික‘ය එන්න ගොඩක් ඉස්සර ඉදලා අපි බටහිරට බොහෙම හොදින් විවෘතව හිටියා. ඒ ආර්තික වශයෙන් නොවෙන්න පුලුවන්. ඒ බලපෑම ගැන සියුම් විදියට මම මගේ පලමුවන නවකතාවේ -‘ලෝක සිතියමේ අපේ ගම තියෙනවා ද?‘- පොතේ ලිව්වා. ඒත් ඒක අපේ ‘උගත් විචාරකයන්ට‘ වත් තේැුනේ නැහැ ! මම ඒ 1960 ගණන් වල ඉදලා ලියාගෙන ආ කතා වේ සමහර උදාහරන, බටහිර චිත්‍රපටි, සංගීතය ආදිය ගැන ලෝක ප්‍රශිද්ධ වුනු ‘කයිට් රනර්‘ නවකතාවෙත් ඒ විදියට ම ලියවුණා ඇෆ්ගනිස්ථානය යේ ගෙවුනු තමන් ගෙ ළමා කාලය ගැන ඒ පොතේ කතුවරයා ලියද්දිත්. 60/70 ගණන් වෙනකොට සංස්කෘතිමය වශයෙන් බොහොමයක් තුන්වෙනි ලෝකයේ රටවල් බටහිර සංස්කෘති අංග වලට විවෘතව තිබුණා කියන එක මම නං පිලිගන්නවා මොකද ගමෙන් රත්නපුර නගරයට ආ 60 ගණන් වල මුල සිට මම ත් ඔය ප්‍රවාහයට අහුවුණු නිසා. ඒත් ඒ කාලෙවත් දැන් වාගෙ තලෙබාන් අදහස් අපේ සමාජයේ තිබිණු බව ට නම් මට අත්දැකීමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. උපාලි මම රසිකට තේරුම් කර දෙන්නට හැදූ දෙය ඔබ පෙන්වා දී තිබෙනවා. ඔබ ඒ කාලයේ කල ලිවීම් වැදගත්

      Delete
  7. සංස්කෘතික තලේබාන්ලා හොල්මන් කරන්නේ දේශපාලන තලෙබාන්ලාගේ උවමනාවන් සපුරාදෙන්නටය. ඉතාම අවාසනාවන්ත තත්වයකට විශ්ව විද්‍යාල පවා ඇදගෙනයන්නේ මේ පටු අරමුනු වෙනුවෙන්.


    ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය මතක් කර තැබීම අගය කරමි. ඒ වගේම සිංහල සේවයේ සිටි අය පවා විදෙස් සංස්කෘතීන් , පොත්, පත් පරිශීලනය කල අය බව අසා තියෙනවා. දෙමළ සේවයත් එසේවූ බව කියනවා.

    ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. මේ ලිපිය කියවා බලන්න.

    ReplyDelete
    Replies
    1. අරුණ ඔබගේ කතාව හරි ; ඒ නිවේදකයන් කල්චරල් පාලම්

      Delete
  8. මේ ජගත් ආදිපොල මුහුණු පොතේ පළ කල කොමෙන්ටුවක්. මේ කතාවේ එසෙන්ස් එක ග්‍රහනය කර ගත් ජගත් මේ පවසන්නේ ඔහුගේ අත්දැකීමක් (Jagath D Adipola ) I went through same experience when I studied in Russia. There were many Jamaicans and they were really surprised to see that student from far Asian country like Sri Lanka joined with them to celebrate the Bob Marley's day. I could sing with them all songs of Bob's and later we gathered to sing often not only Bob's songs but other groups too. There were 20 - 30 students from various countries and we talk in different languages but we had 2 common languages - One is Russian and second is MUSIC. Like Ruwan mentioned it was the result of freedom we had and remember how some Afghanistan and some Arabic students join with us but they never hurt all these songs when they were at there countries. Yes Ruwan now things are changing here in SL and it's sad to see what's happening.

    ReplyDelete
  9. අපේ සමාජය තුළ උප සංස්කෘතික කණ්ඩායම් ගණනය කල නොහැකි තරම් තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් තුළ තිබෙන්නේ සමාජානුයෝගී ලක්ෂණ වලට වඩා ගෝත්‍රික ලක්ෂණ. ඒ නිසයි මෙහෙම දේවල් සිදුවෙන්නේ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. "රුවන් සංස්කෘතිකව ග්ලාස්ගෝ වල ජීවත් වූ මමත් කොලඹ ජීවත් වූ නුඹත් අතර එතරම් වෙනසක් තිබී නැත​. ග්ලාස්ගෝ වල තිබූ පොප් සංස්කෘතිය කිසිම අඩුවක් නොමැතිව නුඹලාද විඳ තිබේ. සංගීතය මෙන්ම සිනමාවද මීට අයත් වේ. මා දැක තිබූ චිත්‍රපට සියල්ලම පාහේ නුඹද බලා තිබේ. මේ අනුව ස්කොට්ලන්තය මෙන්ම ලංකාවේද සංස්කෘතික වශයෙන් දියුණු පොකට්ස් තිබී ඇති බව මට පෙනී යයි. "

    රුවන් වෙනුවට ඔතන පොප් සංගීතය ගැන, බටහිර චිත්‍රපටි ගැන මෙලෝ මලදානයක් නොදන්න, ඒවා රස නොවිඳපු කෙනෙක් හිටියනම්, ඔහු ලංකාව ගැන හිතන් හිතපු විධිහ හරි කියලා එයා ස්තීර කර ගන්නවා..

    අනිත් එක සංස්කෘතික වශයෙන් දියුණුයි කියන මිම්ම ගන්නේ බටහිර නිර්මාණ වලින් විතරද කියන ප්‍රශ්නෙත් මතු වෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙතන කියන කාරනාව මේකයි ; බලන්න උපාලිගේ කොමෙන්ට් එක ; සංස්කෘතිමය වශයෙන් බොහොමයක් තුන්වෙනි ලෝකයේ රටවල් බටහිර සංස්කෘති අංග වලට විවෘතව තිබුණා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook