Friday, September 20, 2019

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර පිළිබඳව සටහනක්


 වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර  මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය​. 

මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය​.  ඒ 1998 විය යුතුය​. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය​. සීමාවාසික සමයේ සිට රෝගීන් කෙරෙහි ඔහු තුල තිබූ කැපවීම මා නිරීක්‍ෂණය කලෙමි. 

වරක් භ්‍රෑණයා මිය ගොස් යැයි සැක කොට ඝර්භාෂය සේදීමට යොමු කොට සිටි මුස්ලිම් කාන්තාවකගේ  භ්‍රෑණයා මිය ගොස් නොමැති බව මා සොයා ගත්තෙමි. ඉන් පසුව ඉතා ඉක්මනින් සීසර් ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය විය​. මෙම කාන්තාවට අවශ්‍ය ලේ සූදානම් කොට ශල්‍යාගාරය දැණුවත් කොට චන්දන එම සීසර් ශල්‍යකර්මය කිරීමට මට සහාය විය​. එදා ඔහුගේ සහාය නිසා මට ළදරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය​. 

2007 වසරේදී මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විට ඔහු මා සමග මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේ මා සමග සේවය කලේය​. අප දෙදෙනාගේ මේස තිබුනේ එක ලඟය​. එදා ඔහු මගේ ඉන්ටර්න්වරයා වූවද මාදම්පේ නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක  කාර්‍යාලයේදී අප මිතුරන් වූයෙමු. සැබවින්ම ඔහු යහපත් මිත්‍රයෙකු විය​. 

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සමග  අප දෙදෙනා  මුළු දිස්තික්කය පුරා ගියෙමු. කෙතරම් වැඩ කලත් චන්දන විඩාබර නොවීය​. ඔහු සමග වැඩ කිරීම විනෝදයක් විය​. 

පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ලංකාවේ වෛද්‍ය සේවයට දායාද කල වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර යහපත් වෛද්‍යවරයෙකු විය​. ඔහු ගිණි කන්නෙකු මෙන් පුද්ගලික සේවාවේ ඇලී ගැලී රෝගීන් මරාගෙන කෑවේ නැත​. ඔහු රෝගීන්ට කරුණාවෙන් සැලකුවේය​. ඔහු සෑමදෙනාගේම මිතුරෙකු විය. සැබවින්ම වෛද්‍ය චන්දන චන්ද්‍රසේකරට සතුරන් සිටියේ නැත​. 

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර තුල සාහිත්‍යකාමියෙකු මෙන්ම සංගීතවේදියෙකුද සිටියේය​. ඔහු ටෙලි නාට්‍ය කලාවද හොඳින් දැන සිටියේය​. බොහෝ දක්‍ෂතා තිබූ වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර අප හැර ගියේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතකය​. 
චන්දනලා වැනි නිර්ව්‍යාජ වෛද්‍යවරු ලංකාවට අවශ්‍ය යුගයක ඔහු අප හැර ගියේය. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Posttraumatic Embitterment Disorder and Meditation




Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003.  PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.

Embitterment is a persistent feeling of being let down or insulted, or feeling revengeful but helpless. The feeling of bitterness is always associated with a burning sense of unfairness or injustice, a protesting feeling of having been wronged without cause. It signifies an aggressive protest against a felt and perceived injustice, and is a goad to desperate, sometimes reckless, efforts to gain redress.

Dr.  Linden recognized embitterment as a unique human emotional experience. Feeling embittered is a prolonged emotional state of hate and anger caused by the belief that one has been treated unfairly. Dr.  Linden states that similar to anxiety or depression, embitterment must be understood as a dimensional phenomenon, which becomes pathological when reaching greater intensities, when it is associated with additional symptoms, and when daily role performance is impaired.

Dr. Linden states that PTSD is caused by a physical threat to one’s life; in PTED it is hypothesized to come from a threat to one’s basic belief system. PTED is thus, like PTSD, not characterized by a particular type of stressful events, but by a distinct psychological process (experiences of injustice and humiliation) and by a highly specific psychopathological profile (embitterment). Elevated rates of PTED may occur in times of major social changes that force people to reorganize their personal biographies.

The PTED patients are suffering from severe, multiform, and disabling symptoms. The trigger event in PTED is an exceptional, though normal negative life event that is experienced as a violation of basic beliefs and values. The predominant emotion in PTED is embitterment.

Core criteria of Post traumatic Embitterment Disorder are: (1) a single exceptional negative life event precipitates the onset of the illness; (2) the present negative state developed in the direct context of this event; (3) the emotional response is embitterment and feelings of injustice; (4) repeated intrusive memories of the event; (5) emotional modulation is unimpaired, patients can even smile when engaged in thoughts of revenge, and (6) no obvious other mental disorder that can explain the reaction. Additional symptoms are feelings of helplessness, self-blame, rejection of help, suicidal ideation, dysphoria, aggression, down-heartedness, seemingly melancholic depression, unspecific somatic complaints, loss of appetite, sleep disturbances, reduced drive pain, phobic symptoms in respect to the place or to persons related to the event.

Posttraumatic Embitterment Disorder may occur in times of major social changes that force people to reorganize their personal biographies. According to Professor Harald Ege Post-Traumatic Embitterment Disorder is the most appropriate psychological diagnosis for victims of workplace conflicts, particularly bullying.

Dr Linden proposes “wisdom therapy” as an approach to treat PTED. Wisdom therapy is a form of cognitive therapy based on recent developments in the field of wisdom psychology.

Does Meditation therapy help in Posttraumatic embitterment disorder? According to Prof. Dr. Michael Linden (Personal Communication, 2019) if meditation helps to distance oneself from what happened, or to induce thoughts of forgiveness and consolation with what happened, it will be helpful. 

Mood impairments, somatoform complaints, withdrawal from social contacts, aggressive violent thoughts are common in Posttraumatic embitterment disorder. In addition self blame self criticism, free floating anger, bitterness, wrath, malice, and unforgiveness affect their functionality.  These conditions impact mental and moral well-being.

Dunn & Sensky (2018) indicate that rumination which is linked with chronic embitterment impairs executive functions and problem-solving. Rumination is a maladaptive pattern of thought (Sluder, 2013). Mindfulness allows individuals to disengage from rumination by directing attention to the present moment (Segal et al. 2002 Deyo et al., 2009).

Mindfulness is associated with interpersonal forgiveness (Karremans et al., 2019). Mindfulness enhances forgiveness (Oman et al., 2008). Meditation helps to reduce violent thoughts. In addition meditations such as loving-kindness meditation increase social connectedness (Hutcherson et al., 2008). Furthermore     mindfulness-based therapies are effective in somatoform conditions (Lakhan & Schofield, 2013). Moreover Spiritual meditation which is based on mindful practice helps to reduce negative feelings in PTED and increase spiritual confidence. 

Ruwan M Jayatunge M.D. 

Thursday, September 12, 2019

විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම සහ දීගොඩ කුමාර




දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය.

පාසල වෙත මම යන විට
කකුල කැඩුනි කළු ගලකට
යන්ට බැරුව සිටින කලට
ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට

එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර  විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම ආරම්භ කොට තිබේ. 

ඉතා පහසුවෙන් මුලා කල හැකි ශ්‍රී ලාංකික ජනතාව මෙම විශ්ව ශක්ති මගින් , එලොවින්  ආ ජීවකයන් මගින් ලෙඩ සුව කිරීම විශ්වාස කරති. මේ නිසා කපටි ජාවාරම්කරුවෝ  ඕනෑම ලෙඩක් සුව කරන ජීවකයෝ බවට පත් වෙති. ඔවුන්ට ප්‍රචාරය ලබා දීමට සහ සෙනඟ ඇද්දවීමට සඳහා තවත් කොටසක් සිටිති. මොවුන් අනියම් ලෙස අදාල වෙදාගෙන් යැපෙන්නෝය​.

තවත් සමහරක් භින්නෝන්මාද (schizophrenia)  ලක්‍ෂණ නිසාද තමන්ට විශ්ව ශක්තියක් තිබෙන බව කියා ලෙඩුන් සුව කිරීමට යති. මනෝ ප්‍රතිකාර අවශ්‍ය කෙරෙන මෙම හඳුනා නොගත් රෝගීන්ට මෝඩ ජනතාව විසින් අනේක ගරු බුහුමන් කරමින් ඔවුන් ගේ විකාර ප්‍රතිකාර ලබා ගනිති. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ඩිලියුෂන් හෙවත් මෝහ තත්වයෙන් පෙලෙන කාන්තාවක් විසින් රාජකීය විද්‍යාලයේ සිසුන්ට දේව කැඳ වසර ගනනාවක් පුරා පෙවීමය​. එය හිටපු විදුහල්පතිවරයාටද එම කාන්තාවටද වටේ සිටි හෙන් චයියන්ටද රන් ඉල්ලමක් විය​. 

මීට වසර ගනනාවකට ඉහතදී එලොවින් ආ ජීවකයෙකු නන්දසේන සූරිය ආරච්චි නම් මාධ්‍යවේදියෙකුට ගෙවීම් කරමින් විශාල සුව මෙහෙයක් පැවැත්වීය​. මම ඔහුට ලක්බිම පුවත්පත හරහා 2007  වසරේ අභියෝග කිරීමෙන් පසු ඔහු තාවකාලිකව මේ වියාපාරය නවතා දැම්මේය​. 

විශ්ව ශක්ති යනාදී සුව මෙහෙයුම් මගින් රෝගීන් සුව කල හැකිද ? මගේ අදහස නම් මෙහි තිබෙන ඇණවුම් චිකිත්සාව නිසා විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන් සුවය ලබති. නමුත් බරපතල මාරාන්තික රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර නවත්වා සුව මෙහෙයුම් කිරීම මගින් මරණය ලඟා කර ගත හැකිය​. 

විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන්ට   මනෝ ප්‍රතිකාර ලබා දීමේන් විඝටන තත්වය නිසි පරිදි  සුව කල හැකිය. මෙවැනි යාඥා , විශ්ව ශක්ති ප්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ යටපත් වනවා මිස විඝටන ආබාධය සහමුලින් සුව වන්නේ නැත

මිනිසුන් බොහෝ දෙනෙකු මෙම විශ්ව ශක්ති සුව මෙහෙයුම් කරා ඇදෙන්නේ ඇයි? මාගේ අදහස නම් ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු තුල තිබෙන සන්නිවේදන ඌනතාව නිසා රෝගීන් වෛද්‍ය  ප්‍රතිකාර කෙරෙහි  එතරම් විශ්වාසයක් නොතබති. තවද මාධ්‍ය මගින් නොකඩවා මිත්‍යාව සමාජ ගත කරන නිසා ලංකා සමාජය තුල තාර්කික බුද්ධිය යටපත් වී තිබේ. මේ හැර විද්‍යාව ඉගෙන ගත් නමුදු එය කටපාඩමින් මිස තාර්කිකව ඉගෙන නොගත් නිසා විද්‍යා උපාධිධාරීන් පවා මේ වියාජ්‍යයන්ට රැවටෙති. මේ පුද්ගලයන් ගේ මොලය විසි වන සියවසේ නමුදු හදවත තවමත් තිබෙන්නේ ගල් යුගයේය​. 

දීගොඩ කුමාර  තමන් ගේ  විශ්ව ශක්ති ප්‍රතිකාර අරඹන්නේ එලොවින් ආ ජීවකයා මෙන් මාධ්‍යවේදීන් අල්ලාගෙන නොව වෛද්‍යවරු කිහිප දෙනක් අල්ලාගෙනය​. මින් එක් වෛද්‍යවරයෙකු වූ සංජීව හෙයියන් තුඩුව මා සමග 1985 උසස් පෙළ පන්තියේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකි. වෛද්‍යවරු පවා මෙම විශ්ව ශක්ති ප්‍රතිකාර මුලාසියට  අනුග්‍රහ දක්වන්නේ මුල්‍යම හෝ වෙන යම් වාසියක් තකාද හෝ නැතහොත් තම විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තර්කානුකූලව වටහා ගැනීමට තිබෙන නොහැකියාව නිසාද කියා මම නොදනිමි. 

බොහෝ විශ්ව ශක්තිකරුවන් තම  ව්‍යාපාරය ආරම්භ කරන්නේ මම සල්ලි ගන්නේ නෑ කියමිනි. නමුත් එය පසුපස බොහෝ යටි අරමුණු තිබේ.සමහරක් අරමුණු දේශපාලන බලය ගැනීම සඳහා කෙරෙන වෑයම් ය 

 දේශපාලකයන් ද මෙවැනි ව්‍යාජ සඳහා අනුග්‍රහය දෙති . මයිකල් මුවර් කියූ පරිදි නීරෝගී තාර්කික ශක්තියෙන් හෙබි ජනතාවක් පාළනය කිරීම අපහසුය​. එම නිසා ඔවුන්ව මිත්‍යාවේ සහ මුළාවේ නිබඳවම ගැල්විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි )


Thursday, September 5, 2019

JVP and LGBT



ජවිපෙ සාමාජිකයෙකු මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරයේ පතාකයෙකු වූ නිෂ්මි සමරිසියෙකු බවත් ඔහුගේ සමරිසි යොමුව ඇමක් ලෙස දා ආරක්‍ෂක අංශ ඔහුව අත් අඩංගුවට ගත් අයුරු රංජිත් පීරීස් විසින් ලියා ඇති බව .මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. විජේවීර සහ ජවිපෙ මුල් කාලයේ සිට සමරිසි විරෝධයක් පෙන්වා සිටියද නිෂ්මි සමරිසියෙකු බව ඔවුන් නොදැන සිටි බව පිලිගත හැකි කරුණක් නොවේ. ජවිපෙන් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස්ව නෙරපා හරින්නෙත් ඔහුගේ සමරිසි කේස් නිසාය. එහෙත් ඔවුන් නිෂ්මි අරබයා කිසිවක් කලේ නැත. සිරගතව සිටි සමයේ විජේවීර පක්‍ෂයේම සාමාජිකයෙකු වූ මහ නඩුවේද විත්තිකාරයෙකු වූ එක් ලාබාල සිරකරුවෙකුට ආශක්තව සිටි බව වරක් විජේවීර ගේ හිටපු ලේකම්වරයෙකු වූ කල්‍යාණ කරුණාරත්න මා සමග පැවසීය. ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පොතපත සහ පරියේෂණ පිලිබඳව කියවා තිබෙන මා හට විජේවීර ගේ එම නැමියාව පුදුමයකට කරුණක් නොවේ. එහෙත් පුදුමය නම් සමරිසි භාවයන් තම පක්‍ෂය තුල තිබියදීම ඔවුන් සමරිසි විරෝධී ස්ථාවරයක් ගැනීමයි.

Find Us On Facebook