Thursday, September 12, 2019

විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම සහ දීගොඩ කුමාර




දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය.

පාසල වෙත මම යන විට
කකුල කැඩුනි කළු ගලකට
යන්ට බැරුව සිටින කලට
ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට

එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර  විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම ආරම්භ කොට තිබේ. 

ඉතා පහසුවෙන් මුලා කල හැකි ශ්‍රී ලාංකික ජනතාව මෙම විශ්ව ශක්ති මගින් , එලොවින්  ආ ජීවකයන් මගින් ලෙඩ සුව කිරීම විශ්වාස කරති. මේ නිසා කපටි ජාවාරම්කරුවෝ  ඕනෑම ලෙඩක් සුව කරන ජීවකයෝ බවට පත් වෙති. ඔවුන්ට ප්‍රචාරය ලබා දීමට සහ සෙනඟ ඇද්දවීමට සඳහා තවත් කොටසක් සිටිති. මොවුන් අනියම් ලෙස අදාල වෙදාගෙන් යැපෙන්නෝය​.

තවත් සමහරක් භින්නෝන්මාද (schizophrenia)  ලක්‍ෂණ නිසාද තමන්ට විශ්ව ශක්තියක් තිබෙන බව කියා ලෙඩුන් සුව කිරීමට යති. මනෝ ප්‍රතිකාර අවශ්‍ය කෙරෙන මෙම හඳුනා නොගත් රෝගීන්ට මෝඩ ජනතාව විසින් අනේක ගරු බුහුමන් කරමින් ඔවුන් ගේ විකාර ප්‍රතිකාර ලබා ගනිති. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ඩිලියුෂන් හෙවත් මෝහ තත්වයෙන් පෙලෙන කාන්තාවක් විසින් රාජකීය විද්‍යාලයේ සිසුන්ට දේව කැඳ වසර ගනනාවක් පුරා පෙවීමය​. එය හිටපු විදුහල්පතිවරයාටද එම කාන්තාවටද වටේ සිටි හෙන් චයියන්ටද රන් ඉල්ලමක් විය​. 

මීට වසර ගනනාවකට ඉහතදී එලොවින් ආ ජීවකයෙකු නන්දසේන සූරිය ආරච්චි නම් මාධ්‍යවේදියෙකුට ගෙවීම් කරමින් විශාල සුව මෙහෙයක් පැවැත්වීය​. මම ඔහුට ලක්බිම පුවත්පත හරහා 2007  වසරේ අභියෝග කිරීමෙන් පසු ඔහු තාවකාලිකව මේ වියාපාරය නවතා දැම්මේය​. 

විශ්ව ශක්ති යනාදී සුව මෙහෙයුම් මගින් රෝගීන් සුව කල හැකිද ? මගේ අදහස නම් මෙහි තිබෙන ඇණවුම් චිකිත්සාව නිසා විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන් සුවය ලබති. නමුත් බරපතල මාරාන්තික රෝග වලින් පෙලෙන පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර නවත්වා සුව මෙහෙයුම් කිරීම මගින් මරණය ලඟා කර ගත හැකිය​. 

විඝටන (Dissociative) තත්ව වලින් පෙලෙන රෝගීන්ට   මනෝ ප්‍රතිකාර ලබා දීමේන් විඝටන තත්වය නිසි පරිදි  සුව කල හැකිය. මෙවැනි යාඥා , විශ්ව ශක්ති ප්‍රතිකාර මගින් රෝග ලක්‍ෂණ යටපත් වනවා මිස විඝටන ආබාධය සහමුලින් සුව වන්නේ නැත

මිනිසුන් බොහෝ දෙනෙකු මෙම විශ්ව ශක්ති සුව මෙහෙයුම් කරා ඇදෙන්නේ ඇයි? මාගේ අදහස නම් ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු තුල තිබෙන සන්නිවේදන ඌනතාව නිසා රෝගීන් වෛද්‍ය  ප්‍රතිකාර කෙරෙහි  එතරම් විශ්වාසයක් නොතබති. තවද මාධ්‍ය මගින් නොකඩවා මිත්‍යාව සමාජ ගත කරන නිසා ලංකා සමාජය තුල තාර්කික බුද්ධිය යටපත් වී තිබේ. මේ හැර විද්‍යාව ඉගෙන ගත් නමුදු එය කටපාඩමින් මිස තාර්කිකව ඉගෙන නොගත් නිසා විද්‍යා උපාධිධාරීන් පවා මේ වියාජ්‍යයන්ට රැවටෙති. මේ පුද්ගලයන් ගේ මොලය විසි වන සියවසේ නමුදු හදවත තවමත් තිබෙන්නේ ගල් යුගයේය​. 

දීගොඩ කුමාර  තමන් ගේ  විශ්ව ශක්ති ප්‍රතිකාර අරඹන්නේ එලොවින් ආ ජීවකයා මෙන් මාධ්‍යවේදීන් අල්ලාගෙන නොව වෛද්‍යවරු කිහිප දෙනක් අල්ලාගෙනය​. මින් එක් වෛද්‍යවරයෙකු වූ සංජීව හෙයියන් තුඩුව මා සමග 1985 උසස් පෙළ පන්තියේ කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකි. වෛද්‍යවරු පවා මෙම විශ්ව ශක්ති ප්‍රතිකාර මුලාසියට  අනුග්‍රහ දක්වන්නේ මුල්‍යම හෝ වෙන යම් වාසියක් තකාද හෝ නැතහොත් තම විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය තර්කානුකූලව වටහා ගැනීමට තිබෙන නොහැකියාව නිසාද කියා මම නොදනිමි. 

බොහෝ විශ්ව ශක්තිකරුවන් තම  ව්‍යාපාරය ආරම්භ කරන්නේ මම සල්ලි ගන්නේ නෑ කියමිනි. නමුත් එය පසුපස බොහෝ යටි අරමුණු තිබේ.සමහරක් අරමුණු දේශපාලන බලය ගැනීම සඳහා කෙරෙන වෑයම් ය 

 දේශපාලකයන් ද මෙවැනි ව්‍යාජ සඳහා අනුග්‍රහය දෙති . මයිකල් මුවර් කියූ පරිදි නීරෝගී තාර්කික ශක්තියෙන් හෙබි ජනතාවක් පාළනය කිරීම අපහසුය​. එම නිසා ඔවුන්ව මිත්‍යාවේ සහ මුළාවේ නිබඳවම ගැල්විය යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

( ලියුම්කරු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන අතර කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරියෙකි. එසේම වර්තමානයේ ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක  මනෝ චිකිත්සනය පිළිබඳව ආචාර්‍ය උපාධිය හදාරන්නෙකි. තවද අන්තර්ජාතික  Posttraumatic Embitterment Disorder (PTED)  සම්මේලනයේ වෛඥානික කමිටු - International Scientific Committee සාමාජිකයෙකි )


9 comments:

  1. පිස්සො හැමතැනම..
    පාර්ලිමේන්තුවේ හිටං...
    පුදුම ගං කාරයො !
    නිකම්ම රැවටෙනවා...!!

    ReplyDelete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. royal eke kanji deema- meya rasawath katawaki. kidney disease reseac=rch karapu jayasumanata nalin hamu wenawa. nalinta helasuwaya magin natha hamuwenawa. than helasuwaya nalla business

    ReplyDelete
  4. ඔය දොස්තර මහත්මයාට මට කතාකරන්න කියන්න... එතුමා දොස්තර කෙනෙක් උනාට එයා නොදන්න දේවලුත් තියෙනවා කියන එක කියලා දෙන්න වෙනවා... මේ ලෝකය ගොඩාක් පුළුල්... ඒ නිසා තමන් ඉගෙනගෙන තියෙන එක දෙයක් විතරක් පදනම් කරගෙන මේ වගේ අණුවන පදනම් විරහිත කතා දාලා මිනිස්සුන්ට විහිළුවක් වෙන්න එපා කියලා මම එතුමාට කියනවා... දොස්තරලා සල්ලි පස්සේ ගියාට දීගොඩ කුමාර මහත්මයා සල්ලි පස්සෙවල් දේශපාලනේ පස්සෙවත් වෙනත් වරප්‍රසාද පස්සෙවත් යන කෙනෙක් නෙමෙයි...
    විස්තර දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් මෙන්න මේ ලිංක් එකට ගිහිං මේකේ තියෙන වීඩියෝස් විස්සක් විතර බලන්න... ඊටපස්සේ වෙන්නේ ඉතිං තම තමුන්ගේ හොද කරගන්න බැරුව ඉන්න ලෙඩ්ඩු ටික අරගෙන ඇවිත් කුමාර මහත්මයාට කරදරයක් වෙන එක විතරයි...

    https://www.youtube.com/channel/UC8zkTJglDG3JOPb0GNaOlYQ

    ReplyDelete
  5. වෛද්‍ය රුවන්.... ඔබ තුමන්ට දීගොඩ කුමාර මහත්මයා ගැන දැනගතුයුතු කුමක් හෝ ඇත්නම් ඔබට එය මාගෙන් හෝ මටත් වඩා ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති බොහෝ පිරිසකගෙන් දැනගත හැක.... දැනුම සහ ප්‍රඥාව යනු දෙකකි... ඔබගේ දැනුම ගැන මට කිසිදු ගැටළුවක් නැත. නමුත් ඔබගේ ප්‍රඥාව පිළිබදව මෙම ලිපිය කියවීමේදී ප්‍රශ්න මතුවේ... ඔබ කිසිසේත්ම නොදන්නා දැනුවත් නොවූ ප්‍රඥාව සම්බන්ධ කාරනා ගැන ඔබගේ දැනුමට සාපේක්ෂව ලියා ඇති තොරතුරු ඉතාමත්ම ප්‍රාථමික හා ලාමක දෙයක් ලෙසට පෙනේ.... එමෙන්ම දීගොඩ කුමාර මහත්මයාට මෙහිදී කෙලින්ම ඔබ අපහාස කර ඇති බවද පෙනේ.... තවද ඔබසිටින තැනට වඩා දියුණු මට්ටමක සිටින ප්‍රඥාවත්න සංජය හෙයියන්තුඩුව මහතා හටද ඔබගේ නොදැනුවත්කම නිසා අපහාස කරයි.... මෙය සම්බන්ධව මාගේ අදහසනම් ඔබ වහාම ප්‍රඥාව අවදිකරගත යුතු බවය.... ඒ සදහා ඔබට සරල භාවනා ක්‍රම උපයෝගී කරගත හැක...පසුව වෙනත් මාන දකින තත්වයට පත්වූ විට තව තවත් සංකීර්ණ භාවනා ක්‍රම වෙත ඔබට යොමුවිය හැක..... කෙටියෙන් කිවයුතු තවත් කරුණක් නම් මුදල් මත පදණම්වූ වෛද්‍යවරුන් සිටින සමාජයක දීගොඩ කුමාර මහත්මයා යනු මනුස්සකමේ ප්‍රතිමූර්තියකි.... එතුමාට මුදල් හෝ වස්තතු තන්හාවක් නැත... බල තන්හාවක් නැත... කාම තන්හාවක් නැත.... දොස්තර වරුන් සමග එතුමන්ට තරඟයක්ද නැත... ඔබලා විසින් සිදුකරන මෙම කුහක ප්‍රකාශ දෙස එතුමන් පුරුදු පරිඳි උපේක්ෂාවෙන් බලා සිටිනවා ඇත.....
    තෙරුවන් සරණයි.....

    ReplyDelete
    Replies
    1. @ Asela January 5, 2020 at 10:42 PMඔබගේ අනන්‍යතාවයෙන් එන්න අපි සංවාද කරමු. ඔබගේ ඊමේල් එක එවන්න

      Delete
  6. මගේ කමෙන්ට්ස් දාන්නැත්තේ ඇයි ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook