Friday, January 26, 2024

Tribute to Mrs. Usula Wijesuriya ; My English Teacher



Mrs. Usula Wijesuriya was a great teacher. She made a profound impact on my life. I was a drifter and a mediocre student who disregarded each and every rule in the school. Numerous times I was punished by the sectional heads and reprimanded. I was a misguided cannon. Many students and teachers looked at me as a ruffian. When Mrs. Usula Wijesuriya came to our class as our English teacher. She spoke to my heart and gave me confidence. I started to believe in myself. She taught us English as well as life lessons. Gradually I reformed. But it took several years. Eventually I finished my medical degree and several psychology degrees and I am about to complete my PhD. I was so blessed to have her in my life. Today we need teachers like Mrs. Usula Wijesuriya to give guidance.  

Major Dr Ruwan M Jayatunge MD,  BA (Psych Canada),  MCP (USA) PhD ( in progress) 

Monday, January 15, 2024

ඩඩ්ලි සිරිසේන සහ සරසවි සිසුන්

 



ඩඩ්ලි සිරිසේන ගේ පියා සිලෝන් යුද හමුදාවේ බැට්මන් ඒ කියන්නේ සොල්දාදුවන් ගේ ආවතේවකාරයෙක්. පස්සේ පොලොන්නරුවේ නොමිලේ ඉඩම් ලැබිලා එහෙ පදිංචියට යන්වා. ඩඩ්ලි සිරිසේන මුලදී විවිධ කම්කරු රැකියා කරලා ඊට පස්සේ එයාෆෝස් එකේ භටයෙක් හැටියට බැඳිලා ඒක බාගෙට කරලා පසුව විවිධ රැකියා කරලා බිස්නස් වලට එනවා. බිස්නස් වලදී ගේම් ගහනවා. (ගේම් නොගහා ලංකාවේ බුලත් විට විකුනන්නවත් බෑ. එක ඕනම බිස්නස් කාරයෙක් කරනවා. ) පසුව හාල් බිස්නස් එකේ යෝධයෙක් වෙලා පිටරට තාක්‍ෂණය , සයිලෝ ගෙනත් හාල් කල් තබගෙන ජාලවත් විදිහට බෙදා හරිනවා. සිය ගනනකට රැකියා දෙනවා.

ඩඩ්ලි සිරිසේනට විශ්ව විද්‍යාලයේ බාධා කරපු සිසුවා බොහෝ විට කලා උපාධියකට ආපු කෙනෙක් විය යුතුයි. පියා අඩු ආදායම් රැකියාවක් කරන අමාරුවෙන් ජීවත් වන පවුලක කෙනෙක් වීමේ සම්භාවිතාව වැඩියි. මේ පිරිස තුල දුප්පත් පෝසත් භේධය , පන්ති වයිරය , සමාජ වයිරය , තමන් ජීවත් වන ග්‍රාමයේ තමන්ට රෙකග්නයිස් එකක් නොමැති වීම වගේ සාධක නිසා අභ්‍යන්තරයෙන් අධි පීඩනයක ඉන්නේ. මේ නිසා අන්තවාදී දේශපාලන න්‍යායක් ඔලුවට දාලා මේ අයව මැනිපුලේට් කර ගන්න බිලි බෝයිස්ලා කර ගන්න හරි ලේසියි.

මේ අවස්ථාවේ ඔවුන් දකිනවා ඩඩ්ලි සිරිසේන බී.එම් ඩබ් එකකින් එනවා. එතනදී වයිරය මතු වෙන්නේ ඩඩ්ලි සිරිසේනට නොවෙයි අවිඥාණිකව අර තඩි බී.එම් ඩබ් එකට. ඔවුන්ට මේ ජීවිතයේ එවැනි රථයක් හිමි කර ගැනීම සිහිනයකටවත් ලඝු කර ගන්න බෑ. රට අරාජික නොමැති තත්වයක් තියන නිසා ඔවුන් බී.එම් ඩබ් එකට ගල් ගහලා කුඩු කරන්න ඒක ගිනි තියන්න බයයි. ඒ නිසා වාචික තර්ජනයක් කරනවා. ඔවුන් ඩඩ්ලි සිරිසේනව දකින්නේ ධනපතියෙක් සූරා කන්නෙක් හැටියට. මුදල් ඉපයීම ,ලාභය, වෙලඳ පොළ වගේ සංකල්ප මේ සිසුන්ට (ඔවුනුත් රැඩිකල් දේශපාලනයෙන් හෝ වෙනත් ගේම් මගින් මුදල් උපයා ජීවිතය වින්දනය කර ගන්න පටන් ගන්න තෙක්) ආනන්තරීය පාප කර්ම.

ඔවුන්ට ඩඩ්ලි සිරිසේන අරබයා ක්‍රම කීපයක් තිබුනා. අරාජික තත්වයකදී අර කාර් එක කුඩු කරලා ඩඩ්ලි සිරිසේනට පහර දෙන්න, කැරලි තත්වයකදී නම් ඩඩ්ලි සිරිසේනට ගල් කටස් එකකින් ඔලුවට තියලා මූ ද්‍රෝහියා හොරා කියලා දණහිසෙන් පහල අවමංගල චාරිත්‍ර නියෝග කරන එක​.

ඒත් මේ කාලේ හැටියට තමන්ට අනුන් ඉදිරියේ පොරක් වෙන්න කැපී පේන්න අධි රංගනයක නිරත වෙලා මිනිහට අනියම් ලෙසින් තර්ජන බාධා කලා.

අනිත් විකල්පය මොකක්ද ? ඩඩ්ලි සිරිසේන හොඳ මිනිහෙක් නෙවෙයි , අපිත් හොඳ මිනිස්සු නෙවෙයි ලංකාවේ හොඳයි කියන මිනිස්සු නෑ. නමුත් මේ මිනිහා තුල මොන යම් ව්‍යාපාරික දැණුමක් , මෝටිවේශන් තියනවා , ඒ දැණුම , ඒ කන්ටැක්ස් අනාගතයේ අපිට වැදගත් වෙන්න පුලුවන් . අපි දියව් දියව් මානසිකත්වයේ මහපොල අයදින මානසිකත්වයේ නොඉඳ පොඩ්ඩක් ධනාත්මක වෙන්න බලමු. මේ නිසා මිනිහගේ කතාව සිසුන්ට යම් ප්‍රයෝජනයක් ගෙන දෙයි. ඒක ගැන අපි දැණුවත් වෙමු. ඒ වගේම කතාව අවසානයේ සහල් මාෆියාව පිලිබඳ ප්‍රශ්න අහලා එයාව විවේචනය කරමු.

නමුත් ඒ වගේ ආස්ථානයකට අර සිසුන් ගියේ නෑ මොකද ඔවුන් ගේ සමාජ දැණුම එක්ස්පෝෂර් එක අවමයි තමන් ගේ ගමෙන් සරසවියෙන් එහාට ගිහිල්ලා නෑ, ගුරු ගීතය / වානේ පන්නරය ඇරුනම වෙන පොතක් පතක් කියවල නෑ. ඒ නිසා ඔවුන්ට ගැඹුරු සංවාදයක් කරන්න දැණුමක් නෑ. ඒ නිසා කලේ දන්න එක දෙයයි . පාර හරස් කරලා උඹ හොරා , සහල් මාෆියා කාරයා උඹලා කවුද මේ සරසවි අස්සට එන්න කියලා තර්ජනය කලා.

මේ කතාවෙන් පස්සේ අපිට අර පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහපු මැට්ටවත් සාධාරණීකරනය කරන්න වෙනවා. මෑන්ට ප්‍රජාතන්ත්‍රවාදය , වෙස්මිනිස්ටර් ක්‍රමය පාර්ලිමේන්තු සම්ප්‍රදා ගැන මෙලෝ දැණුමක් නෑ. ඌ දන්නේ එක දෙයයි , වලියක් යනවා මම ඒකට එන්ටර් වෙන්න ඕනේ. ඒ නිසා මම මිරිස් කුඩු ගෙදරින් ගෙනත් ගහනවා.

බලන් යන කොට මේ මිරිස් කුඩ්ඩාගේ බුද්ධිය දැණුම මානසිකත්වයයි අර සරසවි සිසුන් ගේ බුද්ධිය දැණුම මානසිකත්වයයි අතර ලොකු වෙනසක් නෑ වගේ .

පසු සටහන ; ඩඩ්ලි සිරිසේන කලේ මෝඩ වැඩක්. එයාගේ දේශනය ඔය සරසවිය තුල නොතියා සිනමන් ග්‍රෑන්ඬ් වගේ හෝටලයක තියලා, ටිකට් ගහලා නොමිලේ ඒක සරසවිය තුල බෙදලා , දේශනය අවසානයේ හොඳ ඩිනර් එකකුත් දෙනවා කියලා ප්‍රචාරය කරා නම් ඔය සිසුන් විශාල ප්‍රමානයක් ඇවිදින් කීකරුව ඔය දේශනය අහලා කෑමත් කාලා යනවා. මොකද මිනිහට එහෙම කරන්න සල්ලි නැති කමක් නෑනේ . හැබැයි ඔය සිසුන් ගෙන් තව කොටසක් කුලෑටි කම , ඔය වගේ තැන් වලට යන්න (සමාජ වාදය ගැන කතා කලාට) තියන සමාජ භීතිය නිසා ඕක වර්ජනය කරයි. ඒකට කමක් නෑ

Tuesday, January 9, 2024

කල්ට් මතු වීම

 




තමා බෝධිසත්වයෙක් බව කියමින් මිනිසුන් ගෙන් වැඳුම් ගන්නා ඊජිප්තුවේ බල්ලන් බලා ගත් බව කියන පුද්ගලයෙකු සහ ඔහු ගේ කල්ට් එකක් පිලිබඳ රාවයක් මේ දින වල යයි. මෙය යම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් නළුවන් යොදා කරන කැළනියේ නයා වැනි දේශපාලන උපක්‍රමයක් හෝ යම් මානසික අක්‍රමතාවකට ලක්වූ පුද්ගලයෙකු විසින් තමා බෝධිසත්වයෙකු බව කීම නිසා විචාර බුද්ධියෙන් අඩු පිරිස් ඔහුව වන්දනා කරනවා විය හැක.

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ අංගොඩ රෝහලේ පුහුණුව ලබන විට තමන් බුදුවූ බව කියූ , තමන් නිවන් දැක තිබෙනු කියූ පුද්ගලයෝ රැසක් දැක ගන්නට ලැබුණි. මින් එක් පුද්ගලයෙකු තමා මෛත්‍රි බුදුන් බවට තර්ක කරමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයටද ගොස් තිබුනේය​. 

ආගමික මෝහයෙන් පෙලෙන පුද්ගලයෝ විවිධ කාල වල උඩට එති. යම් සමාජයක් සමාජ ආර්ථික ප්‍රශ්න වලින් පෙලෙන විට මිනිසුන්ට තම එදිනෙදා ජීවිතය සහ අනාගතය පිලිබඳ අවිනිශ්චිතතාවයන් මතු වන විට ඔවුන් භින්නෝන්මාදය / ද්වී ධ්‍රැව විශාදය / නාර්සිසිස්ටික අක්‍රමතාව වැනි තත්වයන් ගෙන් පෙලෙන තමන් ගැලවුම්කරුවෙකු බව සිතන පුද්ගලයන් වටා එක්වී කල්ට් නිර්මාණය කරති. වර්තමානයේ සමාජ ආර්ථික බංකොලොත්භාවයට පත්වී තිබෙන ශ්‍රී ලාංකික සමාජය තුල අති විශාල ආධ්‍යාත්මික රික්තකයක් පවතියි. මේ කල්ට් වනාහී මෙම ආධ්‍යාත්මික රික්තකයේ නිර්මාණයන් වෙති. 

සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර  කල්ට් අප්‍රසිද්ධ ඒවා විය​. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.

කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්‍ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය​. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්‍ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට  ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.  

මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය​. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය.  කල්ට්  එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි.   කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්‍යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති.  කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය​. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය​, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය​, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි.  කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ  කල්ට් නායකයාට අවිවාදිත පක්‍ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය​.

කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්,   ඔවුන්ව නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.  

බොහෝ කල්ට් නායකයෝ   Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය  නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්‍ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී   මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම  The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.

පසුගිය කාලයේ ලංකාවේ රතු නූල් කල්ට් එකක් මතුවූ බව බොහෝ දෙනෙකුට මතක ඇති බව නිසැකය​. මේ කල්ට් එකේ නිර්මාතෘ ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය​. මනෝ විද්‍යාත්මකව  පෙන්වා දීමේදී ඉතා තීවුර ක්‍ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder  ) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය​.  



Sunday, January 7, 2024

56 බමුණු කුලයේ බිඳ වැටීම




1956 බණ්ඩාරනායක ගේ විප්ලවය මගින් ලංකා රාජ්‍යයේ අන්තිවාරම දෙදරා ගියා. ජාතිවාදය , ආගම් වාදය , භාෂා වාදය සමග පංච මහා බලවේගය කර පින්නාගෙන බණ්ඩාරනායක ගැහුවේ බලය සඳහා ගැලරිය චූන් කිරීමක්. ඒ නිසා ලංකාවට කෙල වීමේ පදනම වැටුනා.


1)  වාර්ගික ආවේග ඇවිස්සීම නිසා 30 අවුරුදු යුද්ධයකට බීජ පැල කලා.

2)  කාර්‍යක්‍ෂම ද්වී භාෂා හැකියාව තිබූ සංස්කෘතිකගත බර්ගර් මැනේජර්ස්ලා රජයේ සේවයෙන් එලවීම ආරම්භ කරලා එතනට ඒක භාෂික වැඩක් බැරි උද්දච්ච  සෝමපාලලා  රජයේ සේවයට  ගෙනාවා.

3) සිලෝන් යුනිවසිටි කොලීජිය නිෂ්පාදනය කරපු අන්තර්ජාතික ප්‍රජාවගේ  ගරුත්වය පවා ලැබූ ගනනාථලා වෙනුවට 56  පස්සේ නිෂ්පාදනය කරන්න ගත්තේ අත්තනායක හේරත් ලා.
 
4) ලෝක ප්‍රකට කේ එන් ජයතිලක වගේ බුද්ධිමතුන් වෙනුවට හැදුනේ සූරිය ගුණසේකරලා.

5) වෛද්‍ය විද්‍යාවෙන්  ලෝකයේ ඕනම  දියුණු රටක කරට කර  හිටපු වෛද්‍ය දොන් මයිකල් ,වෛද්‍ය  ඇන්තනීස් , වෛද්‍ය ස්ටෙලා වගේ වෘත්තිකයන් වෙනුවට හැදුනේ පාදෙනියලා ජයසුමනලා.

6) අද පාර්ලිමේන්තුවේ ඉන්න මිරිස් කුඩු ප්‍රසන්නලා කප්පම් සරණලාට  පාලිමන්ට් එන්න පාර සකස් කලේ 56

7) ඉන්දියාව තම තාරුන්‍ය ඉංග්‍රීසි දැණුමෙන් සකස් කරලා සිලිකොන් වැලි යවන කොට අපේ ඒක භාෂික උපාධිධාරියෝ අමාත්‍යාංශ අස්සේ සංවර්ධන සහකාරලා උනේ 56 ට පින් සිදු වන්න.
 
8) ඉන්දියාව , පිලිපීනය තම හෙදියන් පුහුණු කරලා බටහිර රට වල සේවයට යවන කොට අපේ 56 හෙදියන් ගෙන් 99% IELTS ෆේල්.
 
9) 56 ට පෙර චෝසර් ගේ The Canterbury Tales ඔස්කා වයිල්ඩ් ගේ The Picture of Dorian Gray  ලෝරන්ස් ගේ Sons and Lovers කියවන්න නියමිතව සිටි පාඨකයෝ කියවන්න ගත්තේ ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි. සිංහල සාහිත්‍යයට මැදවච්චියෙන් එහා ලෝකයක් දකින්න බැරි උනා. 

10) අයිවර් ජෙනිංස්ලාගේ බලපෑම නිසා සංස්කෘතික වශයෙන්  Renaissance එකක් ලබමින් සිටි රට 56 පස්සේ සංස්කෘතික කාන්තාරයක් වෙන්න පටන් ගත්තා. 

මේ අනුව 56 උනේ බමුණු කුලයේ බිඳ වැටීමක් නොවෙයි සමස්ථ ලංකාවට කෙලවීමේ පදනම වැටුනේ එදා. ඒ මැතිවරණයෙන් බණ්ඩාරනායක වෙනුවට සර් ජෝන් දින්නා නම් ලංකාවේ ඉරණම වෙනස් වෙන්න තිබ්බා. 




Find Us On Facebook