Saturday, August 25, 2018

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ ද්‍රෝහියන් හඳුනා ගන්නා වෛද්‍ය මනෝ චිකිත්සක ක්‍රමවේදය



රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක‍්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමය තුළ තිබෙන බවත් එම ක්‍රමය යොදාගෙන එම ද්‍රෝහීන්ගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට තමන් බලාපොරොත්තු වෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය  නොබෝදා ප්‍රකාශ කොට තිබේ. (මූලාශ්‍රය ;ෂ්‍යාමන් ජයසිංහ  2018 අගෝස්තු 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Identifying Traitors: I Cannot Wait Until Dr. Padeniya Presents His Point Scheme නැමැති ලිපිය  ).

ඇත්තෙන්ම වෛද්‍ය  පාදෙනිය ගේ මෙම ප්‍රකාශය පිලිබඳ සිතන විට මට යම් විමතියක් මෙන්ම ව්‍යාකූලතාවක්ද මතුවේ. වෛද්‍ය මනෝ චිකිත්සක ක්‍රමය ලංකාවේ පවතින්නේ ඉතාම ළදරු මට්මේය. ලංකාවේ මනෝ වෛද්‍ය විද්‍යාව (Psychiatry) ප්‍රචලිත වී තිබුනද වෛද්‍ය මනෝ චිකිත්සනය තවමත් වර්ධනය වී නැත. එසේම වෛද්‍ය මනෝ චිකිත්සනයේ යෙදීම සඳහා සඳහා ලෝකයේ පිලිගත් මනෝ චිකිත්සක සායනික පාසලකින් හෝ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා   අදාල  සුදුසුකම් තිබෙන වෛද්‍යවරු  ලංකාවේ  (මා දන්නා තරමින්) නොමැත. එම නිසා මෙලෙස රටට ද්‍රෝහී වන්නන්  හඳුනා ගන්නා ක්‍රම වේදයක් ලාංකික වෛද්‍ය මනෝ චිකිත්සකයෙකු විසින් හඳුන්වා දී තිබේද කියා විමතියක් තිබේ.  

මනෝ චිකිත්සනය විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වැනි චිකිත්සක ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් බව සිග්මන් ෆ්‍රොයිඩ් විසින් කියා තිබේ. එසේම මනෝ චිකිත්සක ක්‍රම ඉදිරිපත් කල කාල් යුං , ඇඩ්ලර් , කැරන් හෝර්නි , ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් , එර්නස්ට් ජෝන්ස්, මෙලනී ක්ලයින් , එරික් ෆ්‍රොම් , හැරී ස්ටක් සුලිවන් , වික්ටර් ෆැන්කල් , ලැකාන් වැන්නවුන් වෛද්‍යවරු වූ අතර ඔවුන් තම වෛද්‍ය චිකිත්සක දැණුුම උපයෝගී කොට එලදායි මනෝ චිකිත්සක ක්‍රම බිහි කළහ. එහෙත් ද්‍රෝහීන් හඳුනා ගන්නා ක්‍රමවේදයක් ඔවුන් ගේ චිකිත්සන ක්‍රම තුල නොමැත.    

මාගේ වෛද්‍ය උපාධියට අමතරව මම උතුරු ඇමරිකාවේ ප්‍රකට විශ්ව විද්‍යාල දෙකකින් සහ එංගලන්තයේ   බාන්ස්ලි විද්‍යාලයෙන් මනෝ විද්‍යාව මෙන්ම මනෝ චිකිත්සනය හදාරා තිබේ. එසේම මනෝ චිකිත්සනය පිලිබඳව ආචාර්‍ය උපාධියක්ද හදාරමි. එහෙත් මෙතෙක් කිසිම ආයතනයක් ද්‍රෝහීන් හඳුනා ගැනීම පිලිබඳ මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමයක්  මට උගන්වා නැත. එසේ ක්‍රමවේදයක් තිබෙන්නේ නම් එම ක්‍රමවේදය ඉගෙන ගැනීම සඳහා මා තුල ඇත්තේ නොමද ආශාවකි. වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය දැණුවත්ව ලංකාවේ යම් වෛද්‍යවරයෙකු විසින් ද්‍රෝහීන් හඳුනා ගැනීම පිලිබඳ මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමවේදයක් ඉදිරිපත් කොට තිබේද යන්න කියා මම නොදනිමි. එසේ ක‍්‍රමවේදයක් ඉදිරිපත් කොට තිබේ නම් එම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා  වෛද්‍ය වෛද්‍යාව හෝ මනෝ වෛද්‍යාව පිළිබඳව නෝබේල් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබයි.  

මිනිසුන් වීරයන් සහ ද්‍රෝහියන් ලෙස බෙදීම අන්තවාදී දේශපාලනයේ එක් ලක්‍ෂණයකි. එසේම ද්‍රෝහියෙකු මැනීම  සඳහා පිලිගත් නිර්නායකයන් ශිෂ්ට සම්පන්න ලෝකයේ නොමැත.  රටකට ද්‍රෝහී වෙන මිනිස්සුන්ව හඳුන ගන්න ක‍්‍රමයක් මනෝ චිකිත්සක වෛද්‍ය ක‍්‍රමය තුළ තියෙනවා කියා පවසන වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගේ මේ ප්‍රකාශය අසන විට මට  මා විසින් ලියන ලද මානසික රෝගියාගේ පරිකල්පනය   කෘතියේ එන එක් ජේදයක්  මතක් වේ. 

 ...... ඔබ ස්ටාලින් ගේ පොලිස් රාජ්‍යයේ ජීවත් වන්නේ නම් ගුලාග් ශ්‍රම කඳවුරු වලට දක්වන මිනිසුන් ද්‍රෝහියන් ලෙස සැලකිය යුතුය. ඔබ එසේ  විශ්වාස නොකරන්නේ නම් ඔබද ද්‍රෝහියෙකි. ඔබ  එඩ්ගා හූවර් විසින් ලේබල් කරන ලද ද්‍රෝහියන් ඇමරිකාවට සැබවින්ම ද්‍රෝහීවූ පුද්ගලයන් ලෙස සැලකිය යුතුය. ඔබ එසේ  විශ්වාස නොකරන්නේ නම් ඔබද ද්‍රෝහියෙකි ......මානසික රෝගියාගේ පරිකල්පනය (ගොඩගේ ප්‍රකාශකයෝ). 

 ලංකාවේ කාලයෙන් කාලයට ඒ ඒ දේශපාලනය විසින් ද්‍රෝහියන් ලේබල් කරති.  විජේවීර තමාගේ දේශපාලනය අනුසාරයෙන් ද්‍රෝහියන් ලේබල් කොට සමහර දෙනෙක්ව ශාරීරිකවද ඝාතනය කලේය. ප්‍රභාකරන් ද මෙලෙස ද්‍රෝහියන් ලෙස නම් කොට ද්‍රවිඩ පුද්ගලයෝ 20, 000 අධික ප්‍රමාණයක් මරා දැම්මේය.   මේ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ගේ නිර්නායකයන් මත ද්‍රෝහී  ලේබලය  අළවා ඉදිරි කාලයේ කී දාහක් ගිලටිනය වෙත යවත්දැයි අප නොදනිමු.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග

20 comments:

  1. තමන්ගේ ක්‍රියාවෙන් සහ මෙවැනි ප්‍රකාශවලින් අනුරුද්ද පාදෙනිය විසින් මානසික රෝගීන් හඳුනා ගැනීමේ චිකිත්සක නිරීක්‍ෂණ ක්‍රමවේදයක් පිළිබඳව අපට ප්‍රායෝගිකව උගන්වමින් සිටිනවා විය නොහැකි ද?

    ReplyDelete
  2. පාදඩදෙනිය තරම් හිපොක්‍රටීස් ට ද්‍රෝහී වූ වෛද්‍යවරයෙකු මෑත ඉතිහාසයේ සිටියායැයි නොසිතමි.

    ReplyDelete
  3. දොස්තර කාලෙ "ද්‍රෝහී ලැයිස්තු" තියං ඉන්න අය දේශපාලන බලයක් ලැබුනොත් මොනව නොකරාවිද?

    ReplyDelete
  4. He gives ,lovely blow jobs it seems,look at his mouth MMMMM

    ReplyDelete
  5. පිටරටවල දොස්තරලා සහ ලංකාවේ දොස්තරලා අතර මට යම් අත්දැකීම් තියෙනවා.ලංකවේ දොස්තර අහං කාරයි.පිටරට කෙනා නිහතමානියි,ඕනෑ දෙයක් අහන්න හැකියි,මිත්‍රශීලීයි.අන්තිමට මගේ දොස්තරවුනේ උතුරු ඉන්දීය මහත්මයෙක් ,හොඳ පුද්ගලයෙක්.ලංකාවෙදී රෝගියෙකුට දොස්තරගෙන් අසාධාරනයක් වුනාම මේ අය රෝගියාට සාධාරනය ඉටුකර තිබේද?ඔහුට හෝ ඇයට කණගාටුවවත් පලකිරීමට නිහතමානීද?..?? බොහෝ අය සියල්ල දත් කියා සිතන අය.නමුත් අවස්තාවාදී ලෙස කටයුතු කරන්න උපන් හපන්.බලන්න තම වාහනය හදන කාර්මිකයා සමග බොහෝ හිතවත්,පුද්ගලික සායනයට එනකෙනාට හිතවත්,තමන්ට ප්‍රයෝජනවත් කෙනාටනම් හිතවත්.මෙතනදී ඒ අය කියන්නේ හරීම හොඳ දොස්තර මහත්තයා,නෝනා කියා.මම මෙතනදී කියන්නේ මේ අයට වෙන ප්‍රයෝජන ගන්න මේවා ඉදිරියට දානවා.මේ කට්ටිය ස්ට්‍රයික් කරද්දී බොහෝ ඉල්ලීම් ලැබෙනවා.මිනිස්සු ඔහේ බලන් ඉන්නවා.තම දරුවන්ටත් කියන්නේ හැකිනම් ඉගෙනගෙන අරවගේ කෙනෙක්වෙලා සැපට ඉන්න කියා.අපේ රටේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මාෆියා ක්‍රමයක්.අර මහත්තයා මේ අපිවෙනුවෙන් ඔය මානසික චිකිත්සක ක්‍රමයා හොයාගත්තේ.ඒ ගැන බලවත්
    ස්තූතිය !තවත් අපූරු දේ සොයාගන්න වාසනා ශක්තිය ලැබේවා!රට ඉන්නවුන් කියන කතා ගනන් ගන්නම එපා.තව තව නව සොයාගැනීම් කරන්න.නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ ඊගාවට එන එක දිහා මේ ඇත්තමයි කියන්නේ ආයුබෝඅවන් !අකුරු කෙටෙන්නෙත් වැරඩියටනම් නූගත් අපට කමා කරනු මැන. ඒත් උදේ රෑ කියන්නේ ඉතා හොඳ මිනිස්සු ඉන්න රටක් කියලා.මම එහෙම එවුන් හොයමින් ඉන්නේ කාටවත් කියන්නෙපා දැන්ම.

    ReplyDelete
  6. ඇත්තටම කීවද දන්නේ නැහැ. ඇත්තටම කිව නම් ඒක තර්ජනයක් වගේ නේද?

    ReplyDelete
  7. 'වෛද්‍ය' කෑල්ල ඇරුනම පාදෙනිය සහ වීරවංස අතර ලොකු වෙනසක් මට පෙනෙන්නේ නෑ...

    ReplyDelete
  8. අපි කවුරුත් එකයි ඒ පැත්තෙන් .ඔය පිට රටදී හොඳ අයත් මෙහෙ ආවහම මේ ගොදේම තමයි..මේකත් අවංක ප්‍රකාශයක් කිලම පෙන්නේ නැහැ...කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියනවා...!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook