බුදු වීමට පෙර සිද්ධාර්ථ නම් ඔහු 
රූපත් නලඟනන් සමග රම්‍ය සුරම්‍ය සුභ මාලිගාවල
අනේක කාම සැප සම්පත් විඳ
කපිළවස්තු පුරයේ  රස්තියාදු විය 
ඔහු සිටුවරුන් ඇමතියන් අතර ගැවසුනේය 
ඉන් පසු ඔහු  හොර  රහසේම 
තමන් ගේ කුළුපග මිත්‍ර චන්න සමග ගම් නියම් ගම් පුරා රස්තියාදු විය
එම රස්තියාදුවේදී ඔහු මිනිස් ජීවිත දුටුවේය 
මිනිස් ජීවිත වල යථාර්ථය දුටුවේය 
ජීවිතයේ දුක්ඛ යතාර්ථය  දුටු ඔහු 
ගිහි ගෙය හැරපියා ගොස්
සය වසක් සත්‍ය සොයමින්
අති දීර්ඝ රස්තියාදුවක යෙදුනේය
ගිහි ගෙය හැරපියා ගොස්
සය වසක් සත්‍ය සොයමින්
අති දීර්ඝ රස්තියාදුවක යෙදුනේය
අවසානයේදී ලෝක සත්‍ය අවබෝධ කරගත් 
සිදුහත් තවුසා ලොව්තුරා බුද්ධත්වය ලැබුවේය
බුදුවී දඹදිව නොයෙකුත් නගර වල
සිදුහත් තවුසා ලොව්තුරා බුද්ධත්වය ලැබුවේය
බුදුවී දඹදිව නොයෙකුත් නගර වල
ශ්‍රාවකයන් සමග රස්තියාදුවේ යෙදෙමින් 
අනේක බාධාවන්ට විවේචනයන්ට  
මුහුණ දෙමින් නොසැලී සිට
මිනිසුන්ට සත්‍ය පෙන්වා දුන්නේය 
රස්තියාදුව යනු ඉබාගාතේ යාමක් නොව 
අන්‍යන් උදෙසා කෙරෙන පරාර්ථ චාරිකාවක් බව 
බුදුන් විසින් ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය
බුදුන් විසින් ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය
වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

 
 
ඒ පොත නම් ලියල තියෙන්නේ ඔහුගේ රස්තියාදුවක් ගැන
ReplyDelete//අන්‍යන් උදෙසා කෙරෙන පරාර්ථ චාරිකාවක් බව
බුදුන් විසින් ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය// ඕක තමා හරි