Monday, November 30, 2015

මුස්ලිම් බිළිඳෙකුට ජීවිතය දුනිමි.




මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත​. අප  දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත​. දරුවාගේ හෘධ ස්පන්ධනය ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන සීටීජී යන්ත්‍රය මගින් කියවීමක් ලබා ගත්තෙමු. එය අනුවද දරුවාගේ හෘධ ස්පන්ධන නොමැත​. මේ අනුව කුස තුල සිටින දරුවා මිය ගොසිනි. කළ යුත්තේ ස්වභාවික ගබ්සාවක් වන තුරු කාන්තාව වාට්ටුවේ තබාගැනීම හෝ ශ්‍යල්‍යකර්මයක් මගින් මළ දරුවා ඉවත් කිරීමය​. 

මුස්ලිම් කාන්තාව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු ඇයට ඇඳක් දෙන ලදි. ඇය විවේක ගත්තාය​. කුස තුල සිටින දරුවා මිය ගොස් බව ඇය  තේරුම් ගත්තාය​.  නමුත් දුක හා පශ්චාත්තාපය ඇය එලි පිට නොපෙන්නුවාය​. නමුත් සන්තාපය ඇයගේ දෙනෙත් වලින්  දැකිය හැකි විය​. 

කරන ලද මූලික පරීක්‍ෂන වලින් සහ සීටීජී පටියෙන් සෑහිමකට පත් නොවූ මා  භ්‍රෑණයාගේ හෘධ ස්පන්ධනයට සවන් දිය හැකි පිනාඩය  යළිත් වරක් ඇයගේ කුස මත තබා සවන් දුන්නෙමි. ගර්භණී කාන්තාවගේ කුසේ විවිධ පැති වලට පිනාඩය තැබුවද කිසිදු ශබ්දයක් නොමැත​. උත්සහය අතහැර දැමීමට පෙර අවසන් වතාවට මගේ දකුණු කන දකුණු අතේ දබර ඇඟිල්ලෙන් වසාගෙන වම් කන පිනාඩයට තබා කුසට සවන් දුන්නෙමි. ඉතා දුර්වළ සහ රිද්මයකින් තොර භ්‍රෑණ හෘධ හඞක් මට ඇසුනි. 

වහාම කාන්තාව සීසර් ශල්‍යකර්මයකට සූදානම් කරන ලෙසට මම හෙද නිලධාරිනී ගුණපාල මියට පැවසුවෙමි. ඉන්පසු සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකරට රෝගියා වෙනුවෙන් ලේ සූදානම් කොට ඉතා ඉක්මනින් ඇය ශල්‍යගාරයට ගෙන එන ලෙස පවසා පවනට බඳු වේගයෙන් ශල්‍යගාරයට දිව ගියෙමි. 

ශල්‍යගාරයේ ශල්‍ය  ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලිලිත් ප්‍රසන්න ලියනගේ හර්නියා ශල්‍යකර්මයක් කරමින් සිටියේය​. මාගේ අවශ්‍යතාවය තේරුම්ගත් ලිලිත් හැකි ඉක්මනින් ශල්‍යකර්මය අවසන් කොට මට ශල්‍යාගාරය නිදහස් කොට දුන්නේය​. කාන්තාව ශල්‍යාගාරයට ගෙන ඒමෙන් පසු මම ඉක්මනට සීසර් ශල්‍යකර්ම ආරම්භ කලෙමි. මවට නිර්වින්දනය දෙනු ලැබුවේ වෛද්‍ය ගෝවින්ද රාජාය . සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර මගේ සහයකයා විය​. 

සීසර් ශල්‍යකර්ම කරන අතරතුර ළමා වෛද්‍ය නිලධාරියාට ඉක්මනට ශල්‍යාගාරයට එන ලෙසට පණිවිඩයක් යවන ලෙසට ශල්‍යාගාර හෙදි ඩිනාලිට කීවෙමි. ඩිනාලිගේ දුරකථන පණිවිඩයට ළමා වෛද්‍යවරියද පැමිණියාය​

කාන්තාවගේ ගර්භාශය සැතෙන් කපා ළදරුවා මම එලියට ගත්තෙමි. ඔහු පිරිමි දරුවෙකි. මිකෝනියම් හෙවත් භ්‍රෑණ බහිස්‍රාවිය ද්‍රව්‍ය වලින් නැහැවී සිටි ළදරුවා අසීරුවෙන් හුස්ම ගත්තේය​. ඔහුගේ ස්වාසනාලයට මිකෝනියම් ඇතුළු වී තිබුනේය​.  ළමා වෛද්‍යවරිය ළදරුවාට ස්වසනය කිරීම පහසු කරනු වස් ළමා කූපිකාවක් ස්ථාපිත කළාය ඉන් පසු ළදරුවා ඉන්කුබේටරය වෙත ගෙන යන ලදි. මම සීසර්  ශල්‍යකර්මයේ අවසන් අදියරයට පැමිනෙමින් සිටියෙමි. 

ශල්‍යකර්මය අවසන් කිරීමෙන් පසුව ඇයව වාට්ටුවට ගෙන යන ලදි.  නමුත් ළදරුවාව ළමා වාට්ටුවේ සතියක් පමණ තබාගෙන ප්‍රතිකාර  කරන ලදි. අවසානයේදී මවත් ළදරුවාත් නීරෝගීව රෝහලෙන් පිටව ගියෝය​.අපගේ ක්‍ෂනික ක්‍රියාමාර්ගය නිසා ළදරුවාගේ ජීවිතය බේරිණි.

දැන් මෙම සිද්ධිය වී වසර 18 පමණ ගතවී තිබේ.මා අද ලංකාවේ නැත​.  නිර්වින්දන වෛද්‍ය ගෝවින්ද රාජා ගම්පහ රෝහලේ සේවය කරයි. එදා මගේ සහයකයාව සිටි සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර අද ජීවත් වන්නේ ඕස්ටෙ‍්‍රලියාවේය​. මෙම මුස්ලිම් මාතාව සහ පුතා මීගමුව අවට ප්‍රදේශයක ජීවත් වනවා ඇත​. සිංහල වෛද්‍යවරයෙකුත් ද්‍රවිඩ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඔහුගේ දිවි ගලවා දුන් බව මෙම මුස්ලිම් තරුණයා බොහෝ විට නොදන්නවා විය හැකිය​. 

එදා සහජීවනයෙන් සිටි සිංහල සහ මුස්ලිම් ජනයා ආගමික අන්තවාදය නිසා ඈත් වෙමින් සිටිති. සැකය වෛරය ලියලමින් පවතී. මුහුණු පොත් වල වීරයන් එකිනෙකාට තර්ජනය කර ගනිති. අපහාස කරති. අප සිටින්නේ තවත් ආගමික සහ වර්ගවාදී ගැටුමක් ආසන්නයෙනි. ආගමික අන්තවාදයන් නිසා එකිනෙකා මරා දැමීමට කඩු මුවහත් කරන ලෝකයක මෙම සත්‍ය කතාව වසර 18 පසු මම පවසමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, November 29, 2015

විජේවීරගේ දොස්‌තර මස්‌සිනා දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයේ ගොදුරක් වූයේද ?

අපගේ නීරෝගී බව වනාහී රටේ සමාජ සෞඛ්‍යය හා බැඳී පවතින්නකි - මාටින් ලූතර් කිං 



මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි.  

යම් දරුණු ව්‍යසනකාරී අත්දැකීමකට මුහුණ දුන් පුද්ගලයකුට ඒ අවස්ථාව පිළිබඳ ඇත්තේ බියක්, සංත්‍රාසයක් හා අසරණ හැඟීමකි. ළමයකු නම් අවිචාරශීලී හා කලබලකාරී වීමට හැකියි. එකී ව්‍යසන අත්දැකීමේ ප්‍රතිඵලය අසීමිත පීඩනයක් අදාළ පුද්ගලයා මත පිහිටුවන අතර ඒ පිළිබඳ මතකාවර්ජනය යළි යළිත් ඒ සිදුවීමෙහි ඔහුව හෝ ඇයව පීඩාකාරී ලෙස ජීවත් කරවයි. මෙකී පීඩාකාරිත්වය තුළ ගොඩනැගෙන මානසික ව්‍යාකූලත්වය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ වගකීම් පසෙකට කරයි. මේ තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ පැවතීම චිකිත්සාමය කලමථය දක්වා නැත්නම් සමාජීය රැකියාමය හා වෙනත් අවශ්‍ය වගකීම් ඉටු නොකෙරෙන නැත්නම් ඒවායෙන් දුරස්ථ වන තත්ත්වය දක්වා වර්ධනය කෙරෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ මස්සිනා වූ  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු 71 කැරැල්ලේදී හා ඉන් පසුව දීර්ඝ වදබන්ධන වලට ලක් වූ වින්දිතයෙකි. ඔහුගේ ක්ලමථකාරී හැසිරීම් රටාව මාධ්‍ය විසින් වාර්ථා කල තිබුණි. වරක් අධිකරණය ඉදිරිපිටදී කැත්තක් රැගෙන කළහකාරි ලෙස හැසිරුණු  වෛද්‍ය සුභාෂ් චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනි. ඉන්පසු   කොළඹ අළුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අණතුරුව වෛද්‍ය සුභාෂ් පිළිබඳව මානසික තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කිරීමෙන් පසුව ඔහුව   අංගොඩ මානසික රෝහලට යොමු කරන ලදි. 

කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌ 

කාලයෙන් කාලයට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ගැන ආරංචි ලැබේ . එක්‌කෝ ඔහු කිසිවකුට පහර දුන්නේය. නැත්නම් කාගෙන් හෝ ගුටි කෑවේය. විටෙක කෙනකුට එරෙහිව උසාවි ගියේය. වසර 2012 මැයි 2 වැනිදා හෝ ආසන්න දවසක කොටුව පොලිසියට දිව ගිය ඔහු යෝර්ක්‌ වීධියේ බැංකුවක කළමනාකාරියක්‌ තමාට විරුද්ධව පරුෂ වචන පාවිච්චි කළ බවත් ඇගේ ආධාරයට පැමිණි බැංකු ආරක්‍ෂකයෙක්‌ තමන්ට පහර දුන් බවත් කියා සිටියේ ය. බැංකු කළමනාකාරිය අත්අඩංගුවට ගන්නා ලදුව රුපියල් 50000 ක ඇපයක්‌ මත නිදහස්‌ විය. 

එම අවුරුද්දේම ජුනි මාසයේ මුල් සතියේ දවසක හෝ ආසන්න දවසක ඔහු තම රියෑදුරාට එරෙහිව කොළඹ උසාවියකදී නඩු කීවේය. තමාට අයත් මෝටර් සයිකලයක්‌ සහ ඩිජිටල් කැමරාවක්‌ විත්තිකාර රියෑදුරා බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටින බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.  ඉනුත් ඔබ්බෙහි පිහිටි ඉතිහාසයට ගමන් කරන විට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පිළිබඳ ප්‍රචණ්‌ඩ සිද්ධි කිහිපයක්‌ තිබේ. වසර 2000 දෙසැම්බර් මාසයේදී "දිවයිනේ" සහෝදර ඉංග්‍රීසි ප්‍රකාශනය වන "දි අයිලන්ඩ්" පත්‍රයේ පළ වූ පුවතක්‌ සම්බන්ධයෙන් කෝපයට පත් වූ ඔහු ජීප් රියක නැගී පිස්‌තෝලයක්‌ ද සහිතව උපාලි පුවත්පත් සමාගමට කඩා වැදීමට තැත් කළේය. එවිට ආයතනයේ යකඩ ගේට්‌ටු වහාම වසා දමන ලදී. දොස්‌තර ප්‍රනාන්දු තම රිය යකඩ ගේට්‌ටුවෙහි වේගයෙන් හප්පන ලද්දේය. ගේට්‌ටුව කැඩී බිම පතිත විය. දොස්‌තර ප්‍රනාන්දු වහා රිය හරවා ගෙන පලා ගියේය. 

2001 පෙබරවාරි 15 වැනිදා සිට දින තුනක්‌ තිස්‌සේ පිළියන්දල සමුපකාර ශාලාවේදී ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්විණි. 88, 89, 90 කාලයේදී ජ.වි.පෙ. සිදු කළ මනුෂ්‍ය සංහාර පිළිබඳ ඡායාරූප එම ප්‍රදර්ශනයට අයත් විය. 16 වැනිදා සවස බස්‌ දෙකක පිරවූ දාමරිකයන් සමග දොස්‌තර ප්‍රනාන්දු එහි ළඟා විය. ජ.වි.පෙ. විසින් මරන ලද අය ගැන ප්‍රදර්ශන පැවැත්වීමට පෙර යූ. එන්. පී. ය විසින් මරන ලද ජ.වි.පෙ. සාමාජිකයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කරන ලෙස ඔහු ප්‍රදර්ශනයේ සංවිධායකයා වූ පිළියන්දල ශ්‍රී.ල.නි.ප. සංවිධායක සහ නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චිට කීවේය. පසු දින ප්‍රදර්ශනය පැවැත්වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය. පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුට පහර දුන්නේය. එහෙත් පසු දින චන්දන කත්‍රිආරච්චි හමු වී පෙර දින සිදුවූ වරදට සමාව ඉල්ලීය. 

ඊට දින කිහිපයකට පෙර කොළඹ වරායේ 4 වැනි ගේට්‌ටුව ඉදිරියට ගිය ඔහු තමා පිටරටින් ගෙන්වූ රථයකට බදු ගැසීම ගැන විරෝධය පළ කළේය. එහිදී ඔහු මෙසේ ද කීවේය. "මම තමයි රන්ජන් විජේරත්නට වැඩේ දුන්නේ. මට ඒකට ලක්‍ෂ 80 ක්‌ ගෙව්වා..." එහෙත් පසු දින වරායේ හතර වැනි ගේට්‌ටුවට ගිය ඔහු පෙර දින හැසිරීම ගැන සමාව ඉල්ලා සිටියේය. වරායේ සිද්ධිය සහ පිළියන්දල සිද්ධිය අතර වාරයේදී කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැඟිල්ලට පැමිණ කළහ කළ ඔහුට තරුණයන් පිරිසක්‌ මිරිස්‌ කුඩු ගසා තිබිණි.(කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌) 


වද බන්ධනයට ලක්වූ දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු

දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු මොරටුවේ විල්ලෝරවත්තේ පදිංචිකරුවෙකි. මොරටු මහ විදුහලේ උප විදුහල්පති වශයෙන් කලක් සේවය කල වික්ටර් ප්‍රනාන්දු ඔහුගේ පියා විය. ඔහුගේ එක් සොහොයුරෙකු වූයේ ලංකා ගරු සංගමයේ ප්‍රධාන ලේකම්වූ හේම නිහාල් ප්‍රනාන්දුය.  1969 ජවිපෙ සාමාජිකයෙකු වූ එච්. එන් 71 කැරැල්ලේදී අත්අඩංගුවට පත් විය​.   

1965 දී චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරෙයි. විශ්වවිද්‍යාලයේදී සුභාෂ් චන්ද්‍රට  තරුණයෙක්‌ හමු වෙයි. ඔහු මහින්ද විජේසේකර ය. විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වූ මහින්ද විජේසේකර  ඔහුගේ මිතුරකු බවට පත් වන්නේය. 1971 පෙබරවාරි මාසයේදී රත්නපුර පොලිසිය මගින්ද විජේසේකර අත්අඩංගුවට ගත් අතර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ඔහුට ඇප දීමට පොලිසියට යයි. මෙහිදී සී. අයි. ඩී ය. ඔහුගේ පින්තූරයක්‌ ගනී. 

1971 අප්‍රේල් මුල් සතියේදී පොලිස්‌පතිතුමාට සහ සී. අයි. ඩී. යට පෙත්සම් දෙකක්‌ ලැබෙයි. රත්නපුරේ ජ.වි.පෙ. නායකයා ලෙස දොස්‌තර සුභාෂ් චන්ද්‍ර කටයුතු කරන බව ඉන් කියෑවෙන්නේ ය. පොලිසිය වහාම ඔහු අත්අඩංගුවට ගනී. ජීප් රියට ඔහු පටවා ගන්නා පොලිසිය ඔහුට මඟ දිගේ දරුණු ලෙස පහර දෙන අතර රත්නපුරේ මුවගම පාලම අසලදී ජීප් රියෙන් එළියට ඇද දමා වෙඩි තැබීමට තීරණය කරයි. පාලමෙන් පල්ලට ඔහු පෙරළා දමන ලද නමුත් ඔහුට වෙඩි තැබීමට නියමිත වූ නිලධාරියා හදිසියේම අදහස වෙනස්‌ කර ගැනීම නිසා යළිත් ඔහු ජීප් රියට පටවා ගන්නා පොලිසිය ඔහු නිරුවත් කර කූඩුවට දමයි. 

මෙකල චන්ද්‍ර ප්‍රනාන්දුගේ වයස අවුරුදු 25 කි. ඔහුට ලිංගික වධ දී මුත්‍රා පෙවීමට රත්නපුර පොලිසිය පියවර ගනී. ඔහුට දුන් වධවල සලකුණු අදටත් සිරුරෙහි ඇත. දිනපතා රාත්‍රි 10.00 සිට 2.00 දක්‌වා ඔහුට පහර දෙන රත්නපුර පොලිසියේ නිලධාරීහු රයිµලයෙන් ඔහුගේ කටට ඇන ඉදිරිපස දත් කඩා දමති. ඔහුගේ ඇඟිලි යකඩයකින් ද හිස්‌ කබල බැටන් පොල්ලකින් ද තලන ලදී, එහෙත් සවිමත් ප්‍රාණයක්‌ ඇති තරුණ දොස්‌තර මිය යන්නේ නැත. 

දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. ඊළඟ දවසේදී ඔහුට වෙඩි තැබීමට රත්නපුර පොලිසිය කුමන්ත්‍රණය කරන මුත් නීල් වීරසිංහ ඔහු බේරා ගනී. 1973 වර්ෂයේ  චනද්‍රා ප්‍රනාන්දු යාපනයේ හිර ගෙදර රඳවා තබයි  මේ සියලු දුක්‌ කරදර මත හටගත් මානසික ප්‍රතිරෝධය නිසා සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පූර්ණකාලීන විප්ලවවාදියකු බවට පත් වෙයි.

1985 අගෝස්‌තුවේ දී කොටි සංවිධානය අනුරාධපුරයට පහර දෙන අතර කොළඹ සිටින දොස්‌තර ප්‍රනාන්දු එවකට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වූ ප්‍රේමදාස උඩුගම්පොල විසින් අත්අඩංගුවට ගනු ලබන්නේය. ඊට පෙර එනම් 1983 ජුලි කලබලයෙන් පසු ද එවකට සිටි සී. අයි. ඩී. ලොක්‌කා වූ ටිරල් ගුණතිලක විසින් ඔහු අත්අඩංගුවට ගෙන කිසිදු පොතක පැමිණිල්ලක්‌ නොලියා තබා හයමාසයක්‌ ගත් බැවින් 1985 අත්අඩංගුවට පත්වීම දොස්‌තර ප්‍රනාන්දුට එතරම් ගණන් ගත යුතු කාරණයක්‌ වන්නේ නැත. උඩුගම්පොල ඔහු දෙසතියකින් නිදහස්‌ කරන නමුත් පොලිසිය නිතර නිතර ඔහු අල්ලා ගන්නේය. සමහර විට දිනකට දෙවරක්‌ අත්අඩංගුවට පත්වන ඔහු නිදහස ලබයි. දිගුකාලීන සිර ජීවිතය නිසා ඔහු රෝගියකු බවට පත් වන්නේ ය. 

රත්නපුර පොලිසිය පහර දීමෙන් ඔහුගේ උඩු තල්ලේ හටගන්නා වණ දෙකක්‌ වර්ධනය වීම නිසා 1988 දී සැත්කමක්‌ කර එය ඉවත් කරනු ලැබේ. එවිටත් ඔහු හිර ගෙදරය. 1989 දී ඔහු නිදහස ලබා ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි "වයිට්‌ හවුස්‌" නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. (කාලයෙන් කාලයට රට කළඹන  විජේවීරගේ දොස්‌තර මස්‌සිනා -අනුර සොලමන්ස්‌) 

රෝහණ විජේවීර, දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු ගේ නැගෙනිය වූ චිත්‍රාංගනී විවහා කර ගැනීමට කැමති වූවද චිත්‍රාංගනී මුලදී එයට කැමති වී නැත​. ඉන් කුපිත වූ  චන්ද්‍ර සුභාෂ් තම නැගෙනියට හා තම මව​ට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කොට තිබේ. මෙම අසාමාන්‍ය හැසිරීම ගැන චිත්‍රාංගනී මෙසේ කියන්නීය​. 

.......එයා අපේ ගෙදරින් ඇහැව්වට පස්‌සේ මට එක දවසක්‌ හම්බුවුණා. ඒ වෙනකොට මම අ අඞා තමයි හිටියේ... අම්මත් අඬනවා... අක්‌කා එනවා, එයත් අඩනවා... එච්.එන්. අයියාගේ බිරි`ද, සුසිලා අක්‌කා රෝහණට කැමැත්තක්‌ තිබුණේම නැහැ. මගේ ගැන යෝජනාව කරන්න කලින් ඉ`දලාම එයා එහෙමයි. රෝහණ අපේ මොරටුවේ ගෙදර එනවා කිව්වාම කෑමබීම එහෙම හදලා, "ඔය මිනිහා එනව නම් මම ඉන්නේ නැහැ" කියලා ගෙදරින් යන්න ගියා. එදා රෝහණ කෑම කාලා ආපු කට්‌ටියත් එක්‌කම ගියා... එදා ආවේ ගුරු සංගමේ කට්‌ටියක්‌."  "මං දිගටම අඬනවා.... අම්මත් මේකට අකමැතියි... චන්ද්‍රා අයියා ඇවිල්ලා දිගටම මටයි, අම්මටයි, සැර දාලා යනවා. අන්තිමට චන්ද්‍රා අයියාට හොඳටම කේන්ති ගිහිල්ලා "මේ කසාදෙට කැමති වුණේ නැත්නම් උඹලා දෙන්නටම වෙඩි තියලා මරනවා..." කියලා අම්මටයි මටයි කෑ ගැහැව්වා. ඊට පස්‌සේ මම රෝහණව බ`දින්න කැමති වුණා. "සුදු අයියේ... මම කැමතියි..." කියලා චන්ද්‍රා අයියට මම කිව්වා.  

හරියටම 1980 අවුරුද්දේ මාර්තු හත් වෙනිදා, චන්ද්‍රා අයියා අම්මවයි මාවයි එයාගේ කාර් එකේ දාගෙන ගම්පහ එයාගේ ඩිස්‌පෙන්සරියට එක්‌කගෙන ගියා. එතැනට රෝහණත් ආවා. මට අදත් මතකයි, රෝහණ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි "මට ආරංචි වුණා ඔයා මට බයයි කියලා. ඇ`ඩුවා කියලා. ඒ මොකද .? " කියලා. මං කිව්වා "ඔව් මං බය වුණා... ඇ`ඩුවා. දැන් බය නැහැ..." කියලා.  එයට ඇයගේ කැමැත්ත කියනවාද, ලැබීම කියනවාද, නැතිනම් බලහත්කාර ප්‍රයත්නයක කූටප්‍රාප්තිය කියනවාදැයි නොතේරේ. සිය සහෝදර දොස්‌තර චන්ද්‍රා ප්‍රනාන්දු විසින් ඇයගේ කැමැත්ත ලබා ගෙන තිබුණු ආකාරයෙන්ම එය ආදරය මරණ වරෙන්තුවක්‌ පෙන්වා උදුරා ගැනීමකට වැඩි යමක්‌ නොවීය. (චන්ද්‍ර අයියාට තියෙන බය නිසා විවාහයට කැමැතිවුනා-මනෝඡ් අබයදීර) 

පසු සටහන ; වධ බන්ධනයට ලක් වීමත් හිසට සිදු කරන ලද පහර දීම් නිසාත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයෙන් මෙන්ම TBI (Traumatic Brain Injury) තත්වය නිසා හටගත් පෞරුෂ වෙනස් වීම් වලින් ද පෙලෙන බවට අනුමාන කිරීමේ සාධක තිබේ. වෛද්‍යවරයෙකු වී මිනිසුන් සුවපත් කිරීම පසෙක ලා  වරින් වර ක්ලමථ හැසිරීම් මගින් සමාජය කලඹන සුභාෂ් චන්ද්‍ර වද බන්ධනයේ වින්දිතයෙකු වූ අයුරු ශෝකනීය ය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග  

Saturday, November 28, 2015

සාහිත්‍යයට පිටුපෑම

 

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද?

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Friday, November 27, 2015

දොස්තර පබා පුල්ලේගේ සෞඛ්‍ය අධ්‍යාපන පාඩම​




දොස්තර පබා පුල්ලේ  ඉතා හොඳ සෞඛ්‍ය අධ්‍යාපන  දේශකයෙකි. නමුත් සිංහල කියවීම සහ ලිවීම ඉතා දුර්වළය​. නමුත් සිංග්ලිශ් වලින් සහ ඉතා හොඳ  ඉංග්‍රීසියෙන් එතුමා හෙදියන්ට මෙන්ම වෛද්‍යවරුන්ට දේශන පැවැත්වීය​. වරක් හෙදියන්ට ස්ත්‍රී පුරුෂ මූත්‍රල පද්ධතිය  (male and female urinary system ) පිළිබඳව දේශනයක් පැවැත්වීමට දොස්තර පබා පුල්ලේට  නියම විය​. මේ සඳහා ඉංග්‍රීසියෙන් නාම සහිතව සකසන ලද ඕවහෙඩ් ප්‍රොජෙක්ටරයට භාවිතා කරන මූත්‍රල පද්ධති ස්ටෙන්සිලයන්  වල ඉංග්‍රීසි නාමකරණ සිංහලන්ම ලියා ගැනීමට ඔහුට අවශ්‍ය විය. මේ සඳහා ඔහු තම හිතවත් තරුණ සිංහල වෛද්‍යවරයෙකුට නියම කලේය​. 

සිංහල වෛද්‍යවරයා දොස්තර පබා පුල්ලේට කොලොප්පම් පිණිස මූත්‍රල පද්ධතියේ ඉංග්‍රීසි නාමකරණ සූද්ධ සිංහලන් ප්ලැටිග්නම්  එකකින් ස්ටෙන්සිලයන්  වල ලිවීය​. උදාහරනයක් ලෙස ස්ටෙන්සිලයේ පීනීස් (penis) නම් ඉංග්‍රීසි  නම යටින් සිංහලන් ශිශ්නය යනුවෙන් ලිවිය වූවත් ඔහු ලිව්වේ කුණුහරුප නාමයයි. මෙලෙස ස්ත්‍රී පුරුෂ මුත්‍ර ලිංගික පද්දතියේ සූද්ධ සිංහල නාමයන් ලියූ ඔහු එවා දොස්තර දොස්තර පබා පුල්ලේගේ අතට දුන්නේය​. 

තම යහළුවා කළ යක්‍ෂ විහිළුව ගැන නොදැන සිටි දොස්තර දොස්තර පබා පුල්ලේ පරිවර්තනය කරන ලද ස්ටෙන්සිලයන් ගෙන දේශන ශාලාවට ගියේය​. ශාලාව පුරවා හෙදියන් සිටියහ​. දේශකයා මුත්‍රා වාහිනී පද්ධතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කොට ඕවහෙඩ් ප්‍රොජෙක්ටරය ක්‍රියාත්මක කලේය​. බිත්තියකට ප්‍රක්ශේපනය කරන ලද මුත්‍රා වාහිනී පද්ධතියේ පින්තූර සමග සිංහල නාමකරණ දුටු හෙදියෝ අතින් කටවල් වසාගෙන හිකි හිකි ගා සිනාසුනෝය​. හෙදියන් ගේ හිකි හිකියට හේතුවූ කරුණු කාරනා නොදත් දොස්තර පබා පුල්ලේ දිගටම දේශනය කරගෙන ගියේය​. 

දේශනය අවසානයේදී එක් තලත්තෑනි පිරිමි හෙද නිලධාරියෙකු පැමිණ දොස්තර පබා පුල්ලේට රූප සටහන් නාම කොට තිබූ අයුරු ගැන පෙන්වා දුන්නේය​. ස්ටෙන්සිලයන් අතට ගත් දොස්තර පබා පුල්ලේ කෙලින්ම දිව ගියේ තම මිතුරාගේ කාමරයටයි. විහිළුවේ බරපතලකම කලින්ම වටහා ගත් මිතුරා තම කාමරයේ දොර වසා නගරයට ගොස් තිබුණි. ඔහු සුමානයකට පසුව දොස්තර පබා පුල්ලේ හමුවීමට යන විට දොස්තර පබා පුල්ලේගේ කේන්තිය සිඳී තිබුණි. එදයින් පසු ස්ටෙන්සිලයන්  වල ඉංග්‍රීසි නාමකරණ සිංහලන්ම ලියා ගැනීමට ඔහුට අවශ්‍ය වූ විට දොස්තර පබා පුල්ලේ අර තලත්තෑනි පිරිමි හෙද නිලධාරියා හමු විය​. 

අනේ පින් ඇති රැකියාවක් දෙන්නේ


Thursday, November 26, 2015

හරි පුදුම ඉස්කෝලේ



Texas teen handcuffed, arrested for bringing homemade clock to school 

හැදුවා මම තනිවම 
අරුම පුදුම බඩුවක්
සිසුන් ගුරුන් පුදුම කරන්න​

පරිගණකයකින් ගලවාගත්
කොටස් එකලස් කර​
හැදුවා මම ඔරලෝසුවක්
අරුම පුදුම මේ බලන්න 

ගෙන ගියත් එය ගුරුතුමිය වෙත 
ලොකු හරියක් දාගන්න​ට
පැන දිව්වා ඇය මර බයෙන් 
නිපැයුම මගෙ බෝම්බයක් කියමින් 

දිවි ගලවාගන්න පන්තියේ ළමයි
සැඟඋනා මේස ය​ට
ගැහෙනවා ඔවුන් මර බයෙන්
සමහරු කලිසම් තෙමාගෙන 

මුළු පාසලම ගෝට්ටියක්
සිසුන් ගුරුන් හිස් ලුලූ අත දුවන​
නව නිපැයුම අතේ තියන්
හිටියා මම බලාගෙන 

නමත් මගේ අහමඩ්
ආගමත් ඉස්ලාම්
ඒ නිසා තැතිගත් විදුහල්පති
කථා කෙරුවා පොලීසියට 

පොලිසියෙන් විත් පාසලට
කුදලාගෙන ගියේය මා 
ඉස්ලාම් ත්‍රස්තයෙකු ලෙසට

අනේ මගේ ආත්ම ගෞරවය
සේදී ගියානේ මොහොතින්
ඉස්ලාම් ත්‍රස්තයෙකු කියමින් 
කෙල ගැසූවයි පාසලේ ළමුන්
තරහෙන්  මගේ මුහුණට

මාංචුලා මගේ දෑත​ට
අපරාධකරුවෙකු විලස​ට
පොලිස්කරුවා දැක්කුවේය 
ළමා රැඳවුම්ගාරයකට මාව

අනේ මම නොවෙමි ත්‍රස්තවාදියෙක්
ළමයෙකු වෙමි මම කුතුහලය තිබෙන 
ඒකයි හැදුවේ මේ ඔරලෝසුව 
තේරෙන්නේ නැද්ද ඔහෙල​ට

අල්ලාගේ නමින් මරාගෙන මැරෙන 
ත්‍රස්තවාදීන් හිටියත් සැමතැන 
නොවෙමි මා ත්‍රස්තයෙක් 
ජීවිත නසන දේපළ වනසන 
වෙමි මම පොඩි ළමයෙක්
නව නිපැයුම් කරන 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, November 25, 2015

ප්‍රේමදාසලා සිරිසේන කුරේලා බෞද්ධයන්ව ඇන්දුව හැටි




ප්‍රේමදාස ජනපතිවරයාගේ උපන් දිනයට සියක් නමක් පැවිදි කරවීමේ මහා පුණ්‍යොත්සවයක් සූදානම් කරන ලදි. මේ සඳහා සිරිසේන කුරේ ආමාත්‍යවරයාගේ සහයෙන් කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් සහ වැඩ සුපවයිසර්වරු පිරිසක් තෝරාගෙන ඔවුනට  සිවුරු පොරවා කැමරාව ඉදිරියේ මහණ කරන ලදි. අහේතුවකට මෙන් මෙසේ තාවකලිකව ප්‍රදර්ශනයට මහණ කල වැඩ සුපවයිසර්වරයෙකු සාසනයේ රැඳුනේය​. ඔහු තලල්ලේ උපාලි හිමියන් ලෙස ප්‍රසිද්ධ විය​. මාරයාගේ හෝරාව වෙබ් අඩවිය විසින්  බොදුනුවන්ට කොකා පෙන්වූ නාටකය ගැන විස්තර අනාවරනය කරන්නේ මෙසේය​. 

................තලල්ලේ උපාලි මෙම පිරිසට හසුවන්නේ කොළඹ මහ නගර සභාවේ සිටය... ඒ වන විට නගර සභාවේ වැඩ පරීක්ෂකයකු වන ඔහු උපත ලැබූවේත්, හැදී වැඩුනේත්, කොළඹ ජනාකීර්ණ පෙදෙසක් වූ කොම්පඤ්ඤ වීදීයේය... ඒද සාමාන්‍ය සිංහල පරිසරයක් තුල නොව අති මහත් මුස්ලිම් බහුතරයක් මැදය... ඔහු උපතේ සිට මැදිවිය දක්වාම ඇසුරු කලේ මුස්ලිම් ජනයාය.. කතා කලේ දෙමළ බසය... කෑවේ බිවේ ඔවුන් සමඟය... ඉගෙන ගත්තේ ඔවුන් ඇසුරේය... කොටින්ම උපතින් හැර අන් සෑම අයුරින්ම ඔහු මුස්ලිම් ජාතිකයකු විය. ඒ වන විට විවහා වී දරුවන් දෙදෙනෙකුද සිටි උපාලිව මෙම පැවිදි කරවන ගොඩට කෙසේ හෝ අයත් විය.

වැඩි කලක් සිවුරේ සිටිය යුතු නොවේ.. අදාල දිනයට කෙසේ හෝ සියක් නම පෙන්නුවාට පසු සිවුර තබා ගෙදර ගියත් ලොක්කාටවත් එය කරවන්නාටවත් ගැටළුවක් නොවේ.. අද වන විට සෑම දේශපාලක නායකයකු හා පක්ෂයක් විසින්ම කරනු ලබන කසිප්පු/සල්ලි හා බත් පැකට්ටුවට මැයි දිනයට සෙනග ගෙන ආ ක්‍රමය ආරම්භ කල අයට මෙම පැවිදි කිරීමත් ශාසනයේ උන්තිය නොව තම අංක සම්පූර්ණ කිරීමක් පමණක්ම විය.

කෙසේ හෝ අවසානයේ උපාලිත් මහණ විය... ඒ කොම්පඤ්ඤවීදියේ උපාලි ලෙසින් නොව එයට පරම්පරා දෙකකට පෙරදී සිය මුත්තකු විසින් හැරදා ආ ගම වූ තලල්ල නාමය මුලට තබාගෙනය.. සැබවින්ම කියතහොත් ඔහු තලල්ල කලුද සුදුද යන්නවත් නොදනී... ඔහු තබා ඔහුගේ පියාවත් තලල්ල දැක ඇද්දයි විස්වාස නැත.. එහෙත් කෙසේ හෝ පරම්පරා උරුමයක් මත හෙතෙම අවසනදී තලල්ලේ උපාලි නම් විය...

උත්සවාකාරයෙන් පැවිදි වූ අය දිනෙන් දින සිවුරු හැර පිටව යද්දි ඒ අතර සිටි කිහිප දෙනෙකු සාසනයේ රැඳිණි.. අද වන විට ඇතැම් විට එම සියයෙන් අනූනවයක්ම ආපසු ගොස් ඇතුවා වන්නටත් පුළුවන .. එහෙත් උපාලි හිමියන් මෙම ජීවිතයට හුරු විය. එයට හේතුව හරියටම මේ යැයි කිව නොහැක. ඇත්තෙන්ම ඔහුට සාසනයට විනාසයක් කිරීමේ උවමනාවක් ඇති බවක් දකින්නට නැත. එසේම සාසනයේ වැඩක් කරන්නටද උවමනාවක්ද නැත.. ඔහු මා හට හමු වූයේ 2004 වසරේදී පමණය.. ඒ වන විට ඔහු වසර 15කට ආසන්න කාලයක් සිවුරේ සිට ඇත. එම කාලය පුරාවටම ඔහුට පන්සිල් දීම වැනි සුළුම සාසනික සේවාවක්වත් පිහිටා නැත. අඩුම තරමේ දෙමළ ඌරුව නැතිව මිනිසුන් සමඟ කතා කිරීමටවත් නොහැක. සිංහලෙන් බැරිනං දෙමළින්වත් බණක් කියනවා තබා සිතීමටවත් බැරිය.. ඔහුගේ සාසන දිවිය සිවුරටත්.. කොස්සට හා ඉඳලටත් සීමා විණි.

 සාමාන්‍යයෙන් ගිහි අයකු පැවිදි කිරීමේදී එම තැනැත්තාට ආචාර්යයන් වහන්සේ නමක් සිටිය යුතුය... අප සාමාන්‍ය ව්‍යවහාරයේදී අහවල් හාමුදුරුවන්ගේ ලොකු හාමුදරුවෝ අසවල් හාමුදු‍රුවෝ යැයි කියන්නේ ඒ අනුවය... බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පැවිදි කිරීමකදී මෙන්ම උපසම්පදා කිරීමකදී තවත් වැඩිහිටි ධර්මධර විනයධර භික්ෂුවක් එයට සහභාගී කරවා ගනී... උපාධ්‍යායන් වහන්සේ යන නමින් හැඳින්වෙන මෙම තනතුර හුදෙක් නාමික තනතුරක් මෙන් පෙනුනද එහි ඇත්තෙන්ම ඉතා වැදගත්කමක් ඇත.මේ අනුව ඕනෑම භික්ෂුවකට ආචාර්යයන් වහන්සේ නමක් මෙන්ම උපාධ්‍යායන් වහන්සේ නමක්ද වෙයි. ඇතැම් විට පැවිදි වන විටත් නැතහොත් උපසම්පදාවේදී හෝ එසේ උපාධ්‍යායන් වහන්සේ නමක් හිමි වෙයි.  

එහෙත්...  අපගේ තලල්ලේ හිමියන්ට සිය පැවිදි ගුරුවරයා ගැන මතකයක් නැත... සියක් නමක් පැවිදි කරවීමේදී ඒ සඳහා මුල් වන හිමිවරුනුත් බොහෝමයක් වෙති. ඒ අතුරෙන් තමාව පැවිදි කල අය හා ඊට මුල් උන අය මතක තබා ගැනීමට තලල්ලේ හිමියන්ට නොහැකි වී ඇත.. එහෙයින් කවුද තමන්ව මහණ කලේ කියා ඇසූ විට "පේමදාස මාතියායි ෂිරිෂේන කුරෙයි මාතියායි" යනුවෙන් කියන්නට පුරුදුව ඇත...  ඒ අනුව අප විසින් එකල කියන්නට යෙදුනේ උපාලි හිමියන්ගේ ආචාර්ය හා උපාධ්‍යායන් වන්නේ ප්‍රේමදාස හා කුරේ යනුවෙන්ය... ලෝකයේ ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වී පැවිදි වූ අය නැත..එසේම පැවිද්දන්ට ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වන්නේත් නැත... විහිළුවක් වූවද මේ අප දන්නා ඒ එකම අවස්ථාව වෙයි. වරද කාගේද..? එය සෙවීමෙන් ඇති පලක්ද නැත...(මාරයාගේ හෝරාව) 

මෙලෙස කරකවා අත​ඇරියාක් මෙන් සාසනයට පැමිණි උපාලි හිමියන්  වකුගඩුවක් දන් දෙන්නට ගොස් නන්නත්තාර වූ බව මාරයාගේ හෝරාව වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි. 



Tuesday, November 24, 2015

ඉන්ද්‍රනාම



ඉන්ද්‍රනාම 
වස්සෙක් ද නුඹ
තණකොළ බුදින​ 
තිබුනේ නැතුවද නුඹටත්
විචාර බුද්ධියක්  මොලයක් 

රැවටී නුඹ කපටීන්ට 
පුද කලයි නුඹේ අධ්‍යාපනය  
සහ තරුණ ජීවිතය මනරම්
කිසිදින  යළිත් නොඑන  

නායකයන් කීව පලියට
කිසිදා නොදැන සිටි මිනිසුන්ට
කොකා ගැස්සූ නුඹ 
දහම් පාසල් ගිය කාලයේ
වතුරේ ගිය කූඹියාත්
බේරගත්තා නේද 

කියූ සැනින් බස් පුච්චා
ට්‍රාන්ස්ෆෝමර විනාශ කළ නුඹ 
ජීවිතයේ කවදාහෝ දෙයක්
නිර්මාණය කලේ කවදාද 

නුඹලාට පන්ති කළවුන්ම​
බිල්ලන්වී හන්දි වල 
නුඹලාගේ බෙල්ලෙන්ම 
අල්ලගෙන යන්නට
හිස වැනූ අයුරු මතකද 

වදකාගාරවල 
ධර්ම චක්‍රයෙන් 
ඉර්සි පොසිසන් එකෙන්
තැබූ කල නුඹලාව 

බැටන් පොල්ලෙන්
එස්ලෝන් බට වලින් 
මහත වයර් සහ​
රත්වූ යකඩ කූරු වලින් 

සත්‍ය මතු කර ගන්නා 
නිල අැඳුම් ඇඳි නග්න 
වෘකයන් වෙත ආහර පිණිස​
නුඹලා විසි කළ නායකයන්
කොහේද අද 

සමහරු සැප විඳියි සීත රටවල 
නුඹලා නරකාදියේ පැසෙන විට
සමහරු ධනපති පන්තියේ
ඔඩොක්කු කුක්කන්‍ ​ ය​
තවත් අය මුදල් සොයයි අත යට
උපන් දිනය​ත් වෙනස් කරගෙන 

බිලිබෝයි කෙනෙක් වී
එලොව ගොස් මෙලොව ආ
යන්තම් රැක ගත්තයි
පණ කෙන්ද​ නුඹ 
පෙර පිණක​ට

එදා වීරයෙකුවූ ඉන්ද්‍රනාම 
අද නුඹ ද්‍රෝහියෙකි 
වීරයන් හා ද්‍රෝහීන් 
නිර්ණය කරනා
රේඛාව නුඹ දුටුවේද 

මනුස්සකමක් රහිත​
දේශපාලනයක් වෙනුවෙන් 
දිවි දෙවැනි කොට වැඩ කෙරූ  
නුඹලා වගේ මිනිස් ප‍්‍රාණීන් සමූහයකගේ 
අවතැන්වූ ජීවිත කතාව 
සෑම වසර දහ පහළහකට වරක් 
මේ ගෙන්දගම් පොළවේ
සිදුවෙනවා නේද 
නොනැවතී කැරකෙන 
චක්‍රයක් ලෙස​ට

වොයිස් ඔෆ් අැමරිකා අලකලංචිය




ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු කරගෙන යන විට කෝකටත් විරුද්ධ වන ජනතාව සහ සත්‍ය විරෝධකරුවන් මේ සඳහා විරෝධය පෑහ. විරෝධතා උද්ඝෝශණ පමණක් නොව සමහරක් විට වොයිස් ඔෆ් අැමරිකා ආයතනයට අයත් වාහන වලට ගල් ගැසීම දක්වා කාරණා කටයුතු දිග් ගැස්සුනේය​. මේ විරෝධතා වලදී පොලිසිය කැඳවන ලදින් ඔවුන් විරෝධතාකරුවන්ට දනින් පල්ලෙහාට වෙඩි තබා එක් විරෝධතාකරුවෙකු ස්වර්ගස්ථ ද කලේය​. 

හලාවත රෝහලේ ශල්‍යාගාරයේ සේවය කල ඇටෙන්ඩන්වරයෙකුද මෙම විරෝධතාවලට ගොස් තිබුණි.  අප ඔහු ඇමතුවේ ඇන්ටා නමිනි. ඒ කාලයේ සිදු කළ උද්ඝෝශණ  විරෝධතා ගැන ශල්‍යකර්ම කරන අතරතුරේ මම ඇන්ටාගෙන් විමසුවෙමි (මෙම කාලයේ මම ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි) ඇන්ටා ඔවුන් කළ වික්‍රමයන් පැවසුවේ සිනාසෙමිනි. 

ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉදි කරන අතරතුර හලාවත රෝහල දක්වා කාපට් පාරක් වොයිස් ඔෆ් අැමරිකා ආයතනයේ වියදමින් ඉදි කිරීමට සැලසුම් කර තිබුනද උද්ඝෝශණකරුවන් ගේ ගල් මුගුරු ඉදිරියේ එම සැලසුම යටපත් විය​. කෙසේ නමුත් අවසානයේදී වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉරණවිල ස්ථාපිත කරන ලදි.  අණතුරුව විරෝධතාවන් ද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී නැත්තටම නැතිවී ගියේය​. 

මෙම සම්ප්‍රේශණ මධ්‍යස්ථානය නිසා ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථාද ලැබුණි. මෙම මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ට ආදායම් උත්පාදනය කරන මාර්ගයක් විය​. එහි රැකියා සඳහා පැමිණි පුද්ගලයන්ට නිවාස හා කාමර කුලියට දීම ජයටම සිදු විය​. ඇන්ටාගේ බිරිඳ ද සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ සේවය කරන්නන්ට ආප්ප ඉඳිආප්ප විකුණා අමතර ආදායමක්ද ලබා ගත්තාය. 

2007 වසරේ වෛද්‍ය  තුශානි දබරේරාගේ සහයෙන් මම සෞඛ්‍ය අධ්‍යාපන දේශන කිහිපයක් ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ  පැවැත්වූයෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, November 23, 2015

මහාචාර්ය ඇල්බට් ධර්මසිරි


"සියළු ශුද්ධ වූ දේ කෙළෙසෙන්නේය යන කියමනක් තිබේ. කප්පම් ගැනීම , අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම ,රජයේ ඉඩම් හොර රහසින්ම විකුණා ගැනීම මෙතෙක් කරන ලද්දේ දේශපාළුවන් මධ්‍යගතවය​. නමුත් මේ හොරකම් උගත් සමාජය වෙතද කාන්දු වෙමින් පවතියි. ප්‍රකට චිත්‍ර ශිල්පි ඩේවිඩ් පේන්ටර්ගේ අවසන් කැමැත්ත අනූව සෞන්දර්‍ය විශ්වවිද්‍යාලයට භාර නොදී චිත්‍ර තොගයක් සිය භාරයේ තබාගෙන මහාචාර්‍ය ඇල්බට් ධර්මසිරි මහතා විසින් ඒවා හොර රහසේ විකුණා ඇති බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ. ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර 19ක් මහාචාර්‍යවරයා විසින් රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්‍ෂයකට  විකුණා ඇත​. විශ‍්‍රාමික මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා  රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 


චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර්

1904 වර්ෂයේදී තම දෙමාපියන් සමගින් මෙරටට පැමිණි ඩේවිඩ් පේන්ටර් මහතා 1975 ජුනි මස 07 වැනිදායින් තම දිවිගමන නිමා කරන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියක්‌ රටට අත්කර දෙමින්ය. ඔහු විසින් ඉතිරි කොට ගිය දේ අතර මිල කළ නොහැකි තරමේ වටිනාකමින් යුත් සිතුවම් රාශියක්‌ තිබී ඇති අතර ඒවා සංරක්‍ෂණය කොට මහජන ප්‍රදර්ශනය පිණිස නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ තැන්පත් කොට තිබී ඇත.  වාර්තාවන ආකාරයට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඉන් සිතුවම් දහනවයක්‌ ජාතියට තිළිණ කිරීම පිණිස කැලණි සරසවියේ සෞන්දර්ය පීඨයට භාර දී ඇත්තේ 2010 වර්ෂයේ එක්‌තරා දිනකය. එහි භාරකාරත්වය පවරා ඇත්තේ මහාචාර්ය ඇල්බට්‌ ධර්මසිරි මහතා වෙතය. (රුවන් ජයවර්ධන)



මහාචාර්‍ය ඇල්බට් ධර්මසිරිගේ  පහත සාකච්ඡාව සිළුමිණ පුවත් පතේ පළ වූවකි 


 ඔබේ දරුවාට චිත්‍ර ශිල්පියකු වීමට ඉඩ දෙන්න  මහාචාර්ය ඇල්බට් ධර්මසිරි

ජනතාවගේ පුළුල් දැනුම නව සංකල්ප අලුත් අත්දැකීම් හේතුකොට සායම් කළ සෞන්දර්යාත්මක චිත්‍රවලින් සමනය කළ නොහැකි වූ සෞන්දර්යාත්මක කුතුහලය සමනය සඳහා අභ්‍යන්තරයට ඔබින යථාර්ථය සොයා සිත්තරාට යාමට සිදුවිය. නූතන කලාකරුවා තම සංකීර්ණ අත්දැකීම් කලාත්මක නිර්මාණ සඳහා යොදා ගැනීමට ප්‍රකාශන ආකෘති සොයා යමින් සිටී. මානව සංහතියේ ළදරු වියේ සිට ම ආදි කල්පිත මිනිසා ඇඳි සිතුවම් ඇල්ටමීරා, ලැස්කො ගල් ගුහාවල මෙන්ම ලංකාවේ නීලගිරි හෙළ තරු ලෙන් ගල දොරවක්කන්ද ආදි ස්ථානවල ද දක්නට ඇත.

එදා සිට අද දක්වා පැමිණි ගමනේ දී චිරාගත මායිම්හි සිරවූ චිත්‍ර කලාවට නිදහසක් ලැබී ඇත.පසුගියදා කලා මණ්ඩලයේ චිත්‍ර හා මූර්ති අනුමණ්ඩල මඟින් පැවැත්වූ රාජ්‍ය චිත්‍ර හා මූර්ති උලෙළ පාදක කොට චිත්‍ර හා මූර්ති අනුමණ්ඩලයේ සභාපති මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා සමඟ කළ සාකච්ඡාවකි.

සෑම කලාවක් ම වෙළෙඳ භාණ්ඩයක් වෙලා ඒ අතර චිත්‍ර කලාවට හිමි තැන කුමක් ද?
සංගීතය නැටුම් ගීතය නාට්‍ය කලාව ඉන්ද්‍රියන් පිනවන කලාවන්. ඒවා ක්ෂණිකව විඳිය හැකි ස්වභාවයක් තියෙනවා. එහෙත් චිත්‍ර කලාව විනෝද මාධ්‍යයක් නොවෙයි. බුද්ධි ගෝචර කලාවක්. අපේ රටේ අතීතයේ සිට ම ආගම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හා කියවීමේ හැකියාව නැති අයගේ අධ්‍යාපනය අරමුණු කරගෙන චිත්‍ර කලාව ගොඩනැඟුණා. අතීතයේ විහාරයන්හි බෞද්ධ චිත්‍ර මෙන්ම සීගිරිය පොළොන්නරුව රජ මාළිගය වැනි ස්ථානයන්හි ලෞකික චිත්‍ර නිර්මාණය වුණා.
අනුරාධපුර පොළොන්නරු යුගයන්හි චිත්‍ර හා මූර්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබු යුගයක්. එකල චිත්‍ර හා මූර්ති කලා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මහනුවර යුගයේ දී පවා ආගමික අවබෝධය අරමුණු කරගත් විහාර චිත්‍ර කලාවක් පැවැතියා. අද සෑම කලාවක්ම වෙළෙඳ භාණ්ඩයක් වෙලා. අද දක්ෂ චිත්‍ර ශිල්පියකුගේ චිත්‍රයක් වාණිජ භාණ්ඩයක් ලෙස ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන්.


ඔබ චිත්‍ර අනු මණ්ඩලයේ සභාපතිවරයා. රාජ්‍ය චිත්‍ර හා මූර්ති උත්සවය පැවැත්වීමේ අරමුණ පැහැදිලි කළොත්.
අපේ අරමුණ දක්ෂ නිර්මාණකරුවන් චිත්‍ර ශිල්පීන් සමාජයට හඳුන්වාදීම සහ ජනතාවගේ රසඥතාව වර්ධනය කිරීම. පත්තරේ නම වැටුණට කවුරුවත් හොඳ දක්ෂ කලාකරුවෙක් වෙන්නෙ නැහැ. අද දක්ෂ නිර්මාණකරුවො සැඟවිලා ජනතාව අතර කලා රසඥතාව පිරිහිලා. අපේ ජාතියේ රසඥතාව නැතිව ගිහින්.

කලා රසඥතාව පිරිහීමට හේතු කාරණා මොනව ද?
සදාචාරධර්ම පිරිහුණු සමාජයක කලාව තියෙන්න විදිහක් නැහැ. රසඥතාව පිරිහෙන්න පටන්ගත්තේ 1977 විවෘත වෙළෙඳ අර්ථ ක්‍රමයත් සමඟ. ඉන්පසු ගෝලීයකරණ සංකල්පය සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය වෙනස් වුණා. වේගවත් වුණා. එයත් කලා රසඥතාව පිරිහීමට බලපෑමක් කළා. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සෞන්දර්ය අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු නොවීම, රටේ දක්ෂ නිර්මාණකරුවන් බිහි නොවීමට මෙන්ම රසඥතාව පිහිරීමට ද බලපෑවා.
රසඥතාව පිරිහීමට රූපවාහිනියත් බලපෑම් කරනවා. රූපවාහිනිය වර්තමාන සමාජය උඩුයටිකුරු කරලා තියෙන්නේ සමාජයේ ගුණධර්ම පිරිහිලා. එයින් ගොඩ එන්න කලාවට බැහැ. දැන් ඉස්සර වගේ නොවේ මුදල් ගැන පමණයි හිතන්නේ.

ඉස්සර ගෙදර හිටිය ගෑනු දරුවා දීග දුන්නේ උගතකුට. දැන් දීග දෙන්න හොයන්නේ සල්ලිකාරයකුට. මහාචාර්යවරයෙක් වුණත් වැඩක් නැහැ, මුදලාලි කෙනෙකුට වඩා සල්ලි නැත්නම්. ඉතිං කලා රසඥතාව ගැන තව මොනවා කතා කරන්න ද?
චිත්‍ර හා මූර්ති කලාව පිරිහීමට ලක්වුණු බවක් පෙනෙනවා. ඉස්සර විහාර කෝවිල් හි චිත්‍ර හා මූර්ති කලාව ප්‍රචලිතව පැවතුණා. වර්තමානයේ ඒ තත්ත්වය අඩුයි තමයි. ඒකට හේතුව ඒ නිර්මාණ කරවන අයගේ රසඥතාව නොමැති වීමයි. මුදල් තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සර බුද්ධ රූප හදන්නේ පන්සලේ. බුදු හාමුදුරුවෝ දකින්න පන්සලට යන්න ඕන. බුදුන් කෙරෙහි භක්තියක් තිබුණා. අද මිනිසුන් ළඟ භක්තිය නැහැ. බුද්ධ රූප කුණු ගොඩවල් ළඟ කානු අද්දර හන්දි හන්දි ගානේ තියෙනවා. ඒවායේ කිසිම කලාත්මක බවක් දක්නට නැහැ. ඒවා ඒ තැන්වල පිහිටුවන්න මුදල් වැය කරන්නේ ධාර්මික මිනිසුන් ද?

මිනිස්සු චිත්‍රවලට අකමැති බවක් මින් හැඟෙනව ද?
නැහැ. එහෙම එකක් නැහැ. මිනිසුන් තුළ නිර්මාණාත්මක භාවයන් තියෙනවා. හොඳ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. අපේ ජනතාවට හොඳ චිත්‍ර දකින්න අවස්ථාව නැහැ. වර්තමාන ලෝකයේ සර්ව සාධාරණ රසික සංකල්ප මත ගොඩනැඟුණු චිත්‍ර කලාවක් පවතින්නේ. චිත්‍ර කලාව වර්තමාන ලෝකයේ ජාත්‍යන්තර භාෂා විලාසයක්. කලා කෘතියක් හෝ චිත්‍රයක් නිර්මාණය වන්නේ ඊට ආවේණික සෞන්දර්යාත්මක භාෂා විලාසයකින්. චිත්‍රයක් අර්ථවත් වන්නේ එහි ඇති රූපික අංශයන්හි ප්‍රකාශන ශක්තිය මත. රසිකයාට චිත්‍රයක් මූර්තියක් හෝ කලා නිර්මාණයක් වටහා ගැනීමේ අගය කිරීමේ සාහිත්යික හා බුද්ධිමය හැකියාවක් තිබිය යුතුයි.

පොදුවේ චිත්‍ර කලාව සහ යම් කලාකරුවකුගේ ශිල්පීය න්‍යාය පිළිබඳ රසිකයාට අවබෝධයක් තිබිය යුතුයි. කලා කෘතියක ඇති රේඛා, වර්ණ, හා ආකෘතිය යන රූපික අංග සාමූහික මෙන් ම වෙන් වෙන්ව ඇගැයීමට හැකිවීම රසිකයා චිත්‍ර හා මූර්ති කෙරෙහි ඇඳ බැඳ තබනවා. එසේ නොවූ කල චිත්‍ර හා මූර්ති කලාව කෙරෙන් රසිකයා ඈත් වෙනවා.

ඔබ කියන්නේ ජනතාවගේ කලා රසාස්වාදය වර්ධනය කළ යුතු බව ද?
ඔව්. අනිවාර්යෙන්ම එය කළ යුතුයි.

ඒ සඳහා කුමක් කළ යුතු ද?
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සෞන්දර්යය විෂයයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. දෙවනුව රසිකයන්ට නිර්මාණ රස විඳින්නට අවස්ථාව සලසා දිය යුතුයි. අපේ රටට හොඳ කලාගාරයක්වත් නැහැ. අපිට තියෙන්නේ ජාතික කලා භවන පමණයි. එයත් බ්‍රිතාන්‍ය සංගමය හදන ලද ගොඩනැඟිල්ලක්.

කිසිම රජයක් රට පුරා කලාකරුවන් වෙනුවෙන් කලාගාර නිර්මාණය කර දෙන්න උත්සාහයක්වත් අරගෙන නැහැ. ඒත් අපේ රටේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ කීයක් තියෙනව ද? අපිට මහා නාට්‍ය ශාලාවක් ඉදිවුණා. ඒත් දුප්පත් නාට්‍යකරුවකුට හෝ චිත්‍ර ශිල්පියකුට තම අධ්‍යාත්මික සතුට සඳහා තම නිර්මාණය පේ‍්‍රක්ෂකයා කරා ගෙනයන්න තැනක් අපිට තවමත් නැහැ. එහෙම වෙලා තියෙන්නේ ජාතියක් විදිහට අපේ රසඥතාව පහළ වැටී ඇති නිසයි. දැන් කලාකරුවන් නිර්මාණය කරන්නේ රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍යය. එසේ බිහිවන්නන් තුළ සහජ කුසලතාව පවතිනවා. එහෙත් නිර්මාණශීලී විෂය දැනුම ඇති කලාකරුවන්ට වඩා ඔවුන් මූල්‍යමය අතින් පොහොසත්. එතකොට දක්ෂ ශිල්පීන් ක්ෂේත්‍රය අතහැර දමන්න පෙලඹෙනවා.

කලාගාර අවශ්‍ය රසඥතාව වැඩි කරන්නම ද?
නැහැ. ඒ එක අරමුණක්. ආධුනික ශිල්පීන්ට දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ දකින්න අධ්‍යයනය කරන්න. නිර්මාණකරුවාගේ නිර්මාණ පේ‍්‍රක්ෂකයා කරා ගෙනයන්න ළමා පරපුරේ රසඥතාව වර්ධනයට අපේ ශිල්පීන්ට තියා රසිකයන්ටවත් හොඳ නිර්මාණ දැකගන්න තැනක් නැහැ.

කලා නිර්මාණයක් යනුවෙන් අදහස් කරන්නේ කුමකට ද?
නිර්මාණාත්මක දක්ෂතාව ඇති කලාකරුවාගේ චිත්ත වේගයන් තමයි කලා නිර්මාණයක් ලෙස බිහිවන්නේ. කලා නිර්මාණයක බාහිර ලක්ෂණ මෙන්ම අභ්‍යන්තර ලක්ෂණ පවතිනවා. කලාකරුවාගේ චිත්ත වේගය රසිකයා කෙරෙහි සමාන ආකාරයේ චිත්ත වේගයක් ඇති කරනවා. කලාකරුවාගේ අභ්‍යන්තර චිත්ත වේගය මත කලා කෘතියේ ආකෘතිය නිර්මාණය වෙනවා. එය මිනිස් සිත ආනන්දයට පත් කරනු ලබනවා.

චිත්‍ර කලාව වෘත්තීය මට්ටමට උසස් කිරීමට කළ යුත්තේ කුමක් ද?
චිත්‍ර කලාව රැකියාව කොට ගෙන ජීවත්වෙන පුළුවන් සමාජයක් ගොඩනැඟී තිබෙනවා. ඒත් වෘත්තිය මට්ටම කරා චිත්‍ර හා මූර්ති ශිල්පය ගෙන ගොස් ලාංකික ශිල්පීන් කෙරෙහි ලෝක අවධානය දිනා දීමට රජය මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. චිත්‍ර හා මූර්ති ශිල්පීන් ධෛර්යවත් කරන්න දක්ෂ දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණ අන්තර්ජාතික මට්ටම කරා ගෙන යාමට හා අන්තර්ජාතික මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ලංකාවේ ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ජනතාවගේ රසාස්වාදය ඉහළ නැංවීම වැදගත්. ආධුනික ශිල්පීන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන පැවැත්වීමට අවශ්‍ය ආධාර හා උපකාර සපයාදීම ඉතාම වැදගත් වෙනව. එය කළ යුතුයි.

මිනිස් මනස පෝෂණයට චිත්‍ර හා මූර්ති කලාව අවශ්‍යම ද?
පැහැදිලිව අවශ්‍යයයි. කලා මාධ්‍යයෙන් මිනිසුන්ගේ ආගමික අධ්‍යාත්මික අදහස් වඩාත් ප්‍රචලිත කරන්න පුළුවන්. දේශීය චිත්‍ර කලාව බෞද්ධ චිත්‍ර කලාවක් වුණේ ඒ නිසයි. කලා මාධ්‍යය ඔස්සේ සිතට කා වදින ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.

ළදරුවන්ට ලියන්න අදහස් ප්‍රකාශ කරන්න බැරි අවස්ථාවක චිත්‍රයක් මඟින් වර්ණ රේඛා හැඩතල ඔස්සේ ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. ළමුන් ලිවීමේ හැකියාව නැති අවධියේ සිට ඔවුන්ගේ අභ්‍යන්තර අදහස් චිත්‍ර මඟින් ප්‍රකාශ කරනවා. ළමුන්ගේ මානසික අධ්‍යාත්මික වර්ධනයට චිත්‍ර හා මූර්ති කෙරෙහි යොමුවීම වැදගත්. ළමයාගේ රසවත් සිතිවිලි චිත්‍ර භාෂා මාධ්‍යය ලෙස භාවිත කරමින් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. එය දරුවාට හොඳ විනෝද මාධ්‍යයක්.

ඔබ චිත්‍ර ශිල්පියෙක් සහ චිත්‍ර ගුරුවරයෙක් ඒ පිළිබඳ තෘප්තිමත් ද?
පැහැදිලිවම.
මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම ප්‍රකාශන මාධ්‍යය ලෙස භාවිත වුණේ චිත්‍ර. එය වෙනම භාෂාවක්. අක්ෂර හඳුනා ගැනීමට පෙර සිටම වර්ණ රේඛා හැඩතල භාවිත කරමින් අදහස් ප්‍රකාශ කළ හැකියි. ඒ නිසා මම චිත්‍ර ශිල්පියෙක් වීම පිළිබඳ සතුටු වෙනවා. මා දන්නා දැනුම දරුවන්ට බෙදා දීමට ලැබීම මගේ සතුට වඩාත් වැඩි කරනවා.

චිත්‍ර ශිල්පියෙක් ලෙස සමාජයට දෙන පණිවුඩය කුමක් ද?
දක්ෂ නිර්මාණාත්මක යහපත් මිනිසකු බිහි කිරීම සඳහා ඔබේ දරුවාට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඉඩ දෙන්න.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්නේ දක්ෂතා ඇති දරුවන්ම ද?
ඔව්. එයට තෝරා ගත යුත්තේ දක්ෂතා ඇති දරුවන්මයි. සීමිත සම්පත් මඟින් උපරීම දක්ෂතාවයෙන් යුත් ශිල්පීන් බිහි කිරීමට ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා වගකීමෙන් යුතුව තෝරාගන්නා අල්පතර පිරිස ඇතුළත් කොට ගත යුතුයි.
එසේ නොවු කල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නැහැ.
සංලාපය - ටෙක්ලා පද්මිණි කාරියවසම්
ඡායාරූපය - සුදම් ගුණසිං

Sunday, November 22, 2015

නවලෝකද ? පරලෝකද ?




1994 වසරේ මහ චන්ද කාලයේ මම මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කලෙමි. මැතිවරණ උණුසුම සමග ප්‍රචණ්ඩ ක්‍රියාද ඉහල යන්නට විය​. වරක් පොදු පෙරමුනේ අාධාරකරුවන් රැගත් බස් රථයකට විරුද්ධවාදීන් විසින් ගල් ගැසීම නිසා ඔළු පලාගත් විසි දෙනෙක් පමණ අපගේ වාට්ටුවට පැමිණියහ​. 

එය ඉරිදා දිනයක් වූ බැවින් වාට්ටුවේ සිටියේ මා පමණි. හෙද නිලධාරියෙකුගේ සහයෙන් මම තුවාලකරුවන්ට ප්‍රතිකාර කරමි. බොහෝ දෙනෙකුට මැහුම් දැමීමට සිදු විය​. එක් තරුණ තුවාලකරුවෙකු නලලේ වූ තුවාලය මහන විට ඔහු  අනේ ඩොක්ටර් මාව නවලෝකෙට යවන්න කියා නොනවත්වාම කියන්නට විය​. තවත් රෝගීන් ගනනක් ප්‍රතිකාර ලබා ගැනීමට පෝලිමේ සිටි අතර මොහුගේ අඳෝනාව කන් කරච්චලයක් විය​. 

නොනවත්වාම කෙරෙන මෙම අඳෝනාව නිසා අවසානයේදී හෙද නිලධාරියාගේ පුෂ්පය පරළ විය​.  " මේ ඔහේ කට පියාගෙන හිටියේ නැත්නම් යන්න වෙන්නෙ නවලෝකෙට නෙවෙයි පරලෝකෙට" හෙද නිලධාරියා තරුණයාට කීවේය​. ඉන්පසු ඔහු නිහඞවිය​. එම නිසා ඉක්මනින් ඔහුගේ  ප්‍රතිකාරය නිම කොට පෝලිමේ සිටි තවත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට මට අවකාශය ලැබුණි.

ඉන් පසු ටිකට් කපන තෙක් එම තරුණයා අනේ ඩොක්ටර් මාව නවලෝකෙට යවන්න කීවේ නැත​. එසේම රජයේ රෝහලක සිට පුද්ගලික රෝහලකට ලෙඩුන් මාරුකිරීම කළ නොහැකි බව පසුව ඔහු වටහා ගන්නට ඇත​.


වෛද්‍ය රුවන් එම්. ජයතුංග 

Saturday, November 21, 2015

උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේ



මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය.  (සුරංජිත් පෙරේරා - ලංකාදීප )


ඈනුමට මාස අටක් නම්

ළමා අපචාර​
ස්ත්‍රී දූෂණ
අතුරුදන් කිරීම්  
රාජ්‍ය දේපළ සොරකම් කිරීම
අල්ලස්‌ ගැනීම
කප්පම් ගැනීම 
රාජ්‍ය ව්‍යාපෘතිවලින් කොමිස්‌ ගැනීම
අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම
රජයේ ඉඩම් හොර රහසින්ම විකුණා ගැනීම 
කුඩු ගංජා එක්ස්ටසි විකිනීම​

කරපු අය නිදහසේ ඉන්නේ කෙසේද ?

Friday, November 20, 2015

Creativity and Mental Illness of Johann Wolfgang von Goethe



“I believe that in the end humanitarianism will triumph, but I fear that, at the same time, the world will become a big hospital, each person acting as the other’s humane nurse” 
-- Johann Wolfgang von Goethe

Dr. Ruwan M Jayatunge M.D.

Creativity is an important human quality upon which many achievements of humankind are based (Thys et al., 2013). It has been known for a long time that people with salient social and artistic creativity suffer more frequently from psychiatric illnesses than the average population (Rihmer et al., 2006). Extremes in mood, thought and behavior--including psychosis--have been linked with artistic creativity for as long as man has observed and written about those who write, paint, sculpt or compose (Jamison, 1989).

Previous research provides disparate accounts of the putative association between creativity and psychopathology, including schizotypy, psychoticism, hypomania, bipolar disorder, ADHD, and autism spectrum disorders (Zabelina et al., 2014). A study done by Vellante and colleagues (2011) found that cyclothymic dimension of the bipolar spectrum is linked to creativity. Based on studies Srivastava and Ketter (2010) specify that affect and open-minded and intuitive cognition may contribute importantly to enhanced creativity in individuals with bipolar disorder. The process of creativity may be connected with psychopathological features such as mood disorders, mainly bipolar, and psychosis-like thought abnormalities (Rybakowski et al., 2006).

Vellante and the team (2011) confirmed that the cyclothymic dimension of the bipolar spectrum is linked to creativity. There seems to be a connection between creativity and psychopathology in the bipolar-schizophrenic continuum (Thys et al., 2011). Janka (2004) states that comparing to the general population, bipolar mood disorder is highly overrepresented among writers and artists and it may be concluded that bipolar mood traits might contribute to highly creative achievements in the field of art. In addition Nettle and Clegg (2006) expressed that   some of the personality traits which are predictive of schizophrenia are also associated with artistic creativity.  Kyaga and colleagues (2013) demonstrated that patients with schizophrenia or bipolar disorder and their relatives are overrepresented in creative occupations.

The association of creativity and psychopathology has been shown in von Goethe. Johann Wolfgang von Goethe was one of the most renowned German poets of the late Age of Enlightenment (Schäfer et al., 2012). He was born in Frankfurt in 1749. Goethe was one of the most creative writers, productive scientists, and effective statesmen that ever lived. (Holm-Hadulla, 2013).

From a scientific perspective, several distinctive depressive episodes can be diagnosed in Goethe's life. They were characterized by extended depressive moods, lack of drive, and loss of interest and self-esteem combined with social retreat. Goethe displayed diffuse and phobic anxieties as well as dysthymia (Holm-Hadulla, 2013). Nager (1991) indicates that Goethe was subjected during his whole life to extraordinary psychic threats and polar tensions often to the limits of destruction. For long periods of life he travelled in the mist of depression. 

Goethe's first depressive episode occurred when he was 14, following the termination of a love relationship and was characterized by withdrawal, anorexia, and indications of suicidal intentions (Grossi, 2011).

In Goethe's life, creative incubation, illumination, and elaboration appear to have been associated with psychic instability and dysthymia, sometimes with depressive episodes in a clinical sense. On the one hand, his creative work was triggered by anxieties, dysthymia, and depressive moods. On the other hand, his creativity helped him to cope with psychic disorders and suicidal tendencies (Holm-Hadulla, 2013). He rather faced his spiritual sorrow creatively and forced it into curative poetry (Nager, 1991).  

Psychological ailments sometimes reflected in Goethe’s work. His descriptions of feelings, emotions, and mental states related to anxieties, depressive episodes, dysthymia, and creativity are unique in their phenomenological precision and richness (Holm-Hadulla, 2013). In 1774 Goethe published a novel titled The Sorrows of Young Werther, a seminal work in the literature of depression.


Steinberg (1999) states that the novel the Sorrows of Young Werther contains biographical background of Goethe. This novel was Goethe’s first major success, turning him from an unknown into a celebrated author practically overnight. Napoleon Bonaparte considered it one of the great works of European literature (Dubey, 2009).

 The Sorrows of Young Werther bears highly-artistic traits. Goethe successfully exercised the epistolary form of the first person, which makes the character, Werther, tell his suffering and feeling, and reveals his ambition and sentiment (Tai, 2007). The novel is made up of letters written by Werther to his best friend. Werther writes the letters to Wilhelm and a few to Lotte and Albert revealing his emotional pain. These letters reflect thoughts of suicide that ran through Werther’s head. Finally Werther writes a farewell-letter   and shoots himself.

…..In the morning, at six o'clock, the servant went into Werther's room with a candle. He found his master stretched upon the floor, weltering in his blood, and the pistols at his side. He called, he took him in his arms, but received no answer. Life was not yet quite extinct. The servant ran for a surgeon, and then went to fetch Albert. Charlotte heard the ringing of the bell: a cold shudder seized her. She wakened her husband, and they both rose. The servant, bathed in tears faltered forth the dreadful news. Charlotte fell senseless at Albert's feet…. (The Sorrows of Young Werther - Johann Wolfgang von Goethe).

 By writing ‘The sorrows of young Werther’ Goethe exorcised his own suicidal impulses and thoughts, thus probably saving his own life (Pöldinger, 1986). However according to Pirkis and Blood (2001) Goethe's The Sorrows of Young Werther had led people to take their own lives. Werther’s tragedy is the tragedy of bourgeois humanism and shows the insoluble conflict between the free and full development of personality and bourgeois society itself (Dubey, 2009).  

Goethe's play Torquato Tasso was based on actual events. This play was about the sixteenth-century Italian Renaissance Poet Torquato Tasso. In his play Torquato Tasso, Goethe narrates about a depressed self-destructive poet and how he overcame his depression through communication and artistic creation. Cabras and Lippi (2007) elucidate that Torquato Tasso's psychiatric illness suggests the diagnosis of an Affective Disorder: "Bipolar Disorder with mood incongruent delusions" or "Schizoaffective Disorder" 

Experts consider Marienbad Elegy poem as one of Goethe's finest and most personal.  Marienbader Elegie which is part of a trilogy that revolves around depression and suicidality (Grossi, 2011). In 1798 Goethe experienced a severe episode of depressed and he began to write his tragic play Faust. Faust can be viewed as his monumental tragedy (Grossi, 2011). The play is based on Faust - an audacious man who sold his soul to the dev il, Mephistopheles. He made a bargain with the devil for enormous power over the earth. The part one of Faust was published in 1805.

I am the spirit, ever, that denies! 
And rightly so: since everything created, 
In turn deserves to be annihilated:
Better if nothing came to be. 
So all that you call Sin, you see, 
Destruction, in short, what you’ve meant 
By Evil is my true element.
(Faust -Johann Wolfgang von Goethe)

Faust, was an essential source for both Freud and Jung, and it played an important role in the foundation of depth psychology. Jung postulated the devil as the "missing" fourth that completes the Trinity image, associating evil with the feminine which has long been suppressed within Western culture. Jung suggested that by recovering the feminine, the individuating Self redeems the shadow side of God, (Gabriela, 2009). According to the Psychiatrist and Jungian Analyst Dr. Edward F. Edinger Faust is a prototype of modern man, whose curiosity has led him into forbidden regions of various kinds, at the risk of the damnation of the soul. 

Goethe's masterpiece Faust demonstrates the coincidence of real life subjects and objects with literary subjects and objects represented, by means of the interpretation of the paradigms, problems, dilemmas and identified cases of medical ethical-morals: dáimon, reflection-solitude, free will, good-evil, Eros, learned ignorance, genes, epistemology, medical etiquette, paternalism, anatomy of the personality, Hyppocratism, will, good sense of humor, bubonic plague (de Castro-Peredo, 2006).

Binswanger and Smith (2000) stated that Faust, representing modern man, carries out this massive project of economic progress, but Goethe also shows the existing and potential dangers associated with it.   Writing Faust was a therapeutic and self healing effort for Goethe. It helped him to battle his own demons.  His mental illness was not known to his doctors. But they suspected melancholia in him. Goethe by himself distinguished his depressive moods from “poet's melancholia” which was fashionable at his times (Holm-Hadulla, 2010). 

From a diagnostic standpoint, it is likely that Goethe suffered from a bipolar II disorder. (Bipolar II disorder is characterized by the occurrence of one or more major depressive episodes accompanied by at least one hypomanic episode) There are several soft signs of this disorder including the postpartum depressions of his sister, the early onset of his depression, the many recurrences of his depression, prominent suicidality throughout his life, as well as accelerated thinking and increased literary productivity when he would emerge from depressive episodes (Grossi, 2011).


Goethe died in Weimar in 1832, at the age of 82. Although Goethe underwent prolonged emotional suffering his life was immensely productive. He was a poet, playwright, novelist, scientist, statesman, theatre director, critic, and an artist. Goethe made a profound impact on European culture. He became a gigantic cultural icon and earned the title “Gothic Shakespeare”


References

Binswanger, H.C., Smith, K.R., 2000. Paracelsus and Goethe: founding fathers of environmental health. Bull. World Health Org. 78 (9), 1162–1165.

Cabras, P.L., Lippi, D.(2007).Pathobiographyand Torquato Tasso's case. Med Secoli. ;19(2):475-80.
de Castro-Peredo, H.F.(2006).Goethe's philosophical-medical masks, in Faust.Gac Med Mex. ;142(6):519-31.

Dubey, A.(2009). Goethe's epistolary The sorrows of young Werther. Shodh, Samiksha aur Mulyankan (International Research Journal)—ISSN-0974-2832 Vol. II, Issue-7.

Gabriela, L.A.(2009).Two souls dwell within my breast: The encounter with shadow and the problem of the missing fourth, a Jungian interpretation of Goethe's "Faust". Pacifica Graduate Institute.

Grossi, P.A.(2011).  Bipolarity and Creativity? Retrieved from http://www.mdshrink.com/drgrossiblog-menu/34-bipolarity-and-creativity.html

Holm-Hadulla, R.M.(2013).Goethe's anxieties, depressive episodes and (self-)therapeutic strategies: a contribution to method integration in psychotherapy.Psychopathology.46(4):266-74.

Jamison, K.R.(1989).Mood disorders and patterns of creativity in British writers and artists.Psychiatry. ;52(2):125-34.

Janka, Z.(2004).Artistic creativity and bipolar mood disorder.Orv Hetil. 15;145(33):1709-18.
Kyaga, S ., Landén, M., Boman, M., Hultman, C.M., Långström, N., Lichtenstein, P.(2013).Mental illness, suicide and creativity: 40-year prospective total population study. J Psychiatr Res. ;47(1):83-90

Nager, F.(1991).Goethe's struggle with depression.Schweiz Rundsch Med Prax. 17;80(38):984-91.
Nettle, D., Clegg, H.(2006).Schizotypy, creativity and mating success in humans. Proc Biol Sci.  7;273(1586):611-5.

Pirkis, J., Blood, R.W.(2001).Suicide and the media. Part II: Portrayal in fictional media.Crisis.  ;22(4):155-62.

Pöldinger, W.(1986).The Relation between Depression and Art. Psychopathology  19:263–268.
Rihmer, Z., Gonda mX., Rihmer, A.(2006).Creativity and mental illness.Psychiatr Hung. 21(4):288-94.

Rybakowski, J., Klonowska, P., Patrzała. A., Jaracz J.(2006).Psychopathology and creativity. Psychiatr Pol.  40(6):1033-49.

Schäfer, H.H., Sivukhina, E., Dölz, W., Oehring, H.(2012).Fiction and Truth": Goethe's anatomical research at the University of Jena.Dtsch Med Wochenschr. 137(51-52):2722-8.

Srivastava, S., Ketter TA. (2010).The link between bipolar disorders and creativity: evidence from personality and temperament studies. Curr Psychiatry Rep.  ;12(6):522-30.

Steinberg H.(1999).The "Werther effect". Historical origin and background of a phenomenon.Psychiatr Prax.  ;26(1):37-42.

Tai, P.H.(2007).The Skilled Analysis of The Sorrows of Young 
Werther. Retrieved from http://www.shs.edu.tw/works/essay/2007/03/2007032819404223.pdf

Thys, E , Sabbe, B., de Hert, M.(2011).Creativity and psychiatric disorders: recent neuroscientific insights.Tijdschr Psychiatr. ;53(12):905-15.

Thys, E. , Sabbe ,B., De Hert M.(2013).Creativity and psychiatric illness: the search for a missing link--an historical context for current research.Psychopathology. 46(3):136-44.

Vellante, M., Zucca, G., Preti, A., Sisti, D., Rocchi, M.B., Akiskal, K.K., Akiskal, H.S. (2011).Creativity and affective temperaments in non-clinical professional artists: an empirical psychometric investigation. J Affect Disord. ;135(1-3):28-36

Zabelina, D.L., Condon, D., Beeman, M.(2014).Do dimensional psychopathology measures relate to creative achievement or divergent thinking? Front Psychol. 18; 5:1029.






Find Us On Facebook