Tuesday, November 24, 2015

වොයිස් ඔෆ් අැමරිකා අලකලංචිය




ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු කරගෙන යන විට කෝකටත් විරුද්ධ වන ජනතාව සහ සත්‍ය විරෝධකරුවන් මේ සඳහා විරෝධය පෑහ. විරෝධතා උද්ඝෝශණ පමණක් නොව සමහරක් විට වොයිස් ඔෆ් අැමරිකා ආයතනයට අයත් වාහන වලට ගල් ගැසීම දක්වා කාරණා කටයුතු දිග් ගැස්සුනේය​. මේ විරෝධතා වලදී පොලිසිය කැඳවන ලදින් ඔවුන් විරෝධතාකරුවන්ට දනින් පල්ලෙහාට වෙඩි තබා එක් විරෝධතාකරුවෙකු ස්වර්ගස්ථ ද කලේය​. 

හලාවත රෝහලේ ශල්‍යාගාරයේ සේවය කල ඇටෙන්ඩන්වරයෙකුද මෙම විරෝධතාවලට ගොස් තිබුණි.  අප ඔහු ඇමතුවේ ඇන්ටා නමිනි. ඒ කාලයේ සිදු කළ උද්ඝෝශණ  විරෝධතා ගැන ශල්‍යකර්ම කරන අතරතුරේ මම ඇන්ටාගෙන් විමසුවෙමි (මෙම කාලයේ මම ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි) ඇන්ටා ඔවුන් කළ වික්‍රමයන් පැවසුවේ සිනාසෙමිනි. 

ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉදි කරන අතරතුර හලාවත රෝහල දක්වා කාපට් පාරක් වොයිස් ඔෆ් අැමරිකා ආයතනයේ වියදමින් ඉදි කිරීමට සැලසුම් කර තිබුනද උද්ඝෝශණකරුවන් ගේ ගල් මුගුරු ඉදිරියේ එම සැලසුම යටපත් විය​. කෙසේ නමුත් අවසානයේදී වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානය ඉරණවිල ස්ථාපිත කරන ලදි.  අණතුරුව විරෝධතාවන් ද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී නැත්තටම නැතිවී ගියේය​. 

මෙම සම්ප්‍රේශණ මධ්‍යස්ථානය නිසා ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථාද ලැබුණි. මෙම මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ට ආදායම් උත්පාදනය කරන මාර්ගයක් විය​. එහි රැකියා සඳහා පැමිණි පුද්ගලයන්ට නිවාස හා කාමර කුලියට දීම ජයටම සිදු විය​. ඇන්ටාගේ බිරිඳ ද සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ සේවය කරන්නන්ට ආප්ප ඉඳිආප්ප විකුණා අමතර ආදායමක්ද ලබා ගත්තාය. 

2007 වසරේ වෛද්‍ය  තුශානි දබරේරාගේ සහයෙන් මම සෞඛ්‍ය අධ්‍යාපන දේශන කිහිපයක් ඉරණවිල වොයිස් ඔෆ් අැමරිකා සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ  පැවැත්වූයෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ලංකාවේ මිනිස්සු හරි කුහකයි, වෙනස් වෙන්ඩ අකමැති,ඒ වගේම ඇමරිකන් යටත් විජිත හීනයකුත් හොදට මාකට් වෙනවා, මමත් හලාවත හරියේ වැඩකලා ඉස්සන් අබිජනන ආයතනයක ඒවටත් මිනිස්සු මුලින් විරුද්ද උණා. බිත්තර මෝරපු ඉස්සෙක් අපි රුපියල් 1000කට විතර ගත්තා. මේ 2009 විතර, ඒ දවස් වල ඒ ඉස්සෝම කිලෝ එකක් රු 450. ධීවරයන්ට ඉස්සන් අබිජනන ආයතනවල වටිනාකම තේරුණේ පස්සේ.
    ඩොක්ටගේ ළිපි හරිම ආසාවකින් කියවන්නේ
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ලලිත් ඔබට තුති. හැමදේටම විරුද්ද වෙන එක ලාංකීය ගතියක් වෙන්න ඇති

      Delete
  2. මට තවම මතකයි මෙපිලිබද තුබුණු උද්ගෝෂණ. මේ රටේ සිටින දෙසපලයන් පමණක් නෙමෙයි බුද්දිමතුන් කියාගන්නා පුද්ගලයන් ක්‍රියා කරන්නේ ඉතා අවස්ථාවාදී විදියට. බොහෝ අය දන්නේ නෑ සෑම වැඩසටහනකම දෙපසටම වාසි සහගත තීරණයට එලබීමට.

    ReplyDelete
    Replies
    1. බුද්දිමතුන් කියාගන්නා පුද්ගලයන් ක්‍රියා කරන්නේ ඉතා අවස්ථාවාදී විදියට //////////// ඇත්ත විවෘත ආර්ථිකයට එදිරි වූ ගුනදාස කපුගේ ; කපුගේ ගේ දුව පුතා අද ආදායම් මාර්ග උපදවා ගන්නේ විවෘත ආර්ථිකය නිසා. නන්දා මාලනී / සුනිල් ආරියරත්න විවෘත ආර්ථිකයට එරෙහි උනත් ඉන් එල ලබා ගත්තා

      Delete
    2. හරියට හරි ඩොක්ටර්, විවෘත ආර්ථිකයට නිසා තමයි අපි දන්නා ඉතිහාසයේ වැඩිම පිරිසක් ප්‍රතිලාභ ලැබූ යුගය ඇති වන්නේ.

      Delete
    3. විවෘත ආර්ථිකයට නිසා ප්‍රතිලාභ ලැබූ අය විවෘත ආර්ථිකයට බනිති

      Delete
  3. ඔය විරෝධතාව සැලසුම් කලේ ආගමික සංවිධාන සහ වාමාංශික සංවිධාන. ඔය වාමාංශිකයොනම් මරි මෝඩ කඩාකප්පල්කාරයො පිරිසක්. මම දවසක් බස් ටෑන්ඩ් එකේදි කොල්ලෙක් එක්ක කතාවට වැටුන. දේශපාලන කරුනු ගැන යමක් දන්න බව ඌට තේරුනාට පස්සෙ ඌ " අයිය ......(ගමක නමක්) ............ගෙ කට්ටියෙ කෙනෙක්ද "කියල ඇහුව ...... ගෙ කට්ටිය කියන්නෙ ගමක ජේවීපී කන්ඩායමක් වෙන්න ඇති.

    ඌ මාර විස්තරයක් කළා . ඉරනවිල ඇමරිකන් හඩ හදනවලු දැන් ඇමරිකානු හමුදාව ගොඩබහින්නලු ඉන්නෙ .ඒ විස්තරේ රසවත්කම නිසා මම ඇස් උඩ ඉන්දගෙන අහගෙන හිටිය. රටම පිස්සු වට්ටන වාමාංශිකයො එක එක කඩාකප්පල්කාරී අදහස් වපුරනව. මේ සමාජය ඒවටහොද සරු පසක්.

    ඔක්කොටම කලින් මේ රට අල්ලගන්න ලෝකෙම ඉන්න උන් බලාගෙන ඉන්නව කියන භීතිකාව අයින් කරන්න ඕන. රටේ මිනිස්සුන්ගෙ මනස නූතන ක්‍රමයාට් හැඩගස්වන්න ඕන . මේ සංවාදවලට එන ඇනෝ ජේවීපී කාරයො මොන මෝඩ තර්කද දාන්නෙ කියන එක අපට පේනවනෙ. නමුත් රටේ ජනතාව අන්දන්න මුන්ට ඉඩ දෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මේ රට අල්ලගන්න ලෝකෙම ඉන්න උන් බලාගෙන ඉන්නව කියන භීතිකාව ///////// මේ රට ගිල ගැනීමට අධිරාජයවාදීන්ට අවශ්‍ය නම් ඔවුන් දහස් වරක් ඒක කරලා. මේ රට අධිරාජයවාදීන්ට බරක් නිසා කවදාවත් ගිල ගන්නේ නැහැ

      Delete
  4. ඉතින් අපි හෑටගනන්වල ජේ වී පී හදන කාලෙ කිව්ව බෙන්තර හෝටලේ ඈමරිකන් යුද්ද බන්කරයක් කියල. තනමල්ව්ල පාර ඈමරිකන් යානා බස්සන්න ගුවන් පතයක් කියල. තාමත් මේවගෙ කතා කට්ට්ය කියනව.
    රන්ජිත්.

    ReplyDelete
  5. ඔය මහා පරිමාන සාමූහික විරෝධතා වලට එකතුවන පුද්ගලයන් බොහෝ දෙනෙක් ඒ විරෝධතාවය පවත්වන්නේ ඇයි කියා හරියටම දන්නේ නැහැ. ඒ බව ඉතා පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් තනි තනිව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කලොත් ඔවුන් කියන්නේ මොකටද දන්නෑ අරයා කිව්ව නිසා මෙයා කිව්ව නිසා ආවා කියලයි. රතුපස්වල සිද්ධියේදීත් ඒ තත්වය තිබුණා.

    ReplyDelete
  6. හි..හි.. අපේ මිනිස්සු හරි වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරමු කියන ඒ වචන ටික තමයි මගේ මතකෙට එන්නේ.. හැබැට ලංකාවේ මිනිස්සුන්ගේ මේ හැම එකක්ම සැක කරන හැම එකකටම විරුද්ද වෙන කිසි දෙයක් ගැඹුරින් හොයල බලන්න උවමනා නැති හා සැනින් වෙස් පෙරෙලෙන 'ගතිය' මොකක් හරි විශේෂ මානසික තත්වයක් ද ඩොක්ටර්?

    ReplyDelete
    Replies
    1. අපේ මිනිසුන් තුල සෙනෆෝබියා (විදේශිකයන්ට බිය වීම​) තත්ත්වය තියනවා. ඒ සඳහා යටත් විජිත මානසිකත්වයන් බල පවත්වන්න ඇති

      Delete
  7. The protest on Kandalama Hotel was also pretty much similiar. I remember our student union (Pera uni) protesting like hell and also getting the Buddhist monk who was leading the campaign at that time to speak to the students. Now they take their kids to these hotels on excursions he he.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook