"සියළු ශුද්ධ වූ දේ කෙළෙසෙන්නේය යන කියමනක් තිබේ. කප්පම් ගැනීම , අනුන්ගේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම ,රජයේ ඉඩම් හොර රහසින්ම විකුණා ගැනීම මෙතෙක් කරන ලද්දේ දේශපාළුවන් මධ්‍යගතවය. නමුත් මේ හොරකම් උගත් සමාජය වෙතද කාන්දු වෙමින් පවතියි. ප්‍රකට චිත්‍ර ශිල්පි ඩේවිඩ් පේන්ටර්ගේ අවසන් කැමැත්ත අනූව සෞන්දර්‍ය විශ්වවිද්‍යාලයට භාර නොදී චිත්‍ර තොගයක් සිය භාරයේ තබාගෙන මහාචාර්‍ය ඇල්බට් ධර්මසිරි මහතා විසින් ඒවා හොර රහසේ විකුණා ඇති බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ. ඩේවිඩ් පේන්ටර්ගේ චිත්‍ර 19ක් මහාචාර්‍යවරයා විසින් රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්‍ෂයකට විකුණා ඇත. විශ‍්‍රාමික මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර්
1904 වර්ෂයේදී තම දෙමාපියන් සමගින් මෙරටට පැමිණි ඩේවිඩ් පේන්ටර් මහතා 1975 ජුනි මස 07 වැනිදායින් තම දිවිගමන නිමා කරන්නේ ශ්‍රී ලාංකිකයකු ලෙස ජාත්‍යන්තර කීර්තියක් රටට අත්කර දෙමින්ය. ඔහු විසින් ඉතිරි කොට ගිය දේ අතර මිල කළ නොහැකි තරමේ වටිනාකමින් යුත් සිතුවම් රාශියක් තිබී ඇති අතර ඒවා සංරක්‍ෂණය කොට මහජන ප්‍රදර්ශනය පිණිස නුවරඑළිය පේන්ටර් ළමා නිවාසයේ තැන්පත් කොට තිබී ඇත. වාර්තාවන ආකාරයට ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඉන් සිතුවම් දහනවයක් ජාතියට තිළිණ කිරීම පිණිස කැලණි සරසවියේ සෞන්දර්ය පීඨයට භාර දී ඇත්තේ 2010 වර්ෂයේ එක්‌තරා දිනකය. එහි භාරකාරත්වය පවරා ඇත්තේ මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා වෙතය. (රුවන් ජයවර්ධන)
මහාචාර්‍ය ඇල්බට් ධර්මසිරිගේ පහත සාකච්ඡාව සිළුමිණ පුවත් පතේ පළ වූවකි
ඔබේ දරුවාට චිත්‍ර ශිල්පියකු වීමට ඉඩ දෙන්න මහාචාර්ය ඇල්බට් ධර්මසිරි
ජනතාවගේ පුළුල් දැනුම නව සංකල්ප අලුත් අත්දැකීම් හේතුකොට සායම් කළ සෞන්දර්යාත්මක චිත්‍රවලින් සමනය කළ නොහැකි වූ සෞන්දර්යාත්මක කුතුහලය සමනය සඳහා අභ්‍යන්තරයට ඔබින යථාර්ථය සොයා සිත්තරාට යාමට සිදුවිය. නූතන කලාකරුවා තම සංකීර්ණ අත්දැකීම් කලාත්මක නිර්මාණ සඳහා යොදා ගැනීමට ප්‍රකාශන ආකෘති සොයා යමින් සිටී. මානව සංහතියේ ළදරු වියේ සිට ම ආදි කල්පිත මිනිසා ඇඳි සිතුවම් ඇල්ටමීරා, ලැස්කො ගල් ගුහාවල මෙන්ම ලංකාවේ නීලගිරි හෙළ තරු ලෙන් ගල දොරවක්කන්ද ආදි ස්ථානවල ද දක්නට ඇත.
එදා සිට අද දක්වා පැමිණි ගමනේ දී චිරාගත මායිම්හි සිරවූ චිත්‍ර කලාවට නිදහසක් ලැබී ඇත.පසුගියදා කලා මණ්ඩලයේ චිත්‍ර හා මූර්ති අනුමණ්ඩල මඟින් පැවැත්වූ රාජ්‍ය චිත්‍ර හා මූර්ති උලෙළ පාදක කොට චිත්‍ර හා මූර්ති අනුමණ්ඩලයේ සභාපති මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මහතා සමඟ කළ සාකච්ඡාවකි.
සෑම කලාවක් ම වෙළෙඳ භාණ්ඩයක් වෙලා ඒ අතර චිත්‍ර කලාවට හිමි තැන කුමක් ද?
සංගීතය නැටුම් ගීතය නාට්‍ය කලාව ඉන්ද්‍රියන් පිනවන කලාවන්. ඒවා ක්ෂණිකව විඳිය හැකි ස්වභාවයක් තියෙනවා. එහෙත් චිත්‍ර කලාව විනෝද මාධ්‍යයක් නොවෙයි. බුද්ධි ගෝචර කලාවක්. අපේ රටේ අතීතයේ සිට ම ආගම පිළිබඳ හැඟීමක් ඇති කිරීමට හා කියවීමේ හැකියාව නැති අයගේ අධ්‍යාපනය අරමුණු කරගෙන චිත්‍ර කලාව ගොඩනැඟුණා. අතීතයේ විහාරයන්හි බෞද්ධ චිත්‍ර මෙන්ම සීගිරිය පොළොන්නරුව රජ මාළිගය වැනි ස්ථානයන්හි ලෞකික චිත්‍ර නිර්මාණය වුණා.
අනුරාධපුර පොළොන්නරු යුගයන්හි චිත්‍ර හා මූර්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබු යුගයක්. එකල චිත්‍ර හා මූර්ති කලා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මහනුවර යුගයේ දී පවා ආගමික අවබෝධය අරමුණු කරගත් විහාර චිත්‍ර කලාවක් පැවැතියා. අද සෑම කලාවක්ම වෙළෙඳ භාණ්ඩයක් වෙලා. අද දක්ෂ චිත්‍ර ශිල්පියකුගේ චිත්‍රයක් වාණිජ භාණ්ඩයක් ලෙස ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන්.
ඔබ චිත්‍ර අනු මණ්ඩලයේ සභාපතිවරයා. රාජ්‍ය චිත්‍ර හා මූර්ති උත්සවය පැවැත්වීමේ අරමුණ පැහැදිලි කළොත්.
අපේ අරමුණ දක්ෂ නිර්මාණකරුවන් චිත්‍ර ශිල්පීන් සමාජයට හඳුන්වාදීම සහ ජනතාවගේ රසඥතාව වර්ධනය කිරීම. පත්තරේ නම වැටුණට කවුරුවත් හොඳ දක්ෂ කලාකරුවෙක් වෙන්නෙ නැහැ. අද දක්ෂ නිර්මාණකරුවො සැඟවිලා ජනතාව අතර කලා රසඥතාව පිරිහිලා. අපේ ජාතියේ රසඥතාව නැතිව ගිහින්.
කලා රසඥතාව පිරිහීමට හේතු කාරණා මොනව ද?
සදාචාරධර්ම පිරිහුණු සමාජයක කලාව තියෙන්න විදිහක් නැහැ. රසඥතාව පිරිහෙන්න පටන්ගත්තේ 1977 විවෘත වෙළෙඳ අර්ථ ක්‍රමයත් සමඟ. ඉන්පසු ගෝලීයකරණ සංකල්පය සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය වෙනස් වුණා. වේගවත් වුණා. එයත් කලා රසඥතාව පිරිහීමට බලපෑමක් කළා. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සෞන්දර්ය අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු නොවීම, රටේ දක්ෂ නිර්මාණකරුවන් බිහි නොවීමට මෙන්ම රසඥතාව පිහිරීමට ද බලපෑවා.
රසඥතාව පිරිහීමට රූපවාහිනියත් බලපෑම් කරනවා. රූපවාහිනිය වර්තමාන සමාජය උඩුයටිකුරු කරලා තියෙන්නේ සමාජයේ ගුණධර්ම පිරිහිලා. එයින් ගොඩ එන්න කලාවට බැහැ. දැන් ඉස්සර වගේ නොවේ මුදල් ගැන පමණයි හිතන්නේ.
ඉස්සර ගෙදර හිටිය ගෑනු දරුවා දීග දුන්නේ උගතකුට. දැන් දීග දෙන්න හොයන්නේ සල්ලිකාරයකුට. මහාචාර්යවරයෙක් වුණත් වැඩක් නැහැ, මුදලාලි කෙනෙකුට වඩා සල්ලි නැත්නම්. ඉතිං කලා රසඥතාව ගැන තව මොනවා කතා කරන්න ද?
චිත්‍ර හා මූර්ති කලාව පිරිහීමට ලක්වුණු බවක් පෙනෙනවා. ඉස්සර විහාර කෝවිල් හි චිත්‍ර හා මූර්ති කලාව ප්‍රචලිතව පැවතුණා. වර්තමානයේ ඒ තත්ත්වය අඩුයි තමයි. ඒකට හේතුව ඒ නිර්මාණ කරවන අයගේ රසඥතාව නොමැති වීමයි. මුදල් තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සර බුද්ධ රූප හදන්නේ පන්සලේ. බුදු හාමුදුරුවෝ දකින්න පන්සලට යන්න ඕන. බුදුන් කෙරෙහි භක්තියක් තිබුණා. අද මිනිසුන් ළඟ භක්තිය නැහැ. බුද්ධ රූප කුණු ගොඩවල් ළඟ කානු අද්දර හන්දි හන්දි ගානේ තියෙනවා. ඒවායේ කිසිම කලාත්මක බවක් දක්නට නැහැ. ඒවා ඒ තැන්වල පිහිටුවන්න මුදල් වැය කරන්නේ ධාර්මික මිනිසුන් ද?
මිනිස්සු චිත්‍රවලට අකමැති බවක් මින් හැඟෙනව ද?
නැහැ. එහෙම එකක් නැහැ. මිනිසුන් තුළ නිර්මාණාත්මක භාවයන් තියෙනවා. හොඳ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. අපේ ජනතාවට හොඳ චිත්‍ර දකින්න අවස්ථාව නැහැ. වර්තමාන ලෝකයේ සර්ව සාධාරණ රසික සංකල්ප මත ගොඩනැඟුණු චිත්‍ර කලාවක් පවතින්නේ. චිත්‍ර කලාව වර්තමාන ලෝකයේ ජාත්‍යන්තර භාෂා විලාසයක්. කලා කෘතියක් හෝ චිත්‍රයක් නිර්මාණය වන්නේ ඊට ආවේණික සෞන්දර්යාත්මක භාෂා විලාසයකින්. චිත්‍රයක් අර්ථවත් වන්නේ එහි ඇති රූපික අංශයන්හි ප්‍රකාශන ශක්තිය මත. රසිකයාට චිත්‍රයක් මූර්තියක් හෝ කලා නිර්මාණයක් වටහා ගැනීමේ අගය කිරීමේ සාහිත්යික හා බුද්ධිමය හැකියාවක් තිබිය යුතුයි.
පොදුවේ චිත්‍ර කලාව සහ යම් කලාකරුවකුගේ ශිල්පීය න්‍යාය පිළිබඳ රසිකයාට අවබෝධයක් තිබිය යුතුයි. කලා කෘතියක ඇති රේඛා, වර්ණ, හා ආකෘතිය යන රූපික අංග සාමූහික මෙන් ම වෙන් වෙන්ව ඇගැයීමට හැකිවීම රසිකයා චිත්‍ර හා මූර්ති කෙරෙහි ඇඳ බැඳ තබනවා. එසේ නොවූ කල චිත්‍ර හා මූර්ති කලාව කෙරෙන් රසිකයා ඈත් වෙනවා.
ඔබ කියන්නේ ජනතාවගේ කලා රසාස්වාදය වර්ධනය කළ යුතු බව ද?
ඔව්. අනිවාර්යෙන්ම එය කළ යුතුයි.
ඒ සඳහා කුමක් කළ යුතු ද?
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සෞන්දර්යය විෂයයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. දෙවනුව රසිකයන්ට නිර්මාණ රස විඳින්නට අවස්ථාව සලසා දිය යුතුයි. අපේ රටට හොඳ කලාගාරයක්වත් නැහැ. අපිට තියෙන්නේ ජාතික කලා භවන පමණයි. එයත් බ්‍රිතාන්‍ය සංගමය හදන ලද ගොඩනැඟිල්ලක්.
කිසිම රජයක් රට පුරා කලාකරුවන් වෙනුවෙන් කලාගාර නිර්මාණය කර දෙන්න උත්සාහයක්වත් අරගෙන නැහැ. ඒත් අපේ රටේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ කීයක් තියෙනව ද? අපිට මහා නාට්‍ය ශාලාවක් ඉදිවුණා. ඒත් දුප්පත් නාට්‍යකරුවකුට හෝ චිත්‍ර ශිල්පියකුට තම අධ්‍යාත්මික සතුට සඳහා තම නිර්මාණය පේ‍්‍රක්ෂකයා කරා ගෙනයන්න තැනක් අපිට තවමත් නැහැ. එහෙම වෙලා තියෙන්නේ ජාතියක් විදිහට අපේ රසඥතාව පහළ වැටී ඇති නිසයි. දැන් කලාකරුවන් නිර්මාණය කරන්නේ රූපවාහිනි ගුවන්විදුලි මාධ්‍යය. එසේ බිහිවන්නන් තුළ සහජ කුසලතාව පවතිනවා. එහෙත් නිර්මාණශීලී විෂය දැනුම ඇති කලාකරුවන්ට වඩා ඔවුන් මූල්‍යමය අතින් පොහොසත්. එතකොට දක්ෂ ශිල්පීන් ක්ෂේත්‍රය අතහැර දමන්න පෙලඹෙනවා.
කලාගාර අවශ්‍ය රසඥතාව වැඩි කරන්නම ද?
නැහැ. ඒ එක අරමුණක්. ආධුනික ශිල්පීන්ට දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ දකින්න අධ්‍යයනය කරන්න. නිර්මාණකරුවාගේ නිර්මාණ පේ‍්‍රක්ෂකයා කරා ගෙනයන්න ළමා පරපුරේ රසඥතාව වර්ධනයට අපේ ශිල්පීන්ට තියා රසිකයන්ටවත් හොඳ නිර්මාණ දැකගන්න තැනක් නැහැ.
කලා නිර්මාණයක් යනුවෙන් අදහස් කරන්නේ කුමකට ද?
නිර්මාණාත්මක දක්ෂතාව ඇති කලාකරුවාගේ චිත්ත වේගයන් තමයි කලා නිර්මාණයක් ලෙස බිහිවන්නේ. කලා නිර්මාණයක බාහිර ලක්ෂණ මෙන්ම අභ්‍යන්තර ලක්ෂණ පවතිනවා. කලාකරුවාගේ චිත්ත වේගය රසිකයා කෙරෙහි සමාන ආකාරයේ චිත්ත වේගයක් ඇති කරනවා. කලාකරුවාගේ අභ්‍යන්තර චිත්ත වේගය මත කලා කෘතියේ ආකෘතිය නිර්මාණය වෙනවා. එය මිනිස් සිත ආනන්දයට පත් කරනු ලබනවා.
චිත්‍ර කලාව වෘත්තීය මට්ටමට උසස් කිරීමට කළ යුත්තේ කුමක් ද?
චිත්‍ර කලාව රැකියාව කොට ගෙන ජීවත්වෙන පුළුවන් සමාජයක් ගොඩනැඟී තිබෙනවා. ඒත් වෘත්තිය මට්ටම කරා චිත්‍ර හා මූර්ති ශිල්පය ගෙන ගොස් ලාංකික ශිල්පීන් කෙරෙහි ලෝක අවධානය දිනා දීමට රජය මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. චිත්‍ර හා මූර්ති ශිල්පීන් ධෛර්යවත් කරන්න දක්ෂ දරුවන්ගේ කුසලතා වර්ධනය කරන්න දක්ෂ ශිල්පීන්ගේ නිර්මාණ අන්තර්ජාතික මට්ටම කරා ගෙන යාමට හා අන්තර්ජාතික මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනයක් ලංකාවේ ඇති කිරීමට කටයුතු කළ යුතුයි. ජනතාවගේ රසාස්වාදය ඉහළ නැංවීම වැදගත්. ආධුනික ශිල්පීන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශන පැවැත්වීමට අවශ්‍ය ආධාර හා උපකාර සපයාදීම ඉතාම වැදගත් වෙනව. එය කළ යුතුයි.
මිනිස් මනස පෝෂණයට චිත්‍ර හා මූර්ති කලාව අවශ්‍යම ද?
පැහැදිලිව අවශ්‍යයයි. කලා මාධ්‍යයෙන් මිනිසුන්ගේ ආගමික අධ්‍යාත්මික අදහස් වඩාත් ප්‍රචලිත කරන්න පුළුවන්. දේශීය චිත්‍ර කලාව බෞද්ධ චිත්‍ර කලාවක් වුණේ ඒ නිසයි. කලා මාධ්‍යය ඔස්සේ සිතට කා වදින ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.
ළදරුවන්ට ලියන්න අදහස් ප්‍රකාශ කරන්න බැරි අවස්ථාවක චිත්‍රයක් මඟින් වර්ණ රේඛා හැඩතල ඔස්සේ ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. ළමුන් ලිවීමේ හැකියාව නැති අවධියේ සිට ඔවුන්ගේ අභ්‍යන්තර අදහස් චිත්‍ර මඟින් ප්‍රකාශ කරනවා. ළමුන්ගේ මානසික අධ්‍යාත්මික වර්ධනයට චිත්‍ර හා මූර්ති කෙරෙහි යොමුවීම වැදගත්. ළමයාගේ රසවත් සිතිවිලි චිත්‍ර භාෂා මාධ්‍යය ලෙස භාවිත කරමින් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. එය දරුවාට හොඳ විනෝද මාධ්‍යයක්.
ඔබ චිත්‍ර ශිල්පියෙක් සහ චිත්‍ර ගුරුවරයෙක් ඒ පිළිබඳ තෘප්තිමත් ද?
පැහැදිලිවම.
මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම ප්‍රකාශන මාධ්‍යය ලෙස භාවිත වුණේ චිත්‍ර. එය වෙනම භාෂාවක්. අක්ෂර හඳුනා ගැනීමට පෙර සිටම වර්ණ රේඛා හැඩතල භාවිත කරමින් අදහස් ප්‍රකාශ කළ හැකියි. ඒ නිසා මම චිත්‍ර ශිල්පියෙක් වීම පිළිබඳ සතුටු වෙනවා. මා දන්නා දැනුම දරුවන්ට බෙදා දීමට ලැබීම මගේ සතුට වඩාත් වැඩි කරනවා.
චිත්‍ර ශිල්පියෙක් ලෙස සමාජයට දෙන පණිවුඩය කුමක් ද?
දක්ෂ නිර්මාණාත්මක යහපත් මිනිසකු බිහි කිරීම සඳහා ඔබේ දරුවාට චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඉඩ දෙන්න.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එන්නේ දක්ෂතා ඇති දරුවන්ම ද?
ඔව්. එයට තෝරා ගත යුත්තේ දක්ෂතා ඇති දරුවන්මයි. සීමිත සම්පත් මඟින් උපරීම දක්ෂතාවයෙන් යුත් ශිල්පීන් බිහි කිරීමට ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා වගකීමෙන් යුතුව තෝරාගන්නා අල්පතර පිරිස ඇතුළත් කොට ගත යුතුයි.
එසේ නොවු කල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අපේක්ෂිත අරමුණ ඉටුවන්නේ නැහැ.
සංලාපය - ටෙක්ලා පද්මිණි කාරියවසම්
ඡායාරූපය - සුදම් ගුණසිංහ
not only politicians.. hoh ho....
ReplyDeleteyes
Deleteමේකට නම් කියන්න තියෙන්නේ නෝ කොමෙන්ට්ස් කියලම තමයි...
ReplyDelete###########
Delete2010 වර්ෂයේ මේ කියන චිත්‍ර භාර දෙන අවස්ථාවේ මට ඒම ස්ථානයේ සිටීමට හැකි විය..... ඒ කාලයේ මා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවය කළ නිසා නුවරඒළිය පේන්ටර් ළමා නිවාසය අධීක්ෂණයට ගිය විටෙක මෙම සිදුවීම දුටුවෙමි... ඊට පෙර ඔය කියන චිත්‍ර සියල්ල ම පාහේ දැක අැත්තෙමි..... මේ සිදුවීම වෙලාවේ පේන්ටර් මහතාගේ අයියාගේ දියණියක් හෝ දියණියක්ගේ දියණියක් ද මෙම නිවාසයේ සිටියා.... පරම්පරාවෙන් මෙහි අයිතිය අැත්තේ ඔවුන්ට බවද කියැවුණා මට මතකයි........
ReplyDeleteමිනිසුන් සත්භාවයෙන් පරිත්‍යාග කරන දේවල් හොරාකන මට්ටමට ඇවිත්
Delete//මහාචාර්යවරයෙක් වුණත් වැඩක් නැහැ, මුදලාලි කෙනෙකුට වඩා සල්ලි නැත්නම්.//
ReplyDeleteමිනිස්සුන්ට තිබෙන සැබෑ ප්‍රශ්න.
මේ ඔහුගේ අභ්‍යන්තරය
Deleteපිරිහීමට ලක් වූ උගතුන් හඳුනාගත හැකි ඔවුන්ගේ කටින් පිටවන වචන මාලාවක් තියනවා; //පිරිහෙන්න පටන්ගත්තේ 1977 විවෘත වෙළෙඳ අර්ථ ක්‍රමයත් සමඟ//
ReplyDeleteඒ ඔවුන් තමන්ගේ වැරදි ක්‍රියාවන් සමාජයට පවරා තමන්ව සාධාරණීකරණය කරගන්න හැටියි.
ඇණේ, ++++++++++
Delete++++++++++++
Deleteබෝම ස්තුතියි
ReplyDelete. ////රූපවාහිනිය වර්තමාන සමාජය උඩුයටිකුරු කරලා තියෙන්නේ සමාජයේ ගුණධර්ම පිරිහිලා. එයින් ගොඩ එන්න කලාවට බැහැ. දැන් ඉස්සර වගේ නොවේ මුදල් ගැන පමණයි හිතන්නේ./////
ReplyDeleteරූපවාහිනියටත් සිතාසි යවයිද?
සමාජයටත් ඕනෙ
ඇණයා කිව් ලෙස තමන්ගේ වැරදි ක්‍රියාවන් සමාජයට පවරා තමන්ව සාධාරණීකරණය කරගන්න හැටියි
Deleteමොනවා කරන්නද අප්පා පෙරේතකමට.තුට්ටු දෙකකට විකිණුනු උගතෙක්.
ReplyDeleteදුකක් දැනෙනවා,
Delete