Friday, November 6, 2015

හමුදා රැග්


ලංකා -E නිවුස් වෙබ් අඩවිය විසින් කාලීන මාතෘකාවක් පිළිබඳව වාර්තා කරයි. එම වාර්තාව පදනම් වී තිබෙන්නේ යුද හමුදාවේ පවතින නවක වදය පිළිබඳවයි. 

මම යුද හමුදා රෝහලේ සේවය කළ සමයේ හමුදා නවක වදය නිසා රෝගාතුර වූ සොල්දාදුවන් / නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කොට තිබේ. මේ රෝගීන් අතුරින් 2004 වසරේ එවකට කර්නල්වරියක වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය එන් කේ ආරියරත්න මිය විසින් මා වෙත යොමු කරන ලද දෙවන ලුතිනන්වරයෙකු මගේ මතකයට නැගේ.   

 මෙම තරුණයා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වීමේ ප්‍රීතිය  ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ( ලුතිනන්වරු) සමරා තිබුනේ උක්ත නිලධාරියා නවක වධයට පත් කිරීමෙනි. ඔහුට ඩිප්ස් ගැසීමට නියම කොට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නොකඩවා හිසට පයින් ගසන ලදින් ඔහුගේ මොලයේ රුධිර වහනයක් සිදුවී තිබුණි. එසේම TBI ( Traumatic Brain Injury) තත්වයට පත් වී තිබූ ඔහු ඉතා දිගු කාලයකට කායික මානසික  රෝගියෙකු බවට  පත් විය​. නවක වධය නිසා රෝගී වූ මෙම දෙවන ලුතිනන්වරයාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යුද හමුදා රෝහලට විශාල මුදලක් වැයවී තිබුණි. අප විසින් මෙම සිදුවීම ගැන යුද හමුදා පොලිසිය (CCMP) දැණුවත් කලද පරීක්‍ෂණ ක්‍රමවත්ව සිදු  වූයේ නැත​.   

එසේම වරක් නවක වධය ලෙස තදබල පහරදීම් / ලිංගික හිංසන වලට ලක් කරන ලද නවක සොල්දාදුවෙකු අපගේ වාට්ටුවට යොමු කරන ලදි. මෙම සොල්දාදුවාට මුලින්ම ප්‍රතිකාර කර තිබුනේ  විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. වී ජේ. හරිස්චන්ද්‍ර මහතා විසිනි. (ඒ ඔහු නිවාඩුවට නිවසට ගිය විට හටගත් රෝගී තත්වයක් නිසාවෙනි ) එතුමා විසින් මෙම නවක සොල්දාදුවා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට රෝග නිර්නය කරන ලදි.  මෙම සොල්දාදුවා වසරක් පමණ යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබා පසුව හමුදා සේවයට කායික මානසික වශයෙන් අනුචිත නොවන බවට නිර්දේශ වී යුද හමුදාවෙන් ඉවත් කරන ලදි. ඒ මුළු කාලය පුරා ඔහුගෙන් හමුදාවට එලදායී සේවයක් නොලැබුණු අතර ඔහුට ප්‍රතිකාර සහ වැටුප් ලෙස විශාල මුදලක් ඒ වන විටත් යුද හමුදාව විසින් වියදම් කොට තිබුණි.    

NCO හෙවත් තනතුරක් නොමැති යුද නිලධාරියෙකු දෙවන ලුතිනන් නිලයට පත් වන විට ඔවුන්ට අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් බරපතල නවක වධයට ලක් වීමට සිදුවේ. හමුදාවේ ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන් (Warrant Officer) ලෙස සේවය කොට දෙවන ලුතිනන් නිලයට අවතීර්ණව නවක වධය නිසා සදාකාලිකව අබ්බගාතවූ පිරිසද හිඟ නැත​.   

යුද හමුදාවේ නවක වද  අතර ජ්‍යෙෂ්ඨයන් විසින් පහර දීම​, සිහිසන් නොමැති වන තුරු මත්පැන් බලෙන් පෙවීම​. හිස අසූචි පිරි කොමඩ් එකක ඔබා ෆ්ලශ් කිරීම​, හිසට හෙල්මටයක් පළඳා පොලු වලින් ගැසීම ( මෙමගින් මොලයේ රුධිර වහනය වීම් , දිගුකාලීන හිසරදය , පෞරුෂත්ව වෙනස්වීම් පවා සිදු විය හැකිය​) වැනි ක්‍රියා සිදුවීම රහසක් නොවේ.   

යුද හමුදාවේ නවක වදය නිසා අපතේ ගිය මිනිස් ශ්‍රමය , හමුදාවට අහිමි වූ මිනිස් සම්පත් , නවක වදය නිසා රෝගී වීම නිසා හමුදා රෝහල් වලට ප්‍රතිකාර සඳහා වියදම් වූ මුදල්  , වින්දිතයන් ගේ පවුල් වලට විඳින්නට සිදු වූ ගැහැට / වියදම් යනාදී වශයෙන් බොහෝ දුර්විපාක තිබේ. මේ නිසා යුද හමුදාවේ පරිපාලකයන්ට සහ  ආරක්‍ෂක අමාත්‍යවරයාට යුද හමුදාවේ පවතින නවක වදයට පූර්ණ ලෙස තිත තැබීමට කටයුතු කිරීමට ඥානය පහළ විය යුතුය​.   

වෛද්‍ය රුවන් එම් ජයතුංග​


ලංකා -E නිවුස් වෙබ් අඩවියේ වාර්තාව මෙන්න 


හමුදාවේ ‘සොම්බි ඔෆිසර්ස්ලා‘ නවක නිලධාරීන් මරාගෙන කති..! නවක හමුදා නිලධාරීන්ගෙන් ජනපතිට අගමැතිට අගවිනිසුරුට පෙත්සමක්.!


(ලංකා ඊ නිව්ස් - 2015.නොවැ.06, ප.ව 10.20) ත්‍රස්තවාදී යුද සමයේ යුද හමුදාවට බඳවාගත් පිරිස් අතරින් ම්ලේච්ඡභාවයට පත්වූ නිලධාරීන් විසින් වත්මන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ  නවක සහ දක්ෂ නිලධාරීන්ට එරෙහිව සිදුකරන කෘර වධ හිංසා  පිලිබඳව සත්‍ය තොරතුරු බොහෝමයක් ලැබෙමින් පවතී.
ඒ අනුව, දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨයේ දක්ෂතම කැඩෙට් නිලධාරියකු වූ ලහිරු රංජනගේ අභිරහස් ඝාතනය පළමු තැනට පත්වේ.
මෙම ඝාතනය සියදිවි නසා ගැනීමක් බවට යුද්ධ හමුදාව විසින් වාර්තා කිරීම පිලිගත නොහැකි බවට වන කරුණු රැසක් ලහිරු රංජනගේ ඥාතීන් විසින් හෙලිදරව් කරනු ලැබ ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදාව අසත්‍ය  ප්‍රකාශ කිරීම ගැන ජාතියක් වශයෙන් කණගාටු විය යුත්තේ අපරාධයකට වගවීමට බිය පුද්ගලයින් යුද්ධ හමුදාව තුල  රජකරණ නිසාය. එදා යුද්ධ හමුදාව යාපනය මුරුසුවිල් සමූහ ඝාතන ස්ථානයේ එළුවන් මරාදමා සිද්ධිය වසන් කිරීම සඳහා කළ කී දේ හෙලිදරව් උනේ රටේ අධිකරණය ඉදිරියේදීය.

ඒ  අනුව, ලහිරු රංජන ට සිදුකල අපරාධය එනම්, කුරිරු වද බන්ධනය දරාගත නොහැකි උනාද ?  ඔලුවට සිදුකල පහරදීමෙන් මිය ගියාද? යන්න ගැන නිවැරදි තීන්දුවට එලෙඹිය හැක්කේ ස්වාධීන අපරාධ පරීක්ෂණයකිනි. එවැනි පරීක්ෂණයක් සිදු නොකරන්නේ මන්ද? ලහිරු රංජන යනු ත්‍රස්තවාදියෙක් නොවේ. යුද හමුදාවේම දක්ෂ නවක කැඩේට් නිලධාරියෙකි. 

දෙවැන්න, රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකුද දක්ෂ රගර් ක්‍රීඩකයකුද වූ ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත දක්ෂ නවක නිලධාරියකුට එම රෙජිමේන්තුවේ සිටි ම්ලේච්ඡ ඉහල නිලධාරීන් විසින් කෘර ලෙස පහරදී හා වධ බන්ධනයට ලක් කර, සිහිවිකල්වූ පසුව, යුද්ධ හමුදා නිලඇඳුම පිටින්ම මහ මග දමා සිටියදී කාරුණික මහතකුගේ මැදිහත් වීම නිසාවෙන් නාරාහෙන්පිට හමුදා රෝහල් ගත ව ප්‍රතිකාර ගනිමින් සිටී. 
ඒ සිදුවීමද වෙනස් ආකාරයකින් හුවා දක්වා අදාල වින්දිත නවක නිලධාරියාවම පෙලීම සඳහා අදාල රෙජිමේන්තුවේ ම්ලේච්ඡයින් සත්‍ය වසන් කර වග වීමෙන් ගැලවීම සඳහා කුමන්ත්‍රනය කරමින් සිටියදී සත්‍ය හා යුක්තිය වෙනුවෙන් නවක නිලධාරියාගේ  දෙමාපිය ඥාතීන් සමඟ රටේ සත්‍ය  ගරුක ජනතාවද එක්වූහ.
මෙයට සමාන තවත් සිදුවීමක් වසර කීපයකට පෙර තලාව කාලතුවක්කු කඳවුරේ ම්ලේච්ඡ නිලධාරීන් විසින් ද සිදුකර ඇත. එහිදී නවක ලුතිනන් වරයකුට අධික ලෙස සැර මත් පැන් පොවා, හිස බූ ගා අමානුෂික ලෙස පහරදී. දියේ ගිල්වා මරණයට පත්කිරීමට තැත්කර සිහිවිකල් වූ පසුව තලාව දුම්රිය ස්ථානයට රාත්‍රී 12  ට පමන ගෙනැවිත් දමා තිබිණ. එහිදී ද කාරුණික මහතකු සිද්ධිය දෙමාපියන්ට දන්වා ඔහුගේ මැදිහත් වීමෙන් අදාල නවක නිලධාරියා නිරුපද්‍රිතව කොටුව දුම්රිය පොළ වෙත යැවීය. 
මේ සිදුවීම් අනුව, යුද්ධ අපරාධකාරී මානසිකත්වයෙන් පුනරුත්ථාපනය නොවූ ම්ලේච්ඡ යුද හමුදා නිලධාරීන් එක් රෙජිමෙන්තුවකට පමණක් සීමා නොවී, සමස්ථ යුද්ධ හමුදාවම තම අණසකට යටත් කරගෙන දෝ යි සිතෙන තරමට සිදුවීම් වාර්තා වේ. 
විජයබාහු පාබල රොජිමේන්තුවේ නවක නිලධාරියකු වන ලුතිනන් වරයකුගේ පියකු මෙම ලියුම්කරු හා පැවසූවේ තම පුතා වෙනුවෙන් මුදල් ගෙවා හෝ යුද්ධ හමුදාවෙන් ඉවත් කර ගැනීමට සිතෙන තරමට අමිහිරි සිදුවීම් ගැන විටෙක තමන්ට අසන්නට ලැබුනු බව ය.
ඇඹිලිපිටිය කඩදාසී කම්හලේ පවත්වාගෙන ගිය කාලතුවක්කු හමුදා කඳවුරට ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පාසල් දරු දැරියන් රැගෙන ගොස් කුරිරු අමානුෂික ලිංගික අතවර සහ වධහිංසා සිදුකර පසුව සූරිය කන්දේදි ද මරා දැමූ අපකීර්තිමත් අතීතයකට උරුමකම් කියන සහ යුද බිමේ දක්ෂකම් වෙනුවෙන් නොව ඉහල නිලධාරීන්ට වන්දි බට්ටකම් කිරීම වෙනුවෙන්  වීර පදක්කම් ලබා ගත් නිලධාරීන් විසින් කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී, එහි ඊනියා ඒකක සම්ප්‍රදාය වන බේබදුකම හා ම්ලේච්ඡත්වය හුරු කරවීමට යැයි කියා හිංසාවට පීඩාවට පත් වූ බොහෝමයක් නවක දක්ෂ නිලධාරීන් යුද්ධ හමුදාව හැර ගොස් ඇත.
මෑතකදී එම ඒකක මධ්‍යස්ථානය තුලදී කපිතාන් උඩගෙදර සහ කපිතාන් වෙල්ලන්ගිරිය මහතුන්ට සිදුවූ අපරාධ ක්‍රියා  සම්බන්ධයෙන් එම ඒකකය විසින් සිදුකල වංචනික පරීක්ෂන වලින් අපරාධකරුවන් රැකීමටත්, අපරාධ වින්දිතයින් වූ එම නවක නිලධාරීන් දෙදෙනා තව දුරටත් පීඩා කිරීමටත් ක්‍රියා කර ඇත. 
එකී අපරාධ වලට මූලික වූ සම්පත් මුතුමාල නම්වූ ම්ලේච්ඡ මානසිකත්වයෙන් යුතු බේබදු මේජර් වරයාට ( තම බේබදුකම ඔහුගේ facebook හි උජාරුවෙන් පෙන්වයි ) දඬුවම් පැමිණවීම වෙනුවට යුද්ධ හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරණු ලැබ ඇත. 
ඒ අනුව, යුද්ධ හමුවේ නවතම මෙහෙයුම නවක දක්ෂ නිලධාරීන් යුද්ධ හමුදාවෙන් පන්නා දැමීම දැයි සැකයක්ද ඇති වේ?
මෙලෙස, අපරාධකරුවන්ට ඉහලින් ආවරණය ලැබීමත් සමඟ පැරණි ම්ලේච්ඡ නිලධාරීන් විසින් නවක නිලධාරීන්ට එරෙහිව අසත්‍ය චෝදනා සහ වැරදි නවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු වලට එක් කිරීමේ මෙහෙයුමක් ද අරඹා ඇත. 
ඒ සමඟ කුරිරු වධ  හිංසාවන් ත්වරණය කර ඇත. විවාහකයින්ට තම දරු මල්ලන්ගේ කාර්යයක් වෙනුවෙන් හෝ නිවාඩු ලබා නොදී සිටී. 
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, රටේ ජනාධිපති වශයෙන් ද, සේනාධිනායක වශයෙන් ද,  යුද්ධ අපරාධකාරී ම්ලේච්ඡයින්ට උසස් වීම් දෙමින් අනුබලය සැපයීම ගැන ඔහුව පත්කළ රටේ යහපාලනප්‍රේමී ජනතාව කෙලෙස තේරුම් ගන්නද ?

 

49 comments:

  1. wicharaka lokka mewa attada ban

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං මෙව්වා හිතලා කියන එව්වා නෙවෙයි සොක්කෝ.

      Delete
  2. මේවාගේ දරුණු වධ දෙන්නේ හමුදාවේ ඉන්න අයගේ මානසික අසහනයක් නිසාද? නැත්නම් තමන්ට හිමිවෙච්ච වධ අනුන්ටත් දිය යුතුයි කියන අදහස නිසාද?

    ReplyDelete
    Replies
    1. දෙකම බලපානවා, මේ හැර යුද ආතතියෙන් පෙලෙන කොටස් අතර මෙය වැඩියි

      Delete
    2. ඔබ සඳහන් කර ඇති පරිදිම මේ දෙකම හමුදා, සරසවි සහ තවත් බොහෝ තැන්වල නවකවදය පැවතීමට මූල හේතූන් තමයි. ඒත් මෙතන ප්‍රධානම දෙය මේ දේවල් ආයතනගත වී සාමාන්‍ය දෙයක් වී තිබීම. මට හමුදා පිළිබඳව පළමෝත අත්දැකීම් නැතත් මගේ මිතුරන්ගෙන් බොහෝ අවස්ථා වල අසා ඇති පරිදි හමුදා වල නවකවදය ඉතා දරුණුයි. ඔබ සඳහන් කර ඇති තත්ත්වය නියම තත්ත්වයයි. නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමකට ඇතුලත් වුනු මගේ පාසැල් මිතුරෙකුට නවක වදය ආශ්‍රිත සිදුවීම් නිසා පුහුණු කාලය අවසානයේදී වෛද්‍ය හේතුන් මත ඉවත් වීමට සිදුවුණා. යාන්තම් දහඅට සපුරා, විභාගයට මාස කිහිපයකට පෙර උසස්පෙළත් නොකර, ඒ දිනවල (අසූව දශකයේදී) ඔහු නිලධාරී ධුරයක් ලබා පුහුණුවට ගියේ විශාල ජයග්‍රාහකයෙක් ලෙස. මා සමඟ ප්‍රාථමික පන්තිවල සිට එකට සිටි මේ මිතුරා ඉගෙනීමට සහ ක්‍රීඩා වලට එකසේ දස්කම් පෑ අයෙක්. ආනන්දයට නොගියත් ශිෂ්‍යත්වයෙන් ආනන්දයට තේරුණ අයෙක්. සාමාන්‍ය පෙළත් ඉතා හොඳින් කර ගණිත අංශයෙන් ඉගෙනුම ලබමින් සිටි ඔහු නාවික හමුදාවට ගියේ හමුදා උණ නිසාමයි. ඒ වන විට ඔහු බොක්සිං වලින් ජාතික මට්ටමේ ශුරතා දිනාගෙන තිබුණා. ඒ වන විට ජාතික අනු-ශුරතා මට්ටමක සිටි ශිෂ්‍යභට කණ්ඩායමේ ධුරයක් දැරූ සාමාජිකයෙක්. ඔහු නාවික හමුදාවේ සිටියානම් ඉහළට ගොස් සැලකිය යුතු සේවයක් ඉටු කිරීම මෙන්ම නොගොස් උසස්පෙල කළානම් අඩුවශයෙන් භෞතික විද්‍යාව සඳහා හෝ සරසවි යාමට ඉඩ තිබුණා. ඒ දිනවල හමුදා වල නිලධාරීන් වැඩිපුරම බිහිකළ පාසලකින් නොපැමිණි නිසා ඔහුව හයිලයිට් වී වැඩිපුර නවකවදයට ලක් වූ බව ඔහු මට කෙළින්ම කියා නැතත්, වෙනත් මිතුරන් අතර තිබුණු අදහසයි. සරසවි වල නවක වදයට සාපේක්ෂව හමුදාවල නවකවදය ගැන කතා කරනවා අඩුයි. සරසවි නවක වදය ගැනනම් මට පළමෝත අත්දැකීම් තිබෙනවා. මගේ ඉහත මිතුරා කිසියම් ඉන්පසු සෑහෙන කාලයක් මානසික හෝ මොළයට සම්බන්ධ කිසියම් ශාරීරික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගත්තා.

      Delete
    3. Econ , ඉතා දක්‍ෂ මිනිසුන් හමුදා නවක වදයෙන් පසු හමුදාවට වෛර කරමින් ඉන්නවා, නැතහොත් හමුදාව හැර යනවා. හමුදාවේ එලදායිතාව කඩන්න තියන හොඳම අවිය තමයි නවක වදය. ප්‍රභාකරන්ටවත් හමුදාවේ එලදායිතාව කඩන්න බැරි උණා.

      Delete
  3. ඔව් දැන් විචාරක ලොක්කා හරියටම ඇත්ත ගලපලා ලියයි
    උට පුලුවන් ආමි උණෙන් පොඩි එවුන්ට පුකට පයින් ගහනවා කියලා රුලන් ගු පාට දාන්න විතරයි
    මු ගැන දන්නා ඔෆිසස්ලා කියන්නේ මු රට ගොන් කියලා

    ReplyDelete
    Replies
    1. සොක්කෝ. සොක්කා තවම පුකේ වේදනාවෙන් පෙලීම ගැන කණගාටුයි. ඇත්ත ගලපලා ලියන්න බැරිය . මේ වෛද්‍යවරයා ලියා තිබෙන්නේ සම්පූර්ණ ඇත්ත කතාවකි.

      රුලන්ගු කිව්වේ සොක්කා දිනපතා ආහාරයට ගන්න දෙයක්ද සොක්කෝ? සොක්කා සිංහල හරියට ටයිප් කරගන්න බැරි කෂඩා සොක්කෙක් නේ. තූ විතරක්.

      Delete
    2. , අපිත් ඉන්නේ උඹව හමුවෙනකල් කොලොන් තොටේදී , පුකේ දිගපලල මැනගන්න .
      මැද එක උස්සලා දකුණු අතින් කසාපන් දෙපැත්තේ තියන දෙක වම් අතින් .

      රුලන් ගු ගැන උඹ දන්නේ නැද්ද නාකියෝ . මහලොකු උඹේ සිංහල දැනුම අර අහුබුදු වගේ දුවට කියලවත් අහළා දැන ගනින්.
      ඔහේ ගැන දන්නා ඔෆිසස්ලා කියන්නේ ඔහේ "රට ගොන්" කියලා ඔහේ හොඳ සැල්වේෂන් ආමි එකටම තමා කියලා

      Delete
    3. මහත්මයා ඔබ හමුදාවේ සේවය කරන ලද මහත්මා නිලධාරියෙකුට අහේතුවේ අපහාස කරන්නේ මන්ද ?

      Delete
    4. දොස්තර මහත්තයෝ , ඔය" රට ගොන් "හමුදාවේ හිටියා කියලා , ආමි උණෙන් එළියේ ඉන්න පොඩි එවුන්ට පුකට පයින් ගහනවා කියලා කියන කොට උන් මහත්මා නිලධාරියෙකු වන්නේ කොහොමද ? පැන්ෂන් ගිහිල්ල මෙහෙම , 88/89 කලේ මේ"රට ගොන්" කලේ මොනවද කියලා ඕන කෙනෙකුට තේ..............රෙනවා

      Delete
    5. මහත්මයා විචාතුමා සිංහ රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙක්. එතුමා යුද්ද කාලයේ සේවයක් කරපු කෙනෙක්. ඔබ දෙපළ අතර අනවබෝධය දුරු වේවා.

      Delete
    6. දොස්තර මහත්තයෝ

      සිංහ රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙක්.......... එතුමා යුද්ද කාලයේ සේවයක් කරපු කෙනෙක්.නම්.... මහත්මා විදිහට හැසිරෙන්න ඕනේ එහෙම නැතිව සිවිල් සමාජේ ලියන කරනවා නම්, ආමි උන දාලා පොඩිඑවුන් චන්ඩි පාට්වලින් පාට් දාන්න ගිහිල්ලා කොලේ කුඩු කරගන්වද ? 88/89 කලේ තරු ගහන්න මොනවද කලේ /නොකළේ ?

      මෙයා මේජර් ජෙනරාල් කෙනෙක් උනා නම් එහෙම කොහොමෙට තියෙයිද .........රණවිරුවෝ බල්ලන්ට යවන්නේ මේවගේ අයයි

      Delete
    7. @ AnonymousNovember 7, 2015 at 5:05 AM

      හා හා හා, නාඬන් පොඩි එකෝ නාඬන්. කෝ ඉන්නකෝ මගේ පැටියාගේ චූ ගිය ජංගිය ගලවලා වෙන එකක් අන්දවන්න. ආය මම පැටියට පුකට පයින් ගහන්නේ නෑ හොඳේ. දැන් නාඬා ඉන්න.

      Delete
  4. මමත් දැක්කා වීඩියෝ එකක්...
    පුහුණුවට ආපු කෙල්ලොන්ට ගහනවා...
    ලේ රත් වෙනවා ඒවා දැක්කාම...


    ඔයා පෝස්ට් දානවා වේගේ වැඩි නැද්ද ඩොක්???
    මට නම් දැනෙන්නේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එකක් පැය 24 වරක් අළුත් වෙනවානම් හොඳයි . වැඩ වැඩි උනාම සතියක් දෙකක් යනකන් පෝස්ට් දාන්න අපහසුයි

      Delete
  5. අපි කට්ට කාල අවුරුදු 3-4 KDA එකේ ගුටි කාල Commissioned Officer උනේ. Warrant පකය ලට රැග දුන්නේ නැත්නම් Commissioned එක බල්ලට යනවා

    ReplyDelete
    Replies
    1. එතකොට වොරන්ට් පකයෝ අවුරුදු ගණනක් යුධ භුමියේ ලැබූ අත්දැකීම් වල වටිනාකමක් නැද්ද?

      Delete
    2. Warrant පකය ලට රැග දුන්නේ නැත්නම් Commissioned එක බල්ලට යනවා .ඔය අර විචාරකයා කියන කෙනත් ඒ වගේ එකෙක්නෙ පෙන්නේ නැද්ද පසෝන් ගියත් උණ බහින්නේ නෑ. Commissioned Officer කෙනෙකුගේ තත්වේ බල්ලට දාගන්නවා

      Delete
    3. අපි කට්ට කාල අවුරුදු 3-4 KDA එකේ ගුටි කාල Commissioned Officer උනේ /////// මෙය විෂම චක්‍රයක් බව පෙනී යයි

      Delete
    4. @ AnonymousNovember 7, 2015 at 5:32 AM

      තමාගේ හත්මුතු පරම්පරාව වලෙන් නැගිටලා ආවත් ඒ උන බස්සන්න බැරි බව මතක තියාගැනීම යෙහෙකි.

      Delete
    5. @ jay-c zNovember 7, 2015 at 2:30 AM

      තියනවා තියනවා. ඔබ සමග එකඟයි. ඔවුන්ගෙන් ඉගෙනගතහැකි දේ අපමණයි.

      Delete
    6. තමාගේ හත්මුතු පරම්පරාව වලෙන් නැගිටලා ආවත් ඒ උන බස්සන්න බැරි බව මතක තියාගැනීම යෙහෙකි

      ඔහේගේ උන බස්සන්න දොස්තර මහත්වරු ඕනේ නෑ .වින්නඹු අම්මලා ට පුළුවන් එක කරන්න ඉක්මනින් එහෙව් කෙනෙකුගේ ආධාරය සහ උපදෙස් ලබාගන්න ඔයඉන්නේ හතරලියද්දේ පැත්තේ ඕනෑතරම්

      Delete
    7. මට හිතුනා හතරලියද්දේ අබ්බයෙක් තමයි මෙහෙම ඇනෝ එන්නේ කියලා. හරියට හදන්න තිබුනා තමා ඉපදෙන්න මාස 10 කට කලින් තමාගේ මව මුණගැහුනා නම්.

      Delete
  6. හරියට හරි ඩොක්ටර්.. මේවා යුධ හමුදා පොලිසියට කියනවට වඩා හොදයි මැරෙන එක..

    අපේ මල්ලි දෙවන ලුතිනන වෙලා ගියපු සන්නාහ සන්නද්ධ බලකා (නම හරිද දන්නෑ) කළුතර මුලස්ථානේ ලොක්කෝ ටික මුලු රැයක්ම දිමියෝ පිරිච්චි කොස් ගහක මලයව නග්ගල තිබිල තියෙනවා. මල්ලි මට කියල තිබුනා ඔය ඔපිසරල දෙන නවක වද ගැන.. ඒවා හරිම මුග්ධයි..

    ReplyDelete
    Replies
    1. හමුදාවේ නවක වද දෙන පුද්ගලයන් සතුරාට වඩා තුඡචයි. ඔවුන් හමුදාවට විශාල හානියක් කරනවා

      Delete
  7. අශිෂ්ඨත්වය හා ගණුදෙනුකිරීමට නිර්මාණයවී ඇති හමුදාව සහ පොලීසිය ශිෂ්ඨ සමාජයකට ඔබින අායතන නොවේ, මානව ශිෂ්ඨාචාරයේ යම් අදියරකදී මෙම ආයතන ක්‍ෂිණවී යනු ඇත.

    ReplyDelete
    Replies
    1. මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම නමින් කවරක් වුවද පොලිසිය සහ හමුදාවන් පැවති අතරම කෙදිනක හෝ මානව ශිෂ්ඨාචාරයේ අවසන් දවස් වනතුරුම මේ ආයතනද පවතිනු ඇත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. jay-c කියන එක තමා ඇත්ත, මම ලීවේ මගේ පැතුම.

      Delete
    4. මානව ශිෂ්ඨාචාරයේ යම් අදියරකදී මෙම ආයතන ක්‍ෂිණවී යනු ඇත +++++++

      Delete
  8. හමුදාවේ නවක වධය, හමුදා චර්යා නියෝග වලින් පවා පාලනය කරගන්නට බැරිවීම, මුළු හමුදාවටම ලැජ්ජාවකි. එක් ලක්ෂයක් සිටින හමුදාවක, එක්කෙනෙක් මේ වැඩේ කළත්, එය බරපතළ වරදක් වන්නේ, හමුදාව සෑමවිටම විනය අතින් ආදර්ශවත් බව, විශේෂයෙන් රටේ මහජනතාව විශ්වාස කරන බැවිනි. එක වැරද්දක් වසාගන්නට ගියොත්, එවැනි වැරදි දහසක් සිදුවෙයි. එබැවින්, මෙවැනි වැරදි කරන අයට, ශ්‍රී ලංකාවේ වලංගු සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකිය. මෙලෙස පීඩාවට පත් බොහෝ දෙනෙකු සිතන්නේ, තමන්ට මෙලෙස වද දුන් අයට එරෙහිව ක්‍රියා කළහැක්කේ, හමුදා නීතිය යටතේ පමණක් යනුවෙනි. එහෙත්, මෙවැනි වධබන්ධන හේතුවෙන්, හමුදාවෙන් අසුවූ කෙනෙකුට, වුවද සිවිල් නීතිය යටතේ ක්‍රියාකිරීමට අයිතිය ඇත. මෙවැනි වධදීම් කළ කීපදෙනෙක්, හමුදාවෙන් ඉවත් කළ අවස්ථා ද තිබෙනවා.

    බ්‍රිගේඩියර් වෛද්‍ය N.K. ආරියරත්න මහත්මිය මෙවැනි සිදුවීම් ගැන කියනවා මා අසා තිබෙනවා. මෙහිදී සාමාන්‍ය මට්ටමෙන් යුදහමුදා පොලීසියට දැන්වීම නෙවෙයි කලයුත්තේ. විනයාරක්‍ෂාධිපති Provost Martial වෙත, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය Directorate of Medical Services මගින් කෙලින්ම වාර්තාවක් යැවීමයි. එවිට ලිස්සලා යන්න බැහැ. එමෙන්ම මෙවැනි සිද්ධියකට මුහුණදුන් කෙනෙකුට ඉඳුරාම සේනාධිනායකයා වන ජනාධිපතිතුමාට ලිඛිතව පැමිණිලි කලහැකියි. එහිදී සඳහන් කරන්න පුළුවන්, මේ සඳහා කෙරෙන පරීක්‍ෂණ වලට, හමුදා කඳවුරට යන්න බය/අකමැති බවත්, එබැවින් විවෘත පරීක්ෂණයක් ලබාදෙන ලෙස ඉල්ලන බවත්.

    NCO = Non Commissioned Officer = අධිකාරි/කොමිෂන් නොලත් නිලධාරියා = කො.නො.නි. (ලාන්ස් කෝප්‍රල් සිට බලලත් නිලධාරි I දක්වා)



    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම්:- හමුදාවෙන් අසුවූ නොව අස්වූ

      Delete
    2. විචාරක තුමා, ලැජ්ජ ගන්න එපා විනය තකන්න ක්‍රියා කරන ආයතන ඔක්කොම (පාසල්, පංසල්, පොලීසි, හමුදා, උසාවි) ඔහොම තමා, කවදත්, කොතැන් එහෙමයි. සිවිල් සමාජය ශක්තිමත් වෙනකොට ඕවා තරමක් යහපත්වෙනවා (උදා යුරෝපයේ පාසල්), ඒ කියන්නේ සිවිල් සමාජය විනය තකන්න පිහිටවපු වලට වඩා ශක්තිමත් නම්.
      එහෙම වෙනකොට දැන් ඔය අපි වැරදි දේවල් විදිහට නිර්වචනය කරල තියන ගොඩක් දේවල් මානව අයිතිවාසිකම් විදිහට පිළි අරගෙන, කාටවත් බාධාවක් නොවන් අයුරුන් කරගෙන යන්න අරිනවා, ආයේ අමුතුවෙන් ආරක්ෂා කරන්න දෙයක් ඉතුරු වෙන්නේත් නෑනේ.

      Delete
    3. නැහැ නැහැ ඇණේ. මේ ලියලා තියන කතා සම්පූර්ණ ඇත්ත. මෙතෙන්දි යුද හමුදාවේ හිටිය කෙනෙක් හැටියට මේවා වහන්න මට ඕනෑකමක් නැහැ. මටත් රැග්‍ වැදිලත් තියනවා දීලත් තියනවා. මම වමනේ දාගෙන පඩිපෙලක් පල්ලේ වැටිලා තියනවා. හැබැයි මම රැග දුන්න කාටවත් සීරීම් තුවාලයක් වෙලාවත් නැහැ. මොකද ඒවගේ වදදීම් නොකෙරෙව්ව නිසා. ඒ බව අදටත් කියනවා ඒවාට ලක්වෙච්චි ඇය. ඒ කියන්නේ රැග දීම හොඳයි, අනිවාර්යයෙන් කලයුතුයි කියන එක නෙවෙයි.

      Delete
    4. මම රැග දුන්න කාටවත් සීරීම් තුවාලයක් වෙලාවත් නැහැ. ඒ වගේ මම යුද්දෙටත් ගියා , කම්බි වැටකට වත් හිරුනු කැළලක් මගේ ශරීරයේ නෑ

      එත් පුලුවන් ආමි උණෙන් පොඩි එවුන්ට පුකට පයින් ගහනවා කියලා ගූ පාට් දාන්න විතරයි එත් තනියම ඉන්නකොට අසු......චි බයයි.

      Delete
    5. 1) බ්‍රිගේඩියර් වෛද්‍ය N.K. ආරියරත්න මහත්මිය යුද හමුදාවේ සම්පතක් , ඇය ඉතා විශාල සේවයක් යුද කාලයේ සහ තවමත් කරමින් ඉන්නවා.

      2) වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය Directorate of Medical Services මගින් කෙලින්ම වාර්තාවක් යැවීමයි. එවිට ලිස්සලා යන්න බැහැ. /////// එක වග කිව යුතු නිලධාරියෙක් ඉන්නවා ඔහුගේ මුල් නම කේ. පී (කොන්ද පණ නැති) ඔහු තමන්ගේ පුටුව ආරක්‍ෂා කරගෙන හමුදාවෙන් යැපෙනවා මිසක මේ වගේ දේවල් නවත්වන්න ආත්ම ශක්තියක් නැහැ

      Delete
    6. ඔබ මෙතන කියන්නේ කවුරු ගැනද කියා මා දන්නවා. එයා තමන්ගේ මෙඩ්ල් ප්‍රමාණය වැඩිකරගන්න දැඟලුවා මිසක්, වෛද්‍ය බලකායේ දියුණුව ගැන ක්‍රියා කළේ නැහැ.

      Delete
    7. @ AnonymousNovember 7, 2015 at 5:42 AM
      හෙහ් හෙහ් මගේ ඇඟ දිහා ඔච්චර ආදරෙන් බලන්නේ මොකද කියලා දැන්නේ තේරුනේ. ඔයා 'අර වර්ගයට' සමාන අයිතිය ඉල්ලන පෙළපාලියේ ගියා නේද?

      Delete
  9. කේ පොයින්ට් වගේමයි නේද?

    තමන්ගේම උන්ට මෙහෙම නම්, මුං සාමාන්‍ය මිනිසුන්ට සහ සතුරන්ට කෙසේ නම් සළකයි ද?

    බාස්ටඩයිශේෂන් ඕස්ටේ‍ර්ලියොවේ පවා තියෙනවාය කියනවා. දැන් තමයි ඒවාට වැට බැදෙන්නේ.
    http://www.adfabuse.com/Welcome.html

    ReplyDelete
    Replies
    1. කේ පොයින්ට් වගේම තමයි. ඇමරිකන් හමුදාවේත් රැග් තියනවා නමුත් පැමිනිල්ලක් ආවොත් ඒවා ඇදෙනවා , යට ගහන්න අමාරුයි.

      Delete
    2. සාමාන්‍ය මිනිස්සුන්ට ඉතා හොඳින් සැලකුවා/සලකනවා/ සතුරාට දරුණු ලෙස පහර දුන්නා, නිර්දය ලෙස පහර දුන්නා, යටත්වූ සතුරන්ට ජාත්‍යන්තර නීතියට අනුව සැලකුවා.

      සෑම හමුදාවකම/රටකම/සමාජයකම/දේශපාලන සංවිධානයම/ලෝකය පුරාම/ අති මහත් බහුතරයක් හොඳ මිනිසුන් ඉන්න අතර, ඔවුන් අතරින් සුළු පිරිසකගේ අමන ක්‍රියා පිළිවෙත් නිසා, අර යහපත් බහුතරයකගේ හොඳ නම කෙළෙසෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රශ්න කොපමණ පැරණි වුනත්, නැවත සොයාබලා, ඒ වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි.

      Delete
    3. ඔවුන් අතරින් සුළු පිරිසකගේ අමන ක්‍රියා මගින් විශාල ආයතනයක් බිම දැමිය හැකියි විචාතුමණි

      Delete
  10. ඇත්ත..හමුදාවේ නිඅධාරියෙක් pasoutවෙල රෙජිමේන්තුවට ආවාම initiation එකක් තියෙනවා. මමත් ඒක විඳලා තියෙනවා, හැබැයි ඔය කියන අමානුෂික විධියට නෙවේ (80 ගනන්වල මුල. නමුත් පහුකාලවලදී අමානුෂික විධියට සිදුවුන අවස්ථා තිබුනා කිඅයලා අහලා තිබුනා. අනික මේ දේවල් හැම හමුදාවකම එදත් අදත් සිදුවෙනාඅ. මේවා ශිෂ්ඨ සමාජයක සිදු නොවිය යුතු දේවල්.

    මෙන්න මේවාත් බලන්ට.
    Military bullying a global problem
    http://news.bbc.co.uk/1/hi/uk/4477960.stm
    http://www.express.co.uk/news/uk/361932/Recruit-tells-of-vile-male-rape-Army-initiation

    What was your initiation when you first got to your Regiment?
    http://www.arrse.co.uk/community/threads/what-was-your-initiation-when-you-first-got-to-your-regiment.194809/

    Initiation rituals
    http://www.intropsych.com/ch15_social/initiation_rituals.html

    ReplyDelete
    Replies
    1. අගනා අදහස් දැක්වීමක්.

      Delete
  11. මේවා ශිෂ්ඨ සමාජයක සිදු නොවිය යුතු දේවල් ++++++++ අනිවා

    ReplyDelete
  12. හැම හමුදාවකම නවක වද අඩු වැඩියෙන් තිබෙනවා. ඒවා හදා තිබෙන්නේ ඒ විධිහට. රුසියානු හමුදාවත් නවක වද ඉතා වැඩි තැනක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook