"ඉබිසා නගරය පසුකොට මම ගියේ තවත් නගරයකටයි. මේ නගරය චන්ද්‍ර නගරයයි. මිනිසුන් ස්වභාවික සම්පත් අසීමිතව විකුණගෙන කනවා. ඔවුන් ඒ නිසා සුපිරි ධනවත්. නමුත් තවම සමාජයික අතින් ඉන්නේ ගෝත්‍රික යුගයේ. ඔවුන්ගේ නගරය ඉතා අලංකාරයි. නිවාස මාලිගා වගේ. නගරයේ මැද තිබුණා උයනක්. ඒ උයන හරිම මනස්කාන්තයි. නදුන් උයන පරදන සිරිය. මට ඇසුනා ගෝසාවක්. මිනිසුන් කණ්ඩායමක් රූමත් ගැහැනියක් කුදලාගෙන එනවා. ඇයව උයන මධ්‍යයේ කිරිගරුඬ ඇතිරූ ගෝලාකාර පොලව මතට තල්ලු කලා. ඇය කිරිගරුඬ පොලවේ ඇද වැටුනා. අයි මේ පිරිමි සේනාවක් එක තනි ගැහැනියකට හිරිහැර කරන්නේ. මම ළඟ සිටි මිනිසාගෙන් ඇසුවා. ඔහු කිව්වා, ඇය පව්කාරියක්. ඇය පිරිමියෙකු සමග අනාචාරයේ හැසිරිලා කියලා.
ඒ අසරණ ගැහැණියව, අඩ කවයක ආකාරයට පිරිමින් වට කර ගත්තා. ඒ එක්කම තව මිනිසෙක් කුඩා අත් කරත්තයක පටවාගෙන දොඹ ගෙඩි ප්‍රමාණයේ ගල් තොගයක් ගෙනාවා. ඒ ගල් බෑවේ මිනිස් අඩ කවය ළඟ. වටවී හිටිය මිනිසුන් ගල් අහුරු අහුරු අත් වලට ගත්තා. ඔවුන් ගල් ගැනීමට පොර කෑවේ පොඩි ළමයි සිනි බෝල වලට පොර කනවා වගේ. මම අර මිනිසාගෙන් ඇසුවා දැන් මොකද වෙන්නේ කියලා. ඔහු කිව්වා ඇයට දඬුවමක් ලෙසට අනාචාරයේ යෙදුනු මේ පව්කාරියට ගල් ගසා මරා දැමීමට යනවා කියලා. මම එහිදී ඔහුගෙන් ඇහුවා, ඇයි ගැහැණියට විතරක් ගල් ගහන්නේ ? ඇය සමග අනාචාරයේ යෙදුනු පුරුෂයා, ඔහුත් පව්කාරයෙක්, ඇයි ඔහුවත් මෙතෙන්ට කුදලාගෙන ඇවිල්ලා දඬුවම් නොකරන්නේ කියලා. එතකොට අර මිනිසා මා දෙස බැලුවේ දවා හළු කරන ක්‍රෝධයෙන්. මම නිහඬ උනා.
ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, "සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න" කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. ලෝගුව පොරවාගෙන සිටි මහලු පුරුෂයා කිව්වා, මම කිසිම දවසක ගැහැණියකගේ පහස සොයා ගෙන ගිහිල්ලා නැහැ ඒ නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා, තඩි ගලක් අරගෙන අර ගැහැණියට ගැහැව්වා. ඒක වැදුනේ ඇයගේ නළලට. ඒ සමගම, අනෙක් මිනිසුන් ඇයට ගල් ගසන්න පටන් ගත්තා. ගැහැණිය වේදනාවෙන් මොර දෙනවා. ඇයගේ සිරුරට වැදෙන ගල් වල හඬ මට ඇසෙනවා. ඒක හරිම බොල් හඬක්.
මටත් තිරිසන් ආසාවක් ඇති උනා ඇයට ගල් ගැසීමට. මටත් චන්ද්‍ර නගරයේ පුරුෂයෙකු වෙන්න අවශ්‍ය උනා. මමත් ගලක් අහුලාගෙන සෙනග අතරින් රිංගලා ඉලක්කය අරගෙන, අර ගැහැනියගේ ඔළුවට ගැහුවා. ඒක වැදුනේ ඇයගේ වම් කම්මුලේ. එතනින් ලේ ආවා. මට ඇයට ගල් ගසන්න පුදුමාකාර ආසාවක් ඇතිඋනා. මම ගල් වලින් මගේ සාක්කු පුරවාගෙන, සෙනග තල්ලු කරගෙන ඉදිරියට ගිහිල්ලා අර වැටිලා ඉන්න ගැහැණියට ගැහුවා. ගල් ඇයගේ ශරීරයේ වැදෙන්න වැදෙන්න මට දැනුනේ පරපීඩාකාමී ආශාවක්. මේ මිනිසුන් සියලුමදෙනට ඒ ආශාව දැනෙන බව මට තේරුනා. ගැහැනියගේ අඳෝනාව, වේදනාවෙන් කෑ ගසන හඬ, අපගේ හැඟීම් උද්දීපනය කළා.
අපි තරගයට ගල් ගැසුවා. බොහෝ වෙලාවක් ගල් ගැසුවා. අපේ කමිස දහදියෙන් පෙඟෙන තුරු ගල් ගැසුවා. ගැහැණිය මැරිලා, ඒත් අපි ගල් ගැසුවා. ඇයගේ ශරීර මස් තැළිලා, ඒත් අපි ගල් ගැසීම නැවැත්තුවේ නැහැ. ඇයගේ මළකුණ හප වන තුරු අපි ගල් ගැසුවා. අවසානයේ අඳුර වැටිලා ඉල්ලක්කය ගැනීමට ඇයගේ මළකඳ පෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලක්කය අනුමාන කරගෙන ගැහුවා. සඳ පෑයුවා, අපි සඳ එලිය ආධාරයෙන් හප ගිය මිනිස් කුනුපයට ගල් ගැහුවා. ගල් ඉවර වෙනකොට අර හපය ලඟට ගිහින් ලේ තැවරුණු ගල් අරගෙන ආවා. අවසානයේදී, එතන තිබුනේ විසිරි ගිය මස් කෑලි තොගයක් විතරයි. මිනිසෙකු තවත් මිනිසෙකු විනිශ්චය කිරීම, ඔහුට හෝ ඇයට දඬුවම් දීම කොතරම් සුමිහිරි දෙයක්ද. එහි ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති වින්ඳේ අද. මට විශාල ප්‍රීතියක් දැනුනා. උඩ පනින්න, ගී ගයන්න, නටන්න මගේ සිත උද්දාමයෙන් පිරිලා. චන්ද්‍ර නගරය කොතරම් අනගි නගරයක්ද? ගැහැනුන්ට ගල් ගසා මරා දමන, වරදකරුවන්ගේ අතපය කපන, ප්‍රසිද්ධියේ මිනිසුන්ට කස පහර දෙන අපේක්ෂාවේ නගරය.
චන්ද්‍ර නගරයේ ජීවිතය ඉතා සරලයි. එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ. සෑම දේම තීරණය කලේ පැරණි ශුද්ධ ලියවිලි වල තියන නීති අනුව. ශුද්ධ ලියවිල්ලක තිබුනා නම් මිනිසා ආහාර ගත යුත්තේ මුඛයෙන් නොව නාසයෙන් කියලා, අනිවාර්යෙන්ම මිනිසුන් එය පිලි පැදිය යුතුයි. කිසිවෙකුට ශුද්ධ ලියවිල්ලේ තථ්‍යතාව ප්‍රශ්න කරන්න තහනම්. එයට විරුද්ධ අදහස් දැරූවන්, මිථ්‍යා දෘෂ්ටිකයන්. ඔවුන් ගෙල කපා මරා දැමිය යුතුයි. මා තුල සිටි පරපීඩකයාට රිසි සේ තෘප්තිය ලබා දුන් චන්ද්‍ර නගරය. මම නුඹට සුභ පතනවා. මගේ ගමන මා යා යුතුයි, ඒ නිසා මම අමාරුවෙන් චන්ද්‍ර නගරයට සමු දුන්නා."
(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )
//එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ//
ReplyDeleteඇත්තටම ඒකනම් සරලයි තමා
සරලයි අන්තවාදියි
Deleteඅම්මෝ මේ ඊලගට ඒ ක්‍රමය ගේන්ඩත් බැරි නැ කට කට ....
ReplyDeleteපොස්ට් දානකොට දවසක් දෙකක් ඉදලා දාන්නකෝ මහත්තයෝ , සමහරක්විට සමහරුන්ට මෙහෙම උනහම මිස් වෙනවා
Deleteමේ වගේ ඒවා මිස් වෙන එක අපරාදේ තමයි.. මන් නම් කොහොම හරි වෙලාව හොයන කියෝනව ඉතින්..
Deleteහොඳයි එහෙම කරන්නම්
Deleteමිත්‍යාව තව කොයිතාක් කල් ලෝකය එක්ක ඉදිරියට යාවිද???
ReplyDeleteසදහටම යයි වගේ
Deleteමේ පොත අරගෙන කියවනවා..
ReplyDeleteමේ ලිපිවලින් හොද දැනුමක් ලැබුවා
එල ද බ්‍රා
කොහොමත් එක් කාලෙක ගැහැණියට ලැබුන තැන මේ තමා. පොත හොයනවා තාම ගන්න බැරි උනා.
ReplyDeleteතාමත් ඇතැම් රටවල මේ තත්වය පවතිනවා
Deleteමීළඟ සියවසේදී වත් මේ මිත්‍යාව ලෝකයෙන් තුරන් කිරීමට අපි සාමූහිකව ක්‍රියා කලයුතුයි.
ReplyDeleteහැකිවෙයිද ?
Deleteහ්ම්ම්ම්.. හිතට වැදුනා....
ReplyDeletemonty python ලගෙ Life of Brian ෆිල්ම් එකේ මේ වගෙ සීන් එකක් තියෙනව. ජෙහෝවා ගේ නම වැරදියට භාවිත කළාට ගල් ගහන්ඩ යනව. පස්සෙ පූජකයගෙ කට වැරදිල, උන්දැ ගල් පාර කනව.
ReplyDeletehttps://www.youtube.com/watch?v=SYkbqzWVHZI
වාලුකාවෙ පසුගිය දශකය තුළ මේ විස්තර කරපු දේට වඩා සෑහෙන වෙනසක් තියනව. ටිකෙන් ටික මිනිස්සු ගල් ගුහාවෙන් එළියට එනව. දුක ලංකාවෙ එවුන් ඇතුලය යන්න හදන එක :(
ReplyDelete