Tuesday, November 24, 2015

ඉන්ද්‍රනාම



ඉන්ද්‍රනාම 
වස්සෙක් ද නුඹ
තණකොළ බුදින​ 
තිබුනේ නැතුවද නුඹටත්
විචාර බුද්ධියක්  මොලයක් 

රැවටී නුඹ කපටීන්ට 
පුද කලයි නුඹේ අධ්‍යාපනය  
සහ තරුණ ජීවිතය මනරම්
කිසිදින  යළිත් නොඑන  

නායකයන් කීව පලියට
කිසිදා නොදැන සිටි මිනිසුන්ට
කොකා ගැස්සූ නුඹ 
දහම් පාසල් ගිය කාලයේ
වතුරේ ගිය කූඹියාත්
බේරගත්තා නේද 

කියූ සැනින් බස් පුච්චා
ට්‍රාන්ස්ෆෝමර විනාශ කළ නුඹ 
ජීවිතයේ කවදාහෝ දෙයක්
නිර්මාණය කලේ කවදාද 

නුඹලාට පන්ති කළවුන්ම​
බිල්ලන්වී හන්දි වල 
නුඹලාගේ බෙල්ලෙන්ම 
අල්ලගෙන යන්නට
හිස වැනූ අයුරු මතකද 

වදකාගාරවල 
ධර්ම චක්‍රයෙන් 
ඉර්සි පොසිසන් එකෙන්
තැබූ කල නුඹලාව 

බැටන් පොල්ලෙන්
එස්ලෝන් බට වලින් 
මහත වයර් සහ​
රත්වූ යකඩ කූරු වලින් 

සත්‍ය මතු කර ගන්නා 
නිල අැඳුම් ඇඳි නග්න 
වෘකයන් වෙත ආහර පිණිස​
නුඹලා විසි කළ නායකයන්
කොහේද අද 

සමහරු සැප විඳියි සීත රටවල 
නුඹලා නරකාදියේ පැසෙන විට
සමහරු ධනපති පන්තියේ
ඔඩොක්කු කුක්කන්‍ ​ ය​
තවත් අය මුදල් සොයයි අත යට
උපන් දිනය​ත් වෙනස් කරගෙන 

බිලිබෝයි කෙනෙක් වී
එලොව ගොස් මෙලොව ආ
යන්තම් රැක ගත්තයි
පණ කෙන්ද​ නුඹ 
පෙර පිණක​ට

එදා වීරයෙකුවූ ඉන්ද්‍රනාම 
අද නුඹ ද්‍රෝහියෙකි 
වීරයන් හා ද්‍රෝහීන් 
නිර්ණය කරනා
රේඛාව නුඹ දුටුවේද 

මනුස්සකමක් රහිත​
දේශපාලනයක් වෙනුවෙන් 
දිවි දෙවැනි කොට වැඩ කෙරූ  
නුඹලා වගේ මිනිස් ප‍්‍රාණීන් සමූහයකගේ 
අවතැන්වූ ජීවිත කතාව 
සෑම වසර දහ පහළහකට වරක් 
මේ ගෙන්දගම් පොළවේ
සිදුවෙනවා නේද 
නොනැවතී කැරකෙන 
චක්‍රයක් ලෙස​ට

29 comments:

  1. Replies
    1. එහෙමත් හිතෙනවද ?

      Delete
    2. මේකෙ මොකක්ද තියන සැරවැඩිකම. කියන්න තියන දේ කියල තියනව. මීට වඩා සැර බාල කරන්නෙ කොහොමද . එහෙමනම් ඉතින් ත්‍රස්තවාදීන්ව උත්කර්ෂයට නංවල ලියන්න ඕන.

      Delete
  2. ///ඉන්ද්‍රනාම
    වස්සෙක් ද නුඹ
    තණකොළ බුදින​
    තිබුනේ නැතුවද නුඹටත්
    විචාර බුද්ධියක් මොලයක් ///

    වස්සෙක්ද කියලා අහන්න ඔන ඉන්ද්‍රනාමගෙන් නෙවෙයි............
    මේක ලියපු ඵකාගෙන්.

    ආය මොනවා අහන්නද මේක ලියපු ඵකා වස්සෙක් තමයි !

    තව අවුරුදු 10ක් විතර ගියාම රතුප්ස්වලදී මරාදෑමුනු තරුණයන්ගෙනුත්.............
    වෑටුප බේරාගෑනීමේ සටනේදී මරාදෑමුනු රොශේන් චානකගෙනුත්.....
    ධීවර සටනේදී මියගිය ඈන්ටනීගෙනුත්..........
    ප්‍රදීප් ඵක්නෑලිගොඩගෙනුත්.............

    වස්සොද තොපි කියලා අහයි, මේක ලියපු ගොන් වස්සා............අදෝමෑයි...........

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ අංතට්ටු ඇඳගෙන (තොප්පි දාගෙන) තප්පුලනවා කියන්නේ මෙන්න මේකටයි.

      Delete
    2. @ඈණයා

      ඈයි රිදුනද?
      බල්ලට ගහද්දි බලු පුකට(පුක යනු කුණුහරුපයක් නොවේ) රිදෙනවා කියන්නේ මෙන්න මේවට තමයි !

      Delete
    3. රිදුන නෙවෙයි හිනා ගියා, මොකද අනුන්ගේ තොප්පියක් දාගත්තේ කියල අහන්නේ උපහාසයටනේ, අපිනං එහෙමයි.

      මමත් කාලයක් ඉන්ද්‍රනාම වගේ වස්සෙක් වෙන්න හිතා හිටි නිසාත්, එ් ගොන්කම තේරුන්යන්න තරම් ජීවිත අත්දැකීම් ලැබූ නිසාත්, ට්‍රිස්න්සිල්වෙනියා ලියා තියෙන්නේ විචාරයක් කියා හිතුණා ඔබට එහෙම නොහිතෙන්න ඇති.

      Delete
    4. @ ඇණයා Nut Man,

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      ඔයයි මමයි !!!!!!

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      Delete
    5. AnonymousNovember 24, 2015 at 10:17 PM


      තව අවුරුදු 10ක් විතර ගියාම රතුප්ස්වලදී මරාදෑමුනු තරුණයන්ගෙනුත්.............
      වෑටුප බේරාගෑනීමේ සටනේදී මරාදෑමුනු රොශේන් චානකගෙනුත්.....
      ධීවර සටනේදී මියගිය ඈන්ටනීගෙනුත්..........
      ප්‍රදීප් ඵක්නෑලිගොඩගෙනුත්.............

      අන්න ඒ කොටසට එකඟයි...
      ඒ වුණාට මේක ලියපු එක ගැන මොකවත් වරදක් දෙන්ට බෑ...
      ඒක ලියපු කෙනාගේ ( අහපු කෙනාගේ ) මතය...

      Delete
    6. 88/89 කාලෙ රැවටිලා තමන්ගෙ ජීවිත නැති නාස්ති කරගත්ත අය රෝශේන් ල ඇන්ටනිලට සමාන කරන්න එපා. රොශේන්ල ඇන්ටනිල මොකක් හරි අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කළේ. ඔවුන් ත්‍රස්තවාදී වැඩකලේ නැහැ. 88/89 ගොන් වස්සන්ට රොශේන් ල සමකරල රොශේන්ලට අපහාස කරන්න එපා.

      යකෝ කෙනෙක් කිව්ව පලියට බස් ගිනිතියන , ට්‍රාන්ස්පෝමර් පුච්චන මිනීමරන එක හරකෙක්වත් කරනවද

      Delete
    7. @ මධ්‍යස්ථ මතධාරියා

      ආ මධ්‍යස්ථ, උම්බෑ කිව්ව නේද?


      //රොශේන්ල ඇන්ටනිල මොකක් හරි අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කළේ. ඔවුන් ත්‍රස්තවාදී වැඩකලේ නැහැ. 88/89 ගොන් වස්සන්ට රොශේන් ල සමකරල රොශේන්ලට අපහාස කරන්න එපා.//

      හෑබෑයි උබලගේ මහින්දයාගේ ආන්ඩුවේ උන්නම්(මේ ආණ්ඩුවෙත් ඉන්නේ උන්ම තමයි ) ඵ්කාලේ කිව්වේ ඔක පිටිපස්සේ තියෙන්නේ, අපේ රටේ දියුණුව ඉවසගන්න බෑරිව ජේවීපී ඵකයි ජාත්‍යන්තර ප්‍රජාවයි කරපු කුමන්ත්‍රනයක් කියලයි.
      රොශේන්ලා ඈන්ටනීලා ගෑන කිව්වේත් , උන් අහිoසක බවත්ජේවීපී/පෙරටුගාමී/ජාත්‍යාන්තර ප්‍රජාව කියන ප්‍රතිගාමී බලවේග ඵකතුවෙලා...උන්ට බොරු කියලා රවට්ටලා නොමග යෑවූ බවත්.........ඵ් නිසා ඔවුන් අතින් සාමය කඩවූ බවත්.....සාමය රෑකගෑනීමේ අටියෙන් වෙඩිතෑබීමට සිද්දවුන බවත්...ඵ් නිසා රොශාන් ඈන්ටනී මෑරෙව්වේ ජේවීපී ඵකෙන් බවත්....කියලා තමයි.
      හෑබෑයි උඹ මෙතන පිලිගන්නවා උන්ගේ සටන සාදාරණ බවත් උන් වීරයන් කියනඵකත්.ඵ්ක හොදයි

      ඈයි යකෝ ඔය88/89 කොල්ලො කෙල්ලොත් හොරාකන්න ස්ත්‍රී දූශන කරන්න කුඩු බිස්නස් කරා ගිහින් ගිහින් මෑරු කාපු උන්ද?
      උනුත් ඈන්ටනීලා රොශන්ලා වගේ යුක්තිය වෙනුවෙන් සටන්කරන්න ගිහින් මෑරුන්කාපු උන් නෙවෙයිද?

      ආණ්ඩුව කියනවා 60000ක් මෑරුවලු(අපි හිතන්නේ 100000ක් වත් මෑරුනු බවයී)......උඹ කියන්නේ ඔය හෑටදාහම බස් ගිනිතියපු මිනී මරපු උන්ද?

      ජේ ආර් බල්ලා වෑඩේ පටන්ගත්තේ, රට බෙදීමට විරුද්දව සෝභිත ස්වාමීන්වහන්සේ සමග පෙලගෑසී කොටුවේ බෝධිය ඉදිරිපිට ඉතා සාමකාමීව කරපු උද්ගෝශනයට වෙඩිතියලා බල්ලො බලල්ලු වගේ තරුණයෝ 140ක් මරලා නේද................
      උඹ මට කියපන්..........උනුත් බස් ගිනිතියපු උන්ද?

      රිචඩ් ද සොයිසා බස් ගිනිතියපු ඵකෙක්ද?
      විජේදාස ලියනාරච්චි බස් ගිනිතියපු ඵකෙක්ද?
      ප්‍රේමකීර්ති ද අල්විස්ගේ බිරිදම කියනවිදියට මිනිමරු ප්‍රේමදාසගේ අසූචි කෑ හඩ්ඩා විසින් මරණ ලද ප්‍රේමකීර්ති ට්‍රාන්ස්පෝමර් ගිනිතියපු ඵකෙක්ද?
      උබ කතාකරන්නේ කටින්ද? පුකෙන්ද?

      අනේ තොපේ මොලේ............ අහිoසක කොල්ලො කෙල්ලන්ව බස් ගිනිතිව්වා කියලා බොරු කියකියා පුච්චලා මරනවා................
      ලoගමේ බස් ගිලපු හොර ඈමතියන්ව වෑඩිම මනාපෙන් ඊලග පාරත් පාර්ලිමේන්තුත් යවනවා.........
      අනේ අපේ බස්ප්‍රේමී........ ට්‍රාන්සෝමර්ප්‍රේමී.......... ජනතාව !

      Delete
    8. //රෝශේන් ල ඇන්ටනිලට සමාන කරන්න එපා.// ඒ අයත් බිලි බෝයිස් ලා තමයි.. අද උන් නැති පාඩුව උන්ගේ පවුල් වලට විතරයි.. ඒ සටන් අවුලවපු එකෙකුටවත් මතකවත් නැතුව ඇති..

      Delete
    9. @ ඈණයා

      //රිදුන නෙවෙයි හිනා ගියා, මොකද අනුන්ගේ තොප්පියක් දාගත්තේ කියල අහන්නේ උපහාසයටනේ, අපිනං එහෙමයි.

      මමත් කාලයක් ඉන්ද්‍රනාම වගේ වස්සෙක් වෙන්න හිතා හිටි නිසාත්, එ් ගොන්කම තේරුන්යන්න තරම් ජීවිත අත්දැකීම් ලැබූ නිසාත්, ට්‍රිස්න්සිල්වෙනියා ලියා තියෙන්නේ විචාරයක් කියා හිතුණා ඔබට එහෙම නොහිතෙන්න ඇති.//


      අමුතුවෙන් මොනවා වෙන්නද බන් උබ ගොo වස්සෙක් නේ උපතින්ම.නෑත්නම් මේ වගේ ගොo කතා කියයිද බන්?

      උබේ උපහාසේ මාර උපහාසයක්නේ බන්.............අම්මපා උබ ඵ්ක කියනකන්ම මට තේරුනේ නෑ නේ උපහාසයක් කියලා................හුකෑස් පට්ට උපහාසයක් යකෝ ඵ්ක....ඵහෙම නෑතිව බලු පුකට රිදිල ඵහෙන නෙවෙයි නෑද බොල?

      Delete
    10. මධ්‍යස්ථයා ප්‍රේමදාසගේ අමුඩෙ හෝදනවද?

      යකෝ ජේ.ආර්ලා ප්‍රේමදාසලා දෙමල මිනිසුන්ව පනපිටින් පුච්චලා පටන්ගත්ත ගමන තමා 88?89 දී හෑට දාහක් මරලා ඉවරකලේ...........

      මොකක්ද පූරුවේ පිනකට කොටිහපුවෝටික ප්‍රේමදාස බල්ලගේ ආන්ඩුවේ මිනිමරුවෝ ටික ඔක්කොම ඉවරකලා යකෝ..........

      ඵ්ක ඵහෙම නොවුනන තාමත් තියෙන්නේ කටක් ඈරියොත් ටයර්දාලා පනපිටිo පුච්චන යූඒන්පී ආණ්ඩුවක් (ටියුනීසියාවේ,ලිබියාවෙ තිබුනා වගේ........)

      ජේඅර් පරයා මෑතිවරන සිතියo ඵහෙම අකුලලා, දෙමල මිනිස්සු අමුවෙ පුච්චලා, උතුරු නෑගෙනහිර පලාත් සබා හදලා රට බෙදලා ඵ්වට විරුද්දව සාමකාමීව උද්ගෝසනය කරපු 140ක් අමු අමුවේ මරලා කෙලිය පටන්ගත්තඵව්වා තොපිට අමතකද ...........
      ඔය පාහර වෑඩවලට විරුද්ද උන දේශප්‍රේමී, කොන්ද පනතියන උන්ව,ආන්ඩුවේ නිල සහ නිල නොවන බිනීමරුවන් දම්මලා මරපු ඵක තමා සිද්ද උනේ.
      ඵ් අතර අණ්ඩුවේ උන්වම දලා බස්වලට ට්‍රන්ස්පෝමර්වලට වගේම හමුදා පවුල්වල අයටත් වෑඩේ දුන්නා, දේශප්‍රේමී තරුනයින් සහ ජනතාව කොටවන්න.
      අපේ රටේ මිනිස්සුත් අමු ගොo නිසා තාම ඔය බොරුව විස්වාසකරනවා.බුද්දිමත් ජනතාව නේ ඉතිo.....රෑවටෙන ඵ්කේ ඉවරයක් තියනවා යෑ..........

      මද්‍යස්තයාලා වගේ පොන්සි පෑටවු මෙලෝ සාක්කියක් නෑතුව බොරු කියනවා.......ඵ් උනාට හරියට කරුනු පෙන්නලා සoවාදෙකට ආපුහාම ඔකා පෑනලා දුවනවා..........බොරුනo බලාගෙන ඉදහල්ලකෝ..............

      Delete
    11. ඇනෝ - උබට මම බල්ලෙක් උනාට මට නං උබ මිනිහෙක්, තව ටික කාලෙකින් උබ මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ උබේ අධ්‍යාත්මික වීරයෝ උඹේ පස්ස පැත්තටත් රිදෙව්ව දාටයි.

      Delete
  3. indranamalata molayak na.. kiyana de karagena innawa . indranamala kiyanne athin kala harak balan ewunta

    ReplyDelete
    Replies
    1. indranamala kiyanne athin kala harak balan ewunta +++++

      Delete
  4. //තවත් අය මුදල් සොයයි අත යට
    උපන් දිනය​ත් වෙනස් කරගෙන //
    මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ එක්කෙනෙක් හිටිය සමාජවාදී පක්සේ ඉදල ආණ්ඩුවට පැන්නා, ජරා කටක් තිබ්බේ,

    ReplyDelete
  5. ඉන්ද්‍රනාමල බිහිවෙන හේතු හොයන්න ඕන. මිනිස්සුන්ට තනිවම හිතන්න ශක්තිය දෙන්න ඕන. පන්ති පහට ගිය හැටිය ලව දෙව නැතිව මිනීමරන්න කවුරුහරි පෙළබෙනව කියන්නෙ අපේ අධ්‍යාපන ක්‍රමයෙ වරදක්.
    වාමාංශික ව්‍යාපාරයෙ හැම එකාම හිතන්නෙ ඌ ඇර මුලු ලෝකෙම වැරදියි කියල. මේක සාමූහික මායාරෝගයක් වගෙ දෙයක්. හැම ප්‍රශ්නෙකටම හේතුව එක බිල්ලෙක් බව කීවම මුග්ධ තරුනයන්ට ඒක රසවත්.
    ඔය ව්‍යාපාරවලට යන එවුන් තර්ක කරන්න බැරි එවුන්. පක්ෂය අදහනව. අන්තිමේදි උන්ගෙ මුළු ජීවිතේම පක්ෂය විසින් සූරා කාල. උන්ට ඉතිරි වෙන්නෙ වවුල් හපයක්.

    ReplyDelete
    Replies
    1. ඵ්කනේ බන් දෑන්නේ තේරුනේ......වාමාසික පක්ශවලට චන්දේ දෙන උන් වවුල් හප...............
      ඵකට හූඈන්පීයට පොල් රෑවුලාට චන්දේ දෙන බුද්දිමත් ජනතාව............බුදු අම්මේ චීස් බෝල වගේ........ජනතාවගේ තෙල් බේරෙනවා දිලිහෙනවා

      Delete
  6. ඇඩ්මින් සහෝ
    මම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා
    ඇවිත් බලන්නකො
    http://www.akurasyndiya.tk
    අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න
    බැනර් කෝඩ් සිංඩියට ගිහින් ගන්න

    ReplyDelete
  7. මේ කවිය කොපි කරගත්තා.. අපේ පොඩි අයියට ගිහින් පෙන්නන්න.. හෆොයි ඒ කාලේ අපි වින්ද දුකක්..

    ReplyDelete
  8. ඉන්ද්‍රනාමල බිහිවෙන හේතු : Multi factorial

    ReplyDelete
    Replies
    1. එතන තියෙන්නේ සමාජ පීඩනය. ඉගෙන ගන්න අවස්ථාව නැහැ. ඉගෙන් ගත්තත් රැකියාවක් නැහැ. ආදායමක් නැහැ. ඒ අතරේ බඩ පිරෙන්න කාපු එවුන් තෙල් බහින්න දේශ පාලනයට ඇවිත් දුක් වින්දින උන්ට විහිලු කරනවා.....

      Delete
  9. ඔබගේ පසු කලීන ලිපි කිහිපයක් කියවූ මට සිතුනේ ඔබ වාමවාදී විප්ලව වාදී දේශපාලණය පිලිකුල් කරන බවයි.එසේම එයට විරුද්ධ මතයක් සෑදීමට දැඩි උත්සහයක් දරන බවයි.නමුත් අද පහල පන්තීන් විදින කිසියම් හෝ වරප්‍රසාදයක් ඉතිරිව ඇත්නම් එය ඔබ විසින් පිලිකුල් කරන ක්‍රියාමාර්ග හරහා ලභා ගත් හා ඒවා හරහා රැක ගත් දේවල් වේ. කිසිවිටක බලය හා ධනය ඇතිවුන් අනේක් අයට වරප්‍රසාද නිකන් ලභා දෙන්නේ නැත

    ReplyDelete
    Replies
    1. පුබුදු මම වාමවාදී විප්ලවවාදී දේශපාලනය පිලිකුල් කිරීමක් හෝ වැළඳ ගැනීමක් නොකරමි. වාමවාදී විප්ලවවාදී දේශපාලනය නිසා මානසික ක්ලමථාවයට පත්වූ බොහෝ දෙනෙකුට (වාමවාදී විප්ලවවාදීන් ද ඇතුලත්ව​) මම ප්‍රතිකාර කොට තිබේ. විප්ලවවාදී දේශපාලනය ඔසවා තබන ප්‍රචණ්ඩත්වය මම බැහැර කරමි. එය විනාශය මිස වෙන යමක් කිසිවෙකුට ගෙන එන නිසාය​. 1917 විප්ලවය සියැසින් දුටු මිනිසුන් සමගද මම අදහස් හුවමාරු කරගෙන තිබේ. ලංකාවේ සමහරක් වාමවාදී විප්ලවවාදීන් ගේ දෙබිඩි පිලිවෙත් , අනුගාමිකයන් අන්දවා දංගෙඩියට යැවීම මම අනුමත නොකරමි.

      Delete
  10. අසහනේ උපරිමයි නේ, ඇනෝ ලියල තියෙන එව්වාට උත්තර ලියන එක කෙසේ වෙතත් ඒව්වා ටැපලුං ඇරගන්න තරම් වත් මගේ මීටරේ පෝසත් නෑ, අඩු තරමේ ඇනෝලා එකයිද දෙකයිද කියලා දැන ගන්න තිබ්බ නම් ඇනලයිස්කරගන්න ට්‍රයි එකක් දෙන්න තිබ්බා, අපි වගේ ඇනෝ ප්‍රොෆයිල් වත් හදා ගනිල්ලකෝ, සමාජවාදෙට යන්න ඉස්සෙල්ලා. අපරාදෙ කියන්න බෑ විජේවීර හිටියනං ප්‍රොෆයිල් රෙජිස්ටර් කරනවා නැත්තං උන්දැටවත් ගෝලයො වෙන් කරල අඳුනගන්න බැරි නිසා.

    කෙසේ වෙතත් දැං ට්‍රාන්සෆෝමර් ගිනි තිබ්බල තියෙන්නෙත් ජේ ආර් ලොක්ක නෙව, ඒකනං වෙන්න පුළුවං, ඒතරං අසමජ්ජාතියා. හැබැයි ඇනෝ මතක තියා ගනිං, ඉළඟට ලියන්න එපා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු වුන් ජාතක කරේත් ජේ ආර් කියල, එහෙම ලිව්වොත් නං ඒක ඒ බිලි බෝයිස්ලට කරන රියල් ම අපහාසයක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook