අප්‍රේල් මහ නඩුවේ 11 වන සැකකරු ඩී. ඒ. ගුණසේකර මහතා දැන් වියපත්ව තමන්ගේ නිවසේ තනියම ජීවත් වෙයි. 71 පිළිබඳ මතකය ඔහුගෙන් ගිලිහී ගොස් නැත. 1928 උපත ලැබූ ඩී. ඒ. ගුණසේකර 1947 දී සමසමාජ පක්ෂයට බැඳුණේය. සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ සේවය කළ ඔහුගේ මුළු වෘත්තීය දිවිය අරගල වලින් පිරී පැවතිණි. කම්කරුවන් වෙනුවෙන් හ~ නැගූ ඩී. ඒ. ගුණසේකර හට විෙජ්වීර හමු වන්නේ 1965 දීය. මතකය අවදි කරන ඔහු මෙසේ පවසයි.
මම එකල ෂන්මුගදාසන් සමඟ වැඩ කළෙමි. වරක් රැස්වීමක් අමතා අවසන් වෙත්ම යම් අයෙක් මාගේ පසුපසින් ඇවිත් මට කථා කළෙAය. ඒ විෙජ්වීරයි. අප දේශපාලන කරුණු පිළිබඳව දිගින් දිගටම කථා කළෙමු. ඇතැම්විට අපගේ සංවාද පැය ගණන් දීර්ඝ විය. මෙම තරුණයා තුළ යම්කිසි ආකර්ෂණ භාවයක් හා ක්‍රියාශීලී බවක් මම දුටිමි.
විෙජ්වීර තුළින් මම ශක්තීන් තුනක් දුටිමි. ආත්ම ශක්තිය, ධාරණ ශක්තිය හා සංවිධාන ශක්තියයි. අපගේ අරමුණු සමානකමක් ගත් නිසා මා ඔහුගේ පක්ෂයට බැඳුණෙමි. එතැන් සිට විෙජ්වීර නිතරම මගේ නිවසට යාම් ඊම් කළේය. ඇතැම් දිනවල රාත්‍රියද ගත කළේය. අප අතර සහයෝගිතාවයක් ගොඩනැගුණද ඇතැම් විට මා විෙජ්වීර සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් නොගැටුණා නොවේ. මම ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථාවක් රහිතව වැඩ නොකළ යුතු බවත්, ව්‍යවස්ථාවක් සම්පාදනය කොට දේශපාලන කටයුතු කළ යුතු බවත් අවධාරණය කළෙමි.
විෙජ්වීරට අවශ්‍ය වූයේ සැන්සිබාරයේ කරුමේගේ ක්‍රමය අනුව යමින් ප්‍රහාරයක් දියත් කිරීමටය. කරුමේ ලූමුම්බා සරසවියේ තමාගේ සමකාලීනයකු බව විෙජ්වීර මා සමඟ කියා තිබේ. ඔහු අතිශයින්ම ලෙනින් අනුකරණය කිරීමට තැත් කළේය. ඇවිදින විට පවා ලෙනින් මෙන් අඩිය තැබීම විෙජ්වීරගේ පුරුද්දකි. එහෙත් ඔහු තමන්ගේ ඉදිරියට නෙරා තිබුණු දත් පිළිබඳ සිටියේ යම් ආකාරයක හීනමානයකිනි. නිතර දත් අතින් පසුපසට තෙරපීම ඔහු කළේය.
එකල විෙජ්වීර අවුරුදු විසි ගණනක තරුණයෙකු වුවද ඔහු ගැහැණු ළමුන් කෙරෙහි දැක්වූයේ විකර්ෂණයකි. ඔහු සෑමවිටම වීතරාගී පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට තැත් කළේය. වරක් අප නිවසේදී ගැහැණු ළමුන් පිරිසකට පන්ති පැවැත්වීමේදී විෙජ්වීර ඔවුන් ඉදිරියේදී සිටියේ නුහුරු ගතියකිනි. හැකිතාක් දුරට පසුපසට ගොස් ඔහු එම පන්තිය කළේය.
විප්ලවය සඳහා පක්ෂ සාමාජිකයන් විෙජ්වීරගේ නියෝග ඵිට අවි ආයුධ රැස් කළහ. එකල මගේ වයස අවුරුදු හතලිස් ගණනක් විය. මා තරුණයන්ට වඩා අත්දැකීම් වලින් යුතු වූ බැවින් ඔවුන් තුළ පැවති නොසන්සුන් කම සහ ප්‍රහාරය හදිස්සි කිරීම අනුමත නොකළෙමි. මා නිතර පැවසූයේ තව කාලයක් ඉවසමින් අප වඩාත් ශක්තිමත් විය යුතු බවයි. මේ හේතුවෙන් පක්ෂයේ නායකයන් මා කෙරෙහි යම් අප්‍රසාදයක් දැක්වූහ.
විෙජ්වීර සහ පක්ෂයේ අනෙකුත් නායකයන් අතර ගැටුම් හට ගෙන තිබුණි. ලොකු අතුල ප්‍රධාන පිරිසක් විෙජ්වීර විවේචනය කළහ. මෙම කාලය තුළදී විෙජ්වීර පෙම් සබඳතා කිහිපයකට මැදිවී සිටි කාලයකි. එය කටකථා ලෙස සලකා මා ඒවා විශ්වාස නොකළෙමි. කෙසේ නමුත් විෙජ්වීර හා මා අතර තිබූ මතවාදී ගැටුම් වරින් වර උත්සන්න විය. එහෙත් මා ඔහු සමඟ එකට වැඩ කිරීම අත් නොහළෙමි.
1970 අගෝස්තු මස කොළඹ හයිඩ්පාක් පිටියේ පැවති රැස්වීමේදී මුලසුන මම දැරුවෙමි. එම රැස්වීමට ප්‍රථම මා විෙජ්වීර අමතා සමගි පෙරමුණ ආණ්ඩුව ප්‍රකෝප කරන යමක් ප්‍රකාශ නොකිරීමට ගිවිස්ස ගත්තෙමි. ඔහු එය පොරොන්දු වූ නමුත් රැස්වීමේදී සමගි පෙරමුණ ආණ්ඩුවට අභියෝග කළේය. එය මර්ධනය සඳහා අත වැනීමක් බඳු විය.
71 කැරැල්ල ගිනි කන්දක් ආකාරයට පුපුරන්නට උත්සන්න වෙමින් පැවතුණි. 71 කැරැල්ල විෙජ්වීරගේ නිර්මාණයක් වුවද එය දැන් ඔහුගේ පාලනයෙන් තොරව පිටාර ගලන මට්ටමේ විය. සුනන්ද දේශප්‍රිය ප්‍රහාරය ඉක්මන් කරන ලෙස නිබඳවම බල කළේය. කිසිවෙකු පහර දීමට ඉදිරිපත් නොවේ නම් තමන් තනිවම පහර දෙන බව ඔහු කියා සිටියේය. අප්‍රේල් 5 දින ප්‍රහාරය පිළිබඳව පක්ෂයේ නායකයන් මට කිසිවක් පැවසුවේ නැත. ඔවුන් මා සැක කළා විය හැක.
විෙජ්වීර නිබඳවම අන්‍යයන් සැක කළේය. එසේම තම අදහස්වලට විරුද්ධ අය සමඟ ඍජු සබඳතා නොපැවැත්වීය. මා අනෙකුත් සාමාජිකයන් ගෙන් බිඳවීම පිණිස විෙජ්වීරට වස දීමට මා තැත් කරන බවට රාවයක්ද පතුරුවා හරින ලදි. මෙවැනි අභූත චෝදනා හමුවේ මා
සසල වුවද මම පක්ෂය අත් නොහැර සිටියෙමි.
ප්‍රහාරය පිළිබඳව මට කරුණු දැන ගන්නට ලැබුණේ අහම්ඛෙනි. අප්‍රේල් 4 දින ප්‍රහාරය පිළිබඳව ආනන්ද වසන්ත නානායක්කාර මට පැවසීය. එදින රාත්‍රියේ කලූ ලකී මගේ නිවසට පැමිණ අප්‍රේල් 5 දා ප්‍රහාරය ආරම්භ කිරීමට තීන්දුව ගත් බව මට දැන්වීය. එහෙත් අසංවිධානාත්මකව ප්‍රහාර එල්ල කිරීම අප සැමගේ විනාශය බව මට වැටහුණි. එහෙත් ඒ සඳහා ප්‍රමාද වැඩිය.
ප්‍රහාරය සිදුවූ දින මට අයත් වූ නියමිත කාර්යභාරයක් නොවීය. මහරගම පොලිසියට පහර දෙන හ~ පවා මට ඇසුණි. එහෙත් ප්‍රහාරය අසාර්ථක විය. දැන් පොලිසිය හා හමුදාව අප මර්ධනය කරනු ඇතැයි මට වැටහුණි. එබැවින් ආරක්ෂක ස්ථානය කරා මම ගියෙමි. ආරක්ෂක අංශ මා පසුපස ලූහුබඳිමින් සිටියහ. මා අත්අඩංගුවට ගැනීමට බැරි වූ ඔවුන් මගේ බිරිඳ හා 12 හැවිරිදි දරුවා අත්අඩංගුවට ගෙන හිරිහැර කළහ. මගේ නිවස ගිනි තබා විනාශ කළහ. මගේ පුතාගේ දෙපා බැඳ තුවක්කුව හිසට මානමින් පියා කොතනද යන්න විමසන ලදි. ඉන් ඔහු ලත් කම්පනය ඔහුගේ මුළු දිවියටම බලපෑවේය. මගේ නැගණියගේ 17 හැවිරිදි පුතාවද අත්අඩංගුවට ගෙන පසුව මරා දමන ලදි.
පොලිස් අත්අඩංගුවට පත් නොවී කට්ටි පනිමින් සිටි මා 1971 මැයි 3 වැනි දින වැල්ලවත්ත රෙදි මෝල අසලදී අත්අඩංගුවට පත් විය. ඔවුන් මාව වැල්ලවත්ත පොලිස් ස්ථානයට ගෙන ගියහ. එහිදී බැටන් පොලූ වලින් මට පහර දුන්හ. ඉක්බිති කට උත්තරයක් ගැනීම පිණිස මාව පොලිස් මූලස්ථානයට රැගෙන යන ලදි.
කට උත්තර ගැනීමෙන් පසු මාව රඳවනු ලැබුවේ වැලිකඩ හිරගෙදර එල් වාට්ටුවේය. රඳවා තැබීමේ නියෝගය යටතේ මා ඇතුළු බොහෝ පිරිසක් එහි සිටි අතර දැවමොට්ටාවේ අමරවංශ හිමි, වාසුදේව නානායක්කාර, එස්. ඩී. බණ්ඩාරනායක, ෂන්මුගදාසන්, කරුණාසේන ජයලත්, නියතපාල වැනවුන් පිළිබඳව මතකය.
අපට තිබුණේ ඉතා අඩු පහසුකම්ය. මා ඒ සඳහා උද්ඝෝෂණ කළෙමි. වරක් බන්ධනාගාර කොමසාරිස් ජෑන්ස් මහතාට කථා කොට ආරක්ෂක ලේකම් තුමාට ලිවීම පිණිස පෑනක් හා කොළයක් ඉල්ලා සිටියෙමි. සාධාරණ නිලධාරියකු වූ ජෑන්ස් මහතා මගේ අවශ්‍යතාවය ලබා දුන්නේය. මා අපගේ තත්වය පිළිබ`දව ආරක්ෂක ලේකම් තුමාට ලිපියක් ලියුවෙමි. එම ලිපියෙන් පසු අපගේ තත්වය මඳක් යහපත් විය.
බන්ධනාගාරයේදී සාමාජිකයන් අතර ගැටුම්, අරගල බොහෝ විය. උදාර පරමාර්ථයකට සටන් කළ ඔවුන් පැදුරු කබලකට, තේ කෝප්පයකට රන්ඩු වූයේ විප්ලවයේ පරමාර්ථ අමතක කරමිනි. වරක් මහින්ද විෙජ්සේකර හා කෙලී සේනානායක අතර කිරි බෝතලයක් නිසා ගැටුමක් ඇති විය. මම වහා මැද්දට පැන දෙදෙනාටම බැණ වැදී එය සමථයකට පත් කළෙමි.
අපට විරුද්ධව පැවති නඩු විභාගයේදී පුරා දින 6ක් මගෙන් ප්‍රශ්න කරන ලදි. අවසානයේදී මා නිදහස් විය. පළමු වෙන්ම නිදහස් වූ විත්තිකරු වීමේ භාග්‍යය මට උදා විය. 1974 නොවැම්බර් 22 දින මාව නිදහස් කළ අතර විෙජ්වීර මා අසලට පැමිණ මා සමඟ පිලිසඳරේ යෙදුණි. එය රහස් පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට ලක්වූ බැවින් යළි ඔවුන් මා ප්‍රශ්න කිරීමට ලක් කළහ. නිදහස් වූ පසුව මම සක්‍රීය දේශපාලනයේ නොනියැලූණෙමි. විෙජ්වීර නිදහස් වූ පසු යළි පක්ෂය ප්‍රතිසංස්කරණය කළ අතර මටද පක්ෂයේ කටයුතු වලට එන ලෙස ආරාධනා කළේය. එහෙත් මා වඩාත් නිහ~ චරිතයක් වූයෙමි.
88 භීෂණ යුගයේදී පැරණි ජවිපෙ පාක්ෂිකයන්ට මරණ තර්ජන පක්ෂය තුළින් ම තිබූ නමුදු මට විශෙAෂ තර්ජන නොවීය. එහෙත් මෙම නිරර්ථක මනුෂ්‍ය ඝාතන ගැන මට තිබුණේ කනගාටුවකි. විෙජ්වීර මරා දැමූ බව මට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණි. මට අතීතය මතක් විය. ඔහු අපගේ නිවසට ආ ගිය අයුරු, අප එකට දේශපාලනයේ නිරත වූ අයුරු මට මතක් විය. ඔහු තුළ වැරදි තිබුණේය. ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමීත්වය, බල ලෝභය විෙජ්වීර චරිතය කෙරෙහි මා දුටු නමුත් ඔහුගේ කෘෘර මරණය මම අනුමත නොකළෙමි. ඔහුගේ මරණය ඇසූ මගේ දෙනෙත්වලට කඳුළු ඉනීය.
(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි – වෛද්‍ය රුවන් එම් ජයතුංග)
it may repeat in the future not only in south but north also.
ReplyDeleteyes
Deleteඔබගේ ලිපිය කියවා සැන්සිබාරයේ විප්ලවය ගැනත් කියෙව්වා. බොහෝ විස්තර අනුව කරුමේ හිටඔඋ ඔමානයේ සුල්තාන වරයෙඋකේ පාලනයට විරුද්හ වූ අයකු වුවත් 1964 විප්ලවයට සම්බන්ධ නැහැ. ඒවිට ඔහු සිට ඇත්තේ විදේශයක. විප්ලවය සංවිධානය සහ නායක්ත්වය දීම කර ඇත්තේ ෆීල්ඩ් මාර්ශල් පදවියකින් තමන්ව හඳුන්වාගත් ජෝන් ඔකෙලෝ නම් පුද්ගලයෙක්. විප්ලවයට පසුව ඔහු විදේශයක සිටි කරුමේට රටේ නායකත්වය භාරගැනීමට ආරාධනය කර තිබෙනවා. රටේ නායකත්වය භාරගත් කරුමේ පසුව ජෝන් ඔකෙලෝ රටින් පිටවූ අවස්ථාවක ඔහුට නැවත පැමිණීමට ඉඩ නොදී පිටුවහල් කර තිබෙනවා. විකිපීඩියා වල ට අමතරව මෙම ලිපියේ විස්තර සඳහන් වෙනවා.
ReplyDeleteතවත් කුතුහලය දනවන දෙයක් නම් 1905 දී උපත ලබා ඇති කරුමේ ලුමුම්බා සරසවියේ සිටි බවට විකිපීඩියා හී සඳහන් නොවීම. ඊට අමතරව ඔහු ජෝන් ඔකෙලෝ බලාපොරොත්තු වූ පරිදි සෝවියට් ගැති පාලනයක් ගෙනියාමට අකමැති වීම නිසා ඔකෙලෝ පිටුවහල් කලා යැයි සිතීම.
DeleteIan කරුමේ ලුමුම්බා සරසවියේ සිටි බවට සාක්‍ෂි මට ලැබී නැත. කරුමේ විජේවීර සමග ලිපි ගනුදෙනු කර නැත. කරුමේ විජේවීර වෙත එවන ලද ලිපි 71 දී විජේවීර හිතවතුන් වූ ලයනල් බෝපගේ , කෙලී සේනානායක යනාදීන් කිසිවෙකු දැක නැත. කරුමේ විජේවීර වෙත එවන ලද ලිපි ගැන ඔරුවල බන්දු ඉරිදා පුවත් පතකට ලියා ඇති නමුත් එය සත්‍යයෙන් තොරය.
Deleteවිජේවීර ලුමුම්බා නොගොස් (හෝ ගොස් ) හොඳ ඩෙන්ටිස්ට් කෙනෙක් ගාවට ගියානම් ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් විය හැකිව තිබුනයි කියල හිතුන
ReplyDeleteඑක පැත්තකින් විජේවීර ලංකාවේ 'කරුමේ' වුනා කියල හිතන්නත් පුලුවන්.
Deleteවිජේවීර ගේ දත් ගැන අතුල නිමලසිරි ජයසිංහත් කියලා තිබුණා නේද?
Deleteඔහුගේ දත් පිලිබඳ කාංසාමය තත්වය සමහරක් විට ඔහුට අභිප්‍රේරණය ගෙන ආවා විය හැකියි.
Deleteහොද ලිපියක්..
ReplyDeleteදැනුවත් වුනා..
Thanks Ela
Delete