සෞන්දර්ය අංශයේ නිළධාරි මහතුන් වෙත ලියා දන්වන වගනම්,
දස වසක් නොකඩවා ගාන්ධර්ව සේවයේ යෙදුණු නමුත්
තවමත් ස්ථිර නැත මගෙ රැකියාව
සේවය කරන්නෙමි අනියම් පදනමට
නැත ස්ථිර වැටුපක් මා හට
ලැබෙන්නේ දීමනාවක් පමණි.
ලැබෙන සොච්චමින්
දරුපවුලක් නඩත්තු කරන්නේ කෙසේද?
මහ ඇදුරු ගුත්තිල
මගේ ගුරුතුමා බව සැබැයි.
එතුමා දැන් මහළුය
හන්දිරුදාව නිසා නිතරම රැුකියාවටද නොඑයි.
එතුමන්ගේ වැඩකොටසද
ඉටුවන්නේ මා අතිනි
පසුගිය වසරේ රාජ්‍ය ප‍්‍රසංගය
සියළු වැඩකළේ කවුරුන්ද කියා
දන්නෝ දනිති.
මගේ හමගියත්
නම ගියේ ගුත්තිල මහ ඇදුරුගේය
දර පැළුවා, දිය ඇද්දා
අත පය මිරිකා තෙල් ගැල්වූවා
කැඹුරුවා ගුත්තිලයන්ට
උගැන්වූ ශිල්පයට
මුළු ජීවිතයම මෙලෙස
වහල්බවේ රඳවාගන
ගුරුපූජා දියයුතුද?
නැද්ද මටත් දිනාගන්නට ලෝකයක්
ගොඩනගන්නට මගේම ශිල්පයක්
එළිදක්වන්න මගේම තනුවක්
මෙම කරුණු සලකා බලා
මහ ඇදුරු ගුත්තිල විශ‍්‍රාම ගන්වා
මට හිමි තැන සහ
නිසි වැටුප් ලබා දෙනු මැන
මේ වගට ගාන්ධර්ව මූසිල
ReplyDeleteවාසනාවත් තියෙන්න ඕනි..ඒත් සාධාරණ ඉල්ලීමක්..
මූසිලත් ජීවත් වෙන්න එපැයි
Deleteගුත්තිලයන්ට වඩා වැඩ කරන මුත් ඔවුන්ට වඩා අඩු වේතන ලබන, සිතෙන් දුක් වන මූසිලයන් අප අතර කොතෙකුත්ය...
ReplyDeleteකාලීනයි
ජයවේ ට්‍රාන්ස්!
තුති Warna
Deleteමූසීල හැමවිටම කළු නොවේ
ReplyDeleteඉවාන් මූසිල ගුත්තිල සමග වාදයට ගියා කියලා මිනිසුන් ඔහුට ගහලා මරලා දැම්මා , එකේ සාධාරනයක් තියන්වද ?
Deleteගුත්තිලව පන්නා ඔහු සිටි තැනට ඒමට කරන ආයාචනය තුල මූසිල තුලත් ගුත්තිලගේ ගතිගුනම පවතින බව ගම්‍යවේ. ඒ වගේ ඉල්ලීම් කර තනතුරු ලබා ගත් අයගේ වත්මන් උදාහරන මගින්ද ඒ බව තහවුරු කර ගත හැක.
ReplyDeleteඇත්ත
Deleteසහාය .... වෙන හැමෝම අතීත මුසිලල නෙවෙයි නේ..
ReplyDeleteඔව්
Deleteනියමයි.එල ද බ්‍රා
ReplyDeleteඅද පොඩි මෙන්ඩට ගුත්තිල මුසිල කතාව කියලා දෙන්න ඔනේ
එල
Deleteගුත්තිලලා අද ඉස්මතු වෙලා තියෙන්නෙ බොහෝදුරට හිතවත්කම් සහ මාකටින් නිසා..
ReplyDeleteබලනකොට ගුත්තිලලත් කියන තරම් හොඳ නැහැ
Deleteඅනේ සර්.. මට 'හිමි' තැන මට දෙන්න....
ReplyDeleteදැන් නම් බොහෝ විට ගුත්තිලයන් විසින් මූසිලයන් බිහිකරනු ලබයි.
ජයවේවා..!!
න් නම් බොහෝ විට ගුත්තිලයන් විසින් මූසිලයන් බිහිකරනු ලබයි. ++++++
Deleteමුසීලටත් ඉඩක් දීලා
ReplyDeleteපලයන් කෝ
යන්න ගුත්තිලයා..
ගුත්තිල දිගටම තනතුරු බදාගෙන සිටීමත් හොඳ නැහැ
Delete