Thursday, November 26, 2015

හරි පුදුම ඉස්කෝලේ



Texas teen handcuffed, arrested for bringing homemade clock to school 

හැදුවා මම තනිවම 
අරුම පුදුම බඩුවක්
සිසුන් ගුරුන් පුදුම කරන්න​

පරිගණකයකින් ගලවාගත්
කොටස් එකලස් කර​
හැදුවා මම ඔරලෝසුවක්
අරුම පුදුම මේ බලන්න 

ගෙන ගියත් එය ගුරුතුමිය වෙත 
ලොකු හරියක් දාගන්න​ට
පැන දිව්වා ඇය මර බයෙන් 
නිපැයුම මගෙ බෝම්බයක් කියමින් 

දිවි ගලවාගන්න පන්තියේ ළමයි
සැඟඋනා මේස ය​ට
ගැහෙනවා ඔවුන් මර බයෙන්
සමහරු කලිසම් තෙමාගෙන 

මුළු පාසලම ගෝට්ටියක්
සිසුන් ගුරුන් හිස් ලුලූ අත දුවන​
නව නිපැයුම අතේ තියන්
හිටියා මම බලාගෙන 

නමත් මගේ අහමඩ්
ආගමත් ඉස්ලාම්
ඒ නිසා තැතිගත් විදුහල්පති
කථා කෙරුවා පොලීසියට 

පොලිසියෙන් විත් පාසලට
කුදලාගෙන ගියේය මා 
ඉස්ලාම් ත්‍රස්තයෙකු ලෙසට

අනේ මගේ ආත්ම ගෞරවය
සේදී ගියානේ මොහොතින්
ඉස්ලාම් ත්‍රස්තයෙකු කියමින් 
කෙල ගැසූවයි පාසලේ ළමුන්
තරහෙන්  මගේ මුහුණට

මාංචුලා මගේ දෑත​ට
අපරාධකරුවෙකු විලස​ට
පොලිස්කරුවා දැක්කුවේය 
ළමා රැඳවුම්ගාරයකට මාව

අනේ මම නොවෙමි ත්‍රස්තවාදියෙක්
ළමයෙකු වෙමි මම කුතුහලය තිබෙන 
ඒකයි හැදුවේ මේ ඔරලෝසුව 
තේරෙන්නේ නැද්ද ඔහෙල​ට

අල්ලාගේ නමින් මරාගෙන මැරෙන 
ත්‍රස්තවාදීන් හිටියත් සැමතැන 
නොවෙමි මා ත්‍රස්තයෙක් 
ජීවිත නසන දේපළ වනසන 
වෙමි මම පොඩි ළමයෙක්
නව නිපැයුම් කරන 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

21 comments:

  1. Well said. Nice creation ! Well done !

    ReplyDelete
  2. NewYork කියලා හින්දි ෆිල්ම් එකක් තිබුනා.මේ මාතෘකාව හරි ලස්සනට කතා කරලා තිබුනා එතනත්.කවුද මෙතන වැරදි???
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්ටීරියෝටයිප් කරන ගුරුතුමිය

      Delete
  3. රිචර්ඩ් ඩොව්කින්ස් කියන්නේ වෙන කතාවක්.

    ReplyDelete
  4. No wonder if the kid actually ends up in ISIS.

    ReplyDelete
  5. ඇමරිකානු පොලීසිය, දකින දකින හැමදේම සැක කරන්නත්, සැකකටයුතු සියල්ලන්ට වෙඩිතියන්නත්, පටන් අරන් තියෙන්නේ ඇයි කියන එක, බලවත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඒ ට්‍රෙන්ඩ් එක වැඩිවෙනවා ; කළු තරුණයොත් ප්‍රොකෝපකාරී හැසිරීම් සිදු කරනවා. මාටින් ලූතර් කිං වගේ නායකත්වයක් කළු ජාතිකයන්ට අද නැහැ

      Delete
  6. ඇත්තම සිද්ධියක් නම් පොඩ්ඩා පව්

    ReplyDelete
  7. හැබෑ සිද්ධියක් ද ???????? මයි නේම් ඊස් කාන් වගේ තමා......

    ReplyDelete
  8. හරිම කණගාටුවක් ඇතිඋනා මේ නිව්ස් එක දැකපු දවසේ, ඒත් දරුවාව බරක් ඔබාමා දවල මන්දිරයේදී අප්රිසියෙට් කරා නේද? මොහුට ලොකු වන්දියක් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. ඔහු වන්දියක් ඉල්ලනවා

      Delete
  9. මට මතක් උනේ හැරල්ඩ් ඇන්ඩ් කුමාර් 2.

    ReplyDelete
  10. මේ තත්වය ලොව පුරාවටම ( ඉස්ලාම් ත්‍රස්තවදී ආගම, මුස්ලිම් නම් ත්‍රස්තවාදියා ) ඇති කිරීමයි 'ෆ්‍රී මේසන්ස්' ප්‍රමූක බටහිරුන්ගේ උවමනාව​. අයිසිස් හරහා ඔවුන් එය ජයටම කරගෙන යනවා....ප්‍රහාරයක් දියත් කරනකොට ප්‍රදර්ශනකාරීව 'අල්ලාහු අක්බර්' පාටය කියවීම, වැරදීමකින් වගේ මුස්ලිම් අනන්‍යතාවයක් සහිත යමක් ඉතිරි කර ​( පැරිස් ප්‍රහාරයේ දී ගමන් බලපත්‍රයක් ) යෑම වගේ දේවල්...........

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook