Wednesday, December 31, 2014

හැමන් හිල් සිර කඳවුරේ කතාව - දෙවන කොටස​

හැමන් හිල් සිර කඳවුරේ කතාව - දෙවන කොටස​

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

                       

ලාල් සෝමසිරි

ලාල් සෝමසිරි ව්‍යාපාරයේ පහළ මට්ටමේ සිටි සාමාජිකයෙකු වුවද එක රැයින් ඔහු සුප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූයේ විෙජ්වීර සමඟ අම්පාරේදී අත්අඩංගුවට පත් වී යාපනය බන්ධනාගාරයට ගොස් විෙජ්වීර විසින් එවන ලද පණිවිඩයක් සනත් බොරළුකැටිය අතට පත් කිරීමෙනි. පහර දිමක් සිදු වන්නේ නම් පියතිලකගේ නායකත්වයෙන් 500ක පිරිසක් යාපනය බන්ධනාගාරයට එවිය යුතු බව එම පණිවිඩයේ අන්තර්ගතව තිබුනි. එහෙත් රෝහණ විෙජ්වීර අ.යු.වි. කොමිසමේදී තමා මෙවැනි පණිවිඩයක් ලාල් සෝමසිරි අත නොඑවූ බව ප්‍රකාශ කළේය. අවසානයේදි මෙය ඉතාම සංකීර්ණ සිද්ධියක් වූයේය. මෙම සිද්ධිය පිළිබඳව හරි හැටි කරුණු දැන සිටියේ විෙජ්වීර, සනත්, පියතිලක, ප්‍රේමරත්න හා ලාල් සෝමසිරිය. වර්තමානයේ ඉන් තිදෙනෙකු ජීවතුන් අතර නැත. එම නිසා අවුරුදු 37කට පසු ඉතිහාසය අන්ධකාර පටලයකින් වැසී පවතියි.

දශක තුනකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසය යළි ගවේෂණය කිරීමේදී ලාල් සෝමසිරි සිටින ස්ථානය සොයා ගැනීම මුලින්ම කළ යුතුව තිබුනි. අතීත සිද්ධීන්. චෝදනා හා සිත් අමනාපකම් නිසා ලාල් සෝමසිරි සියළු දේශපාලන වැඩ කටයුතු අත හැර අප්‍රසිද්ධ දිවියකට අවතීර්ණ විය. එම නිසා ඔහු සමඟ එකට සිරබත් කෑ සගයන් පවා ලාල් සෝමසිරි කොහේ සිටින්නේ දැයි දැන සිටියේ නැත. ඔහු බටපොල ප්‍රදේශයේ ජීවත් වන බවට යම් හෝඩුවාවක් ලැබිනි.

මා මුලින්ම බටපොලට ගියේ 2004 වසරේදීය. සුනාමි අනාථයන්ට වෛද්‍ය සායනයක් පැවැත්වීම සඳහා එයාර් ලංකා ගුවන් සේවය විසින් සංවිධානය කළ සමාජ සත්කාරයට මමද දායකත්වය ලබා දුන්නෙමි. මෙම සායනය පැවැත්වූයේ බටපොල සුභද්‍රාරාම විහාරයේය. එමගින් බටපොල නන්ද හිමියන් දැන හඳුනා ගැනීමේ අවස්ථාව මට ලැබිනි.

වසර පහකට පසුව මම බටපොල නන්ද හිමියන් ඇමතුවෙමි. පුදුමයකට මෙන් උන්වහන්සෙට මගේ නම ගම හොඳින් මතක තිබුණි. මගේ අවශ්‍යතාව දැන්වූ විට අදාල පුද්ගලයා සොයා දීමට බටපොල නන්ද හිමි එකඟ වූහ.

බටපොල නන්ද හිමි මට ලාල් සෝමසිරිගේ දුරකතන අංකයලබා දුන්නද අතීත විස්තර ගැන යළි කථා කිරීමට ලාල් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් ශාස්ත්‍රීය වැඩක් මිස දේශපාලන විශ්ලේෂණයක් නොවන මගේ කෘතියට දායකත්වය ලබා දීමට ලාල් අවසානයේ එකඟ විය. ඒ සඳහා බටපොල නන්ද හිමියන්ගේ මැදිහත්වීමද ධනාත්මකව බලපෑවේය. අවසානයේදී මා හමුවී අතීත විස්තර පැවසීමට ලාල් සෝමසිරි එකඟ විය. මේ දැක්වෙන්නේ ලාල් සෝමසිරි මට පැවසූ විස්තර ප්‍රකාශයයි.

zමම ඉපදුනේ 1948 වසරේ. මගේ මව සාත්තු සේවිකාවක්. අපි ජීවත් උනේ ගාල්ලේ. මට අවුරුදු 7 දී පියා අපගේ පවුල හැර දමා ගියා. මව වෙනත් විවාහයක් කර ගත්තා. මගේ බාප්පා ඉතා සැර පරුෂ පුද්ගලයෙක්. ඔහු ඉතා සුළු කරුණකදී පවා මට තදින් ද~ුවම් කළා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීම ලබා බාප්පාගේ තාඩන පීඩන නිසා බටපොල ආච්චිගේ ගෙදර ආවා. ආච්චි මට ඉතා කරුණාවයි. ඒ නිසා යළි මම ගාල්ලේ ගියේ නැහැ. බටපොල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය කරගෙන ගියා.

මම බටපොලට පැමිණියේ 1968 විතර. 1969 දී මට බටපොල ෙජ්මිස් හෙවත් බටපොල අතුල හමු උනා. මේ නිසා මම ව්‍යාපාරයට ඇදිලා ගියා. බටපොල අතුල හා බටපොල චන්දරේ මට පන්ති කෙරුවා.

1970 දි මම බටපොල මධ්‍යමහා විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයෙක්. මම උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. මේ අතර බටපොල අතුල මට කිව්වා ලඟදීම හමුදා ආණ්ඩුවක් එනවා විභාග සහතික වලින් වැඩක් නැහැ ඒවා අවලංගුයි එදාට කියලා. මේ නිසා උසස් පෙළ විභාගයේ එක පත්‍රයකට පමණක් පිළිතුරු ලියලා මම පූර්ණකාලීනයෙකු වෙන්න තීරණය කලා.

මේ කාලයේ අපට කියා තිබුනා පිටගැස්මට උණසන්නිපාතයට එන්නත් ලබා ගන්න කියලා. විප්ලවේදී කැලේ ඉන්න වෙනවා. සටන් කරන්න වෙනවා. එතකොට තුවාල උනොත් මේ එන්නත් අවශ්‍ය බව නායකයන් නිතර කිව්වා. අම්මා රෝහලක වැඩ කළ නිසා මම අම්මා මාර්ගයෙන් මේ එන්නත් ලබා ගන්න උත්සහ කළා. එතකොට තමයි අම්මා දැන ගත්තේ මම චේගුදෙරා කණ්ඩායම සමඟ සම්බන්ධ බව. එදා අම්මා මට හොඳටම දොස් කිව්වා. මම අම්මා සමඟ වාද කරන්නෙ නැතිව පිටවෙලා ගියා.

මම වැඩ කලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. පසුව නිශ්ශංක මාව හම්බන්තොටට ගෙනගියා. නිශ්ශංක අම්පාර දිස්ත්‍රික් නායකයා. එයා නිතර බටපොලට ආවා. ඒ මාර්ගයෙන් තමයි මාව දැන හඳුනා ගත්තේ.
මම උහනදී පන්ති කළා. අපි ලියගත්ත දේශන පාඩම් කර ගෙන ගොවි තරුණයන්ට කියෙව්වා. වරක් අපි බක්කිදැල ප්‍රදේශයේ මාළු මැස්සක තිබ්බ තුවක්කුවක් පැහැර ගත්තා. මේ මැස්සේ හිටියේ දෙමළ මිනිස්සු.

මට මුලින්ම විෙජ්වීර හමුවන්නේ 1970 දි. අම්බලන්ගොඩ සිසිල්චන්ද්‍රගේ ගෙදරදි. රෝහණ සහෝදරයා මගේ පිටට තට්ටු කරලා හිතවත්ව විනාඩි 10 විතර කථා කළා. අපේ දෙවන හමුවීම වෙන්නේ ඊට මාස 6 විතර පසු. බිබිල, මොනරාගල පාරේ දොඩම්ගහවෙලට විෙජ්වීර ආවා. මම, ප්‍රේමසිරි හා නිශ්ශංක හිටියා. මොනරාගලදී අපි දවල්ට කඩේකින් කෑවා.
විෙජ්වීර කොළඹ යන්න අවශ්‍ය බව ප්‍රකාශ කළා. එතකොට නිශ්ශංක මට කිව්වා විෙජ්වීර එක්ක අම්බලන්ගොඩ දක්වා තනියට යන්න යන්න. ඒත් විෙජ්වීර සහෝදරයාට තංගල්ලෙන් බහින්න දෙන්න එපා කියලා.

නිශ්ශංක තංගල්ලෙන් බහින්න දෙන්න එපා කිව්වේ විෙජ්වීර තමන්ගේ අම්මා එක්ක ගැටුමක් තිබූ නිසයි. මේ ගැටුමට මුල යසෝමා සිද්ධිය. මමයි විෙජ්වීරයි මොනරාගලින් බස් එකට නැග්ගා. තංගල්ල කිට්ටු වෙද්දී මට කිව්වා මම තංගල්ලෙන් බහිනවා කියලා. මම එතකොට ඇහැව්වා සහෝදරයාට තංගල්ලෙන් බහින්න එපා කිව්වා නේද කියලා මිත්‍රශීලී විදිහට. එතකොට විෙජ්වීර කිව්වා නෑ මම ගෙදර යන්නෙ නෑ යන්නේ මම්මලාගේ (නැන්දාගේ) ගෙදර කියලා. මේ අනුව විෙජ්වීර තංගල්ලෙන් බැස්සා. මම බටපොලට ගියා.

යසෝමා සිද්ධිය නිසා ව්‍යාපාරයේ සමහර සගයන් තුළ කළකිරීමක් තිබ්බා. ව්‍යාපාරයේ හිටපු ආර්.ජී. ප්‍රේමතිලක වරක් කිව්වා ස්වයං විවේචනයකදී එයාට ප්‍රේමසබඳතාවක් තිඛෙන බව. එහිදි විෙජ්වීර කිව්ව වහාම ප්‍රේම සබඳතාව නවත්වන්න කියලා. නමුත් යසෝමා සිද්ධිය නිසා ප්‍රේම සබඳතා නවත්වා දමා සිටි සාමාජිකයන් නොසන්සුන් උනා. විෙජ්වීරගෙ අම්මා හිතුවේ විෙජ්වීර මිළඟ රාජ්‍ය නායකයා වන බවයි. ඒ නිසා යසෝමා එක්ක පැවති සම්බන්ධයට කැමති උනේ නැහැ.

මට විෙජ්වීර තුන්වෙනි පාර හමු වන්නේ 1971 මාර්තු 13 දින උදේ උහනදි. පොලිස් කොට්ඨාශ ලේකම්වරුන්ගේ රැස්වීමක් එදා පැවැත්තුනා රජයේ සේවකයෙකුගේ ගෙදර. මම කෙලී සේනානායක, ප්‍රේමරත්න, නිශ්ශංක, බක්කිදැල බාල මහත්තයා ඇතුළු 15 විතර රැස්වීමේ හිටියා. මේ රැස්වීමේදී විෙජ්වීර කිව්වා ලඟදීම අරගලය කෙරෙන බවට. සන්නද්ධවීම ගැන කථා කළා. අපි ලඟ කොච්චර ආයුධ
තියනවද කියලත් ඇහුවා. මේ රැස්වීම දවල් 12 විතර වෙන තෙක් ගියා. මට තමයි කට්ටියට කෑම ඉව්වේ. කැකුළුහාල් බත් වලට විෙජ්වීර කැමතියි. ඒ නිසා කැකුළු හාල් බත් වැව් මාළු ඉව්වා. කෑමෙන් පසු විෙජ්වීර අම්පාරට යන කථාවක් කිව්වා. නිශ්ශංක මට කිව්වා පරගහකැලේට යන්න කියලා. මේ වෙන කොට හවස හතරට විතර ඇති.

මම පරගහකැලේට යන අතර මග අම්පාරේ උප ලේකම් කෙනෙක් හමු උනා. මට මෙයාගේ නම මතක නැහැ දැන්. ගම ඇල්පිටියේ කියලා නම් මතකයි. එයා මට කිව්වා ප්‍රේමරත්නගේ ගෙදරට යන්න කියලා. මම කිව්වා නිශ්ශංක මට කිව්වේ පරගහකැලේට යන්න වග ඒත් මෙයා කියා හිටියා අපි ප්‍රේමරත්නගේ ගෙදරට යා යුතු බව.

ප්‍රේමරත්න හිටියේ ගංඟා නිම්න සංවර්ධන මංඩල (ගනිසම) නිල නිවාසයක මේ අනුව මමයි ඇල්පිටියේ හාදයයි බස් එකෙන් බැහැලා අම්පාර ස්ටෑන්ඩ් එකේ සිට පයින්ම ප්‍රේමරත්නලාගේ ගේ පැත්තට ආවා. දැන් සැඳෑ අඳුරත් වැටිලා හවස 6.30 ට විතර ඇති. ඈතින් මම දැක්කා වාහනයක පාකිං ලයිට්. මම ඇල්පිටියේ හාදයට කිව්වා වැඩේ හරි නැහැ වාහනයක් තියෙනවා අපි හැරෙමුද කියලා. එයා කිව්වා යං යං කියලා.

මේ අනුව අපි ප්‍රේමරත්නගේ ගේ දිහාවට ගියා. අපි ගිය පාර දෙපස පොලිස් කාරයෝ ඉඳලා අපි දැක්කෙත් නැහැ. එක පාරටම අපිව වට කර ගත්තා. උඹලා කොහාටද යන්නේ කියලා ඇහැව්වා. මම පාර ඉදිරියට පෙන්නලා කිව්වා මෙහාට කියලා. එතකොට රාලහාමි කෙනෙක් කිව්වා ඔතනින් එහා ඇලනේ යකෝ කියලා. මේ අතර පොලිසිය තවත් කට්ටියක් අත්අඩංගුවට අරගෙන ඒ අයත් ඉදිරියට ගේනවා. එතන රෝහන සහෝදරයා හා කෙලී සේනානායක හිටියා. ඒ අය අරගෙන ආවේ මඳක් උසස් නිලධාරියෙක්. එයාට අපිව පෙන්නලා කිව්වා සර් මුන් දෙන්නත් අල්ල ගත්තා කියලා. ඒ නිලධාරියා අපි දෙන්නට කම්මුලට ගැහුවා. අපි ඔක්කොම වාහනයක දාගෙන අම්පාර පොලිසියට ගෙනිච්චා. 

මම හිටියේ මදක් බයෙන් කැලඹිලා. බක්කිදැල කේස් එක නිසා මා තුල චකිතයක් තිබුනා. ඇරත් පොලිසියට හමුවුන ප්‍රථම වතාව. මඟදි විෙජ්වීර අපිට කිව්වා ඇත්ත නම් දෙන්න එපා කියලා. අම්පාර පොලිසියට ගෙනිච්චාම පොලිස් නිලධාරින් විෙජ්විරව හඳුනා ගත්තා. අපිව දැම්මේ කූඩු දෙකක. ඒ අතර ඇගිලි සලකුණු යටි පතුල් සලකුණු ගත්තා. මම දුන්නේ වඩුතන්තිගේ සිරිල් කියන බොරු නම.

පසුවදා ඒ කියන්නේ මාර්තු 14 අපෙන් දිර්ඝ කට උත්තර ගත්තා. එදාට හවස අපිව මඩකලපුව බන්ධනාගාරයට දැම්මා. විෙජ්වීර හිටියේ කල්පනාකරමින්. කතා කලේ කෙලී හා නිශ්ශංක එක්ක විතරයි. අපට රෑ කෑම දුන්නෙ මඩකලපුව බන්ධනාගාරයෙන්. එදාම රෑ අපිව කොළඹ ගෙනාවා. කොළඹට ආවේ මාර්තු 15 උදේ. අපිව ගෙනාවේ වැලිකඩට. (මෙම දිනය මාර්තු 16 බව වික්ටර් අයිවන්ගේ අප්‍රේල් කැරැල්ල පොතේ දැක්වෙන්නේ. කත_ෘ.) එහෙදි කට්ටියක් විෙජ්වීර බලන්න ආවා. ඒ අය කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. විෙජ්වීරව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දැම්මා කියලා පසුව දැන ගත්තා. අපිව දැම්මේ නැහැ.

යළිත් අපිව කොටස් දෙකකට කැඩුවා. කෙලි, නිශ්ශංක හා ඇල්පිටියේ හාදයා වැලිකඩට දැම්මා. මමයි් ප්‍රේමරත්නයි විෙජ්වීරයි මැගසින් එකට ගෙනියැව්වා. මට යළිත් ඇල්පිටියේ හාදයා හමු උනේම නැහැ. නඩුවේදිවත් දැක්කේ නැහැ. ඒත් 1977-78 විතර නිදහස් වෙලා ඉන්න කොට බස් එකේ හමු උනා. ඒත් එයා මාත් එක්ක හිනා උනා විතරයි. වැඩි කථාබහට ආවේ නැහැ. කථා කරන්න බලාගෙන, සෙනග උඩු වුනාම එයා වාඩිවි හිටපු තැනට ගියා. එතකොට මිනිහා බැහැලා ගිහිල්ලා. (මෙම පුද්ගලයා ඒ. ප්‍රේමතිලක බව වික්ටර් අයිවන්ගේ අප්‍රේල් කැරැල්ල පොතේ 180 පිටේ දැක්වේ. - කතීෘ)

මාවයි ප්‍රේමරත්නවයි. විෙජ්වීරවයි දාලා හිටියේ වෙන වෙනම සෙල් තුනක. අපිව රෑ කෑම දිලා රෑ කෑමෙන් පසුව හමුදා ට්‍රක් එකකින් යාපනයට ගෙනිච්චා. කිලිනොච්චිය හරියේදී අපට මුත්‍රා කරන්න වාහනය නැවැත්තුවා මතකයි. මටයි විෙජ්වීරටයි එකට මාංචු දාලා. ප්‍රේමරත්නට තනිව අත්දෙකට මාංචු දාලා තිබ්බේ. අපි උදේ 7-8 වෙන කොට යාපනය බන්ධනාගාරයට ගියා. අපි තුන්දෙනාව විශාල ශාලාවකට දැම්මා. විෙජ්වීර හිටියේ කල්පනාකරමින්. රෑට අපිව සෙල් වල දාලා වැහුවට දවල් කාලයේ කොරිඩෝ එකේ ඇවිදිමින් අපි හිටියේ. විෙජ්වීරට අවශ්‍ය වුනා බන්ධනාගාරයේ දොස්තරව බලන්න. මේ අතර සමහර ගාඩ්ලා විෙජ්වීර එක්ක විස්තර කථා කරනවා. ඒ අයගෙන් කෙනෙක් කිව්වා මාවයි ප්‍රේමරත්නවයි කල්මුනේ උසාවි දාවි. අපිට ඇප
ලැබේවි කියලා.

ඇප පිට නිදහස් වෙන කථාව විෙජ්වීර තමයි අපිට කිව්වේ. විෙජ්වීර අපිව කල්මුනේ උසාවියට ගෙන යාමට පෙර පණිවිඩයක් දුන්නා මාව නිදහස් කරන එකක් නැහැ ගිහිල්ලා සනත්ටයි පියතිලකටයි කියන්න පහර දෙනවානං මාව නිදහස් කර ගන්න 500 ක කණ්ඩායමක් එවන්න. යාපනයට. (මම යළි යළිත් ලාල් සෝමසිරි මහතාගෙන් විෙජ්වීරගේ ප්‍රකාශය ගැන ඇසුවෙමි. ඔහු පවසන පරිදි එදා විෙජ්වීර පහර දෙන්න යැයි කීවේ නැත. කියුවේ පහර දෙනවා නම් 500ක් තමා නිදහස් කර ගැනීමට එවන ලෙසටයි කත_ෘ )

මට කිව්ව පණිවිඩය සනත්ට දෙන්න කියලා ප්‍රේමරත්නට කිව්වා පණිවිඩය පියතිලකට දෙන්න කියලා. ඊට පස්සේ අපි දෙන්නව බන්ධනාගාර රථයකින් කල්මුනේ උසාවියට ගෙනිහිල්ලා ඇප පිට නිදහස් කළා. මම හිතන හැටියට අපි නාඳුනන අපේ සාමාජිකයෝ ඇප තියන්න ඇති. අපට ඇප ලැබුනේ 1971 මාර්තු 30 හෝ 31 වෙන්න ඇති.

මම උසාවියෙන් එළියට ආවා. ප්‍රේමරත්නව මම දැක්කේ නැහැ. කල්මුනේ බස් ස්ටෑන්ඩ් එකට ගියා. පොලිස්කාරයෙක් මා ළඟට ඇවිත් මගේ විස්තර ඇහුවා. මම බොරුනමක් කිව්ා. ගෙවල් දඹුල්ලේ කියලා බොරුවක් ප්‍රකාශ කළා. පොලිස්කාරයා මාව කොළඹ බස් එකකට නැග්ගුවා. ප්‍රේමරත්න කොහේද කියලා මම දන්නේ නැහැ. බස් එකේදි මට සැකයක් ආවා සී.අයි.ඩී. එක මාව ෆලෝ කරනවාවත්ද කියලා. මට සැක මතු උනේ පොලිස්කාරයා මාව බස් එකට නංවපු නිසා.

බස් එක තේ බොන්න නැවැත්තුවහම මම හිමිට මාරු වුනා. පයින්ම කිලෝ මීටර් 2 විතර ආවා. එතන වැවක්. එක පාරක් පොළොන්නරු පාර අනෙක අත්තනකඩවල පාර. මම එතන ඉන්න කොට කුරුනෑගලට යන බස් එකක් ආවා. මම ඒකේ නැගලා කුරුණෑගලට ගියා. කුරුණෑගලට එන කොට රෑ වෙලා. මම රාත්‍රිය ගත කලේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ.

හිමිදිරියේම රත්නපුරට යන බස් එකක නැගලා රත්නපුයට ගොස් එතනින් පානදුරයට ආවා. පානදුරෙන් අම්බලන්ගොඩට යන බස් එකක නැග්ගා. අම්බලන්ගොඩ ස්ටෑන්ඩ් එකෙන් බැහැලා පයින්ම බටපොලට ගියා. මේ වෙන කොට 71 අප්‍රේල් 1 හෝ 2 වෙන්න ඇති. මම බටපොල අතුලට කිව්වා විෙජ්වීරගේ පණිවිඩයක් තියනවා සනත්ට වහාම සනත් මුන ගැසිය යුතු බව කියා හිටියා. ඒත් මම බටපොල අතුලට ඒ පණිවිඩය කිව්වේ නැහැ.

පසුව සනත් බටපොල අතුලගේ නිවසට ආවා. මම එහිදි පණිවිඩය දුන්නා. විෙජ්වීර සහෝදරයා කිව්වා පහර දීමක් කරනවා නම් 500 යාපනයට එවන්න පියතිලකගේ නායකත්වයෙන් කියලා. සනත් මට කිව්වා ඔයා සැක නොහිතන විදිහට ප්‍රවේශමෙන් උහනට යන්න. දොඩම්ගහවෙල ප්‍රේමසිරිට පණිවිඩයක් දෙන්න පහර දෙන්නේ අප්‍රේල් 4දා නොවේ 5දා රෑ කියලා. මට සනත් හමු උනේ 1971 අප්‍රේල් 3 දා සවස. මේ අනුව මම උහනට ගිහිල්ලා මොනරාගල දිස්ත්‍රික් නායක දොඩම්ගහවෙල ප්‍රේමසිරිට පණිවිඩය දෙන්න පිටත් උනා අප්‍රේල් 4 දා හිමිදිරි පාන්දර.

මම කෙලින්ම ගියේ නුවර. නුවර ගිහිල්ලා නුවරින් අම්පාරට යන්න මම උත්සාහ කළේ. කටුගස්තොටදි මම ගිය බස් එක ස්ටෑන්ඩ් එකේ නැවැත්තුවාම මට මාත් එක්ක කල්මුනේ උසාවියෙන් ඇප පිට නිදහස් කළ ප්‍රේමරත්නව හමු උනා. ඒක අහම්ඛෙන් වගේ උනේ. මම ගත් කටටම ඇහුවා රෝහණ සහේදරයාගෙ පණිවිඩය පියතිලකට දුන්නද? කියලා ප්‍රේමරත්න කිව්වා පණිවිඩය පියතිලකට කියු බව. එසේම පියතිලක මට විද්‍යොAදය සංඝාරාමයට එන්න කියු බවත් කිව්වා. මට පුදුම හිතුනා. මම පියතිලකගේ නම අහලා විතරයි තියෙන්නේ දැකලත් නැහැ.

ප්‍රේමරත්න කියා හිටියා මට විද්‍යොAදයට යන ලෙසට. දැන් දහවල් 12.30 ත් පහු වෙලා. මම කිව්වා මං යන්නං එහෙනං  විද්‍යොAදයට හැබැයි දොඩම්ගහවෙල පණිවිඩය දෙන්න පහර දෙන්නේ 4 දා නෙවෙයි පස් වෙනිදා රෑ 11ට කියලා. මේ අනුව ප්‍රේමරත්න භාර ගත්තා සනත්ගේ පණිවිඩය දොඩම්ගහවෙල ප්‍රේමසිරිට දෙන්න.

ප්‍රේමරත්න මට විද්‍යොAදයට යන හැටි කිව්වා. ඒ අනුව මම මහරගමට ගිහිල්ලා විෙජ්රාමෙන් බැහැලා විද්‍යොAදය විශ්ව විද්‍යාලයට ගිහිල්ලා අපේ සාමාජිකයෙකු හෙව්වා පියතිලක මුණගැහෙන්න. කෙනෙක් මාව පියතිලක ලඟට ගෙනිච්චා. එතන හිටියා තුන් හතර දෙනෙක්. පසු කාලයක මට හැමන්හිල්්වල බැන වැදුනු භද්දියත් හිටියා. එදා තමයි මම මුල් වරට පියතිලක හා භද්දිය දැක්කේ.

පියතිලක මගෙන් ඇහුවා ඔයා කවුද? මම කිව්වා මම ලාල් සෝමසිරි මම අවේ ප්‍රේමරත්න මට එන්න කියපු නිසා කියලා. එතකොට පියතිලක මොහොතක් පුදුමයෙන් කල්පනා කළා. අපි කිව්වේ ප්‍රේමරත්නට එන්න කියලා යාපනේට යන්න දැං කොහොම උනත් ඉන්නකෝ කියලා පියතිලක මට කිව්වා. මම විද්‍යෝදයේ නැවතුනා. රෑ කෑමට මට බත් දුන්නා භද්දිය. මම රෑ ගත කළේ සංඝාරාමයේ. මාව උදේ නැගිට්ටෙව්වා. අපිව ගෙන ගියා නවත්තලා තිබ්බ ඊබට් සිල්වා බස් එකකට.බස් එකේ 60 විතර හිටියා. වැඩිපුර අය විද්‍යොAදය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ. එතන හිටි අයගෙන් මම පසුකාලයක අඳුර ගත්ත භද්දිය, කොටවිල දේවසිරි, ඩැනියෙල්, කරාටේ සැම්සන්. අම්බලංගොඩ තිලකසිරි සැම්සන් හා ඩැනියෙල් තමයි නව නායකයෝ හැටියට හිටියේ.

දවල් කෑමට අනුරාධපුරේ හෝටලයක් ලඟ බස් එක නැවැත්තුවා. අපි කෑමට බැස්සා. රුපියල් 100 බස් එකේ වැටිලා තිබුනා. මම ඒක අරගෙන කොටවිල දේවසිරිට දුන්නා. අනුරාධපුරෙන් පස්සේ දිගටම යාපනයට යන්න ඩ්‍රැයිවර් කැමති උනේ නැහැ. අපිත් එක්ක හිටපු සිරිපාල අබේගුණසේකර හෙවත් සිරිපාල අයියා හිටපු සී.ටී.බී. බස් කොන්දොස්තර කෙනෙක්. ඊබට් සිල්වා බස් එකේ ඩ්‍රැයිවර්ට සිගරට් දීලා කැමති කරව ගත්තා දිගටම යන්න.

අතරමගදී බස් එකට තුන් දෙනෙක් නැග්ගා එක් අයෙක් සුසිල් ගල්ගමුව බව මතකයි. අනිත් එක්කෙනා මාරසිංහදෝ යැයි මට සැකයක් තියෙනවා. ඒත් මට ඒක හරියට කියන්න බැහැ. යාපනයට කිට්ටු වෙන කොට ඩැනියෙල් කට්ටියට කිව්වා විෙජ්වීර සහෝදරයාට රැස්වීම් වලදී කථා කරන්න බැරි වෙන්න ඉංජෙක්ෂන් එකක් විදින්න පාලකයෝ තීරණය කරලා. අපි කොහොම හරි හිරේ කඩලා විෙජ්වීර සහෝදරයාව බේරා ගන්න ඕනෙ කියලා. 

අපි 1971 අප්‍රේල් 5දා රෑ 8-9 අතර යාපනය සිංහල මහා විද්‍යාලයට ගියා. කඩ වහලා තිබුන නිසා රැ කෑමට යමක් තිබුනෙ නැහැ. අපි එක්ක පිලියන්දල සෙන්ට්‍රල් එකෙන් ආපු ළමයි වගෙකුත් හිටියා. ඒ අය ලඟ බිස්කට් එහෙම තිබුනා. අපි බස් එකෙන් බැස්සා රෑ 10ට විතර. අපි එක් අයෙකුට බෝම්බ 2 ගානේ අතට දුන්නා. අපි දැන් දෙන්නා දෙන්නා පේලියට යනවා යාපනය හිර ගෙදර පැත්තට. අපි 50-60 විතර මෙහෙම දිග පේලියක්. යාපනය බන්ධනාගාරයට යන්නේ පොලිසිය පසු කරගෙන. පොලිසියලඟදි හෝල්ට් කියාලා පොලිස්කාරයෝ වගයක් තුවක්කු අමෝරගෙන ආවා. අපේ කෙනෙක් ගෙඩියක් ගැහුවා. පොලිස්කාරයෝ පස්සට දිව්වා. ඒ ගෙඩිය පත්තු උනේ නැහැ. තව එකක් ගැහුවා ඒක චුරු චුරු ගාල පත්තුවෙලා එහෙම්මම නිවිලා ගියා.


මේ නිසා බය ඇරුනු පොලිස්කාරයෝ අපි දෙසට වෙඩි තියාගන දුව ආවා. අපේ පිරිස සිසීකඩ දිව්වා. මම දුවගෙන ගිහිල්ලා පොඩි කඩ පේලියක් වගේ තැනකට මුවා උනා. බලනකොට ඒක වැසිකිලි පේලියක්. මම වැසිකිලියක් ඇතුලට ගියා. ඒක ඇතුලේ කරාටේ සැම්සන් ඇතුළු අපේ දෙන්නෙක්. කරාටේ සැම්සන් ලඟ පිස්තෝලයක් තිබුනා. සැම්සන් වැසිකිලියේ දොර ලඟට ගිහිල්ලා අත විතරක් එලියට දාලා අන්ධකාරෙට වෙඩි දෙකක් විතර තිබ්බා. ටික වෙලාවයි ගියේ පොලිස්කාරයෝ රොත්තක් වැසිකිලියට කඩා වැදිලා අපිව අත්අඩංගුවට ගත්තා.

අපිව ගෙන ගියේ යාපනය පොලිසියට. පොලිසිය ලඟ අපේ දෙන්නෙක්ට වෙඩි වැදිලා වැටිලා හිටියා. එක කෙනෙක් මැරිලා අනෙක් කෙනා පණ අදිනවා. එයා පහුවදා දවල් වෙනකං පණ ඇද ඇද ඉඳලා මිය ගියාලූ.

පොලීසියෙදි අපිට සිංහල දෙමල පොලිස්කාරයෝ එකතු වෙලා ගැහුවා යක්ෂ ගැහිල්ලක්. බැටන් වලිං ගහලා පස්සේ පුටු වලින් ගැහුවා. පුටු කැඩුනා. පස්සේ කැඩුනු පුටු කෑලි වලින් ගැහුවා. අපට පහර දුන්නේ නිරුවත්කරලා. මුළු පොලිසියේ එක පුටුවක්වත් ඉතුරුවුනේ නැහැ. අපිට හොදටම පහර දීලා යකඩ කූඩු දෙකකට දැම්මා. අපි 80 විතර කූඩු ඇතුලේ. ඛෙල්ල හරවන්නවත් ඉඩ නැහැ. පහරදීම් වලට ඇඟවල්, ඔළු පැලිලා. මට අඳුනගන්න පුළුවන් උනේ සැම්සන් සිරිපාල අය්යා, භද්දිය, , අසෝක කොතලාවල විතරයි. පිලියන්දල සෙන්ට්‍රල් එකේ අවුරුදු 15-16 ගැටවු කිහිප දෙනෙක් හිටියා. ඒ අයටත් තුවාල වෙනකම් පහර දීලා.

අපව පහුවදා දවල් වන තෙක් සෙල්වල නිරුවතින් හිර කරලා තිබුනේ. අපිට පිපාසේ ඉවසන්න බැහැ. නේවි එකෙන් ගාඩ් දාලා. නේවිකාරයෝ අපිට කරුණාව පෙන්වලා ඇසුවා වතුර ඕනද? කියලා. අපි වතුර බොන්න යකඩ කූඩුව ලඟට ගියාම දෑත බදලා රයිෆල් එකෙන් ඔළුවට ගහනවා. විෙජ්රත්න කියලා හිටියා පිලියන්දල සෙන්ට්‍රල් එකේ ළමයෙක්. එයා දෝතට මුත්‍රා කරලා මුත්‍රා බිව්වා පිපාසෙට.

1971 අප්‍රේල් 6දා දවල් එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ආවා. අපිව එළියට ගත්තා. අපිට වෙනිවැල්ගැට දෙන්න නියම කළා. අපට ඇඳුම් ලබා දුන්නා. අපි 5දා රෑ ගලවපු ඇදුම් කන්දක් තිබ්බා අපි අතට අසුවූ ඇඳුම් ඇඳ ගත්තා. මට ඊබට් සිල්වාබස් එකේ ඩ්‍රයිවර්ගේ සරම ඇඳ ගත්තා. කොයි කවුරුත් ඇඳ ගත්තේ අතට අසුවූ අන් අයගේ ඇඳුම්. ඊට පස්සේ අපට කෑමට තෝසේ දුන්නා.

කෑමෙන් පසු කට උත්තර ගත්තා. එක එක්කෙනා ගෙන්වාගෙන පොලිසියේ පුටු කැඩිලා රාලහාමිලා මේස උඩ වාඩිවෙලා අපෙන් විස්තර ගත්තේ. මාවයි විෙජ්වීරවයි ප්‍රේමරත්නවයි යාපනේ හිර ගෙදරට එස්කොට් එකේ ගෙනියපු පොලිස් කාරයෙක් මාව අඳුනගෙන කෑ ගහලා කිව්වා මූ තමයි එදා අපි යාපනේ ගෙනිච්චේ කියලා. මේ අනුව මොහොතකින් මාව එළිදරව් උනා. පොලිස් කාරයෝ මාව වට කරගෙන හිරිහැර කළා. උඹ ඇයි ආයේ යාපනේ ආවේ කියලා ඇහුවා.

අප්‍රේල් 7දා අපිව පොලිස් ට්‍රක් දෙකක දාලා ලොක් කරලා ගිනි මද්දහනේ පැය 2-3 තිබ්බා. අපි ඉහිං කනිං දාඩිය දාගෙන ගිනි අව්වේ ට්‍රක් එක ඇතුලේ හිටියා. ඊට පස්සේ වාහන දෙක ස්ටාට් කර ගෙන ගෙනිච්චා යාපනය හිර ගෙදර ලඟට. අපිට අණ කරා බහින ලෙසට. අපි බැස්සා. දැන් යාපනය හිර ගෙදර ප්‍රධාන දොර ලඟට මීටර් 20 විතර දුරක් යන්න තියනවා. දෙපස රයිෆල් ගත් හමුදා භටයින්. අපි දුවගෙන දොර ලඟට යනකොට රයිෆල් වලින් ගහනවා. මට පහර දෙකක් වැදුනා කලවට හා පිටට.

බන්ධනාගාරෙට ගියා විතරයි ගාඩ්ලා මාව අඳුන ගත්තා. මූ තමයි යාපනෙ ඉඳං කල්මුනේ ගෙනිච්ච එකා කියලා පා පහරකින් මාව පිලිගත්තා. නාගනාදන් කියන බන්ධනාගාර නිලධාරියා මට හොඳටම පහර දුන්නා. මාව වෙනම සෙල් එකකට දැම්මා. අපි සති 2-3 යාපනයේ හිර ගෙදර හිටියා. දවස් තුනකට විතර පස්සේ මාවත් දැම්මා අනිත් අය හිටපු ශාලාවට. අපි ඔක්කොම ව්‍යාකූල වෙලා හිටියේ. විෙජ්වීර අපිට කිව්වේ පොලිසි වලට පහර දෙන්න ගියාම පොලිසිය අපේ සහයෝගයට ආයුධ එක්ක ඇවිල්ලා අපේ කොඩිය පොලිස් ස්ථාන වල දායි කියලා. යාපනේ හිර ගෙදර ඉන්න කොට කරාටේ සැම්සන් කිව්වා ලබන සතියේ අපිව උසාවි දාලා ඇප දෙයි. එතකොට අපි නිදහස්. මේ වගේ සුරංගනා කථා කට්ටිය කියනවා. ඒත් ටික ටික අපිට යථාර්ථය තේරුම් ගියා. අපි යාපනයේ හිර ගෙදර ඉන්න අතර හැමන්හිල් කොටුවේ යකඩ දොරවල් හදනවා අපිව කූඩු කරන්න.

පිලියන්දල සෙන්ට්‍රල් එකේ ළමයි කඩදාසි වලින් බෝල හදලා ක්‍රිකට් ගහනවා. කොතලාවලගේ කලවා පොලිසියේ විකෘති ලිංගික ආශාවෙන් පෙළුනු කෙනෙක් පිහියකින් කපලා තිබුණා. කොතලාවල ඇවිද්දේ අපහසුවෙන්.

සති 2-3 පසුව අපිව දංවැල් මාංචු දාලා වාහනයක පටවා ගෙන කරෙයිනගර් ගෙනිච්චා. ඊට පස්සෙ බෝට්ටු වල දාලා හැමන්හිල් වලට අරගෙන ගියා. හැමන්හිල්්වල යකඩ දොරවල් කැඩීමට පෙර අංක 2 ඩන්ජන් එකේ මම, භද්දිය, එස්.ඩී. සෝමරත්න, අප්පුහාමි පක්ෂය යළි ගොඩ නගන්න සාකච්ඡා කලා. භද්දිය විෙජ්වීර ගැන ඉතා භක්තියෙන් කථා කලා රෝහණ සහෝදරයා නුවරඑලියේ අලගෝනි පවා ඉස්සුවා කෑම බීම ගැන සැලකුවේ නැහැ කියලා. මට එතනිදි කියවුනා රෝහණ සහෝදරයා කැකුළු හාල් වලට කැමති බව. මම නිකමට කියපු වචනයට භද්දියට. එස්.ඩී.සෝමරත්නට හා අප්පුහාමිට තරහ ගියා. ඒ අය මාව කොන් කළා.

අපෙන් කට උත්තර ගන්න වරින් වර අපිව යාපනය බන්ධනාගාරයට ගෙන ගියා. අපිව රඳවලා තිබුනෙ ඒ. ශාලාවේ. රෝහණ විෙජ්වීර හිටියේ ඊ ශාලාවේ ඒක වෙන් කළේ මහ

දොරකින්. අපි දොර හරහා විෙජ්වීර සමග කථා කළා. විෙජ්වීර මගෙන් එළියේ විස්තර ඇහැව්වා. ජානක ජගත්, සනත් ජීවතුන් අතරද කියලා ඇහැව්වා. මම කිව්වා මම දන්නේ නැහැ. කිසිම තොරතුරක් නැහැ කියලා. මට කිව්වා සහෝදරයා, මම යාපනයට 500 ගේන්න කියපු කතාව කියන්න එපා කියලා.

අපෙන් ප්‍රශ්න කලේ ටිරල් ගුණතිලක උපාලි සෙනවිරත්න ඇතුළු සී.අයි.ඩී. නිලධාරි පිරිසක් මගෙන් ඇහුවා කොහේද ඉස්කෝලෙ ගියේ කියලා. මම කිව්වේ ගාල්ලේ ඇලෝසියස් එකට. ටිරල් ගුණතිලක ඇලෝසියස් එකේ. මට කිව්වා උඹ අපේ ඉස්කෝලෙ නමත් කැත කරා. උඹයි වික්ටර් අයිවනුයි, ඇලෝසියස් එකටත් නින්දාවක් කියලා.

මම වැඩිය කථා කලේ නැහැ. එයා කාමරේට සිරිපාල අබේගුණවර්ධනව අරගත්තා. සිරිපාල අයියාට ගැහුවා හොඳටම. සිරිපාල අයියා වේදනාවෙන් මොර දෙනවා. ඒ අතර සි.අයි.ඩී. මහත්තුරු මගෙන් කට උත්තරය ගන්න සූදානම. මගෙන් ඇහුවා ඇප පිට නිදහස් වෙලා යනකොට විෙජ්වීර උඹට මොකක්ද කිව්වේ කියලා. මම මුලින්ම උත්තර දුන්නේ නැහැ. ඒ අතරවාරයේ මට ඇහෙනවා සිරිපාල අයියාගේ වේදනාත්මක කෑ ගැසීම. මම බය උනා ව්‍යාකූල උනා. තව දුරටත් කථා නොකර ඉදීමේ ශක්තියක් මට තිබ්බේ නැහැ. මම කිව්වා පහර දෙනවා නම් පියතිලකගේ නායකත්වයෙන් 500ක් යාපනයට එවන්න කියලා කිව්වා. මගේ කට උත්තර ලියමින් සිටි නිලධාරියා කෑ ගහලා අනෙක් අයට ඇහෙන්න කිව්වා මෙන්න මු අරක කියනවා කියලා. ඒක සිරිපාල අයියටත් ඇහෙන්න ඇති. ලඟ හිටපු අපේ අනෙක් සාමාජිකයන්ටත් ඇහෙන්න ඇති.

කට උත්තර දීලා මම හැමන්හිල්  ගිය වහාම එස්.ඩී. සෝමරත්න මම ලඟට ආවා. ඇවිත් කිව්වා අපිට පණිවිඩය ලැබුනා උඹ කට උත්තර දුන්න බවට. උඹ ද්‍රෝහියෙක්. මම නිහ~ව බිම බලාගෙන හිටියා. එස්.ඩී.සෝමරත්න භද්දිය මාව කොන් කළා. මධ්‍යස්ථ අය පවා මට කථා කරන්න බය වුනා. මම හිටියේ තනියම. ඒත් මට පහර දුන්නේ නැහැ.

අපිට හැමන්හිල්   දාලා සති 3 විතර පස්සේ නැවෙන් පිරිසක් ගෙනාවා. මේකේ හිටියා ළමාහේවා කියලා මහරගම පොලිසියට පහර දිමට සැක පිට අත්අඩංගුවට ගත් තර්ස්ටන් එකේ ළමයෙක්. ළමාහේවාගේ පපුවට වංගෙඩියක් අත ඇරලා තියනවා. ළමාහේවා හිටියේ අසනීපෙන්. ගෙනල්ලා දවස් කීපයකට පස්සේ ළමාහේවා මළා. නැවේන් ආපු අය අතරත් හිටියා දැඩි මතධාරින් මට ඇනුම්පද කියපු.

මහියංගනයේ බස්නායක දවසක් විහිළුවට කිව්වා සහෝදරයා කියන වචනේ වෙනුවට දැන් මහත්තයා කියන වචනේ නේ වැඩිපුර කියන්නේ සහෝදරවරු දැන් මහත්තුරු වෙලා කියලා. මෙ වචනයට එදා රෑ භද්දිය, එස්.ඩී. සෝමරත්න, පිළියන්දල චන්දරේ. එයා ෆෝස් රත්නපාල දරපොළු වලින් බස්නායකට ගැහැව්වා.

භද්දිය හැමන්හිල්  වල හිටපු ඩී.ජී.ඩී. කරුණාරත්නට පහර දෙන්න හැදුවා ගාමිණී යාපගේ ගෝලයෙක් කියලා. භද්දිය උමතු ආදරයකින් තමයි ව්‍යාපාරේ වැළඳ ගත්තේ. වචනයක් හෝ විරුද්ධව කථා කරපු අයට පහර දුන්නා. භද්දිය වරක් කිව්වා ඩී.ජී.ඩී. කරුණාසේන ගාමිණී යාපගේ   ගෝලයෙක් ඌව මරන්න ඕනෙ කියලා. පසු කාලයක අපි නිදහස් වෙලා ඉන්න කොට 1980 වර්ජනය කාලේ ඩී.ජී.ඩී. කරුණාසේනට භද්දිය හමු වෙලා තියනවා. එතකොට භද්දිය බිස්නස් වලට බැහැලා. සල්ලි පොලියට දෙනවා. භද්දිය 80වේ ස්ට්‍රයික් එකට අහු වෙච්ච කරුණාසේනගෙන් ඇහුවලූ zඋඹලට පිස්සුද උඹලා තවත් ඕව කරනවාද? රස්සාවක් නැත්තං කියපං මට. මොනවා හරි බිස්නස් එකක් හදලා දෙන්නං කියලා.Z නමුත් 71 දි භද්දිය උමතු බැතිමතෙක්.

හැමන්හිල්  ඩන්ජන් වල අගුල් කැඩීමෙන් පසු මම වැඩිපුර හිටියේ කොතලාවල, ටි.ඒ. අමරසේන, ඩී.ජී.ඩී. කරුණාසේන හා බර්ටි රංජිත් සමඟ. කට උත්තර දීමෙන් පසුව මම අවුරුදු 1 විතර හැමන්හිල්වල හිටියා. මට පහර දුන්නේ නැතත් නිතරම මානසික වදයට ලක් කළා. ද්‍රෝහියා කිව්වා. ඇනුම්පද කිව්වා.

ඇට්ලස් බණ්ඩාරගේ ඩ්‍රයිවර් බාල්දි සිරාට දේශපාලන දැනුමක් තිබුනෙ නැහැ.ඒත් පිලියන්දල චන්දරේගේ යාළුවා. ඒ නිසා කවුරුත් බාල්දි සිරාට හිරිහැර කළේ නැහැ. හැමන්හිල්වල ්වලින් පසු මාව අක්කරායන්කුලම් වලට ගෙනාවා. එහෙ මාස 6 විතර මම හිටියා. යාපනය නඩුවේ මම 15 වන සැකකරු.

මම කොමිසමට ගියහම ටිරල් ගුණතිලක ඇහැව්වා උඹටත් සිකනල් තෙල් දුන්නා කියන්නේ ඇත්තද කියලා. ඒ කාලේ හිරගෙදර  කෑම ඉව්ව සිරකාරයෝ තරහා අයගෙ කෑමට හිකනලූන් අල්ලලා උන්ගෙ තෙල් දානවා. මට වරින් වර බඩේ අමාරු හැදුනා. නමුත් ඛෙහෙත් වලට අඩු වුනා. මගෙන් ප්‍රශ්න කලේ ඒ.සී. අලස් තාමෝදරම් ටී.එස්.ප්‍රනාන්දු දෙහෙරගොඩ යන විනිශ්චයකාරයෝ. ටී.එස්.ප්‍රනාන්දු මගෙන් විෙජ්වීර පහර දෙනවා නම් පියතිලකගේ නායකත්වයෙන් 500ක් යාපනයට එවන්න කියපු ප්‍රකාශය ගැන ඇහැව්වා. බාලා තම්පෝ කිව්වා මම කියන්නේ බොරු කියලා. එතකොට මට තරහ ගියා මම කිව්වා. එදා අපි යාපනය පොලිසිය  ඉදිරියෙන් පේලි ගැහිලා දෑතේ අරගෙන ගියේ තල් ගෙඩිද කියලා.

නඩුවේදී මට බරපතල වැඩ ඇතිව වසර 2 හිර ද~ුවමක් ලැබුනා. ඉන් පසු මාව අවුරුදු 1 විතර රඳවා තැබුවෙ යාපනය හිර ගෙදර. පසුව මාව ගෙන ගියා බෝගම්බර ඒකේ මම මාස 2 විතර හිටියා. බෝගම්බරදී මට විදුලිබල මණ්ඩලයේ ෆෝමන් කෙනෙකු වූ නිහාල් පී. ජයතුංග හමු උනා. එයා දැන් පොත් ලියනවා. සේනාරත්න කියලා ඇපෝතිකරි කෙනෙක් හිටියා මතකයි. මේ කාලයේ මරුසිරා රඳවලා තිබුනේ බෝගම්බර. මරණයට නියම වූ සිරකරුවන් රඳවලා තිබු මැදිරි වලට මම දවසක් කෑම ගෙනිච්චා. එක කූඩුවක ධර්මදාස කියලා පොලිස්කාරයෙක් හිටියා පොතුහැර ගැහැණු කෙනෙක්ව මරපු. මම ධර්මදාසට මස් ඛෙදන්න ගියහම එයාගෙ කෑල්ලත් අල්ලපු කූඩුවේ ඉන්න මරුසිරාට දෙන්න කිව්වා. මම මස් කෑල්ල සිරිපාලට දුන්නා. එදා තමයි මම මරුසිරා ලඟටම දැක්කේ. ඉන් දින 2 විතර පසු ධර්මදාස පෝරකේට ගියා.

බෝගම්බර මාස 2 විතර ඉන්න කොට මාව මැගසින් බන්ධනාගාරයට මාරු කෙරුවා. මාව මැගසින් එකේ ශාලාවක රඳවලා තිබුනේ. මම, ධර්මසේකර. ගාමිණී යාපා, විදේශ විනිමය කේස් එකට අහුවුනු තවුෆර් හා ස්ටුවට් ඩර්ලාන්සු කියන අයර්ලන්ත ජාතිකයා මෙහි හිටියා. අපි සුහදව හිටියේ. ඒත් දේශපාලනය කථා කළේ නැහැ.

මාව නිදහස් කළේ 1976 පෙබරවාරි 21. උපයා ගත් මුදල් ලෙෂ රුපියල් 30ක් ලැබුනා. මම ඒ මුදල් වලින් බටපොල ගියා. ඊට පස්සේ මම දේශපාලන වැඩ වලට ගියේ නෑ. 1978 දි මම බැන්දා. මට ළමයි 3 ක් ඉන්නවා. යළිත් මට විෙජ්වීර මුන ගැසුනේ නැහැ. ඒත් විෙජ්වීර නිදහස් වෙලා යළි දේශපාලනයට අවතීර්ණ වුනහම මගේ කට උත්තරයේ පිටපතක් බටපොල ජ.වි.පෙ. කාර්යාලයට එවලා තිබුනු බව මට දැනගන්න ලැබුනා. 88 හිංසා කාලයේ මම හිටියේ සැඟවිලා.

71 සිද්ධීන් ගැන මට පශ්චත්තාපයක් නෑ. මනුෂ්‍ය ස්වභාවය ගැන වැටහීම ලැබුනා. පසුකාලයක මට හැමන්හිල්  වලදී මුණ ගැහුනු සරත් ජස්ටින් ප්‍රනාන්දු මට අරගලය, සමාජය මිනිස් සිතුම් පැතුම් ගැන කියලා දුන්නා. නෙරූඩාගේ පරිවර්තනය කරපු කවි කියවන්න දුන්නා. ඒ නිසා හිතේ තිබු කළ කිරීම පහ වෙලා ගියා. 

මට මේ දක්වා නිශ්ශංක, කෙලී, හෝ ප්‍රේමරත්න හමු වෙලා නැහැ. ප්‍රේමරත්න සනත්ගෙ පණිවිඩය එදා දොඩංගහවෙලට දීලා නැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා 4 දා වැල්ලවාය පහර දීම සිදු උනා. පසු කාලයක මට දැනගන්න ලැබුනා ප්‍රේමරත්න කැරැල්ලට සහභාගී උනේ නැති බව. මට එදා කටුගස්තොටදී හමුවෙලා බොරුවක් කිව්වා, පියතිලක එන්න   කිව්වා කියලා. ප්‍රේමරත්නට යාපනේ යන්න කියලා පියතිලක නියෝග කළ විට ප්‍රේමරත්න ඒකට මාව මාට්ටු කරලා ඇඟ බේරා ගත්තා කියලා මම අද හිතන්නේ. නමුත් ඒ ගැන මට වෛරයක් අද හිතේ නැහැ. ඉතිහාසය සිදු වී හමාරයි.

(ලාල් සෝමසිරිගේ විස්තර සටහන් ලබා ගැනීමෙන් පසුව මම කෙලී සේනානායක මහතාට දුරකථනයෙන් කථා කලෙමි. වසර 37 කටත් වඩා අධික කාලයකට පසුව ඔවුන් එකිනෙකා ඇමතූ ප්‍රථම අවස්ථාව මෙය විය. 1971 මාර්තු මාසයේදී අම්පාරේ පොලිසිය අත්අඩංගුවට පත් වන විට ඔවුන් තරුණයන්ය. අද ජීවිතයේ 50 වැනි සැතපුම් කණුවත් පසු කළ වැඩිහිටියන්ය. යළිත්  2009 අප්‍රේල් 5 දින කොළඹ මහවැළි කේන්ද්‍රයේදී වසර 37 කටත් වඩා අධික කාලයකට පසු ඔවුන් හමුවූහ.  කත_ෘ)  



බර්ටි රංජිත්

බර්ටි රංජිත් යාපනය සිර ගෙදර ප්‍රහාරයේ මූලිකයා විය. දැනට ජර්මනියේ ජීවත් වන බර්ටිගේ දුරකථන අංකය ලබා දුන්නේ ඔහුගේ පැරණි සගයෙකු වූ පියුමසේන කන්නංගර විසිනි. ඒ හරහා ලබා ගත් සබඳතාව අනුව බර්ටි මගේ පොතට දායක වීමට එකඟ විය. 2009 මාර්තු 1 දින බර්ටි රංජිත් විසින් මා වෙත එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩය සමන්විත වන්නේ මේ ආකාරයටය.

zමම ව්‍යාපාරයට යොමු වූයේ 1968 අග කාලයේදීය. ඒ සඳහා හේතු වූයේ එකල අපි තුල තිබූ දේශපාලන පිපාසය විය හැක. මා ජීවත් වූ බඩල්ගම ප්‍රදේශයේ තරුණයන්ගේ. එකතුවක් තිබුනි. බඩල්ගම සේනාරත්න කන්නංගර අපගේ මග පෙන්වන්නා විය. ප්‍රදේශයේ දේශපාලන චන්ඩින් විසින් කරන අසාධාරණ වැඩ වලට විරුද්ධ වීමට අප පෙළ ගැසුනෙමු.

මේ කාලයේදී මම මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වූවෙමි. එස්.ඩී. බන්ඩාරනායක විසින් සංවිධානය කළ චීන පිලේ තරුණ සිසු එකමුතුව විසින් වියට්නාම් යුද විරෝධී රැස්වීම් අප සංවිධානය කළෙමු. 

විෙජ්වීරගේ ව්‍යාපාරය ගැන මට මුලින්ම දැනුම් දුන්නේ මගෙA මිතුරකු වූ ධර්මසිරි ෆොන්සේකා විසිනි. තරුණ කන්ඩායමක් විසින් ගෙන යන විප්ලවකාරී වැඩ පිළවෙලක් ගැන ඔහු මට කීවේය. මේ අනුව දිනක් බඩල්ගම සේනාරත්න කන්නංගරගේ (සේන කන්නංගර) නිවසේදි මට පියතිලක මුන ගැසුනි. මිල්ටන් සමග පැවති මුලික සාකච්ඡාවෙන් පසු එදිනම මිල්ටන් විසින් අපට පැය 2 1/2 පමණ දේශනයක් පැවැත්විය. මෙම දේශනය මූලිකව ඉන්දියානු ව්‍යාප්තවාදය ඇසුරෙනි.

ක්‍රම ක්‍රමයෙන් මම මෙම ව්‍යාපාරයේ සක්‍රිය ක්‍රියාකරුවෙක් වූයෙමි. නවකයන් බඳවා ගැනීමත් ඔවුන්ට පන්ති පැවැත්වීමත් මා නොකඩවා කලේය. එසේම ව්‍යාපාරයේ නායකන්ගේ නිර්දේශ අනුව සන්නද්ධ කටයුතුද කරගෙන ගියෙමි. රෝහණ විෙජ්වීර අම්පාරේදී අත්අඩංගුවට පත්වූ පසු ඔහුව යාපනය බන්ධනාගාරයට ගෙන යනු ලැබීය. කැරැල්ල ආරම්භ කිරීම සඳහා දින නියමකරගත් පසු විෙජ්වීර යාපනය හිර ගෙදරින් ගලවා ගැනීමට අවශ්‍ය කෙරුනි. යාපනයට ගොස් විෙජ්වීර සහෝදරයා බේරා ගන්නා ලෙසට මට දැනුම් දුන්නේ පියතිලක. උයන්ගොඩ හා ලයනල් බෝපගේ විසිනි. මේ සම්බන්ධයෙන් විශේෂ විස්තරයක් මගේ බක් මහ කඳුළු කෘතියේද සඳහන් වෙයි. 

අපගේ මූළික නිගමනය වූයේ 250 ක පිරිසක් යාපනයට යා යුතු බවයි. නමුත් මගේ අදහස අනුව පහර දීමට සහභාගි වූ පිරිස 150 ටත් වඩා අඩුය. මගේ නායකත්වයෙන් හිර ගෙදරට පහර දීමට සහභාගි වූයේ 30 පමණ කණ්ඩායමකි. යාපනය පොලිසියට පහර දීමට ගොස් තිබූ ප්‍රමාණය 60 පමණ ය.

මම 1971 අප්‍රේල් 5 දින පාන්දර යාල්දේවි දුම්රියෙන් යාපනයට ගියෙමි. මා සමග අපගේ සාමාජිකයන් 10 දෙනෙකු දුම්රියේ ගිය බව මතකය. යාපනයට පහරදීමට අවශ්‍ය අත් බෝම්බද අපගේ ගමන් මළු වල විය. උදේ 5.45 ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය සවස 1.45 පමන යාපනයට ලඟා විය. අප නාග විහාරයට ගොස් එහි සිට එදින රාත්‍රි 11.30 ට පමණ ප්‍රහාරය ආරම්භ කලෙමු. 

අපගේ පහරදීමේදී ආයුධ විරහිත තරුණයන් පිරිසක් සන්නද්ධ පොලිස් හා හමුදා වලට මුහුණ දුන් ආකාරය අද නම් මට වටහා ගත නොහැකි තත්වයකි. අත් වල කිසිවක් නැති තරුණයන් වෙඩි තබන පොලිස් හා හමුදා ඉදිරියට දිව ගිය ආකාරය පුදුම සහගතය. අද නම් මම එවැනි දෙයක් නොකරන බව මට සහතිකය. අප මෙන්ම පොලිස් හා හමුදා වලටද සටනක් ගැන දැනුමක් නොතිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබු කරුණකි. අපගේ පහර දීම ඉතා සරල හා බොළඳ එකකි. පොලිස් භටයන් ආයුධ රැගෙන දුව ගොස් සැඟවීම ඊටත් වඩා බොළඳය.

අප කණ්ඩායමක් හිරගෙදර තාප්පය දිගේ විෙජ්වීර සිර කර ගෙන සිටි ඊ1 කාමර පෙළ අභියසට ගියෙමු. මේ කණ්ඩායමේ පියුමසේන කන්නංගර. සහ මැදගම කුඩා මහත්තයා සිටි බව මට මතකය. අපි විෙජ්වීරට හ~ ගසා කථා කළ නමුදු ඔහු නිහ~ව සිටිනු ලැබීය. පසු කලක විෙජ්වීර සමග ඇති වන ගැටුමේ මුලික බීජය මා තුළ පැලපදියම් වන්නේ මේ අවස්ථාවේදීය.

විෙජ්වීර සිටි ඊ1 කාමර පෙල තිබුනේ බන්ධනාගාර පවුරට යාර 40 ක් 50වැනි දුරකිනි. අප පවුර දිගේ ඔහු සිටි මැදිරිය ආසන්නයට ගියෙමු. එතැන සිට මා විෙජ්වීර ඇමතුවෙමි. අප කොටු පවුරේ ආවේ ගස්ලබු ගසක් මගින් තාප්පය අසල වහලයට නැග වහල දිගේ ගොස් පවුරට නැගීමේනි. මා හිතන විදිහට අප හා විෙජ්වීර රඳවා තුබූ මැදිරිය අතර දුර යාර 40 පමණ. මා සමඟ සිටි ජයන්තට වෙඩි වදින විට උදේ 4.30 පමණ ඇත. අපගේ අවසාන බෝම්බය පාන්දර 5 ට පමණ විසිකරන්නට ඇත. උදේ 6.30 වන විට හමුදාව කොටුව තුලට ඇතුළු විය.

අපි ක්‍රම ක්‍රමයෙන් කොටු පවුර දිගේ සිරගේ පැත්තට පසු බැස ගියෙමු. උදේ 8 වන විට හමුදාව හා පොලිසිය අපගේ කණ්ඩායම කොටු කර අවසන්ය. යාපන බන්ධනාගාර ප්‍රහාරය පිළිබඳ තොරතුරු මගේ බක්මහ කඳුළු පොතේ සවිස්තරාත්මකව සඳහන් කොට තිබේ. ප්‍රහාරය අසාර්ථකවී අප අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් අපට පහර දුන් අමානුෂික ආකාරයද මෙහිදි පැවසිය යුතුය. සිංහල නිලධාරින් විසින් අපට පහරදී අපව මරා දැමීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල කැරලිකරුවන්ගේ ජීවිත බේරා ගත්තේ ද්‍රවිඩ නිලධාරියෙකු වූ සුන්දරලිංගම් මහතාය.

වර්ගවාදයේ පුහුබව මම ප්‍රායෝගිකවම පසක් කලේ එදාය. මෙම නිලධාරින් අද ජීවතුන් අතර සිටිනවා නොවිය හැක. එහෙත් ඔහු තුළ තිබූ උසස් මනුෂ්‍යත්වය මගෙ සිත තුළ සදාකාලිකව තැන්පත් වී තිබේ.

අපගේ යාපනයට පහර දීම අසාර්ථක වීමට හේතූන් විශාල ගණනක් මට අද දිනයේ යළි අතීතය සමාලෝචනය කිරීමෙන් පෙන්වා දිය හැකියි. අපට නිසි සැලැස්මක් නොතිබිණි, ආයුධ ලෙසට තිබුනෙ බාල ගෙඩි බෝම්බ කිහිපයකි. ඒවා පුපුරා ගියද සිදුවූ හානිය ඉතා අවමය. අප සමග සහභාගි වූ පිරිසට කිසිම සටන් පුහුණුවක් නොවීය. එම නිසා ප්‍රහාරයේදී ඔවුන් ව්‍යාකූල විම නොවැලැක්විය හැකි සංසිද්ධියක් විය. අප අතර කණ්ඩයමක්. ලෙසට සබඳතා නොවූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාර්යයකි. හිර ගෙදරට පහර දුන් සටනේදි මා සමග සහභාගි වූ පිරිසෙන් බොහෝ දෙනෙකු මා ඒ මොහොතේ දැන අඳුනා ගත් අය වූහ.
පොදුවේ ගත් කළ 71 කැරැල්ල අසංවිධානාත්මක එකකි. එය යාපනය ප්‍රහාරයටද බල පෑවේය. අසාර්ථක වූ පහරදීම් හමුවේ අප බන්ධනාගාර ගත වූ පසු යාපනය හිර ගෙදර බී1 හා බී2 අතර ඇති ලෑලි දොර හරහා මම විෙජ්වීරට කථා කලෙමි. මා සමග සිරිපාල අයියාද සිටි බව මතකය.
මෙහිදි මම විෙජ්විරගෙන් ඇසුවේ එදා අප බන්ධනාගාරයට පහර දී ඔබට ඇමතූ වෙලාවේ නිහ~ව සිටියේ මන්ද යන්නයි. උත්තරය ලෙස ඔහු දුන්නේ zzපාස්කු වෙඩි පත්තු කරනවා යයි මා සිතූ බවයි.ZZ යළිත් මම ප්‍රශ්නය ඇසූ විට ඔහු යළි ප්‍රශ්ණ නැගීමට ඉඩ නොතබා මට චෝදනාවක් කළේය. බර්ටි සහෝදරයාගෙ වගකීම තියෙන්නෙ උතුරු කොළඹ. සහෝදරයා තම වගකීම් දමා මෙහි ආ එක විශාල වරදක් යැයි පැවසීය. මෙයින් පසු අවස්ථා ගණනාවක් මම විෙජ්වීර සමග කථා කලෙමි. 

යළි පක්ෂය සංවිධානය කිරීම පිළිබඳව අප හැමන්හිල් සිර කඳවුරේ අනෙකුත් සාමාජිකයන් සමඟ සාකච්ඡා කළෙමු. මුල් කාලයේ සිටම මම වර්ගවාදය ප්‍රතික්ෂේප කලෙමි. කැරැල්ලට ප්‍රථම මන්නාරමේදි සිංහල සෙබලූන් දෙදෙනකු ද්‍රවිඩ තරුණයන් පිරිසක් විසින් මරා දැමීම පිළිබඳව අපට කරුණු කියනු ලැබීය. මේවා ප්‍රවෘත්ති පවසන ලද්දේ ඉන්දියානු ව්‍යාප් තවාදයේ උදාහරණයක් ලෙසටය. එම නිසා මෙම දේශන වලට සවන් දුන් සිංහල තරුණයන් තුළ ද්‍රවිඩ විරෝධී ආකල්ප ජනනය වූහ.

අපි සිර ගෙදර සිටියදි ද්‍රවිඩ තරුණයන් පිරිසක්ද රඳවා තිබුනි. අපි කාමර වල වු කුඩා කපොල්ලක් මගින් අදහස් හුවමාරු කර ගත්තෙමු. මෙම සංවාද වල ප්‍රතිඵලයක් ලෙස එදා මන්නාරමේදි සෙබළුන් දෙදෙනා ඝාතනය වීමේ සත්‍ය දැන ගතිමු. ඔවුන් මරාදමන ලද්දේ ඉන්දියානු ව්‍යාප්තවාදය නිසා නොව ඔවුන් ද්‍රවිඩ තරුණියන් දූෂණය කොට මරා දැමීම නිසාය. හුදකලා සිදුවීමක් කොපමන ලෙසට දේශපාලන වාසි සඳහා විකෘති කල හැකිද යන්න මට එදා වැටහුනි. අප සමග සිරකොට සිටි ගනේෂ් පිල්ලේ නම් ද්‍රවිඩ තරුණයාගේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න අපට දැන ගන්නට ලැබිනි. මෙ අනුව අපට දේශනා කරන ලද ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තියේ හිඩැස මා දුටුවෙමි.

මම ලංකා සමාජය දකින්නේ වැඩවසම් සමාජ මානසික මට්ටමක හිරවී පවතින එම නිසාම එහි දියුණුව ඇණ හිට ඇති සමාජයක් ලෙසිනි. දියුණු නූතනත්වය සහ පසුගාමී වැඩවසම් බව අතර පවතින ප්‍රතිරෝධය තුළ අප සමාජය හිරවී ඇත. මුළු සමාජය තුළම ග්‍රාම්‍යත්වය සතර අතට පැතිරි පවතියි. උගතුන්ගේ මනස තුළ සාමාන්‍ය ජනයාගේ මනස දක්වාම මෙම ග්‍රාම්‍යත්වය :ෂටබදර්බජැ- අඩු වැඩි ලෙසටත් දක්නට තිබේ.

ග්‍රාම්‍යත්වය තම මුකරි වචන මාලාවන් වල ගොතා ඉදිරිපත් කරන බුද්ධිමතුන් යැයි කියා ගන්නා උගතුන් දියුණු ප්‍රගතිශීලින් කියා ගන්නා දේශපාලන බලවේගයන් වගක් විභාගයක් නොමැතිව තමන්ගෙ ආත්මාර්ථයන් නොහැකියාවන් අසාර්ථක භාවයන්ටත් හේතු වෙනත් බලවේග (අධිරාජ්‍යවාදය, විදේශ බලවේග) බව කියමින් ඒවාට ඇඟිල්ල දිගු කොට පෙන්වති අනුගාමිකයන් ඒවාට ඔල්වරසන් දෙන අතර ජනතාව ඊට හූමිටි තබති.

ආත්මාර්ථයෙන් හිස පුරවාගෙන ඊර්ෂ්‍යාව පෙරදැරි කර ගෙන වෛරයට ආවඩන ලාංකික සමාජයේ ඉදිරි ගමන්කරුවන් කස්තිරම් අල්ලනු දකින මට අප සමාජය ගැන දුකක් හා කණගාටුවක් දැනේ.
ශ්‍රී ලාංකික සමාජයේ වැඩිදෙනා අවිිහංසාව පෙරදැරි කර ගත් ආගම් දෙකක අනුගාමිකයන්ය. නමුත් මුළු සමාජයම හිංසාවට ආවඩන මෛත්‍රිය වෙනුවට වෛරයෙන් ඔද්දල් වි ඇති සැටි දකින විට බෞද්ධ හින්දු හා ක්‍රිස්තියානි දේශන වලින් අප ඉගෙනගත් දෙයක් තිබේද?

අප හැට ගණන් වල හිටියාට වඩා අද ලංකා සමාජය අන්ධකාරයක ගිලී ඇති බව මගේ වැටහිමයි. මැරීම, විනාශකිරීම, වෛරය හා ඊර්ෂ්‍යාව පෙරදැරි කර ගත් සමාජයක් දියුණුවේද? තමන්ගේ දුක පමණක් තේරුම් ගන්නා අනෙකාගෙ Ÿක වේදනාව තේරුම් නොගන්නා සමාජයක් දියුණු ශීලාචාර සමාජයක් නොවන බව මගෙ වැටහීමයි.

අපි ස්වයංවිවේචනයක් සඳහා යා යුතු බවට මා ඇතුළු සාමාජිකයෝ ගණනාවක් පෙන්වා දුන්නෙමු. ඉන්දියානු ව්‍යාප්තවාදය මාක්ස්වාදයට එකඟ නැති බවත් එය සංශෝධනය කළ යුතු බවත් අපි කීවෙමු. එහෙත් විෙජ්වීර එම අදහස් ප්‍රතික්ෂේප කලා පමණක් නොව අප කට්ටිවාදින් යන චෝදනාවද එල්ල කලේය. මින් ඇරඹෙන මතභේදය තුළින් අපිව ද්‍රෝහින් ලෙසට ලේබල් කරණු ලැබීය.

මින් පසුව දිනක් යාපනය බන්ධනාගරයේදි මමත් විෙජ්වීරත් මුහුණට මුහුණ මුණ ගැසුනෙමු. එහිදි ඔහු අහක බලාගත් අතර අඩුම තරමේ මගේ මුහුණවත් නොබැලීය. ඔහුව ගෙන යමින් සිට ෙජ්ලර් හා මා ගෙන යමින් සිටි ෙජ්ලර් විෙජ්වීරගේ මේ ප්‍රතික්‍රියාවෙන් පුදුමයට පත් වූහ. මාව ගෙන ගියේ අමෝන් නම් ෙජ්ලර්වරයා මගෙන් මෙසේ ඇසීය.

zබර්ටි ඔය තමුසේ බේරගන්න ගිය නායකයා නේද? එයා වගේ මනුස්සකමක් නැති නායකයෙක් වෙනුවෙන්ද තමුසෙලා ජීවිත දීලා සටන් කළේ?Z

වසර 37 පසුව අද මා ආපසු හැරී බලද්දි අප කල කී දෑයෙහි බොළඳ බවක් දක්නට හැකි වූවත් එදා මම කැරැල්ලට සහභාගී වීම ගැන කියම ආකාරයකින් පසු නොතැවෙමි. සමාජයක ඇති වැරදි නිවැරදි කර ගැනීමට ඉදිරිපත් නොවන තරුණයෙකුට වඩා ඒවා නිවැරදි කර ගැනීිමට එසේ නැත්නම් සමාජමය කාර්යයකට එක් වන තරුණයා මම අදටත් අගය කරමි. නමුත් එදා 71 සිදුවු ආකාරයෙන්ම එය සිදු විය යුතු යැයි මම නොසිතමි.

ඇට්ලස් බන්ඩාර හෙවත් ඒ.එම්.කේ. බන්ඩාර

රෝහණ විෙජ්වීර යාපනය සිරගෙදරින් නිදහස් කර ගැනීම සඳහා කොලඹ සිට යාපනයට මෝටර් රථයෙන් ගියේ ඇට්ලස් බන්ඩාරයි. මෙම වෑයම අතටම අසුවීම නිසා ඇට්ලස් බන්ඩාරත් රියැදුරු සිරිපාල නොහොත් බාල්දි සිරාත් හැමන්හිල් හි සිරගත වූහ. තමන්ට අනපේක්ෂිත ලෙස අනතුරට හෙළීම සම්බන්ධයෙන් බාල්දි සිරා සිරගෙදරදි ඇට්ලස් බන්ඩාර හාම්පුතා බව අමතක කරමින් සුද්ධ සිංහලෙන් බැන වැදුනු බව හැමන්හිල් වල සිටි අය සිහිපත් කරති. හැමන්හිල්  සිරකරුවන් අතර ඒ සිද්ධිය අලලා පබැඳුනු ගීයක්ද විය.
ඇටිලස් බණ්ඩාර ඔබයි යළිත් ඉපැදුණු
මුලින් ඔබ සිරාට නිදහස ලබා දිය යුතයි.
ඩිස්ටැම්පර් ඔබ සෑදිය යුත්තේ ඉන් පසුවයි.

මෙම ගීතය සුප්‍රසිද්ධ මද්දුම බන්ඩාර ඔබයි ගීතය විකෘති කිරීමෙන් තනා ගත්තකි.

 (බාල්දි සිරාගෙ නියම නම මහරගම සිරිසේන අල්විස්ය. ඔහු ඉතා හොඳ මිත්‍රයෙකු වූ බවත් පෝරියල් හමුදාවෙන් හැමන්හිල්  වලදි තමා බේරාගත් බවත් බර්ටි රංජිත් පවසයි.- කත_ෘ) 

ඇට්ලස් බන්ඩාර හෙවත් ඒ.එම්.කේ. බන්ඩාර හමුවීම සඳහා ජනාකීර්ණ මහරගම නගරයේ කුඩා බෝතල් කඩයකට 2008 දෙසැම්බර් මාසයේ දිනෙක මම ගියෙමි. එහි කුඩා මේසයක මහළු ඇට්ලස් බන්ඩාර සිටියේය. මගේ තොරතුරු හා අවශ්‍යතාව කියූ වහාම ඔහු අතීතය ආවර්ජනය කලේ මෙසේය.

zමම සාර්ථක ව්‍යාපාරිකයෙක්. කිරි මැටි අමුද්‍රව්‍ය ලෙස ගෙන මම ඩිස්ටෙම්පර් පේන්ට් හැදුවා. මම ජ.වි.පෙට සම්බන්ධ උනේ 1970 කිර්ති විෙජ්සිංහ හරහා. මට විද්‍යෝදය සංඝාරාමයේදි විෙජ්වීර පවා හමු වෙලා තියනවා. මම මහරගම දේවබන්ඩාර සේනාරත්න එක්ක වැඩ කළා. මට තිබ්බා පර්ජෝ 203 කාර් එකක් සුදු ඉරි දෙකක් ගහපු.

1971 අප්‍රේල් 1 දා මමයි උයන්ගොඩයි, සේනාරත්න බන්ඩාරයි, පියතිලකයි යාපනේ ගියා. අපි නිදිපෙති 2000විතර ගෙනිච්චා නේවි එකේ තිලකරත්නට දෙන්න. අපේ අදහසක් තිබ්බා කැරැල්ල වෙලාවෙ නාවික කඳවුරේ නැවියන්ට කෑම වලට මේ නිදිපෙති කවලං කරලා දෙන්න. මම කාර් එක එලෙව්වා. අදාල භාන්ඩ බාර දීලා අපි යළි කොළඹ ආවා.

කොළඹ ආපු ගමන් අපිට යාපනේට තවත් හදිසි ගමනක් තියනවා කිව්වා. ඒ පාර එක හුස්මට අප්‍රේල් 3 යාපනේ බලා පිටත් උනා. ඒ ගමනට මම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් හා සිරිපාල (බාල්දි සිරා) එකතු උනා. සිරිපාල තමයි වාහනය එලෙව්වේ. මේ ගමන අපි ගියේ විෙජ්වීර හිරෙන් බේර ගන්න. ඒකට කට්ටියක් වෙනම ගියා අපිට පැවරිලා තිබ්බේ වාහනේ දාගෙන විෙජ්වීරව සුරක්ෂිතව මාතලේ පැත්තට ගෙන එන එක. මාතලේ විෙජ්වීරට ඉන්න උමගක් කපලා තියනව කියලත් ආරංචියක් තිබුනා.

අපි යාපනේට ගිහිල්ලා සුභාෂ් හෝටලය ලඟ වාහනය නතර කළා. අපි ටික යාපනේ හිර ගෙදර ලඟට ගියා. ගාඩ්ලා කවුරුත් නැහැ. මේ වෙන කොට රාත්‍රි 11 විතර ඇති. කට්ටියක් බන්ධනාගාරයේ දොර කඩන්න උත්සාහ කරනවා. පැය 2 විතර ට්‍රයි කලත් දොර කඩන්න බැරි උනා. පරක්කු වෙන්න පරක්කු වෙන්න පොලිසිය එන්න පුළුවන් නිසා මම යළිත් වාහනය අරගෙන කොලඹ පාරට ආවා. එලිෆන්ට්පාස් බැරියර් එක ලඟදි හමුදාව වාහනය නැවැත්තුවා.

අපේ වාහනය ගැන ඔත්තුව පොලීසියට ලැබිලා. අපිව කිලිනොච්චිය පොලිසියට ගෙනිච්චා. දවස් 3 විතර එහෙ තියාගෙන අතින් පයින් ගැහුවා. ඊට පස්සේ යාපනයේ හිර ගෙදර රදවලා තිබ්බා. අපිත් එක්ක බර්ටි රංජිතුත් හිටියා. හිරේදී පහර දෙන කොට බර්ටිගේ අතින් පොලිස් කාරයින්ටත් පහරක් වැදුනා. ඊට පස්සේ කට්ටිය අපිට වට කරගෙන
ගැහුවා.

මගෙන් ප්‍රශ්න කරන්න ඉයන් වික්‍රමනායක ආවා. මිනිහා මට පයින් නලලට ගැහුවා. මම විසි වෙලා ගිහිල්ලා වැටුනා. අදටත් ඒ ගහපු පාරට මගෙ ඔළුවෙ හිරි වැටිච්ච ගතියක් තියනවා. මාවයි සිරිපාලවයි හැමන්හිල්  සිරකඳවුරට ගෙනිච්චා. මේක තියෙන්නේ මුහුද මැද දූපතක. ඕලන්දකාරයෝ හදපු වෙඩි ඛෙහෙත් ගබඩාවක් සිර මැදිරි වලට පරිවර්තනය කරලා. මේකේ තත්වය උග්‍රයි. රස්නේ, ලූනු ගතියට හම තුවාල වෙනවා. ඇෙඟ්් බිබිලි දානවා. භද්දිය, රාහුල කොටවල දේවසිරි වගෙ හාමුදුරුවරුන් ජම්පර් අන්දවලා අපි එක්ක රදවලා හිටියේ.

සිරමැදිරියේ හිටපු ලාබාල හිරකාරයෙක්ට පහර දීලා ගෙනල්ලා වැහුවා. එයා තර්ස්ටන් එකේ සිසුවෙක්. උදේ වෙනකොට එයා මැරිලා. මෙහෙම අවුරුදු එක හමාරක් විතර හැමන්හිල්  වල මමයි සිරයි දුක් වින්දා. ඊට පස්සේ මාව නඩුවට මැගසින් බන්ධනාගාරයට දැම්මා.

මම යාපනේ හිටපු කාලයේ මගේ ව්‍යාපාර වැටුනා. බිරිඳ 11 වතාවක් මාව බලන්න කෑම අරගෙන ඇවිල්ලා තියනවා. ඒ කාලේ කෝච්චියේ යාපනයට ටිකට් එක රු 11.90. නඩුවේදි නඩුකාරයා මගෙන් ඇහුවා තමා වැරදිකරුද කියලා මම වැරැද්ද පිළිගත්තා. මට අවුරුදු 4ක සිර ද~ුවමක් ලැබුනා.

1977 මම එලියට එනකොට බිස්නස් හොඳටම කොට උඩ. ජීවත් වෙන්න විදිහක් වත් නැහැ. මම ඉයන් වික්‍රමනායක මහත්තයා හමු වෙන්න ගිහිල්ලා මගේ ප්‍රශ්න කිව්වා. එයා ලියුමක් දුන්නා සිරිකොතේ වැඩ කරන හිටපු පොලිස් නිලධාරියෙකුට දෙන්න කියලා. මම ඒ ලියුම දුන්නම මට ත්‍රීවීල් එකක් ලැබුනා. මම ත්‍රීවිල් එකේ වැඩ කරගෙන හිටියා.

1978 දි මම ඉරානයට ගියා. ඒත් අවුරුද්දකින් වැඩ කරලා යළි ලංකාවට ආවා. ඒ ඇවිල්ලා සුළු සුළු බිස්නස් කරා. දැන් මේ බෝතල් කඩය කරගෙන ඉන්නවා.


මරදානේ ජයතිලක

71 කැරැල්ලේ ගුවන් හමුදාවේ සබඳතා තිබුනේ මරදානේ ජයතිලක හරහායි. ඊට හේතුව ඔහුගේ වැඩිමහල් සොහොයුරා ගුවන් හමුදාවේ සේවය කිරීමයි. මරදානේ ජයතිලකට කථා කිරීමට මා දැරූ මූලික උත්සාහය අසාර්ථක විය. ඔහු මගේ දුරකථන පණිවිඩ වලට පවා පිලිතුරු දුන්නේ ඇල් මැරුණු ස්වභාවයකිනි. අවසානයේදි රංජිත් දිසානායක මැදිහත් වී සම්මුඛ සාකච්ඡාවේ අරමුණු පිලිබඳව ඔහුව දැනුවත් කළේය. ඉන් පසු ඔහු මට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට එකඟ විය. එහිදි ඔහු ඉතා සංවේදීව හාහෘදයංගම ලෙස අතීත විස්තර පැවසූ බව මා විශේෂයෙන්ම සඳහන් කල යුතුය. පහත දැක්වෙන්නේ මරදානේ ජයතිලකගේ ආත්ම කථනයයි.

zඋසස්පෙළ හදාරලා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව, ඉතිහාසය, සිංහල, බාහිර උපාධිය හදාරමින් සිටි කාලයේ තමයි මම මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. මගේ පියා කලේ වෙළදාම. ඔහුට සමසමාජ පක්ෂය සමඟ සබඳතා තිබුනා. මමත් සමසමාජ පක්ෂයේ දේශපාලනය තමයි මුලින්ම කලේ. එන්.එම්. පෙරේරා මහතා පවා මම දැන අඳුනගෙන හිටියා.

මට කොක්ක ගැහුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උස විෙජ්සිංහ නොහොත් සිංහයා. (සරත් විෙජ්සිංහ නොවේ) ඔහුව මට හමුවෙන්නේ කොළඹදී. ඉන් පසු මට පන්ති පහ කලා. පන්ති කෙරුවේ ප්‍රේමපාල මරදානේදි.

70 දි මම පූර්ණකාලීනයෙකු බවට පත් වෙනවා. මට භාරදී තිබුනේ මරදාන පොලිස් කොට්ඨාශය. මගේ අයියා වැඩ කලේ ගුවන් හමුදාවේ. ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. මගේ බලපෑම් නිසා අයියා රත්නපාල ව්‍යාපායරට ආවා. ඒ සමඟම ගුවන් හමුදා රගර් කණ්ඩායම ම අපගේ සාමාජිකයන් බවට පත් කර ගැනීමට අපි සමත් වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු කලේ උයන්ගොඩ හා බෝපගේ. චූකි ප්‍රේමරත්න බටහිර කොළඹත්, මම මැද කොළඹත්, වැඩ කලා. දකුණු කොළඹ වසන්ත කනගරත්න බලා ගත්තා. මම ගුවන් හමුදාවේ සාමාජිකයන්ට පන්ති කලා. ඊට අයියා සමඟ 8 දෙනෙක් විතර සහභාගී වූ බව මතකයි. 71 වෙන කොට ගුවන් හමුදාවේ 25 විතර අපිට එකතුව සිටියා. නාවික හමුදාවේ 200 විතර. යුද හමුදාවේ 100 පමණ පොලිසියේ මට හිතෙන විදිහට 50 විතර ඉන්න ඇති.

කොළඹට පහර දෙන්න 600 විතර පිරිසක් හිටියා. අපිට තිබ්බේ පිස්තෝල 30, තුවක්කු 15 ටින් බෝම්බ 250 විතර. චීනච්චට්ටි බෝම්බ 100 වගේ ගණනක්. කොළඹ ප්‍රහාරයට ඇචිලන් එකෙන් ආමි ප්ලැටුන් එකක් ලැඛෙන බවට උයන්ගොඩ මට කිව්වා. චාල්ස් දයානන්ද මරදාන පොලිසියේ කොස්තාපල්වරයෙක් හැටියට හිටියා. ඔහුත් අපට උදව් කළා.
( 2009 වසරේ දී   මම චාල්ස් දයානන්ද මහතාගෙන් ඔහුගේ 1971 භූමිකාව  පිළිබඳව විමසුවෙමි. තමාගේ 1971 භූමිකාව ඉතා අල්ප බව ඔහු මට කීවේය - කත_ෘ)  

කොළඹ ප්‍රහාරය අසාර්ථකයි. පහර නොදෙන බවට තීරණයව තිබුනා අවසන් මොහොතේදි. මට ප්‍රහාරය ගැන කියන්නේ උයන්ගොඩයි. එය 71 අප්‍රේල් 3 හෝ 4 විය හැකියි. නමුත් අවසන් මොහොතේදි තීරණය වෙනස් කළා. එසේම කැරැල්ලට ප්‍රථම ගුවන් හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගන්නවා. රහස් පොලිසියට ගුවන් හමුදා රගර් කණ්ඩායම ගැන මුල සිටම සැකයක් තිබුනා. ඊට හේතුව 1970 විතර මම සීදූවෙදි තවත් කට්ටියක් සමඟ අත්අඩංගුවට පත්වීමයි. අපි පෝස්ටර් ගහන්න ගිය විට පොලිසිය අපිව අත්අඩංගුවට ගත්තා. ඒ නිසා මම හා ජ.වි.පෙ. අතර සබඳතා රහස් පොලිසිය ලිපි ගොනු වලට ගියා.

මේ කාලයේ මගේ අයියා රත්නපාල ව්‍යාපාරේ හිටියේ නැහැ. වරක් සී.අයි.ඩී. එකේ උපාලි සෙනෙවිරත්න මහත්තයා අයියා ගෙන්වලා අවවාද කරලා තියනවා. මල්ලි රහසිගත සන්නද්ධ දේශපාලන කන්ඩායමක වැඩකරනවා. මල්ලිව හදා ගන්න යනාදි වශයෙන්. උපාලි සෙනෙවිරත්න මහත්තයා රගර් ලෝලියෙක්. මේ සිද්දියෙන් පස්සේ අයියා මට තරවටු කළා ගෙදර ඉඳපං කියලා. නමුත් මම අයියාටත් කොක්ක ගැහුවා.

මේ හේතුව නිසා ගුවන් හමුදා කණ්ඩායමට උකුසු ඇස යොමුව තිබුනා කිවහොත් නිවැරදියි. කැරැල්ලට පෙර අයියා කටුනායක කෑම්ප් එකෙ අවි ගබඩාවට ඩියුටි වැටෙන්න හිටියේ. නමුත් ඊට කලින් අත්අඩංගුවට ගත්තා.

1971 අප්‍රේල් 5 දින මම හිටියේ මරදානේ. මට හිතුනා කොළඹ ප්‍රහාරය අසාර්ථක උනත් පිට පළාත් වල ප්‍රහාර නිසා කැරැල්ල සාර්ථක කර ගන්න පුළුවන් කියලා. මම තව සාමාජිකයන් කිහිප දෙනෙක් එක්ක කැරැල්ලට සහාය පළ කරලා අත් පත්‍රිකා අතින් රෑ එලි වෙනකං ලිව්වා. උදේ මේ පත්‍රිකා ඩබල් ඩෙකර් බස් වල යන ගමන් උඩ තට්ටුවෙන් පාරට දැම්මා. ඉන් පසුව වැඩි ආරක්ෂාවට බත්තරමුල්ල දුටුගැමුනු මාවතේ ගෙදරකට ගියා. මේ ගෙදර තව 6 විතර හිටියා.
මම උයන්ගොඩ, සුනිල් රත්නසිරි ද සිල්වා සාකච්ඡා කලා දැන් කල යුත්තේ කුමක්ද යන වග. දිවුලපිටිය කඳවුරට සහභාගි වීමට මමයි සුනිල් රත්නසිරියි පොල්වත්තක පිහිටි දිවුලපිටි කඳවුරට ගියා. මෙ කඳවුරේ අපගේ සන්නද්ධ සාමාජිකයන් 50-60 විතර ඉන්න ඇති.

මේ කඳවුර තිබුනේ පොල්වත්තක තිබූ කාමර 4ක ගෙයක. බඩල්ගම ලක්ෂ්මන්, චූකි, රෙක්ස් එහෙමත් හිටියා. රෙක්ස්ට වැඩිපුර දේශපාලන වැටහීමක් නෑ. නිර්භීතයි, ආවේගශීලියි. තුවක්කුව හොඳට හුරුයි.

අපට අවට ගැමියන්ගේ සහයෝගය තිබුනා. ඔවුන් අපිට කෑම ගෙනාවා. අපි දවල්ට ගමේ අවි ආයුධ එකතු කරනවා. රෑට ප්‍රහාරවලට මුර. වරක් බතලහේනේදි අපි ගුවන් හමුදා ට්‍රක් එකකට වෙඩි තිබ්බා.

1971 මැයි මාසයේ වෙසක් වලට කලින් කඳවුරේ 30 විතර හිටියා. හිටපු අයගේ නම් වශයෙන් මතක කිහිප දෙනෙක් විතරයි. චුකි, ගාමිණී, බඩල්ගම සුනිල් සෝම, කොලඹ ෂෙල්ටන් හා ජයන්ත, ඇඹුල්දෙනියේ සරත් යන අය මතකයි. මේ කඳවුරේ ඉන්න ගමන් මම වරක් හදිසියේ කොළඹ ආවා. මරදානේ ඇස්වාට්ටුව ලඟ තැනක පිස්තෝල 3 හංගලා තිබුනා. මම ගිහින් ඒක ගෙනාවා. ඒ පිස්තෝල ගේන කොට උන්ඩ දමලා ලෝඩ් කරගෙන තමයි ආවේ. බැරි වෙලා හරි පොලිසියෙන් පරික්ෂා කළොත් වෙඩි තියලා දුවන්න.

අපි දවසක් ඇඩ්‍රස් එකක් දමලා පොලිසියට පණිවිඩයක් යැව්වා පුලූවන්නම් ඇවිල්ලා ගහන්න කියලා. පොලිසිය ගුවන් හමුදාව ආවා. අපි හැංගිලා ඉඳලා වෙඩි තිබ්බා. මේ හේතූන් නිසා පොලිසිය නිතරම උත්සාහ කලා අපිව දඩයම් කරන්න.

අපි තුල මුල් බැස ගෙන අදහසක් තිබුනා පොලිසිය හවස 4 පසු ප්‍රහාර වලට එන්නේ නැහැ. කියලා. ඒ නිසා හතරෙන් පසු අපි මුර කටයුතු ගැන එච්චර සැලකිලිමත් උනේ නැහැ.
1971 මැයි මාසයේ දවසක හවස 4න් පස්සේ මම වත්තේ තිබූ ලිෙඳන් නානා හිටියා. එතකොට මම දැක්කා හමුදාව හා පොලිසිය අපව වට කරන අයුරු. හමුදාව අපේ මායිමටම ඇවිල්ලා. අපි ඊට දින කීපයකට පෙර ගල්වලකින් ඩයිනමයිට් ගත්තා ට්‍රැක්ටරයක් පිරෙන්න. මේවා මායිම් වල වලලලා කවුරු හරි ආවොත් පුපුරවන්න සැලසුම් කරලා තිබ්බා. ඒත අපි අන්තිමට තීරණය කලා දිවුලපිටිය කඳවුර අතහැරලා විල්පත්තු කණ්ඩායමට එකතු වෙන්න. ඒ නිසා ඩයිනාමයිට්   සෙට් කරන්න බැරි උනා. අර විල්පත්තු යන ගමනත් පරක්කු උනා මා ඔය ගලලා තිබූ නිසා. 

ත‍ම් වැටලීමට දවසකට කලින් අපිට අසල වත්තක සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් කෝන් බිෆ් ටින් වගයක් දුන්නා. අපි ඒවා එක්ක ගල් අන්නාසි
කෑවා. ඊට පස්සේ අපි ගොඩකට ඇෙඟ් පළු දාලා අසනීප උනා. ඒත් සමහරුන්ට මොකුත් උනේ නැහැ. අසනීප අය හිටියේ ගෙදර පසුපස මඩුවක. එතන ගාන්ධිත් හිටියා. මට අසනිප ගතියක් තිබුනේ නැහැ.

මම නාන කොට මීටර් 30 විතර ඉදිරියේ හමුදාව. මගෙ අතේ තුවක්කුව නෑ. මම ගේ දෙසට දිව්වා. ඒ එක්කම ආවා වෙඩි වරුසාවක්. මම ගෙදරට දුවන කොට වෙඩි වැදිලා ගෙදර බිත්තියේ කෑලි වැටෙනවා. මම ලඟ හිටපු රණසිංහට වෙඩි වැදුනා. අපිව තුන් පැත්තකින් වට කරලා. නිදහස් පැත්තේ කුඹුරු යාය. අපි තුවක්කු අරගෙන පැන්නා. මගේ පස්සෙන් සරත් හා ජයන්ත ආවා. ජයන්ත අද ඉන්නේ ඇමරිකාවේ.

ගාන්ධිලා වෙළට පැනලා. අපි වක්කලමකට වෙලා හිටියා. අපිට තිබ්බේ තුවක්කු දෙකයි පතුරං 5 කුයි විතරයි. හමුදාව ආවොත් යටත් වෙනවා කියන අදහසින් අපි වක්කලමේ හිටියේ. මෙහෙම රෑ වෙනකං හිටියා. අපිව ඈතින් පේනවා අපි හිටපු ගෙදර ගිනි ගන්නවා.

මහ රෑ හිමිට බඩගාගෙන ගේ තිබූ ඉසව්වට ආවා. රණසිංහගේ මිනිය පේන්නවත් නෑ. අපේ අනිත් අයට ඇහෙන්න එතන උඩට වෙඩිල්ලක් තිබ්බා. ප්‍රතිචාර නැහැ. ඒ නිසා අපි තිදෙනා වෙනත් පොල්වත්තකට ගියා. හොඳ වෙලාවට එතන මුර මඩුව හිස්. අපි එතන සැඟවිලා හිටියා. දවස් තුනක් විතර. කෑමට තිබ්බේ කුරුම්බා විතරයි. අපිට අවශ්‍ය කළා මෙතනින් පලා යන්න. අපි තිදෙනාම හිටියේ නිල ඇදුම් වලින්. ඒ නිසා මහ පාර ලඟටවත් යන්න බැහැ. අන්තිමට තීරණය කලා ඈත තියන බංගලාවට යන්න.

අපි රෑ වත්තේ බංගලාවකට ගියා. හොරෙන් බැළුවම දැක්කා වයසක ගෑණු කෙනෙක් කැකුළු හාල් බතක් එක්ක පරිප්පු හොද්දක් උයනවා. දවස් තුනකින් බත් නොදුටු අපේ කටට කෙල ඉනුවා. අප තිදෙනා තුවක්කු අමෝරාගෙන බංගලාවට පැන්නා. පැනලා කිව්වා කාටවත් කෑ ගහන්න එපා කියලා.

මේ බංගලාවේ හිටියේ වයසක සිල් ගන්න නෝනා කෙනෙකුයි එයාගෙ මහළු වැඩකාරියයි. අපි වහාම තුවක්කු පහත දැම්මා. අපි කිව්වා අපෙන් කිසිම හිරිහැරයක් නෑ අපිට කෑමට යමක් හා සරං කමිස දෙන්න කියලා. ඒ අමමා අපි ගැන බලලා පසුතැවිලි උනා. මටත් ඔයාලා වගේ පුත්තු ඉන්නවා කියලා කිව්වා. අපිට උණු උණුවේ බත් දුන්නා.

අම්මා අපිට කියනවා මගේ පුතා පොලිසියේ වැඩ කරන්නේ. ඔගොල්ලෝ කාේග හරි දෙමව්පියන්ගේ දරුවෝ බේරිලා යන්න කියලා. අපිට පුතාගේ සරං හා කමීස දුන්නා. ගෙදර සන්තකේට තිබුනේ රුපියල් 15යි අපිට ඒකත් දුන්නා.

1971 දි කැරලිකරුවන් බොහෝ විට ක්‍රියා කලේ මානුෂික සීමා තුලයි. 1988 කාලයේදි ගෙවල් වලට පැනලා මංකොල්ලකෑම් සAත්‍රී දූෂණන පවා සිදු කරලා තිබුනා. ඒ අතින් 71 දි මිනිස්කම අපි ආරක්ෂා   කළා.

යුනිෆෝම් වත්තේ හැංගු අපි තුවක්කු පොල් ගසකට නැගලා කරටියේ බැන්දා අපි ලඟ කැලෑ ගඳයි. කොන්ඩා රැවුල් වැවිලා. මහපාර ලඟට රෑ ගිහිල්ලා උදේ වෙනකං හිටියා. ආපු ප්‍රථම බස් එකේ නැගලා කොලඹට ගියා. බැස්සේ පිටකොටුවෙන්. 
අපිට බත්තරමුල්ලේ නිවසට යන්න සල්ලි මදි. අපි ගියේ හොරෙන්. අපි හිටියේ බත්තරමුල්ලේ දුටුගැමුනු මාවතේ ජයන්තලාගේ ගෙදර. ගෙදර 10 විතර හිටියා. අමාරුවෙන් හරි අපිට කන්න දෙනවා. ටික දවසක් යනකොට අසල්වැසියන්ට අපි ගැන සැකයි. ඒ නිසා මම තීරණය කළා තලංගම ඥාති ගෙදරකට ගියා. එ අය මාව දැක්ක ගමන් බය උනා. තියාගන්න බෑ කිව්වා. අපිවත් අත්අඩංගුවට ගනීයි, දේපල රාජසන්තක කරයි කියලා ඔළුවේ අත් ගහ ගත්තා.

මේ අවස්ථාවේදි මගේ ඥාති සහෝදරයෝ උදව්වට ආවා. මහව ජයතිලක කෙනෙක් මරා දාලා. පොලිසිය හිතුවේ ඒ මම කියලා. ඒ නිසා මගේ පස්සෙන් පන්නන එක නැවතිලා තිබුනේ. මේ තත්වය වාසියට අරගෙන මගේ ඥාති සහෝදරයා එක්ක බැටී වීරකෝන් මුන ගැහෙන්න ගියා. බැටී මාව අරගෙන ගියා ලෙස්ලි ගුණවර්ධන ලඟට. ලෙස්ලි මුලදි අපේ කරැල්ල ගැන දොස් කිව්වා. සාමකාමි පරිවර්තනයක් මිසක් ආයුධ ත්‍රස්තවාදය හරහා මේක නොකල යුතුයි කියලා පැහැදිලි කරා. ඒත් අපි ගැන යම් සානුකම්පිත බවක් ඔහු තුල තිබුනා.

මාව යොමු කරා එම්.අයි -5 එකේ ජ්‍යෙෂඨ පොලිස් සුපරින්ටෙන්ඩෙන් කෙනෙකුට මේ වෙන කොට 1971 ජුනි මාසය විතර ලබලා. මම ප්‍රකාශයක් දුන්නා පහරදීම් කලේ නැහැ සැඟවිලා හිටියා පමණයි යනුවෙන්. එසේම අනිකුත් සගයන් බේරෙන ලෙසට ප්‍රකාශයක් කළා. මට පහර දීමක් කලේ නැහැ.

1971 අප්‍රේල් 1 දා විතර මම චීනච්චට්ටි බෝම්බ කේස් 4 පටවාගෙන වෑන් එකකින් ගියා. වෑන් එක එලෙව්වේ සන්තියාගෝ. හරියටම මරදාන පොලිසිය ඉදිරිපිටදි වෑන් එක නැවතුනා මුරට හිටපු රාලහාමි ඇවිල්ලා අපිට කෑ ගැහුවා. ගනිං යකෝ පාරබ්ලොක් නොකර කියලා. මම බැහැලා වාහනය තල්ලූකරා අන්තිමට වෑන් එක ස්ටාට් උනා. ඒ වගේ අවදානම් වැඩ පවා 71 දී  මට වෙලා තියනවා. ඒත් පොලිස් කට උත්තරේ ඒ ගැන කිසිම සඳහනක් නැහැ.

1971 ජුනි අග වෙන කොට මාව දැම්මා විද්‍යෝදය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පවත්වාගෙන ගිය සිර කඳවුරට. එතන 3000- 4000 ඉන්නවා. මෙ කඳවුර භාරව හිටියේ කර්නල් දිවිතොටවෙලයි. මේ කඳවුරේ කෑම තත්වය, සෞඛ්‍ය තත්වය ඉතා පහත් තත්වයක. මේ නිසා රැඳවියන් උද්ඝෝෂණය කළා. මෙහිදී හමුදාව කඳවුරට වෙඩි තිබ්බා. හතර පස් දෙනෙකුට තුවාල උනා. අයි.ඩී.එච් වල චන්ද්‍රසේන නොහොත් වෙල්කම් ගේ පාදයට වෙඩි වැදුනා. ඊට ප්සසේ කර්නල් දිවිතොටවෙල කිව්වා තුවාලකරුවන් එලියට දාන්න වෙනිවැල්ගැට තම්බලා තියෙන්නේ කියලා.

මේ උද්ඝෝසණයට සම්බන්ද වූ රැඳවියන් අතරින් මාව නෝට් වෙන්න ඇති. මාව එලියට අරගෙන රත්මලාන ගුවන් තොටුපලට රැගෙන විත් ගුවනින් යාපනයට ගෙන ගියා. එතනින් දැම්මා හැමන්හිල් සිරකඳවුරට. හැමන්හිල් වල හිටියා මගේ අයියා රත්නපාල.

ඒ වෙන කොට පැමන්හිල්වල භද්දිය, ඇට්ලස් බන්ඩාර, බාල්දි සිරා, නාරාහේන්පිට චන්දරේ, වස්ගමුව, බර්ටි රංජිත්. එස්.ඩී. හෙවත් සෝමරත්න කළු ආරච්චි, රංවල බබානිස්, ඩැනියෙල් යන අයත් හිටියා.

මාව 1974 වෙන තෙක් ඒ කියන්නේ වසර 3 1/2 විතර රඳවලා තැබුවේ හැමන්හිල් වල. පැමන්හිල් හිටි කාලයේ දී මම කොමියුනිස්ට් ප්‍රකාශය කියෙව්වා. මෙය අතින් පිටපත් කරලයි තිබුනේ. අපි අධ්‍යාපන පොත් හැටියට පෙන්වමින් එය රහසින් කියවන්න ගත්තා. මාක්ස්වාදය හැදෑරුවා. ේදශපාලන උනන්දුව නිසා හැමන්හිල් වැනි ආගාධයක හිටියත් මම මානසිකව වැටුනේ නැහැ.
හැමන්හිල්වල හිටියා දැඩි මතධාරින් අන්ධ භක්තියෙන් යුතුව විරුද්ධ මත වලට අතින් පයින් පහර දෙන පහත් මට්ටමකට පත් වෙලා හිටියා. ඔවුන් හැසිරුනේ විප්ලවවාදින් ලෙස නොවේ. නූගත් මැරයන් ලෙසටයි. මේ අයට යම් අවලෝකනයක් දෙන්න අපි බලවේගය පත්තරය කලා. ඒක අතින් ලිව්වේ. ඒ වගේ යදම් අතරින් කියන සඟරාව මාස 6 වරක් පල කළා. මේකත් ලිව්වේ අතින්.

අම්මා මාවයි අයියවයි බලන්න මාසෙකට සැරයක් යාපනය හිර ගෙදරට එනවා.එතකොට අපිට පැමන්හිල් වල සිට බෝට්ටුවේ එලාර බේස් එකටත් එතනින් යාපනය සිර ගෙදරටත් ගෙනියනවා. මේ අතර රෝහණ විෙජ්වීර මට පණිවිඩයක් එවා තිබුනා කොහොම හරි ප්‍රශ්නයක් හෝ දාගෙන මැගසින් එන්න කියලා. මේ පණිවිඩය දිලා තිබ්බේ විෙජ්වීරගේ අම්මයි අයියා ආනන්ද විෙජ්වීරයි විසිට් ගිය වෙලාවක. 1974 වගේ මේක උනේ. ඒ අනුව මම මැගසින් බන්ධනාගාරයට මාරුවක් හදා ගත්තා.

මම බෝක්කු කටින් විෙජ්වීර සහෝදරයා එක්ක කථා කලා. පැය 1 1/2 විතර. අපි දෙන්නා කථා කරන කොට කිහිප දෙනෙක් ඈතින් මුර. වෙන අයට ලඟට එන්න දෙන්නේ නැහැ. විෙජ්වීර මට කිව්වා මාරසිංහ හා චන්දරේ උමඟක් කපනවා කියලා. ඒ සංවාදයේ දි අපි දෙදෙනා අතර යම් මත ගැටීමක් ඇති උනා. ව්‍යාපාරයෙන් වෙන් වීමට මට මුල් පදනම වැටුනේ එදා බව මට අද වැටහෙනවා.

මම නඩුවට මුහුණ දුන්නා චෝදනා නැති නිසා අත් හිටවපු වසර 2 සිරදඩුවමක් සමග මාව 1976 දි නිදහස් කළා. නිදහස් වෙලා ඇවිල්ලා මම පිටු 80ක ලියුමක් ලිව්වා විෙජ්වීරට. මේ ලිපියේ සම්පින්ඩනය වුනේ 71 අප්‍රේල් අරගලයේ වගකීමෙන් විෙජ්වීරට නිදහස් විය නොහැක කියන එක.

විෙජ්වීර අම්පාරේදි අත්අඩංගුවට ගැනීමට පෙර මට හමු උනා පොඩි අතුලගේ ගෙදරදි. එහිදි කල සාකච්ඡාවේදි ඔහු කිව්වා කොළඹට ප්‍රහාරයක් දියත් කරන අන්දම එය කල යුතු ආකාරය ගැන. එසේම ඒක අසාර්ථක උනොත් විල්පත්තුවට හෝ සිංහරාජයට පසු බැසීම ගැනත් කිව්වා. මේ සිද්ධින් ගැන මතක් කරලා තමයි ඒ ලියුම මම ලිව්වේ. එක දුන්නා දයා වන්නිආරච්චිට. විෙජ්වීරට දෙන්න කියලා. මෑතකදි (2008) මට ලයනල් බෝපගේ ගෙන් දැනගන්නට ලැබුනා මගේ පිටු 80 ලිපිය විෙජ්වීරට නොලැබුනු බව. විෙජ්වීර තුල පුද්ගල ආකර්ශන හැකියාවක් තිබුනා. ඒත් ඒක දිගටම පවත්වා ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. 

මගෙ අයියා රත්නපාල නිදහස්වෙලා ඇවිල්ලා ටික කාලයකට පස්සේ පපුවේ අමාරුවක් හැදිලා මැරුණා. අද මම සුළු වෙළදාමක් කරගෙන ජීවත් වෙනවා. 71 මතකය මට අමතක කරන්න බැහැ.

(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්  කෘතිය ඇසුරෙනි)

Monday, December 29, 2014

හැමන් හිල් සිර කඳවුරේ කතාව



හැමන් හිල් සිර කඳවුරේ කතාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග  
  
 රෝහණ විෙජ්වීර නිදහස් කර ගැනීම සඳහා පියතිලකගේ නායකත්වයෙන් 500ක පිරිසක් යාපන බන්ධනාගාරයට එවන ලෙස ලාල් සෝමරසිරි අත යැවූ පණිවඩය පිළිබඳව විවිධ මත ඇතත් බර්ටි රංජිත්ගේ නායකත්වයෙන් යාපනය සිර ගෙදරට එල්ල කළ ප්‍රහාරය පිලිබඳව විස්තර ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සොයා ගැනීමට මම උත්සුක වූයෙමි. එම ප්‍රහාරයෙන් වසර 37 පසුව ඉතිහාසය හෑරීම අතිශයින්ම දුෂ්කරය. එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඇතැමෙකු අද ජීවතුන් අතර නැත. සමහරෙක් පිටරට ජීවත් වෙති. ලංකාවේ සිටින අය පවා නිහඩතාවය රකිනු මිස ඒ පිළිබඳව කථා කිරීමට එතරම් රුචියක් නොදක්වති. එවැනි වාතාවරණයක් යටතේ යාපනය හිරගෙදරට ගිය ගමන පිලිබඳව තතු පැවසීමට පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරිපත් විය.

මුලින්ම මගේ සම්මුඛ සාකච්ඡාවට ලක් වූයේ විෙජ්විර මුදා ගැනීම සඳහා ගිය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගෙන් එක් අයෙකි. වර්තමානයේ නිතිඥයෙකු වන වනිගබදු ය. එදා යාපනයට ගිය ගමන ගැන ඔහු මට කරුණු හෙළි කලේ මෙලෙසටය.

zවිද්‍යෝදය විශ්ව විදයාලයේ ආර්ථීක විද්‍යා උපාධිය හදාරමින් සිටියදී සුනිල් රතනසිරි සිල්වා. ඩැනියෙල් ප්‍රනාන්දු හරහා තමයි මම සංවිධානයට එකතු උනේ. රෝහන විෙජ්වීර යාපනය සිර ගෙදරින් නිදහස් කර ගැනීමට 500ක පිරිසක් අවශ්‍ය කෙරුවත් මගේ අදහසේ හැටියට සොයා ගැනීමට හැකි වී ඇත්තේ 98 ක පිරිසක්. කොටසක් කෝච්චියේ ගියා. තව කොටසක් කරාටේ සැම්සන් එක් ඊබට් සිල්වා බස් එකක ගියා. එතන 45 විතර ඉන්න ඇති. තව කට්ටියක්  ලංගම බස් වල ගියා. පසුව අපට ලැබුණු විස්තර අනුව කෝච්චියේ ගිය පියතිලක මහවිලච්චියේ බැහැලා තියනවා. ඔහු යාපනය ප්‍රහාරයට ආවේ නැහැ.

යාපනය ගමන ගැන අපට කිව්වේ සුනිල් රත්නසිරි ද සිල්වා. ඒත් අපට විෙජ්විර ගලවා ගැනීම් ගැන විස්තරයක් කීව්වේ නැහැ. ගමනේ අරමුණත් අපිට කිව්වේ නැහැ. අපි නව දෙනෙකුට යාපනයට යන්නට නියමිත උනා. 1971 අප්‍රේල් 4 උදේ 6 ට විතර මම, ජයසුරිය. රත්නසිරි තිසේරා ඇතුළු විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ 9 දෙනෙක් කොළඹ කොටුවේ සිට යාපනය බලා යන ලංගම බස් රථයකට නැග්ගා.

ඒ කාලයේ අද වගේ මාර්ග බාධක නැති නිසා ගමන ඉක්මන්. ඒත් කිලිනොච්චියේදී අපි ගිය බස් රථය පොලිසියෙන් නවත්තලා චෙක් කළා. තරුන සිංහල කණ්ඩායම කෙරෙහි ඔවුන් සැක කරන්න ඇති. අපෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අපි උත්තර දුන්නා ටි්‍රප් එකක් යනවා කියලා. ඒත් පොලිසිය ඉන් සැනසීමකට පත් වුනේ නෑ. අපිව බස්සගෙන කිලිනොච්චි පොලිසියට ගෙනිච්චා. මේ වෙන කොට දවල් 2 ට විතර ඇති. අපිව පොලිසියේ කූඩුව ඇතුලට දැම්මා. අප්‍රේල් 4 දා සිට අපි හිටියේ පොලිස් අත් අඩංගුවේ. අප්‍රේල් 8දා අපි යාපනේ සිර ගෙදරට ගෙනාවා. ඊට පස්සේ හැමන්හිල්   සිර කඳවුරට ගිහිල්ලා දැම්මා.

මුහුද මැද තියන හැමන්හිල්   ් දූපතට අපිව ගෙනියනකොට එතන හිරකාරයේ 90 විතර ඉන්නවා. යාපනය පොලිසිය. යාපනය සිර ගෙදර ප්‍රහාර වලට ගිහිල්ලා අත්අඩංගුවට ගත් අය තමයි මෙතන හිටියේ. හැමන්හිල්   දූපත ඉස්සර ඕලන්දරකාරයන් වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න හදපු ගබඩා සංකීර්ණයක්. වටේට කොංක්‍රීට් තාප්පය නිසා දූපතට වෙරළක් නැහැ. ඒ තාප්පය ගාළු කොටුව වගේ ශක්තිමත් උසයි. නාවික හමුදාවේ බෝට්ටු නවත්වන්න තොටුපලක් තියනවා. කොටුව ඇතුලට ගියහම නාවික හමුදා භටයන් හිටපු ගොඩනැගිල්ලක් තියනවා. හිරකරුවන් රඳවලා තිබුනේ විශාල කුහර ඇතුලේ. කුහරයක් යෝධ බාල්දියක් විතර ඇති. මේවට කිව්වේ ඩන්ජන් කියලා. ඒ වගේ ඩන්ජන් 9 තිබුනා. නොම්බර 2 ඩන්ජන් එක තමයි වඩා විශාල ඒකේ 72 විතර හිටියා.

ඩන්ජන් ඇතුලේ සිරකරුවෝ හිටියේ එක පොදියට. හුස්ම ගන්න නෑ. රස්නේ නිසා කෑම කන තැටියෙන් පවන් ගහ ගන්නවා. ඇතුලේ දාඩිය මුත්‍රා, අසූචි ගඳ, මීයෝ විමානෙ.

අපි හැමන්හිල්  යනකොට යාපනය සිර ගෙදර ප්‍රහාරයට නායකත්වය දුන් බර්ටි රංජිත්. වීරසිංහ හෙවත් කළපු විෙජ්, කොටවල දේවසිරි, භද්දිය සාදු, ඇට්ලස් බන්ඩාර, ඇට්ලස් බණ්ඩාරගේ රියැදුරු බාල්දි සිරා, කතරගම සිරිපාල එහෙමත් හිටියා.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ නිමල් වසන්ත යාපනය සිර ගෙදර ප්‍රහාරයේදී මළ බව මට හැමන්හිල්හීදි දැනගන්න ලැබුනා. ගිය අයට පැය දෙකක් විතර හිර ගෙදර ඇතුලට යා ගන්න බැරි වෙලා. පොලිසිය යුද හමුදාව, නාවික හමුදාව  වට කරලා. මාරසිංහ සහ ඩැනියෙල් ප්‍රනාන්දු බේරුණා. මේ අයට දෙමළ පුළුවං. ඒ නිසා දෙමළ මිනිසුන් අතරට ගිහිල්ලා සැක නොහිතන පරිදි පලා ගියා.

ඩන්ජන් ඇතුලේ හිරකාරයෝ හිටියේ මිහිපිට අපායක වගේ. අංක 3 තමයි තර්ස්ටන් විද්‍යාලයේ ළමාහේවා කියන ශිෂ්‍යාව රදවලා තිබුනේ. එයාට අවුරුදු 17 විතර ඇති. යාපනය සිර ගෙදර ගේන්න පෙර ළමාහේවට පොලීසියෙන් පහර දීලා තිබුනා. පහර කෑම නිසා ළමාහේවා දුර්වල තත්වයේ හිටියේ. නැගිටින්න බැරුව ළමාහේවා වැතිරිලා ඉන්නවා. දොස්තර කෙනෙක් පේන තෙක් මානයක නැහැ. ගාඩ්ලා එන්නේ කෑම දෙන්න විතරයි.

1971 අප්‍රේල් අග හෝ මැයි මුල විතර දවසක ළමාහේවා මැරුණා. සිරකරුවන්ට නොතේරෙන විදිහට ගාඩ්ලා මිනිය අරගෙන ගියා. පසුව ලැබුනු තොරතුරු අනුව කයිට්ස් එලාර නේවි කෑම්ප් එක අසල ළමාහේවාව වලලලා තියනවා.

71 ජුනි විතර වෙන කොට ගුවන් හමුදාවේ රත්නපාල, මරදානේ ජයතිලක, අසෝක ගමගේ එහෙම හැමන්හිල්  ගෙනාවා. හිරගෙදර තිබුනෙ බාල්දි වැසිකිලි. පිටාර ගලන අසූචි සහිත බාල්දි හිරකාරයෝ දෙන්නෙක් නේවි එකේ සෝදිසිය ඇතුව බෝට්ටුවේ ගිහිල්ලා මුහුදට හලනවා. සිර ගෙදර සුද්ද කිරීම බලෙන් සිර කරුවන් ලවා තමයි කර ගත්තේ.

ළමාහේවාගේ මරණය නිසා සිරකරුවන් තුල නොසන්සුන්තාව වැඩි කරා. ගුවන් හමුදාවේ සිරකරුවන් ඒමත් හයියක් වෙන්න ඇති. සිරකරුවන් සන්නිවේදනය කලේ කඩදාසියෙ අඟ=රු වලින් ලියලා ඒ කඩදාසිය කොස්සේ ගහලා. මේ කොස්ස භාවිතා කරලා තමයි ඩන්ජන් ඇරගත්තේ.

සිරකරුවන් තීරණය කළා විරෝධතාවක් දියත් කරන්න. දැනුවත් කිරීම් කෙරුවේ කොස්සේ ගහපු පණිවිඩය හරහා. ඒ අනුව නොවැම්බර් 2 ඩන්ජන් එකේ හිටපු සිරකරුවන් එළිමහනට පැය භාගයකට ගත් අවස්ථාවේදී ඒ අය යළි ඇතුලට ගියේ නැහැ. කට්ටියක් කුස්සියේ වංගෙඩි හා මෝල්ගස් ගෙනල්ලා ඉතිරි වෙලා තිබූ යකඩ දොරවල් අගුල් කඩලා ඒවා ඇතුලේ හිටපු සිරකරුවන් නිදහස් කර ගත්තා.

අගුල් කඩාගෙන ආපු සිරකරුවන් හැමන්හිල්  කඳවුරේ තිබූ බෝ ගස යට වාඩිවී හිරු එළිය, නැවුම් වාතය ආග්‍රහනය කළා. බන්ධනාගාර නිලධාරින් පළා යද්දි මුරට හිටපු නාවික භටයන් තුවක්කු එල්ල කරා සිරකරුවන් දෙසට. ඔවුන් හිතුවේ අපි පළායන්න හදනවා කියලා. මෙහිදි එක් සිරකරුවෙක් නාවික හමුදාව ඇමතුවා. ඔහු කිව්වා අපේ අරමුණ හිරගේ කඩා පලා යන්න නොවේ මුලික මිනිස් අවශ්‍යතාවෙන් එකක් වන හිරු එළිය සඳහා බව.

හැමන්හිල්  බන්ධනාගාරයේ දොරගුළු කැඩීම නිසා බන්ධනාගාර අධිකාරින් පරීක්ෂණ ආරම්භ කළා. යකඩ දොරවල් කඩලා කරපු අලාභය බලන්න විශේෂ කණ්ඩායමක් ආවා. ඒ අතර යාපන දිස්ත්‍රික් විනිසුරු ක්ලැරන්ස් මහත්තයත් හිටියා. පිරිස සිරකරුවන් ඇමතුවේ උස තාප්පය මත සිටයි. පහත සිටි සිරකරුවන් ඔවුන්ට සවන් දුන්නා.

ක්ලැරන්ස් මහත්තයා කිව්වා හිරයේ ඩන්ජ්න්වල යකඩ දොරවල් කඩා කරපු හානිය රුපියල් 26 000 වෙනවා. ඒක සිරකරුවන්ගෙන් අය කර ගන්නවා. කියලා. මේ වෙන කොට හිරකරුවන්ට හොරි හැදිලා ඇඟවල් ඉදිමිලා තිබුනේ. අපි අතර හිටියා මහියංගනේ බස්නායක කියලා සිරකරුවෙක්. ඔහු සරම උස්සලා ලිංගය පෙන්නුවා. මේකෙන් 26.000 ගන්න කියලා. හොරි හැදිලා ඔහුගේ ලිංගය ඉදිමිලා වන වෙලා තිබුනේ. ඊට පස්සේ අලාභ අය කිරීම ගැන කවුරුවත් කථා කළේ නැහැ. අගුල් කඩලා හිරගෙදර ඇතුලේ සිරකරුවන් නිදහසේ හිටියා. බෝ ගහ යට හාන්සිවෙලා ඉන්නවා. වරක් ආරක්ෂක හේතු මත බෝ ගහ කපන්න හැදුවා. සිරකාරයන් ඊට ඉඩ දුන්නේ නැහැ

1972 දි මාව අකරයන්කුලම් කඳවුරට දැම්මා. එහිදි මට විරුද්ධව චෝදනා නොතිබූ නිසා මාව නිදහස් කලා. ඒ අනුව මම යළි විශ්ව විද්‍යාලයට ගියා. මට නිදහස භුක්ති විදින්න පුළුවන් වුනේ මාස 2 යි. යළි මාව අත්අඩංගුවට ගත්තා. ඒක උනේ මෙහෙම. මම විශ්ව විද්‍යාලයේ සිටියදී මාව බලන්න රෝහන විෙජ්වීරගේ සහෝදරයා, ආනන්ද විෙජ්වීර ආවා. මේ කාලයේ රොහණ විෙජ්වීර හිරේ සිට එවපු ලිපි වගයක් සි.අයිඩී. එකට අසු වෙලා තිබුනා. මේ අනුව යළි මාව සි.අයි.ඩී. එකේ උකුසු ඇසට ලක් උනා.

මෙවර මාව වසර 4කට රඳවා ගත්තා බෝගම්බර සිර ගෙදර. මම නිදහස ලැබුවේ 1975 දි. මම මගේ උපාධිය අවසන් කළා. නීතිය හැදෑරුවා. ජීවිතේ අනපේක්ෂිත  ගමනක යෙදුනා.


පියුමසේන, කන්නංගර

පියුමසේන, කන්නංගර බර්ටි රංජිත් සමඟ යාපනය හිර ගෙදර ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකි. ඔහු මෙසේ පවසයි.

zzමම ව්‍යාපාරයට සම්බන්ධ වෙන කොට රැකියා විරහිත තරුණයෙක්. මට ඩ්‍රයිවින් පුළුවං. එස්.ඩී බණ්ඩාරනායක මහත්තයගේ ව්‍යාපාරෙ වැඩට දීලා තිබු අංක 1961 දරණ ෆොක්ස් වැගන් එක මම එලෙව්වා. වරක් සුමාන 2-3 විතර පොඩි අතුල සමඟ වාහනේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කලා.

බර්ටි රංජිත් ඉගෙන ගත්තේ හුනුමුල්ල සෙන්ට්‍රල් එකේ. මම හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. බර්ටි මගේ පාසල් කාලයේ සිටම දන්න මිතුරෙක්. අපි යාපනේ හිරගේ කඩන්න ගියේ අප්‍රේල් ප්‍රහාරයට දින 10
විතර පෙර මාර්තු මාසයේදී. කෝච්චියෙන් බර්ටි. මම, විරසිංහ හෙවත් පසුව කලපු වීරේ ලෙස නම් කල වීරේ, ධර්මසිරි ෆොන්සේකා යාපනයට ගියා. අපි නැවති හිටියේ කන්කසන්තුරේ පාරේ තිබු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ. ඒකේ සිංහල පංති පවත්වනවා ඒ නිසා අපිට ගැටළුවක් උනේ නැහැ. මමයි වීරෙයි එහෙ තියලා බර්ටි යලි කොළඹ ගියා. යන්නට පෙර යාපනය හිරගෙදරට පහර දීම ගැන මට කරුණු හෙලි කළා.

අප්‍රේල් 3 දා මට මුත්‍රා අමාරුවක් හැදුනා. මට හොඳටම අසනීප වුනා. මමයි වීරෙයි අප්‍රේල් 4දා රෑ කොළඹ ආවා. උදේ වෙන කොට අපි දෙන්නා කොළඹ. අපි දෙන්නා කෙහෙල්ඇල්ලට ගියා. එහිදි විල්සන් ෆොන්සේකා අපිට හමු උනා. අපිව දැක්ක ගමන් විල්සන් කිව්වා ඇයි කොළඹ ආවේ අද රෑ අපි ගහනවා කියලා. ඒ අනුව එදාට (1971 අප්‍රෙAල් 5) දවල් අපි මීරිගම ස්ටේෂමට ගියා යාපනය කෝච්චිය අල්ල ගන්න. අපි මීරිගමින් දවල් 2ට විතර නැග්ගේ රෑ 10ට විතර යාපනයට යන්න පුළුවන් උනා.

අපි කෙළින්ම ගියේ යාපනයේ නාග විහාරය ලඟට. එතන බර්ටි ධර්මසිරි ෆොන්සේකා ඇතුළු 30-40 විතර. අපිව දැක්ක හැටියේම ධර්මසිරි ඇහුවා තොපි කොහේද යකෝ ගියේ කියලා. මං මට වෙච්ච මුත්‍රා අමාරුව ගැන කිව්වා. අපිට යන්න කිව්වා සෙන්ට් පෝල්ස්  පල්ලිය ලඟ කස්ටම් එකේ නිල නිවාස වලට. එහේ නිල නිවසේ හිටියා පියදාස කස්තුරිආරච්චි. එතන චීනච්චට්ටි බෝම්බ තිබුනා. මම ප්‍රථම වතාවට තමයි බෝම්බ දැක්කේ. මෙතෙක් කලේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කරන එක. චීනච්චට්ටි බෝම්බ අඹ ගෙඩියක් තරං ඇති. සේවා නූල අගට ගිණිකූරු 3 බැඳලා තිබුනා.

මේ බෝම්බ දැක්ක හැටියම මට පොඩි සැකයක් ආවා මේක වැඩ කරයිද කියලා. අපිට ලැබුණු උපදෙස් තමයි ගිනිකූරු 3 සහිත සේවා නූල පත්තු කරලා ගෙඩිය විසි කරන ගමන් බිම දිගා වෙන එක. කෝටුවකුත් ගෙනිච්චා කටේ ගහ ගන්න. අපි බෝම්බ අරගෙන යළිත් නාග විහාරයට ගියා. ඉන්පසු කොටුව පිට්ටනිය පැත්තට අපි විසිරිලා යන්නට පටන් ගත්තා. කොටුව පිට්ටනියේ පාස්කු සංදර්ශනය. ඒ නිසා අපි බන්ධනාගාරයට පහර දෙන එක ප්‍රමාද කළා. රෑ 12 විතර වෙන කං හිටියත් කානිවල් එක ඉවර වෙන පාටක් නැහැ. බර්ටි තීරණය කලා පහර ආරම්භ කරන්න. බර්ටි සාමාජිකයන් දහයකට විතර කිව්වා බන්ධනාගාරයේ ගේට්ටුව ලඟට යන්න කියලා. එක්කෙනාට බෝම්බ දෙක ගානෙ දුන්නා. නේවි  එකෙන්  ආයුධ අරගෙන තව පිරිසක් එයි කියලත් කිව්වා. නමුත් ඒ පිරිස ආවේ නැහැ.

අපි කොටුවට යන්නට පෙර එලියේ පොලිස්කාරයො 10-15 විතර හිටියා. අපි බෝම්බයක් දමලා ගැහුවම පොලිස්කාරයෝ දිව්වා. ඒ අතර වාරයේ පොලිසිය අපි දෙසට වෙඩි තිබ්බා. අපේ කෙනෙකුට වෙඩි වැදිලා වැටුනා සමහරෙක් පැනලා දිව්වා. බර්ටි කෑ ගැහුවා දුවන්න එපා. ඉදිරියටම යමු කියලා. අපි බන්ධනාගාරයේ පළවන ලී දොර අසලට ගියා. ඒක මහ තඩි ලී දොරක් අඩි 10 විතර උසයි. උළුවස්සේ පොඩි විවරයක් තියනවා. බර්ටි ඒක ඇතුලට ගෙඩියක් දැම්මා. ගෑණු කෑ ගහන්න ගත්තා. එතකොටයි අපි දන්නේ ඒක ගෑණු වාට්ටුව කියලා. බර්ටි කෑ ගහලා කිව්වා යටත් වෙන්න අපි මුළු ලංකාවම අල්ලලා තියෙන්නේ සමහර ගාඩ්ලා යටත් උනා. සමහරු සාමි සාමි කියලා පැනලා දිව්වා.

අපි වහලට නැගලා කොටුව තාප්පයට ගොඩ උනා. ඒක විශාල තාප්පයක්. තාප්පය හරි පළල් පස් හය දෙනෙකුට එක පෙලට ඇවිදගෙන යන්න උනත් පුළුවන්. අපි තාප්පෙටනගින කොට එලියෙ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. එන පොට හොඳ නෑ වගේ පොලිසිය හමුදාව අපිව වට කරනවා. සමහරු බර්ටිට කිව්වා පැනලා යමු කියලා. බර්ටි කිව්වා බලමු නේවි එකේ කට්ටියක් ආයුධ අරන් එනවා. නමුත් කවුරුවත් ආවේ නැහැ.

මේ අතර ඇට්ලස් බණ්ඩාර එහා පැත්තේ දොර ලඟ කෑගහනවා. අපිට කලින් කියලා තිබ්බේ කාර් එකක් එයි එතකොට විෙජ්වීරව දෙන්න කියලා. ඇට්ලස් තමයි කාර් එකේ ආවේ. ඇට්ලස් දොර ලඟට ඇවිත් කෑ ගැහුවා විෙජ්වීර සහෝදරයා ගත්තාද? අපි නෑ කිව්වා. විෙජ්වීර ගන්නව තියා හිර ගෙදර අහලකටවත් යන්න බැහැ. එතකොට කාර් එකක් යන සද්දේ ඇහුනා. ඇට්ලස් යන්න ගියා. මේ වෙන කොට අළුයම 1ට විතර ඇති.

ප්‍රධාන දොරටුවෙන් පොලිස් ජීප් එකක් ආවා. මේ අතර කයිට්ස් පාරේ වාහන නවත්තලා පොලිසිය කාර් චෙක් කරනවා. පොලිසිය හමුදාව පාරේ මුර. එළියට පැන ගන්න බැරි පාටයි. මම බර්ටිට කිව්වා තාප්පෙන් එළියට පනිමු කියලා එතකොට බර්ටි උත්තර දුන්නා පනින්න බැහැ අපට ලනුවක්වත් නැහැ. මේ වෙලාවේ මම දැක්කා කාලතුවක්කු රිංගවන කටක්. මේක විශාල ගුහාවක් වගේ. තණකොළ වැවිලා නිසා එළියට පේන්නේ නැහැ. මම මේක ඇතුලට ගියා. අපේ අනික් අය කොටුව උඩ ඒ් අයට තුවක්කු නැහැ අතේ තිබ්බේ ගෙඩි විතරයි. නේවි එකෙන් ආයුධ එනවා කියලා තිබුනත් මොනවත් ලැබුනේ නැහැ. ගහපු ගෙඩි පවා පිපුරුනේ නැහැ. පුපුරපු එවා ලොකු හානියක් කළේ නැහැ.

මෙහෙම පැය දෙක තුනක් යන කොට එළිය වැටුනා. මම තාම කුහරයේ හැංගිලා. මට ඇහෙනවා අපේ අයව අත්අඩංගුවට අරගෙන රයිෆල් මිටවල් වලින් පහර දෙන සද්දේ. කොටුව ඇතුලට ගිය කාටවත් එළියට පැනලා යන්න බැරි උනා. මම කුහරය ඇතුලේ 7 දා හිමිදිරිය වෙනකං හැංගිලා හිටියා. මගේ මුත්‍රා අමාරුවත් ප්‍රබල වෙලා. අප්‍රේල් 5 දා සිට ආහාරයක් ඇඟට වැටුනේ නැහැ. මගේ අතේ ආයුධයක්වත් නැහැ. අප්‍රේල් 7දා හිමිදිරියේ මම එළියට ආවා. තාප්පය අඩි 15 විතර උසයි. තාප්පයෙන් පැනලා එළියට යනවා කියන අදහසින් මම තාප්ප ගැට්ට ලඟට බඩගෑවා. තාප්පය අවට පවා මුර. තාප්පය උඩත් සෙබළුන්.

මම බඩගාගෙන යන කොට හමුදාවේ කෙනෙක් මාව දැකලා ්‍ය්කඑ කියලා තුවක්කුව මෑනුවා. මම අත්දෙක උස්සලා යටත් උනා. තව සෙබලෙක් දුවගෙන ඇවිත් රයිෆල් මිටෙන් මට පත බෑවා. මම ඇදගෙන වැටුණා. එතකොට මාව මුලින්ම දැක්ක සෙබලා මට පහර දෙන්න එපා කියලා කෑ ගැහුවා. මගේ ඇඳුම ගලවලා මාව පරීක්ෂා කළා. සෙබලෙක් පල්ලෙහාට පණිවිඩයක් දුන්නා. ටික වෙලාවකින් හමුදාවේ කපිතාන් කෙනෙක් ආවා. මගෙන් නම ගම විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා තමුසේව අපිට පොලිසියට දෙන්න වෙනවා පොලිසිය තමුසෙගේ කටු කඩයි. එත් අපිට කරන්න දෙයක් නැහැ කියල.

මාව ගෙනිච්චා යාපනය කොටුවේ තිබූ තාවකාලික හමුදා කාර්යාලයට. මම කපිතාන්ට කිව්වා සර් මම දවස් දෙකක් කෑවේ නැහැ කියලා. මට තේ එකක් ගෙනල්ලා දුන්නා. මම පුටුවෙ වාඩි වෙලා තේ එක බොනකොට යකෝ මූට පුටුත් දීලා කියලා සමහර සෙබළු මට ගහන්න ආවා. පැය භාගයක් විතර යන කොට පොලිසියෙන් ආවා. මාව ජීප් එකට දා ගත්තේ පයින් ගහන ගමන්. පයින් පාරට මාව ජීප් එකට වීසි වුනා. මාව කෙලින්ම ගෙනිච්චේ යාපනය පොලිසියට.

පොලිසියෙදි මගෙන් ප්‍රශ්න කළා. ආවේ කා එක්කද? මම කිව්වා බොරු නමක්, පෙරේරා කියන නායකයා එක්ක යාපනේ ආවා. එතකොට ඇහුවා තමා එක්ක තව කවුද ආවේ. මම මොහොතක් කල්පනා කරා. අපි යාපනය කොටුව ඇතුලට එන්න හදන කොට වෙඩි පහර වැදිලා වැටුනේ විරසිංහ බව මට හිතුනා ඒ නිසා මම වීරෙගේ නම කිව්වා.

වීරේ ඉඳලා තියෙන්නේ කොටුව එළියේ. බොක්කුවක් යට හැංගිලා ඉඳලා උදේ කලපුවට පැනලා පීනනකොට බෝට්ටු වලින් ගිහිල්ලා වීරේව අත්අඩංගුවට අරන් තියනවා. මම හිතුවේ වීරේ මැරිලා කියලා. පොලිසිය මට කිව්වා උඹත් එක්ක ආව අය මෙතන ඉන්නවනං කියපන් කියලා. මාව ගෙනිච්චා පොලිස් කූඩුව ලඟට. එතන එක පොදියට 30 විතර හිටියා. ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගත් අයත් එතන හිටියා.

සිරිපාල අබේගුණවර්ධන යාපනය පොලිසියට ගහන්න ඇවිල්ලා හිටියේ පිලියන්දල සෙන්ට්‍රල් එකේ ශිෂ්‍ය පිරිසක් එක්ක. ඩැනියෙල් තමයි ඒක සංවිධානය කරලා තියෙන්නේ. බස් එක සිංහල විද්‍යාලයේ නවත්තලා හවස මේ අය පොලිසියට ගහන්න ගියේ. නමුත් ඇටෑක් එක හරි ගියේ නැහැ. මේ අය යළි සිංහල විද්‍යාලය ලඟට ඇවිල්ලා බස් එකේ කොළඹ යන්න උත්සාහ කරලා. ඊබට් සිල්වා බස් එකේ ඩ්‍රයිවර් පාරේ කලබලය නිසා වාහනය ගන්න බැහැ කියලා. එතකොට සිරිපාල අබේගුණවර්ධන
මම එලවනවා කියලා සුක්කානම ගත්තා. සිරිපාල හිටපු බස් රියැදුරෙක්. බස් එක පාරට දාන්නවත් ලැබුනේ නැහැ පොලිසිය මුළු බස්එකම අත්අඩංගුවට ගත්තා.

රංගල විමලවංශ සිවුර ගලවලා වීරසිංහ නමින් ගිය කෙනෙක්. මෙයා තව පස් දෙනෙක් එක්ක ගියා කරෙයිනගර් කෑම්ප් එක ලඟට. ඔවුන්ට කියලා තිබ්බා කඳවුරේ නේවිකාරයන්ට නිදි පෙති දීලා ඒ අය ගොරව ගොරවා නිදි. කඳවුරේ ලයිට් කපලා තියෙන්නේ. කඳවුර ලඟට ගියාහම ආයුධ දෙයි කියලා. මේ අය කරෙයිනගර් කඳවුර ලඟට යනකොට කිසි වෙනසක් නැහැ. ගාඩ්ලා මුර. කඳවුරේ ලයිට් පත්තුවෙනවා. ඒ අය යළි හැරිලා එනකොට අත්අඩංගුවට පත් වෙලා.

විරසිංහ හෙවත් කළපු වීරේ මලා කියලා මට හිතුනට වීරෙත් කූඩුවේ හිටියා. මම දිගටම කිව්වා මම ආවේ පෙරේරා එක්ක කියලා. පොලිසිය මට ගහනවා යකෝ කොයි පෙරේරද? පෙරේරලා සිල්වලා විතරද බොල කියලා. මේ අතර මට ඇහුනා කඩවත ප්‍රහාරයේදී මිල්ටන් මල බව. මම එතකොට කිව්වා මිල්ටන් තමයි මාව යාපනේට ගෙනාවේ කියලා.

පොලිසියේදී අපිට හොඳටම ගැහුවා. ඒ.එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ඇවිල්ලා පහර දෙන එක නැවැත්තුවා. හවස අපිට වෙනිවැල්ගැට තම්බලා දෙන්න කියලා නියම කරා. ඊට පස්සේ අපිව දැම්මා යාපනේ හිර ගෙදර. තලගල කියලා ගාඩ් කෙනෙක් ආවා. මිනිහා තමයි විෙජ්වීරගේ සෙල් එක මුර කළේ. තලගල මට තුවක්කුව වැනුවා. වෙඩි තියන්න වගේ. සමහරු ඇහුවා තොපි හිරගේ කඩන්න ආවා නේද බොල කියලා. යාපනේ හිර ගෙදර දවස් 5-6 විතර අපිව තියාගෙන ඉඳලා. හැමන්හිල්  වලට ගෙනිච්චා.

හැමන්හිල්   දූපතට යන්න කරෙයිනගර් කෑම්ප් එකට අපිව ගෙනියන කොට නේවිකාරයෝ අපිට බනිනවා. තොපි අපේ මිනිස්සු මැරුවා නේද යනාදී වශයෙන්. නේවි එකේ තිලකරත්න ගාඩ්ලට වෙඩි තියලා නාවික හමුදා කදවුරෙන් ආයුධ අරගෙන ජීප් එකේ එනකොට මගදී වෙඩි කාල මැරුණා. ඒ නිසා නාවිකයන් අපිට පෙන්නුවේ රළු මුහුණු.

බෝට්ටුවෙන් අපිව හැමන්හිල්   සිරකඳවුරට ගෙනාවා. එම ප්‍රහාරයෙන් පසු මුල් වතාවට බර්ටි මුණ ගැහෙන්නේ හැමන්හිල වලදි. බර්ටි දැක්ක හැටියෙ මම ඇහුවා අපිට මොකද උනේ කියලා. බර්ටි කිව්වා අපේ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ නැහැ. පණිවිඩ හරියට එහෙ මෙහෙ ගිහිල්ලා නැහැ කියලා. යාපනේ සිරගෙදර ප්‍රහාරයේදී සමහරු මඟ ඇරියා. සමහරු හැංගුනා.

හැමන්හිල් වල අපි එක්ක 60 විතර හිටියා. තුවාල කාරයෝ දෙන්නෙක් විතර හිටි බව මතකයි. හැමන්හිල් වල හිටි අය තමයි දෙහිවල උපාලි, මහරගම තිස්ස ගාමිනි, භද්දිය සාදු, කොටවිල දේවසිරි හිමි, මයිකල් අමරසේකර, ඇටිලස් බණ්ඩාර, ළමාහේවා මහරගම, සිරා හෙවත් බාල්දි සිරා ඩ්‍රැයිවර් කොතලාවල, පේරලන්දේ රෙක්සි, මහරගම රොද්‍රිගු, පිලියන්දල සෙන්ට්‍රල් එකේ අනුර රත්නායක, දුනුගල ගුණරත්න, විෙජ්වීර සහ අම්පාරේ අත්අඩංගුවට ගත් සිරිල් වඩුතන්ත්‍රි හෙවත් ලාල් සෝමසිරි, කැලණියේ ෂෙල්ටන්, ගම්පහ පරාක්‍රම, ටෙක් එකේ අබේසිරි, ටෙක් එකේ සරත් කුමාර, මොරටුවේ තිසේරා, අම්බලන්ගොඩ සැම්සන් සිරිපාල, මොරටුවේ ශ්‍රී ලාල්, අම්බලන්ගොඩ තිලකසිරි, පිලියන්දල ලොකුගේ, අනුරාධපුරයෙ බබානිස්, ගම්පහ එස්.ඩී. හෙවත් සෝමරත්න
කළුආරච්චි, අනුරාධපුරයේ සුසිල් ගල්ගමුව, වවුනියාවේ පියරත්න, කේ.ඒ. සිරිසේන හෙවත් යකා. කුලියාපිටියේ රංජිත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ වැඩ කළ පානදුර සිල්වා සමහර අයගේ නම් මතක නැහැ.

අපි එක පොදියට ඩන්ජන් ඇතුලේ. සී.අයි.ඩී එක ආවා. මගෙන් කට උත්තර ගන්න. මම කිව්වේ මිල්ටන් මාව යාපනයට ගෙනාවා කියලයි. එතකොට ඇහුවා කවුද බොල මේ පෙරේරා. මම කිව්වා එයා මැරෙන්න ඇති කියලා.

හැමන්හිල් වලට ගුවන් හමුදාවෙ රත්නපාල සමඟ තව 6 දෙනෙක් ආවා. එයාර්ෆෝස් ඩයස්, සිල්වා ඒ අතර හිටියා. අපි හිර ගෙදර අගුල් කඩලා ආහාර වර්ජනයක් කලා. උපවාසයට පෙර අපි පාන් අරගෙන වේලලා හංගලා තිබ්බා. ඒවා හොරෙන් කෑවා. හිරගෙදර උද්ඝෝෂණ නිසා බර්ටි, මම, නාරාහේන්පිට චන්දරේට, බාල්දි සිරාට, අබේසිරිට එහෙම ගහලා යාපනේ සිරගෙදරට ගෙනිච්චා. අපිව බේස්මන්ට් සෙල් වල දාලා දින 20 වහලා තිබ්බා.

යාපනය සිර ගෙදරදි විෙජ්වීර හා බර්ටි අතර යම් මතභේද ඇති උනා. විෙජ්වීරව බේරගන්න අපේ කෙනෙක් වහලෙන් ගිහිල්ලා කථා කරත් විෙජ්වීර ආවේ නෑ කියන කථාව මම පිළිගන්නේ නැහැ. මම එදා බන්ධනාගාර කොටුවෙ හිටියා. අපට හිර ගෙදර ළඟට යන්න පවා අපහසු තත්වයක් තිබුනේ. අපි විෙජ්වීර රඳවා හිටපු ගොඩනැගිල්ලට මීටර් 20-25 ලඟට යන්න ඇති. නමුත් රෑ නිසා සිරකරුවන් හිටියේ ඇතුලේ. දකින්න විදිහක් නෑ. මම කොටුවෙ කුහරයට ගිහිල්ලා සැඟවෙන තෙක් මම දැක්කේ ඔය විස්තර. මමත් සැඟඋනාට පස්සේ බර්ටි තව ලඟට ගියාද දන්නේ නැහැ.

හැමන්හිල් වලින් පසු මාව යැව්වා බෝගම්බරට මම හිටියේ ටේලර් පාටියේ. මාස 8 විතර එහෙ ඉඳලා ගෙනිච්චා පල්ලෙ කැලේ එළිමහන් සිර කඳවුරට. එහෙ බර්ටිත් හිටියා. අපි පනින්න සැලසුම් කළා. බර්ටි පැන්නා. මාව යළි බෝගම්බර ගෙනාවා. මේ කාලයේ මහිංයගනේ අළුත්පාර ගාව රස්කින් ප්‍රනාන්දු වොලා්නා මුදලාලිට අයිති ඉඩමක හිර කඳවුරක් ගැහුවා. මෙතන 300 විතර ගිහින් දැම්මා. මාවත් ගෙනිච්චා.

නඩුවේදි මට අවුරුදු 2 සිර ද~ුවමක් ලැබුනා දඩුවම් කාලේ මම හිටියේ බෝගම්බර හා යාපනේ හිර ගෙවල් වල. මම නිදහස් උනේ 1975 දි. කොළඹ නගර සභාවෙ වැඩ කළා දැන් විශ්‍රාමිකයි.

බර්ටි දැන් ඉන්නේ ජර්මනියේ. ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම මාව බලන්න එනවා. බර්ටිගේ අවුරුදු 50 පිරිමේ උපන්දිනය වාද්දුවේ හෝටලයක තිබ්බා. ඒකට මටත් ආරාධනා කෙරුවා. පාටියේදි සේන කන්නංගරව මට මුණ ගැසුනා. සේන මටයි බර්ටිටයි කොක්ක ගහපු කෙනා. සේන කන්නංගර අපිව ව්‍යාපාරයට බඳවා ගන්න කොට මම හිටියේ රැකියාවක් නැතිව ගෙදර. බර්ටි තාත්තගේ තෙල් බිස්නස් එකට උදව් කරනවා. සේන එදා වාද්දුවේ පැවති උපන් දින උත්සවයේදි බර්ටිට කිව්වා මම උඹට කොක්ක ගැහුවෙ නැත්තං උඹ තාම තෙල් විකුණනවා
කියලා. අපි ඔක්කොටම ඒකට හිනා ගියා.


මාබෝලේ රෙක්සි

රෙක්සි හයසින්ස් වසන්ත ප්‍රනාන්දු ව්‍යාපාරයේ වැඩ කරගෙන ගියේ චමින්ද නමිනි. පසු කාලයක ඔහු හැඳින්වූයේ මාබෝලේ රෙක්සි නමිනි. සිරගෙදරදි ඔහු වසන්ත ප්‍රනාන්දු විය. විවිධ නම් නිසා රහස් පොලිසිය ද ව්‍යාකූළත්වයට පත්ව කැරැල්ලේදි ඔහු මිය ගිය බවට කාලයක් විශ්වාස කල බව පැවසේ. වර්තමානයේ වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු දශක තුනකටත් වඩා එපිට ගිය ඉතිහාසය පවසන්නේ මේ අයුරිනි.

zමම ඉපදුනේ 1949 වසරේ. උත්පත්තියෙන් මම කතෝලිකයෙක්. සාමාන්‍ය පෙළ මාබෝලේ සාන්ත මරියා විද්‍යාලයෙන් කරලා උසස් පෙළ හදාරන්න කරුණාරත්න බෞද්ධ මහ විද්‍යාලයට ගියා. කුඩා කාලයේ සිටම මම කඩවත මිල්ටන්ගේ යාළුවෙක්. මිල්ටන් මට වඩා වැඩිමල් නමුත් ඒක අපේ මිත්‍රවයට බාධාවක් උනේ නැහැ. මිල්ටන් මාව ෂන්මුගදාසන්ගේ චීන පිලේ කාර්යාලයට ගෙනිච්චේ 1963 දි. එතකොට මට වයස අවුරුදු 14යි.

මම මුලින්ම විෙජ්වීර දැක්කේ 1964 දි මාබෝලේ වෙල්මුල්ල වෙල් යායෙදි. එතකොට මම වයස 15ක ශිෂ්‍යයෙක්. මේ කාලේ විෙජ්වීර හා මිල්ටන් දේශපාලන මිතුරන්. මිල්ටන් කුඩා කාලයේ සිටම දරිද්‍රිතාවය නිසා දුක් වින්ද කෙනෙක්. පියා කුඩා කාලයේදිම මැරුණා. ගෑණු සහෝදරියෝ 3 හිටියා. මිල්ටන් තමයි පවුලේ එකම පිරිමියා. ඔහුගේ නම එම්. මිල්ටන් ප්‍රනාන්දු. මිල්ටන්ගේ අමම්ා මිල්ටන්ට ඉතා ආදරෙයි.
මිල්ටන් නිහතමානි සාධාරණය ගැන සිතපු කෙනෙක්. ලාම්පු කුප්පිය තියාගෙන මිල්ටන් ගෙදර පොත් කියවන ආකාරය අදත් මගේ මතකයේ තියනවා. මිල්ටන්ට හොඳ දේශපාලන දැනුමක් තිබුනා. ඔහු නිතරම කිව්වේ මම සියල්ලන්ගේම ගෝලයා වෙන්න කැමතියි කියලා.

මට සිංහල ඉගැන්නුවේ අඹන්වැල්ලේ පඥ්ඥාසේකර හාමුදුරුවෝ. මම පොලිස් අත්අඩංගුවට පත් උනා කියලා හාමුදුරුවො හරියට දුක් වෙලා තියනවා. පස්සේ කාලයක හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ නායක භික්ෂුවක් ලෙසට මහනුවරට වැඩම කලා. එහිදිත් චේගුවේරා එකට අහු වෙච්ච ළමයා කියලා මම ගැන නිතර කථා කලාලූ. 2008 දි මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියා. ඒත් හාමුදුරුවෝ වයසයි. මාව අදුරගන්න බැරි උනා.

විෙජ්වීර හා ලොකු අතුල අතර අර්බුධයේදි මිල්ටන් ලොකු අතුලගේ පිලට දාපු එක මට අදත් ගැටළුවක්. 1971 මුල පියතිලක මට කිව්වා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිගාමින් ඉන්නවා ලොකු අතුල, කුමානායක නම් ආදි වශයෙන් තව හය හතක්. පස්සේ කිව්වා. ඔයාගේ හිතවතා වෙච්ච මිල්ටනුත් එතෙන්ට තමයි දාන්න වෙන්නේ. විප්ලවේ ජයග්‍රහණයෙන් පසු මේ අය අයින් කරන්න වෙනවා.

මේ කාලයේදි මම විද්‍යෝදය කැම්පස් එකේ සංඝාවාසයේ අංක 35 දරණ කාමරයේ නැවතිලා හිටියේ පක්ෂෙ වැඩ වලට. උසස් පෙළ හදාරපු ගමන් තමයි මම 1970 දි පූර්ණකාලිනයෙකු වන්නේ. ඉන් පස්සේ දිගටම වගේ වැඩ වලට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාවාසයේ හිටියා. මේ කාලයේ මහින්ද විෙජ්සේකරට විශ්ව විද්‍යාලය ඇතුලේ බලයක් තිබුනා. මහින්ද තමයි අපට කාමර පහසුකම් ලබා දුන්නේ. ඒත් ව්‍යාපාරය මහින්ද විෙජ්සේකරව උපකරණයක් හැටියට පමණක් භාවිතා කරන්න කියලා දැනුම් දීලා තිබුනා. මහින්ද ඒ බව දැන ගත්තේ මහ නඩුවේදි.

සංඝාවාසයේ ඉන්න කොට මම මිණිපේ සෝභිතත් දැන හිටියා. මිනිපේ සෝභිතගේ කට උත්තරයේ මම ගැන සඳහන් වෙන්නේ විශ්ව විද්‍යාල ශීෂ්‍යයෙක් හැටියට. ඒත් කවදාවත් මම විශ්ව විදයාල ශිෂ්‍යයෙක් වෙලා හිටියේ නැහැ. ඒ නිසා පොලිසිය ව්‍යාකූල උනා.

මම සංඝාරාමයේ අංක 35 කාමරයේ නැවතිලා හිටියා. ඒ කාමරේට එන්න හැකියාව තිබ්බේ මටයි නායකයන්ටයි විතරයි. මම ඒ කාමරේ බෝම්බ හදලා රහසිගතව පැක් කරලා තිබ්බා. ශිෂ්‍ය අංශයේ මම හිටපු නිසා පියතිලක පියසිරි කුලරත්න එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා.

1971 මාර්තු 23 හෝ 24 වගේ දවසක මට නියම කෙරුනා යාපනය බන්ධනාගාරය කඩා රෝහණ විෙජ්වීර බේරා ගෙන බෝට්ටුවකින් මුහුදු මාර්ගය හරහා ගේන්න පුලූවන්ද කියන එක අධ්‍යයනය කරන්න යාපනයට යන්න. මේකට නියෝගය දුන්නේ පියතිලක.

මම මහේන්ද්‍ර කියන සාමාජිකයා එක්ක රෑ කෝච්චියේ මන්නාරමට ගියා. අපි බැස්සේ මඩු ස්ටේෂන් එකේ. එතකොට උදේ වෙලා. කෙලින්ම ගියා මුරුක්කන් පල්ලියේ ජයසීලන් පියතුමා මුණ ගැහෙන්න. මගේ ලඟ ලියුමක් තිබුනා ෆාදර් ලීනස් ජයතිලක දීපු. පල්ලියේදි අපිට උදේ කෑම දුන්නා ඉඳි ආප්ප හා අඹ මාළුවක්. උදේ කෑම කාලා මම මහේන්ද්‍රන් එක්ක මන්නාරම් ජැටියට ගියා. අපි ඇෙඟව්වෙ අපි විශ්ව විදයාල ශිෂ්‍යයෝ හැටියට. විශ්ව විද්‍යාල අධ්‍යයනයක් කරන්න ආපු බවයි අපි හැම තැනකදිම කිව්වේ.

මන්නාරමේ සිට යාපනයට බෝට්ටුවේ යන්න පුළුවන්ද කියලා මාළුකාරයෙකුගෙන් ඇහුවා. තමන්ගේ බෝට්ටුවේ ගෙනියන්න රු 400ක් අපෙන් ඉල්ලූවා. ඒත් බෝට්ටුව දෙන්න පුළුවන් ඉරිදා දවස් වලට විතර බව ධීවරයා අපට කියා සිටියා. මට අවශ්‍ය කරා ප්‍රදේශය ගැන අධ්‍යයනය කරන්න. අපි බස් එකේ යාපනයට ගියා ඒ 33 මාර්ගය ඔස්සේ. මේ පාර බොහෝ විට වෙරළට සමාන්තරව යනවා. සමහර විට මුහුද පේන්නේ නෑ. මම මේ පාරේ තිබූ බෝක්කු පාලම් සටහන් කර ගත්තා. මගේ ගෝලයා මහේන්ද්‍ර කංකෙදිරි ගානවා කොළඹ යං කොළඹ යං කියලා. මට මහා වදයක් උනා මිනිහා එක්ක ආපු ගමන.

අපි දවල් 2 විතර වෙන කොට යාපනයට ගියා. කෙලින්ම ගියේ යාපනය කොටුවට. යාපනය කොටුව නරඹන්නෙක් ලෙස කොටුව වටේට ඇවිද්දා. හවස් වෙලා යාපනය දුම්රිය පලට ඇවිත් රෑ කෝච්චියේ කොළඹ ආවා. මම විද්‍යෝදයට ඇවිත් පියතිලක මුණ ගැසුනා මහේන්ද්‍රගේ නාහෙන් ඇඬිල්ල නිසා හරියට වැඩේ කර ගන්න බැරි බව කිව්වහම මට යළිත් වරක් තනියෙන් යාපනේ යන්න නියම උනා.

1971 මාර්තු 27 යළිත් මම මන්නාරමට ගියා. මන්නාරමේ සිට සැතපුම් 69 පයින්ම යාපනය දක්වා ගියා. රෑ දෙකක් පමණ පාරේ ගත කළා මතකයි. මගේ ලඟ රු 200 විතර තිබ්බා. කෑවේ කඩ වලින්. කිලාලි කලපුවෙන් එතෙර උනේ පාලං පාරුවකින් මේ දිගු ගමනේ මම සියළුම වැදගත් ස්ථාන සටහන් කර ගත්තා. යාපනේට ගිහිල්ලා කෝච්චියේ යළි කොළඹ ආවා. විද්‍යෝදයට ඇවිත් සංඝාරාමයේදි පියතිලක මුණ ගැසුනා. පියතිලක මගෙන් විස්තර අහන්නත් කලින්ම කිව්වා සහෝදරයා දැන් නා ගන්න. මම දවස් දෙක තුනක් නෑමක් නැතිව එකම ඇඳුම පිටින් හිටියේ. මට මගේ දාඩිය ගද දැනෙන්න ගත්තා. ඉක්මනට ගිහින් නා ගත්තා.

මම මහන්සිවෙලා ගෙනාපු විස්තර පියතිලක බැළුවෙ නැහැ. මට පසුව තේරුනා මාව යාපනේ යැව්වේ මාව සංඝාරාමයෙන් දින කිහිපයක් පිට කරලා තියන්න නිසා බව. නමුත් ඒක මට ඒ කාලයේ එකවරම තේරුම් ගියේ නැහැ. නැවත වරක් මට යාපනයට යන්න වෙනවා 1971 අප්‍රේල් 4. මට රෑ කෝච්චියේ යාපනයට යන්න කියලා පියතිලක කිව්වා. මට කිව්වේ ඉස්සරහම තියන කෝච්චි පෙට්ටියට යන්න එතන අපේ අය ඉඳිය කියලා. මම දැනගෙන හිටියා යාපනය හිර ගෙදර ප්‍රහාරයට තමයි අපිව යවන්නේ කියලා. නමුත් සමහරු ඒක දැන ගත්තේ යාපනයට ගිය පසුවයි.

පියතිලකගේ උපදෙස් අනුව මම ඉස්සරහම කෝච්චි පෙට්ටියට ගියා. එතන දෙහිවල උපාලි ඇතුළු 27 විතර හිටියා. සමහරු මම අඳුනන්නේ නැති අය. යාපනයට 500ක් ගේන්න කිව්වට ගියේ 83- 90 විතර. තව කට්ටියක් ඊබට් සිල්වා බස් එකක ගියා.

අපි යාපනයට යනකොට උදේ 4ට විතර ඇති. කෙලින්ම ගියා යාපනයේ නාග විහාරයට. දවල් වෙන කොට තවත් කණ්ඩායමක් ආවා නාග විහාරයට. මට යාපනේ ස්ටේෂමට යන්න උනා ඒ අය ගන්න. දවල් ආපු කණ්ඩායම අත බෝම්බ එවා තිබුනා. අපේ කණ්ඩායම ආවේ ආයුධ මොකුත් නැතිව. දවල් වෙලා කෝච්චියේ ආපු අය අත චීනට්ටච්චි බෝම්බ 200ක් විතර තිබුනා. මේ අය යාපනේ ගේන්න බෝම්බ - හදලා.
මම එක බෝම්බයක් පරීක්ෂා කළා. පුපුරන ද්‍රව්‍ය පිරෙන්න කිටි කිටියේ තද වෙලා නැහැ. කොලිටි එක මදි. මම බර්ටි රංජිත්ට කිව්වා මේවා පුපුරන එකක් නැහැ කියලා. බර්ටි මාව පසෙකට අරගෙන ගිහිල්ලා කිව්වා මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා යනුවෙන්.

මම බෝම්බ නවාතැනට ගෙනියලා පුපුරන ද්‍රව්‍ය නැවත පැක් කරා සමහර බෝම්බ වල. කස්ටම් පියදාස කළුතෙල්, දියතාර හා පෙට්‍රල් දෙන්නං කියලා තිබ්බ නිසා පෙට්‍රල් බෝම්බ හදන්න අලියා බීම බෝතල් ගෙන්නුවා. විශ්ව විද්‍යාල වලින් ආපු සාමාජිකයෝ රුපියල් 500 ලෝන් එක අරගෙන ඇවිත් හිටියේ ඒ නිසා හැමෝම අත වගේ සල්ලි තිබුනා.
බීම බෝතල් 24 විතර අරගෙන පුළුවන් තරමක් බීලා ඉතිරිය කානු වලට හැළුවා. මේවා වල පෙට්‍රල් පුරවලා මෝලටොව් හදන්න නියම කෙරුවා. ඒත් ප්‍රහාරයේදි එක පෙට්‍රල් බෝම්බයක් වත් ලැබිලා නැහැ.

මේ අතරේ මංජු මට කිව්වා රංගල, කොතලාවල, එස්. ඩී. සෝමරත්න කළු ආරච්චි, දෙහිවල උපාලි එක්ක කරෙයිනගර් නාවික බේස් එක අසලට යන්න එතෙන්ට නේවි එකේ තිලකරත්න වෙපන් අරගෙන එනවා. එතකොට මම උත්තර දුන්නා මට නියමිතව තියෙන්නෙ ඊ2 සෙක්ෂන් එකේ 8 මැදිරියේ ඉන්න විෙජ්වීර සහෝදරයාව බන්ධනාගාරය දොරටුව කඩලා ගන්න. විෙජ්වීර සහෝදරයාට ඕනම රැයක මාව අඳුර ගන්න පුළුවන් මම බන්ධනාගාර ඇටෑක් එකෙ ්ඉන්නම ඕන කියලා. ඒත්
මංජු කිව්වා අපිට තිලකරත්න ගේන ආයුධ වැදගත් ඒ නිසා ඉක්මනට එතෙන්ට යන්න කියලා.

මේ අනුව 1971 අප්‍රේල් 5දා රෑ 9ට විතර කරෙයිනගර් නාවික කඳවුරට යන ඩබල් ඩෙකර් බස් එකක නැග්ගා. ඒත් බස් එක යන පාටක් නැහැ. ඒ පාර අපි බස් එකෙන් බැස්සා. ගත්තා ටැක්සියක්. අපි හිටපු තැන ඉඳලා කරෙයිනගර් බේස් එකට හැතැම්ම 14 විතර ඇති. අපි ටැක්සිකාරයට ඇගෙව්වා අපි නැවියන් බව. හැකි ඉක්මනින් කෑම්ප් එක ලඟට යන්න කියලා දැනුම් දුන්නා. ටැක්සි රියැදුරා වාහනය එලෙව්වේ හයියෙන්. විනාඩි 15-20 විතර අවශ්‍ය තැනට ගියා. ගාස්තුව ගෙවලා ටැක්සිය පිටත් කළා.

එදා හඳ පායපු දවසක්. අපි තල් ගස් වලට මුවා වෙලා කෑම්ප් එක අසලට ගියා. මම  එස්. ඩී. සෝමරත්න හා කොතලාවල කෑම්ප් එකේ බැරියර් එක ආසන්නයේ අනික් අය මීටර් 3ක් විතර පසුපස. අපි තල් ගස් වලට මුවා වෙලා නිසා කවුරුත් දැක්කේ නැහැ. අපි බලාගෙන හිටියත් තිලකරත්න ආවෙ නැහැ. කඳවුරේ කිසිම වෙනසක් නැහැ. අපි හිතුවේ නිදිපෙති කෑමට දාලා නැවියන් නිදි ඇති දැන් තිලකරත්න ආයුධ අරගෙන එයි කියලා. කඳවුර හොඳට ක්‍රියාත්මකයි. නැවියන් මුර ආයුධ පිටින්.

අපි ලඟ තිබ්බේ චීනට්ටච්චි බෝම්බ 6යි. එස්.ඩී. ලඟ පිහි තලයක් තිබුනා. මේ ආයුධවලින් නාවික කඳවුර යටත් කරලා ආයුධ ගන්නේ කොහොමද? තිලකරත්න අපිට කණුවක් තිබ්බා කියලා තිලකරත්නට හිතෙන් බැන බැන යාපනේ බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ වෙන්න අපි යළිත් යාපනය පැත්තට දුවගෙන ගියා. ඒ යන කොට කාර් එකක් ආවා. අපි අත් දාලා වාහනය නැවැත්තුවා. වාහනයේ ද්‍රවිඩ මිනිහෙක් ඉන්නවා. හොර බඩු අදින වාහනයක් වගේ.

මිනිහා අපිව දැම්මා කෝවිලක් ලඟට. දැන් වෙලාව උදේ 2.30 විතර ඇති. යාපනේ යන්න විදිහක් නැහැ. උදේ බස් එකක් ආවා අපි එකේ නැග්ගා. අපි එකට බෝම්බ එක්ක යන එක පරිස්සම් මදි නිසා අපි වෙන් වෙන්ව අතර මග බැස්සා. මම ස්ටෑන්ඩ් එක දක්වා ගියා.

නගරය ඇවිස්සිලා පොලිසිය හමුදාව මුර. මට දිව ගිලෙන්න තරමට පිපාසේ. මම කඩයක් දෙසට ගියා වතුර බොන්න. මාව දැකපු පොලිස්කාරයෙක් දෙමළෙන් ඇහුවා හිටියේ කොහේද? මම ඒක ඇහුනේ නෑ වගේ කඩේ ඇතුලට ගියා. යළිත් මගෙන් ඇහුවා. මම සිංහලෙන් උත්තර දුන්නා. එක පාරටම මට ඩෝං ගාලා රයිෆලෙන් ගැහුවා. මම බිම ඇදගෙන වැටුනා. එතකොට වටේ හිටපු හමුදා සෙබලූන් පොලිසිය මාව වට කරා. මගේ ඇදුම් ගලවලා නිරුවත් කළා. මම ලඟ තිබ්බේ ටෝච් එකක් විතරයි. ඒක විසි කරන්න කියලා රයිෆල් අමෝරලා කෑ ගැහුවා. මම ටෝච් එක විසි කරා. මට අතින් පයින් පහර දීලා නිරුවතින් බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියනවා. දැන් එළිය වැටිලා මිනිස්සු ටවුන් එකේ. මිනිස්සු ගෑනු පාර දෙපසට රොක් වෙලා මාව ගෙනයන අයුරු බලනවා.

මට ඇහෙනවා දෙමළ අම්මලා ආ~වනේ පාවන් සින්න පොඩියන් -(පවු පොඩි කොල්ලෙක්) කියලා දුක් වෙනවා. මේ සිද්ධිය මට ජීවිතය තියන තුරා අමතක වෙන්නේ නෑ. 1983 ජාතිවාදී කෝලහලයේදී මම දෙමළ මිනිසුන් බේරා ගත්තා. මට එදත් මේ වචන හිතේ රැදිලා තිබුනා.

මාව බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියලා දැම්මා ලංගම චෙකර්ලා ඉන්න පොඩි දැල් කූඩුවට. දෙමළ පොලිස්කාරයෝ වගයක් තොපි අපේ පොලිසියට ගැහුවා නේ කියලා රයිෆල් මිටෙන් මගේ දකුනු උරපත්තට ගැහුවා. එතකොට මට තේරුනා මංජුලා යාපනය පොලිසියටත් ගහලා බව.

මට දෙමළ පොලිස්කාරයෙක් පහර දෙන බව දුටු සිංහල යුද හමුදා භටයන් ඒක නැවැත්තුවා. ඊට පස්සේ ඔවුන් මට පහර දුන්නා තෝ දෙමළුන්ගෙනුත් ගුටි කනවා නේද කියලා. මගෙන් ඇහුවා උඹ කාත් එක්කද ආවේ? මට ඔළුවට ආවා සින්දු කියන සුසිල් ප්‍රේමරත්නගේ නම. මම කිව්වා සුසිල් එක්කයි ප්‍රේමරත්න එක්කයි කියලා. එතකොටම පොලිසියෙන් කොතලාවලයි, එස්. ඩී. සෝමරත්නයි අල්ලගෙන එනවා. ඒ පාර ඇහුවා මේ උන් දෙන්නද? මම ඔලූවෙන් නෑ කිව්වා. ඒ පාර පයින් ඇන්නා කටින් කියපිය කියලා. මම නෑ කිව්වා.

අපිව අරගෙන ගියා යාපනය පොලිසියට. අපි යන කොට බර්ටි රංජිත්. භද්දිය, කොටවිල දේවසිරි, කරාටේ සැම්සන්, සිරිපාල අයියා ඔක්කෝම කූඩුවේ. යාපනය පොලිසියේදි අපිට ගැහුවා නැතිවෙන්න. මැරෙන්නමයි
ගැහුවෙ. හොඳ වෙලාවට එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ආපු නිසා අපිව බේරුනා. සුන්දරලිංගම් මහත්තයා පහර දීම නවත්තලා තැලිලා තුවාල වෙලා හිටපු අපිට වෙනිවැල්ගැට දෙන්න නියම කරා. ඒ පාර වෙනිවැල්ගැට තම්බලා ටින් කිරි ටින් වලට දාලා උනු උනුවේම අපෙ කටවල් වලට හැළුවා.

සෙල් එකේදි මම දැනගත්තා ප්‍රහාර අසාර්ථක වූ බව. බර්ටි රංජිත් එක්ක යාපනේ හිරගෙදර ප්‍රහාරයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වසන්ත හා සුමනරත්න මැරුණු බව දැනගත්තා. අපිට ගහලා යාපනය පොලිසියේ කූඩුවට දාලා ඉන්න කොට නේවි එකේ තිලකරත්න ආවා. මට මතක හැටියට 1971 අප්‍රේල් 6 විතර වෙන්න ඕනෙ. හවස 4ට 5ට විතර ඇති. තිලකරත්න හිටියේ යුනිෆෝම් පිට. කට්ටියටම ගහලා නේද කියලා මිමිනුවා. තිලකරත්නව අඳුර ගත්තේ මම ඇතුළු කිහිප දෙනෙක් විතරයි. මට තිලකරත්න දැක්කාම තරහා ආවා. රෑ අපිව මඟ ඇරීම පිළිබඳව. ඒත් මම සබඳතා හෙලි වෙයි කියලා මොකවත් කිව්වේ නැහැ. තිලකරත්න යන්න ගියා.

පසුව අපිට ආරංචි උනා තිලකරත්න 1971 අප්‍රේල් 5දින කඳවුරේ අවිගාරය භාරව හිටි නමුත් සැකය නිසා මුහුදේ ඩියුටි දාලා. ඒ නිසා 5 දින රෑ අපිව මුන ගැහෙන්න බැරි උනා. 7දා කඳවුරේ අවිගාරය භාරව ඉඳලා තියෙන්නෙ කොස්තා කියන තිලකරත්නගේ යාළුවා. තිලකරත්න කොස්තාගෙන් යතුර ඉල්ලලා තියනවා. කොස්තා කියලා තියනව මචං විහිළු කරන්න එපා කියලා. ඒ අවස්ථාවේ තිලකරත්න කොස්තාගේ හිසට වෙඩි තියලා ආමරිය ඇරලා එල්.එම්.ජී. වගයක් ජීප් එකේ දාගෙන
ගේන විට එලිෆ්න්ට්පාස් වලදි තිලකරත්න එලවපු ජීප් එකට වෙඩි තියලා. ඒ වෙඩි තැබීමේදී තිලකරත්න මිය ගියා. තිලකරත්න මැරුනේ 71 අප්‍රේල් 7 විතර.

මට දැන් හිතෙනවා තිලකරත්න අවිගාරයේ ආයුධ අරගෙන යාපනය පොලිසියට ඇවිත් අපිව එළියට ගන්න ට්‍රයි එකක් කලාදෝ කියලා. මම අන්තිිමට දකින කොට තිලකරත්න වරදකාරි ස්වභාවයකින් හිටියේ. තිලකරත්නට 1968 සිට ව්‍යාපාරය සමග සබඳතා තිබුණා. 67 දි ව්‍යාපාරයේ විශේෂයෙන්ම මිල්ටන්ගේ ඉල්ලීම මත මම නාවික හමුදාවට බැදෙන්න ගියා. නමුත් තේරුනේ නැහැ. හිරේදි මට ආරංචි වෙනවා මිල්ටන්ගේ මරණය ගැන.

යාපනයේ ප්‍රහාරයට පියතිලක එන බව කීවත් පියතිලක ප්‍රහාරය මඟ ඇරියා. පසුව 71 දි හිරේ ඉන්න කොට මට දැන ගන්නට ලැබුනා යාපනේ ගිය විරු සහෝදරවරුන්ට සොහොන් කොත් බදිනවා කියලා පියතිලක කියු බව.පියතිලකගේ ඇතැම් ගතිගුණ මම එදා අගය කලේ නැහැ. පියතිලක ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනය කලේ ජාතිවාදි ස්වරූපයකින්. මගේ දේශපාලන ගුරුවරයා වූ මිල්ටන් කෙරෙහිත්  පියතිලක දැරුවේ දුර්දාන්ත අදහස්.


යාපනය පොලිසියේ හිටපු අපිව හැමන්හිල්  දූපතේ හිර කරන්නට
නියෝග ආවා. අපි තමයි හැමන්හිල්  ගිය මුල්ම සිරකරුවෝ. අපි
60 විතර පිරිස ට්‍රක් වල දාලා කරෙයිනගර් ජැටියට ගෙනිච්චා. කරෙයිනගර් ජැටියේ සිට බලන කොට කිලෝමීටර් 1 පමණ දුරින් තියන හැමන්හිල්   දූපත පේනවා. හැමන්හිල් වල නේවි ලයිට් හවුස් එකක් තියනවා. ඒ එළිය එදා රෑ තිලකරත්න එනතුරු කරෙයිනගර් කඳවුර අසල තල් ගස අසල සිටි වෙලාවේ මම දැක්කා.

කරෙයිනගර් ජැටියේ සිට බෝට්ටු වල අපි කට්ටි කට්ටි හැමන්හිල් දූපතට ගෙන ගියා. එළියේ පෙනුම හතරුස් බලකොටුවක්. රැල්ල වදින්නේ තාප්පෙට වෙරලක් දැක්කේ නෑ. අපි හිර ගෙදරට ඇතුළු උනේ විශාල ආරුක්කු යකඩ දොරකින්. දොරෙන් ඇතුළු වෙලා ගියාම ඕලන්දකාරයෝ වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න ගහපු බිං ගෙවල් වගේ කුටීර 9 තියනවා. මේවාට කිව්වේ ඩන්ජන් කියලා. අංක 5 ඩන්ජන් එක ගබඩා කාමරය. මැද මිදුල වොලිබෝල් පිටියක් තරමට ඇති. මැද බෝ
ගහක් තියනවා. අපි යන කොට ආරක්ෂක හේතුන් මත බෝ ගහ බාගෙට කපලා.

මැද මිදුලේ සිට බැලූවහම වටේ හැමන්හිල් බලකොටුවේ තාප්පය. ඒක අඩි 20 පමණ වෙන උස් පළල් තාප්පයක්. මිනිසුන් 5-6 දෙනෙකුට පේලියට ඇවිදගෙන උනත් යන්න පුළුවන්. තාප්පේ උඩ ගොඩනැගිලි හදලා තිබුනා. එහි අපිව මුර කළ නාවික භටයන් හා බන්ධනාගාර නිළධාරින්. අපිව හැමන්හිල් වලට පිළිගත්තේ පහර දීලා. අපිව දැම්මා ඩන්ජන් ඇතුලට. මම හිටපු ඩන්ජන් එක අඩි 8-9 විතර උසයි. අඩි 12 විතර පළලයි. ගල්ගුහාවක් ඇතුලේ ඉන්නවා වගේ. වාතාශ්‍රය නැහැ. දරා ගන්න බැරි රස්නයක් දැනුනා. අපිව ඩන්ජන් අස්සට දමා යකඩ දොරවල් වලින් වසා දොරගුලූ දැම්මා.

රස්නේ නිසා අපි හිටියේ දාඩිය නාමින්. ලූණු සහිත වාතය නිසා අපේ ශරිර වල ලූණු බැදුනා. අපේ ඇඳුම් කඩමාලූ වෙලා. අපි හිටියේ නිරුවතින් වගේ. 1971 අප්‍රේල් 28 දින තවත් සැකකරුවන් 100 විතර නැවකින් ගෙනාවා ඒ අය බය උනා අපි හෙළුවෙන් චිම්පන්සින් වගේ ඉන්නවා දැකලා. හැමන්හිල් වල තදබදය ඉහල ගියා. දාඩිය, රස්නේ, වාතාශ්‍රය නැති කම මේ සියළු ගැටළු අපි දරාගෙන හිටියා. වැසිකිලි හැටියට තිබුනේ පෙට්ටි ගහපු බාල්දි වැසිකිලි.

1971 ජුලි වෙන කොට 210 විතර සිරකරුවෝ ඩන්ජන් ඇතුලේ. මට මතක් උනේ බිම්ගෙයි සිරකරුවා කෙටි කථාව. රෑ වෙන කොට කළුවරයි. අඳුර බින්ද තැනින් ඇන ගහපු ලැන්තූරුම් කිහිපයක්. පවුල් ප්‍රශ්න ඇති සිරකරුවන් අ~නවා, වැලපෙනවා. යාපනේ ප්‍රහාරයට නොදන්වා ගෙන්න ගත්ත අය නායකයන්ට බනිනවා. බර්ටි රංජිතුත් බැනුම් ඇහුවා.

එතන හිටියා සුසිල් ගල්ගමුව කියලා අනුරාධපුරයේ තරුණයෙක්. ඔහු තමාව අනතුරට හෙළීම පිළිබඳව ප්‍රසිද්ධියේ දොස් කිව්වා. (සුසිල් ගල්ගමුව අනුරාධපුරයේ තරුණයෙකි. ඊබට් සිල්වා බස් රථයේ පැමිනි ඔහුගේ යාළුවෙක් ටි්‍රප් එකක යාමට කියා සුසිල් ගල්ගමුව යාපනයට කැඳවාගෙන ගිය බව  ඔහුගේ ඥාතීහු පවසති.  ඔහු නිදහස ලබා අනුරාධපුරයේ ජීවත් වූ අතර පසු කාලයක කෝච්චියට පැන දිවි තොර කර ගත්තේය. - කත_ෘ)

අපේ ඉකිලි වල රෑෂ් දාලා ඉවසන්න බැහැ. අන්තිමේදි අපි සිරගෙදර
ඩන්ජන් වල අගුලූ කඩලා බෝ ගහ වටේ මඩුවක් ගසා එහි හිටියා.

අපි උත්සහ කළා ඩන්ජන් එකක් ඇතුලේ බිත්තිය විදලා තාප්පෙන් පැනලා යන්න. අදත් හැමන්හිල්  වල 6වන ඩන්ජන් එකේ අපි රහසින් හාරපු කුහරයක් තියනවා. මේ කුහරයට ටී.වී. එකක් දාන්න උනත් පුළුවන්. බිත්තිය හයියයි. තද ගලෙන් බැඳලා තියෙන්නේ. ඒ නිසා අපිට බැරි උනා බිත්තිය පසා කරගෙන යන්න.

හැමන්හිල් වලදි මතවාද නිසා සමහරු ගුටිකෑවා. ලාල් සෝමසිරි පහර කෑවා. බර්ටිට ගහන්න ප්ලෑන් කරා දැඩිමතධාරින්. නමුත් පසුව මේ ගැටළු සමතයකට පත් කරන්න අපි දැඩි උත්සාහයේ යෙදුනා.  මම, අසෝක ගමගේ, මංචනායක මහරගම ඩග්ලස් කරාටේ පුහුණු උනා.

අපිට කෑම දුන්නේ උදේ 7 ට දවල් 11ට හා හවස 4ට. කෑම උයන්නේ යාපනේ හිර ගෙදර. බත් වල ගල්. කෑම වල ලූණු, තුනපහ, ගෑවිලත් නැහැ. 1971 ඔක්තෝබර් 11 දා අපි ආහාර වර්ජනයක් කළා. ඊට පෙර රහසින් ගබඩා කාමරේ තිබු පොල් හා සීනි ඩන්ජන් අස්සේ සඟවලා තිබ්බා. අපි කෑම වේල් 14ක් වර්ජනය කළා. අමාරු වූ අයට සඟවා ගත් ආහාර දුන්නා. අපි විසිට් පවා ප්‍රතික්ෂේප කළා.

අපිව විසිට් ගෙනිච්චේ යාපනය සිර ගෙදරට. එතැනට ඥාතීන් එනවා. වරක් විසිට් එකකට මාව තනිව ගෙනිච්චා. ට්‍රක් 2 ආමඩ් කාර් 1 සහිත වාහන 5ක ගාඩ් එකක් පිට. විසිට් වලට අපි ගියේ නැති නිසා දෙමාපියන් බය උනා අපිව මරලා වල දාලා කියලා. ඒ අය මානව හිමිකම් ආයතනවලට දැනුම් දුන්නා හැමන්හිල් බන්ධනාගාරේ සිරකරුවන්ගේ ජීවිත අනතුරේ බව. මේ අනුව හැමන්හිල්   සිරකඳවුර වසා දැමිය යුතු බව බලධාරීන්ට වැටහුනා.

හැමන්හිල්   සිර කඳවුරේ දේශපාලන මතවාද වලට ගහ ගත්තට අනෙක් සිර කඳවුරු වල වගේ පාන් බාගයට, සෙරෙප්පු දෙකට ගහ ගත්තේ නැහැ. හැමන්හිල්  හරහා විප්ලවීය සාහිත්‍යයත් සින්දුත් ගොඩ නැගුනා. අපි හවස එකතු වෙලා සින්දු කියනවා. රත්නදීප ජන්ම භූමි සින්දුව තමයි නිතර කිව්වේ. අපි සින්දු කියන අයුරු වල්ලිපුරම් කියන වයසක ෙජ්ලර් අහගෙන ඉන්නවා. වල්ලිපුරම් යාපනේ මිනිහෙක්. සිරකරුවන් හැමන්හිල් වල ජීවිතය සදාකාලයට දිය වෙලා යයි දෝ කියන සාංකාව එක්ක ඉන්න කොට වල්ලිපුරම් කියනවා ඕගොල්ලෝ තරුණයි. ගෙවල් වලට යන්න පුලූවන් වෙයි කියලා.

අපි එක සින්දුවක් කිව්වා පන්ති සටන පන ගන්වව් විජය ධජය නංවව් කියලා. මේක වල්ලිපුරම් අහගෙන ඉඳලා මේ කෑල්ල නිතර මුමුණනවා. මිනිහට විජය ධජය නංවව් කියන්න බෑ කියන්නේ විජය දජය බව් බව් කියලා. අපි සමහර දවස් වලට නාට්‍ය කළා. නේවි එකේ භටයන් තාප්පය උඩට වෙලා පහත රඟදක්වන නාට්‍ය දිහා ආශාවෙන් බලාගෙන හිටියා. එදා හැමන්හිල්  වල රඳවලා හිටියේ තරුණයෝ. ඔවුන්ට ලිංගිකඅවශ්‍යතා දැනෙන්න අති. නමුත් තදබදය හා අඩු පහසුකම් නිසා රහසින් ස්වයංවින්දනය කිරීමට අවකාශයක් පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා ආවේග ක්‍රියා, දේශපාලනය ඉගෙනීම මගින් යටපත් කර ගන්න ඇති.

71 මුල් කාලයේදි මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ලක් කළා. සී.අයි.ඩී. එකේ කට්ටියක් ඇවිල්ලා මා ඇතුළු තව කිහිප දෙනෙක් තාප්පය උඩ සිට නිරීක්ෂණය කළා. එතන පොලිස් ඇදුම් අන්දපු වසන්ත කනකරත්න සිටි බවටත් කසු කුසුවක් අපි අතර ගියා. ඔවුන් මාව හඳුනා ගත්තා. ඒක මට ප්‍රහේලිකාවක්. මාව යාපනය පහරදීම් නඩුවේ 43 වන සැකකරු. ( සැබවින්ම වසන්ත කනකරත්න ට පොලිස් ඇඳුම් අන්දවා හැමන්හිල් හිදී   රහසින් පෙරෙට්ටුවක් කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතා 2009 දී සනාත කලේය-කත_ෘ)

අපිව ඉඳහිට යාපනය සිර ගෙදරට ගෙනයන කොට යාපනය පොලිස් වත්තේ තියන ඇට්ලස්ගේ කාර් එක හුළං ගිය ඊබට් සිල්වා බස් එක අපි දකිනවා. දවසක් කෙනෙක් කිව්වා ඇට්ලස්ගේ වාහනයේ චැසිය ගලවලා අනෙක්පැත්ත හරවලා බෝට්ටුවක් වගෙ මුහුදට දාලා පැදගෙන පළා යමු කියලා. මේකට ඇට්ලස් බන්ඩාරට කේන්ති ගියා.

මම 1972 සැප්තැම්බර දක්වා හැමන්හිල්  වල හිටියා. ඊට පස්සේ අක්කරායන්කුලම් වලට ගෙනිච්චා. 1972 10 වෙනි මාසය වෙන කොට හැමන්හිල්  සිර කඳවුර වසා දැම්මා. බර්ටි රංජිත් පල්ලේ කැලේ ගියා. ඉන් පසුව ඔහු එතනින් පළා යනවා.

මේ අතර කාලයේ අපට විරුද්ධව නඩු විභාග ඇරඹෙනවා. මට නඩුවේදි අවුරුදු 4 ක සිර ද~ුවමක් ලැබුණා. අවුරුදු 2ක් ගත වන විට බන්ධනාගාර නිලධාරින් අතින් සිදුවූ දෝෂයක් නිසා මාව 1974 පෙබවරවාරි 11 නිදහස් කරනවා. මම ජ.වි.පෙ සමඟ 2008 දක්වා හිටියා. 1970 සිට 2008 දක්වා හිටපු සාමාජිකයන් සුළු ප්‍රමාණයෙන් මමත් එක් අයෙක්.

බර්ටි රංජිත් යාපනේ ප්‍රහාරය ගැන පොතක් ලිව්වා. බක්මහා කඳුළු කියලා. ඒ පොතේ මම ගැන සඳහන් නැහැ. මගේ බන්ධනාගාර අංකය 577, බර්ටිගෙ 575. මට හිතා ගන්න බැහැ පොතේ මම ගැන සඳහන් නැත්තේ ඇයි කියලා. (මේ සම්බන්ධයෙන් 2009 පෙබරවාරි මාසයේදි දැනට ජර්මනියේ වෙසෙන බර්ටි රංජිත් මහතාගෙන් මම විචාලෙමි. රෙක්සි පිළිබඳව ඔහුගේ දෙවන පොතේ සඳහන් වන බව ඔහු මට කීය. -කත_ෘ)


ඒ කෙසේ වෙතත් යාපනය ප්‍රහාරය බර්ටි රංජිත් එදා දිවි පරදුවට තබලා කළා. ඒ ගැන බර්ටි කෙරෙහි මා තුළ ගෞරවයක් තියනවා. 71 කැරැල්ල පක්ෂ අර්බුදය මෝරලා පක්ෂය විනාශ වීමට කලින් කරපු හදිසි පහර දීමක් බවයි මගේ අදහස. අද දිනයේ ආයුධ සන්නද්ධ දේශපාලනය ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. සන්නද්ධ දේශපාලනය මගින් කළ හැක්කේ විනාශය පමණක් බවයි මගෙ අදහස.

(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් ) කෘතිය ඇසුරෙනි)

Find Us On Facebook