Sunday, November 15, 2015

මා දැන සිටි රිචඩ් සොයිසා




රිචඩ් සොයිසා මට හමු වන්නේ 1985 පමණ කාලයේදීය​. අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ප්‍රතිඵල එන තෙක් එම කාලයේදී මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස සේවය කලෙමි.  එම කාලයේදී  රිචඩ් සොයිසාව දැන හඳුනා ගැනීමට මට ඉඩ ප්‍රස්ථාව ලැබිණි.  

රූපාවාහිනී සංස්ථාවේ සිට සතියට දෙතුන් වරක් ගුවන් විදුලි සංස්ථාට ඒමට රිචඩ් පුරුදුව සිටියේය​. මට ඔහුව  ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංශයේ දී නිතර හමු විය. රිචඩ් ශාස්ත්‍රීය සංගීත තැටි සොයන අතර මම ඊගල්ස් , ඩීප් පර්පල් වැනි රොක් සංගීත කණ්ඩායම් වල තැටි සොයමින් විදුලි සංස්ථාවේ තැටි අංශයේ සේවය කරන ගුණසේකරව වෙහෙසට පත්  කලෙමි.  වරක්  රිචඩ් වැග්නර් ගේ ඔපෙරා සංගීතයක් සෙමෙන් වාදනය කරමින් ඊට සවන් දෙමින් සිටි අතර ඒ බව නොදත් මා ඩීප් පර්පල් සංගීත කණ්ඩායමේ ස්පීඩ් කිං නම් ගීතය මහ හඞින් වාදනය කලෙමි.  මේ කරච්චලය නිසා රිච්ඩ් වැග්නර්ගේ සංගීතය නවතා මා දෙස බලා සිනාසෙමින්යන්නට ගියේය. ඔහුට සිදුවූ බාදාවට රිචඩ් කෝප ගත්තේ නැත​.

රිචඩ් ශාස්ත්‍රීය සංගීතයට ආදරය කල අතර ඇතැම් විට විසිල් කලේද  ශාස්ත්‍රීය තාලයන්‍ ය​. එම තාලයන් අනුකරණය කොට විසිල් කිරීම පවා ඉතා අපහසු වීය​.  වැග්නර් , මෝසාට් ශෝපෑන් චයිකොව්ස්කි නිතරම ඔහුගේ මුවග තිබුනේය​.  

රිචඩ් සොයිසා යසෝරාවය ටෙලිය / යුගාන්තය  චිත්‍රපටය රඟපෑ සමයේදී ඔහු ගුවන් විදුලියට පැමිණි විට  ඔහු කෙරෙන් මඳක් ලැජ්ජාශීලී ගතියක් පෙනෙන්නට තිබුණි. ඒ කාලයේදී පාරේ තොටේදී පවා මිනිසුන් යශෝරාවය ගැන කථා කල සමයක් විය​. ඒ නිසා රිච්ඩ් එන විට ගුවන් විදුලි සංස්ථාවේ විමසීම් කවුන්ටරයේ සිටි ධම්මිකා ඇතුළු රූපත් ළළනාවෝ ඔහු දෙස ඇසිපිය නොගසා බලා සිටියහ​. මේ නිසාදෝ රිච්ඩ් බිම බලාගෙන ගීතයක් උරුවම් බාමින් යන්නට පුරුදුව සිටියේය​.   

රිචඩ් අන්තර්වර්ත ( Introverted ) චරිතයක් බව අද දිනයේ මට සිතේ. නළුවෙකු වූවද ඔහු තුල යම් ලැජ්ජාශීලී බවක් තිබුනේය​. ඒ නිසා ඔහු සෑම දෙනා සමග නිදහසේ කථා කිරීමට නොගියේය​. මේ හේතුවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බරකාරයෙකු ලෙස සිතූහ​. නමුත් එය වැරදි අදහසකි.  ඔහු සරල පුද්ගලයෙකු විය​.  පරණ හමගිය ඩෙනිම් කලිසමක් සහ නිල් පැහැති කොලරය සහිත ටී ශර්ට් එකක් වැනි කමිසයක් නිතරම ඇඳ සිටි ඔහු  හිංදි නළුවෙකු මෙන් කඩවසම් විය​.  ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ දිදුලන තරුව වූයේ රිච්ඩ්‍ ය​.    

රිචඩ් සොයිසා බහු කුසලතා තිබූ පුද්ගලයෙකි.  ඔහු සුපිරි ඉංග්‍රීසි නිවේදකයෙකි. ඔහුගේ ඉංග්‍රීසි  උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබුණි. එසේම ඉංග්‍රීසි සාහිත්‍යය  පිළිබඳව ඔහුට තිබුනේ ප්‍රවීණ දැණුමකි. ඒ දැණුමට සම කළ හැකි අයෙක් එකල ගුවන් විදුලියේ පමණක් නොව රූපාවාහිනියේද නොවීය​.  රිචඩ් මිය ගොස් දශක දෙක හමාරකට වඩා අධික කාලයක් ගතවී තිබුනද රිචඩ් සොයිසා රැඩ්‍ ය​ඩ් කිප්ලින් ගේ පොතක ජේදයක් කියවන හඬ මට දැනුදු ඇසේ.   ඔහුගේ කටහඬ , වාග් ශක්තිය දැණුම ප්‍රතිභාවට සම කල හැකි කුසලතාවන් තිබු කිසිවෙකු මට පසුගිය දශක කිහිපය පුරා හමු වී නැත. රිච්ඩ් වැන්නෙකු බිහි වන්නේ සියවසකට වරකි. එම දුබල අවස්ථාව දැසින් දැකීමට සහ ශ්‍රවණය කිරීමට අප භාග්‍ය ලැබුවෙමු.  නමුත් එවැනි දුලබ මිනිසෙකු රැක ගැනීමට ලංකා සමාජයට නොහැකි විය​.   

ඔහු සත්‍ය මිස අන් යමක් පරාවර්තනය නොකලේය​. සමාජ ක්‍රියාධරයකු , මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු  වූ රිචඩ් ගේ පෑන කගක් මෙන් තියුණු වූ අතර ඔහුගේ අදීන මිලදී ගත නොහැකි පෞරුෂත්වය ඉදිරියේදී ජනතා පීඩකයන් තැති ගත්හ.  ඔහුගේ මරණ වරෙන්තුව ලියැවුනේ ඒ නිසාය 

රිච්ඩ් ගේ මරණය පිළිබඳ පණිවිඩය ලැබෙන විට මම වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා එතෙර ගොස් තිබුණි. එය ශීත සමය විය​. ඔහුගේ මරණය ගැන පුවත්පතකින් කියවූ මට රිච්ඩ් වැනි පුද්ගලයෙකු ඝාතනය කිරීමට පෙලඹුණු සමාජයක් කෙතරම් ප්‍රාථමිකද , අශිෂ්ටද සහ වගකීම් විරහිතද කියා සිතුණි. එසේම ඔහුගේ ඝාතනයෙන් පසු රිච්ඩ් ජේවීපීකාරයෙකු , කොටි හිතවතෙකු , සමකාමී ලිංගික විකෘතියෙකු බවට කථා පතුරවමින් ඔහුගේ චරිතයද ඝාතනය කිරීමට ඇතැමෙකු පෙලඹුනහ​. ඒ රිචඩ් නම් ප්‍රතිභාපූර්ණ මිනිසාගේ පෞරුෂය ඉදිරියේ හීනමානයෙන් පෙළුණු  පුද්ගලයින් ය​. 

ඔහුව  මරා දමන ලද්දේ ඉතා කුරිරු ආකාරයටය​. වික්ටර් හාරාට මෙන් වධ බන්ධනයට ලක් කොට ඔවුන් නිරායුධ මිනිසෙකු මරා දැමූහ​. 

1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් සොයිසාගේ නිවසට  32 ශ්‍රී 4748 කොළපාට ජීප් රථයෙන් පැමිණි  පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගෙන යනු ලැබීය.  ඔහුව පැහැරගත් පිරිස රිච්ඩ්ට වද දී හිසේ පසුපසට සහ උගුරට වෙඩි තබා හෙලිකොප්ටරයකින් සිරුර ගෙන ගොස් මහ මුහුදට අතහැර තිබේ.  පසුව  ඔහුගේ මළ සිරුර  කොරළවැල්ල  කොරළවැල්ල මුහුදු තීරය  අසළට  ගොඩගසා තිබූණි.   

ඔහුව ඝාතනය කරන ලද කුරිරු ආකාරය සහ රිච්ඩ් ගේ උගුරට වෙඩි තැබීමට මිනීමරුවන් පෙලඹීම ගැන ඔවුන් ගේ කෂ්ට මනෝභාවයන් ගැන වැටහීමක් අපට ලැබේ. විජය කුමාරතුංගගේ මුහුණට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ මුණට වෙඩි තබා විජයගේ මුහුණ විකෘති කලාක් මෙන් රිච්ඩ් ගේ රිදී ස්වරයට ඉරිසියා කළ ඝාතකයන් ඔහුගේ උගුරට වෙඩි තබා ඔහුගේ ස්වරාලය කුඩු පට්ටම් කළහ​.   

රිචඩ් ද සොයිසාගේ මව වන වෛද්‍ය මනෝරානි සරවනමුත්තු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට සිටි මහෙස්‌ත්‍රාත්වරිය රෝහිනි පෙරේරා මහත්මිය වහාම රොනී ගුණසිංහ අත්ඩංගුවට ගන්නැයි නියෝග දුන් නමුදු රොනී ගුණසිංහ අතඩංගුවට ගැනීමෙන් වළකින්නැයි එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විඡේරත්න පොලිසියට නියෝග කරන ලදි.  රිචඩ් ගේ මරණයට ලංකා නීතිය මගින් යුක්තියක් ඉටු වූයේ නැත​. නමුත් ඔහුගේ මරණය අවස්ථාවාදී දේශපාලකයන්ට බලය ලබා ගැනීමට මහගු අත්වැලක් වූයේය​.  

රිච්ඩ් මිය ගොස් බොහෝ කාලයක් ගතවී තිබේ. ඔහු මරා දැමීමට නියෝග දුන්නන්ද මරා දැමූ පුද්ගලයන්ද  නීතියෙන් බේරී ගියත් මේ වන විට ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක්වී අවසන්‍ ය. ඔවුන්ට රිච්ඩ් ගේ භෞතික ශරීරය විනාශ කළ හැකි වූවද ඔහු ගේ ප්‍රතිභාව විනාශ කිරීමට නොහැකි විය​. රිච්ඩ් අදටත් අමරණීයය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

38 comments:

  1. හ්ම් ....................මොනවා ලියන්නද. මේ වගේ පුද්ගලයෙක් ඔබට හමුවී ඇසුරු කලාය කියන එකත් හොඳ දෙයක්. මරා දමන්නට තරම් වරදක් කල කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. රිච්ඩ් මරා දමන්නට තරම් වරදක් කල කෙනෙක් නොවෙයි

      Delete
  2. ඔහු අති දක්ශයෙක්. හැකියාවන් විශාල ගණනකින් ආශිර්වාද ලැබූවෙක්. ඔහු වැන්නකු ජාතියට අහිමි කිරීම පාපයක්. කෙසේ වෙතත් ඔහු භීශණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව හෝ එහි කටයුතු ගැන දැනුවත්ව සිටි අයෙක් බවත් රෝහණ විජේවීරට හෝ එවන් ප්‍රධාන අයකුට නිවසක් හෝ සැඟවීමට ස්ථාන සපයා දුන් බව ජවිපෙ 1989 සංහාරය ගැන සෝමවංශ අමරසිංහ සති අන්ත පුවත්පතකට දුන් දීර්ඝ විස්තර කිරීමකදී එලිදරව් කර තිබුණා. ඔහු වැන්නකු වරදක් කර ඇත්නම් ඩඬුවම් දී සමාජයට ඉදිරියටත් සේවයක් කිරීමට ඉඩ නොසලසා මරා දැමීම නම් අනුමත් කල නොහැකියි. එය ජාතික අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. soma wanshage vihilu.

      ohuwa mara damannat pradnama hethuwa uwye ohu lalith athulath mudali mahata samaga thibu sameepa sambandathawa. esema lankae manwa himikam gana ohu wides sangarawakta liyu lipi pelak.

      ohu samaga lalih athulath mudali mahathage itha kittu pudgaliyan 06 denek gathanaya kara.

      me kauda monawad akaranne kiyan drama ekak liya thibenne Richard de soyza

      Delete
  3. රොනී ගුණසිංහ සහ රන්ජන් විඡේරත්න දෙදෙනා ගේ මරණයන් ද ස්වභාවික ඒවා නොවීය!

    ReplyDelete
    Replies
    1. http://www.divaina.com/2014/07/21/mano06.html

      Delete
    2. ඇයි ප්‍රේමේ

      Delete
  4. Richard de soyza ge gathanaya wana wana dinaye ma sitiye police nila nolath ath adanguwe. wenama rahs bankarayaka ma athulu kihipa deneku randawa thibuna. edina rathriye mara senawa wenada men goduru soya giya. owun nawatha ena wita aluyama 5 or 6 wannata wiya. owun apa randawa siti sthnayata yana ena wita siyallooma kage warayadayi biyen thrasthawa sitina nisa nindak nomatha.

    ONNA yaha palanaya

    owun apasu awe jayagrhai lesa sinaha wemin. geetha mununamin. mowun siyala denama ewakata upa police pareekshakayani wuha. owun kolmba pradana pasal wala adyapanaya labuwan viya. Royala Ananada nalanda st. Thomas walin pamini aya wiya. movun pamina wigasa apata prakasha kale onna kudu gahana , aids karayek iwarayak yayi pawasamin.

    mowun athara sitiya prathapawath rugger kreedaka SI warayek ohu kisi dineka sak karauwan wanda bandanayata lak kare na. pahara dunne na. dan gannata labuna parade mohu ihala pele paulaka ayek. kisi deneka sara parusha lesa katha karanwa ho ma ma hata asee nomatha.

    mathakdi Richard de soyza ge kathawa chithra patayakata nagana awasthawe eyata yaha paalaka neethi garuka Manawa hithawadi ewun ida dunne na.

    ReplyDelete
    Replies
    1. pl use this link to type sinhala http://www.lexilogos.com/keyboard/sinhala.htm

      Delete
    2. ඔබ දක්වා ඇති කරුණු හා මා සතුව ඇති කරුණු අතර පරස්පර වෙනස්කම් තියනවා. මාත්හැ රිචඩ්කි ගැන ගොඩක්න කියවන අයෙක්. හැකි නම්හ මා ට ඊමේල් එකක්‌ එවන්න.
      pld_pathirana@yahoo.com

      Delete
  5. //ඔහු මරා දැමීමට නියෝග දුන්නන්ද මරා දැමූ පුද්ගලයන්ද නීතියෙන් බේරී ගියත් මේ වන විට ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක්වී අවසන්‍ ය.// මේකයි සමාජය හිතේ තබා ගත යුතු දෙය....

    ReplyDelete
    Replies
    1. natha oba inne mulawakaya. ohuwa mara damu police niladarin siyalu dena ronee hara ada ihala thanthuru daramin (one is DIG) vanjmbe

      Delete
    2. අප්පෝ ඔව් හොදට ඉන්නවා

      Delete
    3. නමුත් කවදා හෝ ස්වභාව ධර්මයේ විනිශ්චයට ලක්වීමට සිදු වෙනවා

      Delete
  6. රිචඩ් ද ‍සොයිසා ඝාතනය සිදුවන සම‍යේ මට අවුරුදු 8 ක් විතර ඇති - එම නිසා ඝාතනය ගැන තොරතුරු ඇසුවේ පසුකාලීනවයි. 2007 දි විතර රිචඩ්ගේ හොඳම මිතුරෙක් වන රජිව විජේසිංහ Limits of Love කියල රිචඩ්ගේ ජීවිතය හා තමා හා ඔහු අතර මිත්‍ර සම්බන්ධය ගැන අර්ධ ප්‍රබන්ධ ජීවිත කතාවක් ලිව්වා. එයට අනුව හා පසුව වික්ටර් අයිවන් කළ හෙළිදරව් අනුව රිචඩ් යනු ජවිපෙ ක්‍රියාකාරිකයෙක්. ඔහු ලලිත්ට සම්බන්ධ බව සත්‍ය වුවත් ඔහුව මරා දැමීමේ උවමනාවක් තිබී ඇත්තේ රන්ජන් විජේරත්නට විනා ප්‍රේමදාසට නො‍වේ. රූපවාහිනියේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කිරීමටද රිචඩ් අර ඇඳි බවට (එකල රූපවාහිනියට සම්බන්ධ ) රවිනාථ ආරියවංශ කී බවක් රජීව ඉඟි කරනවා. එමෙන්ම විජේවීරගේ පොත් ඉංගිරිසියට පරිවර්තනය කළේද රිචඩ් . එමෙන්ම ඔහු යාපනය යටත් කර ගැනීමේ "ඔපරේෂන් ලිබරේෂන්" හිදී සිරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාර්යයන් සඳහා ලලිත් ඇතුලත්මුදලිගේ ඉල්ලීම පරිදි සහයෝගය දී තිබෙනවා.
    එමෙන්ම (රජීව මෙන්ම මම ද එය වරදක් සේ නොදකිමී ) පුද්ගලික ජීවිතයේදී ඔහු සමකාමියෙක් - හැබැයි ‍1980 දශකයේ ධනවත් බටහිර සමකාමීන් මෙරට දරුවන්/තරුණයන් ලිංගිකව සූරා කෑමට නම් ඔහු දැඩිව විරුද්ධ වෙලා තිබෙනවා. ඔහු මෙවැනි සමකාමී විදේශීය සංචාරකයන් ගැන This Other Eden නම් තියුණු විවේචනයක් සහිත කවියක් පවා ලියා ඇති බව පැවසෙනවා.
    රජීවට අනුව රන්ජන් විජේරත්න රිචඩ්ව මරා දමන්නේ කොළඹ උසස් සමාජයට අවවාදයක් ලෙසයි. කොළඹ 07 ඇංග්ලිකානු පවුලක ඉංගිරිසි උගත් රිචඩ් වැනි අයෙක් ජනතා විමුක්ති පෙරමුනේ සන්නන්ධ දේශපාලනයට සම්බන්ධ වීම රන්ජන්ගේ උදහසට හේතුවී තිබෙනවා. මානව හිමිකම් කඩවීම් රිචඩ් හෙළිදරව් කළ බවට නම් සාධක නෑ - එම නිසා රජයට එරෙහි ස්වාධීන දේශපාලන ක්‍රියාකරුවෙක්ට වඩා ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වීම රිචඩ්ගේ මරණයට හේතුවූ බවයි ජනප්‍රිය නොවුවත් සත්‍යයට වඩාත් ළංවූ මතය.
    ඒ කොහොම වුනත් රිචඩ් ( හා අනිකුත් එලෙස ඒ කාල‍ෙයේ මරා දැමූ තරුණ තරුණියන්) වරදක් කර ඇත්නම් නීති මඟින් දඩුවම් කරනවා විනා නීතියට පිටින් මෙලෙස මරා දැමීම කිසි ලෙසකින්වත් අනුමත කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. රිචඩ් යනු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් කියලා හිතන්න අමාරුයි , නමුත් ඔහු ජවිපෙ ක්‍රියාකාරීන්ට ජීවිත බේරාගැනීමට උපකාරී කරා

      Delete
    2. කොහොම වුනත් සෝමවංශ අමරසිංහ හා වික්ටර් අයිවන් වෙන වෙනම පෙන්වා දී ඇත්තේ රිචඩ් ජවිපෙට සම්බන්ධ බවයි

      Delete
    3. රන්ජන් විජේරත්න කියන්නෙ නම් මනුස්සයෙක්ද කියන එකත් සැකයි. මිනී මරන එක එයාට විනෝදයක් වුනා. ඒ වගේම ඔහුට දුප්පත් ජනයා ගැන තිබ්බෙ අවඥාවක්. දුප්පත් මිනිස්සු ත්‍රස්තවාදීන් කියල එයා හිතුවෙ.

      Delete
    4. රන්ජන් විජේරත්න මැනේජ්මන්ට් අතින් දක්‍ෂ පුද්ගලයෙක්. නමුත් නිර්ධය මිනිසෙක්. අසීරු කාලවල මෙවැනි නිර්ධය මිනිසුන් සමාජයට අවශ්‍ය කෙරෙන බව සහ සමාජය උවමනා මත ඔවුන් බිහි වන බව ලියෝ ්ටාල්ස්්ටා්‍යි පවසා තිබෙනවා.

      Delete
    5. කොහොම වුනත් සෝමවංශ අමරසිංහ හා වික්ටර් අයිවන් වෙන වෙනම පෙන්වා දී ඇත්තේ රිචඩ් ජවිපෙට සම්බන්ධ බවයි //////////// ලක්‍ෂාන් සෝමවංශ අමරසිංහ හා වික්ටර් අයිවන් කියන සියළු දේ සත්‍ය බව පිළිගැනීමට විචාර බුද්ධිය ඇත්තෝ එකඟ නැත

      Delete
    6. ඔවුන් පමණක් නොව මා ඉහත කී පරිදි රිචඩ්ගේ හොදම මිතුරෙක් හා නිතරම ඔහු සමරමින් ලිපි ලියන රාජීව විජේසිංහද , රවිනාථ ආරියවංශද යම් ආකාරයකින් සම්බන්ධ ව මේ ගැන තම පොතේ දක්වා ඇත - එහි යම් ඇත්තක් ඇතැයි සිතේ

      Delete
  7. හ්ම්ම්ම් මොනව කියන්නද ඩොක්ට...

    ReplyDelete
  8. අපි ගැන දුක හිතෙනවා.. රිචඩ් සොයිසා ගේ කඩවසම් ගතිය මම ඒ දවස් වල දැක්කේ නැහැ. රැවුල මුණ පුරා වවලා. හැබැයි කටහඩ විනිවිද යන සුලුයි..

    ඔහු ගැන නැවත කතා කිරීම සතුටක්. ද ටයිග්‍රස් ලියූ නිරෝමි ද සොයිසා “ද සොයිසා“ කෑල්ල දාගෙන තියෙන්නේ රිචර්ඩ් ට ගෞරවයක් වෙන්නයි..

    ReplyDelete
    Replies
    1. කටහඩ විනිවිද යන සුලුයි////// ඔව්

      Delete
  9. ඔබට බො හොම ස්තූතියි ස හෝදරයා රිචඩ් ගැන ලිව්වට. ම ගේ ආචාරය!

    ReplyDelete
  10. As the young generation of this era we must continue Richard's mission.I dont know whether how far it is right to say this.Atleast if we can investigate whether Richard has reborn among ussome where in this country or outside it and bring him back it would be very great to this generation.Thank you very much for coming up with this article doctor.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. රිචඩ් මිය යන විට අපි කුඩා අය. ඒත් ඔහු රූපවාහිනියෙන් දුටු බව තාම මතකයි. ලිපියට ස්තූතියි. එසේම ඔහුගේ ඝාතනය හෙලා දැකිය යුතු බව අවිවාදිතයි.
    රිචඩ් ජේවීපී ක්‍රියාදරයෙක් වූ බවට වික්ටර් අයිවන් ඉතා පිලිගත හැකි ආකාරයේ ලිපියක් ලියා තිබුණා. ඒ ලිපියේත් සදහන් වූ පරිදි හා මට යන්තම් මතක ඇති හැටියට රූපවාහිනී හෝ පුවත් පත් සාකච්චාවකදී සෝමවන්ශ අමරසින්හ මහතාම සදහන් කල පරිදි 88/89 දී ඔහු රටින් පලා යාමට පෙර ඔහුට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ රිචඩ් ද සොයිසාය. වික්ටර් අයිවන්ගේ ලිපියට අනුව පසුව පැමිණි රජයක් ඒ මරණය ගැන සෙවීමට කොමිසමක් පත් කිරීමට යා මේදී මේ ජේවීපී සම්බන්දය මතු වීමට ඇති ඉඩ නිසා රිචඩ්ගේ මව ඊට අනුකූලතාවයක් දක්වා නැහැ.

    ReplyDelete
  13. ලිපිය හදිසියේ අවසන් වූ බවක් තමා මට පෙනුනේ. තව දුරටත් ලිපිය දිගු කරා නම් හොඳයි

    ReplyDelete
  14. මට ලියනගේ අමරකීර්ති ගේ "අටවක පුත්තු" කියවද්දී හිතුන ඒකෙ රවී මේ රිචඩ් ද කියල. නමුත් පොතේ රවී මැරෙන්නේ නැති නිසා වෙන්න බහ කියල පස්සේ හිතුන. ජවිපෙ දේශපාලනය වැරදියි. නමුත් ජවිපෙ තහනම් කලාට පස්සේ එතනට වටෙනේ එක නවත්වන්න බහ. ජේ ආර් කරපු ලොකුම වැරැද්දක් තමයි ජවිපෙ තහනම් කරපු එක. අපි වුනත් ඒ දේශපාලනය ගැන හෙව්වේ ඒ තහනම නිසා. මේක ගැන වඩාත් විශ්ලේෂණාත්මක ලිපියක් ලියන්න කාලේ හරි කියල හිතනවා. ආයි එන සයිටම් විරෝධයත් එක්ක. ඉතිහාසය නිකන් පුනරාවර්තනය වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ජේ ආර් කරපු ලොකුම වැරැද්දක් තමයි ජවිපෙ තහනම් කරපු එක.///// true

      Delete
  15. මම ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්නා සිසුවියක් කවුරු හරි උදව් කරනවද The limits of love පොත හොයාගන්න හෝ Prof. රජීව විජේසිංහ මහතාව contact කරගන්න

    ReplyDelete
    Replies
    1. මමත් ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන සිසුවියක්. මම ඔහුගේ බොහෝ නාට්‍ය හා පල කරලා තියෙන හැම ලිපියක්ම වගේ අන්තර්ජාලයේ පීරලා හෙව්වෙ. මේ පොත සරසවි පොත් හලේන් තමයි පල කළේ.සමහරවිට මේ පොත තාම ඇති. මම නම් හිතන්නෙ නුගේගොඩ හෙඩ් ඔෆිස් එකේ අනිවාර්‍යෙන්ම ඇති. ඔහුගේ සමහර කවි පොත් ඇමසන් එකේ තියෙනවා.ඔහු ගැන හදපු චිත්‍රපටයක් හදන්න දෙන්නෙ නැතුව වාරණ නිකුත් කරලත් තියෙනවා. මම හිතනවා කවදහරි ඒක බලන්න පුළුවන් වෙයි කියලා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook