Saturday, August 18, 2018

මේජර් ජාලිය ඈපා සමග සංවාදයක්


මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී  ඇඹිලිපිටිය ප්‍රදෙශයේ සේවය කලේය​. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය  පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ  සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර  ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඞුවම් ද ලැබීය​. වර්තමානයේ  සිරෙන් නිදහස්ව නිහඞ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට  ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මාධ්‍යකට  අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිලිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි. 


1) මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත් ? මොන ක්‍රියාන්විත වලද ඔබ සිටියේ  

ඔව් මා කොතලාවල ආරක්ශක විද්‍යාපීඨයට බැදුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොලඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුනුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන් වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයේන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරි වල. 

මාගේ මුල්ම deployment එක වුයේ ඔඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරමෙ තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරු වල සේවය කලා. 87 සාම සාකච්ඡා වලින් පසු දේණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹිමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව , වැලිඔය, අම්පාර. වැනි කදවුරු වල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ වගේම නැවතත් වවුනියාව , මන්නාරමේ, මඩකලපුව , ත්‍රිකුනාමලය, කල්පිටිය හමුදා කදවුරු ආශ්‍රිතව ක්‍රියාන්විත වල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුනු පහර, සහා නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරිමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ශා කිරිමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරිමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනිමේ මෙහෙයුම්, සහා convoy ආරක්ශා කිරිමේ මෙහෙයුම් වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දේකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරි අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙසත් රාජකාරි කොට තිබෙනවා. 

ඒවගේම දියතලාව අධුනිකයි පුහුනු පඨමලා කන්ඩ භාර නිලධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පසැලේ Intake 36 හි course officer ලෙස පුහුනු කිරිම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධිකරණ මුලස්ථානයේ දෙවන ශ්‍රේනියේ මාංඩලික නිලධාරි ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පලමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරි 11 ( GSO II ) ලෙසත් මාංඩලික රාජකාරි කර තිබෙනවා. 
මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශිය පාඨමාලා අටක් පමනත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරින් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.



2) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ  වන්නේ කෙසේද ?  

මා එම කාල වකවානුවෙ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙ ලුතිනන් වරයෙක්. මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පලමු බතරොයි නිළදාරි අනදේනයි. මා යටතේ කුට්ටිගල කදවුරත් රත්නපුරේ නීලපොල වත්තත් ( කුඩා කදවුරක් වත්තේ ආරක්ශාවට ) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්‍යාලයේ දෙවන ශ්‍රේනියේ මාන්ඩලික නිලධාරි ලෙස සම්බන්ධිකරණ නිලධාරිතුමා යටතේ සේවය කලා. සම්බන්ධිකරණ තුමා (Coordinating Officer) ගේ වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානින්ට නිසි ආරක්ශාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාමයි.

 දිසාපතිගේ ගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණ්ට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවෙත් අණදෙන නිලධාරි තුමා. මා ඔහුගේ මාන්ඩලික නිලධාරි ලෙස ඔහුගේ රාජකාරි කටයුතු වලට සහය වුනා. මා ස්ථාන ගතවි සිටියේ එම මහවැලි කදවුරෙයි.  ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කදවුරු ( 16-17 පමණ්) සියලුම පොලිස් ස්ථාන ( 10 ක් විතර ) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරිමට මෙම සම්බන්ධිකරණ කාර්‍යාලයට පැමිනෙනවා. මේ සේවන කදවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශ වල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැදිවයි මේම පැමිනිලි. සැම විටම සම්බන්ධිකරණ නිලදාරි තුමා හමු වීමට ප්‍රතම ඒම ජනයා මා හමු වෙනවා. ඒ නිසාම මා මේ සේවන කදවුරට බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කදවුරෙදි හමුවී තිබෙනවා.


3) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන්  වනවා. මේ සිද්ධියට ඔබ වග කිය යුත්තෙක්ද ? 

එය මෙසේයි. මා ඒ මුලුකාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කදවුරට සහා නීලපොල වත්ත හා සැබැදිවයි. මොකද වගකීමෙන් බැදෙන්නේ අනුකන්ඩ බාර නිලධාරි හෝ/ සහා නිලධාරි අණ්දේණ (බතරොයි නිළධාරි අණදේන) හෝ/සහා අණදේණ නිළධාරි තුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සේවන හමුදා කදවුරේ. මා රාජකාරි කලේ ඊට මිටර් 500-800 ඇතින් පිහිටි මහවැලි කදවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්‍යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධිකරණ නිලධාරි තුමාගේ උපදෙස් අනුව සම්බන්ධිකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කලේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම් වලට කිසිම අණදීමක් කර නැහැ.


4) ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති  දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද ?  ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගණුදෙනුව 

මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග ( රජයේ නිලධාරින් හෝ වේවා ) රාජකාරි මට්ටමෙන් පමනයි සම්බන්දතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුලත් batch mates ලා හැර ජේෂ්ඨ/ කනිෂ්ඨ නිළධාරින් සමග රාජකාරි කාලය තුල පැවැත්වුයෙත් රාජකාරි සබදතා පමනයි. ඒ මා එතරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබදතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමේන් පවා තිබ්බේ ඉතා අඩු සබදතාවක්. ඔහු සෙවන කදවුර, විදුහල අසල නිසා, සමග සබදතා පැවැත්වු බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉදන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්. 

අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්‍යාලයේ සිට පහලට, අත්‍යවශ්‍ය සේවා( ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරි වලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරින් හට අරක්ෂාව දීමත් අපේ රාජකරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ශද විදුහල්පති ( ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසැළ් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කලේ ඔහුයි) හට පාසැළ් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුනෙන් මරණිය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසු පසින් පැමින වෙඩි තිබ්බා. ශිෂයෙක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුල වෙඩි නොවැදි බේරුනා. ඉන් පසුව සම්බන්ධිකරණ නිළදාරිතුමාගේ උපදෙස් අනුව සෙවන කදවුර විසින් පාසැළටත් ඔහුගේ නිළනිවසටත් ආරක්ෂාව සැපයුවා.


5) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ? 

ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුන ගුරුවරයෙක්. ඔහු ම.ම.වි ඉඩමන් කොටසක් පැට්‍රොල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දේන්න ගත් තීරනයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙය වුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්‍යාලයේ. හිටපු විදුහල්පති තුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙ මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථාන ගත වුවා. සේවන කදවුරේ ස්ථාන ගත භඨ පිරිස් වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධිකරණ නිලධාරි තුමා වන බ්‍රිගේඩියර් පැරි ලියනගේත් ඇඹිලිපිටිය ම. ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ " පලමුව මව්බිම දෙවනුව පාසැළ" කියායි. ඔහු ඉතා තදින් කතාකලා. ඇත්තටම ගලප්පත්ති විදුහල් පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට.අප කලේ ඊටා වඩා වැඩි භිතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි. 

ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබිමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම අවි පුහුනු කදවුරු වලට යැවීම් ආදිය කලා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශ්‍ය ලෙස කටයුතු කරා. අප මොහුව දේපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රුපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට ( සේවන කදවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරික්ෂණ කරනවිට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැන ගත්තා.



6) අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද ?  

එක් කෙනෙක් හැර අන් සියලු දේනාම අවි පුහුනු කදවුරු වලට සහභාගි වෙලා අවි පුහුනුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හදුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හදුවල සුසිල් වගේ අය මිනිමැරුම් පවා කර තියේනවා. මොකද ගොඩක් මිනිමැරුම් සිදුවුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනිතබා විනාශ කර තිබෙනවා. 

7) මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද ? ඔවුන් කවුද ?  

ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධිකරණ නිළධාරි තුමාට නිදහස් කරන්න කියා කියා තියෙනවා. මොකද මා සම්බන්ධිකරණ නිළධාරි තුමාට සැම කදවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සැම විටම big picture එකේ සිටියේ. එය මාන්ඩලික නිළධාරි කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුලුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රදවා හිටියේ. නමුත් එයට මා එකග වුයේ නැහැ. මා අණදෙන නිළධාරිවරයෙක් නොවන නිසා ( මාන්ඩලික නිලධාරියෙක් පමනක් වු නිසා ) මා හට ඉන් එහාට කල හැකි දෙයක් වුයේ නැහැ. 

මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටිවන් වැනි නිදහස්. කල එදා රැදවියන් සාක්ශි දෙන විට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කල තිබුන නම් කියා. නමුත් ඒ වෙනවිට මා reform වෙමින් සිටි බැවින් මනුශ්‍ය ජිවිතයක වටිනාකම හොදින් වටහා ගෙන ( මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනේන් පිටවුනා. අදටත් මා එ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කදවුරට ඇරිමයි. අන් අය ගැන. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුනුව ලබා තිබේනම්, අවි සමග අත් අඩංගුවට පත්වි ඇත්නම්, මීනි මරා ඇත්නම් සහා රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ශක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් මා කතා කරන්න ශක්තියක් තිබිම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස් කරුවෙක් නොවීම නිසයි.


8) ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ  සිටි සිසුන් විසින්  සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ? 

1. ඇඹිලිපිටිය පෙහෙකම්හල ගිනිතබා විනාශ කිරිම
2. ඩිපෝවේ ලංගම බස් රථ ගිනිතබා විනාශ කිරිම
3. මහේස්ත්‍රාත් උසාවිය ගිනිතැබිම
4. ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසල තිබෙන ජනාධිපති නිල නිවස ගිනි තැබීම
5. කඩ වැසීම සදහා චිට් දීම
6. ජනයා විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින් බිය වැද්දීම සහා එක් ග්‍රාම සේවකයෙක් මැරිම. කතරගම රූපසුන්දරි ඝාතන නඩුවෙ සිරදඩුවම් විද නිදහස් වු හමුදා සමාජිකයෙක් නිදහස් වී සතියක් ඇතුලත මිනිමැරිම. 
7. පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කිරිම.
8. ජන ජීවිතය මුලුමනින්ම අඩාල කිරිම.


 9) මෙම නඩුව පිලිබඳ ඔබගේ අදහස් මොනවාද ?

නඩුවිභාගය පැවති කාලයෙදිත්, මා සිර දඩුවම් විදපු කාලයේදිත්, අදත් හෙටත් මා දකින්නේ ඒ දේමාපියන්ගේ පරම අයිතියක් කියායි. මොකද අප ජීවත් වන්නේ ශිෂ්ඨ සමාජයක නිසා. හැබැයි මෙයට දේශපාලන මුහුනුවරක් චන්ද්‍රිකා, පවිත්‍රා, S.B දිසානායක වගේ අය දුන්නා 94 බලයට එන්න. ඒ වගේම UNP රජයේ අවසාන කාලයේදි ලංකාවේ Human Rights රෙකෝර්ඩ් එක පහල මට්ටමක කියා විදේශ ආධාර ලැබි නොතිබුන තත්වයක් තිබුනේ. ඒ නිසාම චන්ද්‍රිකා ප්‍රමුඛ විපක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම සදහා දේශපාලන විදේශ පරිත්‍යාග මත මෙවැනි අතුරුදහන් වීම් සම්බන්දයෙන් ක්‍රියා කරනවා යයි රටේ ජනතාවට වගේම විදේශයට පොරොන්දු දුන්නා. ඒ අනුව 94 අගෝස්තු බලයට ආ චන්ද්‍රිකා 94 ඔක්තෝබර් මුල අප පස්දෙනෙක් CID මගින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දින 14 කට රිමාන්ඩ් භාරයට පත් කරා. කොමිසනුත් දැම්මා. හැබැයි 1992 සිට වගේ මේ එක් එක් අය වෙනුවෙන් Heabeascopes නඩු අපට තිබ්බා.

 පසුව 1995 අග  අප සියලු දේනාට චෝදනා 80 කින් ( eighty counts ) යුත් අධිචෝදනා පත් රත්නපුර මහාධිකරණයේන් භාර දුන්නා. චෝදනා තිබුනේ ශිෂ්‍යයන් 25 ක් සදහා පමනයි.අප නිර්දෝශයි කියු නිසා ජුරියකින් තොරව 1996 ජනවාරි මස සිට නඩුව විභාග කලා. චෝදනා 80 කින් යුත් අධිචෝදනා පතක් මීට පෙර කිසිම චුදිතයෙකුට ලංකා මහාධිකරණයකින් මීට පෙර නඩු පවරලා නැහැ. 1999 පෙබරවාරි 10 වැනි දින මා වරද කරු කරනා විට දින 200 කට ඉතා අසන්න කාලයක්, ඒ අවු 3 කට මදක් වැඩි කාලය තුල විභාග කර පිටු 15,000 ක ආසන්න නඩුවාර්තාව මත චෝදනා 8 කට වරද කරු කොට ඉන් 4 කට අවු 10 බැගිනුත් ඉතිරි 4 ට අවු 5 බැගිනුත් මුලු අවුරුදු 60 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් එකවර ගෙවී යන සේ ලබාදුන්නා.


10) ඔබ සාධාරණ නඩු විභාගයකට මුහුණ දුන්නාද? 

ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තින්දුව අසාධාරණයි. හැබැයි දඩුවම් තීන්දුව සාධාරණයි.



11) සිර දඞුවම පිලිබඳ තීන්දුව ලැබූ අවස්ථාවේදී ඔබ තුල ඇතුවූ සිතිවිළි මොනවාද ?

තීන්දුව කියවීම පැයක් හමාරක් ගතවුනු කාලයක්. මා වරදකරුවෙක් යයි මුලින් කියන විට මාගේ කකුල් දෙක පන නැතිව ගියා වගේ හැගීමක් ඇතිවුනා. මට අම්මා තාත්තා මතක් වුනා. ඒ අය කවරදාකවත් පොලීසියකටවත් නොගිහිපු අය. ඊට පස්සේ සිර දඩුවම් වසර ගනන් කරන්න පටන් ගත්තා. එය හරියටම කරන්න පුලුවන් වුනේ නැහැ. අම්මා තාත්තා කවරදාකවත් උසාවියට ඇවිත් නැහැ. එදා ආවෙත් නැහැ. ඒ වෙනුවට මාගේ classmate කෙනෙක්, තවත් නුගේගොඩ යහලුවෝ පස් හය දෙනෙක් ඇවිත් සිටියා. කා දෙසවත් කෙලින් බලා කතාකරන්න ශක්තියක් තිබුනේ නැහැ. ඩොක් එකේ සිටගෙන සිටියේ මොළය වැඩ කරන්නේ නැතිව. පසුව උසාවියේ සිර කූඩුවට දැමු පසු සිගරට් හත අටක් එක දිගටම පත්තු කරා. කලිසමත් පිච්චුනා. ඇදලා හිටියේ ලා කොල කලිසමක් සහා ඊටත් වඩා ලා කොල අත්දිග ෂර්ට් එකක් කොල දුඹුරු පාට ටයි එකක් පැලද. මගේ classmate ට මගේ රත්තරන් බ්‍රේස්ලට් එකයි චේන් එකයි ගලවලා දුන්නා පෙම්වතිය​ට දෙන්න කියා.   කූඩුවෙ පැයක් හමාරක් ඉන්න කොට මට පියවී සිහිය ආවා. මා සිර ජීවිතය පටන් ගන්නත් පෙර සිත හදාගෙන සිර ජිවිතය වැලද ගත්තා. ඇත්තට මාගේ ශක්තිමත් පෞර්ශත්වය නැවත මට ලැබුනා.



12) ඔබගේ සිර ගෙදර ජීවිතය ගත වුනේ කොහොමද ? 

ඔව් මගේ සිර ජිවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දින දක්වා. ඒ කාලය තමයි මාගේ ජිවිතයේ වටිනාම කාලය. මා ජිවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අවිහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබොධ කර ගත් කාලයක් මේ කාලය.නැවති මා ආ ගමන්මග දෙස, ඒ කියන්නේ වැල්ලේ පිය සටහන් දෙස නැවති හැරි බලන්න පුලුවන් වු කාලයක් මේ කාලය. ධර්ම පොත පත එ කියන්නේ තුනේ පංතියේ හතරේ පහේ ඔය ආදි වශයෙන් දහම් පාසැළ් පොත් පරිශිලනය ( මා දහම් පාසැළ් ගොස් නැත ) ලැබිච්ච කාලයක් මේක. වඩා වැදගත්ම වන්නේ රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත, චතුරාය්‍ය් සත්‍ය වැනි පොතුත්, බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වමින් වහන්සේගේ පොතුත්, අචන් චා හිමියන්ගේ භාවනා සම්බන්ධ පොත්පතුත්, තව තව බෞද්ධ පොත්පත් සමග ඩේල් කානජිගේ සහා තවත් අයගේ මනෝවිද්‍යාව, මනස සැබැදි පොත් පත් සහා නෙල්සන් මැන්ඩෙලාගේ long walk to freedom, බිල් ක්ලින්ටන්ගේ My life, ලලිත් ඇතුලත්මුදලිගේ autobiography එක වැනි පොත්පතුත් තවත් විශාල පොත්පත් ප්‍රමානයක් කියවන්න මට වාසනාව ලැබුන කාලයක් තමා මේ කාලය. දින පතා සිංහල පත්තර 2 ක් සහ Daily News පත්තරයත්, සති අන්ත සිංහල පුවත්පත් තුනක් සහා ඉංග්‍රිසි පුවත්පත් තුනක් බලන්නත් හැකි වෙච්ච කාලයක් මේක. ඒ වගේම දුම් පානයෙන් සහා මත්පැන් පානයෙන් තොර වු කාලයක් මේ කාලය. දිනපතා වියායාම ( cell එක තුල) කරන්න පුලුවන් වූ කාලයක් මේක. ඒ වගේම healthy food ( සිරබත ) ඒ කියන්නේ less sugar, No fat, No spices, No acid etc etc ගන්න ලැබිච්ච කාලයක් තමයි මගේ සිර ජීවිතය. 

ඒවගේම MS Office න්‍යාත්මකව ඉගෙන ගන්නත්, ඇදුම් මහන්නත් ( මා ටේලර් පාටියේ හිටියේ) ඉගෙන ගන්න පුලුවන් වු කාලයක් තමා මේ කාලය. අවු 18 ක පමන හමුදා කාලය තුල අන් අය supervise කර ඔවුන්ගෙන් වැඩ ගත් මා, මා විසින් ඉදිකටුවට ඇගිලි තුවාල කරමින්, දාඩිය දමාගෙන මැෂිම පාගනින් task එකට වැඩ කරන්න හිත කය පුරුදුකර ගත් කාලයක් තමා මේ කාලය. ඒ වගේම දිනපතා පන්සිල් ගන්නත්, පෝයදින වැඩ සටහන් වලට සහභාගි වෙන්නත්, දින 3 ක් හෝ 5 ක භාවනා වැඩ සටහනකටත් සහභාගි වෙන්න වාසනාව තිබ්බ කාලයක් තමා මේ කාලය.  ඒ වගේම පරවියන් ඇතිකරන්නත්, පුසියෙකුටත් ආදරය දක්වන්නත් හැකිවෙච්ච කාලයක් තමා මේ කාලය. ඒවගේම සහෝදර සිරකරුවන්ගේ ජීවිත වලට එබිකම් කරන්නත් හැකියාවක් ලැබුනු කාලයක් තමා මේ කාලය.  එ කියන්නේ මරණීය දන්ඩනයට ලක්වු අය, දවල් හොරු, රාත්‍රි හොරු, මංකොල්ලකාරයො, වංචා කාරයො, ස්ත්‍රි දූශකයො, පාතාලයෝ, චන්ඩියො, කුඩු මුදලාලිලා, කුඩ්ඩො, අරක්කු සික් කාරයො, පිස්සො, අල්ලස් කාරයෝ, වැරදි කරපු පොලීස් නිළධාරින්, SB වැනි දේශපාලකයින්, සමාජයේ වැදගත් යයි සැලකෙන යම් ප්‍රභුන් වැනි අයගේ ජීවිත සහ අත්දැකීම් කියවා ගන්නත් ලැබිච්ච අනගි අවස්ථාවක් තමයි මේ කාලය. මොකද විශ්වවිද්‍යාලයේ මාගේ ප්‍රියතම විෂය තමයි Psychology. මට B pass එකක් තියෙනවා. පසුකාලීනව psychology සැබැදි ගොඩක් පොත්පත් මා එවකට කියවා තිබුනා. ඒ දැනුම මා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන්වු කාලයක් තමා මේ කාලය.  එවගේම Chess ඉගෙන ගන්නත්, අප විසින්ම organize කල Chess tournament එකකින් දිනන්නත් පුලුවන් වු කාලයක් තමා මේ කාලය. ඒ වගේම කුඩා fight දෙකකටත් මැදිහත් වෙලා අත්දැකිම් ගත් කාලයක් තමා මේ කාලය. එ වගේම ඇපිල් නඩුවට අදාළව සියලු facts සහා law මාගේ ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහත්‍තයාට (President Council Srinath Perera) ලබා දීම සදහා විශාල home work කරන්නත් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ අවුරුදු හත. ඉතිං මේ කී සහා නොකි ක්‍රියාකාරකම් නිසා මාගේ අවු 7 ක සිර දඩුවමට මා අදටත් ආදරය කරනවා. එහි ප්‍රතිඵල භුක්ති විදිනවා. ඒකයි මා කියන්නේ මේ කාලය මාගේ ජිවිතයේ වටිනාම කාලය කියා. තව විදිහට කිවහොත්, ඇතුලට ගිය මේජර් ජාලිය ඈපාට වඩා එලියට ආපු නිකන් ජාලිය ඈපා වඩා ශක්තිමත්, ගුණගරුක, ධර්මයට ලැදි, ධර්මානුකුලවම ජීවත්වන්න උත්සහා කරන වඩා යහපත් පුද්ගලයෙක් කියා.


13) වර්තමානයේ ඔබ මොනවද කරන්නේ ? ඔබගේ මිතුරන් සමාජය ඔබ දෙස දැන් බලන්නේ කොහොමද ? 

ඇත්තම මාගේ batchmates ලා මාව හොදින්ම පිලිගන්නවා. මා ඔබට කියු ලෙසම කලකට පෙර batch get togatger එකකදි කියා තිබෙනවා. එයාලා එයාලට වඩා අත්දැකීම් වැඩි කෙනෙක් ලෙස මාව පිලිගන්නවා. හමුදාවෙ මාගේ ජේෂ්ඨ නිලධාරින් වගේම කනිෂ්ඨ නිලධාරින්  මා හට විශේෂ ගරුත්වයක් දක්වනවා. හේතුව එකක් මා command material එකක් වීම සහා මා මෙයට වග කිව යුතු කෙනෙක් නොවීම. අදටත් intake 20 සහ පහල මේජර් ජෙනරාල්ලා පවා මට Sir කියා තමයි කතාකරන්නේ. හැබැයි මා හමුදාව සමග සම්බන්ධතාවයන් පවත්වන්නේ නැහැ. ඒක එක compartment එකක්. සිර ජිවිතයත් තවත් එක compartment එකක්. මා දැන් ඉන්නේ වෙන compartment එකක. මගේ මේ පෙට්ටිවල ඇතුලෙන් යන්න බැහැ. Journy එක ඉවරවෙලා station එකෙ නැවතුමේදි තමයි යන්න පුලුවන්. මා අලුතින් යාලු හිත්වත් කම් පටන් ගන්නේ නැහැ. දන්නා අය සමග විතරයි ඇගැලුම් කම් පවත්වන්නේ. හැමෝම දන්නවා මෙය දේශපාලන case එකක් කියලා. ඒ නිසා අප්‍රසාදයක් නැහැ. නමුත් මා නොදන්නවාට ගොඩාක් පිරිස් මා ගැන දන්නා බව මට අනන්තවත් තේරිලා තියෙනවා. මා නොදන්නවා වාගේ ඉන්නවා. 

මා ගිය අවුරුද්දේ සියලු වියාපාර කටයුතු වලින් විශ්‍රාම ගත්තා. ඒ මට අවු 55, ඔක්තෝබර් 26 ට පිරිච්ච නිසා. තැන්පත් ධනයෙන් මට ජීවත්වෙන්න අවශ්‍ය බැංකු පොලිය ලැබෙනවා. මාසයට බිල් හතරයි ( SLT ADSL PEO TV බිල, වතුර බිල, ලයිට් බිල සහ මොබයිල් බිල ) ගෙවන්න තියෙන්නේ. Car, cab and the motor bike are free of lease. No loans to pay. ඉතිං මා අද නිදහස් පුද්ගලයෙක්. අද මා ඉන්නේ දොම්පෙ. අක්කරයකට අසන්න ඉඩමක් තියෙනවා. එහි තිබුන වලව්ව මම (restore) ප්‍රතිශ්ඨාපනය කරා. මා එහි තනියෙන් ඉන්නවා. වැඩට වයසක් මනුස්සයෙක් ඉන්නවා. ගිය අවුරුද්දෙ වත්තේ පොල් පැල 30 ක් දැම්මා. රඹුටන් පැල 12 , වෙනත් පලතුරු වර්ග 15-20 ක් විතර සහා අඩි 40x40 ක ගෙවත්ත තිබෙනවා. ඒ කටයුතු කරමින් විවෙකීව ඉන්නවා. පසුගිය දවස්වල පෝර දැම්මා. ලබන අවුරුද්දට පසු අවුරුද්දේ පලදාව ගන්න බලා පොරොත්තු වෙනවා.



14) ආපසු හැරී බලන විට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන ඔබ සිතන්නේ මොනවාද ?

මුලින්ම කියන්න තියෙන්නේ එය සිදු නොවිය යුතු තත්වයක්. මේකට මේ අතුරුදහන් වු ශිෂ්‍යයන් වත්, අප වත්, හමුදාවවත්, එදා රජයවත් වග කිව යුතු නැහැ. වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කල විජේවිර ප්‍රධාන ජවිපේ දේශපාලන මංඩලය සහා මධ්‍යම කොමිටිය. මේ අය රටේ යමක් කල හැකි තරුන පරම්පරාව විනාශ කරා. අද සිංහල ජන සමාජය යම් නිවට කමක් ඇත්නම්, එයට හේතුව මේ නැතිවුන තරුන පරම්පරාවයි. මේ ශිෂ්‍යයන් ලව් ලෙටර් වැනි පුද්ගලික කාරනාවක් නිසා හෝ ප්‍රතිවිරුද්ධ දේශ්පාලන ( SLFP, LSSP වැනි) මතයක් දැරිම නිසා හො නොවෙයි දැයට අහිමි වුයේ. ඔවුන්ව නොමග යවා, ඔවුන් ලවා අපරාධ කරපු නිසාවෙන්මයි මේ දේවල් සිදු වුනේ. මේ සියලු ශිෂ්‍යයන් අද්දැකිම් නොමැති තරුන අය නිසා, නැත්නම් නොදරුවෝ නිසා ඔවුන් හදාගැනිමේ වගකීමත් එයාලගේ දෙමාපියන්ට තියෙනවා. එතකොට එයාලටත් තම වගකීම් ඉටු නොකල අය නිසා වරදකාරිත්වයක් පැටවෙනවා. 

ප්‍රසන්න හදුවලගේ පියා ( ඔහු කනිෂ්ඨ විද්‍යාලයක විදුහල්පති සහ 71 කැරැල්ලේ NIB ලිස්ට් එකේ නම තිබෙන කෙනෙක්) දැන දැනම තමා, තම පුතා මේකට යොමු කරේ. ඒ බව මා දන්නේ හදුවල ඉන්නේ කුට්ටිගල බල ප්‍රදේශයේ නිසා සහා මුලින්ම කුට්ටිගල කදවුරේ නිලධාරි අණදෙන ලෙස මා විසින් ප්‍රසන්න හදුවල අත්අඩංගුවට අරන් නිදහස් කල නිසායි. Lack of supervision by parents too caused this vandetta. හමුදාවකට හෝ පොලිසියකට කොහොමද ලමයි හදන්නේ?  රජයටත් වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ප්‍රේමදාස ජනාධිපති තුමා කිහිප සැරයක් සාක්ච්චා මේසයට එන්න කියා අරාධනා කරා ආයාචනා කරා, ඇවිත් එකට ආන්ඩු කරමු කියා. නමුත් ජනතා විමුක්ති පෙරමුන ගනන් ගත්තේ නැහැ. මොකද එදා සති දෙකක්, දින 10 ක් වගේ කාලයක් තිබ්බා ( 89 අගොස්තුවේදී හො සැප්තැම්බර් මාසේ ) රටේ ආන්ඩුවක් නැතිව. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයකදි ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු රජයකට කල හැක්කේ supression පමනයි. ඒ නිසා එදා පැවති රජය මීට වගකිව යුතුයි කියා කියන්න බැහැ. අනික පසු කාලින ආ රජය LTTE එකට කරෙත්, ඉදිරි කාලයක ඇතිවෙන රජයක් කරන්නෙත් ඕකම තමා.


15) ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන අපගේ සමාජය ඉගෙන ගත යුතු පාඩම් මොනවාද ? 

පලමු පාඩම තමයි තම නොදරුවන්, වීශේෂයෙන් වයස 15 16 සිට 20 21 දක්වා ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම. මොකද දුෂ්ඨ මිනිසෙකුට මේ වයසේ ලමයි නොමග යවන්න ඉතා පහසුයි. මේ සිද්ධියේ ඒ දුෂ්ඨයා තමයි ඔවුන්ගේ තරුණ ගුරුවරයා බුද්ධික.  අනික මේ ලමයි සම්බන්දයෙන් අපට ලැබි තිබුනු තොරතුරු අනුව අප ඒ ඒ ගෙවල් වලට ගොස් ඒ ඒ දේමාපියන්ට දැනුම් දුන්නා. කුට්ටිගල පැත්තේ අයට සෙවන කදවුරේ අය මා සමග ගොස් දැනුම් දුන්නා. හදුවල, උදේශ් , සහ තව කිහිප දෙනෙකුගේ. ඒ නිසාමයි මා කියන්නේ මේ දෙමාපියන් බුද්ධික ගුරුවරයාට පසු ඊලගට වග කිව යුතුයි කියා.  රජයත් මීට වඩා දුර දිග කල්පනා කොට තීරන ගැනීමත් වඩා වැදගත්. හේතුව පුනුරුත්ථාපනය යන සංකල්පයෙ ආවේ ගොඩක් කල් ගිහිල්ලා. අපි බලාගෙන ඉන්න ඔනේ vecanncy එනකන්. ඒ කියන්නේ ස්ථාන පහසුකම් අවම මට්ටමේ තිබ්බේ. නමුත් ජවිපේ රජයට වඩා වග කිව යුත්තේ ඔවුන්ගේ සටන් පාඨය වුයේ, ඉංදීය හමුදා ලංකාවට ඒමයි. එදා එයට කල හැක්කක් ලංකා රාජ්‍යයට තිබුනේ නැහැ. එය තනිකරම බලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් ලබාගැනිමට තරුනයන් නොමග ඇරිමක්. පාසැල් ලමුන්ගේ අතට දුන්නේ " පළමුව මව්බිම, දෙවනුව පාසැල" කියායි.  

මේ සමාජයේ කුහකත්වය ඉතා වැඩියි. නැති එකා ඇති එකා වට්ටලා හරි, වෙන කොහොම හරි ඇති එකෙක් වෙන්නයි උත්සහා ගන්නේ. මේ ලමයිනුත් මා දැක කතාබස් කල මධ්‍යම කාරක සහාවෙ අය තුලත් මා දැක්කේ අධික කුහකත්වය. එය සමානාත්මතාවය කියන පිරුවටයෙන් තමයි වහන්නේ. මෙය ඇති කරන්නේ ගෙවල් තුල. සමහර විට පහේ ශිෂ්‍යත්වයත් මීට හේතු වෙනවා. අනිකා පරයා යන ගුනය අපේ කාලේ තිබ්බේ නැහැ. ලමා සිතට ඒ පීඩනය ඇතුල් කරන්නේ දෙමාපියන්. ඉන් මව ප්‍රධානයි.  

හමුදාව පැත්තෙන් බ්‍රිගේඩියර්ට මීට වඩා මානුශීය හැගිම් තිබ්බා නම් වඩා හොදයි. ඔහුට මිනිස් ජීවිතයක අගයක් තිබ්බේ නැහැ. මොකද මේ හැම දෙයම සිදුවුනේ under his nose. නමුත් ඔහුට පහල හිටිය සෙවන අනුකන්ඩය ඇතුලු අනුකන්ඩ ගනනාවක් බාරව හිටිය මේජර් රන්ජිත් රුපසිංහ බ්‍රිගේඩියර්ව නොමග ඇරිය කියා කියන්නත් පුලුවන්. ඔහු කොහොමටත් අවස්ථාවාදි නිලධාරියෙක්. 




සාකච්ඡා කලේ   වෛද්‍ය රුවන් එම් ජයතුංග

80 comments:

  1. ඉතාම වැදගත් ලිපියක්, සැමදෙනාම , විශේසයෙන් JVP වැනි තරුණ තරුණයන් නොමග යවන සංවිදාන වලින් තම දරුවන් බේරාගැනීම සඳහා දෙමාපියන් දැනුවත් කෙරෙන ලිපියක්. ඔබගේ වෑයම ඉතා අගනීයයි .

    ReplyDelete
  2. A must / compulsory read for all Forces / Police personnel and political party officials !

    ReplyDelete
  3. නිවැරදි කළ නොහැකි වැරදි

    ReplyDelete
  4. මෙය 1989 කැරැල්ලේ එක් පැතිකඩක් ගැන අතිශය ගැඹුරු කියවීමක්. ඒ වගේම අවංකයි කියාත් මා හිතනවා. මෙවැනි පර්යාවලෝකයන් මහා චිත්‍රය නිර්මාණය කරගැනීමට ඉවහල් වෙනවා. මා මෙයට කැමති පළමු හේතුව තමයි, මෙහි අධිසංවේදීකරණයක් නැතිකම. ජවිපෙ පැත්තෙන් ලියවුණ බොහෝ පොත්පත්වල මේ අධිසංවේදීකරණය තිබෙනවා. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් කතා කරපු අවස්ථා ඉතා විරලයි.

    කේපොයින්ට් නවකතා පොත පිටවෙන්නටත් කලින් මතු වූ අභියෝග මා දකින්නේ අධිසංවේදීකරණය කරන ලද ආඛ්‍යානයන්ට යථාර්ථය ග්‍රහණය කරගන්නට දිරියක් නැති වීම පිළිබඳ කාරණයක් ලෙසයි.

    කේපොයින්ට් නවකතාව පිටවෙන කාලෙම මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ප්‍රසිද්ධ වීමත් තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාව අලුත් මානයකට ගෙන යනවා ය කියා මා හිතනවා.

    ReplyDelete
  5. Jaliya, you lie. You will rot in hell not just for your murders, also for your lies.

    ReplyDelete
    Replies
    1. yes even after everthing still he lies

      Delete
    2. I'm sorry to read this coming to you are very wrong very wrong don't say like this. how can you see if somebody is wrong when you don't know the circumstances properly thank you

      Delete
    3. Dear Sir John, I wrote a comment today, pls see that and comment. '''''''''when you don't know the circumstances properly'''''' Dont you say that to me. Do you want the complete names of the kids got murdered ? Anyway expect you to read my latest comment and comment back. Kanchana Karunaratna, pls follow.

      Delete
    4. What can I say. You have not been in the situation where this person has faced. Have you?
      And do you even think you can even get closer to the event like he was. If so just don't be partial.
      That's why your comment is not correct. Thanks again.

      Delete
  6. මුළු සාකච්ඡාවම හොඳින් කියෙව්වා. මෙට පැහැදිලි වන එක දෙයක් නම් මේජර් ඈපා මේ සිදුවීමට කෙළින්ම වග කිව යුතු බවයි. ඔබේ අදහස කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම ඔහුව විනිශ්චය නොකරමි

      Delete
    2. oba ජූරිය වන්නට පෙර සියලු දේ තුන්වන ඇසකින් බලන ලෙස කියවන්න පාක්ෂික නොවන්න.

      Delete
  7. ඩොක්, ඉතාමත් වැදගත් ලිපියක් .ඔය කාලෙ මාත් හිටියේ උඩවළවේ .අප ආයතනයේ වාහනයක් හමුදා වෙන් මඟදී අත්පත් කරගත් සිද්ධිය කට මුහුනදුන්නා.

    ReplyDelete
  8. මෙම සම්මුඛ සාකච්ඡාව පිලිබදව පලමුව ස්තුති වන්ත වෙමු.පුවත්පත් වලින් ඇබිළිපිටිය සිසුන්ගේ අතුරුදහන් වීම පිලිබදව කියව තිබුනත් සිද්දියට අදාල අනෙත් පාර්ශවය සම්බන්ධව කරුණු කිසිවක් අනාවරණය වුයේ නැත.ජනතා විමුක්ති පෙරමුණ කලා කිසිවක් නිවැරදි නොවුවත් රජයේ අවි දරණ යුධ හමුදා නිලදාරීන් විසින් කරණ ලද සිසුන් අතුරුදහන් වීම කිසිවිටෙකත් සාධාරණීය කරණය කලා නොහැක.මෙතුමා එක දරුවෙකුගේ පිය මීට පෙර ජේ වී පෙ සාමාජිකයෙකු බව පවසා තම දරුවා ඊට යොමු කිරීම එම පියාගේ වරදක් බව නිකිය හැගවී මට ප්‍රයත්න දැරිමක් මෙහි අන්තර්ගතය.
    දෙමාපියන් සැමවිටම දරුවන් නිසි මග යොමු නොකරනවා විය හැක,එහෙත් රජයේ නිලදාරීන් ලෙස යුද්ධ හමුදාවේ උසස් නිලදාරීන් ලෙස මෙම දරුවන් අතුරුදහන් කිරීමට එයා හේතුවක් නොවිය යුතුය.අපත් බොහේ දෙය කාලයත් සමග වෙනස් කලා හැකි වෙනු ඇත.එහෙත් අතුරුදහන් වූ දරුවන් නැවත කිසිදා ගෙදර නොඑනු ඇත.
    මෙමෙ මහතාම පවසනු පරිදි ජෙවිපේ ක්‍රියාකාරීකයකු වූ බුද්ධික කුලතුංග නාමය පමණක් තබා සියලගෙන් වෙන්වී ගොස් ඇත.පාසල් දරුවන් පමණක් අතුරුදහන් විය.එසේනම් හමුදා නිලදාරීන් එම පුද්ගලයව පළමුව හදුනා නොඅනීම වරදක් නොවේද?එයා හමුදා නිලදාරීන්ගේ නොහැකියාවක් වීමටද පුළුවන.

    "ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තින්දුව අසාධාරණයි. හැබැයි දඩුවම් තීන්දුව සාධාරණයි" ලෙස අදහස් කරන්නේ කුමක්ද?
    අතුරුදහන් වූ දරුවන්ට සදරනයක් කිසිවිටකත් සිදු නොවූ බවනම් ඉතා පැහැදිලිය.


    ReplyDelete
    Replies
    1. ඔබගේ අවසාන ඡේදය මෙහෙ තිබෙන ඉතාමත් සංකීර්ණ භාවය සලකුණු වෙනවා මෙය වටහා ගැනීම ඉතාමත් අපහසු වනු ඇත.

      Delete
  9. "මේකට මේ අතුරුදහන් වු ශිෂ්‍යයන් වත්, අප වත්, හමුදාවවත්, එදා රජයවත් වග කිව යුතු නැහැ."
    වගකිව යුත්තේ මීට පෙරත් 1971 විශාල විනාශයක් කල විජේවිර ප්‍රධාන ජවිපේ දේශපාලන මංඩලය සහා මධ්‍යම කොමිටිය.
    මෙමෙ සාකචාවේ පුදුමය දනවන කරුණ නම් ඉහත අදහසවෙ. යම්කිසි රටක සිසුන් සමුහයක් අතුරු දහන වූ විට එයට රජය හෝ එවකට හමුදාව වග කිවයුත් නැති පැවසීම මුසාවක් නොවේද?ගෙදර නිදා ගෙන සිටින දරුවන් හමුදා රත් වලින් පැමිණ රැගෙන ගොස් ඉන් අනතුරුව අතුරුදහන් වී ලෙස නම කෙරීමේදී රජයට හෝ හමුදාවට ඒ සදහා වගකීමක් නැති පැවසිය හැකිද.
    ජෙවිපේ විසින් පාසල් සිසුන් දේශපාලනයට යොමු කිරීම සහ අරගල සදහා යොමු කිරීම කිසිවටකත් නිවැරදි දෙයක් නොවේ.එහෙත් එසේ කල දරුවන් හමුදා රථ යොදාගෙන අතුරුරුදහන් කිරීමේ වගකීම හමුදාවට සහ රජයට මිස අන් කාට පැවරිය හැකිද?
    මගෙ දරුවා යම් අයකුගේ පෙලබවීම මත නිවාස විනාස කරනවා විය හැක,
    එහෙත් එයා දරුවා පෙලබවන පුද්ගලයාගේ වැරැද්ද ලෙස සලක මට දරුවන් අතුරුදහන් කෙරීමට නොහැක,
    රජයක් හෝ හමුදාවක් සතු වගකීමද එසේම වෙ

    ReplyDelete
    Replies
    1. ජවිපෙ විසින් සිසුන් දේපල විනාශයට හා මිනී මැරීම ට පෙළඹවීම මේ සියල්ලටම හේතුව නේද
      සම්පූර්න වරද ඔවුන්ගෙ.

      Delete
    2. ජේ වී පෙ මගින් සිසුන් පෙලබවූ බව සැබෑවකි.එහෙත් මෙමෙ ක්‍රියාදාමයේදී අතුරුදහන් වුයේ වයස 18 අවු උසස්පෙළ පාසල් සිසුන් පිරිසකි,මෙමෙ සිසුන් පෙලබවූ සියලු දෙන සියල්ලගෙන්ම බේරී වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේද සටිනවා විය හැක.ජේ වී පෙ විසින් සිසුන් පෙලබවූ පමණි එම සිසුන් අතුරුදහන් කිරීමට හමුදා නිලදාරීන් ක්‍රියා කිරීම කෙසේ වත් සිදුවිය උතක් නොවන බව මගෙ හැගීම වෙ.මෙමෙ හමුදා නිලදාරීන ඉතා දක්ෂ නිලදාරීන් වුව නම් සිදු කලා උතුව තිබුනේ පලබවුවන් සේවේම මිස මෙමෙ පාසල් සිසුන් අතුරුදහන් කෙරීම නොවේ.මෙමෙ හමුදා නිලදාරීන් ක්‍රියා කර අත්තේ ජේ වී ඒ ට වැඩ දරුන්ය් ආකාරයට බවනම් මෙමෙ සාකච්චාව කියවූ විට ගම්‍ය වේ.

      Delete
  10. මාත් මේ ලිපිය දැක මේ ගැන පෝස්ට් එකක් දැම්මා. ඇත්තෙන්ම ඉතාම වැදගත් සංවාදයක්. ඉතාම දුෂ්ට ගුරුවරයෙක් හා ඔහු පිටුපසින් සිටි වගකීමෙන් තොර ත්‍රස්ත කල්ලිය කල දේ නිසා බිලිබොයිලාට ජීවිතත් මෙවැනි නිළදාරීන්ට තම වෘත්තීය අනාගතයත් අහිමිවුනා. බිලිබොයිලා මෙහෙයවූ අය සැපෙන් සිටීම ඉතා කනගාටුදායකයි. මේක හොද පාඩමක් දෙමවුපියන් වගේම දරුවනුත් තමන් බිලිබොයිලා කරගන්නා දුෂ්ටයන් ගැන දැනුවත් වෙන්න ඕන

    ReplyDelete
  11. ඔහුගේ කතාවේ ගතයුත්තක් තියෙනවා. තරුණයන් නොමග යැවීම හරි ලේසියි. ජවිපෙ තියෙන ලස්සන වේදිකා, ලස්සන සටන් පාඨ ආදියෙන් තරුණයන් ආකර්ෂණය කරගන්නවා. මාත් එහෙම ආකර්ෂණය වුනා අවුරුදු විස්සෙදි විතර. ඔවුන් අපි තුළ මැව්වෙ බොල්ෂෙවික් පක්ෂයක් හදාගන්න අපේක්ෂාව. මගේ තාත්තා බොහොම වෙහෙසුනා මට ඇත්ත වටහා දෙන්න. වෙලාවට සෝමවංශ ලංකාවට ඇවිදින් ඔවුන්ගේ හිස බව එලීපිට පෙන්වා දුන්නාට පස්සෙයි මම එයින් ඉවත් වුනේ. දෙමාපියන්ට ඉතාම තද සහ මග ඇරිය නොහැකි වගකීමක් තියෙනවා තම තරුණ දූ පුතුන් ට නිසි දැක්මක් ලබා දෙන්න.

    ලිබරල් ඩිමොක්‍රටික් ආණ්ඩුවක් ඔවැනි අවස්ථාවකදි වෙන විදිහක පියවරක් ගනියි කියල මට නම් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සොයුර ඇත්ත තත්වය දැන්වීම ගැන ස්තුතියි

      Delete
  12. වෛරය,කුහකකම,මහන්තත්වය සහ ඉතා අධික ගැතිබව අපිට මනුස්සකම් අමතක කරනවා.බොහෝ සිංහල ,දෙමළ අයගේ මේ ගති තිබේ.ජේ.වී.පී හා හමුදාවේ අපේම මිනිස්සු මෙහෙම වෙනවිට තව වචන නාස්තිය කාලය අපතේ යැවීමකි.මෙහෙව් රටක ඉපදීමම පවකි.

    ReplyDelete
  13. වසර 30 කට පසුව හෝ සත්‍ය තත්වය හෙලි කිරීමට කරනලද උත්සහයට ස්තුතියි.
    විජෙවීර වගේ පොල්පොට් පන්නයේ මානසිකත්වයක් තිබුනු කෙනෙක් ගෙන් රට බේරාගන්න සටන් කරපු ජාලිය මහත්මයා වගේ අය අවස්තාවදී දේශපාලනයේ ගොදුරක් වීම ලොකු අසාදාරනයක්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ සටහනට එකඟ වෙමි

      Delete
  14. සරල භාෂාවෙන් ලියන බොරු සාමාන්‍ය ජනතාව අමුවෙන්ම ගිලින බව මාධ්‍යවේදියෝ කියන කුලී ලියන්නෝ දනිති. ඔවුන් ලියූ අතිශයෝක්ති සහ අනුමාන කරමින් ලියූ බොරු නිසා විනය ගරුක දක්ෂ හමුදා නිලධාරියකුගේ වෘත්තීය ජීවිතය විනාශවිය.

    ReplyDelete
    Replies
    1. Thanks for your comments. He is oneof true sonssof mother lanka.

      Delete
  15. ඉතාමත් වැදගත් ලිපියක්. Thanks

    ReplyDelete
  16. මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම ගැන ඔබතුමාට ස්තූතියි. හැබැයි මේ ඝාතකයාව හමුදාවෙ අධිකාරියෙන් පහ කරන ලද්දෙක් නිසා ඔහු තවදුරත් මේජර් ජාලිය නමින් ඇමතීම වැරදියි. මේ කතාවෙදි මොහු සුදනා වෙන්න උත්සාහ කළත්, ඔබතුමාගෙම පහුගිය ලිපිවලින් සහ නඩුවේ සාක්කිවලින් කියන්නෙ මොහු එවකට ඇඹිලිපිටිය හමුදා කඳවුර භාර නිළධාරියා බවයි. කඳවුරේ අණදෙන්න වුණේ බ්‍රිගේඩියර් ලක්ෂ්මන් සහ කඳවුරේ ප්‍රධානියා වුණේ පරාක්‍රම ලියනගේ.
    අනිත් එක ඔය සිසුන් අල්ලගෙන තියෙන්නෙ යුද්ධ භූමියෙදිවත්, ඔය කළැයි කියන කඩාකප්පල්කාරී වැඩ වෙලාවලත් නෙවෙයි, ගෙවල්වල නිදාගෙන ඉන්නකොට. රෑට නිදාගෙන ඉන්න සිවිල් මිනිස්සුන්ගෙ ගෙවල්වලට ආයුධ අරගෙන පැනල, කුදලගෙන ඇවිල්ල, අත් බැඳලා, වද දීල මරල පුච්චලා දාන්න, විශේෂ හමුදා පුහුණුවක්වත්, විශේෂ බුද්ධි දැනුමක්වත් අවශ්‍ය නෑනෙ. කොටින්ම ටාගට් එකට වෙඩි තියන්න ඉගෙන ගන්න ඕනෙත් නෑ, මොකද ඒ කාලෙ අල්ල ගත්ත අයට වෙඩි තියන්නෙ තුවක්කුව කන ලඟට තියල.
    ඒ කාලෙ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න කිව්ව කියල මේ වගේ යුධ අපරාධ කළාට, පස්සෙ කාලෙක ආණ්ඩු පෙරලුනාම, ඒවට දඬුවම් විඳින්න වෙනවා. ඒක දැන් ඉන්න අයටත් පාඩමක්. අනික ඔය 8 පාස් සෙබලු වගේ නෙවෙයිනෙ, අධිකාරිලත් නිලයකට ගන්නෙ උසස් පෙල සමත් කරපු අය. අනිත් එක ජාලිය කියන්නෙ විශ්ව විද්‍යාලෙට යවල උපාධියක් දීපු එකෙක්. එහෙව් එකෙක් නිකන් බබා පාට් දාන්නෙ, වගකීමෙන් පැනල ගිහින්, ජනතාවගෙ අනුකම්පාව ගන්න.
    සිසුන්ගෙ මල සිරුරු හමු නොවණු නිසා, පැහැරගෙන ගිහින් අතුරදන් කළාට, ලංකාවෙ නීතියෙ උපරිම දඬුවම් කාලය වන අවුරුදු 10ක් තමයි ලැබිල තියෙන්නෙ, මිනී මැරුම් චෝදනා නෑ.

    "ඔව් මගේ සිර ජිවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දින දක්වා. ඒ කාලය තමයි මාගේ ජිවිතයේ වටිනාම කාලය. මා ජිවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අවිහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබොධ කර ගත් කාලයක් මේ කාලය..."
    මෙව්ව නිකන් පොර ටෝක්නෙ, පොත්පත් කියවලා ජීවිතේ අවබෝධ කර ගන්නෙ උසස් අධ්‍යාපනය කරන කාලෙනෙ, එහෙම නැත්නම් වෘත්තීය ජීවිතයෙ අත්දැකීම් එක්ක පරිණත වෙන්න ඕනෙ. 1999 වෙද්දි අවුරුදු 37ක් වෙලත්, ජීවිතේ අවබෝධ වෙන්නෙ හිරේ ගියාට පස්සෙ.

    අනික මේ ඉන්නෙ යුධ භූමියෙ සතුරො විනාශ කරපු රණවිරුවෙක් නෙවෙයි, රෑට නිදාගෙන ඉන්න ළමයි අල්ලගෙන ගිහින්, වධදීල, මරල පුච්චපු, ඝාතකයෙක්. ඒ නිසා හිරෙන් නිදහස් වුණාට තමන්ගෙ හෘද සාක්ෂියෙන් මෙයාට කවදාවත් නිදහස් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඉතා වැදගත් කරුණක් මෙහි සදහන් කර ඇත.එනම් සිසුන් විසින් කලා කඩකපල ක්‍රියා ලෙස සිද්දි 09 මෙහි පෙළ ගස්ව ඇත.මෙමෙ සිදිදී 09 එකම දිනයක එකම අවස්ථාවක සිදු වුයේ යි විශ්වාස කලා නොහැක.මෙමෙ දක්ෂ හමුදා නිලදරියට මෙමෙ කදකපල් ක්‍රියා සිදු කරන අවස්තවෙකදී කිසිවෙකු අල්ලා ගැනීමට ඔවුන් අපොහොසත් විය.මෙම සිසුන් අල්ල ගත්තේ ගෙවල් වල නිදා ගන සිටියදේය.මෙමෙ සිසුන් එකී කදකපල් ක්‍රියා සිදු කලේ යය මෙමෙ පුද්ගලයා මෙමෙ සකස්චාවෙන් ච්දන කරන්නේ කෙසේද?

      Delete
    2. Prabhath, I don't think you know what war is. Please don't make such comment sif you don't know what war is or how things work.thanks.

      Delete
    3. Dear Sir John, Not us, You don't know what the war is at first place, Do you know the difference between civil war and world war ?

      Delete
    4. My dear Navinda.... I know very well about wars and civil unrest. I have even served in the Defence services during the height of the war... I don't think you have been closer to any war front...have you read Sir Johns motto....

      Delete
  17. වීජේවීර සහ ජ්.වී.පී පැත්තකින් තියමු.එදත් අද වගේම මිනිසුනට පීඩනය දැනුනා.ඉතිං තරුණ කොටස් ඩැහැ ගන්න කියාපු පරිසරය.හරිනම් රජයක් කරන්න උවමනා වංචාව,හොරකම ,අයුතුකම් නීතිය මගින් නැවැත්වීම.ලංකාවේ කිසිම සිංහල ජරා දේශපාලුවෙක් මේ දේ කෙරුවේ නෑ.මේ දේශපාලුවෝ නියම හොරු,තක්කඩි.ඉතිං මේ පරිසරය විප්ලව උණ ඇති කපටියන්ට නියමයි.අන්තිමට බනින්නේ ඇමරිකාවට.අපි දැනගන්න ඕනෑ සැලසුම් සහගතව යන්න.බටහිර රටවල් අපිට කියන්නෑ හොරකම් කරන්න.සිල් රෙදි පොරවා ගත්තු හොරු ඉන්නකම් මෙහෙමතමයි.අපි හෙටත් ඇමෙරිකාවට බනිමු.සවස පන්සල් ගිහින් බෝධි පූජා තියමු.

    ReplyDelete
    Replies
    1. අපි හෙටත් ඇමෙරිකාවට බනිමු.සවස පන්සල් ගිහින් බෝධි පූජා තියමු.+++++++++++++++++

      Delete
  18. දැන් දයානන්ද ලොකුගලප්පත්ති කොහිද ? හිරේද ? එහා පැත්තේද ?

    ReplyDelete
  19. මේ පුද්ගලයා කියන ඇත්ත ද බොරු ද කියා සොයන එක තේරුමක් නැහැ. ඔහු දැනටමත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබා හමාරයි. ඒ ගැන ප්‍රශ්න කිරීම සදාචාරවත් නැහැ. ඔහු කියන දේ යටි පෙළ කියවන්නට උත්සාහ කරන්න. මෙම සිදුවීම්වල ගැඹුර තේරුම් ගැනීම ඉතා වැදගත්. නැවත මෙවැනි දේ සිදුවීම වැළැක්විය හැකි වන්නේ එම තේරුම්ගැනීම ඔස්සේයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට එකඟ වෙමි. අපි කළ යුත්තේ ඔබ පවසන ආකාරයට මෙවැනි දේ ඉදිරියට නොවන පරිදි කටයුතු කිරීමය. ස්තුතියි.

      Delete
    2. I have so much of information about this case. My concern is, people simply try to justify their mistakes. Even now they show no much regret, The agony the 31 kids went thru because of the stupidity of people like you would never be pardoned by their loved ones. Do you know some parents still cry? Would you if that happened to your son ?

      Delete
    3. Only the "wise" are able to get into any shoe. The "rest" view it from their own. -Jaiya Epa

      Delete
  20. JVP කුහකත්වය ගැන තවත් සාක්ෂියක්!!!

    ReplyDelete
  21. Only the "wise" are able to get into any shoe. The "rest" view it from their own.
    -Jaiya Epa

    ReplyDelete
    Replies
    1. My Dear Jaliya,
      Tes, are absolutely correct. Sir John knows his sons better than anyone. You are one of them.
      You have done the correct thing by publishing this on a blog.
      There is a saying that easy chair pundits will argue for years from their cosy
      chairs about the single shot fired by a soldier who had fired that in the face of the enemy..

      Delete
  22. 87- 89 කාලේ ජවිපෙ ආණ්ඩුවක් තිබියදී යූඇන්පී කාරයො ඊට එරෙහිව කැරලි ගැසුවානම් එම ආණ්ඩුව එය මැඩපවත්වනු ඇත්තේ සකලවිධ ප්‍රජාතන්ත්‍රවාදී රීතීන්ට එකගවද?

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මිනී මරා සාධාරණීකරණය කිරීමට උත්සහ කර ඇත. සමහර විට හිර ගෙයිදී පන්සිල් ගැනීම නිසා හිතේ ඇති වූ දෙයක් විය හැක. මම නම් හිතන්නේ මොහු ජීවිතාන්තය දක්වා හිරගෙට යැවිය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. I am sorry as you have looked at this scenario only in oneangle. Please read his story without getting biased to any area.
      I don't think you know anything about Army life or even how defense services work.Please read the full story with an open mind.

      Delete
    2. Dear Sir John, I have so much of information about this case. In fact I have been working with the family of Manelka De Silva (1 of the 31 you murdered, ring a bell? ), who got murdered brutally after fed him pieces of broken tube light glasses. My concern is not that, People like you Jaliya, simply try to justify your mistakes. Even now you show no much remorse or regret, The agony the 31 kids went thru because of the stupidity of people like you Jaliya, would never be pardoned by their loved ones. Do you know some parents still cry? Would you if I that happened to your son ?

      Delete
    3. So this tells every one why you are biased to one side...no more arguments...thanks for letting us know the truth about your alignment...

      Delete
    4. Not me, you are biased towards your military crap. I got nothing to do with that family, It was a random pick for my research work.

      Delete
    5. Hellow Navinda, Please do not start this type of dialog...I know that you have run away from your country but do not try to disgrace the Military who kept your mother land away from terrorism...it is not military crap...sorry but there is no better way to tell you...If military did not fight terrorists you would not be able to visit Sri Lanka with peace of mind...please do not forget that..

      Delete
  25. It's really sad to read some comments as they have not understood the full story..

    ReplyDelete
  26. පහසුවටත් වාසියාටත් දැනදැන වැරදි කරනවා
    එහෙම උනත් නිදහසටත් කියන්න කරුනුතියනවා...

    ReplyDelete
    Replies
    1. මට පෙනෙන්නේ ඔබට මෙහි කියා ඇති අන්තර්ගතය වටහා ගැනීමට අපහසු බවයි.

      Delete
  27. මෙම කාළපරික්ඡෙදය තුල හමුදාව ඇතුලතත් විශාල අවිශ්වාසයක් තිබුනා. මතකද අතුරුගිරිය හමුදා කදවුරේදි එක් සොළ්දාදුවෙක් තම සහොදර සොළ්දාදුවාන් (මාගේ මතකයේ හැටියට කදවුර භාර නිළධාරියාත් ඇතුලුව) දාහතර දෙනෙක් පමන නිදි ඇදේම වෙඩිතබා මරා දැම්මා. ඒ වගේම පනාගොඩ හමුදා කදවුරටත්, කොතලාවල ආරක්ශක විද්‍යාපීඨයටත්, කටුනායක ගුවන් හමුදා කදවුරටත්, පන්නල NAR කදවුරටත් ඇතුලතින් උදව් ඇතුව ප්‍රහාර එල්ල කරා. අනෙක් පැත්තෙන් අපේ දේමාපිය සහෝදර සහොදරියන්ගේත ජීවිත වලට මරණ තර්ජන තිබුනා. ඒ කියන්නේ අපට අපේ ගම් ප්‍රදේශ වලින් පිටත රජයේ දේපල ආරක්ශා කරන්නත්, ඒ පලාත් වල මිනිසුන්ගේ ජීවිත ආරක්ශා කරන්නත් තිබ්බේ සැම පැත්තෙන්ම ඇති තර්ජනත් සමගයි. මෙම සන්දර්භය මෙම කුඩා ලිපිය කියවන අයට මා කියන්නේ කුමක්දැයි වටහා ගන්න පහසු වේ යයි මා සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ ප්‍රකාශ කර තිබෙන කරුණු මෙම කාලය තුල හමුදා නිලධාරීන් හට වටහා ගැනීමට පහසු වූවද, සමහරක් මෙම කටයුතු දිහා බලන්නේ වපර ඇසින් වීම කනගාටුවට කරුණකි.

      Delete
    2. ඔබ ප්‍රකාශ කර තිබෙන කරුණු මෙම කාලය තුල හමුදා නිලධාරීන් හට වටහා ගැනීමට පහසු වූවද, සමහරක් මෙම කටයුතු දිහා බලන්නේ වපර ඇසින් වීම කනගාටුවට කරුණකි.

      Delete
    3. ඔව් සමහර විට පැවති තත්වය මා සදහන් නොකල එක මාගේ වරදක්ද විය හැකියි. පොත ලියන විට ඒ සියල්ල එයට එකතු කිරිමට බලාපොරොත්තු වෙමි. එවගේම මා හිරගෙදර සිට එම දේමාපියන්ගෙන් සමාව ඉල්ලා ලියු ලිපිත්, Sunday Times පුවත්පතේ කිෂාලි පින්තු ජයවර්ධනගේ කොලමට ( 2002 ජනවාරි ) මා ලියු පිලිතුරු ලිපියත් ( මෙය වැදගත් වන්නේ මෙවැනි සිදුවීමක් නැවත සිදුවීම වැලැක්වීම එම පිලිතුරු ලිපියේ අරමුණ වූ බැවින් ) ඇතුලත් කිරිමටත් බලාපොරොත්තු වෙමි. එවිට පාඨකයාට වඩා සම්පූර්න පිංතුරයක් බුද්ධියට ග්‍රහණය කර ගැනීමට පහසු වේවි යන්න මාගේ සිතුවිල්ලයි.

      Delete
    4. Good, awaiting the book to come out, ill be the first to review it.

      Delete
  28. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ..... Can imagine the pain the 31 kids went thru... Jaliya you even now not regretting... All yours. You take what you did. Good luck.

    ReplyDelete
  29. Hi my dear Navinda, I feel sorry for you as you are making bias comments. Look at the issue impartially. He has indicated that he feels sorry for the loss of life. But look at the bigger picture.

    ReplyDelete
  30. Dear Sir John, One thing you are completely missing all over your justification. The World consists of majority of Civilians, not militants. The criminal justice law of a country is based on that only.

    I do understand situations trying humans’ limit, I do understand that people act very different at such times. That is the human nature. This is why we have common civil law on top of everything, even on top of the military law of the country, to stop crimes against humanity.

    Your attempt to justify extreme military measures on civilians is the problem. Appreciate your service at wars. But will not appreciate endless stupidity; sever crimes against humanity regardless of what group they belong to including JVP or LTTE.

    If the situation pushes you to act like an animal, you are required either to use your instinct to control the situation, if not escape the situation. This is why we have civil law to mark your limit. But never to blindly obey anything that comes from top rankers like Parry Liyanage for your next promotion.

    ReplyDelete
    Replies
    1. Yes, I agree with you for one thing, any military person should know what is a legal order. But for once please understand this person did not order these killings that is what he is saying.

      Delete
    2. Yes, world consists of Civilians...But terrorists too...so we need security, police and Military too...Yes, in a country like Australia where there is no action like what we had in Sri Lanka this may be correct. Even in Australia now they are making it tough for the Terrorists.
      I am not trying to justify using extremely military measures...this shows that you are looking at the discussion in just one angle...Servicemen are not Animals...they are humans with hearts....Hope you will see this important fact...regards

      Delete
  31. Dear Jaliya and Sir John, There were and there are many politically motivated Muppets who can even justify Auschwitz today. Keep on saying I was pushed… I had no choice but to….. Don’t be one them. People do mistakes, accept the fact. Say sorry to them and sorry to yourself and move on.

    ReplyDelete
    Replies
    1. Hellow Navinda, yes at least saying sorry is a great thing but it is always good to avoid. I think you are getting the Australian influence now...
      When we had orders we weighed the facts and did the needful...

      Delete
  32. And one thing I want to put on record as that Sri Lankan Defence services personal were much more civilised....most of these complaints relevant to human right violation are not correct...

    ReplyDelete
  33. Dear Jaliya and Sir John, I told what I had to tell; you guys can boast, justify and even write books about your killings. Killing and torturing can be so much fun together. But consequences will never be fun. You will have no one to support you at your deathbed except your brutal memories. People who made you proud, and cheered you, will never be around. Is not the life alone journey in a dark dessert highway? This is not a personal attack. A human should always think before they commit a crime against humanity. Teach that to your Children at least. Good luck. End of the conversation. Thanks for all the comments.

    ReplyDelete
    Replies
    1. Dear Navinda, you says about killings, torturing, deathbed, brutal memories, teaching children etc etc. Your comments have been personal hense not conversational. True, men trained to carry arms might make deadly errors unlike a man who clean floors. Cheers

      Delete
    2. My Dear Navinda,
      As long as you are looking at any scenario only in one angle you wouldn't see the other side.
      We do not want to justify any killing as you indicate. We know that you are living in Australia. And hope you have read some of the incidents related to Aussies in Afghanistan.
      Any way a civilian who is enjoying all the comforts in Australia can not understand what Sri Lankan Defence services are doing and what went on.
      Yes, at times Defence get caught up in the political battles too.
      I wonder whether you have read the line about Armchair critic's who would write books on a shot fired by a single soldier in the face of the enemy.
      Sri Lankan Defence Services members are very much disciplined - you might hear one or two guys who may play naughty. But you shouldn't put them all into the same category.
      What ever you write you are writing seems to be written with vengeance.You need to come out of that mentality first.
      I know that Jaliya got no children but all other Sir John's extended son's have kid's and all have been brought up very well. Some of them are overseas now. We have no animosity towards you but you need to come out of that narrow mind specially as you now live in a multicultural society in Australia. All the Best.

      Delete
  34. My Dear Navinda,

    For what ever the reason you seems to be in the mind set where people kill and have fund. I am sorry you have to get out of this metal state and look at the facts as facts. I have tried to explain this to you in simple terms but if you are doing what ever research in this sort of a mental state you rare not doing justice.
    I am not boasting but to become a Soldier, sailor or an airman it take lot of courage and we the servicemen do not kill for fun. Please do not forget that fact. Servicemen never want to kill any person. But they are trained to save humans from enemies.So if you are treating that as fun something wrong with you.
    This could be due to some brain wash of some form. But I would not go to judge that as I am not the god.
    I assume you live down under and you would have heard many stories on Solders of Australian Army saying. They do not like war doe they. Sri Lankan services fought even a bloodier war. They fought the most ruthless of all. So if you are trying to that is fun something wrong in that. You shold have served the services to be Qualified to make any such statements.
    But I have seen people changing their minds after they get into situation where they are forced to think in an unbiased form.

    I am not going to argue anymore with you but that does not mean you have won this point. People who read this discussion will form their own opinion on your status. All the best for your life!!!

    ReplyDelete
  35. When you serve for the country and for those who have fought for it, FREEDOM has a taste. Protected will never know. For those who have lost it, freedom has a taste that the protected never appreciate it. Unknown US Veteran.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook