Wednesday, November 25, 2015

ප්‍රේමදාසලා සිරිසේන කුරේලා බෞද්ධයන්ව ඇන්දුව හැටි




ප්‍රේමදාස ජනපතිවරයාගේ උපන් දිනයට සියක් නමක් පැවිදි කරවීමේ මහා පුණ්‍යොත්සවයක් සූදානම් කරන ලදි. මේ සඳහා සිරිසේන කුරේ ආමාත්‍යවරයාගේ සහයෙන් කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් සහ වැඩ සුපවයිසර්වරු පිරිසක් තෝරාගෙන ඔවුනට  සිවුරු පොරවා කැමරාව ඉදිරියේ මහණ කරන ලදි. අහේතුවකට මෙන් මෙසේ තාවකලිකව ප්‍රදර්ශනයට මහණ කල වැඩ සුපවයිසර්වරයෙකු සාසනයේ රැඳුනේය​. ඔහු තලල්ලේ උපාලි හිමියන් ලෙස ප්‍රසිද්ධ විය​. මාරයාගේ හෝරාව වෙබ් අඩවිය විසින්  බොදුනුවන්ට කොකා පෙන්වූ නාටකය ගැන විස්තර අනාවරනය කරන්නේ මෙසේය​. 

................තලල්ලේ උපාලි මෙම පිරිසට හසුවන්නේ කොළඹ මහ නගර සභාවේ සිටය... ඒ වන විට නගර සභාවේ වැඩ පරීක්ෂකයකු වන ඔහු උපත ලැබූවේත්, හැදී වැඩුනේත්, කොළඹ ජනාකීර්ණ පෙදෙසක් වූ කොම්පඤ්ඤ වීදීයේය... ඒද සාමාන්‍ය සිංහල පරිසරයක් තුල නොව අති මහත් මුස්ලිම් බහුතරයක් මැදය... ඔහු උපතේ සිට මැදිවිය දක්වාම ඇසුරු කලේ මුස්ලිම් ජනයාය.. කතා කලේ දෙමළ බසය... කෑවේ බිවේ ඔවුන් සමඟය... ඉගෙන ගත්තේ ඔවුන් ඇසුරේය... කොටින්ම උපතින් හැර අන් සෑම අයුරින්ම ඔහු මුස්ලිම් ජාතිකයකු විය. ඒ වන විට විවහා වී දරුවන් දෙදෙනෙකුද සිටි උපාලිව මෙම පැවිදි කරවන ගොඩට කෙසේ හෝ අයත් විය.

වැඩි කලක් සිවුරේ සිටිය යුතු නොවේ.. අදාල දිනයට කෙසේ හෝ සියක් නම පෙන්නුවාට පසු සිවුර තබා ගෙදර ගියත් ලොක්කාටවත් එය කරවන්නාටවත් ගැටළුවක් නොවේ.. අද වන විට සෑම දේශපාලක නායකයකු හා පක්ෂයක් විසින්ම කරනු ලබන කසිප්පු/සල්ලි හා බත් පැකට්ටුවට මැයි දිනයට සෙනග ගෙන ආ ක්‍රමය ආරම්භ කල අයට මෙම පැවිදි කිරීමත් ශාසනයේ උන්තිය නොව තම අංක සම්පූර්ණ කිරීමක් පමණක්ම විය.

කෙසේ හෝ අවසානයේ උපාලිත් මහණ විය... ඒ කොම්පඤ්ඤවීදියේ උපාලි ලෙසින් නොව එයට පරම්පරා දෙකකට පෙරදී සිය මුත්තකු විසින් හැරදා ආ ගම වූ තලල්ල නාමය මුලට තබාගෙනය.. සැබවින්ම කියතහොත් ඔහු තලල්ල කලුද සුදුද යන්නවත් නොදනී... ඔහු තබා ඔහුගේ පියාවත් තලල්ල දැක ඇද්දයි විස්වාස නැත.. එහෙත් කෙසේ හෝ පරම්පරා උරුමයක් මත හෙතෙම අවසනදී තලල්ලේ උපාලි නම් විය...

උත්සවාකාරයෙන් පැවිදි වූ අය දිනෙන් දින සිවුරු හැර පිටව යද්දි ඒ අතර සිටි කිහිප දෙනෙකු සාසනයේ රැඳිණි.. අද වන විට ඇතැම් විට එම සියයෙන් අනූනවයක්ම ආපසු ගොස් ඇතුවා වන්නටත් පුළුවන .. එහෙත් උපාලි හිමියන් මෙම ජීවිතයට හුරු විය. එයට හේතුව හරියටම මේ යැයි කිව නොහැක. ඇත්තෙන්ම ඔහුට සාසනයට විනාසයක් කිරීමේ උවමනාවක් ඇති බවක් දකින්නට නැත. එසේම සාසනයේ වැඩක් කරන්නටද උවමනාවක්ද නැත.. ඔහු මා හට හමු වූයේ 2004 වසරේදී පමණය.. ඒ වන විට ඔහු වසර 15කට ආසන්න කාලයක් සිවුරේ සිට ඇත. එම කාලය පුරාවටම ඔහුට පන්සිල් දීම වැනි සුළුම සාසනික සේවාවක්වත් පිහිටා නැත. අඩුම තරමේ දෙමළ ඌරුව නැතිව මිනිසුන් සමඟ කතා කිරීමටවත් නොහැක. සිංහලෙන් බැරිනං දෙමළින්වත් බණක් කියනවා තබා සිතීමටවත් බැරිය.. ඔහුගේ සාසන දිවිය සිවුරටත්.. කොස්සට හා ඉඳලටත් සීමා විණි.

 සාමාන්‍යයෙන් ගිහි අයකු පැවිදි කිරීමේදී එම තැනැත්තාට ආචාර්යයන් වහන්සේ නමක් සිටිය යුතුය... අප සාමාන්‍ය ව්‍යවහාරයේදී අහවල් හාමුදුරුවන්ගේ ලොකු හාමුදරුවෝ අසවල් හාමුදු‍රුවෝ යැයි කියන්නේ ඒ අනුවය... බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පැවිදි කිරීමකදී මෙන්ම උපසම්පදා කිරීමකදී තවත් වැඩිහිටි ධර්මධර විනයධර භික්ෂුවක් එයට සහභාගී කරවා ගනී... උපාධ්‍යායන් වහන්සේ යන නමින් හැඳින්වෙන මෙම තනතුර හුදෙක් නාමික තනතුරක් මෙන් පෙනුනද එහි ඇත්තෙන්ම ඉතා වැදගත්කමක් ඇත.මේ අනුව ඕනෑම භික්ෂුවකට ආචාර්යයන් වහන්සේ නමක් මෙන්ම උපාධ්‍යායන් වහන්සේ නමක්ද වෙයි. ඇතැම් විට පැවිදි වන විටත් නැතහොත් උපසම්පදාවේදී හෝ එසේ උපාධ්‍යායන් වහන්සේ නමක් හිමි වෙයි.  

එහෙත්...  අපගේ තලල්ලේ හිමියන්ට සිය පැවිදි ගුරුවරයා ගැන මතකයක් නැත... සියක් නමක් පැවිදි කරවීමේදී ඒ සඳහා මුල් වන හිමිවරුනුත් බොහෝමයක් වෙති. ඒ අතුරෙන් තමාව පැවිදි කල අය හා ඊට මුල් උන අය මතක තබා ගැනීමට තලල්ලේ හිමියන්ට නොහැකි වී ඇත.. එහෙයින් කවුද තමන්ව මහණ කලේ කියා ඇසූ විට "පේමදාස මාතියායි ෂිරිෂේන කුරෙයි මාතියායි" යනුවෙන් කියන්නට පුරුදුව ඇත...  ඒ අනුව අප විසින් එකල කියන්නට යෙදුනේ උපාලි හිමියන්ගේ ආචාර්ය හා උපාධ්‍යායන් වන්නේ ප්‍රේමදාස හා කුරේ යනුවෙන්ය... ලෝකයේ ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වී පැවිදි වූ අය නැත..එසේම පැවිද්දන්ට ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වන්නේත් නැත... විහිළුවක් වූවද මේ අප දන්නා ඒ එකම අවස්ථාව වෙයි. වරද කාගේද..? එය සෙවීමෙන් ඇති පලක්ද නැත...(මාරයාගේ හෝරාව) 

මෙලෙස කරකවා අත​ඇරියාක් මෙන් සාසනයට පැමිණි උපාලි හිමියන්  වකුගඩුවක් දන් දෙන්නට ගොස් නන්නත්තාර වූ බව මාරයාගේ හෝරාව වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි. 



25 comments:

  1. පහුගිය කාලේ හිටපු රජතුමාත් මේවගෙන් පාඩම් අරන්ද මන්ද ඔය වගේ වැඩ කරන්න හැදුවා....

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කරන්න අන්දන එක

      Delete
  2. තලල්ලේ හිමියන් හරියට මන් කැමති නෑනට නැනා කැමති නැ මට වගේ නේ. කන්න බොන්න ඉදුම් හිටුම් නොමිලේ ලැබෙන නිසා උලෙ ඉන්නවට වඩා මේ පිලේ ඉන්න හොඳයි කියලා ඉන්නවා ඇති

    ReplyDelete
    Replies
    1. ඔයිටත් වඩා සැපට හිටියහැකි නගරසභාවේ සුපවයිසර් කමේ ,

      වැඩක් කරන්නැ
      ආමි කට්ටියගේ ( ආමී කටිටිය කියන්නේ වැඩට එන්නේ නැතුව පඩි ගන්න උන් ) නම් ලකුනු කරල මාසේ අන්තිමට පඩියෙන් බාගයක් ගත්තහැකි
      පඩියට අමතරව දවසකට දෙතුන් දාහක් හොයන රස්සාවක්

      Delete
    2. අටම්පහුර,

      ආමි කට්ටිය කියන්නේ වැඩට ඇවිත් පඩි ගන්න අය, නෙවි කට්ටිය කියන්නේ නෑවිත් පඩි ගන්න අය.

      ඩොක්ටර්,

      මේකට හේතුව ශ්‍රී ලංකාව (මෙය දකුණු ඉන්දියාවටත් අදාලයි ) ප්‍රතිරුප වලට කැමති වීමයි.
      මෙය සිදුකරන්නේ දෙසපලන්යයන් විතරක් නෙමෙයි සමහර ජනමාධ්‍ය මෙය සිදුකරනවා (බලන්න සිරස
      ප්‍රේක්ෂකයන් යොදා සබාවේ උණුසුම පවත්වාගන්නවා ) බැලුවම ඔක්කොම රැවටීමක්.

      මා දැක්ක අපුරු සිදුවෙමක් සිරසේ චන්දන සුර්යබණ්ඩාර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග එක්තරා අවස්ථාවක සාකච්චාවකදී
      සරත් ෆොන්සේකා කියනවා මගේ මැතිවරණ වියාපරයේත් නුසුදුසු පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන බව එයට ඔහු නම් කරනවා
      සුසිල් කිදෙල්පිටිය මහතාව, මෙය ඇසුණු සැනින් චන්දනට කියවෙනවා සුසිල් ඔවුන්ගේ සහුර්ධයෙක් බව.

      සිරස කරන්නේ සෑම පක්ෂයකටම තම ආයතනයට සම්බන්ද පුද්ගලයන් යොදා ගැනීමයි. මෙහිදී ඔවුන් රටේ පාලනය ඔවුන්ට වාසි ආකාරයට
      යොදනවා. ප්‍රශ්නය තියෙන්නේ මේ සිදුවෙන දෙය මිනිසුන්ට නොතේරීමයි.

      Delete
    3. ලංකාවේ මිනිසුන්ව අන්දන්න ලේසියි

      Delete
  3. සමාන්තර විශ්වයේ දී තලල්ලේ ධීරානන්ද ලෙස පැවිදි වුනේ කවුදැයි දන්නවා ද?

    ReplyDelete
  4. ඔය පාලන කාලයන් ගත්තා ම අර මැකියාවෙල්ලිගේ කුමාරයා පදනම් කරගෙන වැඩ කරාද කියලත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒකාලේ විතරත් නෙමෙයි අදත් මකියවෙලිගේ කුමාරයා පොත පාවිච්චියට ගැනෙනවා. ඒ විතරක් නෙමෙයි තවමත් පාවිච්චි වෙන පොත් කිහිපයක්ම තිවෙනවා.adam smith ගේ wealth of nation පොත ඉන් එකක්. හැබැයි ඒකෙ සිංහල පරිවර්තනයක් නම් නැහැ.
      සමරසේකර

      Delete
    2. ඔක්කොම ග්‍රන්ථකාරයො

      Delete
  5. නොදකින් දහපදුරා හැත්ත...
    අනේ ඉතින් අපේ උපාසක අම්මලා එහෙම හයියෙන් "සාදු සාදු සාදු" කියලා සාදුකාර දෙන්ට ඇති...
    අර මහත්තයා මේ මහත්තයා අපේ සාසනේට කරන සේවය කරපු සේවය කියලා මැරෙන කල්ම ඡන්දෙත් දෙන්ට ඇති...
    කළකිරෙනවා...
    අනුකම්පා හිතෙනවා...
    කේන්ති එනවා...

    ReplyDelete
    Replies
    1. කළකිරෙනවා...
      අනුකම්පා හිතෙනවා...
      කේන්ති එනවා...

      Delete
  6. ඇයි ඉතිං විරෝධතා වලට, වලි වලට සිවුරු පොරවං තගාල ගෙනියන රටේ ඕවත් වැඩද.....ඕනැ දහදුරා වැඩක් කරල සිවුරක් පොරෝ ගත්තමත්, සිවුරක් පොරෝ ගෙන ඕනැ දහදුරා වැඩක් කෙරුවමත් සාදුකාර දීල දණෙන් වැටෙන උපාසක උපාසිකාවොනෙ ඉන්නෙ.

    ReplyDelete
  7. ගොඩක් මිනිස්සු සංඝ‍යා වහන්සේ කියලා පෙන්නන්නෙ මෙහෙම ඈයො.උනුත් පව්.මුනුත් පව්.
    (වකුගඩු කේස් එක කිය කිය බියර් බොන කතාවක් තිබුනා.ඩොක්.. ඇත්තටම බියර් වකුගඩු වලට හොඳයිද?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩියුරටික් එෆ්ෆෙක්ට් එකක් බියර් වල තියනවා නමුත් පරියේෂන තහවුරුවක් නම් මම කියවල නැහැ

      Delete
  8. 99%ක් ඉතින් ඉක්මනට සිවුරු ඇරියනෙ.
    පොඩි ලමයින්ව මහණකරන ට්‍රැජඩි එකට වඩා ඒ ට්‍රික් එක හොඳයි වගේ

    ReplyDelete
  9. මායිම් ගම්මානයක මුස්ලිම් කොලුවෙක් මහණ කරපු එකක් ගැන අපූරු කතාවක් මම ඇහුවා දවසක්. ඒ සාමනේර නමට බණ කතාවක් කරන්න අපහසු හින්දා පටාචාරා කතා වස්තුව තමයි කියලා තියෙන්නේ. මෙන්න මෙහෙම

    "පටාශාරා අක්කා එයාගේ බේබිලා දෙක අරගෙන ගඟෙන් එයා පත්ත්ටට යන්න බලනකොට, එයාගේ හෂ්බන්ඩ් එක ස්නේක් ගහලා ඔන්ද ඉෂ්පොට් වෙලා. එක බබා එකේ මේ පැත්තේ දාලා අනිප්පැත්තට ක්‍රොෂ් කොරනකොට, ෂී.ටී.ෂී ඊගල් ඒ බබා එක අරගෙන ගියා. ඊට පශ්ශේ ෆුල් නේකඩ් එකෙන් එයා ගියා ලෝඩ් බුද්දා ශාදු ඉන්න ටෙම්පල් එකට. ඕම නේකඩ් යන්ඩ එපා කියලා එයාට ලෝඩ් බුද්දා ශාධු ටවල් එක දුන්නා"

    හරිම හුරතලයට මේ කියන බණ අහලා උපාසක්ම්මලාගේ ඇස් වලින් කඳුළු සට-සට ගාලා බේරිලා යනවා දැකලා මේ සාමනේර නම ඇහුවලු

    "මොකද මේ වෙෂියෝ(වැසියෝ) අඬන්නේ" කියලා

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    මේ වගේ චරිත මගතොටත් හමු වෙනවා. සමහරු කියන්නේ අන්‍යාගමිකයන්ගේ වැඩ කියලා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook