Thursday, June 21, 2018

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ; මෙතෙක් නොකියවුනු කතාව

 
ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව බොහෝ ලිපි පලවී තිබේ. මෙම ඛේදවාචකය ඇරඹෙන්නේ 1988 භීෂණ යුගයත් සමගය​. ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත් අඩංගුවට පත් වන අතර ඔවුන් පසුව අතුරුදහන් වෙති. මේ දක්වා අතුරුදහන් වූ සිසුන් 48 දෙනාගේ සිරුරු හමුවී නැත. ඔවුන් ගේ සිරුරු සූරියකන්දේ වළලා තිබෙන බවට මුලින් සැක කරන ලදි. එහෙත් එය නිවැරදි නොවීය​. පසුව කියවුනේ ඔවුන් ගේ සිරුරු තේක්ක කැලේ වලලා ඇති බවය​. එයද සාවද්‍ය විය​. මෙම සිසුන් ගේ මෘත ශරීර වලට සිදු වූයේ කුමක්ද ? 

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳව මම බොහෝ කාලයක් පුරා අධ්‍යනය කලෙමි. වරක් මම තොරතුරු සෙවීම සඳහා ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයටද ගියෙමි. එසේම මේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් සම්මුඛ සාකච්ඡා වලට ලක් කලෙමි. මෙම ලිපිය එකී තොරතුරු අනුසාරයෙනි. 

ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිලිබඳ තිබෙන ජනප්‍රිය මතය වන්නේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වූ දයානන්ද ලොකුගලප්පත්ති ගේ පුතා එම පාසලේ ඉගෙනුම ලැබූ පවිත‍්‍රා රන්මලී සිසුවියට ලියූ ආදර හසුනක් මුල් කරගෙන ඇතිවූ සිද්ධියක් මත විදුහල්පති  දයානන්ද ලොකුගලප්පත්ති විසින් මෙම සිසුන් සෙවන කඳවුරේ සිටි හමුදා නිලධාරීන් මාර්ගයෙන් අතුරුදහන් කල බවයි. නමුත් සත්‍ය නම් මෙම ඛේදවාචකය එම සිදුවීමටත් එහා ගිය එකක් වීමයි. 

1988 භීෂණ කාලයට වසරකට පමණ පෙර බුද්ධික කුලතුංග නම් ගුරුවරයෙක් පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමක් ස්ථාපනය කිරීම සඳහා සිසුන් එකතු කරන්නට විය​. බුද්ධික කුලතුංග ජාතික ශිෂ්‍ය භට බළකායේ නිලධාරියෙකුද නොවීය​. ඔහුට තිබුනේ යටි අරමුණකි. බුද්ධික ජවිපෙ රහස් ක්‍රියාධරයෙකු විය​. ඔහුට පැවරී තිබුනේ  කැඩෙට් කණ්ඩායමක් ඇති කරන විලාශයෙන් පාසල් සිසුන්ට කොකු ගැසීමය​. ඉන් පසු තෝරාගත් සිසුන් හට පන්ති පහ පවත්වන ලදි. සමහක් සිසුන් හට ඔහුගේ මූලිකත්වයෙන් අවි පුහුණුවද ලබාදී තිබුනේය​. ඔහුට නියමිතව  තිබුනේ ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයක් ඇඹිලිපිටියේ ඇති කිරීම සහ එම පාසල් සිසුන් මගින් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමය​. 

1988 භීෂණ කාලය ඇරඹෙත්ම ඇඹිලිපිටිය ගිනි ගත්තේය​. ජවිපෙ විසින් මොල ශෝධනයට ලක් කරන ලද පාසල් සිසුන් විසින් බස් රථ 15 - 20 අතර ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරන ලදි. එසේම කුට්ටිගල ග්‍රාම නිලධාරියාව මරා දැමීම මෙන්ම ඇඹිලිපිටිය මහේත්‍රාත් උසාවිය , ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ගිනි තබා විනාශ වැනි ක්‍රියා සඳහා බුද්ධික කුලතුංග ගේ ව්‍යාජ කැඩෙට් ප්ලැටූනයේ සිසුන් විසින් සහභාගි වන ලදි. මෙම සිසුන් මෙහෙයවනු ලැබුවේ බුද්ධික කුලතුංග ඇතුළු ජවිපෙ නායකයන් විසිනි. 

ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ බව සැක කොට අත් අඩංගුවට ගත් සිසුන් රඳවා තිබුනේ සෙවන කඳවුරේය​. එම කඳවුරේදී  එම සිසුන්ට වස මුසු කල මී කිරි කන්නට දී ඔවුන් මරා දැමූ බව මා විසින්  සම්මුඛ සාකච්ඡා වට ලක් කරන ලද එක් නිලධාරියෙකු මට ප්‍රකාශ කලේය​. එහෙත් මම ඒ පිලිබඳව සැක පහළ කරමි. ඔවුන්ව වෙඩි තබා ඝාතනය කල බවට සිතීමේ සාධක තිබේ. සිසුන්ව මරා දැමූ පසු ඔවුන් ගේ මෘත ශරීර පුලුස්සා අළු බුත්තල කතරගම පාරේ (ගම් උදා පාර​) කිලෝ මීටර් 10 වපසරියක විසුරුවා හරින ලදි.  මේ නිසා ඇඹිලිපිටිය නඩුවේදී ඝාතනය කරන ලද සිසුන් ගේ ඇට කැබැල්ලක් වත් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොවීය​. එම නිසා විත්තිකරුවන්ට චෝදනා ගොනු කරන ලද්දේ  පැහැරගෙන යාම සම්බන්ධයෙනි. සිසුන් අත් අඩංගුවට පත් වීමත් සමගම බුද්ධික කුලතුංග අතුරුදහන් විය​. ඔහු වර්තමානයේ වෙනත් නමකින් එක්සත් රාජධානියේ ජීවත් වන බව  කියවේ.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. කාලකණ්නි ජෙප්පො..

    ReplyDelete
  2. කාලකණ්නි ජෙප්පො.. x2

    ReplyDelete
  3. Thanks for sharing this with us. Most of the guy's who have commented on Jaliya must read this too. Thanks Doc.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook