Friday, February 19, 2016

ඊශ්‍රායෙල සොල්දාදුවාගේ කතාව


කැනඩාවට පැමිණි විගස අධ්‍යාපන සහතික කැනේඩියානු විශ්ව විද්‍යාලයක් හරහා යළි තක්සේරු කිරීමක් අවශ්‍ය කෙරේ. ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල වලින් සහතික තිබුනද කැනේඩියානු තක්සේරු කිරීම බොහෝ විට අනිවාර්‍ය වේ. මේ සඳහා මුදල් මෙන්ම කාලයද ගත වේ. මාගේ යූක්‍රයීන , ඇමරිකානු , බ්‍රිතාන්‍ය , ශ්‍රී ලාංකික අධ්‍යාපන සහතික ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය මගින් මෙසේ යළි සහතිකගත කර ගත්තෙමි. ඒ අතර මම කැනේඩියානු ඊ එම් ඩී ආර් (EMDR) මනෝ ප්‍රතිකාර බලපත්‍රයද ලබා ගතිමි.  

කැනඩාවේ ලියාපදිංචියකින් තොරව කිසිදු ප්‍රතිකාරයක් - යටත් පිරිසෙන් රූපලාවන්‍යවත් කල නොහැක​. නීති රීති තදය​. එහෙත් ලංකාවේ ව්‍යාජ සහතික මගින් මනෝ උපදේශනය , කටු වෙදකම , විශ්ව ශක්ති , පිළිකා , ඩෙංගු ප්‍රතිකාරය වැනි දහසක් රෝගාබාධ වලට ගොඩ වෙදකම් කරති. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය නිහඞය​. ඒ ගැන වෙනම ලිවිය යුතුය​. 

යෝක් විශ්ව විද්‍යාලයේදී මට මුණ ගැසුනු කැරන් කැනේඩියානු යුදෙව් කාන්තාවකි. මැදි වියේ සිටි ඇයට දරුවන් තිදෙනෙකි. වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියක් වූවද වැඩිදුර ඉගෙන ගැනීමේ ආශාවෙන් පෙළුනු ඇය දන්ත වෛද්‍ය වෘත්තිය තාවකාලිකව නවතා මනෝවිද්‍යා අධ්‍යනයන් සඳහා සරසවියට ආවාය​. 

අප එකිනෙකාගේ තොරතුරු විමසන විට මට කැනේඩියානු ඊ එම් ඩී ආර් මනෝ ප්‍රතිකාර බලපත්‍රය තිබෙන බව දැනගත් ඇය මගෙන් උපකාරයක් ඉල්ලා සිටියාය​. ඒ ඊශ්‍රායෙල යුද හමුදාවේ සේවය කරන ඇයගේ බාල පුතාට ඊ එම් ඩී ආර් මනෝ ප්‍රතිකාර ලබා දෙන ලෙසටය​. 

කැරන් ගේ පුතා පාසල් අධ්‍යාපනය හමාර වීමත් සමගම ඊශ්‍රායලයට ගොස් හමුදාවට බැඳී තිබේ. ඔහුට අවශ්‍යව ඇත්තේ මොසාඩ් බුද්ධි අංශයට යාමටය​. එහෙත් ගාසා තීරයේදී යුද කම්පනයට ලක් වූ ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ පෙන්වන බව ඔහුට ප්‍රතිකාර කරන ලද ඊශ්‍රායල යුද හමුදා මනෝ වෛද්‍යවරයා සටහන් කොට තිබේ. 

මම ඔහුව සැමී ලෙස හඳුන්වමි. සැමී තවමත් වයස 22 නොඉක්මවූ තරුණයෙකි. එහෙත් යුද්දය විසින් ඔහුව මහල්ලෙකු බවට පත් කොට තිබේ. යුදෙව් භාෂාව ඉතා හොඳින් කතා කරන සැමී තමා හගනා හෙවත් ඊශ්‍රායල ආරක්‍ෂක අංශයට බැඳුනේ විශාල අපේක්‍ෂා අතැතිව කීවේය​. පලස්තීන විමුක්තිකාමීන් සමග නිබඳවම ගැටුම් ඇති යුද භූමියේ දෙවසරක් පමණ ගත කල සැමී බොහෝ ක්‍ෂිතිමය අත්දැකීම් වලට ලක් විය​. ඒ අතර ජීවිතයත් මරණයත් අතර තත්වයන් වූහ​. හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකදී ඔහු දිවි ගලවා ගන්නා ලද්දේ අනූ නවයෙනි. 

ඊශ්‍රායල -පලස්තීන ගැටුම ගැන අප දන්නේ අර්ධ වශයෙනි. වෛද්‍ය පීඨයේ මට බොහෝ පලස්තීන මිතුරන් වූහ​. ඔවුන් පැවසූ පරිදි ඊශ්‍රායලය යනු යක්‍ෂයෙකි. ඔවුන් පලස්තීන ළමුන් භක්‍ෂනය කරති. එහෙත් හගනා සාමාජික සැමී සමග කරන ලද සංවාදයේදී පලස්තීන විමුක්තිකාමීන් බෝම්බ සහ රොකට් මගින් ඊශ්‍රායල සිවිල් වැසියන් මරා දමා තිබේ. ඒ අතර කුඩා දරුවන් ද වෙති.  කෙසේ නමුත් යුද්දයකදී දෙපාර්ශවයටම හානි සිදුවේ . වඩාත්ම හානි සිදු වන්නේ යුද ගැටුමට කිසිම සම්බන්ධතාවක් නැති අහිංසකයන්ටය​. 

සැමී කියූ පරිදි වරක් ඔහු සහ අනෙකුත් සොල්දාදුවන් පලස්තීන ගරිල්ලෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම පලස්තීන ගරිල්ලා භටයාට මාංචු දමාගෙන සැමී සහ රියැදුරා පමණක් වාහනයෙන් කඳවුරට ගොස් ඇත​. එම ගමනේදී තමන් නිදි කිරා වැටුණු බව සැමී කියයි. ඒ අවස්ථාවේදී මෙම දරුණු පලස්තීන ගරිල්ලා භටයාට මාංචු පිටින් සැමීගේ ගෙල තද කර මරා දැමීමට අවකාශ තිබුණි. එය එසේ සිදු නොවූවද එම අවස්ථාව මතක් වීම සැමීට බිය ගෙන දෙන්නක් විය​. බොහෝ කාලයක් ගියද මෙම අනිසි බිය ඔහුගේ සිතෙන් පහ නොවීය. එකී බිය පහ කරවා ගැනීම සඳහා සැමී මත්පැන් බී නින්දට යාමට පුරුදුව සිටියේය​. මේ නිසා ඔහුගේ කායික මානසික සෞඛ්‍ය පිරිහුනි.  

අවසානයේදී සැමී තම මව සොයාගෙන කැනඩාවට ආවේය​. මට ඔහුව මුණ ගැසෙන්නේ එකී අවස්ථාවේදීය​.  මා සැමී සමග ඊ එම් ඩී ආර් මනෝ ප්‍රතිකාර වට හයක් සති අටක් පමණ කාල පරාසයක් තුලදී සිදු කලෙමි. මෙම ප්‍රතිකාරයත් සමග සැමීගේ අනිසි බිය නිශේදනය විය​. මත්පැන් වලින් තොරව ඔහුට නිදා ගැනීමට හැකි විය​. තවත් මාස තුනක් පමණ තම මව සමග කාලය ගත කල සැමී යළිත් ඊශ්‍රායෙලයට ගියේය​. 

තමා යළි හමුදාවට ගිය බවත් හමුදා මනෝ වෛද්‍ය ඒකකයේ සහයෙන් සැහැල්ලු රාජකාරි කරන් බවත් ඔහු මට ඊ ලිපියකින් දැන්වීය​. එසේම තමාගේ රාත්‍රී නින්ද බාධා වලින් තොර බවත් රාත්‍රී මත්පැන් පානය සහ මුලින්ම නවතා ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණි. 

දිනක් මා සවස් වරුවක නිවසට එන විට මගේ නමට පාර්සලයක් විය . මම එය ඇර බැළුවෙමි එහි විශාල දුඹුරු පැහැති කේක් ගෙඩියක් විය​. මෙවැනි කේක් ගෙඩි යුදෙව් උත්සව වලදී මේස මත තිබෙනවා මම දැක තිබේ. එම කේක් ගෙඩිය සමග කාඩ් එකක් විය. එහි මෙසේ ලියා තිබුණි. සැමීට උපකාර කිරීම ගැන රුවන් ඔබට ස්තූතියි - කැරන් 

වෛද්‍ය රුවන් එම් ජයතුංග​



PS : What is EMDR 


Eye Movement Desensitization and Reprocessing (EMDR) is a psychotherapy treatment that was originally designed to alleviate the distress associated with traumatic memories (Shapiro, 1989a, 1989b). Shapiro’s (2001) Adaptive Information Processing model posits that EMDR facilitates the accessing and processing of traumatic memories and other adverse life experience to bring these to an adaptive resolution. After successful treatment with EMDR, affective distress is relieved, negative beliefs are reformulated, and physiological arousal is reduced. During EMDR therapy the client attends to emotionally disturbing material in brief sequential doses while simultaneously focusing on an external stimulus. Therapist directed lateral eye movements are the most commonly used external stimulus but a variety of other stimuli including hand-tapping and audio stimulation are often used (Shapiro, 1991). Shapiro (1995, 2001) hypothesizes that EMDR facilitates the accessing of the traumatic memory network, so that information processing is enhanced, with new associations forged between the traumatic memory and more adaptive memories or information. These new associations are thought to result in complete information processing, new learning, elimination of emotional distress, and development of cognitive insights. EMDR therapy uses a three pronged protocol: (1) the past events that have laid the groundwork for dysfunction are processed, forging new associative links with adaptive information; (2) the current circumstances that elicit distress are targeted, and internal and external triggers are desensitized; (3) imaginal templates of future events are incorporated, to assist the client in acquiring the skills needed for adaptive functioning.

 (https://www.emdr.com/what-is-emdr/) 

14 comments:

  1. අහන්නත් ගියෙ මොකද්ද EMDR කියන්නෙ කියල. බලද්දි එ්කත් දාල :) මාත් කාලයක් psychology වලට සෑහෙන්න ලව් කලා :)

    ReplyDelete
  2. EMDR is nothing more than the illusion of witchcraft renamed and brought into the 21st century.

    ReplyDelete
    Replies
    1. This so called illusion is accepted by the

      American Psychiatric Association
      The United States Department of Veterans Affairs
      Canadian Mental Health Association

      WORLD HEALTH ORGANIZATION (2013)
      Guidelines for the Management of Conditions Specifically Related to Stress. Geneva, Switzerland: Author.
      Trauma-focused CBT and EMDR are the only psychotherapies recommended for children, adolescents and adults with PTSD.

      AMERICAN PSYCHIATRIC ASSOCIATION (2004)
      Practice Guideline for the Treatment of Patients with Acute Stress Disorder and Post-traumatic Stress Disorder. Arlington,VA: American Psychiatric Association Practice Guidelines.
      EMDR therapy was determined to be an effective treatment of trauma.

      DEPARTMENT OF VETERANS AFFAIRS AND DEPARTMENT OF DEFENSE (2004, 2010)
      VA/DoD Clinical Practice Guideline for the Management of Post-Traumatic Stress. Washington, DC.
      EMDR therapy was placed in the “A” category as “strongly recommended” for the treatment of trauma.

      Delete
  3. Dear Sir,

    It's very useful if you can translate to simple sinhale "PS : What is EMDR".

    ReplyDelete
    Replies
    1. යනු පරියේෂන මගින් තහවුරු කරන ලද සාධනීය මනෝ ප්‍රතිකාර ක්‍රමයකි. මෙම මනෝ ප්‍රතිකාර ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් පිලිගත් ප්‍රබල් ක්‍රමවේදයකි.

      Delete
  4. This so called illusion is accepted by the

    American Psychiatric Association
    The United States Department of Veterans Affairs
    Canadian Mental Health Association

    WORLD HEALTH ORGANIZATION (2013)
    Guidelines for the Management of Conditions Specifically Related to Stress. Geneva, Switzerland: Author.
    Trauma-focused CBT and EMDR are the only psychotherapies recommended for children, adolescents and adults with PTSD.

    AMERICAN PSYCHIATRIC ASSOCIATION (2004)
    Practice Guideline for the Treatment of Patients with Acute Stress Disorder and Post-traumatic Stress Disorder. Arlington,VA: American Psychiatric Association Practice Guidelines.
    EMDR therapy was determined to be an effective treatment of trauma.

    DEPARTMENT OF VETERANS AFFAIRS AND DEPARTMENT OF DEFENSE (2004, 2010)
    VA/DoD Clinical Practice Guideline for the Management of Post-Traumatic Stress. Washington, DC.
    EMDR therapy was placed in the “A” category as “strongly recommended” for the treatment of trauma.

    ReplyDelete
  5. මම දන්නා තරමට (බටහිර ආරක්ෂක සේවා වලට සම්බන්ධ හා සම්බන්ධව සිටි අයගේ ෆෝරම් හා ලිපි කියවීමෙන් ) ඊශ්‍රායලය පලස්තීනය සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්තිය ඉතාම අයහපත් වගේම සීමාව එක්මවා යන එකක්.

    භූමි මට්ටම ගත්තහම ඊශායල ආරක්ෂන අංශ සාමාජිකයන් පලස්තීනුවන් මත සීමාව එක්මවා ක්‍රියා කරනවා. එයට එක් හේතුවක් ඊශායලයේ හමුදාවේ කොටසක් හමුදාවකට වඩා මිලිෂියාවක් වීම.

    ReplyDelete
  6. EMDR
    මොහාන ප්‍රතිකාර ක්‍රමයක්ද?

    ReplyDelete
    Replies
    1. EMDR යනු පරියේෂන මගින් තහවුරු කරන ලද සාධනීය මනෝ ප්‍රතිකාර ක්‍රමයකි. මෙම මනෝ ප්‍රතිකාර ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් පිලිගත් ප්‍රබල් ක්‍රමවේදයකි.

      Delete
  7. ඔය බයම නේද අපේ ගොඩක් අයට තියෙන්නෙත් දෙමළ මිනිස්සුත් එක්ක..

    ReplyDelete
  8. Hello Doc,
    Treating with hypnotism is a standard clinical practice in psychotherapy ? if yes what kind of patients are treating with this method?

    ReplyDelete
    Replies
    1. hypnotherapy gives good results but the results are not lasting

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook