Tuesday, February 23, 2016

පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ




මීට වසර 15 පමණ පෙර මගේ රෝගියෙකු වූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙක් මට අපූරු කතාවක් කීවේය​. පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය අවස්ථාවේ ඔහුද අනෙකුත් පොලිස් නිලධාරීන් සමග පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ සිටි බවය​. එහිදී සිදුවූ ගැටුමකින් වීරසූරිය නම් සරසවි සිසුවා පොලිස් වෙඩි පහරකින් මිය යන ලදි. මෙම පොලිස් කොස්තාපල්වරයා කියූ පරිදි වීරසූරියට වෙඩි තබන ලද්දේ මාතලේ  මූලස්ථාන පෙලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහයි. මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව මම නොදනිමි.  මට මේ කතාව කියූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයාද වර්තමානයේ ජීවතුන් අතර නැත​. 

එහෙත් මේ වෙඩි තැබීම ගැන වරක් මාධ්‍යවේදියෙකු පොලිස් පරීක්‍ෂක  රොනී ගුණසිංහ  ගෙන් විමසූ ඔහු මෙසේ කියා තිබේ. “මම යනකොට දවස් දෙකක් රාළහාමිලා එකම යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඩියුටි මාරු වෙන්න විදියක් නැහැ. ඔවුන්ට කන්නත් නැහැ. තිබුණේ වතුර විතරයි. ඉහළ නිලධාරීන් බලා සිටියා පමණයි. අපේ කිසි කෙනෙක් තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලය ඇතුලේ නිසා  බයෙන් හිටියේ. හිස් පරිසරයට ‘ඕපන් ෆයර්‘ කරලා මොකද වෙන්නේ කියලා බලන්න මම තීරණයක් ගත්තා. මම එහෙම කළේ පොලීසිය පැත්තෙන් කල්පනා කරලා. පොලිසියේ ඉන්නේත් මිනිස්සු. මේ කියන  වෙලාවේ සමහර සිසුන් ශාලාවල නිදි. එළියට ඇවිත් නැහැ.  අපේ ඇක්‍ෂන් එකට සිසුන්ගෙන් ලැබෙන  රිඇක්‍ෂන් අධ්‍යයනය කරන්න මම බලා පොරොත්තු වුනා. ඒත් ඒ සාධාරණ ක්‍රියාව අවාසනාවන්ත විදියට කනපිට හැරුණා" ( මූලාශ්‍රය - පොල් වික්කා, වීරසූරිය, රොනී ගුණසිංහ, පබා, කොණ්ඩයා, ලහිරු සහ සසිනි සංදීපනී සමග සරසවි විප්පලවාදය – චඳ්‍රගුප්තයන්ගේ සටහන) 

රූපවාහිනි නිවේදකයකු වූ රිචඩ් ද සොයිසාව 1990 පෙබරවාරි 18 දා රාත්‍රියේ පැහැරගෙන ගොස් මරා දමන්නේ   කොළඹ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ බවටද මතයක් තිබේ. රිචඩ් සොයිසාගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය තම පුතා පැහැරගෙන පුද්ගලයා ලෙස පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහව හඳුනා ගනු ලැබුවාය​.   මේ හැර රෝහණ විජේවීරට  වෙඩි තබන ලද්දේ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බවත් පැවසේ.  කෙසේ නමුත්  1991 මැයි 1 දා    ආමර් වීදියේදී කොටි බෝම්බකරු   බාබුගේ බෝම්බයට පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ   බිළිවිය.

22 comments:

  1. ආනන්තර්‍ය විතරකින් ගෙවිලා ඉවරවෙන එකක් නෑ, මේවා අපරාපරිය කේස්.

    ReplyDelete
    Replies
    1. ආනන්තර්‍ය කේස් නෙවෙයි දිට්ටදම්මවේදනීය​

      Delete
  2. ඔය ආමර් විදියේ මැරුණේ ඔක්කොම මේ වගේ කට්ටිය වගෙයි මට මතක... මොහුගේ ඉතිහාසය බලද්දී කිසියම් දේශපාලන ගැකමක් සහිතව ( ඒක පාර්ශවිය රජයේ සේවකයෙක් ලෙස) තම රාජකාරිය කල බව පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. එතකොට සිරිසේන කුරේට දිට්ඨ ධම්ම වේදනීය අදාලම නැද්ද ?

      Delete
  3. Doctor could you please give me your email address, I need to contact you. Thank You.

    ReplyDelete
  4. ලංකාවට බෝම්බ පිපිරීම කියන්නේ කොච්චර සුලභ දෙයක්ද?

    ReplyDelete
  5. මේ වගෙ කෙනෙක් එකපාරටම මැරුන එක අවුල් නැද්ද. සමහර යහපත් මිනිස්සු මැරෙන්නෙත් ලෙඩ ඇදට වැටිල දහ දුක් විදල. රෝනී ගුනසිංහල බෝම්බෙන් මැරෙන්නෙ එකපාරටම. කිසිම මරන වේදනාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. කර්මය ගැන කියන්න දන්නේ නෑ

      Delete
  6. meya moratuwa pradeshaya barawa hitiye mama athadanguwata pathwana wita 89 vasaredi , minisunawa panapitin pichchuwa kohuwal sohone di. mohu sathek.

    ReplyDelete
    Replies
    1. මෙතන අධ්‍යනය කරන්න වටින කාරනයක් තියනවා. වීරසූරිය සිසුවටත් වෙඩි තිබ්බෙ මෙයා නම් මෙයා ඊට පස්සෙ මිනීමරන්න අපරාධ කරන්න ඇබ්බැහි වෙන්න ඇති. මේ වගෙ අය ට ප්‍රතිකාර ලබා දීම හෝ සේවයෙන් ඉවත් කිරීම සුදුසුයි. උඩුගම්පොල ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි.

      Delete
    2. may be he was an addictive killer

      Delete
  7. වපුරන දේම අස්වැන්න ලෙස නෙලා ගත යුතුයි.

    ReplyDelete
  8. "මේ කවුද-මොනවාද කරන්නේ" නමින් ඒ යුගයේ ප්‍රේමදාස පාලනයට විරුද්ධව නාට්‍ය පිටපතක් ලියු ලක්ෂ්මන් පෙරේරා නම් පලාත් මන්ත්‍රී වරයා අතුරුදහන් කිරීම සම්බන්ධවත් රොනීට චෝදනා තිබුනා. මොහු පොලිස් මැරයෙක්. මේ යුගයේ සිටි ලෝරන්ස් නම් උසස් පොලිස් නිලධාරියාත් එවන් මැරයෙක්. මොහු රටින් පිටව ගියා. අදටත් එංගලන්තයේ හෝ යුරෝපා රටක ජීවත්ව සිටි බව අසන්නට ලැබුනා.
    විජේවීර ඝාතනය කෙරුනු අවස්තාව වෙනවිට රොනි ගුණසිංහ, උඩුගම්පොල වැනි නිළධාරීන් එතැන සිටි බව, පොලිස් කැමරා ශිල්පී ඉන්ද්‍රානන්ද සිල්වා පසුව පුවත්පත් වලට කියා තිබුනා. Aru.

    ReplyDelete
  9. මේ අය ගැන ධර්මන් වික්‍රමරත්න මහතා ලියූ ලිපිය.

    https://web.facebook.com/media/set/?set=a.1068468306514441.1073741834.165377343490213&type=3&_rdr

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook