නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි කෘතියේ එන පාවෙල් කොර්චාගීන් චරිතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් ඇති කල බව කීවේ නම් නිවැරදිය. අප පාවෙල් කොර්චාගීන් හඳුනා ගත්තේ දැදිගම වී රොද්‍රිගු හරහාය. පාවෙල් කොර්චාගීන්ට අපි දශක ගණනාවක් පුරා ආදරය කළෙමු. සැබවින්ම ඔහු අපගේ වීරයා සහ පරමාදර්ශය විය . ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි. එහෙත් පරාර්ථය , කැපවීම සහ නොපසුබස්නා උත්සාහය ජීවිතයේ හරයන් කරගත් පාවෙල් මිනිසුන්ගේ හදවත් තුල තවමත් ජීවත් වේ.
පාවෙල් කොර්චාගීන් යන සාහිත්‍යම චරිතය සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි යන සැබෑ චරිතය බොහෝ දුරට එක සමානය. ඔව්ස්ට්‍රොව්ස්කි වානේ පන්නරය ලැබුණු හැටි කෘතිය තුලින් ඉදිරිපත් කලේ ඔහුගේම චරිතයයි. එම නිසා පාවෙල් කොර්චාගීන් සහ නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි එක අයෙකු ලෙසට සැලකුවාට වරදක් නැත.
ගිනි උදුන් මොළවන දිළිඳු ගැටවරයෙකු සිවිල් යුද්දයෙන් පසු මිනිසෙකු බවට පරිවර්තනය වූ අයුරු නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පාවෙල්ගේ චරිතය හරහා පෙන්නා දුන්නේය. ළමා පාවෙල් පුජකයාගේ පිටි වලට දුම්කුඩු මිශ්‍ර කළේය, කුඩා කාලයේම දරිද්‍රතාව හා සමාජ විෂමතාව හඳුනාගත් ඔහු පොහොසත් හා අහංකාර වික්ටර්ට හා නෙලීට වෛර කලේ ඔවුන් දුප්පතුන්ගේ දුක නොහඳුනනන් නිසාය.
පාවෙල් කොර්චාගීන් රළුය, නුරුස්නා සහගතය, මදාවිකම් කළේය. එහෙත් පාවෙල් තුල සංවේදී මනුෂයේකු සිටියේය. ඔහුගේ දඩබ්බර වැඩ වලට ආදරය කල තෝන්‍යා ඔහුගේ ප්‍රථම ආදරවන්තිය වුවාය. පාවෙල් පැවසූ පරිදි ඇයට කම්කරුවෙකුට ආදරය කිරීමට හැකි වුවද ඔහුගේ අදහස් වලට ආදරය කිරීමට නොහැකි වුවාය. එමනිසා ඔවුන් දෙදෙනා දුරස්ථ වූහ.
කොම්සොමෝල් වියාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට පාවෙල් අපමණ කැපකිරීම් කළේය, එක දිගට ශීත කාලයේ එළිමහනේ වැඩ කළේය, පෝලන්ත හමුදා සහ ප්‍රති විප්ලව කොටස් වලට එරෙහිව සටන් කළේය. අවසානයේදී ඔහු ස්නායු රෝගයකට ගොදුරු විය. අංශබාගය නිසා ඔහුගේ දිවිය ඇඳට කොටු විය. බලාපොරොත්තු බිඳ වැටීම හේතුවෙන් ජීවිතය නැති කර ගැනීමට උත්සහ කලද අවසානයේදී ඔහු අලුත් අවියක් ගෙන සටන් බිමට පැමිණියේය. තුවක්කුව වෙනුවට ඔහු පෑන අතට ගත්තේය. ඔහු තමා වටා තිබු අයෝමය වලල්ල බිඳ දැමීය.
කුණාටුවකින් උපත ලද්දෝ ඔහුගේ පළමු නවකතාව විය. එහි සාර්ථකත්වය හරහා ඔහු තම අවසාන සහ ලෝක ප්‍රකට නවකතාව රචනා කළේය. එය වානේ පන්නරය ලැබුණු හැටි නම් විය. වානේ පන්නරය ලැබුණු හැටි රුසියානු මූලකෘතියේ පරිච්ඡේද කීපයක් රුසියන් බසින් මම කියවා තිබේ. එහෙත් දැදිගම වී රොද්‍රිගු ගේ සිංහල පරිවර්තනයද අසම සමය. රුසියානු හදවත ආයාසයකින් තොරව තේරුම් ගැනීමට හැකි වන ලෙස වානේ පන්නරය ලැබුණු හැටි කෘතිය දැදිගම වී රොද්‍රිගු විසින් පරිවර්තනය කොට තිබේ.
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි නොහොත් පාවෙල් කොර්චාගීන් ළමා සොල්දාදුවෙකු විය. ඔහු ස්ව උත්සහයෙන් ඉගෙන ගත්තේය. විප්ලවයේ රොමාන්තික පාර්ශවය මෙන්ම එහි බියකරු බවද ඔහු ඉඟි කරයි. එසේම නිලධාරීවාදයට යටවන කොමියුනිස්ට්වාදීන් , ස්ත්‍රීන් දූෂණය කරන අධමත්වය සහ දූෂිත බව පක්‍ෂ සාමාජික පත්‍රයෙන් වසන් කරන කොමියුනිස්ට්වාදීන් ගැනත් ඔහු ලිවීය.
විප්ලවයෙන් පසු වික්ටර් , නෙලී සහ ෂූරාගේ තත්වය ගැන ඔහු ඉඟියක් කරයි. ඔවුන් ෆීලික්ස් දෙර්ශීන්ස්කිගේ චෙකා භටයන් අතින් මිය යා යුතුය නැතහොත් පිටුවහල් විය යුතුය. බොල්‍ෂවික්වාදීන් ගේ Terror against Classes යන මෙහෙයුම ගැන නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පෙන්වා දෙයි. (නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ මුල් කෘතියේ සමහක් පිටු ප්‍රකාශකයන් විසින් සංස්කරණය කොට තිබේ)
මෙම කෘතිය මගින් ඔහු චරිත බොහෝ ගනනක් ඉදිරිපත් කරයි. සට කපට තරබාරු පූජකයා දෙවියන් පෙන්වා භක්තිමතුන් රවටා මෙලොව සැප විඳින්නෙකි. ශුක්‍රායි ෆියදෝර් ආකෘතික නාවික භටයාය. ඔහුගේ සහෝදරයා වන ශක්තිමත් අර්ට්‍යොම් පසුකාලීනව පවුල් බරින් වෙහෙසෙන්නෙකි.
1987 වසරේදී මම නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි උපන් යුක්‍රයිනයේ ශේපිතොව්කා ගම්මානයට ගියෙමි. 1987 කාලය වන විටත් එහි පිටිසර ගතිය බොහෝ දුරට දක්නට තිබුණි. ඔහු තරුණ කාලයේ වැඩ කළ කියෙව් නගරයට ද මම ගියෙමි. කියෙව් නගරයයේ ඔහු දුම්‍රිය කම්කරුවෙකු විය. 1993 දී මොස්කව් වලදී ඔව්ස්ට්‍රොව්ස්කි අවසන් කාලයේ ජීවත්වූ නිවසද දුටුවෙමි. නමුත් එම නිවස ඇතුලට යාමට මට නොහැකි විය. ඒ පිලිබඳව මම අද කනගාටු වෙමි.
නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පිලිබඳව මට එක ගැටලුවක් තිබේ. ඔහු ස්ටාලින්ගේ කුමන්ත්‍රණ දේශපාලනය හඳුනා ගැනීමට අපොහොසත් විය. ඔහු ස්ටාලින් හැඳින්වුයේ සමුර්ධිමත් යුගයකට අපව ගෙන යන සදාදරණීය නායකයා වශයෙනි . ඇතැම් විට ස්ටාලින්ගේ තත්‍ය ස්වභාවය දැකීමට ඔහුට නොහැකි වුවා විය හැක. එහෙත් 1936 දී ඔහුගේ මරණය සිදුවන විට විටත් ස්ටාලින් දස දහස් ගණනින් ජනයා ගුලර්ග් වහල් ශ්‍රම කඳවුරු වලට ගාල් කරමින් සිටියේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
//වානේ පන්නරය ලැබුණු හැටි//
ReplyDeleteඋසස් පෙළ කරන කාලේ බලපු හොද පොතක්.
වානේ පන්නරය ලැබුණු හැටි හොද පොතක්
DeleteMamath usas plea karaddi kiyewwa . Mama thwa ashawen kiyawapu pothak thamyi saba minisekuge kathawa
ReplyDeleteට් ලෝ රම්පා ගේ "තෙවෙනි ඇස" එකත් ටිබෙටය ගැන ලස්සන කථාවක්.
Deleteට් ලෝ රම්පා ගේ "තෙවෙනි ඇස ගෙතූ ප්‍රබන් ධයක් කියලත් කියනවා
Deleteලලාට කන්ඩි කාවෙන් නේද මිනිසෙකුගේ සිතීම වගේ දේවල් පාලනය වෙන්නේ. ඒක නිසා වෙන්ඩ ඇති තෙවෙනි ඇස නළලෙන් මතු කර ගන්නවා කියල පොතේ තියෙන්නේ.
Deleteඅපේ ගෙවල් පැත්තේ කොලුවෙකු හිටියා තායල් කියලා. ඒ අමුතු නම ඔහු ගේ තාත්තා දාලා තියෙන්නේ වානේ පන්නරයේ පාවෙල් කියන නම සිංහලයිස් කරලාය කියලායි කියවුනේ.
ReplyDeleteතායල් පසුව රුසියාවේ ඉගෙනුම ලබා දැන් ලංකාවේ වැඩ!
මගේ ගමෙත් යින්නවා පාවෙල් කියල නම තියෙන කොල්ලෙක්.එයාගේ තාත්ත 71 හිටපු JVP කාරයෙක්. පොලිසියෙන් අල්ලන්න එනකොට ගුටිකන්න බැහ කියල 1988 අග හරියෙ දිනක මිනිහ වසබීල මැරුණ.පසුකලෙක මිනිහෙකුත් මරාදාපු පාවෙල් හොරකම් වගයක් කරලා හිරේ යින්නව කියල ආරංචීයි.
Deleteඇයි අපේ දෙපාර්තමේන්තුවෙ ඉන්නව ලෙනින්. මං කියන්නෙ එයාට ලෙනින් සහෝදරය කියල.
Deleteඇයි තව ජෝසප් ස්ටාලිනුත් ඉන්නෙ ගුරු සංගමේ...
පාවෙල්ගෙ ඉරණම තමා සුපිරි
පාවෙල් / තායල් මාරයි
Deletesaba minisekuge kathawa
ReplyDeleteඒක මරු
මම ලෙඩ ඇඳේ ඉද්දි හිත හදා ගන්න කියලා අපේ අය්යා මට ගෙනැත් දුන්නේ ඒක
Deleteඒක හොඳ පොතක්
Deleteසැබෑ මිනිසෙකුගේ කතාවක් වගේ පොත් ළමයින්ට අනිවාර්යෙන් කියවන්න දෙන්න ඕන පොතක් කියල මම හිතන්නේ..
ReplyDeleteඔව්
Deleteමේ කතාව තමයි මාත් රුසියානු කතාවලින් කැමතිම කතාව මේ පාවෙල්ගේ කටුක ජීවිතය අතරින් ගලාගෙන යන පාවෙල් සහ තොන්යාගේ නොගැලපෙන අදර අන්දරයත් කතාවට අමුතු ආලෝකයක් ගේනවා .
ReplyDeleteකාලයකට පස්සේ ඔහුට ඇයව හමුවෙනවා
Deleteමා ළඟ තිබ්බ ඔය පොතේ කොටස් දෙකම. දෙකම මගෙං ඉල්ලගෙන ගියා අපේ මහලොකු ජේවීපී කාරය වරුණ දීප්ති රාජපක්ෂ. පොත් දෙකටම වෙච්ච දෙයක් නෑ.
ReplyDeleteඒ දවස් වල අපේ ජෙප්පෙක් කිව්ව, "අංකුර ජෙප්පෙක් මේ පොත කියවලා කොච්චර හිතට ගත්තද කියනවනං, දැං මිනිහ නිදාගන්නෙ ලෑල්ලක් උඩ" ය කියල. ඒක අහපු අපේ සෝබනෙය (උගෙ ඇත්තම නම සෝබන ශ්‍රියන්ත) කිව්ව මාව පෙන්නල, "මූ ඩ්‍රැක්‍යූලා පොත කියවල දැං නිදාගන්නෙ පස් පුරෝපු ලී පෙට්ටියක" ය කියල.
මේ පොත මට මාර විදිහට සමීප උනා. ඕ ලෙවල් කාලෙ තමා මං ඉස්සෙල්ලම කියෙව්වෙ. ඊට පස්සෙ මං පොත ගෙවෙනකම්ම ආයෙ ආයෙ කියෙව්ව.
අර කියල තිබුණ චරිත වලට අමතරව, සිර්යෝෂා බෲෂ්ෂාක් රීතා උස්තිනෝවිච් එක්ක තිබුණ ප්‍රේමය. ඉවාන් ෂාර්කි කියන මැෂින් තුවක්කු කාරය, අර්ට්යොම් තව දෙන්නෙක් එක්ක කෝච්චියක් නවත්තන හැටි. හිරගෙදරදි දූෂණය කෙරුනු රෝසා එල්ලුම්ගහට මුහුණදීපු නිර්භීත භාවය, පෙත්ල්යුරාගෙ හමුදාව යුදෙව්වන් මංකොල්ලකන හැටි... එහෙම සදා අමතක නොවන සිදුවීම්.
මම දන්න විදිහට, නිකොලායි මේ පොතේ අවසානය වෙනස් විදිහකටයි ලිව්වෙ. පාවෙල් ට්‍රොට්ස්කි වාදියෙක් කරල. ඊට පස්සෙ ස්ටාලින්වාදියෙක් කරල ආපහු සංශෝධනය කළා. ඒ ගැන එයා කියනව, "පාවෙල් ස්ටාලින්වාදියෙක් කිරීමෙන් එයා ඉතිහාසය වෙනස් කළේ නෑ" කියල. ඒකෙන් මට හිතෙන්නෙ අන්තිම කාලෙදි නිකොලායිට ස්ටාලින්වාදී සාහිත්‍ය අධිකාරියෙන් බලපෑම් එල්ල වෙන්නැති කියල.
මට මතකයි සිර්යෝෂා පාවෙල්ට කියනව, "ඔය නපුරු පූජක ගැරඬියට අපි දුම්කුඩු ඉහිමු..." කියල. මගෙ හිතට වැඩියෙම්ම අල්ලපු වගන්තිය තමා ඒක.
ඩ්‍රැකී,කියවල නැද්ද
Deleteකොර්සිකානු සොහොවුරෝ, සිටුවර මොන්තක්රිස්තෝ,දහයේ පංතියට තිබ්බ මනුතාපය ඒවත් අමතක නොවන පොත්.
අන්තිම කාලෙදි නිකොලායිට ස්ටාලින්වාදී සාහිත්‍ය අධිකාරියෙන් බලපෑම් එල්ල වූවා
Deleteලලිත් පෙරේරා...
Deleteඔය පොත් අටම මං කියවල තියෙනව, කීප වාරයක්
පාවෙල් කොර්චාගීන් 1926 සිට මරනය දක්වාම ඇදේ හිටපු කෙනෙක්. සමහර විට ඔහු බාහිරව උනු දේවල් බොහෝමයක් නොදන්නවා වෙන්නත් පුලුවන්.
ReplyDeleteමම මතක හැටියට පාවෙල් කොර්චාගීනුත් චෙකා හෝ ඊට සමාන එකක කෙටි කාලයක් හිටියා. නමුත් අහයපත් සෞඛ්‍ය තත්වය නිසා එවත් උන බව තියෙන්නේ.
ඒ වගේම මේ පොත ලියපු කාලය අප ජීවත් වන කාලයට වඩා වෙනස් කාලයක් බවත් අමතක කරන්න හොඳ නැහැ.
මේ කාලයේ අප සිටියානම් අපත් මේ චෙකාවේ හෝ NKVDයේ සාමාජිකයන් වෙන්න ඉඩ නොතිබුනා කියා කාටද කියන්න පුලුවන්?
agree
Deleteවානේ පන්නරය පොත මම ජීවිතේ අවධි තුනකදී කියවල තියෙනවා. ඉස්කෝලේ 9, 10 .AL කාලවල හත් අට සැරයකුත්. අවුරුදු තිස් ගණන් වලදී එක්වරකුත් කියෙව්වා . මෑතකදී ආයෙත් අපේ ළමයින් ගෙනත් කියවනවා දැකලා කියෙව්වා. දැන් ළමයින්ට මේ පොත කීප වතාවක් කියවන්න ආසාවක් හිතෙන්නේ නෑ . ඒත් ඔවුන් එය රස වින්ද බව කිව්වා. මටනම් ආයේ කාලයක් ගිහින් කියවන්න හිතෙයි. සමාජවාදේ ගැනත් , රුසියාව ගැනත් අපේ හිතේ තිබ්බ අදහස් මේ අවුරුදු තිහක් විතර කාලේ ඇතුලත තරමක් වෙනස් වෙලා තිබ්බත් පාවෙල් ගැන තියෙන ආදරය එහෙම්මමයි.
ReplyDeleteපාවෙල් අවංක පුද්ගලයෙක් ඔහු තුල ආත්මාර්ථකාමීත්වය තිබුනේ නැහැ
Deleteවානේ පන්නරය ලැබූ හැටි (කොටස් දෙකම.),සැබෑ මිනිසෙකුගේ කතාවක් වගේ පොත් ඇත්තටම පුද්ගල පෞර්ශය වෙනස් කරන්නටම තරම් සමත් පොත්.ගස්ලබ්බා බොහොම පොඩි කාලෙ ඉඳන් කියවන පොත්.මනුශ්‍යත්වය රූරා වැගිරෙන පොත්.ඔබ වාසනාවන්තයි රුසියානු බසින්ම කියවීමට ලැබීම නිසා.
ReplyDeleteජයවේවා..!!
thanks Gus
Deleteලස්සන වසිලීස්සා සහ බබායිගා යකින්නත් මතක් වෙනවා රුසියන් කතා ගැන කතා කරන විට
ReplyDeleteyes
Deleteරුසියානු නම් ගම් සහ රුසියානු නවකතාවලට අයත් ශයිලියට බෙහෙවින් ඇලුම් කරමි. එය ඔබේ රචනාවලද නොඅඩුව තිබේ.රුසියානු නවකතාවල කියවෙන ගමකට යාමටද බලවත් රුචියක් මා තුල ඇත.
ReplyDelete+++++++++++++++++++++++++++++
Deleteරුසියානු නවකතාවලට අයත් ශයිලිය විශේෂයි කියා මටත් හිතෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් ගෝර්කිගේ "ද්‍රෝහියගේ මව" කියන කථාවෙ වාක්‍යක් තියෙනවා о матерях можно рассказывать бесконечно. රුසියන් බෂාවෙන් තියන එක මම සිංහලට පෙරලුවට ඒ මුල් හැංගීම මට ලැබෙන්නේ නැහැ. රුවන්ට හරි අජිත්ට මතකද දන්නේ නැහැ ඒක කොහොමද පරිවර්තනය කරලා තිබුනේ කියල.
ReplyDeleteසමහර රුසියන් වචන පරිවර්තනය කරන්න අසීරුයි
Delete