පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස ලෙස සේවය කරන ලද කාලයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාවට මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මගෙන් ඉල්ලීමක් කලේය. එම නිසා මම මේ සම්බන්ධයෙන් කටයුතු කලෙමි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව ජීවත් වෙති. මොවුන් අතීතයේ පෘතුගීසි සොල්දාදුවන් සමග පැමිණි වහලුන් වෙති. මෙම වැඩසටහනේ ශාක්‍යතාව පිරික්සීමට වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාත් මමත් අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව සොයා ගියෙමු. අප බොහෝ ගම්මන වලට ගොස් අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව සිටින්නේ කොහේද කියා ඇසුවෙමු. බොහෝ දෙනා එවැනි ජනතාවක් සිටින ඉසව්වක් නොදන්නා බව කීහ. අවසානයේදී එක් තේ කඩයක් අසල සිටි පිරිසකගෙන් ද විමසුවෙමු. මම අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව කියූ විට එක් තරුණයෙක් " ආ මේ කාපිරිද ? මහත්තයා ඔන්න ඔහොම මේ ගුරු පාරේ යන්ඩ දිගටම යනකොට ගමක් හම්බ වෙයි ඒ ගමේ ඉන්නේ කාපිරි කීවේය.
දේසේ හැටියට බාසේ කියමින් අප වාහනය හරවාගෙන ගුරු පාර දිගේ ගියෙමු. අවසානයේදී අපට අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාව හමු විය. ඔවුන් බොහෝ දෙනෙකු දේශීය ජනතාව සමග මිශ්‍ර වීම නිසා අප්‍රිකානු ලක්‍ෂණ දැරුවේ අඩුවෙනි. එහෙත් අතරින් පතර නියම අප්‍රිකානු ලක්‍ෂණ දැරූවන් සිටියහ. නියම අප්‍රිකානු ලක්‍ෂණ දැරූවන් දුටු මා හට සිතුනේ ඔවුන් සෝමාලියාව වැනි රටකින් ලංකාවට පැමිණියවුන් කියාය. පසුව මගේ නිගමනය නිවැරදි බව සනාත විය.
අප්‍රිකානු මිනිසෙක් දෙස බලා මොහු නයිජීරියාවෙන් ද , ටැන්සේනියාවෙන් ද , උගන්ඩාවන් ද , ගිනිබසව් වලින් ද මලී වලින් ද චෑඩ් වලින් ද , සෝමාලියාවෙන් ද , ඉතියෝපියාවෙන් ද , යනාදී වශයෙන් සිකුරටම කීමේ දක්‍ෂතාව මා සතුව තිබේ. මේ දක්‍ෂතාව මට ලැබුනේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ අප්‍රිකානු රටවල් බොහොමයක සිසුන් ඇසුරු කිරීමෙනි.
මුල් වතාවට අප්‍රිකානු සිසුන් මොස්කව් හි ශෙර්මිතෝවා ගුවන් තොටුපලේ දුටු ලාංකික සිසු සිසුවියන් බියපත් වූ බව වාර්තාවී තිබේ. මමද මුල් වතාවට අප්‍රිකානු සිසුන් දැකීමෙන් යම් චකිතයකට පත් වූයෙමි. එහෙත් ඔවුන් ඇසුරු කිරීමත් සමගම ඔවුන් තුල තිබූ මානුෂික ගුණ මා අත්වින්දෙමි.
මම දැන සිටි අප්‍රිකානු සිසු සිසුවියන් බොහෝ දෙනෙකි. ඔවුන් අතරෙන් සමහරක් මට තවමත් මතකය. ගහනාවේ කෙනත් බෙයිඩු දීප්තිමත් සිසුවෙකි. ඔහු දකින මට මතක් වෙන්නේ දැත්තා පොතේ සිටි උගතා වූ දත්තාය. කෙන්යාවේ කමාවූ සෑම ඉරිදා දිනයකම ඉස්තිරික්කය ඉල්ලාගෙන මගේ කාමරයට එයි. ඇන්ගෝලා වේ කාර්ලෝස් මැංගේරා නිහඞ එහෙත් කේන්ති යන චරිතයකි. මොසැම්බික් හි ෆ්‍රෑන්ක්ලීන් විනෝදකාමී කතා කියන්නෙකි. වරක් ඔහුට සුදු තරුණයන් පිරිසක් විසින් පහරදීම නිසා අප ඔහු වෙනුවෙන් පෙනී සිටියෙමු.
ඉතියෝපියාවේ එලිසබත් පියකරු තරුණියකි. ඇය අමහර්ස්ක් භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව දැන සිටියාය. සුඩානයේ කූරි උසැති සිසුවෙකි. ඔහු සුඩාන ගීත ගායනා කලේය. උගන්ඩාවේ බොස්කෝ පියකරු ලෙස ඇන්දේය එම නිසා සෑම විටම ජෙන්ට්ල්මන් කෙනෙකු ලෙස දිස් වීය. කැමරුන් හි හරුණ කමාරා සිටියේ මගේ පන්තියේය. ඔහු කුකුල් කේන්ති කාරයෙකි. වරක් ලෙබනන් ජාතික සිසුවෙකු වූ ලු ආයි ඇල් ගෝර් සමග ගුටි ගහ ගත්තේය.
කොංගෝවේ ශාන් පියෙර් මට අමතක කල නොහැක. ඔහු මගේ කාමරයට යාබද අසල්වැසියාය. ඉතා උස් හඞින් කොංගෝ සංගීතය වාදනය කිරීමත් බොහෝ ලෙස බියර් බීමත් ශාන් නිතිපතා කලේය. එහෙත් ඔහු දීප්තිමත් සිසුවෙකි. මොසැම්බික් හි සිට පැමිණි පවුලීන් ඉතා උස මහත සිසුවෙකි. එහෙත් ළමයෙකු සේ අහිංසකය. සෙනිගාල් ජාතික සාර්ලා මට රස්තා කොණ්ඩයක් ගෙතීමේ හවරි දුන්නාය. තවද ඇය චතුර ලෙස ප්‍රන්ස බස කතා කලාය.
බොස්ට්වානා යුවතියන් දෙදෙනෙකුද වෛද්‍ය පීඨයේ වූවාය. ඔවුන් ආඩමබරකාරියන් වූහ. ටැනෙසේනියාවේ මේරිට ගහනාවේ ජෝසෆ් අයිවාරු ට්‍යි එකක් දුන් නමුත් එය අසාර්ථක විය. මම ජෝසෆ් අයිවාරු ගේ සපෝටර් වූයෙමි. මම ජෝසෆ් අයිවාරුව සමහර විට ජෝසෆ් කයිවාරු කියා නම් කලෙමි. සිම්බාබ්වේ හි ලව් මෝ නෙකමන් ජි මගේ හොඳ මිතුරෙකි. රොක් සංගීත ලෝලයෙකි.
සැම්බියාවේ රොජර් ඉතා කටෝර හඞකින් අප්‍රිකානු උරුවට රුසියන් ගීත ගැයීය. එම නිසා ඔහු ගීත ගයන විට අප රොජර් ගේ කාමරයෙන් පිටව ගියෙමු. මැඩගස්කරයේ සිසුවියක් ද වූ අතර ඇයට තිබුනේ ඉතා දිගු නමකි. ඇයගේ නම රසු අමීරා රංසුවා රමානා නරිඌ ය. මොරිෂස් දේශයෙන් පැමිණි ආර්ථීට තිබුනේ ඉන්දියානු ලක්‍ෂණය. ඇය බොහෝ සේ පොත් කියවන්නියකි.
රුවන්ඩාවේ ඩෙන්සිල් මගේ මිතුරෙකි. ඔහු රුවන්ඩා ජන ඝාතනයේදී මිය යන්නට ඇතැයි මා අනුමාන කරමි. මවුරිතානියා කියා රටක් තිබෙන බව මා දැනගත්තේ සලීෆ් හමු වීමෙන් පසුවය. ඔහු අඟුරු මෙන් කාලවර්ණ පුද්ගලයෙකි. ටොගෝ රටින් ආ නුන් ෆුන් දාමේ ඇඩමූ සිත්තර පත්තරයේ ටොගා මෙන් පුෂ්ටිමත් නැත. ඔහුගේ ශරීර ප්‍රමාණය කුඩාය. සෝමාලියාවේ මුක්තාර් හට බටහිර ජර්මනියේ නිෂ්පාදිත අලංකාර හිම සපත්තු ජෝඩුවක් තිබුනේය. සෙරලියෝන් හි ජෝසෆ් කරෝමා සිටියේ මගේ පන්තියේය. ඔහු අලස නමුත් ඉතා හොඳ මොලයක් තිබූ සිසුවෙකි.
ඊජිප්තුවේ සාමෙක් සයීද් විනෝදකාමියෙකි. මම සහ සාමෙක් සයීද් නිතරම අරාබි බසින් කවටකමට බැනගන්නෙමු. ටියුනීසියාවේ හාලිද් තරමක ආඩම්බරකාරයෙකි. ඔහුට රූමත් ඉන්දියානු පෙම්වතියක් සිටියේය. මොරොක්කෝවේ රෂීඩා අරාබි සහ ප්‍රන්ස භාෂා දැන සිටියාය. ඇය අප සමග විභාග කිට්ටුවදී පාඩම් කිරීමට ආවාය. මෙලෙස දකුණු අප්‍රිකාවෙන් හැර අප්‍රිකානු මහද්වීපයේ රටවල සිසු සිසුවියන් බොහෝ දෙනෙකු වෛද්‍ය පීඨයේ මගේ මිතුරු මිතුරියන් වූහ.ඔවුන් සමග මානවීය ගනුදෙනු කිරීම මා ලැබූ හොඳ සහ විරළ අත්දැකීමකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
විවිධ සංස්කෘති වලට අයිති යාලුවො ඉන්න සතුට වෙන මොනවයිංවත් ගන්න බෑ මහත්තයො :) :D
ReplyDeleteඒක ඇත්ත මහත්තය
Deleteඅප්‍රිකානු රටවල මිනිසුන් අතර එහෙම ලොකු වෙනස්කම් තිබෙනවාද. ඉතියෝපියා සහ සෝමාලියා මිනිසුන් සෙසු අප්‍රිකානුවන්ට වඩා වෙනස් බවත් උතුරු අප්‍රිකානුවන් වඩා කිට්ටු යුරෝපීයයන්ට බවත් මටත් පෙනී ගොස් තිබෙනවා. එහෙත් සෙසු අප්‍රිකානු ප්‍රදේශවල ත් ලොකු වෙනස්කම් තිබෙනවාද නයිජීරියන් ,ඝානා ටැන්සානියා වගෙ තද කලු අය ඉන්න රටවලත්?
ReplyDeleteසෙසු අප්‍රිකානු ප්‍රදේශවලත් වෙනස්කම් තියනවා ඔවුන් අඳින පලඳින විලාශයෙන් පවා
Delete//ඔවුන් සමග මානවීය ගනුදෙනු කිරීම මා ලැබූ හොඳ සහ විරළ අත්දැකීමකි. // බොරු කියන්නේ මොකටද ඉරිසියයි වගේ.. :)
ReplyDelete//මවුරිතානියා කියා රටක් තිබෙන බව මා දැනගත්තේ// මේ සටහන කියවීමෙන් පසුවය.
අගෙයි!!!
මවුරිතානියා රට විශාලයි වැලි කතරක්
Deleteහොඳ අත්දැකීමක් නේ ලෝකේ වටේම මිතුරු මිතුරියන් ඇසුරු කරන්න ලැබීමත්.
ReplyDeleteඔව් මනෝජ්
Deleteඒ ගමට කියන්නේ සීරම්බඩිය
ReplyDeleteකකුලේ ඇගිලිවලිනුත් මොන ජාතිකයෙක්ද කියල කියන්න පුලුවන් , සමහරක් කුලවල අයගේ මුහුනේ හැඩයෙනුත් හදුනාගන්න පුලුවන්
සමහරක් අප්රිකානුවන් දකුණු ඉන්දියානු දමිල ජාතිකයන්ට සමානයි කියලයි මට හිතෙන්නේ
සමහරක් කුලවල අයගේ මුහුනේ කැපුම් තියනවා
Deleteතේරුන් නැ
Deleteසමහර ගෝත්‍ර වල මුහුනේ කැපුම් තියනවා
Deleteපොඩි විස්තරයක් කතා කරගන්න අවශ්‍යයි... හැකියි නං මේ අපේ මේල් අැඩ් ඒකට මේලක් ඒවනවැයි..........???????
ReplyDeleteweerasinghehasitha@gmail.com
ජයවේවා
sure
Deleteදැන් හිතන්න උපන් දා පටන් සිංහලයින් පමණක් ම ළඟින් ඇසුරු කළ අයෙකු ගේ හෝ දෙමළුන් පමණක් ම ළඟින් ඇසුරු කළ අයෙකු ගේ තත්වය....
ReplyDeleteගෝත්‍රවාදයේ දොරටුව
Deleteපෙනුමින් මොවුන් කළු වුවත් හදවතින් සුදු මිනිස්සු.
ReplyDelete//මම සහ සාමෙක් සයීද් නිතරම අරාබි බසින් කවටකමට බැනගන්නෙමු.//කොහොමත් බාෂාවක නරක වචන හොදට මතක හිටිනවා.
මාෂා අල්ලාහ්, ඉන්තා කුල්ලු මාලුම් අරාබි, අනා සොය්ය මාලුම්.
සාමෙක් සයීද් මාව දැක්කම කුස් අම්මෙක් / සුප් අබූක් / අනා අයිස් අනෙකක් කියනවා
Delete