Monday, February 15, 2016

සහකාර වෛද්‍ය නිලධාරීන්



සහකාර වෛද්‍ය නිලධාරීන් ලියාපදිංචි සහකාර වෛද්‍ය"  AMP හෙවත් AMO  හෝ අතීතයේ ඇපොතිකරි මහතුන් ලෙස හඳුන්වනු ලැබූ සෞඛ්‍ය අංශයේ වැදගත් භූමිකාවක් ඉටු කරන ලද වෘත්තිකයන් පිරිසකි. 1995 වසර ආසන්න තෙක් ලංකාවේ ග්‍රාමීය රෝහල් වල ස්ථාන භාර වෛද්‍යවරු ලෙසද දිස්පැන්සරි වලද සහකාර වෛද්‍ය නිලධාරීන් තම සේවා ලබා දුන්හ​. ඔවුන් පුරා ශතවර්ශයකටත් අධික  කාලයක්  ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට උර දුන්හ​. 

හමුදා රෝහලේද සහකාර වෛද්‍ය නිලධාරීන් වූහ​. සහකාර වෛද්‍ය නිලධාරී රන්දුණු මගේ මතකයට නැගෙයි. යුද්දය කාලයේ ඔවුන් පෙරමුණට ගියහ​. එහෙත් සෞඛ්‍ය අංශයේ තිබෙන කුහක බව නිසාදෝ ඔවුන් විසින් කරන ලද මේ සේවා ඇගයෙන්නේ නැත​. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වලදී   සහකාර වෛද්‍ය නිලධාරී දිනේජ් චන්ද්‍රසිරි , තොඩුවාව රෝහලේ   සහකාර වෛද්‍ය නිලධාරී සුනිල් මෙන්ම අනෙකුත්   සහකාර වෛද්‍ය නිලධාරීන් මට විශාල සහයෝගයක් දුන්හ​. මේ නිලධාරීන් සියළුම දෙනා මනා දැණුමක් සහ වෘත්තීය ගරුත්වයෙන් සේවය කල පිරිසක් වෙති. 

1995 වසරේ මම ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට යන විට එම රෝහල බාරව සිටියේ නිමල් ජයවර්ධන නම් සහකාර වෛද්‍ය නිලධාරියෙකි. මේ කාලයේ වෛද්‍ය නිලධාරින් සහ සහකාර වෛද්‍ය නිලධාරින් අතර බොහෝ ගැටුම් තිබුණි. එකිනෙකාට වෛර කරන මඩ ගහ ගන්නා වාතාවරණයක මම රෝහල බාර ගත්තෙමි. එහෙත් මම සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධනට වෘත්තීය ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එය ඔහු අපේක්‍ෂා නොකර අතර පසුව ඔහුත් මා සමග ඉතා සහයෝගයෙන් කටයුතු කලේය​. 

මේ කාලයේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා පන්න පන්නා සහකාර වෛද්‍ය නිලධාරීන් ගෙන් පලි ගන්නා ක්‍රම වේදයක් භාවිතා කල අතර ඔහු මටද මගේ රෝහලේ  සහකාර වෛද්‍ය නිලධාරීට කිසිම බුරුලක් නොදී තදින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය​. එසේම ඔහු ඇමතීමේදී AMO (Assistant Medical Officer) නොව AMP (Assistant Medical Practitioner ) ලෙස අමතන ලෙසද කීවේය​. එහෙත් මම මටත් වඩා වයසින් වැඩි මෙම නිලධාරියාට අනවතරයේ හිරිහැර නොකලෙමි. ඒ නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා මා සමග මඳක් අමනාපද විය​. 

මම සහකාර වෛද්‍ය නිලධායා සමග සහයෝගයෙන් ක්‍රියා කල නිසා එතෙක් පිල් බෙදී තිබූ රෝහල් කාර්‍ය මණ්ඩලයද සමගිව රෝගීන් වෙනුවෙන් වැඩ කලහ. සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධන මහතා මාරුවක් ගෙන මාතලේ ප්‍රදේශයට ගිය අතර ඔහු වෙනුවෙන් ප්‍රේමරත්න මහතා සහකාර වෛද්‍ය නිලධාරී ලෙස ආවේය​. 

මම සහ ප්‍රේමරත්න මහතා ඉතා සමගිව රෝහලේ වැඩ කරගෙන ගියෙමු. එසේම රෝහල් කාර්‍ය මණ්ඩලයේ ශ්‍රමදානයකින් ලිඳක් ද කැපුවෙමු.  මෙසේ වසර කීපයක් සේවය කිරීමෙන් පසු මම එම ග්‍රාමීය රෝහලේ සේවය නිම කොට මාරු වී ගියෙමි. මම මාරුවී යන දිනයේ සහකාර වෛද්‍ය නිලධරී ප්‍රේමරත්න මහතාට ඇඞුම්  ආ අතර මගේ බලවත් විරෝධය නොතකා ඔහු සහ කාර්‍ය මණ්ඩලය විසින් මට අගනා ලෑම්ප් ශේඩ් එකක් පරිත්‍යාග කරන ලදි.  

අවසන් දිනයේදී කාර්‍ය මණ්ඩලය හමුවේදී මම මෙසේ කීවෙමි : සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් ගහ මරා ගන්නේ නොමැතිව සිටින්නේ නම් රෝගීන්ට මනා සේවයක් කල හැකිය​. වෛද්‍ය නිලධාරීන් සහ සහකාර වෛද්‍ය නිලධාරින් අතර තිබෙන මේ නොනිමෙන ගැටුම මට නොතේරේ. මම 1979 හත් වන පන්තියට සමත් වන විට   ප්‍රේමරත්න මහතා සහකාර වෛද්‍ය නිලධරියෙකු ලෙස පත්වීම ගන්නේය​. ඔහුට බොහෝ අත්දැකීම් තිබේ. ඒ නිසා සහකාර වෛද්‍ය නිලධරියෙකු කියා මට ඔහුට අනවතරයේ හිරිහැර කල නොහැක​. වෛද්‍ය නිලධාරීත් සහකර වෛද්‍ය නිලධාරීත් සාමයෙන් රෝහල් පාලනය ගෙන ගිය අප රෝහල දුන් ආදර්ශය අනෙකුත් රෝහල් විසින් ලබා ගනු ඇතැයි මා සිතමි. 

සහකාර වෛද්‍ය නිලධරී ප්‍රේමරත්න මහතා වර්තමානයේ මාරස්සන ග්‍රාමීය රෝහලේ සේවය කරයි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

45 comments:

  1. සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණුවටත් උසස් පෙළ විභාගයෙන් බඳවා ගන්නව නම් මේ ප්‍රශ්ණෙ එන්නෙ නැහැ. අනික හිටපු සෞඛ්ය ඇමතිණි රේණුකා හේරත් පිටරට ගිය වෙලාවක, වැඩ බලපු නියෝජ්‍ය ඇමති පී එම් බී සිරිල් මහත්තය තමයි ඔය සහකාර වෛද්ය කියන එක දුන්නේ. ඒ එයත් ආර්.එම්.පී කෙනෙක් නිසා. මේ ගොල්ලටත් අවුරුදු 10 ක විතර සේවයකින් පස්සේ සායනික පුහුණුව දීල විද්‍ය විද්යාලෙ අන්තිම අවුරුදු දෙක විභාග කරන්න දුන්නනම් ප්‍රශ්ණ දෙකක් එක පාරට විසඳෙනවා.

    ඔබ වෘත්තීය බෙදීම් අමතක කර සේවයට මුල්තැනදීම ඔබගේ පරිණත භාවය පෙන්නුම් කිරීමක්.

    ReplyDelete
    Replies
    1. //මේ ගොල්ලටත් අවුරුදු 10 ක විතර සේවයකින් පස්සේ සායනික පුහුණුව දීල විද්‍ය විද්යාලෙ අන්තිම අවුරුදු දෙක විභාග කරන්න දුන්නනම් ප්‍රශ්ණ දෙකක් එක පාරට විසඳෙනවා //

      අන්තිම හොඳයි...
      Anatomy, Physiology, Biochemistry, Pharmacology, Microbiology, Parasitology, Pathology විශයන් ප්‍රගුන නොකල සුපිරි වෛද්යවරු බිහි වේවි..

      Delete
    2. ඒ එම් පී පාඨමාලාවල ඔවුන් ඉගෙන නොගත් දේවල් උගන්වා කිව්වොත් හරිද සා රස තුමා. ගොඩක් ඒ එම් පී ලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා. ඔවුන්ට දැනීම ලබා දීමෙන් ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයට වෙන වාසිය වැඩියි. අනික වෛද්‍ය ශිශ්‍යයෙක් ඉගෙන ගන්න පටන් ගන්නේ කිසිම මූලික දැනීමක් නැතිව. අවුරුදු 10 ක ප්‍රායෝගික දැනීමක් ඇති ඒ එම් පී අයට නොදත් දේ කියා දීමෙන් සහ එම විභාග වලටම පෙනී සිටීමට සැලැස්වීමෙන් වෛද්‍යවරුන් සංඛ්‍යාව අඩුවෙන් තබා ගැනීමට හැම ජිල්මාර්ට් එකම දමන ජී එම් ඕ ඒ ප්‍රමුඛ වෛද්‍ය මාෆියාවට හැර වෙන ප්‍රශ්ණයක් මට නම් පෙනෙනෙන්නේ නැහැ

      Delete
    3. //වෛද්‍යවරුන් සංඛ්‍යාව අඩුවෙන් තබා ගැනීමට හැම ජිල්මාර්ට් එකම දමන ජී එම් ඕ ඒ ප්‍රමුඛ වෛද්‍ය මාෆියාවට හැර වෙන ප්‍රශ්ණයක් මට නම් පෙනෙනෙන්නේ නැහැ//+++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. සාරස කියන ඔය ඉංගිරිස් නම් වල මහ ලොකු ***** ක් නෑ. පාමකොලොජි පාමසිස්ට් ල වෙන්න යන අය කරනව . ආහාර හා ඖෂධ පරීක්ෂක වගෙ වෘත්තිකයන් තවත් කොටස් කරනව. නර්ස්ල ත් එහෙමයි.ෆුඩ් ඇණ් නියුට්‍රිෂන් පැත්තට වෙනම. ඔය එම් බී බී එස් එකයි කලා උපාධියයි අතර මහ වෙනසක් නෑ.

      නමුත් වෘත්තිමය නිපුනතාව මත වෛද්‍යවරු විශේෂ ප්‍රාගුන්‍යයක් ලබනව කොයි ජොබ් එකත් එහෙමනෙ. එසේම විශේෂඥ වෛද්‍යවරු සතුව දැනුමක් හා කුසලතාවයක් තියනව.

      එකේ උප්පරවැට්ටි නොවේනම් ඔය ඩිග්‍රිය ආට් ඩිග්‍රියක මට්ටමට වැටිල හුගක් කල්.

      Delete
    5. පුකෙන් හිනායන වැඩක් කියන්නේ මචෝ ගණිතය රසායන විද්‍යාව භෞතික විද්‍යාව උපාධිධාරීන් ඔය සාරසයා වගේ එවුන්ට ඩොක්ටර් කියලා කතා කරනවා. ඉස්පිරිතාලේ ඉන්න MBBS කාරයන්ටත් ඩොක්ටර් කියනවා. අනේ හුකේ නන්නානේ

      Delete
    6. // ඔය එම් බී බී එස් එකයි කලා උපාධියයි අතර මහ වෙනසක් නෑ.//

      කතාව ඇත්ත....

      :D

      Delete
    7. //පුකෙන් හිනායන වැඩක් කියන්නේ මචෝ ගණිතය රසායන විද්‍යාව භෞතික විද්‍යාව උපාධිධාරීන් ඔය සාරසයා වගේ එවුන්ට ඩොක්ටර් කියලා කතා කරනවා. ඉස්පිරිතාලේ ඉන්න MBBS කාරයන්ටත් ඩොක්ටර් කියනවා. අනේ හුකේ නන්නානේ//

      ඒ කතාවත් ඇත්ත...
      :D :D

      Delete
    8. සියළු දෙනාටම සාධාරනය පිණිස Medical College Admission Test (MCAT) වගේ විභාගයකින් දොස්තර කෙනෙකු වීමේ එන්ට්‍රන්ස් දෙනවනම් හොඳයි

      Delete
  2. මිනිස්සුත් එහෙමනේ , ඔය මේ පැත්තේ හිටියා එක්කෙනෙක් එයාට කියුවේ කපෝතිකර කියල , එයාගෙ ළමයින්ට කියුවේ ..අර කපෝතිකරගේ දුවනේ ...පුතානේ කියල

    ReplyDelete
    Replies
    1. කපොතිකර යනු ඇපොතිකර යන නමින් බිඳී ආවක්

      Delete
    2. එයාගේන් බෙහෙත් ගත්ත මනුස්සයෙක් දෙන්නෙක් මැරිල , මිනිස්සු හිතන්නේ ඒක උනේ අර මනුස්සයගේ වරදකින් කියල

      Delete
  3. සව්ක්ය සේවේ හාදයන්ටනම් අමුම පිස්සුය, ඔය රෝහල් වගයකට එයාල කියන්නේ පර්යන්ත ඒකක කියලා, ගූගල් මැප් වල ... රෝහල කියා දැම්මාම එයාල ඒක .... පර්යන්ත ඒකකකේ කියල වෙනස් කරනවා.

    ඊර්ෂියාව පන්සිල් පද පහටත් ඇවිත් තියෙන්නේ ඒක අපේ ජන්ම ගතියක් නිසාවෙන් වෙන්න ඇති. මොන අධ්‍යාපන සුදුසුකම තිබ්බත් මිනිස්සු ඉස්පිරිතාලේ ලෙඩ බලන ඕනම කෙනෙකුට කියන්නේ දොස්තර මහත්තයා / නෝනා කියලනේ, තමුන් අති උසස් කියා හිතන මනපහතයන්ට එය දරාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඊර්ෂියාව පන්සිල් අපේ ජන්ම ගතියක්++++++++++

      Delete
  4. Most of the fields this issue exists; even within engineers. BSc and Others.. :)

    ReplyDelete
    Replies
    1. Even not only among same profession, some are being barrier to practice other professionals too.
      In construction industry, engineers in government sector are now allow to recruit QSs.

      Delete
    2. That is a root case of the fight between BSC & NDT students of Moratuwa uni. which lead NDT students to moved to another premises.

      Delete
  5. මේ විදිහට එකම ක්ෂේත්‍රයේ විවිධ ශ්‍රේණි අතර මෙතරම් ගැටුම් තියෙන්නේ අපේ රටේ විතරද මන්දා.

    ReplyDelete
    Replies
    1. අපේ රට මේ ගැටුම් වැඩියි

      Delete
  6. තනතුරු නාම බෙදාගන්න කල්ලි ගැහිලා ගහමරාගන්නේ දකුණු ආසියාවේ විතරයි මම හිතන්නේ. ඒකට හේතුව වෙන්නේ හුඟක් වුර්තිකයින් ඒ වුර්තිය ආබරණයක් කරගෙන පැළඳගෙන ඉන්න නිසයි. මිනිස්සු පුද්ගලිකව එකිනෙකාට ගරුකරන සමාජයක් බිහිවෙනකම් අපේ රටේ ඔය වගේ ප්‍රශ්න ඉවරයක් වෙන එකක් නැහැ. ලෝකය ඉදිරියට යන්න නම් දොස්තර මහත්තයත් පොල්කදන මනුස්සයත් එකම විදිහට මේ සමාජයට තමුන්ගේ දායකත්වය සපයනවා කියන එක පිළිගන්න බුද්ධිමත් මනසක් තිබුය යුතුයි. එහෙම බුද්ධිමත් මිනිස්සු විතරයි අනිකාගේ හැකියාවට සහ දායකත්වයට ගරු කරන්නේ. එහෙම මිනිස්සු ඉන්න තැන්වල ප්‍රශ්න හරිම අඩුයි..ආඩම්බරයි ඔබතුමා ගැන..

    ReplyDelete
    Replies
    1. //හුඟක් වුර්තිකයින් ඒ වුර්තිය ආබරණයක් කරගෙන පැළඳගෙන ඉන්න නිසයි//++++++++++

      Delete
    2. ඒක නෙවෙයි .ඔය වෘත්තීන් වලට සමාජය දේවත්වයක් ආරෝපනය කරල තියනව. කරන්න ඕන කියුබාවෙ වගෙ ඩොක්ටර්ල සුලබ කරන එක. කියුබාවෙ නලාව අරන් ගෙවල් වලට යනව. ඉන්දියාවෙ බයිසිකල් වලිනුත් යනව.
      දැන් ඉන්නව ජනගහනයෙන් 1000 කට එක්කෙනෙක් . 500 කට එක්කෙනෙක් වගෙ මට්ටමට ආවොත් හොදයි.

      Delete
    3. මිනිස්සු පුද්ගලිකව එකිනෙකාට ගරුකරන සමාජයක් බිහිවෙනකම් අපේ රටේ ඔය වගේ ප්‍රශ්න ඉවරයක් වෙන එකක් නැහැ.+++++++++++++++++++++++++

      Delete
  7. ඕක ලංකාවේ ජාතික අනන්‍යතා සංකේතයක්.

    ReplyDelete
  8. Practitioner කියන එක Officer කියන වචනෙට වඩා cheap වචනයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා මානසිකව හදාගත් වචන

      Delete
  9. හැමදාම වගේ හොද ලිපියක්.

    ReplyDelete
  10. ඔබගේ සමානාත්මවාදී අදහස් අගය කරමි .

    ReplyDelete
  11. මාරස්සන කියන්නේ රටේ මුල්ල පැත්තේ නේද????????

    ReplyDelete
  12. ඔබගේ සමානාත්මතා අදහස් අගය කරමි. රෝහල කියන්නෙ අන්තිම ජරා සක්කිලි ඉන්න තැන. බ්‍රහ්මය නලලෙන් ඩොක්ටස්ල වැදුව .කටෙන් නර්ස්ල වැදුවා. බුරියෙන් එම් එල් ටී ල වගෙ උන් .යටිපතුලෙන් වින්නඹු අම්මල වගෙ අය. ඔබතුමා වගෙ යහපත් මිනිසුන් ඉන්නව . ඔබතුමාට ඔය ආකල්ප එන්න ඇත්තෙ රුසියාවෙ ඉගනගත් නිසයි. රුසියාවෙ ඉගෙනගත් ඩොක්ටස්ල ගැන මම අහල තියෙන්නෙ හොද කතාමයි. ඒ අයට දොස් කියන එකම කෙනෙක්වත් හමුවෙලා නැත.

    ඔබතුමා ගේ ලිපි නිතර කියවමි එසේම පැරනි සෝවියට් දේශයේ සුන්දර සමාජය ගැන පහන් සිතිවිලි ඇති කර ගනිමි.

    ReplyDelete
    Replies
    1. අප උසස් හෝ පහත් වන්නේ ක්‍රියාවෙන් කියයි මම සිතන්නේ

      Delete
  13. රොහල් කාර්යමණ්ඩලේ 'කචල්' දාගැනිල නිසා අපහසුතාවයට පත්වෙන්නෙ රෝගියෝ තමයි.ඇත්තටම රෝහල තියෙන්නෙ රෝගීන් වෙනුවෙන් කියන දේ අමතක කරල වෙලාවකට එයාල ඉන්නෙ.ටික ටික හැදෙන ගතියක් නම් පේනව ඩොක්.. ඒ සඳහා මේ වගේ ලිපි ලොකු වැඩක් කරනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  14. GMOA දුෂ්ඨ කුහකකම නිසා අපේ වෘත්තියම සදහටම ඉවරම කරල දැම්මා...සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබන්නට කිසිම කෙනෙකුට ඉඩ තිබ්බේනෑ. අපේ අන්තිම බැච් දෙකම කෝස්එක කරන්න නොදී එලවල දැම්මා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ GMOA එකම තමයි...ඔක්කොම ඒකෙ සාමාජිකයෝ...නිවාඩු ලබාගෙන රුසියාවට ගොස් ඩිග්‍රිය සම්පුර්ණ කර පැමිණි ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 50කට වැඩිය දෙනෙකුට ඇක්ට්16 කරන්න දුන්නෙ නෑ. දැන් මේ කුහකකමම අනෙක් ක්‍ෂේත්‍ර වලටත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් එල්ල කරමින් සිටිනවා...කයියට කියනවා නෙවෙයි ඔබතුමා එක්ක...මං එක්ක හැරෙන්නවත් දැන් ඉන්න හුඟක් MBBS කාරයින්ට බෑ...රුසියන් කාරයෝ කියල ඔබතුමාලට දැම්ම කැපිලි ඔබතුමාට මතක ඇතැයි සිතමි. රුසියාවේ ගිහිං ඉගෙන ගත්තෙ නැත්නම් අද වෛද්‍ය රුවන් ජයතුංග කෙනෙක් ඉන්නවද ? රිටේන් ප්ලැසෙන්ටා එකක් මැනුවල් රිමුව් කරන්න...බ්රීච් ඩිලිවරියක් තනියම හරියට හැන්ඩ්ල් කරගන්න පුළුවන් අය දැන් ඉන්නෙ බොහොම ටික දෙනයි. හුඟක් අය පෝස්ට් මෝටම් කරන්නේම නැත. වෛද්‍ය ඌරගොඩ ලියූ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය පොත පුළුවන් නම් සොයාගෙන කියවන්න (මං ළඟ තියෙනවා) ...ඒදිනවල දුප්පත් ගම්වලින් පැමිණි...අපට රැකියාව එපාකල අති දුෂ්ඨ MBBS කාරයින් සියලුම දෙනාගේ පෙකණිවැල කපා ඇත්තේ ඇපොතිකරලා විසිණි !. දැන් මම සමාජයේ පෙනී සිටින්නේ ලුතිනන් කමාන්ඩර් සරත් විමලසුරිය වශයෙනි...මා මියගිය පසු නාවික හමුදා උත්තමාචාරය ලැබෙනුඇත !.

    ReplyDelete
  15. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අපේ ගුරුවරු වුනේ, මහාචාර්ය කොල්වින් ගුණරත්න (කෝඩිනේටර්), මහාචාර්ය ප්‍රියානි සොයිසා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය දියනාත් සමරසිංහ, මහාචාර්ය ළමාබදුසූරීය,මහාචාර්ය නීල් ප්‍රනාන්දු වැනි විශිෂ්ඨ ඝනයේ ගුරුවරුය...ඔව්හු MBBS කාරයින්ට එකක් උගන්වා අපට වෙනඑකක් ඉගැන්නුවේ නැත...සජිත්ගේ වගේ බොරු ගෙම්බර් නැති අපේ එවුන්ගේ PP නැගලා යනවිට...කැපිලි කෙටිලි වරුසාවකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය. මම පෙරලා පහර දෙන ජාතියේ එකකුවූ බැවින්...සියළු දෙනාම මගේ නහයේ නොවද්දා කුඩය කරකැවීමට ප්‍රවේශම්වූහ.

    ReplyDelete
  16. එතකොට ඇමෙරිකාව,කැනඩාව,එංගලන්තය වගේ රටවල Associate Physician(https://en.wikipedia.org/wiki/Physician_assistant) තනතුරත් මෙවැනිම එකක් නේද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook