Monday, July 10, 2017

ලූලා නැති වළ

 


නවය දහය පංති භාර අංශ ප්‍රධානියා වූයේ ජයවර්ධන සර් ය​. මේ කලාපය ජයවර්ධන පුරය ලෙස හැඳින්වූ අතර දෙවෙනියා ලෙස කටයුතු කලේ ඩී.ඒ.ඩී ජයසූරිය මහතාය​. ජයවර්ධන සර් නොමැති විට හෝ ඔහුට නොයෙකුත් වැඩ රාජකාරි යෙදුනු විට ජයවර්ධන පුරය බලා ගත්තේ D.A.D ජයසූරිය මහතා විසිනි. සමහර විට ජයවර්ධන සර් නොමැති දින වලදී වේවැල ගෙන අපගේ පන්ති අතරින් යන ගමන් ළමයි දඟ කරනවාද කියා බැලීම ජයසූරිය සර් ගේ සිරිත විය​. මේ නිසා කොල්ලෝ ජයසූරිය සර්ට කණයා කියා නමක් පටබැන්දෝය​. එහි අරුත ලූලා නැති වලට  කණයා ප්‍රධානියා යන්නයි. 

ජයසූරිය සර් ද සැරය​. වරක් පන්ති කට් කල හසිත කරුණාරත්න ඇතුළු පිරිසකට ජයසූරිය සර් දුම් දාන්න වේවැලෙන් දුන්නේය​. ඒ නිසා කොල්ලෝ ජයවර්ධන සර්ට මෙන්ම ජයසූරිය සර්ටද බිය වූහ​. 

නවය වසරේ සිටියදී දිනක් විවේක කාලයෙන් පසුව ජයසූරිය සර් වේවැල ගෙන අපගේ පන්තිය අසලින් ගියේය​. ගුරුවරයෙකු තවමත් පන්තියට පැමිණ සිටියේ නැති නිසා කොල්ලෝ සද්ද කරමින් සිටි අතර ජයසූරිය සර් දුටු ළමෝ මීයට පිම්බාක් මෙන් නිහඞ වූහ​. ඒ නිහඞතාව මැද අපගේ පන්තිය පසු කරගෙන යන ජයසූරිය සර්ට මම කටහඞ වෙනස් කරගෙන " කණයා" හීන් හඞකින් කෑගැසුවෙමි. 

ගලක් දමා ගැසූ පසු ගොරවාගෙන දිව එන තඩි ඇල්සේෂන් බල්ලෙකු මෙන් ජයසූරිය සර් කෝපාවිෂ්ඨව අපගේ පන්තියට ආවේය​. 

" කෝ කව්ද අර සද්දයක් කරපු කෙනා ? නැගිටිනවා බලන්න " 

කොල්ලෝ මීක් සබ්දයක් නැත​. මම කවකට්ට ගෙන වෘත්තයක් ඇන්දෙමි. 

කෝ කවුද කෑගහපු ලමයා ? ජයසූරිය සර් වේවැළ උලුක්කු කරගෙන ඇසුවේය​. 

අපගේ පන්තියේ කොල්ලෝ මාරය​. මිනියක් මැරුවද පාවා නොදේ. කිසිවෙකු කට අරින්නේ නැත​. 

මේ හොඳට මතක  තියාගන්නවා ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා "  ජයසූරිය සර් අපිට වෝනිං එකක් දී ගියේය​. 

" තව පොඩ්ඩෙන් උඹ කණයගෙන් අම්බානක කනවා " රණසිංහ මට කීවේය​. 

  ජයසූරිය සර් සැර ගතියක් පෙන්වූවාට ඔහු හොඳ ගුරුවරයෙකු විය​. වරක් මම දහය වසරේදී රත්නපුරෙන් ආ ළමයෙකු සමග ගෝරියක් දාගත්තෙමි. ඔහුගේ හිසට වෙනත් ළමයෙක් තට්ටුවක් දැමූ අතර ඔහු එය කලේ මා බව සිතා මට පහර දුන්නේය​. ඉක්බිති මමද මේ රත්නපුරේ සිට අළුතින් ආ කොළුවාට බිම දාගෙන පහර දුන්නෙමි. අපට සමාජ අධ්‍යනය උගන්වන ලද වැළිකල ටීච පැමින සටන නැවැත්වූ අතර අප දෙදෙනා තාවකාලිකව පන්ති දෙකකට දමන ලදි. 

දඞුවමක් ලෙස මාව දමා සිටි පන්තියට ජයසූරිය මහතා පැමිණ භෞතික විද්‍යා පාඩමක් ඉගැන්වීය​. ඔහු කෙතරම් රසවත් ලෙස මෙම පාඩම කලේද යත් මම ඔහුගේ ඉගැන්වීමට වශී වී මුළුමනින්ම පාඩමට අවධානය  යොමා සිටියෙමි. පන්තිය අවසානයේදී ජයසූරිය මහතා මට කතා කලේය.

" තමුසෙ මොකද මේ පිස්සු කෙලින්නේ තමුසෙට හොඳ ඉස්සරහක් තියනවා. ඒ නිසා මේ විකාර වැඩ කරන්නේ නැතුව ඉගන ගන්නවා"  ඔහු මට අවවාදයක් දුන්නේය​. 

ගුරුවරයෙකු ලෙස ජයසූරිය සර් මට දුන් අවවාදය මම තදින් ග්‍රහණය කර ගත්තෙමි. 

පාසලෙන් අස් වීමෙන් පසු මම වරක් ජයවර්ධන සර් හමු වීමට ඉස්කෝලයට ගියෙමි. එදින මම ජයසූරිය මහතා ගැන විපරම් කලද එදින ඔහු පාසලට පැමිණ සිටියේ නැත​. 
ජයසූරිය සර්ව මට යළි මුණ නොගැසුනද ඔහු කෙරෙහි මා තුල විශාල ගරුත්වයක් තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 comments:

  1. //තමුසෙට හොඳ ඉස්සරහක් තියනවා//
    ඒ කියන්නේ උඹ ඒ දවස් වල 2 පැක් එක හොඳට හදන් හිටියද? :D

    ReplyDelete
  2. ආයේ විස්තර ඔනේ නෑ මූන දැක්කාම කියන්න පුළුවන් අමු මැරූටියා කියලා.

    ReplyDelete
  3. වැලිකල ටීචර් හරිම අහිංසකයි නේද?
    ජයසුරිය සර් කියන්නේ ලැම්ඩාටම නේද? ලැම්ඩා ප්‍රශ්න කරන විට උත්තර් නොදුන්නොත් අහනවා " තමුසෙලා කොහොමද අයිෂේ මේ ඉස්කෝලෙට ආවේ " කියලා. මේ ගුරුවරු සැබැවින්ම තම උපරිමය කළා මුදලට යට නොවී. මම හිතන්නේ ඔවුන් ආර්ථිකව එතරම් සරුසාර ජීවිතයක් ලැබුවේ නැහැ, තමන්ගේ ගෝලයෝ ලබපු තරම්. (උදා : දොස්තර රුවන් හි..හි...)

    ReplyDelete
    Replies
    1. ජයසුරිය සර්ට ලැම්ඩා කියලත් කිවා ඔව් වැලිකල ටීචර් හරිම අහිංසකයි.
      ඒ කාලයේ ගුරුවරුන්ට මුදල් ප්‍රධන උනේ නෑ . උපරිම ලක්‍ෂරිය මෝට බයික් එකක්. අද සමාජය වෙනස්

      Delete
  4. ලැම්ඩා යනු කනයා මහතාට තවත් නමකි. කවචයා කියා ලොකු අයියලා කිව්වෙත් මෙතුමාටය. ජයසූරිය සර්ගේ නිවස පිහිටා තිබුනේ හංවැල්ල කිරිඳිවැල මාර්ගයේ හංවැල්ල ආසන්නයේම තිබුනු සමන බැද්ද ග්‍රාමයේය. මගේ අනුමානය නිවැරදි නම් ඔහු කතෝලික භක්තිකයෙකි.
    කලකට පෙර බස්නාහිර පලාත් සභාවේ අධ්යාපන ඇමතිවරයාව සිටි ; කිසිදු උසස් අධ්යාපනයක් ලබා නොමැති අයෙකු ලෙස ප්‍රචලිත සුරනිමල රාජපක්ෂ හිටියේද මේ ආසන්නයේමය.
    ඔහු ඉගැන්වූයේ ලියන භාෂාවෙන්මය.
    කිසියම් පාඩමක් ඉගැන්වූ පසු ඒ ගැන කල විමසීමකදී එක් සිසුවෙක් පිළිතුර දුන්නේ "සර් පාරාවලයක්!" කියාය. මෙයට පිළිවදන්දුන් අපේ ඇදුරිඳු ස්දොස් පිළිවදන නිදොස් කලේය.
    "නෑ! නෑ!! එය පාරාවලයක් නොව පරාවළයකි!" කියාය!
    ඉගැනීම කෙසේ වෙතත් කැපවීමනම් එකල ඉහල මට්ටමක් පැවතුනු බව නොකිව මනාය.
    මේ වෙලාවේ මීට කලකට පෙර අප අතරින් වියෝ වූ එස් ඒ කරුණාදස මහතාගේ කරුණාදාසගේ සිනා රැල්ලේ පලවූ කතාවක් දක්වා නික්මෙන්නෙමි.
    "ඒ කාලෙ අපට කවි පාඩම් කෙරෙව්වේ බොරළු ගොඩේ දනගස්සලා...!"
    "එහෙනං කියපං බලන්න ඒ කාලෙ ඉගෙනගත්තු කයියක්....!?
    "කොහෙද කවි පාඩම් කෙරෙව්ව විදිය මිසක් කවි මතක නෑ බං"
    thattayagekolama.blogspot.com

    ReplyDelete
    Replies
    1. අපේ කාලයේ එතුමාට කිව්වේ හැලපයා කියාය. නමුත් ඒ දිනවල ඔහු එතරම් සැරපරුෂ හෝ පොතේ බාසාවෙන් ඉගැන්වීම නොකලේය.

      කරුණාදාසගේ සිනා ‍රැල්ලේ කතාව හරියටම හරිය. මටත් සමහර විෂයයන් එපාවූයේ ගුරුවරුන්ගේ දඬුවම් නිසාය.

      Delete
    2. මංජුල ඒ කාලයේ උඹ මට ප්‍රතිවාදියෙක්. මම උඹ දිහා බැලුවේ ඇටෑක් එකට ඒ කාලයේ උඹ වගේ සුන්දර මිනිසෙක් මට මිස් උනා ( ඒ කාලයේ තිබූ උණ නිසා) නමුත් අද උඹව මම සහෝදරත්වයෙන් වැළඳගනිමි. බුදු මචෝ කොහොමද අපි කතා කරන්නේ මට ඊමේල් එකක් එවපං ruwanmjayatunge@gmail.com ස්කයිප් එකෙන් හරි කතා කරමු.

      Delete
  5. ඒ සියල්ල සුන්දර මතක සටහන්ය. මම වෙලාවක ඔබ විසින් ලියන ලද ; මා ලඟ සුරැකිව තබාගෙන ඇති පුංචි සටහන් වගයක් ඇති. මම ස්කෑන් කරලා එවන්නම්. ඔය කාලේ අපි සියල්ලෝම හිටියේ ගිණි ගන්නා තරුණ වියේ. සාපේක්ෂව අනිත් උන්ට වඩා පොඩ්ඩක් විතර අපේ ඌෂ්නෙ වැඩිවතිබුනා. ඒ ඌෂ්නයම තමයි ඔබත් මමත් සහෝදරත්වයෙන් වැලඳ ගෙන මිත්‍රත්වයේ උනුසුම ලෙසට මෙලෙසින් හුවමාරු කරගන්නෙත්.
    අහලා නැද්ද් "අනින ගොනා වැඩට දස්සයි!" කියලා. ඒ දක්ශතාවය තමයි ඔබ තුලින් මා අද දකින්නේ! මා ජීවිතය දෙස හැරී බලන හැම අවස්ථාවකම අඩ්යාපනය ඇන ගත්තු එක ගැන පමනකි දුක් වන්නේ. එහෙත් ඒ දුක්වන සිතම මට නිරන්තරයෙන් මතක් කරණදෙයක් වේ. ඒ තාගොර් තුමා වත් ෂෙක්ස්පියරයන්වත් මහා අධ්යාපනයක් ලබන්නට පින් නොලැබූ බව. ඔබ මා දෙදෙනෙකි ; වෙනස් මගක එක්ව දුවන! ඔබ දැක නැතත් "මෙහෙම පොරක්" ඉන්නවා කියන දේ අපේ කන්තොරුවේ අසල්වැසියන් පවා දනිති.ඒ ඔබ ගැන , ඔබේ බ්ලොගය ගැන , ඔබේ පෝස්ටු ගැන , ඔබේ කොමන්ටු ගැන මා හදවත බරව කතාකරණා බැවිනි. ඒ "බර" හදවතට දැනෙනේ සතුටු කඳුලිනි! රුධිරය දියට වඩා ඝන සේම කඳුළු දියට වඩා බරය!
    http://thattayagekolama.blogspot.com

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook