Monday, July 24, 2017

හෙන්රි පේද්‍රිස් ජාතික වීරයෙකු වීම


1915 ජුලි 7 වන දින එඩ්වඩ් හෙන්රි  පේද්‍රිස්    නම් 27 හැවිරිදි තරුනයා රාජ්‍යද්‍රෝහියෙකු ලෙස සලකා මැගසින් බන්ධනාගාරයේදී වෙඩිතබා මරා දමන ලදි.  ඔහුගේ ධනවත් දෙමාපියන් ඔහුගේ බරට රන් මිල වන්දියක් ලෙස දීමට සූදානම් වූවද යටත් විජිත පාලකයෝ එයට එකඟ වී නැත​. (මෙම සිදුවීමේ මූලාශ්‍ර නැත​). 

ඔහු 1915 මුස්ලිම් සිංහල කෝලාහල වලට මැදි වන්නේ කෙසේද ? 1915 මුස්ලිම් සිංහල කෝලාහල හටගත් විට තම කපිතාන් හමුදා නිල ඇඳුම ඇඳගෙන අසු පිට නැගී කලබලකාරීන් වෙත ගියා. මේ තරුණ වයසේ උද්දාමය නිසා වන්නට ඇති. කලබලකාරීන් බියපත් කිරීමට ඔහු තම තුවක්කුවෙන් බිමට වෙඩිල්ලක් තිබ්බා. එය පීල්ලක වැදී මුස්ලිම් මිනිසෙකුට වැදුනා. ඉන්පසු ඔහුට චෝදනා ආවා ජාතිවාදී කෝලහල අවස්ථාවක තුවක්කුවෙන් වෙඩි තබා මුස්ලිම් මිනිසෙකු මරා දැමීම ගැන​. මෙම චෝදනා ආ විට පේද්‍රිස් පවුල සමග අමනාපයෙන් සිටි බණ්ඩාරනායක මුදළි (SWRD බණ්ඩාරනායකගේ පියා) කේස් එක තද කලා. තවද මුස්ලිම් මිනිසුන් කීප දෙනෙකු විසින් ද කපිතාන් හෙන්රි පේද්‍රිස්ට එරෙහිව සාක්‍ෂි දුන්නා. මේ නිසා ඔහුට මරණ දණ්ඩනය ලැබුනා. 

හෙන්රි පේද්‍රිස්  මිය ගියේ නැති නම් ඔහු ජාතික දේශපාලනයට එක්වීමටද තිබුණා. සමහර විට ඔහු ඩී.එස් සේනානායක ගේ පුටුවට හෝ බණ්ඩාරනායකගේ තනතුරට ඒමට ඉඩක් තිබුනු බව කීවහොත් නිවැරදියි. ඔහුගේ පියා මෙන්ම මාමා වූ එන්.එස්. ප්‍රනාන්දු විජේසේකර දිවයිනේ එකල විසූ ප්‍රධානතම, ධනවත් මෙන්ම බලවත් ව්‍යාපාරිකයෝ වූවා. ඒ නිසා ඔහුට මුදල් ; පවුල් බලය මතින් ඉහලට ඒමේ හැකියාව තිබුනා. නමුත් ඔහු ගොවිගම කුලයේ නොවීම නිසා ඔහුගේ දේශපාලන ඉරණම කුමක් වේද කියා කීමට අපහසුයි. කෙසේ වෙතත් බණ්ඩාරනායක මුදළි ධනවත් මෙන්ම දක්‍ෂ පේද්‍රිස් තරුණයා ඉහල ඒම ගැන රිස්සුවේ නෑ.කෙසේ නමුත් ක්‍රියාශීලී දක්‍ෂ සිංහල ප්‍රභූ තරුණයෙක් ජාතියට අහිමි වූවා. 

23 comments:

  1. අපේ දොස්තර මහත්තයා මෙතන කුලය ගැන සදහන් කරලා තියෙන නිසා මාත් අදහසක් එකතු කරන්නම්.

    අපේ රුවන් දොස්තර මහත්තයාගේ සම්පුර්ණ නම ඇහැලේපොල වික්‍රමසිංහ මුදියන්සේලාගේ රුවන් එම් ජයතුංග. ඒ කියන්නේ හොද වංශවත් රදල පවුල් පරම්පරාවකිං පැවතගෙන එන උත්තමයෙක්. අපේ දොස්තර මහත්තයා ඉතාම සංයමයෙන් ලියන දේවල් වලින් අපිට පැහැදිලි වෙනවා ඔබතුමාගේ තියෙන උසස් ගුණය. ඔබතුමාට අපගේ උපහාරය.

    ReplyDelete
    Replies
    1. 1) මහත්මයා මම මගේ නමේ මුල් කෑල්ල ඉවත් කරලයි තියෙන්නේ. ඔය දිග නම භාවිතා කරන්නේ මගේ සොහොයුරඞෙන් කීප දෙනෙකු පමණයි. ඇහැලේපොල කියන්නේ ඒ කාලේ නුවර ප්‍රචලිත පොදු නමක්.

      2) මම මෙතන හෙන්රි පේද්‍රිස් ගේ කුල සාධකය ගැන කිව්වේ යම් ලෙසකින් ඔහු දේශපාලනයට ආවා නම් සේනානායකලා , බණ්ඩාරනායකලා මෙම කුල සාධකය අදින නිසයි.

      Delete
    2. කුලේ ලොකු උනාට වැඩක් නෑ... තියෙන්නෙ රශියන් ඩිග්‍රියක්නෙ.... හූ.. හු...

      Delete
    3. @ AnonymousJuly 24, 2017 at 9:55 PM මට උතුරු ඇමරිකන් ඩිග්‍රි එකකුත් තියනවා යෝක් විශ්ව විද්‍යාලයෙන් ,එංගලන්තයේ ඩිප්ලෝමා එකකුත් තියනවා ,කොලඹ වෛද්‍ය පීඨයෙන් ඔකියුපේෂනල් මෙඩිසින් සහතික පත්‍රයකුත් තියනවා ; ඒ නිසා ඔබට දැන් මට ගරු කරන්න වෙනවා හූ හූ

      Delete
    4. ලංකාවේ ඩිග්‍රි පහත් ලංකාවේ යුනිවසිටි වල කොලිටි බාල නිසා ; ඒවාට කියන්නේ තුන්වන ලෝකයේ ඩිග්‍රි කියලා පිටරටවල

      Delete
  2. රුවන් ඔය තරම් ප්‍රභූ පවුල් වලට කඩේ යන්න එපා.

    ReplyDelete
    Replies
    1. මම ඉතිහාසය හාරන කෙනෙක් මිසක් කාටවත් කඩේ යන කෙනෙක් නොවේ

      Delete
  3. රුවන් ප්‍රභූ පවුලකින් පැවත එන නිසා ප්‍රභූ පවුල් වල ආටෝපය කියන්න එපා. මම හිතන් හිටියේ රුවන් කියන්නේ අනෙක් මිනිස්සුන්ට වැඩ වෙනස් පුද්ගලයෙක් කියලා. දැන් බලන් ගිහාම මගේ මතය වැරදියි කියලා තේරෙනවා. ඔය වගේ දේවල් බ්ලොග් එකෙන් උලුප්පලා දක්වන්න ගියාම වෙන්නේ ඔබ තුමාගේ තත්වය නැති වෙන එක. දැන් නම් ඔයාගේ ලිපි කියවන්න අප්‍රිය සහගත තත්වයක් එනවා. අද කාලේ ඔය ප්‍රභූ මාන්නය තියන් ජිවත් වෙන්න බැහැ. අපි සියලු දෙනාම එකයි. ඔය හැම ප්‍රභූ පවුලක්ම ඒ කාලේ කලේ පොඩි එකාව හුරන් කාපු එක. දවස් ගානකට කලින් සර් ජෝන් කොතලාවල ගැන දැම්මා. අද මේ හෙන්රි ගැන.

    ReplyDelete
    Replies
    1. මම කිසිවක් බ්ලොග් වලින් උලුප්පලා දක්වන්න ගියේ නෑ . මට කිසිම ප්‍රභූ මාන්නයක් නෑ . ඇයි මහත්මයා මම නොකල දේකට මට චෝදනා කරන්නේ

      Delete
  4. හෙන්රි පේදිරිස් ගේ ගෙදර තියෙන්නේ අකුරැස්ස පාරේ. දැන්නම් ගේ ජරා ජීර්ණ වෙලා අභාවයට ගිහින්. 88 - 89 භීෂණ කාලයේ හමුදාවෙන් අත්අඩංගුවට ගත් JVP සාමාජිකයින්ව වද දීලා මරලා දාල තියෙන්නේ හෙන්රි පේදිරිස් ගේ ගෙදර. මේ වනවිට කවුරුවත් එහි යාමට බියක් දක්වනවා කියලා තමයි ආරංචිය ආවේ. මොකද මැරුණු JVP සාමාජිකයින්ගේ අවතාර තියනවා කියලා. තවමත් විලාප හඬ ඇහෙනවා කියලා ගම්මුන් අතර මතයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගෙදර අයිතිකාරයෝ කව්ද දැන් ?

      Delete
    2. jvp අවතාර තියෙන්නේ කැම්පස් වලනේ.

      Delete
  5. Valuable information, just ignore the idiots with free internet and time in hand.

    ReplyDelete
  6. මම අහලා තිබුණෙ හෙන්‍රි පේද්‍රිස් කියන්නෙ 1915 කැරැල්ලට නායකත්වය දුන්නා කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ ඔහු 1915 කැරැල්ලට නායකත්වය දුන්නේ නෑ. 1915 තිබුනේ අළුත්ගම වගේ මොබ් ඇටෑක් එකක්

      Delete
    2. එංගලන්තයෙන් පත්කල කොමිසමේ වාර්තා හැකිනම් Archive එකෙන් අරන් බලන්න. ලංකාවේ සුප්රීම් අධිකරණය දුන්වැරදි තීරණයක් නිසා තමා පෙරහැර සම්බන්ධව ගැටලුව මතුවූණේ. කොලඹ වීදියේ කඩ කැඩීමට ආ සිංහල තරුණයෙකුට මුස්ලිම් මුදලාලි කෙනෙකු වෙඩිතබා මැරුවා. එතන නීතිය ක්රියාත්මක නොවීම වාසියට ගත් රජය නිදහස් අරගලයේසිංහල නායකයින් සහ උඩරට ගිවිසෝභේ ප්රකාරව රජය සහ අධිකරණය කටයුතු නොකලාය කියන චෝදනාව පුවත්පත් හරහා ප්රසිද්ධ කල හිමිවරුන් සහ තරුණයින් හිරේට දැම්මා. 83 වුනේත් මෙයමයි.

      Delete
  7. අපේ ජාතික වීරයෝ; උතුවන්කන්දේ සරදියෙල්, ...

    ReplyDelete
    Replies
    1. සරදියෙල් ඔය කියන තරම් වීරයෙක් නොවේ ; ගොඩක් ඒවා ප්‍රවාද

      Delete
  8. What I have heard is that Henry Pedris took the side of the Sinhalese when he was sent to quash the riots by the British rulers. Anyway it was unfortunate that the country lost a young man like him.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook