Tuesday, July 4, 2017

අල්ලස් ගත් දොස්තර - කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ

1993 දී අපට අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගැන්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්. බී.එල් අල්විස් මහතා වෛද්‍ය වෘත්තියේ එතික්ස් ගැන දේශනයක් කලා. එම දේශනයේදී මෙලෙස රෝගීන් ලැබ් වලට යවා ලැබ් වලින් මුදල් කොමිස් ලෙස ගැනීම අතිශයින් නීති  විරෝධී පාහර ක්‍රියාවක්  බව විශේෂඥ අධිකරණ වෛද්‍ය එල්. බී.එල් අල්විස් මහතා කියා සිටියා. මෙම නීති  විරෝධී ක්‍රියාව කල වෛද්‍යවරයා කුලියාපිටිය රෝහලේ විශේෂඥ කායික වෛද්‍යවරයා බව පැවසෙනවා. අතීතයේ වෛද්‍ය එස් ඩී ෆොන්සේකා, වෛද්‍ය ඩී ගුනවර්ධන , වෛද්‍ය වජිර තෙන්නකෝන් වැනි මහත්මා විශේෂඥ කායික වෛද්‍යවරු  සිටි රටක මෙවැනි හොරු පහළ වූයේ කෙසේද ? 


අල්ලස් ගත් දොස්තර රිමාන්ඩ් 

(දිනේෂ් උපේන්ද්‍ර) 

රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. එසේ රිමාන්ඩ් කෙරුණේ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ සහ පෞද්ගලික රෝහලේ ජෝන් මරියදාසන් නිරෝෂන් නමැති දෙදෙනාය.  ලබන 10 වැනිදා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට  නියමිතය (Lankadeepa) 





31 comments:

  1. රුවන් තාරුකාJuly 4, 2017 at 3:14 PM

    තව ටිකදොහකින් රුවන්ගෙ ට්‍රාන්සිල්වීනියාවට සඳරුවන්ගෙ ඊ නිවුස් පරාදවෙයි ඕං.

    ReplyDelete
    Replies
    1. බැළුම්ගලට සවන් දෙන්න

      Delete
    2. වෙනත් වෘත්තිකයෝ තමන්ගේ වෘත්තියේ ඉන්න අය කරන වැරදි විවේචනය කරනවා. හැබැයි දොස්තරලා කවුරුවත් එහෙම කරන්නේ නෑ. රුවන් වුනත් කලින් ලියල තිබුන GMOA සාමාජිකයෙක් නිසා GMOA විවේචනය කිරීමට බැරි බව. එත් පහුගියකාලේ ඔහු GMOA සහ SLMC ගැන යම් විවේචනයක් කළා. සමහරවිට නැවත ලංකාවේ සේවය නොකරන තීරණයක් අරගෙන ද දන්නේ නෑ අදහස වෙනස් වුනේ. වෛද්‍ය සභාව වුනත් ආනන්ද සමරසේකර වැරදිකාරයා කරන්නේ නෑ සයිටම් එකට ගියේ නැතිනම්. වෛද්‍ය සභාව හොර ගුහාවක්. දොස්තර කෙනෙක් දොස්තරලගේ වැරදි වැඩ විවේචනය කරනකොට සමහරුන්ට ඉවසන්න අමාරු ඇති. ෆොරින් ග්රජුවෙට්ලා තරමක් හෝ මේ ක්‍රමයේ වැරදි පිළිගත්තත් ලෝකල් අය නම් කොහොමටවත් පිළිගන්නේ නෑ. සමහරවිට එයාලගේ ලෝකේ පොල්කට්ටේ සයිස් නිසා වෙන්න ඇති.

      Delete
    3. රුවන් තාරකා .... ඇයි අවුලක් තිබේද?

      Delete
    4. AnonymousJuly 4, 2017 at 11:13 PM

      වෛද්‍ය සභාව (SLMC) කියන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභාවක් නෙමෙයි. ඒක රටේ ඉන්න සියලුම වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සභාව. ෆොරීන් ඩිග්රි උනත්, ලංකාවේ ඩිග්රි උනත්, රජයේ සේවය කරත්, පුද්ගලික රෝහල් වල සේවය කරත් ඒ හැම වෛද්‍යවරයාගේම වෛද්‍ය බලප්‍රත්‍රය දෙන්නේ SLMC එක. අනික SLMC එකේ පාලක මණ්ඩලයේ පෞද්ගලික සේවයේ පමණක් යෙදෙන වෛද්‍යවරුත් ඉන්නවා.

      අපේ අවුල තියෙන්නේ ආණ්ඩුව උනත් SLMC එක එක්ක කරන්න තියෙන ගනුදෙනු වෘත්තීය සමිතියක් වන GMOA එක එක්ක කරන්න යෑම. GMOA එකේ පිරිසක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පිහිටුවනවට පක්ෂයි. පිරිසක් විරුද්ධයි. සීයට පනහ පනහ වගේ මේ පිරිස ඉන්නේ. GMOA එකට ඒ නිසා කවදාවත් ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එපා කියලා හෝ ඕනි කියලා සෘජුව කියන්න බෑ. මොකද ඔවුන් හා කිව්වත් බෑ කිව්වත් ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් අඩක් අමනාප වෙනවා. ඒ නිසා ගොමා එක කරන්නේ ඒ ගැන අහනකොට උදාසීනව ඉන්න එක.

      ආණ්ඩුව SLMC එකත් එක්ක කතා කරලා, ඒ අයගේ අනුමැතිය පිරිවිතර සපුරලා සයිටම් කරන්න අවසර දෙනවා නං ගොම එකට කරනං දෙයක් නෑ. එතකොට ඔවුන්ට එපා කියන්න බෑ. ඔවුන් එවිට SLMC තීරණයට විරුද්ධව කටයුතු කරොත් අනිවාර්යයෙන්ම ගොමා දෙකඩ වෙනවා.

      Delete
    5. AnonymousJuly 5, 2017 at 1:10 AM පිස්සුද ? හැටිද ? මොනවා කියනවද මන්ද.

      Delete
    6. Anonymous July 5, 2017 at 1:10 AM

      Well said. The truth is out there. That's what happened to KDU medical degree. Since it has been approved by SLMC, that funny GMOA couldn't do anything. As I observed, most of Senior GMOA members support SAITM since they want their children to be graduated from it and become doctors. Only young doctors oppose it since they think it will become a threat for their private practice opportunities.

      Delete
    7. මගේ අදහස අපි වැරදි යට නොගැසිය යුතුයි. මේවා ගැන එලිපිට කතා කල යුතුයි. ඉතා වටිනා බෙහෙත් තිබූ යුද හමුදා රෝහලේ 2002 - 2006 දක්වා සේවය කලා. පැනඩෝල් පෙත්තක්වත් හොරෙන් ගෙදර ගෙනාවේ නෑ සේවය කල මුළු අවුරුදු හතරේම හමුදාව වෙනුවෙන් අතිකාල දීමනා ගත්තේ නෑ . වෛද්‍ය ජෙනරාල් සංජීව මුණසිංහ මහතා මේ ගැන සාක්‍ෂි දරයි. ඒ නිසා මට මේ නීච ක්‍රියාව විවේචනය කරන්න පුලුවන්

      Delete
    8. ඔබ හරි රුවන්. නමුත් ඕක වෙන්නේ නැති දෙයක්.

      Delete
  2. http://nethnews.lk/article/43334

    ReplyDelete
  3. http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A/1-514676

    ReplyDelete
  4. වෛද්‍යවරයෙක් ( ප්ලාස්ටික් විශේඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් පෙනීසිටි MBBS වෛද්‍ය වරයෙක්) ගේ නොසැලකිලිමත්කම නිසා වෛද්‍යවරියක් මියගියා මතකද ?
    මේ සඳහා SLMC එකට කරන ලද පැමිනිල්ල පිළිබඳ තවමත් තිරණයක් නෑ . දැන් වසර තුනක් ගතවෙලා !

    ReplyDelete
    Replies
    1. නුවන් පායලාJuly 5, 2017 at 4:42 AM

      බඩුත් හාමුදු රුවන්ගෙ නඩුත් හාමුදු රුවන්ගෙ කිවුවලු.

      Delete
    2. මේ මරණය ගැන මරණ සහතිකය ලියන්නටත් වසර දෙකකට වඩා ගියා!

      http://rasikalogy.blogspot.com/2016/02/dead-people-and-living.html

      Delete
    3. දැනට ලංකාව තුල specialist registry එකක් නෑ. මෙනිසා specialist යනු කවුදැයි අර්ථ දක්වා නෑ. ඕනෑම වෛද්‍යවරයෙක්ට හැකියි කියාබසිතනවා නම් ඕනෑම ප්‍රතිකාරයක් ලබා දිය හැකියි. වෛද්‍ය සභාවේ නිගමනයඅනුවඅදාල පුද්ගලයා නිවැරදි කරු වුනා. Specialist registry එක ගෙන ඒම හිතා මතා ප්‍රමාද කරේ ආන්ඩුව. ොකද එහෙම කොත් සඋහෙන ඉන්දියානුවන් ගානක් ගෙදර යනවා වගෙම ETCA එකෙන් කට්ටිය ගෙනීමත් අවුල් වෙනවා.

      Delete
  5. අපි වෛද්‍ය පරික්‍ෂණයකට මුදල්ගෙවන කොට refereed by Dr. xxxx කියල ඩෙක්ටර්ගේ නම දානවා කොළඹ ලොකු පුද්ගලික ඉස්පිරිතාල. මේකෙන් කොමිස් එකක් අදාල වෛද්‍යවරයාට යනවා කියල කතාවක් තියනවා . ඇත්තද දන්නෑ .

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ඇත්ත. මොකද මම වෛද්‍යවරයෙක්. මගේ ලොකු අසනීපයක් නිසා ස්කෑන් එහෙම ගොඩක් කළා. මේවා කරද්දී ඔබ කියනවා වගේ refereed by Dr. xxxx කියලා විශේෂඥය වෛද්‍යවරයෙක්ගේ හෝ වෛද්‍යවරියක්ගේ නම තියෙනවා. හැබැයි මම වෛද්‍යවරයෙක් නිසා අර වගේ වෛද්‍ය පරික්‍ෂණයට refereed කියලා නම තිබුණු වෛද්‍යවරු බොහෝ දෙනෙක් එම මුදල් මට නැවත කතා ලබා දුන්නා.

      උදාරණයක් විදියට මගේ එක් පරික්ෂණයක් සදහා රුපියල් ලක්ෂ එක හමාරක් පමණ රෝහලට ගෙව්වා. එයින් රුපියල් 30,000 ක් පමණ මුදල් ගොස් තිබුනේ විශේෂඥය වෛද්‍යවරයෙක්ට. තවත් අවස්ථා වලදී මේක උනා. හැබැයි ඒ සියලුම සර්ල, මැඩම්ල මට කතා කරලා ඔවුන්ට ලැබී තිබුණු මුදල් ලබා දුන්න. මගේ ශල්‍යකර්මය සදහා ලක්ෂ ගණනක් මුදල් වැයවුණ. එහෙත් මාව පරික්ෂා කල/ ප්‍රතිකාල කල කිසිදු විශේෂඥය වෛද්‍යවරයෙක්/ වෛද්‍යවරියක් ,මගෙන් මුදල් ගත්තේ නැහැ කියලා කෘතව්දීව සිහිපත් කරන්න කැමතියි. විශේෂයෙන් විශේෂඥය වෛද්‍ය සුනිල් පෙරේරා සර්.

      උදාරණයක් විදියට අයියට කරපු එක් වෛද්‍ය පරීක්ෂණයක් සදහා

      Delete
    2. ඔබට ස්තුතියි. ඇත්ත හෙලිකලාට . මේක unethical නේද? ගාස්තුවක් ගන්නව නම් එය අදාල client (ලෙඩා කියලනේ ඉතිං කියන්නේ ලෙඩක් නැතත්) දැනගන්න ඕන නේද ?

      Delete
    3. ොරුවක්. ේ විදියට ම⁣ට සතයක්වත් ලැබිලා නෑ.

      Delete
  6. මේව වෛද්‍යවරු බහුතරයක් කරන වැරදි වුනත් වෛද්‍යවරුන්ට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන නිසා ජනතාව මේව සාමාන්‍ය දේවල් ලෙස සිතන්න පුරුදු වෙලා හිටිය. අනවශ්‍ය පරීක්ශන නිර්දේශ කිරීම ,අනවශ්‍ය ලෙස ප්‍රතිකාර කිරීම ආදිය නිසා රෝගීන් මහත් පීඩාවට පත්වෙනවා. ලෙඩක් හැදිල හොදටම අසරන වුන අයව මඩවන මුන් ව හදුන්වන්න භාශාවෙ වචන නෑ. රෝගීන් විශාල වශයෙන් මියයන්නටත් මේක හේතුවක්. වෛද්‍ය සභාව නිතරම රැහේ එකා වෙනුවෙන් පෙනී සිටින නිසා මේව අද වෙන තුරුම සමාජයේ සාමාන්‍යකරනය වෙලා තිබුනෙ.

    ReplyDelete
  7. පිස්සන්ට නම් පිස්සු කියලා දොස්තර කෙනෙක් ගාවට යවන්න පුලුවන්. ඒත් පිස්සු දොස්තරලා යවන්න වෙන්නේ කොහාටද..... එකසිය ගානට සියල්ලෝම පිස්සු කෙලති. පිස්සන්ගේ ඔලු, ඉස්සන්ගෙ ඔලුවලට වඩා පිරිසිඳුය. ඔලුවේ ගූ නැතිය. ඇත්තේ පොඩි බැලන්ස් එහා මෙහා වීමක් පමනි.

    ReplyDelete
    Replies
    1. එකසිය ගානට සියල්ලෝම පිස්සු කෙලති. ////// true

      Delete
  8. දැනට අවුරුදු 8 විතර කලින් මෙයා හිටියෙ අපේ ගමේ රෝහලේ.ඒකාලෙත් මෙයා හරි ප්‍රසිද්දයි මිනිහගෙන් බෙහෙත් ගන්න ගියොත් බෙහෙත් වලට විතරක් බොහෝ වෙලාවට රුපියල් 2000-3000 අතර මුදලක් යනවා.රෝහලේ අනිත් දොස්තර වරුත් දැනගෙන හිටියා මෙයා කොම්පැණිවලට වුවමනා විදියට බෙහෙත් ලියනබව මමත් සමග පුද්ගලිකවම කිව්වෙ හිතවත් වයිද්‍ය වරයෙක්

    ReplyDelete
    Replies
    1. මොහොට්ටි තිලකා එක්ක සෙට් වෙලා හිට්යා නේද? දැන් ඒක නැද්ද?

      Delete
    2. මොහුගේ ගම් පලාත කොහේද ?

      Delete
  9. ඔය එක පැත්තකි.. හෙළිදරව් නොවූ තවත් පැත්තක් ඇත.. තමන් දික්කසාද වූ අයෙකැයි අඟවමින් විවාහවන්නට යුවතියන් සොයා මේ පුද්ගලයන් පුවත්පත් මංගල යෝජනා දැන්වීම් දමා අහිංසක කෙල්ලන් කී දෙනෙක් රවටා අමාරුවේ දැම්මේදැයි සොයා බැලිය යුතුයි...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook