ගාමිණි බාස් යන නම බොහෝ අතීත කැරලිකරුවන් විසින් පුනරුක්තියේ යෙදුනු බව පාඨකයන්ට මතක ඇතැයි සිතමි. වරක් රෝහණ විජේවීර ගාමිණි බාස්ව හඳුන්වා දෙන ලද්දේ ජාත්‍යන්තර ප‍්‍රමිතියේ විප්ලවවාදියෙකු ලෙසටය. පශ්චාත් කැරලි සමයේ ඔහුගේ භූමිකාව සංකීර්ණය. 71 කැරැල්ලට පසු ප‍්‍රතිසංවිධානය වෙමින් සිටි යටිබිම්ගත කැරලිකරුවන් එක රැයකදි ලංකාවේ විවිධ ස්ථාන වලින් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට හැකි විය. නවරැල්ලේ තොරතුරු ලබා දීම පිළිබඳව චෝදනාව ආවේ ගාමිණි බාස්ටය.
මා විසින් සම්මුඛ සාකච්ඡුාවකට ලක් කරන ලද සමහරක් තමන්ව පාවා දෙන ලද්දේ ගාමිණි බාස් විසින යැයි ප‍්‍රකාශ කලහ. බන්ධුල උදේනී තමන්ව අල්ලා දීම පිළිබඳව කෙලින්ම චෝදනා කලේ ගාමිණි බාස්ටය. කෙසේ නමුත් මගේ වෑයම විනිශ්චය විරහිත බවින් යුතුව අතීත කරුනු ලිවීම නිසා මම ගාමිණි බාස් හමු වීමට තීරණය කලෙමි.
මට ගාමිණි බාස් හමු වූයේ කඳානේ පිහිටි ඔහුගේ නිවසේදීය. මගේ පොත සදහා කරුණු පැවසීමට ඔහු එකඟ වීම පිළිබඳව මගේ ස්තුතිය ඔහුට අනිවාර්යයෙන්ම හිමි විය යුතු අතර අධික රුධිර පීඩනයෙන් පෙලෙන ඔහු මා වෙනුවෙන් පැය කිහිපයක්ම මිඩංගු කලේය. නවරැල්ල පිලිබඳ තොරතුරු රහස් පොලිසියට දීම පිළිබඳව මා ඔහුගෙන් විචාලෙමි. මා දෙස මොහොතක් බලා සිටි ගාමිණි බාස් ඒ පිළිබඳව කරුණු පැවසීය.
මට ගාමිණි බාස් හමු වූයේ කඳානේ පිහිටි ඔහුගේ නිවසේදීය. මගේ පොත සදහා කරුණු පැවසීමට ඔහු එකඟ වීම පිළිබඳව මගේ ස්තුතිය ඔහුට අනිවාර්යයෙන්ම හිමි විය යුතු අතර අධික රුධිර පීඩනයෙන් පෙලෙන ඔහු මා වෙනුවෙන් පැය කිහිපයක්ම මිඩංගු කලේය. නවරැල්ල පිලිබඳ තොරතුරු රහස් පොලිසියට දීම පිළිබඳව මා ඔහුගෙන් විචාලෙමි. මා දෙස මොහොතක් බලා සිටි ගාමිණි බාස් ඒ පිළිබඳව කරුණු පැවසීය.
මෙහිදි තවත් රසවත් සිද්ධියක් වූ බව මට කීමට අවශ්‍ය කෙරේ. 71 පිළිබඳව පොතක් ලියනවා කියූ විට ගාමිණි බාස්, වික්ටර් අයිවන්ගේ 71 කැරැල්ල පොත ගැන දැඩි විවේචනයක් මා ඉදිරියේ අත ඇරියේය. ‘පොඩි අතුලගේ (වික්ටර් අයිවන්* පොතේ තියනවා මම කතරගම හෝටලයක් කරලා මිනිසුන්ට පිළුනු බත් දුන්නා කියලා. ‘‘මොන බොරුවක්ද ඒක’’ ඔහු දැඩි ආවේගශීලී බවකින් පැවසීය. අපි පිළුනු බත් දුන්නේ නැහැ ඒක ඔය පොතේ සඳහන් කරන්න. ඔහුගේ එම ප‍්‍රකාශය මගේ පොතේ අඩංගු කරන බව මම ගාමිණි බාස්ට පොරොන්දු වූයෙමි.
ඉක්බිති ඔහු කථාව ඇරඹීය. මම හේන් ගොවියෙක්. පාසල් ගියේ 5 වසර දක්වා පමණයි. ගම පලාත කතරගම. 1964 කාලයෙ මම ෂන්මුගදාසන්ගෙ චීන පිලේ හිටියා. මට විජේවිර හමු උනේ කතරගමදි. අපි වැඩිහිටිකන්දේ අප්පුහාමිගෙ ඉඩමේදී මුණ ගැසුනා. එතකොට හවස 4ට විතර ඇති. විජේවීර මාත් එක්ක කථා කළා පහුවදා උදේ 8 වන තෙක්. ඒ සංවාදයේදි විජේවීර සමාජ තත්ත්වය විග‍්‍රහ කළා. සමාජ ක‍්‍රමය වෙනස් විය යුතුයි කිව්වා. නිලධාරිවාදයට විරුද්ධව කථා කළා. මට විජේවීර හමු වෙන කොට ඔහුගේ වයස අවුරුදු 24 විතර ඇති. මම විජේවිරට වඩා අවුරුදු 7ක් වැඩිමල්. විජේවීරත් එක්ක කථා කල විට මට තේරුණා විජේවීර හරි මාවතක් පෙන්වන මිනිහෙක් බව. එම නිසා මම විජේවීර සමඟ වැඩ කිරීමට එකඟ උනා.
අපි තීරණය කලා ගොවිපලක් ඇති කරන්න. ඒකට මුලින්ම ඉඩමක් බලන්න ගියා ජම්බුගස්වැව පැත්තේ. ඒ ඉඩම අපේ හිතට ඇල්ලූවේ නැහැ. ඒ පාර ගියා කිරින්දට. මුහුද අසල හොඳ ආරක්ෂිත රජයේ ඉඩමක් තිබ්බා. අපි මේ ඉඩම තෝර ගත්තා. ඉඩමේ වාඩියක් හදලා වැඩ කටයුතු ආරම්භ කළා. මට විජේවීරගෙන්, පියතිලකගෙන්, හා සනත් බොරළුකැටියගෙන් දැනුම ලැබුනා. අධ්‍යාපන පන්ති හරහා මම දේශපාලන දැනුම වර්ධනය කර ගත්තා. පොත් කියෙව්වා. අපි ව්‍යාපාරයට මුදල් හොයන්න කතරගම ආපනශාලා 4 විතර කෙරුවා. විජේවීර හා බෝපගේ අපිත් එක්ක මේ ආපනශාලා වල නැවතිලත් හිටියා.
1971 අපේ‍්‍රල් 5 දින ප‍්‍රහාරය මම දැන ගත්තේ සංඝාරාමයේදි. ඒ කාලේ මම එහේ නැවතිලා හිටියා. මට පැවරී තිබුනේ කතරගම පොලිසියට පහර දීමට. ඒ සඳහා සාමාජිකයන් 20 විතර එකතු උනා. නමුත් අපිට එක තුවක්කුවක් වත් තිබුනේ නැහැ. තිබුනේ ටින් බෝම්බ ටිකක් විතරයි. මේ ප‍්‍රහාරය සඳහා මා සමඟ ඌරුබොක්ක තැපැල් මහත්තයා, කරුණාරත්න, සිරිරත්න, යන අයත් හිටිය බව මතකයි. අපට ලැබුණු තොරතුරු අනුව පොලිසියේ 10 විතර පිරිසක් ආයුධ සන්නද්ධව හිටියා. අපට තුවක්කු නැති එක බරපතල අඩුවක්.
ප‍්‍රහාරය දින රාත‍්‍රියේ මම හේනකින් එක තුවක්කුවක් අරගෙන ආවා. ඒත් තිබුනේ එක පතුරමයි. මම හේනේ සිට තුවක්කුව අරගෙන දුවගෙන අපේ පිරිස හිටපු තැනට එන විටදී වැලි ගොඩක මාව ලිස්සලා වැටුනා. තුවක්කු කඳට වැලි ගියා. මම වහාම නැගිටලා තුවක්කුව අතට අරගෙන යළිත් පය ඉක්මන් කළා. කරුණාරත්නට හොඳට ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා තුවක්කුව මම කරුණාරත්නට දුන්නා. අපි ? 9 ට විතර කතරගම පොලිසිය වට කරලා පොලිසිය ඉස්සරහ ගුණපාල කියන රාලහාමි ඉන්නවා. බල්ලොත් බුරනවා. හෙවනැලි වගේකුත් තියනවා හොල්මන්ද දන්නේ නැහැ ‘‘කියලා’’ ගුණපාල රාලහාමි පොලිසිය ඇතුලට යන්න සැරසුනා. ඒ අවස්ථාවේදි කරුණාරත්න වෙඩි තිබ්බා. තුවක්කු කඳට වැලි යාම නිසා තුවක්කුව පිපුරුණා. කාටවත් තුවාල නැහැ. මේ අවස්ථාවේදි පොලිසිය පසුපස හිටපු අය පොලිසියට ටින් බෝම්බ ගැහුවා. අපිත් එක්ක පාසල් ළමුන් 10 විතර හිටියා. මෙ අයට තමයි පොලිසියේ පසුපස කොටස භාර දුන්නේ. එක පාරටම පොලිසිය පැත්තෙන් වෙඩි තියන්න ගත්තා. කරුණාරත්නගේ මූණට වෙඩිල්ලක් වැදුනා. ඌරුබොක්කේ තැපැල් මහත්තයා මාවත් ඇදගෙන පොලිසිය ඇතුලට යන්න උත්සාහය. අපේ අතේ ආයුධයක්වත් නැහැ. මම තැපැල්මහත්තයා වලක්කලා කරුණාරත්න දෙසට ගියා. මම කරුණාරත්න ඔසවාගෙන පසු බැස්සා.
කරුණාරත්න ගහක් යටින් තියලා තව ටින් බොම්බ ගේන්න ගියා. සිරිරත්නව පිටත් කරා කතරගම ඩිපෝවට තිස්සමහාරාමයේ සාමාජිකයන් හා හුංගම රාජාව ගේන්න. රාජා සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවෙක්. අපි නැවත ආයුධ අරගෙන කතරගම පොලිසියට පහර දෙන්න ගියා. අපි නැවත එන කොට කරුනාරත්න ගහ යට හිටියේ නැහැ. එයා කතරගම කිරි වෙහෙර පැත්තට ඇවිදගෙන ගිහිල්ලා. දෙවන වර පොලිසියට පහර දෙන්න හදන කොට සිරිරත්නගේ පපුවට වෙඩිල්ලක් වැදුනා. සිරිරත්න මිය ගියා. පහුවදා උදේ වෙන කොට කතරගම පොලිසියේ පොලිස්කාරයෝ ජීප් වලින් හම්බන්තොට පොලිසියට ගිහිල්ලා. පොලිසිය හිස්.
අපි යලිත් උදේ පොලිසියට ගියා. අපට රයිෆල් බුලට් 154 පොලිසියේ තිබිලා ලැබුනා. ඊට පස්සේ ෂෙඞ් එකෙන් පෙට‍්‍රල් ගෙනල්ලා පොලිසියට ගිණි තිබ්බා. අපි කරුණාරත්නව හෙව්වා. කරුණාරත්න උදේ වෙනකං ඒ මේ අත ඇවිදගෙන ගිහිල්ලා. අපේ‍්‍රල් 6 දා උදේ සිරිපාල කියන රාලහාමි කරුණාරත්නගෙ ඔළුවට වෙඩි තියලා මරලා දාලා. පොලිසිය කතරගමින් ගියාට පසු පාලනය තිබුනේ අපේ අතේ. අපේ සාමාජිකයො 30 විතර නිල් පාට නිල ඇදුම් ඇඳලා සන්නද්ධව හිටියා. ප‍්‍රහාරයේදි මිය ගිය කරුණාරත්නයි සිරිරත්නයි වළලන්න මිනි පෙට්ටි හදන්න කවුරුවත් නැහැ. ඒ අයව රෙදි වලින් ඔතලා පොලීසිය ඉදිරිපිට කනත්තේ අපේ‍්‍රල් 7 දා වැලලූවා. මම පොඩි කථාවකුත් කළා.
වැඩිහිටිකන්ද හිටියා රත්මලානේ සිද්ධාර්ත කියලා භික්ෂුවක්. මේ භික්ෂුව නොයෙකුත් වැරදි වැඩ වල යෙදුනු කෙනෙක්. අපි හාමුදුරුවන්ව අත්අඩංගුවට ගන්න වැඩිහිටි කන්දට ගියා. හාමුදුරුවෝ බිංගෙයක හැංගිලා හිටියේ. අතේ තුවක්කුවකුත් තිබුනා. අපි ඒ තුවක්කුව අරගෙන හාමුදරුවන්ව බිංගෙයි සිර කළා. අපි කතරගම නම වෙනස් කරලා කරුණාසිරිපුර කියලා නම දැම්මා. ප‍්‍රහාරයේදි මිය ගිය අපේ සහෝදරයන් මතක් වෙන්න. ටවුන් එක මැද ලොකු බෝඞ් එකක් ගැහුවා ඒ අයගේ නම් යොදලා. මම තොරතුරු බලන්න බයිසිකලෙන් තිස්සමහාරාමෙට ආවා. තිස්ස වැව අසල හමුදාව ඉන්නවා. මම යලිත් බයිසිකලය හරවාගෙන කතරගමට ආවා. මට ආරංචි උනා පුද්ගලයන් දෙන්නෙක් කැරැල්ලට මුවා වෙලා ගෙවල් මංකොල්ල කාපු බව. අපි ඒක විභාග කරලා ඒ දෙන්නාට වෙඩි තියලා මැරුවා. රාජා තමයි වෙඩි තිබ්බේ.
ඒ පැත්තේ හිටියා හින්නි මහත්තයා කියලා කෙනෙක්. මෙයා දෙමළ මිනිහෙක්ව මරලා ගිනි තියලා. අපි ඒකට හීන්නිමහත්තයට දඬුවමක් කරන්න හොයන කොට හින්නි මහත්තයා සැඟ වුනා. අපි අපේ‍්‍රල් 18 දක්වා කතරගම පාලනය කලා. හමුදාව නගරය වට කරන්න පටන්ගත් නිසාත් ආහාර හිඟය නිසාත් තීරණය කළ පසු බහින්න. අපි දෙටගමුව කැලේට පසු බැස්සා. අපේ පිරිස 20 විතර හිටියා. තුවක්කු එක්ක. අපි පසුබසින්න හදන කොට පේ‍්‍රමවතී මනම්පේරි මාව මුණ ගැහිලා කිව්වා එයාවත් ගෙනියන්න කියලා. පේ‍්‍රමවතී පන්ති කළා. යුනිෆෝම් මැහුවා. ඒ නිසා එයාට යුද්ධ හමුදාවෙන් පොලිසියෙන් තර්ජන එයි කියලා බයෙන් හිටියේ. ඒත් ගැහැණු ළමයෙක් පසුබසින කොට ගෙනියන එක ප‍්‍රශ්නයක්. ඒ නිසා අපි පේ‍්‍රමවතී මනම්පේරිට කිව්වා ගෙදර ඉන්න කියලා. පසුව මට ආරංචි උනා ඇයව අත්අඩංගුවට අරගෙන දූෂණය කරලා වෙඩි තබා මැරූ බව.
දෙටගමුව කැලේ ඉන්න කොට මට තොරතුරුක් ලැබුනා අපේ ගේ ගිනි තියලා කියලා. පවුල කැලේට පැනලා. පවුල දුවද්දි එයාටත් වෙඩි තියලා, වාසනාවකට වෙඩි වැදිලා නැහැ. පවුල මාව හොයාගෙන දෙටගමුව කැලේට ආවා. මම අපේ සාමාජිකයන්ට ආයුධ එක්ක පිටත් කලා දෙනියායට. ඒ වෙන කොට දෙනියායේ සටන් පවතිනවා. මම තුවක්කු දෙකක් අරගෙන පවුල එක්ක කැලෑ පාරකින් සෙල්ල කතරගමට ගියා. මම සෙල්ලකතරගම කිරි මල්ලිගෙ හේනට ගියා. කිරි මල්ලි අපිට මඤ්ඤොක්කා පාර්සලයක් දුන්නා. අපි ඒකත් අරගෙන කිරිඳි ගඟ අයිනට රණවරණාවට ආවා. මගදි රෑ වුන නිසා අඳුරන ගෙදරකට ගියා. පවුලගේ යටි පතුල් වල තුවාල කැලේ ඇවිදලා. අපිට රැුයක් ඉන්න දෙන්න බැහැ කිව්වා. අන්තිමට මම ඉල්ලූවා අපිට පිලිකන්නේ ඉන්න දෙන්න කියලා. පිලිකන්නේ දෙන්න බැහැ කියලා එලවාගත්තා. අන්තිමේදි අපි කැලේ ගහක් යටට ගියා.
එදා රැු කැවේ අමු මඤ්ඤොක්කා අපි හිමිදිරියේ පිටත් උනා. බෝදාගම හරහා රන්නට ආවා. මම හේනකට ගිහිල්ලා පවුල යැව්වා කරන්දෙනියට. එහේ ඉන්න හිටින්න අමාරුයි. මාව පොලිසියෙන් හොයනවා. අන්තිමේදි මම අපේ‍්‍රල් 24 පවුල කරත්තයක දාගෙන කොළඹට ආවා. අපි කිරිබත්ගොඩ ඊරියවැටිය මස්සිනාලාගේ ගෙදර දවස් කිපයක් හිටියා. එ අයටත් මගේ පවුල තියාගන්න අමාරු නිසා ඉඩම් සංවර්ධනේ ධනෝරිස්ගේ නංගිලාගේ ගෙදර පවුල නවත්තන්න තීරණය කලා. ධනෝරිස්ගේ නංගී හිටියෙ උඩවලවේ. අපි බස් එකේ උඩවලවට ගියා. පවුල එහේ නවත්තලාා මම කොළඹ ආවා. මම මාසයක් විතර කිරිබත්ගොඩ හිටියා.
කිරිබත්ගොඩ ඉන්න කොට මම දවසක් ගම්පහට ගියා. ගම්පහ ස්ටේෂමේ මට අපේ ප‍්‍රධාන පෙලේ නායකයෙක් හමු උනා. මම එයාට කිව්වා මගේ ප‍්‍රශ්නේ ගැන. මට පවුල ප‍්‍රවේසම් තැනක නවත්තන්න උදව් කරන්න කයලා. එයා පොරොන්දු උනා තැනක් හොයලා දෙන්න. හෙට උදේ නවයට ගම්පහට එන්න කිව්වා තැන පෙන්වන්න කියලා. මම උදේ ගම්පහට ගියා. මෙයා නෑ. මට බොරුව කරපු බව තේරුණා. මෙම පුද්ගලයා මහ නඩුවේදි එක් ප‍්‍රධාන විත්තිකාරයෙක්. මට අසීරු අවස්ථාවේදි කර ඇරියා. ඒ වගේ අය සමඟයි අපි විප්ලව කළේ. අන්තිමට මාකොල තැනක් ලැබුනා පවුලට සුරක්ෂිතව තියගන්න පුළුවන්. පවුල එහේ නවත්තලා මම මන්නාරමට ගියා හේනක නවතින්න. මන්නාරමේ මම මාස හයක් විතර හිටියා. ඊට පස්සේ කොලඹ මෙට්ට්‍රෝ සිනමා එක ලඟ බිල්ඩිමක කොන්ත‍්‍රාත් ගත්තා. මෙතන රෝහණ විජේවීරගේ සහෝදරයා ආනන්ද විජේවීර, සිරි අයියා. මලිම්බඩ විල්සන්, පොඩි රංජිත්. එදිරිසිංහ, එහෙමත් හිටියා.
මේ වෙන කොට මාව රුපියල් 5000 කට ගැසට් කරලා කතරගම චේගුවේරා නායකයා කියලා. මම හිටියේ ජස්ටින් බාස් කියන නමින්. පොලිසිය ගාමිණී බාස්ව රටපුරා හොයනවා. දවසක් සිරි අයියයයි, ආනන්ද විජේවීරයි මමයි මත්තෙගොඩ ගෙදරකට ගියා එදා ? අපි නැවතුනේ ඒ ගෙදර (සිරි අයියා හෙවත් උපවංශ අකුරුගොඩගේ විස්තරය අනුව ඔවුන් එදින ? නැවතී ඇත්තේ පිලියන්දල ප‍්‍රදේශයේ නිවසකය- කත_ෘ * එදා ? ගෙදරට සී. අයි. ඞී. එකෙන් පැන්නා. අපිව අරගෙන ගියා හතරවෙනි තට්ටුවට. මගෙන් නම ඇහුවා. මම උත්තර දුන්නා ජස්ටින් කියලා බිල්ඩිං කොන්ත‍්‍රාත් කරන කෙනෙක් බව කිව්වා. මට පාරක් දෙකක් ගැහුවා. ඒත් මම කිව්වේ ඉස්සෙල්ලා කියපු දේමයි. ආනන්ද විජේවීරට ගහන කොට ආනන්ද විජේවීර කෑ ගැහුවා මට ගහන්න එපෝ මම දන්න විස්තරයක් නෑ. අහන දෙයක් ගාමිණී බාස්ගෙන් අහන්න කියලා. එතකොට සී.අයි.ඞී. එක දැන ගත්තා මම තමයි ගාමිණි බාස් කියලා. ඒ පාර මට පැය හතරක් විතර එක දිටගම ගැහුවා. මට ගහලා ගහලා සී.අයි. ආරියසේන කියනවා මූගේ ඇඟ රබර් කියලා. මගෙන් කට උත්තර ගත්තේ පැටිකිරි කෝරාල මහත්තයා. මට විජේවිරගේ කට උත්තරය අඩංගු ටේප් එක දාලා දුන්න අහන්න. ඒකේ මම කියපු කරපු දේවල් ඔක්කෝම තියනවා. ඒ වගේම අපේ අනෙක් නායකයෝ දුන් කට උත්තර වල එකිනෙකාව පාවලා දීලා. මට ඇති උනේ කලකිරීමක් හා තරහක්. අපි එක පතුරමෙන් කතරගම ඇල්ලූවා. අනෙක් අය කර ඇරියා මේ නිසා මට තව වහංගු කරන්න දෙයක් තිබුනේ නැහැ. මම ආපු කේන්තියට හා කළකිරීමට මම හැංගිලා හිටපු අය කිහිප දෙනෙක් ගැන විස්තර කිව්වා.
එස්. අයි. ආරියසේන මාව උඩවලවේ ගෙනිච්චා මම එහේ හිටපු අය කීප දෙනෙක් ගැන විස්තර දුන්නා. නන්දන මාරසිංහ තලාවේදි කෝච්චියක් මංකොල්ලකන්න සැලසුම් කල වග මම දැන හිටියා. මේ විස්තර මත ටෙක්නිකල් එක ලඟදි නන්දන මාරසිංහව අත්අඩංගුවට ගත්තා. එ වගේම එදිරිසිංහවත් අත්අඩංගුවට පත් උනා.
අවුරුදු තිස් ගානකට පස්සේ ඒ ක‍්‍රියා ගැන හිතන කොට යම් දුකක් ඇති වෙනවා. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒත් අපි ජීවිත පරදුවට තියලා කැරැල්ල කළා. අනික් අය තමන්ගේ යුතුකම් කලේ නැහැ. ඒ වගේම මගේ පවුල අන්තරාවට වැටුනහම බොහෝ අය මඟ ඇරියා. පණ දෙන්නං කියපු සහෝදරවරු අහක බලා ගත්තා. මේ නිසා මට ආපු වේදනාව, තරහා නිසා එදා ඒ දේ කරන්න ඇති. මට නඩුවේදි අවුරුද්දක සිර දඬුවමක් ලැබුනා. මම නිදහස් වෙලා මැදපෙරදිග ගියා. ඊට පස්සේ ඇවිල්ලා කොන්ත‍්‍රාත් වැඩ කළා. 71 කැරැල්ල ගැන මට කියන්න තියෙන්නේ ඒක අසංවිධානාත්මක කැරැල්ලක් කියලා. කට්ටියක් පහර දුන්නා කට්ටියක් මඟ හැරියා.
(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )
මමත් මේ පුද්ගලයා ගැන යම් යම් තොරතුරු මීට පෙර කියවා ඇත. නමුත් සැඟවී සිටි අයව අල්ලාගැනීමට උදව්උනායැයි ඇසුවේ පළමුවරටය
ReplyDeleteඅප නොදත් දේ බොහෝ එලි වූවා
Deleteරුවන්,
ReplyDeleteමම ඔබේ " 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්" කෘතිය මිලට ගෙන කියවා තිබෙනවා. නමුත් එහි 71 කැරැල්ල පිළිබඳව "පූර්ණ සමාලෝචනයක්" අඩංගුය කියන අදහසට එකඟ වෙන්න බැහැ. මෙහි ඇත්තේ කැරැල්ලේ විවිධ මට්ටම් වල නායකයන් පවසන දේ සහ ඇතැම්විට ඔවුන් පොලිසියට කරන ලද ප්‍රකාශ. එයට අමතරව පරීක්ෂණ භාරව කටයුතු කළ පොලිස් නිලධාරීන් පවසන දේ.
නමුත් මේ තොරතුරු එක්රැස් කර පලකිරීම බෙහෙවින්ම අගය කළයුතුයි!
නමුත් මෙය යමකුගේ එකතුවේ තිබිය යුතු පොතක්!
මේ කැරැල්ල මැඩ පැවැත්වීමට දායක වුනු ජේෂ්ඨ සන්නද්ධ හමුදා සාමාජිකයන් අධිකරණ කටයුතු වලට සහභාගි වූ නීති ක්ෂේත්‍ර ප්‍රවීනයන් පවසන දේද ඇතුලත් වුනා නම් හොඳයි. නමුත් එය ඉතා වෙහෙසකර කාර්යයක්. කෙසේ නමුත් ඔබ සතුව ඔබ හමුවූ සාමාජිකයන් වෙතින් ලබාගත් තොරතුරු රාශියක් ඇතැයි සිතනවා.
මම ඔබට යෝජනා කරන්නේ සැබෑ සමාලෝචනයක් ඇතුළත් කර කෘතියේ නව සංස්කරණයක් කරණ ලෙසටයි.
පසුගිය දිනවල ඔබ පලකළ පොස්ටු කෙටි වැඩියි. එසේම පොස්ටු අතර කාලයද කෙටියි. එයින් සාකච්චාවටක වන ඉඩ ඇහිරෙන බව මගේ අදහස.
-මොණරවිල
agree
Deletei need buy this book,how do i?
ReplyDelete