71 මහ නඩුවේ 25 වන විත්තිකරු වූ මහින්ද විජේසේකර කැරැල්ලේදී ප්‍රබල භූමිකාවක් ඉටුකළේය. විජේවීරට විශ්වවිද්‍යාලවල සබඳතා ඇතිකර ගැනීම සඳහා මහින්ද විජේසේකර ගෙන් ලැබුණු සහය අතිමහත්ය. කැරැල්ල නිසා ඔහුගේ නිවස ගිනිබත් කෙරුණු අතර සහෝදරයෙක්ද මරා දමන ලදී. කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර මහතා හමුවීමට මට අවකාශ සලසා දුන්නේ ඔහුගේ වැඩිමහල් සොයුරා සිරි විජේසේකර මහතා විසිනි. බොරැල්ලේ කොටා පාරේ මහින්ද විජේසේකර අමාත්‍යවරයාගේ නිවසේදි මට ඔහුව හුමුවූ අතර හදිසි කරුණක් උදෙසා අම්පාරට යෑමට තිබුණද, ඔහු මා වෙනුවෙන් කාලය මිඩංගු කළේය. මේ මහින්ද විජේසේකර මහතා මට පැවසූ වදන්ය.
මම විශ්වවිද්‍යාලයට යාමටත් පෙර පටන් දෙවුන්දර ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නියැලිලා හිටියා. ගමේ පොදු වැඩ වලදි මගේ සහාය නිබඳවම ලබාදුන්නා. මම ඒ කාලයේ සම්බන්ධ වෙලා හිටියේ කොමිටුනිස්ට් පක්ෂය සමඟයි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, සරත් මුත්තෙට්ටුවෙගම, වැනි වාමාංශික දේශපාලන නායකයන්ගේ ඇසුර මට ලැබුණා. අපේ ගම් ප්‍රදේශයන්වල තිබූ පසුගාමී බව, ඌණ සංවර්ධනය, ඇති නැති පරතරය, කුලභේදය, වැඩවසම් ක්‍රමය පිළිබඳව මා තුළ තිබුණේ විවේචනාත්මක ආකල්ප. මේ සාවද්‍ය සමාජ ක්‍රම වෙනස් කිරීමට මට අවශ්‍යතාව තිබුණා.
මම ගියේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට. මම විශ්ව විද්‍යාලයේදී හැදෑරුවෙ කලා විෂයයන්. විශ්විවද්‍යාලයේදී මම ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කළා. අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපති ලෙස මාව තේරී පත් උනා. විජේවීර මා සමඟ දේශපාලනය ගැන කථා කළා. පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය තුළින් පන්ති ක්‍රමය වෙනස් කරන්න බෑ. සන්නද්ධ අරගලයක් අවශ්‍ය බව ඔහු කියා හිටියා. නිර්ධන පන්තියේ ආඥාදායක්වය කියන එක කථා කළා. ප්‍රතිවිප්ලවය තත්වයන් ගැන කතා කළා.
විජේවීරට සමාජ තත්වයක්. පිළිගැනීමක් ගම්පළාත්වල තිබුණේ නැහැ. ග්‍රාමීය දේශපාලනයට පවා ඔහු අමුත්තෙක්. ඒ කාලයේ විජේවීරට හිටියේ සුළු අනුගාමිකයන් පිරිසක්. ඉඩම් සංවර්ධනයේ කුඩා කම්කරු පිරිසක් තමයි විජේවීර වටේ හිටියේ. මා හරහා විජේවීරට විශ්වවිද්‍යාල සිසුන්ට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ලැබුණා.
මමයි ධර්මසේකරයි විජේවීරගේ ව්‍යාපාරයට බැඳුනේ එකට. ඒත් අපි අන්ධ අනුගාමිකයන් උනේ නැහැ. විජේවීරගෙ ඇතැම් ක්‍රියා පිළිබඳව අපි විවේචනශීලි වුනා. 1970 ජුලි 14 වෙනිදා මම විෙජ්වීරව විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ලෙනින් ශාලාවට ගෙන්නුවා දේශනයකට. මේකට සිසුන් 5000ක් විතර සහභාගී කෙරෙව්වා. අපි සී.අයි.ඒ. කාරයෝ නෙවෙයි කියලා තමයි දේශනයේ මාතෘකාව.
විජේවීර සන්නද්ධ විම ගැන කොතෙකුත් කථා කළත්, මම ආයුධ අතට ගැනීම ගැන එතරම් මනාපයක් දැක්වුයේ නැහැ. පන්ති බලවේග මෙතන නැහැ. අත්දැකීමෙන් අඩු සිසුන් පිරිසක් විතරයි, අපට ඉන්නේ කියලා මම පෙන්නලා දුන්නා. ආයුධ තීරණාත්මක සාධකය නෙවෙයි. විප්ලවයට කාලය මදි. තවම කළලය මෝරලා නැහැ. විජේවීර දිගින් දිගටම කිව්වේ ප්‍රතිවිප්ලවය ඉන්දුනීසියාවේ වගේ ඝාතන රැල්ලක් එයි කියන එක.
මට හිතෙනවා විජේවීරට ෆෝබියාවක් එහෙමත් නැත්නම්, පැරනොයිඩ අදහස් සමූහයක් තිබ්බා කියලා. සී.අයි.ඒ. එක රට අල්ලගනී. ප්‍රතිවිප්ලවය සක්‍රිය වෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය අපිව ගිලගනියි. අධිරාජ්‍යවාදීන් අපිව ආක්‍රමණය කරයි. වගේ ලූමුම්බා එකෙත් ඉන්න කාලේත් විජේවීර කොස්ස අරගන ට.ර්.ර්.ර්.. ගාලා මැෂින් තුවක්කුවක් වගේ වෙඩි තියනවලූ.
පෞද්ගලිකව ගත්තම විජේවීර බියසුළු චරිතයක්. වගකී්ම් ගැනීම, වගකීම් දරාසිටීම, අත් අඩංගුවට පත්වූවිට සගයන් පාවා නොදීම, වැනි දේවල් කරන්න ආත්ම ශක්තියක් විජේවීරට තිබ්වේ නැහැ. ඒ බියසුළු චරිත ස්වභාවය තමයි 88/89 කාලේ විෙජ්වීරව කෘෘර චරිතයක් බවට පත්කළේ.
විජේවීර පැරණි සම සමාජ නායකයන්ට වෛර කළා. නිතරම කිව්වේ පටන්ගන්නේ තොපෙනි කියලා. විජේවීර කණ්නාඩි දැම්මෙත් පෞරෂයක් ඇති කර ගන්න කියලා මට හිතෙනවා. ඔහුට තදබල අක්ෂි දෝෂයක් තිබුණේ නැහැ. අපි බන්ධනාගාරයේ ඉන්න කොට ඈත අහසේ බැලූමක් යනවා ඔස්මන්ඩ් දැකලා අපිට පෙන්නුවා. මට. හරි හැටි ඒ බැලූම පෙනුනේ නැහැ. මම කෝ කෝ කියල බලනකොට විජේවීර මට ඇඟිල්ලෙන් පෙන්නුවා අර තියෙන්නේ කියලා. ඒක රිදී තිතක් වගේ. දුර්වල දෑස් තියෙන කෙනෙකුට නොපෙනෙන තරම්. ඒත් විෙජ්වීර ඒක දැක්කා.
විජේවීරගේ ජාතිවාදී ප්‍රවනතාවන් මම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මම අන්ධ බැතිමතෙක් නොවන බව විජේවීරට තේරුම් යන්න ඇති. මාව විජේවීර හැඳින්වූයේ සුළු ධනේශ්වර සංශෝධනවාදියෙක් කියලා. ප්‍රතිවිප්ලවවාදී ලැයිස්තුවටත් මාව දාලා තිබුණු බවත්, විප්ලවයෙන් පසු රතු ගැටවු හරහා මාව ඝාතනය කරන්නත්, ඒකේ වගකීම ප්‍රතිවිප්ලවවාදි බලවේග වලට පටවන්නත්, සැලසුමක් තිබුණු බවටත් මට පසු කාලයක දැන ගන්න ලැබුණා.
1971 මාර්තු 19 දින මමයි උයන්ගොඩයි. රක්වානේ පන්ති වගයක් පැවැත්තුවා. කොපමණ මතභේද තිබුණත් අපි ව්‍යාපාරයට සහයෝගය දුන්නා. මේ වෙන කොට ධර්මසේකරත් කැඩිල ගිහිල්ලා. ධර්මසේකර කැඩීයන්නට පෙර මට ව්‍යාපාරයෙන් අයින්වෙන්න කියා අවවාදයකුත් දීලා තිබුණේ. ඒත් මම ව්‍යාපාරය වෙනුවෙන් බැඳිලා හිටියා. මේ පන්තියට පොලිසියෙන් පැන්නා. උයන්ගොඩ පැනලා දුවලා. මම දිව්වේ නැහැ. මම පොලිසියට කිව්වේ මම නීති විරෝධි වැඩක් කළේ නැහැ. දේශපාලන කටයුතු ගැන පිරිසක් සමග කථා කලා පමණයි කියලා. පොලිසිය මාව අත් අඩංගුවට ගත්තා.
හදිසි නීතිය යටතේ මාව අවුරුදු 4 රඳවලා තිබ්බා. අපිව බන්ධනාගාරයේදී රඳවලා තියෙන කොට අපි පොත පත කියෙව්වා. අපට බුද්ධිය වඩ වඩා ලැඛෙන කොට මේ ව්‍යාපාරය ගැන දැනුවත් භාවයක්. එහි අඩුපාඩුත්. අපට වැටහුණා. ඒ එක්කම මම දැක්කා විජේවීර කෙරෙහි දැක්වු ගරුත්වය අනුගාමිකයන් තුළින් අඩුවෙලා යනවා. සමහර භක්තිවන්ත අනුගාමිකයෝ පවා විජේවීරට ඕයි අයිසේ කියලා කථා කරන මට්ටමට ගියා. විජේවීරගේ හිටපු භක්තිවන්ත බොඩිගාඩ් ලක්ෂ්මන් මාදුවගේ තමුසේ අපිව අනාථ කරා බොරු කියමින් කියලා සෙරෙප්පුව අතට ගත්තා ගහන්න.
මේ හේතුව නිසා විජේවීර අනුකම්පාව අයදින තත්වයට වැටුනා. මට මතකයි අපි එච් වාට්ටුවේ ඉන්න කොට වොලිබෝල් ගහනවා. මමයි, එස්.ඩී. බණ්ඩාරනායකයි තමයි දෙපස නියෝජනය කළේ. විජේවීර අපි වොලිබෝල් ගහනවා බලාහිටියා. අපි විජේවීරත් වොලිබෝල් ගහන්න එන්න කිව්වා. අදි මදි කරමින් විජේවීරත් වොලිබෝල් ගහන්න ආවා. විජේවීරට ක්‍රීඩා කෞශල්‍යයක් තිබුණේ නැහැ. බෝලය අතේ වැදිලා මහපට ඇඟිල්ල උලූක්කු උනා කියා කෑ ගැසුවා. මේ ඇඟිල්ල මාසයක විතර බැඳගෙන එල්ලගෙන හිටියා. නඩුවටත් ගියේ අත එල්ලාගෙන. මේක අනුකම්පාව ගන්න ප්‍රදර්ශනයට කරපු දෙයක් හැටියටයි මම දකින්නේ.
මගේ නඩුවට මම තනියම කථා කළා. මට විරුද්ධව චෝදනා නැති නිසා මාව නිදහස් කළා. කැරැල්ල නිසා අපේ දෙවුන්දර මහ ගෙදර ගිනි තියලා තිබුණා. ඒ වගේම මගේ බාල සහෝදරයා ගිල්බට් විෙජ්සේකර මිය ගියා. ගිල්බට් මාව මාතර කොටුවේ රඳවාගෙන ඉන්නවා කියලා හිතලා 1971 අප්‍රේල් 5 දා මාතර කොටුවට පිරිසක් එක්ක ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. එහිදි ගිල්බට් තුවාල උනා. ඔහුව මාතර පොලිසියට ගෙනියලා අප්‍රේල් 8 දින තවත් 5 දෙනෙක් එක්ක, වලවල් ඔවුන්ගේ අත්වලින්ම හාරවලා වෙඩි තියලා මරලාදාලා තියෙනවා. ඇටකටුවක්වත් මම දැක්කේ නැහැ.
71 කැරැල්ල මම දකින්නේ විජේවීරගේ පෞද්ගලික උවමනාව නිසා කරපු අසංවිධානාත්මක ප්‍රහාරයක් හැටියට. ඒක සාර්ථක උනානම් පොල්පොට්ගේ කම්පුචියාව වගේ ලංකාව ලේ විලක් වෙයි. අපිවත් ජීවතුන් අතර තියන එකක් නැහැ. කැරැල්ලෙන් අවුරුදු 37 කට පස්සේ මම ඉන්නේ, ආයුධ අතට අරගන අරගලවලට ලංකාවේ සමාජ ආර්ථීක වටපිටාව. බැටිස්ටාගේ කියුබාව, සාර් යුගයේ රුසියාව වගේ පිරිහිලා නෑ
කියන මතයේ.
නමුත් ආත්ම ආරක්ෂාව සඳහා ආයුධ අතට ගැනීම මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක දණ්ඩනීති සංග්‍රහයේ 81 වගන්තිය යටතේ පුද්ගල ආත්ම ආරක්ෂාව සහතික කරලා දීපු අයිතිවාසිකමක්.
(වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )
රුවන්, රාජපක්ෂ යුගයේ මහින්ද විජේසේකර ගිය දුර ගැන වෙනම ලිපියක් ලියන්න. ඒ තරමට වටිනවා.
ReplyDeleteරාජපක්ෂ යුගයේදී නෙවේ එයා දුර ගියේ චන්ද්‍රිකා යුගයේයි, 2003 පිල් මාරුවෙන් පස්සේ රනිල්ගේ කෙටි යුගයේයි. රාජපක්ෂ යුගයේදී වුනේ කොටි බෝම්බයකට ලක්ව කල පව් ගෙවීමයි.
Deleteov athha
Deleteඅම්බලන්ගොඩ සැම්සන් කියන චරිතය ගැනත් කැරැල්ල ඇතුලේ යම් යම් තැන්වල ලියවිලා තියෙනවා නේද..
ReplyDeleteසැම්සන් 71 දී යාපනේ හිරගේ කැඩීමට ගොස් සිරගත වූවා
Delete//////මම ආයුධ අතට ගැනීම ගැන එතරම් මනාපයක් දැක්වුයේ නැහැ.//////////
ReplyDeleteඔය 71දී.
බලය තියෙන කාලේ දෙවුන්දර හෙල්ලුවේ කටින් වෙන්නැති. එහේ මිනිස්සු දන්නවා ඇති. බලය එක්ක බල්ලො ගානට වැටෙනවා.
එව්වා එහෙමයි
Deleteඑක මිනිහෙක්ගේ හීනමානයක් කරපු විනාසයක් නේද ?
ReplyDeleteYES
Deleteපුද්ගලික අඩුපාඩු තියෙන පෞරුෂ දුර්වලතා තියෙන නායකයින් නිසා මේ ලෝකෙට විශාල හානියක් වෙලා තියෙනවා.
ReplyDeleteaniva
Deleteජේ වීපී එක් අයකුවත් තමා වැරදි කළ බව පිළිඅරන් නෑ. ඔබේ ලිපිවලට නිර්නාමික ව ලියන ජෙිවිපි අයත් කරන්නේ විවිධ ඝාතනවලට පිට පක්ෂවල අයට චෝදනා කරන එක. නැතිනම් තම පක්ෂයේ ම හිටපු අන් අයට වැරුද්ද පටවන එක. මේ ලිපියෙනුත් ඒ බව සනාථ වෙනවා.
ReplyDelete