Monday, February 6, 2017

මා විසින් ලියන ලද සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය පිළිබඳව හෑගොඩ විපස්‌සි හිමියන් විසින් කරන ලද විවේචනය සම්බන්ධවයි



2007 පෙබරවාදි හත් වන දින දිවයින පුවත්පතේ මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන  සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි යන මාතෘකාව යටතේ හෑගොඩ විපස්‌සි හිමියන් විසින් මා විසින් මීට ඉහතදී දිවයින පුවත්පතට ලියන ලද   සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක් යන ලිපිය ගැන විවේචනයක් කොට තිබේ. මේ විවේචන ගැන කරුණු පැහැදිලි කිරීමක් මා කරමි. 

(මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන  සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි  * හෑගොඩ විපස්‌සි හිමි Link : http://www.divaina.com/2017/02/07/feature01.html )


හෑගොඩ විපස්‌සි හිමියන් විසින් තමන් වහන්සේ ගේ ලිපිය මෙසේ අරඹති. 

වෛද්‍ය රුවන්  එම් . ජයතුංග නැමැති ලේඛකයා ස්‌වකීය ලිපිය සාවද්‍ය ලෙසම ආරම්භ කරමින් බුදුදහම විෂයෙහි දක්‌වා ඇති සාහසික ප්‍රකාශය මෙසේය.

''බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක්‌ ගැන සඳහන්‍ය. එසේම බුදුන්ගේ රූපයට ඇලුම් කළ වක්‌කලි තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකියි. කච්චාන තෙර කෙරෙහි ඇළුණු සොරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය. (දිවයින 2017.01.31)''

උන් වහන්සේ තව දුරටත් මෙසේ සඳහන් කරති.  

ත්‍රිපිටකයත් අටුවා ග්‍රන්ථත් ආදී ඉපැරණි මූලාශ්‍රයන් පරිශීලනය කරමින් අතිශය පරිණත දැනුමකින් ඉදිරිපත් කළ යුතු අදහස්‌, එවැනි පරීක්‍ෂණයක්‌ නොමැතිව කොහෙන්දෝ අහුලා ගත් කරුණු කීපයක්‌ අවිචාරවත් ලෙස ඉදිරිපත් කිරීමට යැමෙන් මෙම සාහසික ක්‍රියාව මොහු සිදු කොට ඇත. තමා අනුව බුදුරජාණන් වහන්සේ මැනීමට යැම නිසා ''බුදුරජාණන් වහන්සේ මානුෂික ඇසකින්'' බැලීම යනුවෙන් බුදුගුණ ලඝූකොට දක්‌වා ඇත.

බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි යන ප්‍රකාශය මා විසින් කරන ලද්දේ බුදුගුණ ලඝූ කිරීමට නොව විනිශ්චය විරහිත කාරුණික ඇසකින් හෙවත් humane  කෝණයකින්  බව පෙන්වා දීමටය​. ක්‍රිස්තියානි , ඉස්ලාම් සහ යුදෙව් ආගම් වල සමරිසියන් පාපකාරීන් බව පවසා ඔවුන්ව හිංසනයට ලක් කොට තිබුනද බුදුන් වහන්සේ විසින් සමරිසියන් හිංසනයට පත් කිරීමට අනුබලයක් දුන්නේ නැත​. අද දිනයේ බටහිර ලෝකයේ බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සැලකීමට එක් හේතුවක් වනුයේ උන්වහන්සේ තුල තිබූ මේ අවිහිංසා ගුණය නිසාය​. මේ හේතුවෙන් බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි කියා මම ප්‍රකාශ කලෙමි. 

කොසොල් රජුගේ ඇමැතියන් ලඟ තිබුණේ යෑයි කියන සමලිංගික සබඳතාවක්‌ පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැතැයි හෑගොඩ විපස්‌සි හිමියන් පවසති. එහෙත් බෞද්ධ ඉතිහාසයේ මෙම සිද්ධිය ගැන සඳහන් වේ. තවද මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතාද වරක් මේ ගැන නැණ පහන වැඩසටහනේදී ප්‍රකාශ කරන ලදි.  මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර  මහතා  බුදු දහම ගැන ගැඹුරු දැණුමක් තිබූ විද්වතෙකි. 

හෑගොඩ විපස්‌සි හිමියන් වක්‌කලී තෙරුන් වයසට ගොස්‌ පැවිදි බිමට පත් බමුණෙක්‌ බව පෙන්වා දෙති. එහෙත් ධර්ම මූලාශ්‍ර වල සඳහන් වන අන්දමට වක්කලී යනු තරුණයෙකි. වක්කලී බුදුන් ගේ රූපය දැක එම රුවට වශීවී බුදුන් අසලම ගැවසුනේය​. බුදුන් ගේ රූපය නිරතුරුව දැකීම සඳහා පැවිදි ද වූයේය​. එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ වක්කලීට තමා කෙරෙන් ඉවත වන ලෙස දැන්වූ අතර ඉන් ශෝකීවූ වක්කලී දිවි නසා ගැනීමට තැත් කලේය​. ඉන්පසු බුදුන් වහන්සේ වෙත එලඹ වක්කලී මා දෙස නොව මගේ ධර්මය දෙස බලන්නට කියා ධර්මය දේශනා කලේය​. එම ධර්මය අසා වක්කලී නිවන් අවබෝධ කලේය​. 

 අංගුලිමාල වැනි මිනීමරුවන් ද අම්බපාලී වැනි ගණිකාවන්ද  ධර්මාවබෝධ කොට බුදු සසුනට එක් වූහ​. එම නිසා සමරිසියෙකු ධර්මාවබෝධවී බුදු සසුනට එක් වීම මවිත දනවන සිදුවීමක් නොවේ. එසේම සතුන් සමග මෙවුන්දමේ යෙදුනු භික්‍ෂූන් ද සිටි බව ජාතක කතා පොත සඳහන් කරයි. එහෙත් බුදුන් වහන්සේ මිනිස් දුබලතා තේරුම් ගත් උත්තමයෙකු හෙයින් එම පුද්ගලයන්ට දඞුවම් කෙලේ හෝ ඔවුන්ව පිටමං කලේ නැත​. ඔවුන්ට අනුකම්පා සහගතව ධර්ම මාර්ගය පෙනූවා පමණි.

මහා කච්චාන තෙරුන් වහන්සේ විෂයෙහි වරදවා සිතුවේ සොරෙය සිටුවරයා නොව ඔහුගේ පුතා බව මේ ලේඛකයා නොදන්නේ මූලාශ්‍රයන් පිළිබඳ අනවබෝධයෙන් බව හෑගොඩ විපස්‌සි හිමියන් සඳහන් කරයි. සොරෙය සිටුවරයා  සොරෙය සිටු පුතා පටලැවිල්ල සුවිසල් වරදක්ද ? කෙසේ නමුත් සොරෙය සිටු පුතා රන්වන් සිරුරකින් සෝභමාන මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගත්තේය​. මේ නිසා ඔහු ලිංග විපර්‍යාසයකටද ලක් විය​. සොරෙය සිටු පුතා මහාකච්චාන තෙරුන් වහන්සේ දැක අනුරාගී හැඟීම් ඇති කර ගැනීම එක්තරා ආකාරයකින් සමරිසි හැඟීම් ඇති කර ගැනීමක් බව කීම සාවද්‍ය නොවන බව මගේ අදහසයි. 


 මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක්‌ තිබී ඇත කීම මගින්  ඉන්දියාවේ විසූ සංස්‌කෘත සාහිත්‍යයේ දක්‌නට ලැබෙන විශිෂ්ට කවියෙකු වූ මහාකවි කාලිදාසයන්ටත්, ලංකා රාජ්‍ය පාලනය කළ අති විශිෂ්ට කවියෙකු වූ කුමාරදාස රජුටත්  මම නිග්‍රහ කල බව හෑගොඩ විපස්‌සි හිමියන් චෝදනා  කරති. එසේම මෙලෙස නිග්‍රහ කරන්නේ කාගේ උවමනාවක්‌ සපල කරන්නට දැයි ප්‍රශ්න කළ යුතු බවද විපස්‌සි හිමියන් ප්‍රශ්න කරයි.   (සාමාන්‍යයෙන්  මෙලෙස නිග්‍රහ කරන්නේ බටහිරයන් ගේ උවමනාවට , එන් ජී ඕ උවමනාවට සහ ඩොලර් ලබා ගැනීමට කියා සුලබ චෝදනා තිබේ ) හෑගොඩ විපස්‌සි හිමියන් නොදත් නමුදු මම ජිවත් වන්නේ උතුරු ඇමරිකාවේය​. මට එන් ජී ඕ එකක් නැත​. මා කරන රැකියාවෙන් මට ඩොලර් ලැබෙන නිසා මට වෙනත් ආදායම් මාර්ග අවශ්‍ය නැත. මම වජිරාරාමයේ නාරද මාහිමියන්  යටතේ ධර්මය උගත් අයෙකි. එසේම බුදු දහම - මනෝ විද්‍යාව මෙන්ම බෞද්ධ ජාතක කතා වල මනෝ ප්‍රතිකාරාත්මක පාර්ශවය ගැන බටහිර ලෝකය දැණුවත් කරමින් පොතපතද ලියූ අයෙකි.  මා විසින් ලියන ලද Psychological Aspects Of Buddhist Jataka Stories|ග්‍රන්ථය බුදු දහම ගැන විශ්ලේෂණාත්මකව හදාරණ බටහිර උගතුන් ගේ අවධානයටද ලක් වූ කෘතියක් බව කියනු කැමැත්තෙමි.  

මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක්‌ තිබූ බව මම කියා නැත​. නමුත් තිබුනා විය හැක කියා මම උපකල්පනය කොට තිබේ. ඒ මන්ද යත් ඔවුන් දෙදෙනා අතර ඉතා හෘදයංගම ගැඹුරු සබැඳියාවක් තිබූ අතර කුමාරදාස කිවියන් ගේ මරණය නිසා කුමාරදාස රජුද දිවි නසා ගත්තේය​. කුමාරදාස රජු අන්තපුර ස්‌ත්‍රී පිරිවරා සිටි බව විපස්සි හිමියන් කියති. එහෙත්  Bisexuals ලෙස හඳුන්වන්නෝ සම සහ විශම ලිංගිකත්වයට නැඹුරුවක් දක්වන බව පෙන්වා දෙමි. 

මගේ ලිපියෙන් බුදු දහම සමලිංගිකතාව පිළිගන්නා බවක් හෝ සමලිංගිකතාව බුදු දහමට එකඟ බවක් කියා නැත​. මා විසින් පෙන්වා දෙනු ලැබුවේ වෙනත් ආගම් සියල්ලම සමලිංගිකයන් වෛරී ලෙස පිටමං කරන විට ඔවුන්ව හිංසනයට ලක් කරන විට බුදුන් වහන්සේ තම අපරිච්ඡින්න කරුණාව සමරිසියන් කෙරෙහිද යොමු කල බව කියන්නටය​. මීට වසර 2500 කට ඉහතදී බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පය අද ගෝත්‍රික නොවන දියුණු සමාජ සමරිසියන් කෙරෙහි දක්වති. මේ අනුව බුදුන් වහන්සේ කෙතරම් ප්‍රගාමී උතුමෙක්ද කියා පෙනී යයි. 

සමලිංගික විවාහය නීතිගත කිරීම හෝ නොකිරීම එය රාජ්‍ය තාන්ත්‍රික කරුණකි. සමලිංගික විවාහය නීතිගත කරන්නට කියා මගේ ලිපියෙන් ඉල්ලා නැත​. එහෙත් මගේ ලිපියෙන් මා ප්‍රශ්න කලේ පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියාය​. වෛද්‍යවරයෙකු ලෙස එලෙස ප්‍රශ්න කිරීමට මට අයිතියක් තිබෙන බව පවසමින් මගේ හේතු දැක්වීම අවසන් කරමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

හෑගොඩ විපස්‌සි හිමියන් ගේ ලිපිය පහත දැක්වේ 

මිච්ඡා ධම්ම වශයෙන් හඳුන්වන  සමලිංගික විවාහය බුදුදහමට පටහැනියි  * හෑගොඩ විපස්‌සි හිමි  

''සමලිංගික කතාව මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්‌'' යන ශීර්ෂ පාඨයෙන් ජනවාරි 31 දින "දිවයින" පත්තරේ පළ වූ ලිපියේ බුදුදහමට නිගා කරණ, පාඨකයා නොමඟ යවන සුළු සදොස්‌ ප්‍රකාශයන් තිබූ බැවින් ඒවා නිවැරදි කිරීම, මෙම ලිපියේ පරමාර්ථයයි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග නැමැති ලේඛකයා ස්‌වකීය ලිපිය සාවද්‍ය ලෙසම ආරම්භ කරමින් බුදුදහම විෂයෙහි දක්‌වා ඇති සාහසික ප්‍රකාශය මෙසේය. 

 ''බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමැතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක්‌ ගැන සඳහන්ය. එසේම බුදුන්ගේ රූපයට ඇලුම් කළ වක්‌කලි තෙර තුළ යම් ආකාරයකට සමරිසි ආශ්‍රයන් තිබූ බවට උපකල්පනය කළ හැකියි. කච්චාන තෙර කෙරෙහි ඇළුණු සොරෙයිය සිටුවරයා තුළ ද මතු වූයේ සමරිසි හැඟීම්ය. (දිවයින 2017.01.31)''  

ත්‍රිපිටකයත් අටුවා ග්‍රන්ථත් ආදී ඉපැරණි මූලාශ්‍රයන් පරිශීලනය කරමින් අතිශය පරිණත දැනුමකින් ඉදිරිපත් කළ යුතු අදහස්‌, එවැනි පරීක්‍ෂණයක්‌ නොමැතිව කොහෙන්දෝ අහුලා ගත් කරුණු කීපයක්‌ අවිචාරවත් ලෙස ඉදිරිපත් කිරීමට යැමෙන් මෙම සාහසික ක්‍රියාව මොහු සිදු කොට ඇත.  තමා අනුව බුදුරජාණන් වහන්සේ මැනීමට යැම නිසා ''බුදුරජාණන් වහන්සේ මානුෂික ඇසකින්'' බැලීම යනුවෙන් බුදුගුණ ලඝූකොට දක්‌වා ඇත. 

කොසොල් රජුගේ ඇමැතියන් ලඟ තිබුණේ යෑයි කියන සමලිංගික සබඳතාවක්‌ පිළිබඳ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැත. එසේම වයසට ගොස්‌ පැවිදි බිමට පත් බමුණෙක්‌ වූ වක්‌කලී තෙරුන් බුදුරජාණන් වහන්සේගේ රූපය බැලීමේ ආශාව ඔබ කියන එම පහත් හැඟීම් නොවේ. ඔබට මෙවැනි උපකල්පනයන් උපදවා ගන්නේ පාපී සිතිවිලිය.   යම් පුද්ගලයෙක්‌ මිහිරි ලෙස ගායනා කරද්දී ඔහු කෙරෙහි කෙනෙක්‌ ඇලෙන්නේ ඔහුගේ හ`ඩට මිස ලිංගික තෘප්තිය ලබා ගැනීම පිණිස නොවෙයි.   

මහා කච්චාන තෙරුන් වහන්සේ විෂයෙහි වරදවා සිතුවේ සොරෙය සිටුවරයා නොව ඔහුගේ පුතා බව මේ ලේඛකයා නොදන්නේ මූලාශ්‍රයන් පිළිබඳ අනවබෝධයෙනි. තවද රන්වන් සිරුරකින් සෝභමාන මහාකච්චාන තෙරුන් වහන්සේ දුටු සොරෙය සිටු පුත්‍රයා ''මේ තෙරුන් වහන්සේ මාගේ භාර්යාව හෝ නැතහොත් මාගේ භාර්යාවගේ ශරීරය, මේ තෙරුන්ගේ ශරීරවර්ණය වන්නේ නම්'' සිතුවා මිස මේ ලේඛකයා කියන හැඟීමෙන් නොවේ.  

කෙසේ වුවත් මේ ලේඛකයා ස්‌වකීය බහුශ්‍රැතභාවය සාමාන්‍ය පාඨකයා හමුවේ තබමින් සමලිංගික විවාහය සදාචාරව පවත්තේ යෑයි කුළුගැන්වීමට ගන්නා තවත් බොල් උත්සහයකට නිදසුනක්‌ වශයෙන්,   ''ඇතැමෙක්‌ විශ්වාස කරන පරිදි මහාකවි කාලිදාස සහ කුමාරදාස කිවූ අතර සමරිසි සබඳතාවක්‌ තිබී ඇත.'' යන්න පෙන්වා දිය හැකිය. ඉන්දියාවේ විසූ සංස්‌කෘත සාහිත්‍යයේ දක්‌නට ලැබෙන විශිෂ්ට කවියෙකු වූ මහාකවි කාලිදාසයන්ටත්, ලංකා රාජ්‍ය පාලනය කළ අති විශිෂ්ට කවියෙකු වූ කුමාරදාස රජුටත් මෙලෙස නිග්‍රහ කරන්නේ කාගේ උවමනාවක්‌ සපල කරන්නට දැයි ප්‍රශ්න කළ යුතුයි. තව ද රජෙක්‌ අන්තපුර ස්‌ත්‍රී පිරිවරා සිටින බව මේ මහා ලේඛකයා නොදන්නේ ද?   

විරුද්ධ ලිංගික ආකර්ශණීයභාවය සත්ව සංහතියේ පැවැත්ම උදෙසා පවතියි. ස්‌ත්‍රී රූපය, ස්‌ත්‍රී හඬ, ස්‌ත්‍රී ගන්ධය, ස්‌ත්‍රී රස, ස්‌ත්‍රී ස්‌පර්ශය, පුරුෂයා සිත හාත්පසින්ම මැඩගෙන (අල්ලා ගෙන) සිටින බවත්, ස්‌ත්‍රී රූප, ස්‌ත්‍රී ශබ්ද, ස්‌ත්‍රී ගන්ධ, ස්‌ත්‍රී රස, ස්‌ත්‍රී ස්‌පර්ශ පුරුෂයාගේ සිත බැඳ තබන එබඳු අන්කිසිවක්‌ නැති බව බුදුන් වහන්සේ වදාළ සේක. අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ තවදුරටත් සඳහන් වන්නේ පුරුෂ රූපය, පුරුෂ හඬ, පුරුෂ ගන්ධය, පුරුෂ රස, පුරුෂ ස්‌පර්ශය, ස්‌ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන අල්ලාගෙන සිටින බවත්, පුරුෂ රූප, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය, පුරුෂ රස, ස්‌ත්‍රියගේ සිත ඇඳ ගන්නා බැවින් අන් කිසිවක්‌ නැත. නූතන වෛද්‍යවරුන් DNA වශයෙන් හඳුන්වන්නේ එදා බුදුන් වහන්සේ වදාළ මෙම ස්‌ත්‍රී පුරුෂ ආකර්ෂණ භාවයෙන් දෝ හෝයි අපගේ හැ`ගීමය. පාරාජිකා පාලිය අනුව ස්‌ත්‍රී පුරුෂ උභතොබ්‍යඤ්ජක යන්ව මෙන්ම පණ්‌ඩක හෙවත් නපුංසක සFව උත්පත්තිය ලොව පවතින බව ප්‍රකට වේ. පණ්‌ඩක සත්ත්වයාගේ ආකර්ශණීය බව විරුද්ධ ලිංගිකත්වය ඉක්‌මවා යයි. 

මේ පිළිබඳ නූතන වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වීම් විමසා බැලීම වැදගත් වේ. එනම්,   ''කෙසේ වුවත් නූතන වෛද්‍ය විද්‍යාව ලිංගිකත්වය තීරණය කිරීමේ දී ප්‍රධාන සාධකය වනුයේ සිරුරේ සෛල තුළ පවතින වර්ණදේහ DNA ආකෘතියයි. ජීවී සෛලයක අලිංගික වර්ණදේහ යුගල 22 ක්‌ හා ලිංගික වර්ණ දේහ යුගලයක්‌ පවතියි. ලිංගික වර්ණ දේහ යුගල අයත් වන කාණ්‌ඩ, අනුව පිරිමි හෝ ගැහැණු ලිංගිකත්වය නිර්මාණය වනු ඇත. ලිංගික වර්ණ දේහ යුගල X සහ X ලෙස පිහිටි විට ගැහැණු වශයෙන් ද Y සහ Y ලෙස පිහිටි විට පිරිමි වශයෙන් ද පිළිගැනේ. ලිංගික වර්ණ දේහ පිහිටන ආකාරය අනුව මෙලෙස පිරිමි හෝ ගැහැණු බව තීරණය වුවද, බාහිර ලිංගික ලක්‍ෂණ ද ඇතැම් විට එයට හාත්පසින්ම වෙනස්‌ ආකාරයට පිහිටීමේ ඉඩක්‌ නැත්තේ ද නොවේ.'' (උපුටා ගැනීම වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චිගේ සෞඛ්‍ය දැකීම සහ විඳීම)   

බුදු දහමෙහි සමලිංගිකත්වය හඳුන්වන්නේ ''මිච්ඡා ධම්ම'' යනුවෙනි. මිච්ඡා ධම්ම (මිත්‍යා ධර්ම) යනු පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්‌ත්‍රීන් ස්‌ත්‍රීන් කෙරෙහිත් ඇතිවන බලවත් කැමැත්තයි. යම් සමාජයක දිළිඳුකම, සොරකම, මිත්‍යා දෘෂ්ටිය ආදිය වර්ධනය වේ නම්, එම සමාජයේ අධර්ම රාගය - විෂම ලෝභය, මිත්‍යා ධර්ම වර්ධනය වෙමින් සමාජය පිරිහෙන බවත් දීඝ නිකායේ සඳහන් චක්‌කවත්තිසීහනාද සූත්‍රයෙන් පසක්‌ වේ.   

වෛද්‍ය එම්. ජයතුංග නැමැති ලේඛකයාගේ ලිපියේ බුදුදහම සම්බන්ධ කරුණු කිරීමේදී වැරදියට තර්ක කොට වැරදි නිගමනවලට එළඹෙමින් සාමාන්‍ය පාඨකයා මුලා කිරීම බලවත් වරදකි. බුදුදහමට අනුව යම් සමාජයක මිත්‍යා දෘෂ්ටිය බහුලව පැතිරෙමින් එම සමාජය පිරිහෙමින් පවත්නේ නම්, ධර්මානුකූල නොවන අපායගාමි චර්යාවක්‌ වන මිත්‍යාධර්මය හෙවත් සමලිංගිකචර්යාව නීතිගත වේ. අප සමාජය තවමත් එම තත්ත්වයට පත් නොවූ හෙයින් සමලිංගික විවාහය නීතිගත කිරීමේ කැබිනට්‌ පත්‍රිකා යෝජනාව අලුයම ලු කෙළ පිඬක්‌ සේ ඉවත් කිරීම සත්පුරුෂ පුරවැසියන්ගේ ගෞරවයට හේතු විය.

27 comments:

  1. ප්‍රශ්නේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ 'මානුෂික' ඇසකින් බැලුවයි කියුව එක.. 'බුදු' ඇසකින් නැත්නම් 'අධි මානුෂික' ඇසකින් බැලුවයි කියුවනම් හාමුදුරුවෝ 'සාදු කියන්න පින්වත' කියන්න තිබ්බ.. හැක්.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් හෑගොඩ විපස්‌සි යනු බොහෝ කාරණා සම්බන්ධයෙන් හොඳ අදහස් පළ කරන මතවාදියෙකු ලෙස මා දැක තියෙනවා. විශේෂයෙන්ම, කේන්දර, නක්‍ෂත්‍ර, සෙනසුරු මාරුව වැනි විගඩම් ගැන.

      Delete
    2. පෝස්ට් එක නොකියවා කරන ලද ගොන් කමෙන්ට් එකක්

      Delete
    3. 'බුදු' ඇසකින් mmmmmmmmmmmmm

      Delete
    4. මේ හාමුදුරුවෝ සාමාන්‍ය වශයෙන් වර්තමාන ව්‍යවාහාරික දහම පිරිසිදු කිරීමට සෑහෙන වැඩ කොටසක් කරන බව පුවත් පත් වලට කරන ප්‍රකාශ වලින් පේනවා. හැබැයි මේ අවස්ථාවේදීනම්, වරද්දාගෙන වගෙයි.

      Delete
  2. වාදය පුවත්පතේත් දිගටම ගෙන යන්න!

    ReplyDelete
  3. මාත් මේ හා අදාල විසුළු කාරණයක් සම්බන්ධව ලිපියක් කෙටුම්පත් කර තියෙනවා. ළඟදීම අවසන් කර පළ කරන්නම්!

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව ලිව්වට පස්සෙ මේ වගේ හැකිතරම් වෙනත් බ්ලොග්වල් හයිපර්ලින්ක් දාල දැම්ම කියල කියන්න.

      Delete
    2. එය හොඳයි රසික

      Delete
    3. ස්තුතියි රුවන්. මෙන්න මා ඒ ලිපිය අවසාන කර පළ කළා.

      http://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

      Delete
    4. ඇනෝට කීමට ඇත්තේ - එකම මාතෘකාව පිළිබඳ ලියවුණු ලිපි එකිනෙක හා සම්බන්ධ කිරීම අප අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු දෙයක් බවයි.

      මුද්‍රිත ලිපි සඳහා bibliography, literature review, reference lists වැනි දේ ඇත.

      සයිබර් ලිපි සඳහා hyper links භාවිතා වේ.

      ස්තුතියි.

      Delete
  4. විනය පිටකයේ ඇති තරම් සමලිංගික දේවල් තියෙනවා ලියලා.ඒවගේම අනෙකුත් දේවලුත්. .....හාමුදුරුවන්ගේ තර්කය වැරදී.බුදුහාමුදුරුවෝ කිසිම කාමයකට අනුබල දීම හෝ අනුමතකරලා නෑ.මිනිසුනේ මන් ගාව සසර නමැති භයංකාර දෙය නැවැත්වීමට පිළිවෙතක් තිබෙනවා,එක කරන්නේ මෙහෙමයි.මේ පිළිවෙත් අනුගමනය කරන්න.ඕක තමයි සම්බුද්ධ දේශනාවේ හරය.සරලව කියනවනම් බුදු හාමුදුරුවන්ට සිල්ලර කථා වැඩක් නෑ.මගේ හොදම මිත්‍රයා MB කරන්නේ. මම මේ ප්‍රශ්නය යොමුකරාම මට ජීව විද්‍යාත්මකව සමලිංගිකත්වය පැහැදිලිකරා.ජාන ලෝක් වීම,පරම්පරාගතව ඇවිත් පසුව සමරිසි වීම.මෙතන ප්‍රශ්නය තියෙන්නේ openly gay වීම.එක ලංකාව කොතරම් දුරට බාරගනිද කියන එක තමයි ප්‍රශ්නය.වෙනම ත්‍රෙඩ් එකකින් මේකේ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරොත් අනිත් යට වැදගත් වේවි ඩොක්ටර්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ආගමයි, ලිංගිකත්වයයි එක භාජනයකට දාලා කතාකරනකොට දෙකෙන් එක ගැටලුවකටවත් උත්තර හොයන්න බැහැ. දෙක පටලවගෙන වාද කරන්න තමයි වෙන්නේ. ආගමයි, පොලිටිකුයි වගේ.

    ReplyDelete
  7. කරුණ දක්වන්න ඇති අයිතියට ගරු කරමු .....

    ReplyDelete
  8. හාන්දුරුවෝ ඕවා අපට කියන්නේ නැතිව පන්සල්වලටම කිව්වා නම් හොඳයි..

    ඔට්ටේලියාවේ නම් හෙන කොමිසොන් කේස් එකක් යනවා ප්‍රීස්ලට් එරෙහිව...

    ReplyDelete
  9. // යම් සමාජයක දිළිඳුකම, සොරකම, මිත්‍යා දෘෂ්ටිය ආදිය වර්ධනය වේ නම්, එම සමාජයේ අධර්ම රාගය - විෂම ලෝභය, මිත්‍යා ධර්ම වර්ධනය වෙමින් සමාජය පිරිහෙන බවත් දීඝ නිකායේ සඳහන් චක්‌කවත්තිසීහනාද සූත්‍රයෙන් පසක්‌ වේ// දැන් හොලන්ඩ් වල , බෙල්ජියමේ, ඩෙන්මාර්කයේ, ස්වීඩනයේ එංගලන්තේ, ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත වල සමලින්ගිකයෝ නොතිගත කරලා, බඳින්න පුළුවන්. ඉඔතින් හමුදුර්වෝ කියන්නේ ඇත්ත. දිළිඳුකම, සොරකම, මිත්‍යා දෘෂ්ටිය වර්ධනය වෙච්ච තැන් නේ.

    ReplyDelete
  10. දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කලැයි කියන්නාවූ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පිලිබද කථා ආගමික ප්‍රකාශ ලෙස සමාජගතවී ඇත.ආගමික හා දාර්ශනික දෙඅංශයම මින්ස් ජීවිත කලමනාකරණය උදෙසා මතදක්වා ඇත.එම මතවල එල්ලී සිටිනවාට වඩා මිනිස් ක්‍රියාකාරකම් දෙස මානුෂික ඇසකින් බැලීම මැනවි.මිනිසුන් ආගමික හෝ දාර්ශනික මත ,සමඟ සිරගත කරණවාද, නැති නම් රටක පොදු නීතියට මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය අදහස් උපදෙස් ලබා දෙනවාද, එසේ දීමතුලින්, එවන් මිනිසුන් සදහා සමාජ ආරක්ෂණය ලබා දෙනවාද යන්න විවාත මනසකින් අප විසින් බැලිය යුතුය.අතීත ප්‍රකාශ මතම සමාජයක් සංවර්ධනය කිරිම හැකිද යන්න සමාජයතුලින්ම අප ඉගෙන ගත යුතුය.රුවන් ජයතුංගයන් සාකච්ඡාවට පිවිසිම හොදය.

    ReplyDelete
  11. Dear Ruwan.... If you can stop writing.... It'll be first good for you. Secondly to the society. Thanks and wish you see utter truth.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook