Monday, February 13, 2017

පේ‍්‍රමවතී මනම්පේරි ගේ සමූහ දූෂකයෝ කිහිප දෙනෙක් තවමත් නිරුපද්‍රිතව






1971 කැරැල්ලේ විශාලතම ඛේදවාචකයක් ලෙස සනිටුහන් වූයේ කතරගම පේ‍්‍රමවතී මනම්පේරි තරුණියගේ ඝාතනයයි. පේ‍්‍රමවතී මනම්පේරි පිළිබඳව මට පොඩි රංජිත් හෙවත් රංජිත් ආනන්ද ගාමිණී බාස්, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල් සිඩිනි විජයරත්න ඇතුළු කිහිප දෙනෙක් කතරගම රූමතිය පිළිබඳ මෙතෙක් මාධ්‍ය වල පළ නොවූ තොරතුරුද ලබා දුන්හ. එම තොරතුරු අනුව පේ‍්‍රමවතී මනම්පේරි තරුණිය සම්බන්ධයෙන් චූදිතයන් ඉතා ම්ලේච්ඡුවූත් හමුදා නීතියට පටහැනි වුන් ක‍්‍රියා මාර්ගයක නිරත වී තිබේ. කතරගම රූමතිය ලිංගික හිංසනයට ලක් කළ එහෙත් නීතියේ හිඩැසෙන් බේරි යාමට සමත් වූ නිලධාරියෙකු පොලිස් සේවයේ සිට විශ‍්‍රාම ගිය බව නම පළ කළ නොහැකි නීති නිලධාරියෙක් පෙන්වා දුන්නේය. මෙම සිද්ධියේ අපූර්වතම කරුණ වන්නේ එම නිලධාරියාටද පේ‍්‍රමවතී මනම්පේරිට වඩා අවුරුදු 8 පමණ වයසින් අඩු දියණියක්ද සිටීමය.

 ගාමිණී බාස් ඇතුළු කැරලිකරුවන් කතරගම පොලිසියට පහර දී 71 අපේ‍්‍රල් 5 දා සිට අපේ‍්‍රල් 15 දක්වා ප‍්‍රදේශය පාලනය කලහ. අපේ‍්‍රල් 16 දින යුද හමුදාව කතරගම වැටලීය. පිරිමි කැරලිකරුවන් පසුබැස ගිය අතර කැරැල්ලට ආධාර කළ කාන්තාවන් කතරගම අවට රහසේ රැඳි සිටියේය.

 පේ‍්‍රමවතී මනම්පේරි පදිංචිව සිටියේ කතරගම දෙටුගමුවේ ය. ඇයගේ පියා වන ජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවෙකු ලෙෂ සේවය කළේය. 1970 දි අවුරුදු කුමාරි ලෙස තේරුණු පේ‍්‍රමවතී මනම්පේරි එස්.එස්.සී. විභාගය සමත් වීමෙන් පසුව විරැකියාව නිසා පීඩා වින්දාය. ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් 12 දෙනෙකි. ඇය ජේ.වි.පී පන්ති පහ නිමකළ සිටි තරුණියක් බව කතරගම දේශපාලන ක‍්‍රියාධරයන් කිහිප දෙනෙකු මට පැවසීය. එහෙත් මීට පරස්පර වාර්තාද ලැබී තිබේ.

 ගාමිණී බාස් මට පැවසූ අන්දමට පසුබසින කැරලිකරුවන්ට ආහාර ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය ගෙන යාම සඳහා ඇය බෑග් මැසුවාය. එයද ඇය කැරලිකරුවන්ට සහාය දුන්නා යැයි අත්අඩංගුවට ගැනීමට තුඩු දුන් කරුණකි. පේ‍්‍රමවතී මනම්පේරි අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් නිලධාරියකු වූ එස්.අයි. උඩවත්ත විසිනි. එස්.අයි උඩවත්ත 1970 දි පේ‍්‍රමවතී මනම්පේරි සමඟ හාදකමක් ඇති කර ගැනීමේ අසාර්ථක උත්සාහයකද නිරතව තිබුනි. මෙම පෞද්ගලික හේතුවද ඇය අත්අඩංගුවට ගැනීමට හේතු කාරක වන්නට ඇත. 
 ලූතිනන් ඇල්ෆ‍්‍රඞ් විජේසූරිය හා එස්.අයි. උඩවත්ත ඇයගෙන් ප‍්‍රශ්න කලහ. අත්අඩංගුවේදී පේ‍්‍රමවතී මනම්පේරි තරුණිය හමුදා පොලිස් ඇතුලූ සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් ¥ෂණය කළහ. පසුවදා ඇය මහා මාර්ගයට ගෙනවිත් නිරුවත් කොට දෙනෝදාහක් පිරිස ඉදිරියේ ඇවිද්දවා ලූතින්න ඇල්ෆ‍්‍රඞ් විජේසුරිය විසින් ඇයට වෙඩි තබන ලදී. එහෙත් ඇය එම වෙඩි පහරින් එකවර මිය ගියේ නැත. ඇය මිය ගියේ වෙඩි පහර කිහිපයක් තැබීමෙන් පසුවය. ඇයව වල දැමීමේදි ද හුස්ම වැටුනු බව සිද්ධිය දුටුවෝ පසුකාලයේදී කියා තිබේ. ඇයට වෙඩි තබා මරා දැමුවේ 1971 අපේ‍්‍රල් 17 දිනය.

 පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය යට ගැසුනේ නැත. ඇයව මරා දමා මාස දෙකක් ගත වීමට ප‍්‍රථම පරීක්ෂණ ආරම්භ කෙරුනි. 1971 මැයි 24 දින ඇයගේ දේහය ගොඩ ගෙන අධිකරණය වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීය. පේ‍්‍රමවතී මනම්පේරි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවටලූතිනන් ඇල්ෆ‍්‍රඞ් විජේසූරියට හා සැරයන් අමරදාස රත්නායකට අවුරුදු 16 බැගින් සිර දඬුවම් හිමි විය. ඇල්ෆ‍්‍රඞ් විජේසූරිය සිර ගෙදර දී  රෝගාතුර වී මළේය. සිරදඬුවම් විඳ නිදහස්ව පැමිනි අමරදාස රත්නායක නාඳුනන කණ්ඩායමක් විසින් පිහි වලින් ඇන මරා දැමීය. විවිධ දේශපාලකයන් විසින් මැතිවරණවලදී බලයට ඒමට ඉනිමඟක් ලෙස කතරගම රූමතිය ඝාතනය භාවිතා කළද ඇයගේ පවුලට යුක්තිය ඉටු වූයේද යන්න සැකය. පේ‍්‍රමවතී මනම්පේරි දූෂණය  කළ පුද්ගලයන් කිහිප දෙනෙක් නීතියේ හිඩැසින් බේරී ගිය බව සත්‍යකි. ඔවුන් ස්වභාවධර්මයේ විනිශ්චයට ලක්වනු නොඅනුමානය.



 2009 වසරේ දී මම පේ‍්‍රමවතී මනම්පේරි ගේ කතරගම මහ ගෙදරට තොරතුරු සොයා ගියෙමි. එහෙත් ඒ වන විට පේ‍්‍රමවතී මනම්පේරි ගේ පවුලේ සාමාජිකයන් කතරගම දෙටුගමුව හැර ගොසිණි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 comments:

  1. 71 දීත්, 89 දීත් ඉන් පසුව නොයෙකුත් අවස්තා වලදීත් ප්‍රේමවතී මනම්පේරිලා ලංකාවේ බිහි වන්නට ඇත. ඔවුන් මිනිසත් බවට නොවටිනා දුක් විඳ මිය යන්නටත් ඇත. ඇතැම් අපරාද කරුවන් නීතියට කොටුවී දඬුවම් ලබද්දී ඇතැමුන් නීතියේ හිඩැස් වලින් බේරී පලා යන්නටත් ඇත. නීතියෙන් බේරුනු අපරාද කරුවන් ස්වභාවයෙන් දඬුවම් ලබනු ඇතැයි අපි සිතමු. ඒ සියල්ල පසෙකින් ලූ කල......

    නැවතත් ප්‍රේමවතී මනම්පේරිලා බිහි වන යුගයක් එළැඹෙමින් අති වගක්ද අපි දකිමු.

    කල හැකිනම් කල යුත්තේ අපරාද කරුවන්ට දඬුවම් ලැබෙන තුරු බලා හිඳීම නොව හැකි සැම වෙරක් යොදා නැවතත් ප්‍රේමවතී මනම්පේරිලා තිරිසනුන්ගේ ගොදුරු බවට පත් වන යුගයක් එළැඹීම වලක්වා ලීමයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කොළඹ තිබුණු වධකාගාරවල තරුණියන් දූෂණය කර මරා දැමූ බවට වාර්තා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ow colomba awata kaluthara ewathibba . samahara dewal mama as deken dakka. ewata sambanda police niladareen ada DIG wela tharu purawa gena babalenwa. Sarath Fonsekath ewata sambanda ayek. eth mewa mama liyanwawa lankawen pita wuu dawsakathama eliyata damanna wenne.

      Delete
  4. උතුරේ යුධ සමයේත් අනන්තවත් ප්‍රේමවතී මනම්පේරිලා කුරිරු අන්දමින් ඝාතනය වන්නට ඇත. ඒවා ගැන කතා කරන්නට අද කවුරුවත් නැත. ඒවාට එරහිව කතා කරන්නන් ජාති ද්‍රෝහීන්ය ,සිංහල කොටිය.

    නමුත් රුවන් කිවා වාගේ ඔවුන් ස්වභාවධර්මයේ විනිශ්චයට ලක්වනු නොඅනුමානය.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කියලා හිත හදාගමු

      Delete
  5. අපරාධවලට නීතියෙන් දඩුවම් නොලැබුනද ස්වභාව ධර්මයේ නීතියෙන් දඩුවම් ලැබෙනු ඇත. ඇත්තේ කාලය පිලිබඳ ගැටලුවක් පමණි. එතෙක් ඔවුන් සෑම දිනකම සිතින් දඩුවම් විදිනු ඇත.

    ReplyDelete
  6. උතුරේ ප්‍රේමවතිලා කී දාහකට ඔය දේ කළාද...

    ඇයි අදටත් අධිකරණ ක්‍රියාදාමයකට බය..

    සිරිසේනත් කවදා හරි ඕවා කනවා...

    ReplyDelete
    Replies
    1. මාතලන් අපේ දකුණේ මිනිස්සුන්ට හමුදා සොල්දාදුවෝ මොක කලත් අපේ උන්ට වීරයෝ. මම නම් යම් සිද්දියක් දෙස බලන්නේ මධ්‍යස්ත කෝණයකින්. අර දැක්කනේ සමුහ ඝාතනයක් කල සුනිල් රත්නායක... අපේ උන්ට රත්නායක තවම වීරයෙක්. කීබෝර්ඩ් වීරයෝ මර ලතෝනි දෙනවා සුනිල් රත්නයකව බේරා ගන්න. අවුරුදු 5ක් වන දරුවෙකුද ඇතුළුව මෙම 8 දෙනක් අමු අමුවේ මරලත් අපේ උන්ට රත්නායකලා රණ විරුවෝ. කොටි කලෙත් ඕකමයි අහිංසක මිනිස්සු මරුවා.

      බාහිර ලෝකයට ආපු නැති ඕන තරම් සිද්දි උතුරේ සිද්ද උනා. අහිංසක දමිළ පාසල් ශිෂ්‍යාවෝ ශ්‍රී ලංකා හමුදා බටයින් විසින් දුෂණය කර මරා දැමුවා. මම විවිද සිද්දි වලට අදාළ චයරුප පවා දැක්කා. දුෂණය කරලා තිබ්බේ කුරිරු විදිහට. යෝනි මාර්ගයට කටු කම්බි පවා ඇතුලත් කර තිබ්බා. මේක සමස්ත ශ්‍රී ලංකා හමුදාවේම වරදක් නොවෙයි. නමුත් වරද කරුවන් තවදුරටත් වීරයෝ නොකර නිසි දඩුවම් පැමිණ විය යුතුයි.


      Delete
    2. දොස්තර රුවන්, ඔබගේ මානසික රෝග පිලිබඳ දැනුම අවශ්‍ය වන අවස්ථා දෙකක් ඉහත දැක්වේ. මගේ සාමාන්‍ය දැනීම අනුව නම්, මෙය ඊර්ශ්යාව විය යුතුය.

      Delete
    3. AnonymousFebruary 14, 2017 at 8:00 AM අනිවාර්යයෙන්ම පල කරන්න . ඔබට අවශ්‍ය නම් එය නිර්නාමිකව උනත් කල හැකිය. මෙවැනි දේ පල කිරීම තුලින් කිසි සේත්ම රට හෝ ජාතිය පාවා දීමක් නොවන අතර ඔබ යුක්තිය සහ සාධාරණය උදෙසා නැගී සිටින වීරයෙක් වන නොවනුමානය. මනුෂ්‍යාට ආදරය කරන්න. ජාතියක් ආගමක් වෙනුවෙන් පෙනී නොසිටින්න . මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටින්න බිය නොවන්න.

      අපේ සිංහල මිනිස්සු අහන දෙයක් තමයි ඇයි කොටි කරපුවා අමතකද කියන එක. කොටි කරන්න පුළුවන් සියලුම යුධ අපරාධ කළා . අහිංසක මිනිසුන් මරුවා. ආයේ එක තර්ක විතර්ක අවශ්‍ය නැහැ. නමුත් කොටි කළා කියලා ලොවම නිල වශයෙන් පිළිගත් ශ්‍රී ලංකා යුධ හමුදාව උල්ලංගනය න් සාධාරණය කල නොහැකිය.

      Delete
    4. අපේ රට බේරා දුන් හමුදාවේ මාමලාට බුදුබව පාර්ථනා කරමු.

      හම්මුදාවේ මාමලාට අපටවාගේ තරහා යන්නේ නෑ. ඒක නිසා ඒ උදවිය ඉක්මනටම නාකි වෙන්නේ නෑ.

      Delete
    5. # AnonymousFebruary 14, 2017 at 8:00 AM, AnonymousFebruary 14, 2017 at 8:01 AM

      ඉහත කොමෙන්ටු දමා ඇත්තේ රසිකලොජි අන්තර්ජාල බ්ලොග් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරී රසික සූරියආරච්චි(52) මැතිතුමා බව සලකන්න.

      Delete
    6. අර කියපු නේවි කාරයාට හෙනම ගහපං.. ඕකගේ පවුල් පිටිං හැඳිගෑවිලා යන්න ඕනි ඕකා කරපු අපරාද වලට..

      Delete
    7. අයිසෙ කල්‍යාණ මිත්‍ර,

      //අර කියපු නේවි කාරයාට හෙනම ගහපං.. ඕකගේ පවුල් පිටිං හැඳිගෑවිලා යන්න ඕනි ඕකා කරපු අපරාද වලට..//

      නේවි කාරයගෙ අහිංසක වයිෆුයි ළමයිනුයි මොන වරදක් කළාටද බන් උන්ට හෙණ පතන්නෙ? නොදකින්. පිස්සු කියවන්න එපා බූරුවෝ

      ඔහොම එවුන්ට හෙණ නෙවෙයි නීතිය ඉදිරියට ගෙනල්ල ඔවුන් කළ අපරාධ හෙළිකල යුතුයි. දඬුවම් දීමටත් වඩා කළයුත්තේ හෙළිදරව් කිරීමයි, (උදා: පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලියට දැන් වී ඇති දෙය බලන්න - හැබැයි උන් එලවල පත්කර ගත්තු උන් ඊට හපන් නිසා වැඩේ චොර වුනා, නැත්නම් ඉතින් සදා සොත්ති) දඬුවම් ඉබේම ලැබෙනු ඇත.

      Delete
    8. නීතිය ඉදිරියට ගෙනල්ල ඔවුන් කළ අපරාධ හෙළිකල යුතුයි /////////////// ++++++++++++++++++++

      Delete
  7. එදා ජවිපෙ කළේ වැරදි දේශපාලනයක්. එහි වන්දිය රටේ තරුණයන් ගෙව්වා.

    වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. 1971 සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විප්ලව කල ප්‍රචන්ඩකාරී ජවිපෙ, නැවත ජේ.ආර් ලාගේ මුග්ධ තීරන නිසා එජාප ප්‍රචන්ඩත්වය ඉක්මවා යන ජවිපෙ ප්‍රචන්ඩතවයක් 88 දි තිබුන. ඒකත් වැරදියි. මෙහෙම කියන එක පොන්නකමක් ලෙස පෙනෙන්න පුලුවන්. ඒත් අතේ කෙටේරියක්වත් නැතිව කොටි ගුහාවට යන එක ඔළමොළ කමක්.

    ලෝකේ පලවෙනි කෑරෑල්ල ගෑහෑව්වේ1971 දී හෝ 1988-89 දි ලංකාවේ නෙවෙයි. දූශිත සමාජපිඩක පාලනතන්ත්‍රයක් පවතින තෑන කෑරලි අනිවාර්‍යයි................

    පුරාණ ඊජිප්තුවේ ෆාරාඕලාට එරෙහිව යුදෙව් වහලුන්ගේ සිට ග්‍රීක, රෝම වහල් කෑරලි වල සිට, ලංකාවේ රජ යුගවලදීත් පසුව ඵකදහස් අටසියගනන්වල උඩරට වෙල්ලස්සේ/ මාතලේ කැරැලිද........වර්තමානයේ ලිබියාවේ ඊජීප්තුවේ ටියුනීසියාවේ කෑරලිද වනාදි වශයෙන් ඵදාත් අදත් හෙටත් අපි කෑමති උනත් අකමෑති වුනත් මේක සිද්දවෙනව.............මොකද දූශිත ප්‍රජාපීඩක පාලකයන් ජනතාව ඵතනට යොමු කරන නිසා..............

    1971 දීත් 1988දීත් වුනේත් ඵයයි.............

    මෑතිවරන සිතියම් අකුලල 1983 තම රටේම සහෝදර ජාතියක් පනපිටින් පුච්චා මරලා ඒක පිට දාල ඊට කිසිසේත්ම සම්බන්ධ නොවූ වෙනත් දේශපාලන පක්ශ තහනම් කරලා රට බෙදන්නත් හදලා, මිනිස්සුන්ව පොඩිපට්ටම් කරලා ඵවාට ඵරෙහිව සාමකාමිව උද්ගෝශන කරපු අයව බල්ලො වගේ බුරුතු පිටින් මහමග වෙඩිතබා මරලා.........ඵ් අතරෙත් සාමකමීව රහසිගතව ජනතාව දෑනුවක් කරපු තරුනයන්ව උස්සලා දස වදදීලා මරලා, රටේ පොදු ජනතාව බල්ලන්ටත් අන්ත තත්වයකට පත් කිරීම නිසයි ඔය තත්වය ඈතිවුනේ.................
    ආත්මය විකුනාගත් නපුන්සකයෙකුට හෑරෙන්න කිසි ඵකෙකුට නිහඩව ඉන්න බෑ ඔය කියන තත්වය උඩ............

    කොහොම වුනත් උනදේ අනිතිම නරකයි................නමුත් මේවාට වගකියන්න ඔන රට ඵ් තත්වයට ගෙනාපු පාලකයො මිසක් ජනතාව නෙවෙයි..............

    රංජන් විජේරත්න කියන්නේ බොහොමයක් එජාප පාක්ෂික ජඩයින් වගේ පන්ති අදිමාන්යෙන් පෙලුන බල්ලෙක් !
    ඔකාට ශ්‍රීලනිප සමහර උන් උදව් කලා............හෑබෑයි වෑඩේ කියන්නේ ඔකා අතින් මෑරුනේ ජවිපෙ අයට වෑඩිය ශ්‍රි ල නි ප තරුණයො..............

    මොකක්දෝ පොට්ට කණාවකට මිනීමරු කොටිහපුවො ටික යූඈන්පී මිනීමරුවො සෙට්ඵකම ඉවර කලා ඵකෙක් දෙන්නෙක් ඈරෙන්න..............
    ඒක ඵහෙම නොවුන නම් අපිට තාමත් කටක් අරින්න නම් හම්බුවෙන ඵකක් නෑ..................

    ඵජාපය ජනප්‍රියත්වයේ ඉහල අඩියකට පෑමිනෙමින් බලය ගත්ත අවස්තාවක ගෙනාපු අයවෑය බලන්න...............කොච්චර මොට්ටද? ඵජාපෙට මෙච්චරත් කෙලවෙලා දශක ගනන් විපක්සෙත් ඉදලා අපු ගමන් මෙහෙම කෙලිනවනම් කොහොම කෙලිල්ලක් කෙලින්න ඈත්ද ඵ් කාලේ............උන්ගෙ කෙලිල්ලට අන්ත දූෂිත පල් හොර රාජපක්ෂ රෙජීමය ගොඩනැගූ මහින්දයා පවා කෑලේ.....................

    ඉතින් රටක් ගිනි ගන්න ඵක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  8. ජෙප්පෝ මොන මොන බයිලා කීවත් උන් දෙවරක්ම මීනීමරන්න පටන් ගත්තේ ආණ්ඩුවෙන් හෝ වෙනත් පැරා මිලිටරි කාරයෝ උන්ගේ උන් මරන්න පටන්ගන්න ඉස්සරින්, උන් ඊළඟ වතාවක් මිනීමරණ්න පටන්ගන්න ඉස්සරින්ම අඬු කඩලා කුදලලා තැබීම ෙපාදුජන වගකීමක්.

    ReplyDelete
  9. තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා හි 1988-89 වකවානුවේ පවත්වාගෙන ගිය වධකාගාරයක උඩම තට්ටුව යොදා ගැනුනේ අත් අඩංගුවට පත් තරුණියන් ලවා හමුදා සෙබළුන් ගේ ලිංගික අවශයතා බලහත්කාරයෙන් ඉටුකර ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අහලා තියනවා

      Delete
  10. ගාමිණී බාස් කියල තිබුන පලා යන කණ්ඩායම එක්ක එන්න ප්‍රේමවතී මනම්පේරිත් ඇහුවලු. ගෑණු ලමයි එක්ක ගියාම කරදර නිසා දාල ගියාලු. එහෙම බැලුවම ඈට පක්ශයෙන් අසාධාරණයක් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය පක්ෂෙට ගියපු හැම එකාටම අත් උන ඉරනම ඕක තමයි...

      Delete
    2. ද්වේශ සහගත බව මූලික අභිප්‍රාය නොකරගත යුතුය.

      Delete
    3. හිතුවේ නැති පැත්තක්

      Delete
  11. උතුරේ සහ දකුණේ තරුණයන් අවි ගත්තේ ඔවුන්ට විෂේශිත අසාධාරණයකට නෙමෙයි. ඕනෑම සමාජයක තිබෙන පොදු ධනය බෙදී යාමේ ක්‍රමය නිසා සහ මේ පැත්තෙ රටවල තිබූ කුල ක්‍රමය නිසා. ඒවා විසඳිය යුත්තේ ඒ පිළිබඳව සමාජය දැනුවත් කර එමඟින් බලය ලබා ගැනීම මඟින් මිස හිංසනයෙන් නෙවෙයි. නිල සාමාන්‍යයෙන් නිල ඇඳුම් නොඅඳින ත්‍රස්තවාදීන් ඇතිකරන භීශණයෙන් පොදු සමාජය බේරා ගැනීම රජයක වගකීම. ඒසඳහා විවිධ ක්‍රම ලෝකය පුරාම භාවිතා වෙනවා. අල් කයිඩා ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඇමෙරිකාවත් එය කලා.

    අපිට වඩා ශක්තිවන්ත කෙනෙකුට අපි ගැහුවොත් ඔහුගෙන් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු විය යුතුයි. රටක හමුදාවට එරෙහිව ක්‍රියා කරන විට ඔවුන්ගෙන් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු විය යුතුයි. තම පෞද්ගලික අවශ්‍යතා වලට බලය යොදාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි වුවත් හමුදාවකට එම බලය ලැබීමට හේතුවුණෙ කැරලිකරුවන්ගේ වැරද්ද. දේපල හානි කිරීමෙන්, හෝ රජයට සම්බන්ධ අය මරා දැමීමෙන් හෝ අහිංසක වැසියන් මරා දැමීමෙන් බලය ලබාගෙන සමාජය වෙන්ස කල හැකි යැයි සිතන අනි අයට ඒත්තු ගන්වන සහ එම දේවලට රැවටෙන් අය තමයි එමනිසා ඇතිවන තත්ත්වයට වගකිව යුත්තේ.

    මෙවන් අවස්ථා මර්ධනය කිරීමට ඇතිකල යුතු නීති නිසා හමුදාවල් වලට අසීමිත බලයක් ලැබෙනවා. එම බලය තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පමුණුවා ගැනීමට යොදා ගැනීම එම බලය ලැබෙන සුළු පිරිසක් අතින් වෙන්න පුළුවන්. ඔවුන් සොයා ගෙන ඔවුන්ගේ වැරදි වලට දඬුවම් කිරීම තමයි එවන් දේ වීම අඩු කරගන්න පුළුවන් හෝ නැතිකරන්න පුළුවන් එකම ක්‍රමය.

    ප්‍රේමවතීට උණ දේම තමයි එක්නැලිගොඩ වැනි අයටත් වුණේ. ඒවා ගැන පරීක්ෂණ කිරීම කල යුතුයි. එවන් දේ නොකිරීමත් සහ එය කරන ලෙස කෙරුණු ඉල්ලීම් " මාව විදුලි පුටුවට යවන්න හදනවා' කියමින් විකුණා ගෙන කෑමත් 'මම ඉන්නකන් කෝප්‍රල් කෙනෙක්වත් හිරේ යවන්නේ නැහැ' කියමින් තම ප්‍රතිරූපය මාකට් කිරීමත් තමයි අපිට දකින්න වෙලා තියෙන්නේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook