Wednesday, February 1, 2017

දීප්ති කුමාර ගුණරත්න : මේ කව්ද මොනවද මේ කරන්නේ

 


තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය තිරගත වූ කාලයේ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් සමලිංගිකතාව මානසික රෝගයක්ද ? යන මැයෙන් සම්මන්ත්‍රණයක් අංගොඩ මානසික රෝහලේ ශ්‍රවණාගාරයේ පැවැත්වූයෙමු. මේ සම්මන්ත්‍රණය සඳහා අශෝක හඳගමත් , අනෝමා ජනදරීත්  දීප්ති කුමාර ගුණරත්නත් පැමින කරුණු දැක්වූහ​. දීප්ති කුමාර ගුණරත්න මට මුලින්ම හමු වූයේ එදාය​. 

පහත දැක්වෙන්නේ දීප්ති කුමාර ගුණරත්න ගැන නාමිකව මෙන්ම නිර්නාමිකව පළවූ කොමෙන්ටුය​. එහෙත් ලංකා සමාජය ගැන විග්‍රහය කිරීමේදී ඔහුගේ මතයන් සහමුලින්ම බැහැර කල නොහැක 


දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි.මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ හ. චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි.  ( W3 Lanka) 


AnonymousFebruary 25, 2014 at 12:27 AM දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි.උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​. මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.


 Naleen DilrukshaFebruary 24, 2014 at 9:37 PM ලොව බුදුවරු හා පසේ බුදුවරු යැයි දෙකොටසක් සිටිති.මට අනුව දීප්ති යනු පසේ බුදුවරයෙකු සේ රගන්නෙකි. කළෙක මම ද මාතොට ලන්ඩන් වැනි දිප්තිලාගේ සගරා හරහා ඔවුන් තේරුම් ගැන්මට වෙහෙසුනෙමි. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ සංවාද පැවති තැන්වලට ගොස් ඇතැම් දේ විචාලෙමි. එක් දිනක මා හොරගොල්ලේ සුනේත්‍රා බණ්ඩාරණායක පුස්ථකාලයේ පැවැති සංවාදයකදි මම සංඛේත පියා ගැන ප්‍රශ්න කළෙමි. එදා එතැන දීප්ත් නොසිටියත් ඔහුගේ අතිජාත මිත්‍ර කළ්‍යණ හා ධම්ම දිසානායක සිටියහ. මගේ ප්‍රශ්න කීරීම්වලට පිළිතුර වූයේ මෙවන් පුද්ගලයන්ට උත්තර දිම නොවටිනා දෙයක් බවයි. එහෙත් ඒ වෙනවිට දිනමිණ භද්‍ර සගරාවේ දීප්තිගේ මතවාද ගෙඩි පිටින් ගිය යුගයකි.. එය ගෙනාවේ ශෂි ප්‍රභාත් රණසිංහයි. එදා කළ්‍යත් නොදන සිටියේ භර්‍ද සංස්කරණය කළේ උත්තර දිය නොහැකි මා බවයි. එදිනම විවාද අවසානයේ මා කවුදැයි යන්න දැනගත් පසු වෙනම කතාවකි.  එසේම තම මොවුන් මහැදුරු ගම්ලතුන්ටත් අභියෝග කළේ. එතුමන්ගේ දැනුමෙන් අල්පයක් දැනගනද ඇකඩමික් විවාදයක පේරාදෙණියේ උණ ගස් යට ශක්‍රාණු ගැන කතා කළේ. පැරා මේක හොසද සංවාදාත්මක ලිපියක්.


AnonymousAugust 28, 2013 at 9:22 PM දීප්තිගේ ආශාව සුදු ලස්සන ගැහැණු, ජපන් කාර්, ඉංග්‍රීසියෙන් කතා කිරීම, මේවා මොකවත් මිනිහට ලැබුනේ නැහැ. ඒවා තියෙන අය තමන් නොවිඳින මොකක් හරි විනෝදයක් ලබනවා කියලයි එයා හිතුවේ. ඉතින් තමන් නොලබන විනෝදය භුක්ති විඳින එවුන්ට කෙලවන්න එයා දේශපාලනය කරන්න පටන් ගත්තා. එක්ස් කණ්ඩායම තමයි එම දේශපාලනයේ උපරිම දුර. නිර්මාල් ඇතුළු තවත් පිරිසක් මිනිහගේ මේ දේශපාලනයට කාලයක් වහ වැටිලා හිටිය. ඔහොම යද්දී ප්‍රභා නමැති ඉංග්‍රීසි කතා කරන සුදු තරමක් ලස්සන කෙල්ලක් සංවිධානෙට ආවා. (ස්වර්ණා මල්ලව ආරච්චි, යසෝධා විමලධර්ම, දිල්හානි ඒකනායක, නදී වාසල් මුදලි, නිරෝෂා පෙරේරා, තනුජා ජයවර්ධන, වගේ නිලියෝ නිවේදිකාවෝ තරම් ප්‍රභා ලස්සන නැති වුනත් ප්‍රභාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ කියපු ගෑනු ටික තමයි දීප්තිගේ ස්වයන් වින්දන ප්‍රතිරූප ) දීප්ති කියන දරුවන් ඉන්න විවාහක පුද්ගලයා මේ ප්‍රභා කියන සුදු කොට කෙල්ලට ලව් කළා. නමුත් මේ කෙල්ලට මේක මහ වාතයක් වුනා . ඉතින් මේ කෙල්ල මෙයාගෙනුත් බේරෙන්න එක්ක සංවිධානේ හිටපු කඩවසම් කොල්ලා වුනු බුද්ධික එක්ක යාලු වුනා.සංවිධානේ මෙම ලව් හුටපටය සමග බිඳ වැටුනා. හරියට එකම කෙල්ලට ලව් කරන්න ගිහින් තරහවෙලා රෝහිත භාෂණ දෙමල ජාතිවාදයටත් විමල් වීරවංශ සිංහල ජාතිවාදයටත් ඇදිලා ගියා වගේ.දීප්තිගේ අන්තිම සිහිනයත් බිඳ වැටුනා මිනිහා වියරු වැටුනා දැන් පෙන්නන්නේ එම වියරු මිනිසා නමැති චිත්‍රපටයයි. මහා ගොන් චිත්‍රපටයක්. සුමනා ගෝමස් රගපාපු ලුවී වැන්ඩන්ස්ට්‍ට්‍රාටන්ගේ 'ඇගේ වයිරය' චිත්‍රපටය මේකට වැඩිය හොඳයි. චිත්‍රපටයයේ තවත් ජවනිකා කිහිපයක් ඉදිරි දිනවලදී ත්‍රිමාන වෙබ් අඩවිය ඔස්සේ දකින්න පුළුවන් වෙයි.


Chandana KumaraFebruary 28, 2014 at 8:34 AM දීප්තිව සරල ලෙස බැහැර කළ නොහැකියි.සම්මුති ලෝකයෙදි ඔහුගේ අදහස් සම්මුතියට පටහැනියි.සම්මුතිය තුල ඉන්න අපි දිප්ති නිසා ඉක්මනට අවුල් වෙන්නේ ඒකයි.දීප්තිව නොතේරෙනවනෙම් ඒක ඔබේ ප්‍රශ්නයක් මිස දීප්තිගේ ප්‍රශ්නයක් නෙමෙයි.ප්ලේන්ටියට වඩේ එකට සාහිත්‍යය විචාර ලියපු කාලෙක,සංකේතීය බලයෙන් සමාජයේ පොරවල් ලෙස වැජඹුන ඊනියා බුද්ධිමතුන් ගේ නිරුවත ගලවා ශතවර්ෂ ගනනාවක් එකතැන පල් වුන ඇකඩමි දැනුමට එරෙහිව දීප්තිගේ මැදිහත් වීම කුහකත්වයෙන් ඉවත දැමිය යුතුද?කෙසේ වෙතත් මෙවැනි බුද්ධිමත් සංවාද වෙනුවෙන් සමාජයේ මෙතරම් මැදිහත් වීමක් දැකීම හොද ප්‍රවනතාවක් දීප්ති හරි හෝ වැරදි බව සමාජය නොව කාලය තීරණය කරනු ඇත.

 AnonymousFebruary 25, 2014 at 1:01 PM දීප්ති මේ තරම් අරුනි ව ඔසවා තබන්න හදන්නේ අරුනි කළු නිසාය. ප්‍රභා සුදුයි නමුත් ප්‍රභා දීප්තිට කැමති නෑ. දීප්ති කියන්න හදන්නේ "සුදු කෙල්ලන්ට මොළේ නැතිය - කළු කෙල්ලන්ට මොළේ ඇතිය" යන්නයි. ඒ dumb blonde stereotype එක මත පදනම් වෙමිනි. ඇමෙරිකාවේ තරම් මේ stereotype එකට ලංකාවේ පිළිගැනීමක් ඇතැයි මම නම් නොසිතමි.  දීප්ති කවදත් කිසියම් කෙනෙක්ව ඔසවා තැබුවේ තවත් කෙනෙක්ව වට්ටන්න මිස ඔසවා තබන කෙනාට ඇති ආදරයකින් නම් නොවන බව දීප්ති ගේ දේශපාලනය ගැන දන්නා අය දනිති.

 Maathalan - Priyantha HewageFebruary 25, 2014 at 7:21 AM ලංකාවේ පොරක් වෙන්න කරන්න ඕන දේ තමයි, මෙළෝ යකෙකුට තෙරෙන්නේ නැති විදියට කතාකරන එක, ලියන කියන එක. අපේ ගොන්නු හරි ආසයි එහෙම ඒවට. ලියන කියන එකාට ඌ කියන්නේ මොනවද කියලා තේරෙන්නේත් නෑ.. අහන කියවන එකාට අරූ මක්කා කියනවද කියලා තේරෙන්නේත් නෑ. ඉතින් මේ, ප්‍රකාෂ කරගැනීමට නොහැකි, අවබෝධ කර ගන්න තේරෙන්නේ නැති, අවබෝධ කර ගන්න දේකුත් නැති, වැල්වටාරම් ලියන එකා පොරක්. උන්ගේ ෆලෝවර්ස්ලත් මාර පොරවල්. ඒත් අරූ මොකක්ද බන් කියන්නේ කියලා ඇහුවොත්. තව එකෙකුට කියන්න ෆලෝවර්ස්ලාට තේරෙන්නේත් නෑ..


 vangeesaAugust 28, 2013 at 1:14 PM අජිත්,   දීප්ති ගුණරත්න සමග සංවාද කිරීම නිරර්ථක දෙයක් විදියට තමයි මමත් හිතන්නේ. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ එක්තරා තරුණ පිරිසක් එයාගේ වේදිකා උඩ කරන ජිමික්ස් වලින් දෑස් නිලංකාර කරගෙන ඉන්නවා. ඒ නිසා අපි මොකක් හරි වැඩක් කලාට පස්සේ එයා අපිට මඩ ගහන එකට අපිට සමහර වෙලාවට උත්තර දෙන්න වෙනවා. නමුත් මෙච්චර කල් එයා ප්‍රසිද්ධ විවාද වලට ආවේ නැහැ. එහෙම එකකට ආවොත් අපිට එයාගේ ජිමික්ස් පෙන්නලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගැන හිතන්න දෙයක් නැහැ. මම තාම හිතනවා මෙයාට මේක මග අරින්න බැරි වෙයි කියලා. මේක එක පාරක් පෙන්නලා, අදාළ හඬ ගොණු සහ වීඩියෝ ගොණු අන්තර්ජාලයට දැම්මම ප්‍රශ්නේ අපිට සෑහෙන්න ඉවර කරන්න පුළුවන්.  ඔයාගේ අන්තිම කමෙන්ට් එක දැක්කම මට මතක් උනේ මත්පැන් විරෝධී ජනප්‍රිය දැන්වීමක තිබුණු ලස්සන සටන් පාඨයක්:  "මත්පැන් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි"

36 comments:

  1. දීප්ති කියන එකාව මම අහලා තිබුණෙ පැරාගෙ බ්ලොග් එකෙන්, දැන් ඩොක්ටර්ගෙ බ්ලොග් එකෙන්. මූ මොකාද කියල අද දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. DR. නානායක්කාරFebruary 1, 2017 at 12:59 PM

      දීප්තී කවුරු උනත්,දීප්තිගෙ ගෝලයන් මොනව කලත්,ඔවුන් නිසා "වෙන්ඩ ද පොරවල්" රාශියක් කොළඹ කේන්ද්‍රීය සජීවි දේශපාලන හා සංස්කෘතික සංවාද අවකාශවලින් චුත වී සයිබර් අවකාශයේ BEN 10 ගෙ රූපාකාර ලෙස සැරිසරමින් විවිධ වීරක්‍රියා කරයි. ඒවට සමහර බබාලා ආසයි.

      Delete
    2. ඔහුගේ සමහර කියවීම් ගැන එකඟයි

      Delete
  2. දීප්ති ගැන ඔයාගේ අදහස් ලිව්වා නම් මීට වැඩිය හොඳ නැත්ද රුවන්? දීප්තිගේ ලිපි හෝ පොත් කොපමණ කියවල් තිබෙනවද? මම දන්නෙන් නැහැ මමනම් නොදන්න දේවල් ගැන කතා කරන්න කලින් කියවලා එනවා. දැන් ඔය උඩ කොමෙන්ට් දාපු ඔක්කොම එහෙම කරපු අය වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔහුව තේරුම් ගත යුත්තේ මේ සියළු කියවීම් හරහාය

      Delete
    2. (ඊජිත්තු වාසින්ගෙ රහස ඊජිත්තු වාසින්වත් දන්නෙ නැ) දීප්තිව තෙරුන් අරගෙන මොනව කරන්නද කරුනාකර දීප්ති කියපු ලියපු දෙවල් වලින් විවෙචන ගෙන එන්න කිසි දෙයක් නොකියවා පිටකවර බලා එකෙ තියෙන්නෙ මොනවද කියා දන්නෙ නැතුව ඔයා කරන දෙයින් ඔයා බලාපොරොත්තු වෙන දෙය පැහැදිලියි

      Delete
    3. Ajith Dharma
      +++++++++++++++++
      මෙතන වෙලා තියෙන්නෙ දීප්තිට මඩ ගැසීමක් වගේ දෙයක් තමයි. සියලු කියවීම් හරහා කෙනෙකු තේරුම් ගත යුතුයි කියන එක නිවැරදි මතයක් නෙවේ. එහෙනං ඉතිං අපට ඔය යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යෝතිෂය වගේ මිත්‍යාවලුත් පිලිගන්න වෙනව. රුවන් වගේ කෙනෙක් මෙහෙම කියනව දැක්කම මවිත වුනා.

      Delete
    4. //සියලු කියවීම් හරහා කෙනෙකු තේරුම් ගත යුතුයි කියන එක නිවැරදි මතයක් නෙවේ.// රාජ් මෙතැන් දීප්ති කියන පුද්ගලයට නොව ඔහු කියන දේවල් එනම් ලිපි සහ දේශන ගැන මතයක් යන බවයි මට පේන්නේ. ඔබ අඩුම ගානේ "ඇසිඩ් වැස්ස " වගේ පොතක් වත් කියවල විවේචනයක් කරන්න.
      // එහෙනං ඉතිං අපට ඔය යන්ත්‍ර මන්ත්‍ර ජ්‍යෝතිෂය වගේ මිත්‍යාවලුත් පිලිගන්න වෙනව// රජ් මම ලිපි පෙළක් ලියාන යනවා ඕව ගැන. ජ්‍යෝතිෂය වුනත් හදාරලා කියන්න ඒවා වැරදි කියල. එහමයි මගෙනම් අදහස.

      Delete
    5. කොමෙන්ට් වලින් සංවාදය ගොඩ නගා ගමු

      Delete
  3. දීප්තිට ගහන්න ඕන නම්. දැන් උඩ කමෙන්ට දාල තියෙන අයයි ඔබයි සේරම කරන්න ඕන, ඔහු ඉදිරිපත් කරන් කරුණු විවෙචන කිරීම. ඒවයේ වැරදි මොනවද, කොතනද වැරැද්ද කියන එක. එහෙම නැතුව, එයා කනවා ඇත්තේ මෙහෙමයි, නිදා ගන්නවා ඇත්තේ මෙහෙමයි කියන එකේ පලේ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඔහුව තේරුම් ගත යුත්තේ මේ සියළු කියවීම් හරහාය

      Delete
  4. මේ පෝස්ට් එක දැම්මේ මොන අරමුනකින්ද පැහැදිලි නෑ.. ඒත් මේකේ ගත යුත්තක් පේන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලින් සංවාදය ගොඩ නගා ගමු

      Delete
  5. රුවන්ගේ ඇජෙන්ඩා එක මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් දීප්ති යනු දීප්තිය. රුවන් යනු රුවන්ය. අරුණ යනු අරුණය. අප මෙය සිතේ තබා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. අරුණ මගේ නම් කිසිම ඇජෙන්ඩා එකක් නෑ / පරමාදර්ශී මිනිසුන් නෑ කියන මතයේ ඉඳන් මම විවිධ කියවීම් දෙනවා , සංවාද හරහා සත්‍ය මතු කර ගන්නවා

      Delete
  6. මම නමි, අඩුපාඩු ගොඩක් මැද වුනත් දිප්තිට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ සමහර කියවීම් ගැන එකඟයි

      Delete
  7. මා දීප්ති ලියන කියන දේ කියවන්නෙ බොහෝ කලකට පෙර සිටයි. ඒත් තාම ඔහු කියන දේ මට තේරෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ සාමාන්‍ය කරුණක් සම්බන්ධයෙන් ලියන දේවල් වත් නොතේරෙන එකනෙ.
    ඒත් මම මේ දවස් වල දීප්තිගෙ පත්තරේට ලියනවා.

    ReplyDelete
  8. තමන් දන්නේ නැති දේවල් ගැන ෆැන්ටසි ගොඩනගන්නේ නැතිව දන්නේ නැති දේවල් හදාරන්න. එතකොට අවබෝධ වෙනවා, දීප්ති කියන්නේ කවුද කියල හොයන්න යනවට වඩා දීප්ති සමාජයට කරන දේශපාලන මැදිහත්වීම මොකක්ද කියන කාරණය. නැත්නම් සිදුවන්නේ අනෙකාගේ විනෝදය දිරවගන්න බැරිව මේ විදිහට තමන් තුල දීප්ති යනු කුමක්දැයි යන්නට තිබෙන මනස්ගාත වචන විදිහට පෙරලෙන එක. අනෙකාගේ විනෝදය කුමක්දැයි පශ්න කරලා තොග පිටින් මිනී මරපු රටක් මේක.

    ReplyDelete
    Replies
    1. ප්ති කියන්නේ කවුද කියල හොයන්න යනවට වඩා දීප්ති සමාජයට කරන දේශපාලන මැදිහත්වීම මොකක්ද කියන කාරණය ////////////// +++++++++++++

      Delete
  9. දීප්ති කවුද කියන එක ‘සියලු කියවීම්වලින් තේරුම්ගන්න බෑ‘ දැං අපේ ගමේ ඉන්න ජේමිස් අයියගෙන් දීප්ති කවුද කියල ඇහුවට ඔහු දන්නෙ නෑ එහෙම කෙනෙක් ඉන්නවද කියලවත්. ඒ වගේම මිනිහෙක් කියන දේවල් වලින් ඕන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් සහ නුපුළුවන් ටිකක් තියනව. රුවන් කියන වෛද්‍ය විද්‍යාත්මක දේවල්වලින් කොච්චරක්ද අපට තේරෙන්නෙ? එහෙමයි කියල රුවන් පිස්සෙක් කියල නිගමනයකට එන්න බෑනෙ.
    මම ගැන කිව්වොත් දීප්ති කියන කාරණාවලින් යම් යම් දේවල් ඉගනගෙන තියනව. එකඟ නොවන තැනුත් ඇති. දීප්ති ගැන රුවන්ගේ මතය කිව්ව නං සංවාදය කරගෙන යන්න ලෙහෙසියි.

    ReplyDelete
    Replies
    1. දීප්ති ගැන මගේ විශේශ මතයක් නෑ එහෙත් ලංකා සමාජය ගැන විග්‍රහය කිරීමේදී ඔහුගේ මතයන් සහමුලින්ම බැහැර කල නොහැක

      Delete
  10. දීප්ති යම් විෂයක් විනයක් ඇතුව දීර්ඝ කාලයක් තිස්සෙ හදාරන මිනිහෙක් සහ ඒ දැනුම සමාජයට රිලීස් කරන්න වෙහෙසක් දරන මිනිහෙක්. දීප්ති දොස්තරකම කරන්න යන්නෑ මං දන්න තරමින්. රුවන් දීප්තිගෙ ජොබ් එක කරන්න නොයනවා නම් සමාජෙට හොද වෙයි. අරයා මෙයා කියලා තියෙන කමෙන්ට් වලින් මිනිස්සු අදුරගැනීම රුවන් දොස්තරකමේදිත් කරනවා වගේ. දෙයියන්ගෙ පිහිටයි පේෂන්ට්ස්ලට!

    ෆිලොසොෆි කියන්නෙ හැම මනුස්සයටම තේරෙන සබ්ජෙක්ට් එකක් හෝ ලේසියෙන් කියලා වටහලා දෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි කියන එක තේරුම් ගන්න බැරි බව ලංකාවේ මිනිස්සු කවදා තේරුම් ගනියිද මංදා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලින් සංවාදය ගොඩ නගා ගමු ඔහුව තේරුම් ගත යුත්තේ මේ සියළු කියවීම් හරහාය

      Delete
  11. දීප්ති ගැන කියන මේ සමහරක් හොද කතා වගේම සමහරක් නරක කතාත් දෙකම අන්තවාදියි වගේ.දේශපාලන වශයෙන් ඔහු සමග එකග නැතත් ,දීප්ති ලංකාවේ සමාජයේ හැරවුම් ලක්ෂයක් ,ඒක නැහැ කියන එක කුහක කමක්.ලංකාවේ අත නොතියපු ,මාතෘකා සංවාදයට ගෙන එන්නේ දීප්ති ප්‍රමුඛ X කණ්ඩායම.විශේෂයෙන් රාජිනිශ්ව (ඕෂෝ - OSHO ව) ලංකාවේ සමාජයට හදුන්වා දෙන්නේ ඔවුන්.කලාව පිළිබද තිබුණු පුහු මත බිදින අතර ''පොරවල්'' බිමට ගෙන ඒමට දීප්තිලා සමත් වෙනවා.ඇකඩමික් පොරවල් ටත් ඒ ඉරණමම අත්වෙනවා.නමුත් සමාජය පිළිබද දීප්තිට තියන,ඉදිරි කියවීම තමන් සහ තම දේශපාලන කණ්ඩායම ගැන නැති එකයි ප්‍රශ්නේ .උදාහරනයකට දීප්ති 2001 දී කියනවා ,ජේවීපී එක බිදෙනවා විමල් කැඩෙනවා කියලා.ජේවීපී එක බිදිලා විමල් කැඩෙන්නත් ඉස්සෙල්ලා 2004 දී, X කණ්ඩායම කැඩෙනවා.ඒ වගේම දීප්තිගෙන් ඉවත් වන අයට දක්වන ප්‍රතිචාර දැක්කම ,මේ දීප්තිමද කියලා සමහරු තැවුනා ,සමහරු කාලකන්නි සතුටක් ලැබුවා.දීප්තිගෙන් කන්‍යාභාවය ඉල්ලනවා නෙවෙයි .අඩුම වශයෙන් භාවිතාව ඔප්පු වෙන්න ඕන ,එයාගේ කියවීමට සාපේක්ෂව.ලංකාව සුන්දර තැනක් කරන්න දීප්ති නැතුවම බැරි එකෙක් .නමුත් අපිට ''ගොඩෝ උන්නැහේ එනකම්'' ඉන්න වේවිද .....?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අත නොතියපු ,මාතෘකා සංවාදයට ගෙන එන්නේ දීප්ති ප්‍රමුඛ X කණ්ඩායම.////////////// agree

      Delete
  12. මෙතැනදී අපගේ අවධානය යොමු විය යුත්තේ පල කර ඇති කොමන්ට් වලට වඩා ඇකඩමික් වෛද්‍යවරයකු වන රුවන් එම් . ජයතුංග නැමැත්තා ඔහුගේ දැනුම හා තාර්කික ඥාණය භාවිතා කර ඉහත ලින්ක් එකේ ඇති දීප්ති විසින් ඇපල් පුවත්පතට සැපයු ලිපියෙහි අන්තර්ගතය ගැන කිසිවක් නොලියා මානසික රෝග ඇති ෆේස්බුක් සොම්බින්ගේ වසර දෙක තුනක් පරණ කොමෙන්ට් පල කර නැති කර ගැනීමට යන ආතතිය කුමක්ද යන්න පිළිබදවය. බුද්ධිමය සංවාදයක් ඇතිවන්නේ එවිටය.
    - V පක්ෂය -
    http://sundayapple.lk/epaper-2017-01-29/

    ReplyDelete
    Replies
    1. දීප්තිව සාදු වරයෙක් නොකරගමු ඔහුව තේරුම් ගත යුත්තේ මේ සියළු කියවීම් හරහාය

      Thanks for the link

      Delete
  13. මිනිසා එක් එක් මිනිසා සමඟ රඟපාන චරිත හරහා මිනිසා කියවීම මිනිසා විසින් මිනිස් වෙසින් කල යුතු දෙයක් මිනිසාගෙ යහපැවත්මට මිනිස් සමාජයක.. රුවන් මේ උත්හස කරන දේ සහ මේ මා ලියු අදහස අතර සම්බන්ධයක් තිබේ ද ?

    ReplyDelete
    Replies
    1. මිනිසා එක් එක් මිනිසා සමඟ රඟපාන චරිත හරහා මිනිසා කියවීම/////////////// +++++++++++++++

      Delete
  14. Oyage aramuna mata pahadili naha appa, Deepthita mada gahannath oney, eyawa therum gannath oney, kelin kiyanna. mekata kiyanne debidi bawa. ko oyage wiwechanaya? meka orthopedic surgeon kenekta nam kondu ata pela pilibanda prashnayak.

    ReplyDelete
    Replies
    1. @ AnonymousFebruary 5, 2017 at 9:56 PM දීප්ති ගැන මගේ අලුත් ලිපිය කියවන්න ; එවිට තේරුම් යයි

      Delete
  15. දීප්තිගේ පුද්ගලිකත්වය පැත්තකට තියන්න ..දීප්ති බඩු ගහනවද ..ජපන් කාර් වල යනවද කියන එක එයාගේ පුද්ගලික කාරණයක් ...මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරලා හරි සිවිල් බලය පාවිච්චි කරලා හරි එහෙම නොකරන තාක් කල් අපිට මොකද්ද ඒ ගැන තියෙන අමාරුව ..දීප්තිගේ නිදන කාමරයට එබෙන්න අවශ්‍ය නෑ ...ඇත්තටම සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව් කියා කියා ,ප්‍රතිසංස්කරණ වාදයට සහ සභාග වාදයට ගිය වාමාංශය යල් පැනල කුණු වෙනකොට ..ලංකාවේ වාමාංශය අප්ඩේට් කරේ දීප්ති ,,,දිප්තිව අපිට තේරෙන්නේ තව අවුරුදු දහයකින් විතර ...මම කියන්නේ දීප්ති යනු කොන්ඩේ තෙල් ගාර පැත්තට පීරන ,පාරේ දකුණෙන් යන කෙනෙක් කියලා නෙමෙයි ..ඇත්තටම ඒක මටනම් අදාළ නෑ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook