වෛද්‍ය දයානාත් රණතුංග මා මුලින්ම හඳුනා ගත්තේ එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේදීය. එවකට ඔහු ඉන්ටර්න්වරයෙකු වූ අතර මම ඔහුගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වූයෙමි.
සීමාවාසික වෛද්‍යවරයෙකු කාලයේ සිටම මම ඔහු සතු වූ සන්නිවේදන කුසලතාවයන් නිරීක්‍ෂණය කලෙමි. එසේම ඔහු රෝගීන් විශයෙහි ඉතා සංවේදී වෛද්‍යවරයෙකු විය.
වෛද්‍ය දයානාත් රණතුංග සිය මුලික වෛද්‍ය අධ්‍යාපනය පේරදෙණිය වෛද්‍ය පීඨයෙන් ලබා ගත් අතර ඉන් පසුව වෙනත් දිශාවකට යොමුවෙමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳවත් කොලඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳවත් ප්ශ්චාත් උපාධි පාඨමාලා හදාරනු ලැබිය. ඔහුගේ භූමිකාව වඩා ප්‍රචලිත වනුයේ වෛද්‍යවරයෙකුට වඩා සමාජයෙන් කොන් කරන ලද ප්‍රජාවන් වෙනුවෙන් ක්‍රියාකරන සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසය.
2005 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමග සම්බන්ධ වන ඔහු 2016 මැද එම සංවිධානයෙන් ඉවත් වනවිට එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් පිලිබඳ ඒකාබද්ධ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය. වර්තමානයේ ඔහු ස්වාධීන සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ක්‍රියාත්මකවේ.
ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන සහ ලිංගික වෘත්තීන් වල නිරත වන පුද්ගලයන් කොන් කරන සමාජයක මෙවන් කතිකාවක් ගොඩනැගීම ඉතා අසීරු සහ අවධානම් ක්‍රියාවකි. එවන් පරිසරයක ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ලිංගික වෘත්තිකයන් ගේ සංවිධානය බිහිකිරීමට පුරෝගමි වන අතර එවකට එක් ජාතික පුවත් පතක් මගින් සිය දේශපාලන අවශ්‍යතාවයන් මත සමාජයට නිරාවරණය කරන ලද සාමකාමී ප්‍රජාවගේ සංවිධානයක් වෙනත් ස්වරූපයකින් ස්ථාපිත කිරීමටද මුල් විය. ඊට අමතරව HIV සමග ජීවත්වන කාන්තාවන්ගේ සංවිධානයක් ආරම්භ කිරීමටත් වෛද්‍ය දයානාත් ප්‍රමුඛ විය.
HIV නිසා සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව නිරතුරුව පෙනිසිටිමින් සමාජ කතිකාවක් ගොඩනැගීමට ඔහු නිරතුව දායක වූ අතර කුලියාපිටිය සිසුවාගේ අධ්‍යාපන අයිතිය සුරැකීමට ඔහුගේ මැදිහත්වීම අමතක කල නොහැක. ඊට පාදක වූ ශ්‍රේෂ්ටධිකරණය තීන්දුව HIV බලපෑමට හසුවූ පුද්ගලයින්ගේ අධ්‍යාපන අයිතිය උදෙසා වූ ආසියාවේ ප්‍රථම නඩු තීන්දුව බවට සැලකේ. ගෝලීය අරමුදල ලෝක බැංකුව සහ එකසත් ජාතීන්ගේ සංවිධානය හරහා HIV නිවාරණ වැඩ සටහන් සහ මුල්‍යමය සහ තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඔහු මහගු සේවයක් ඉටු කළේය. ඔහු දැනටත් HIV සහ ප්‍රජනන සෞඛ්‍යය අධ්‍යාපනය වෙනුවෙන් හඬනගන සමාජ ක්‍රියාකාරිකයෙකුද ලෙස ලාංකීය සමාජයට සේවය කරමින්. සිටියි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
පරිපුරණ ලෝකයක නම් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසිය යුත්තේ මේ පුද්ගලයා වැනි සංවේදී, එමෙන් ම, තම වෘත්තිය කෙරෙහි සැබෑ ආදරයක් ඇති අයයි.
ReplyDeleteනමුත් මේ අංශවලට ඇතුල් වෙන බහුතරයක් දෙනා එසේ කරන්නේ වෙනත් සමාජමය කරුණු නිසා යි.
මිනිසුන් විවිධකාරයි
Deleteමෙවැනි සමාජ සේවක වෛද්‍යවරු ගැන අසන්නට ලැබීම ලොකු සතුටක්.
ReplyDelete++++++++++
Deleteපේරාදෙණියේදී දැන හිටියත් එයින් පසුව කළ දේවල් දැනගෙන හිටියේ හිටියේ නැහැ.
ReplyDeleteඔහු ගොඩක් දුර ගිහින් තිබෙනවා
Deleteවෛද්‍ය දයානාත් රණතුංග සංනිවේදන විෂයයට බොහෝ සේ ඇලුම් කරනවා. මට ඔහු මුණ ගැසෙන්නේම එවන් කාරණා කටයුතු වලදී. ඒත් කාලෙකින් තොරතුරක් ලැබුණේ නෑ. අවසන් වරට වසර කීපයකට පෙර හමු වූ විටෙක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරන බව තමයි කිව්වේ. හිත හොඳ දක්ෂයෙක්.
ReplyDeleteඑකඟයි
Deleteසතුටුයි මෙහෙම තමන්ගේ නියම කාර්ය භාරය දැන ගෙන වැඩකරන වෛද්‍යවරු ගැන. මගේ හිතවතෙක් ගැනත් මෙවැනිම කතිඅවර් තියෙනවා. "අපේ කාලයේ ජීවකයා" නමින් අය ලියවෙන්න නියමිතයි.
ReplyDeleteSalute
Deleteමේ දොස්තරගේ සොහොයුරෙක් ඉස්පිරිතාලේන් සිදුවූ වැරදීමක් නිසා මියගිය පුවතක් මීට අවුරුදු දහයකට විතර පෙර පළවුනා.
ReplyDeleteඒක මම දැනගෙන හිටියේ නෑ
Deleteමට මතක හැටියට ඔහු ඉන්ජිනේරුවෙක්. එය නීති මාර්ගයට ගියාද කියා මතකයක් නැහැ.
Deletemama ahala balannam
Delete++++
ReplyDeleteවෛද්‍ය තුමාට සුබ පතමි...
ReplyDelete++++++++++++++++++++++
Delete