Saturday, February 25, 2017

අපේ රටට ;සමාජයට ආර්ථිකයට අවශ්‍ය ත්‍රීමා විතානලාද ? ධම්මික පෙරේරලාද ?


අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දී  එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාණ , වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ   යන සිසුන් බිලි බෝයිස්ලා කියා මම සිතමි. ඔවුන් කපටීන්ට රැවටුණු හිත හොඳ අවංක මෝඩයෝ වෙති. 

ත්‍රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව   ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්‍ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය​. 

වරක් රාගම රෝහලේදී මිය ගිය කොල්ලූරේගේ ලඟම ඥාතී වෛද්‍යවරයෙක් මට  හමු විය. කොල්ලූරේ ගියේ අනවශ්‍ය මුග්ධ ගමනක් බව ඔහු කීවේය. 

මේ සිසුන් මිය ගිය දුක තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ ඥාතීන්ට පමණි. අනෙකුත් ඇත්තෝ මේ මළකඳන් තමන් ගේ සෝෂල් ප්‍රාග්ධනය බවට පත් කර ගත්හ​.​.  

අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල කෑගසන මල්ලිලා වෙතටයි ; ඔය පාරවල් වල යාමට පෙර උඹලාව ෆෝම් කරන එවුන් ඉස්සෙල්ලා යවපල්ලා 

පහත දැක්වෙන්නේ රවීෂ තිලකවර්ධන විසින් ඔහුගේ මුහුණු පොතේ තබන ලද සටහනකි 


මේ කරන්න යන්නෙ ගොඩක් අයගෙ ආතල් කැඩෙන ඉවසන්න අමාරු වෙන සංසන්දනයක්. මේ පින්තූරෙ ඉන්නෙ බැලූ බැල්මට එකිනෙකාට සංසන්දනය කරන්න අමාරු ඒත් අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදි සංසන්දනය කරන්න සිද්ධ වෙන දෙන්නෙක්.

වම්පැත්තෙ ඉන්නෙ අසූ ගණං වල අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි සටනට නායකත්වය දීලා එවකට භීෂනකාරී දේශපාලනය නිසා මිය ගිය පද්මසිරි ත්‍රීමා විතාන. දකුණු පැත්තෙ ඉන්නේ සාමාන්ය පවුලක ඉපදිලා එන්ඩීටී අධ්‍යාපනය ලබද්දී පටංගත්තු ජැක්පොට් ව්‍යාපාරයක් හරහා දියුණු වෙලා අද වෙද්දි ලංකාවෙ නිල හා නොනිල සියලුම වාර්ථා වලට අනුව මුල්ම ධනපතියා වෙච්චි දොන් ධම්මික පෙරේරා.

අසූ ගණං වල ත්‍රීමා විතානලා ජීවිත පරිත්‍යාගයෙන් කරපු සටන අවසන් වෙන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගැනීමේ උත්සාහය පරද්දලා. ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලබපු ඓතිහාසික ජයග්‍රහණයක්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට 2010 වෙනකන්ම මුදල් ගෙවා අධ්‍යාපනය හදාරා උපාධි ලබා ගත හැකි ආයතන ලංකාවෙන් බිහි වෙන්නෙ නෑ.

ඊ ළඟට ධම්මික පෙරේරා. ත්‍රීමා විතනලාගේ ජයග්‍රහණයත් එක්ක වැළලිලා ගිය පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ධම්මික ආපහු කරලියට ගේනවා. අධ්‍යාපන උසස් අධ්යාපන අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි කරන්න ඉඩ නොදෙන එම ආයතන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යටතේ සමාගම් ලෙස ලියාපදිංචි කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එහි සභාපති වරයාව හිටි ධම්මික පෙරේරා කටයුතු කරනවා. තව අවුරුදු විස්සකිං ලංකාවෙ ඉතිහාසෙ ලියන දවසකදි ඒක අමතක කරන්න බැරි ඓතිහාසික තීන්දුවක්.

කොහොම හරි මේක මට වැදගත්ව් වෙන්නෙ මෙහෙමයි. අදක්ෂ කම සහ වෙනත් හේතු ගණනාවක් නිසා උසස් පෙළ අසමත් වෙන මට සල්ලි දීලාවත් උපාධියක් ගන්න උපාධි ක්ඩයක් 2007දි හොයා ගන්න වෙන්නෙ නෑ. ඉතිං මට සිද්ධ වෙනවා සිවිල් ඉංජිනේරු විද්‍යාවට අදාළ වෘත්තීය පාඨමාලාවක් හදාරන්න. ඒක සාර්ථකව අවසාන කරලා ක්ෂේත්‍ර අත්දැකීම් වලින් පස්සෙ මම එම ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් වෙනවා.පහුගිය අවුරුදු හය ඇතුළෙ ලංකාවෙ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ විවිධ සුදුසුකම් ලබන දහසකට අධික පිරිසක් යම් මොහොතක මගේ ශිෂ්‍යයන් බවට පත්ව ඉඳලා තියෙනවා. ඔවුන් හැමෝම අද මේ රටේ ධනය උත්පාදනය කරන ශ්‍රම බලකායට අයත් වෙද්දී තව සියකට ආසන්න පිරිසක් මැද පෙරඩිග සහ බටහිර ඉඳන් එම ක්ෂේත්‍රයේ රැකියා වලිං රටට මුදල් එවනවා.

ඒත් නිකමට හරි එදා ත්‍රිමා විතානලා සටන පැරදිලා අසූ ගණං වල ලංකාවෙ පුද්ගලික විශ්ව විද්‍යාල පටං ගත්තා නං මට මීට වඩා ප්‍රමිතියකින් යුතු ජාත්‍යාන්තරව පිළිගත් උසස් අධ්යාපන ආයතනයකින් ඉගෙන ගෙන වඩා වැඩි දෙයක් කරන්න තිබුණාය කියල හිතෙනවා. 2010 ඉඳලා අද වෙනකං විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලික උපාධි අරං රටට මුදල් උත්පාදනය කරන අයගේ ගාණ බැලුවාම අසූ ගණං වල ඉඳං එම අවස්ථාව වැහිලා යාම නිසා ඒ දේ කර ගන්න බැරිවුන අයට එම අවස්ථාව ලැබිලා රටේ දියුණුවට වඩා ඵලදායීව එකතු වෙන්න පුලුවං වුනා නං අද මේ රට කොයි තරං දියුණු වෙන්න ඉඩ තිබුණාද කියලත් හිතෙනවා.



කොහොම හරි මට වගේම අපේ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක Manjula Samarasekara සොයුරා වගේ අයටත් කළමණා කරන ක්ෂේත්‍රයෙන් ලෝකය පිළිගත් විශ්ව විද්‍යාල වලිං මාස්ටර්ස් සුදුසුකම් ලබා ගන්න හේතු වෙන්නෙ ධම්මික පෙරේරා විසින් ගෙනෙන ලද ප්‍රතිසංස්කරණය. ඔහු ලබා දුන් ඉඩකඩ නිසා පස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ ඒවාට පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් මැදිහත් නොවී ඉන්න බැරි වෙනවා.

සාරාංශය මෙහෙමයි. අදටත් මට සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් මිසක් බී එස් සී හෝ බී ටෙක් උපාධියක් නෑ. ඒ ත්‍රීමා විතානලා දැන හෝ නොදැන එදා කල තක්කඩි වැඩේ නිසා. ධම්මික පෙරේරා නිසා අද ඒක ලබා ගන්න මට අවස්ථාව තිබුණත් වයස, මානසිකත්වය සහ වෙනත් සාධක නිසා මට ඒක කරන්න දැං බෑ. ඒ වගේම ත්‍රීමා විතානලාගේ කාළකණ්නි වැඩේ නිසා උපාධියක් ගන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් අරගෙනත් පස්සෙ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් තවත් කාලය මුදල් වැය කරලා නැවතත් බීඑස්සී උපාධි හදාරපු යාලුවො බර ගානක් මට ඉන්නවා.

ඒ අතරින් ත්‍රීමා විතානලාගේ වැඩේ නිසා බීඑස්සී එකක් කරන්න බැරි කමට ග්‍රැජුවේට් ඩිප්ලෝමාවක් කරලා පස්සේ ධම්මික පෙරේරා අවස්ථාව දුන්නාම නැවතත් කාලය මුදල් වියදම් කරලා බීඑස්සී එකකුත් කරලා එම සුදුසුකම හරහා "කොළඹ විශ්ව විද්‍යාලයෙන්" ආචාර්‍ය උපාධි ප්‍රවේශයකුත් ලබා ගත්තු මිතුරෙක් මගේ මේ ෆේස්බුක් ගිණුමෙත් ඉන්නවා. නිකමට හිතන්න අසූ ගණං වල ත්‍රීමා විතානලා සටන දිනූ තැන ඉඳලා ධම්මික පෙරේරා මේ අවස්ථාව ලබා දෙනකං කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධි ගන්න පුලුවං කම තියෙද්දිත් නිරපරාදේ වැළලී ගිය තවත් ජීවිත කීයක් තියෙන්න ඇතිද?? මට වගේ මේ ටික වචන වලට පෙරල ගන්න බැරි සිය දහස් ගාණක් මේ පොළොවෙ ජීවත් වෙන බව මම දන්නවා. ඒ අය වෙනුවෙන් කවුරුත් උපවාස උද්ඝොෂන කරන්නෙ නෑ.

මේ ගැන මේ විදියට කතා කරද්දි ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන කඳවුර සලිත වෙනවා. හරියට මිනී ඇට කැබැල්ලක් හොලවලා වැහි වස්සන්නෙ කොහොමද කියලා අහන කොට සාම්ප්‍රදායික බෞද්ධයෝ සලිත වෙලා "අනේ අපොයි බුද්ධාගමට මෙහෙම අපහාස කරන් කාළකණ්ණියොත් ඉන්නවද දෙයියනේ" කියලා ඔලුවෙ අතගහ ගන්ඩ විදියටම, "කුරුසෙට ඇණ ගහද්දි දේවියන් වහන්සේගෙං චාන්ස් එකක් ගන්න බැරි වුන කෙනාගෙන්ද අපි දේවියන් වාන්සේගේ පිහිට ඉල්ලන්නෙ" කියල අහද්දි කතෝලිකයෝ සලිත වෙන විදියටම."අවුරුදු නමයක පොඩි ගෑනු දරුවොන්ට බාලාපරාධ කරපු එකෙකුගෙන්ද මිනිසාගේ විමුක්තිය ගැන අහන්නෙ" කියලා අහන කොට ඉස්ලාම් භක්තිකයො සලිත වෙන විදියටම මේවා දැක්කාම වාමාංචිකයෝ සලිත වෙනවා. "ත්‍රීමා විතාන වගේ ඓතිහාසික ශිෂ්‍ය වීරයෙකුට වඩා ධම්මික පෙරේරා හොඳයි කියලා කියන එවුනුත් මේලෝකෙ ඉන්නව නේද දෙයියනේ" කියලා අකම්පාල වෙන කමෙන්ට් කිහිපයක්ම මේ පෝස්ට් එකටත් වැටෙන්න නියමිතයි.

කොහොම හරි බොටම් ලයින් එක මේකයි. අවුරුදු විසි ගාණක් තිස්සෙ මනුස්සයකුට සල්ලි දීලා උපාධියක් අරං තමුංගෙ ජීවිතෙත් සාර්ථක කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා මිය ගිය ත්‍රීමා විතානගේ නම කියන කොට අපේ ඔලුවට එන්නෙ වීරයෙක්. හැබැයි දාස් ගාණකට අධ්‍යාපන අවස්ථා ලබා දීලා එම අධ්‍යාපනයෙං මිනිස්සුන්ට ජීවත් වෙන්න රට දියුණු කරන්න ඉඩ හදලා දීපු ධම්මික පෙරේරාගේ නම ඇහෙනකොට අපේ ඔලුවට එන්නෙ ද්‍රෝහියෙක්. වංචාකාරයෙක්.අවුරුදු හැත්තෑවකටත් වැඩි මූසල වාමාංශික දේශපාලනය අපේ ඔලු වල ඉතුරු කරපු ශේෂ පත්‍රය ඔන්න ඕකයි.

ප.ලි
විශ්වාස කල දේශපාලන දර්ශනය කොයිතරං නොමේරූ ගුණමකු නීෂේදනීය බලපෑම් රටට ගෙන ආ එකක් වූවත් පද්මසිරි ත්‍රීමා විතාන ඝාතනය යනු යළි යළිත් පිළිකුල් කල යුතු, හෙලා දැකිය යුතු අපරාධයකි

28 comments:

  1. Appreciating your critical eye, I would like to question your open mindedness? Did Threema die in vain really? Since, being taken into the government sector, Ragama faculty has given educational opportunity to thousands of medical students. You disapprove Threema, Venura and those who persuaded them into the wolves. So what about the wolves? Dhammika Perera is a great man, no doubt. But degrading why Threema died in in the face of a comparison is really disgusting. Threema would have never anticipated his death. He would have cried in agony and died an ugly death, who knows? But know this, your posts defrock some of your repressed anger and maybe envy towards graduates of state medical faculties. And mind you,you cannot call someone a fool based on his political views. They were brilliant minds of their days. If they chose to be like their mates( as you suggest) and NCMC was continued with several other PMCs due to no oppression, do you think that our country would have been a heaven ? There would be more and more of " doctor businessmen.

    ReplyDelete
    Replies
    1. 1) Pl read my article about PMC
      2) Threema and others could have done this struggle without Galkatas in a non violent way
      3) Yes I have anger and maybe envy towards double standard people like Threema 's roommate and others who had sent these innocent students to their death.

      People like you are still capitalizing form their deaths. Its so shameful and that is why you are frightened to face me with your real name and identity.

      Delete
    2. Private ragam uni would hv done a 100 timea better job for th state than th one which was taken over by th government. Atleast it would hv nt created graduates who get their degree free thanks to th poor tax payer b flee th country to server western countries who didnt spend a cent for their education. As far as im aware take over of ragama faculty took our counrry backwards in a time where such facilites were not avaible in th region. Ragama faculty was a pioneer in that ear. If it ws there sei laanka would hv been th centre of south asian medical education. Thanks to th selfush loosers who eat way tax payer money we lost a grea oppertunity

      Delete
    3. indeed pl see

      පී.එම්.සී http://transyl2014.blogspot.ca/2016/05/blog-post_26.html

      Delete
  2. /* ....මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ ....*/

    ???? අන්විශ්වාසබල්!!!

    ReplyDelete
    Replies
    1. විමල් වීර වංශට අසූ ගනන්වල කැම්පස් යන්න පුලුවන් පුතෙක් ඉන්නවා කියලා මටත් අන්විශ්වාසබල් වුනා.. මේ වෙන විමල් වීර වංශ කෙනෙක් ද නැත්නම් මිනිහගේ මේක් අප් එක අපි ඔක්කොවන්වම රවට්ටල ද ?

      Delete
    2. හෙහ් ..... කමා එකක පුරස්නයක් වගේ...

      Delete
    3. විමල් වීරවංශ ඒ කාලයේ පුද්ගලික කැම්පස් විරෝධී එසේම විවි සිසුන්ට පන්ති කලා

      Delete
    4. Boru kiyanna epa Vimal veeravansha 87/89 kale JVP eke natta wage hitapu un. 94 kaledi JVP nawatha godanageemedi thamai un poraval une. Vimal veeravanshata 87/89 kale panthi karanna tharam hakiyawak naha.

      Delete
  3. මටත් අනුව ත්‍රීමා විතාරණ ද්‍රෝහියෙක්... සිසුන් ඉන්නේ ඉගන ගන්න මිසක් ප්‍රතිපත්තිමය තීන්දු ගන්න නෙමේ..රජයට අභියෝග කරළා ලොරි ටෝක් ඉෂූ කරණ අ.වි.ශි.බ.ම. ගිරවා දකිනකොටත් මට පුදුම අපුලක් දැනෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ලොරි ටෝක් ඉෂූ කරණ අ.වි.ශි.බ.ම. ගිරවා///// ha ha ha

      Delete
  4. ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යන උන්ට නොමිලේ උසස්අ ධ්‍යාපනය ලැබෙන එක ගැන අපිවත් කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. වෙරුද්ධ වෙන්න හේතුවකුත් නැහැ.
    එත් ඒ තරමට ඒ ලෙවල් කරගන්න බැරි එවුන්ට සල්ලි වියදම් කරගෙන හරි ඉගෙන ගන්න තියෙන නැති කරනවා කියන්නේ සම්පූර්ණ කුහක පාහර ක්‍රියාවක්.

    දැන හෝ නොදැන නෙමේ, මම නම් කියන්නේ දැන දැනම ත්‍රීමාවිතාන වගේ කාලකන්ණි කලේ රටේ උගතුන් බිහිවෙන එක නවත්තපු දේශද්‍රෝහී ක්‍රියාව.

    ධම්මික පෙරේරා කියන්නේ මොන අතින් බැලුවත් රටට සම්පතක්.
    මිනිහා තනියම සල්ලි අච්චු ගැහුවේ නැහැනේ.
    රට වටේම හැම බිස්නස් එකටම ඇත ගැහුවා.
    මිනිහගේ බිස්නස් නිසා මිනිස්සු කී දෙනෙක්ට රස්සා ලැබිලා තියෙනවද?
    පුද්ගලික අධ්‍යාපනයට අතගහපු නිසා කැම්පස් යාගන්න බැරි කී දාහක් මේ අවුරුදු හත අටට ඉගෙන ගෙන රටට වැඩ කරනවා ද?

    ඔව්වා ඔය වාමාංශික කාලකන්නින්ටත් හොඳට තේරෙනවා..
    එත් උන්ගේ පහලින් ඉන්න අන්තරේ වගේ මෝඩ හැත්ත ට තේරුම් ගන්න දෙන්නේ නැහැ.
    ඒ , අන්තරේ එවුන් මේවා තේරුම් ගත්තොත් වාමාංශික කියන නම ඉතිහාස පොත් වලට එකතු වෙන නිසා..

    කාල් මාක්ස් ටත් පවුපුරෝන හැත්තක් මෙහෙ ඉන්නේ..

    ReplyDelete
  5. සිංගප්පූරුව දියුණු කරනකොට, ලී ක්වාන් යූ ඉස්සෙල්ලම කරල තියෙන්නෙ වාමාංශික ව්‍යාපාර නීත්‍යාණුකූලව මර්ධනය කිරීම. උන් තමයි රටවල් කන්නෙ. පන්ති භේදය, පන්ති වෛරයක් දක්වා වර්ධනය කළේ ඔය කාළකණ්නි වාමාංශිකයො. අදත් ත්‍රීවීල් එලවන එකා හොඳ කාර් එකක (මරුටි කටු නෙවෙයි ) යන එකා එක්ක තරහයි. බොරුවට හරි අයිනෙන් කපලා සූරලා හරි දානවා. මම ලංකාවට අපු දෙපාරක්, රෙන්ට් කරපු කාර් සූරල දැම්මා. දෙපාරම, නවත්තලා තියෙන වාහනේ. හැබැයි ඔය විමලයා ගැන කියපු කතාවනම් වෙන්න බැරි එකක්. ඕකා, ත්‍රීමාල ශිෂ්‍ය සටන් මෙහෙයවනකොට, පාප්ප පෝස්ටර් අල්ලපු ගොන් තඩියෙක්. පස්සෙ කාලෙක තමයි වාචාල කට නිසාම නායකත්වයකට ආවෙ, 9 වසර පමණක් සමත් ගොන් තඩියෙක් විධියට තමයි ඊනිව්ස් එකේ තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. විමල් වීරවංශ ඒ කාලයේ පුද්ගලික කැම්පස් විරෝධී එසේම විවි සිසුන්ට පන්ති කලා

      Delete
  6. පරණ වම, දොස්තර වික්‍රමසිංහලගෙ, එන් එම් ලගෙ ඉඳන් වර්තමාන තක්කඩි වාසු දක්වා ගත්තොත්, උන් සේරම ධනපති පන්තියට අයත් උන්නෙ. උන් වම පාවිච්චි කළේ, තමන්ගෙ දේශපාලන පැවැත්මට, හරියට ගෙම්බන්පිල ජාතිවාදය මාකට් කරලා පාලිමන්ට් රිංගනවා වගේ වැඩක්. උන්ගෙ පස්සෙ යන මෝඩයො තමයි අනාථ වෙන්නෙ. අන්තිමට උන් වපුරපු පන්ති වෛරයෙන්, ජවිපෙ උපරිම ප්‍රයෝජන අරගෙන මෝඩ විප්ලයව කළා.

    ReplyDelete
    Replies
    1. උන්ගෙ පස්සෙ යන මෝඩයො තමයි අනාථ වෙන්නෙ///// ++++++

      Delete
  7. ධනවාදය සුන්දර නැත. නමුත්, (මට නම්) අද පවතින ප්‍රජාතන්ත්‍රවාදය තුල පවතින ධනවාදය, සමාජවාදයට වඩා සුන්දරවේ.

    ඉහල ලකුණු ගත් සිසුන්ට නොමිලේ උපාධියට ඉගෙනගැනීමට අවස්තාව දීම ඉතා හොද මෙන්ම, අඩු ලකුණු ගත් අයට ඔවුන්ගේ මුදල් ගෙවා උපාධියට ඉගෙන ගැනීමට අවස්තාව නොදීම දුෂ්ට කමකි.

    ReplyDelete
  8. I oppose you name Thrima in a bad way. He too was a victim of this hypocritic leftists. I think Thrima was an honest one.

    ReplyDelete
  9. අපි වෙනස් කරමු අපේ පංතිය

    ReplyDelete
  10. මම නම් ත්‍රීමා වගේ වුන්ට එච්රම දොස් කියන්න යන්නේ නෑ, එයා හිටිය නම් එස් බී ල, රාජිත ල, වගේ යමක් වෙනස් කරන (හොඳට හෝ නරකට)ඇමති කෙනෙක් වෙන්න තිබ්බා, ගල්කටස්ලා ගේ ප්‍ර‍මුඛ වගකීම එවැන්නන් ඔවුනතරන් බිහිවීම වැලැක්වීමනේ.

    ලංකාවේ විශ්ව විද්‍යාල වලට තේරෙන පිරිස සමාජ දැණුම අවම තොත්ත බබලා කොටසක්, සමාජ දැණුමක් නැති අයට විශ්ව දැණුම අවබෝධ කරවන්නේ කොහොමද? හැබැයි හොඳ වෙලාවට සමාජ දැණුම ඇති පිරිස ඉස්කොලෙන් පෙල් වෙලා රටට ආදායම් ගෙනෙන රස්සා කරල රට නඩත්තු කරනවා.

    සමාජය සංවර්ධනය කරන වගකීම ඇති සොෂල් ස්ටඩීස් ෆැකල්ටි වලින් එළියට එවුන්නේ සමාජ දැණුම ෆේස් බුක් වලින් මැනගන හැකි වීම ගැන සන්තෝෂ වෙන්ට ඕන.

    ReplyDelete
    Replies
    1. මාජ දැණුමක් නැති අයට විශ්ව දැණුම අවබෝධ කරවන්නේ කොහොමද? true

      Delete
  11. "ලංකාවේ විශ්ව විද්‍යාල වලට තේරෙන පිරිස සමාජ දැණුම අවම තොත්ත බබලා කොටසක්, සමාජ දැණුමක් නැති අයට විශ්ව දැණුම අවබෝධ කරවන්නේ කොහොමද? හැබැයි හොඳ වෙලාවට සමාජ දැණුම ඇති පිරිස ඉස්කොලෙන් පෙල් වෙලා රටට ආදායම් ගෙනෙන රස්සා කරල රට නඩත්තු කරනවා."

    පුකෙන් හිනා ඕයි! ඇත්තම කියනවනම් රට නඩත්තු කරන්නේ ඉස්කෝලේ ගිහින් හරි නොගිහින් හරි අරාබියෙයි තේ වතුව්ලයි, ගාමන්ට්වලයි කඹුරන ගනු හලෝ. නැතුව තොපි වගේ A /ල පාස් වෙලා කැම්පස් යන්න බැරිවෙච්ච එකට හුල්ලන කුහකයෝ නෙමෙයි!

    ReplyDelete
  12. Good explaination....Dhammika Perera is a real genius....He has done NDT at University of Moratuwa ...He also doesn't have BSc Degree in Engineering but he has won the whole economic world in Sri lanka...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook