Sunday, February 12, 2017

වෛද්‍ය කීත් චැප්මන් , ප්‍රසන්න සහ සයිටම්



මේ චායාරූපයේ සිටින්නේ වෛද්‍ය කීත් චැප්මන් ය​. ඔහු දක්‍ෂ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකි.  වෛද්‍ය කීත් චැප්මන් හලාවත මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කොට වර්තමානයේ එක්සත් රාජධානියේ රෝහලක ශල්‍ය වෛද්‍ය වරයෙකු ලෙස සේවය කරයි. 

කීත් චැප්මන් අධ්‍යාපනය ලැබුවේ කොලඹ සෙන්ට් ජෝසෆ් විදුහලේය​. අපොස උසස් පෙළ විභාගයේදී  ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට යාමට ඔහුට  අඩු වූයේ ලකුණු කීපයක් පමණි. එම වසරේදී වෙනත් දිස්ත්‍රික්ක වලින් ඔහු සමග අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට  ඔහුට වඩා අඩු ලකුණු ගත් සිසුන් දිස්ත්‍රික් කෝටාව නිසා ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට ගියහ​. 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට යාමට නොහැකි වූ කීත් චැප්මන් සෝවියට් දේශයේ විනිට්සා වෛද්‍ය පීඨයට ගොස් වෛද්‍ය උපාධිය ලබා පසුව විශේෂඥතා විභාග සමත්වී ශල්‍ය වෛද්‍යවරයෙකු විය​. 

කීත් යහපත් මිනිසෙකි. හොඳ කරුණාවන්ත වෛද්‍යවරයෙකි. රෝගීන් ගේ සෙත සලසන්නෙකි. කීත් වැනි දක්‍ෂ සිසුන් කී දාහක් දිස්ත්‍රික් කෝටාව නිසා නිසා මිළිනව යන්නට අැත්ද ? සයිටම් වැනි ආයතන තිබිය යුත්තේ කීත් වැනි දිස්ත්‍රික් කෝටාව නිසා ප්‍රතික්ශේප වන සිසු සිසුවියන්ට බව මම සිතමි. 

තවත් උදාහරණයක් දෙමි. නම් ගම් මනංකල්පිතය​. 

ප්‍රසන්න ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ ලියූ මුත් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු 10 අඩු විය​. ඒ වසරේම ගිහාන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් උසස්  පෙළට වාඩිවී ප්‍රසන්නට වඩා අඩු ලකුණු ගත් නමුත් දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට ගියේය​. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් උසස්  පෙළට වාඩිවූ ගිහාන් ටියුෂන් ගියේ කොලඹ ප්‍රසන්න ගිය ගුරුවරුන් ලඟටමය.  ප්‍රසන්න කල යුත්තේ කුමක්ද ? 

සයිටම් වැනි ආයතන තිබිය යුත්තේ  ප්‍රසන්න වැනි දිස්ත්‍රික් කෝටාව නිසා කැපී යන  වන සිසු සිසුවියන්ට බව මම සිතමි.  

සයිටම් ආයතනය දෙස කුහකව මෙන්ම ඉරිසියා සහගත ඇසින් බලා එම  ආයතනය වසා දැමීමට කියා උද්ඝෝෂණය කරනවාට වඩා අප විසින් කල යුත්තේ වඩා ගුණාත්මක ප්‍රමිතියක් සහිතව එය ක්‍රියාත්මක  කිරීමට උද්ඝෝෂණය කිරීමය​. 



65 comments:

  1. සයිටම් වල වරදක් ඇතැයි මට විටෙක සිතෙයි. මට වෛද්‍ය විද්‍යව ගැන දැනුමක් නැතත් මාගේ බිරිඳ පවසන දෙයින් මා තුල යම් අවබෝධයක් ඇත. ඇය උග්‍ර සයිටම් විරෝධියකු උවත් මා සියල්ල දකින්නේ මධ්‍යස්ථාවය.

    ශ්‍රී ලංකාවේ රුසියාවේ, එංගලන්තේ හෝ ඇමරිකාවේ විශ්ව විද්‍යාල සයිටම් අහලකින්වත් තැබිය නොහැක. එනමුදු සයිටම් හි ගුණාත්මක භාවය ගැන අදහසක් තවම නැත.

    ලකුණෙන් දෙකක් මිස් වී වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි වීම සෝචනීය තත්වයකි. එය වලක්වා ගැනීමට නම් රජය විසින් උසස් පෙලින් විශ්වවිද්‍යාල වෙත අතුලත් කරගන්න සිසුන් පිරිස වැඩි කල යුතුය. සයිටම් හි ගුණාත්මක භාවය ඉහල දැමිය හැක්කේ රජයට පමණි.

    ReplyDelete
    Replies
    1. සයිටම් හි ගුණාත්මක භාවය ඉහල දැමිය හැක්කේ රජයට පමණි./////+++++++

      Delete
    2. කඩඉම් ලකුණු(cut off mark) ඇති කරන්න ඕන .කඩඉම් ලකුණු ලග ඉන්න කෙනෙකුට මදි වෙන්නේ ලකුණු ටිකක් තමයි .:)

      රජයේ විශ්වවිද්‍යාල සල්ලි යම් කොටසක්(50%,70%,80%) ගෙවල ලකුණු ටිකක් මදි යට දෙනවනම් හරි.
      ඔවුන්ගෙන් ලබා ගන්න මුදලින් එම විශ්වවිද්‍යාලයේම පහසුකම් වැඩි කර වසරකදී ඇතුලත් කරන සිසුන් ගණන වැඩි කල හැකි.

      පුද්ගලික විශ්ව විද්‍යාලවල ගුණාත්මක බවය පිළිබද ගැටළු ඇත(course ekata lamai enne nati wei kiyala papers walata lakunu denna kiyanawa).ලංකාවේ දැනට ඇති පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිට වන අයට රැකියා බොහෝවිට ලබා ගත යුත්තේ පුද්ගලික අංශයෙනි.එවිට දක්ෂතාවය ඇති යට රැකියා ලැබුණු ඇත.එමනිසා IT industry eke gataluwak natha.samahara IT companies ලංකාවේ quality degree holders ඉන්න නිසා ලංකාවට ආවා.They don't have good image about India.apith quality nati degree deela e wage image ekak ganna ona na.IT industry eke nam wada karayo inna kota companies enna kamati.

      Delete

  2. මට පේන විධිහට සයිටම් විරෝධය හුදු කුහකකම හා දේශපාලන අවශ්‍යතා මත ඇති වෙච්ච දෙයක් විතරයි. ප්‍රමිතිය මදිනම් ප්‍රමිතිය උසස් කරලා ඒක පවත්වාගෙන යන එක වැඩදායී වෙයි කියලා මට හිතෙනවා. සයිටම් නැත්නම් සල්ලි තියෙන අය රට ගිහින් ඉගනගෙන එයි. ඒක නවත්වලා ඒ සල්ලී රටේම රදවගෙන, පුලුවන්නම් පිටරට අයත් මෙහෙට ඇදගන්න පුලුවන් මට්ටමට සයිටම් ගේන්න පුලුවන්නම් හොඳයි.

    මොන තත්ත්වයක් යටතේ වුනත් වි.වි. ශිෂ්‍යයින්ට කොහෙ තියන හයියක්ද වර්ජන, උද්ගෝෂණ කරන්න...

    ReplyDelete
    Replies
    1. පිටරට අයත් මෙහෙට ඇදගන්න පුලුවන් මට්ටමට සයිටම් ගේන්න පුලුවන්නම් හොඳයි/////// ++++++++++

      Delete
    2. //පිටරට අයත් මෙහෙට ඇදගන්න පුලුවන් මට්ටමට සයිටම් ගේන්න පුලුවන්නම් හොඳයි.// :D

      Delete
    3. //පිටරට අයත් මෙහෙට ඇදගන්න පුලුවන් මට්ටමට සයිටම් ගේන්න පුලුවන්නම් හොඳයි.//****


      බැලුබැල්මට නම් බෑ වගේ තමයි. එත් දැනටත් වෛද්‍ය නොවෙන තොරතුරු තාක්ෂණය වැනි උපාධි පාඨමාලා හැදෑරීමට SLIIT වෙත විදේශීය සිසුන් පැමිණ සිටිනවා. කොහොමටත් සිංගප්පූරුව ජපානය ජර්මනිය වැනි රට වලින් නම් එන එකක් නෑ කියන එක නම් පැහැදිලියි. නමුත් නයිජීරියාව නේපාලය මාලදිවයින හෝ අරාබි රටවල් වලින් සිසුන් ගේන්න ගන්න තරමට යන්න බැරි වෙන එකක් නෑ රාජ්‍ය-පුද්ගලික-සහයෝගීත්වයක් ඇති කරගත්තොත්.

      අනික් අතට, දැන් ලාංකික සිසුන් වෛද්‍ය උපාධි පාඨමාලා හැදෑරීමට පවා යන නේපාලය බංගලාදේශය පිලිපීනය වැනි රටවල විශ්වවිද්‍යාල මහා දියුණුවක් ඇති විශාල ඒවාත් නෙවෙයි.

      Delete
  3. වෛද්‍ය තුමනි, ඔබ මෙතැනදී ඉතා වටිනා අදහසක් මතු කර පෙන්වනවා. දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලය අහිමි වන සිසුන්ගේ අයිති වාසිකම්! මෙය බොහෝ දෙනෙකු සඟවා දමන්නට උත්සහා කරන කාරනයක්. ඇත්තෙන්ම මා පෞද්ගලිකවම මේ කුලකයේ සාමාජිකයින් බොහෝ ගනනක් දන්නවා.

    අද වන විට වසරකට ලංකාවේ කොහේ හෝ තැනෙකින්වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන අවම ලකුණු ලාභියාට වඩා වැඩි ලකුණු සහිත දහසකට වැඩි පිරිසකට වසරකදී වෛද්‍ය අද්‍යාපනය අහිමි වනවා.
    මෙයට පිළිතුර ලෙස ඇතැමුන් රජය විශ්ව විද්‍යාල වලට කරන බඳවා ගැනීම් වැඩි කල යුතු බව කීවත්, මා සලකන්නේ උසස් පෙළ සමත් යැයි සම්මත් සාමාන්‍ය සාමාර්ථ 3 ලබ ගත් සැම සිසුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිගත යුතු බවත් ඒ අයිතිය සුරැකීම හා ඉටු කිරීම රජයක වගකීම බවත් මයි. මේ අයිතිය උදුරා ගැනීමට අන්තරයට හෝ ජවිපෙට හෝ රැල්ල ඔස්සේ දුවන කිසිදු දේශ්පාලන බලවේගයකට අයිතියක් තිබිය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. උසස් පෙළ සමත් යැයි සම්මත් සාමාන්‍ය සාමාර්ථ 3 ලබ ගත් සැම සිසුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිගත යුතු බවත් ඒ අයිතිය සුරැකීම හා ඉටු කිරීම රජයක වගකීම බවත් මයි. මේ අයිතිය උදුරා ගැනීමට අන්තරයට හෝ ජවිපෙට හෝ රැල්ල ඔස්සේ දුවන කිසිදු දේශ්පාලන බලවේගයකට අයිතියක් තිබිය යුතු නැත./////// 100 % agree, Pl pst this in your FB

      Delete
  4. ඩොක්ටර්,

    //ප්‍රසන්න ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ ලියූ මුත් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු 10 අඩු විය​. ඒ වසරේම ගිහාන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් උසස් පෙළට වාඩිවී ප්‍රසන්නට වඩා අඩු ලකුණු ගත් නමුත් දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට ගියේය​.//

    ඔබ පහර දෙන්න ඕනේ නියම තැනටම පහර දීල තියනවා. මම මේ ගැන කීප තැනකදී කිව්වත් මේ කුහක මිනිසුන් නොදැක්ක වගේ මගහැරිය.

    නිකන් හිතන්න අගනගරයේ වැඩි ලකුණු ගත් දරුවෙකු වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවෙන කොට ඊට වඩා අඩු ලකුණු ලැබුවෙක් වෛද්‍ය විද්‍යාලයට යනවා මෙහෙම ගිහින් අර වැඩි ලකුණු ඇති පුද්ගලයා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට යනවට විරුද්දව කෑගහන්නේ "මෙන්න උපාදි කඩ වලින් වෛද්‍ය වරු බිහිවෙනවා කියල" තව සමහරු කියනවා මැට්ටෝ දොස්තරලා කරනවා කියල නමුත් මේ කෑගහන අය දන්නේ නෑ තමන්ට වඩා වැඩි ලකුණු ඇති අය මෙතන ඉන්න බව. හිතන්න කොච්චර කුහක මිනිසුන්ද කියල. මම විවාදයකදී සයිටම් වලට විරුද්ද වෛද්‍ය වරයකු ගෙන් ඇහුව ඔබේ උසස්පෙළ ප්‍රතිපල මතකද කියල නමුත් ඔහු කිව්වේ ඔහුට මතක නෑ කියල.


    ReplyDelete
    Replies
    1. මම විවාදයකදී සයිටම් වලට විරුද්ද වෛද්‍ය වරයකු ගෙන් ඇහුව ඔබේ උසස්පෙළ ප්‍රතිපල මතකද කියල නමුත් ඔහු කිව්වේ ඔහුට මතක නෑ කියල.////// ha ha ha

      Delete
    2. //සයිටම් වලට විරුද්ද වෛද්‍ය වරයකු ගෙන් ඇහුව ඔබේ උසස්පෙළ ප්‍රතිපල මතකද කියල නමුත් ඔහු කිව්වේ ඔහුට මතක නෑ කියල//
      සයිටම් හි පාඨමාලා හදාරණ ළමුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල C-01 යි S-02 ක් හෝ S-03 ක් වැනි අය යැයි පවසා ඇත. එවැනි ප්‍රතිඵල ලබාගත් එකම ළමයෙකුවත් දිස්ත්‍රික් පදනම මතවත් තේරී රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පිඨයේ නැද්ද ?

      Delete
    3. natha.z-core dashama ganakin wenas wenne.

      Delete
    4. c1,s2 bio science wath yanna bari wei.

      Delete
    5. I think there should be a minimum entry requirement for medicine please refer the link below
      University of Melbourne entry requirement for Bio medicine with Sri Lankan A/L is AAB

      https://futurestudents.unimelb.edu.au/admissions/entry-requirements/undergraduate-international

      Delete
  5. Ruwan, this is the kay point. Academic year for Medical students starting today in university near me in AUS. Few Sri Lankan are here as foreign students. Uni fee alone is AUD 300,000 for 6 years. How many of our parents can pay that much money, so many of our talent wasted. We will be in 3rd world for ever.

    ReplyDelete
    Replies
    1. Indeed , you are correct , many parents sell their lands and houses and collect money

      Delete
    2. I am a victim. I did that. Still paying loans.

      Delete
    3. The sad point, SL parents pay AUD 300,000 for 6 years to foreign countries. In KDU, they accept foreign students to follow MBBS just (5000 $ for SAARC countries) for 7000 $.

      I can not understand.

      Delete
    4. usd 7000 probably for one year, not for the 5 years

      Delete
    5. අව්ලක් නෑ ඕස්ට්‍රලියන්ස්ලා( chilren born to parents of sri lankan origin ) ලංකාවේ රජයේ වෛද්‍ය පිඨවල මුදල්ගෙවා ඉගෙන ගනිති . ගාන නම් රුපියල් මිලියන 5 ක් හෝ 10 ක්

      Delete
    6. නයනේ - සිතුවිළි,

      KDU web එකෙන් බාගත කර ගත හැකි නිල prospect එකෙහි 109 පිටුව බලන්න. දේශීය සිසුනට තිබෙන ගණන් වල හැටියට මේ එක වසරක ගාස්තුව විය හැකි බව හිතන්නට බැහැ.

      කොහොම වුනත් දැන් ඒකෙ දේශීය සිසුන්ගෙන් පාඨමාලාව සඳහා අය කරන මුදල කියා නැහැ. එයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. සංකීර්ණ ගැටළුවක් පෙනෙනවා.

      Delete
  6. සයිටම් එකට විරුද්ධ වෙනවනන් විරුද්ධ වෙන්න ඕනෙ නුපුහුණු වෛද්‍යවරුන් බිහි කරාවි යන කාරණය නිසා විතරයි... පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නිසා කියන එකෙන් නෙමෙ... පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි... උසස් පෙළ ලියලා රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ලැබුනේ නැති පලියට එයා අදක්ෂයෙක් කියන එක නෙමේනේ අදහස් කරන්නේ... එහෙම කෙනෙක්ට පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කියන්නේ තවත් අවස්ථාවක්...

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි./////////////////// +++++++++++

      Delete
  7. Replies
    1. මේ වසරේ කළා අංශයෙන් විශ්වවිද්‍යල ප්‍රවේශයේදී දිස්ත්‍රික් කෝටාව අහෝසි කර තිබෙනවා. එහි පදනම, අද වන විට රටේ ඕනෑම තැනක කළා අංශයෙන් උසස් පෙළ විභාගය හැදෑරීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය වී තිබෙනවාය කියන එක. අනාගතයේ විද්‍යා අංශයටත් එසේ වේ යන ශුභ බලාපොරොත්තුව එයින් පෙනෙනවා.

      කොළඹ ආනන්ද විද්‍යාලයේ ඇති පහසුකම් ඊට ටිකක් එහා බොරැල්ලේ සුසමයවර්ධන විද්‍යාලයේ නැහැ නේ. නමුත් දෙගොල්ලොම එකම දිස්ත්‍රික් පදනමකටයි මුහුණ දෙන්නේ. එය සාධාරණීකරණය කරන බොහෝ දෙනෙක් පෙන්වන්නේ කොළඹ තිබෙන හොඳ ටියුෂන්. නිදහස් අධ්‍යාපනයේ ලෙසින් හැදින්වෙන නොමිලේ උපාධි වලට ඇතුලත්වීමට පදනම කරගන්නේ ඒ අවට තිබෙන ටියුෂන් නම් ඒ තරම් විහිළුවක් වෙන කොහෙද ? ඔය දුෂ්කර පදනම මත පදනම් වෙලා දෙන කෝටා එක අද වන විට විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක වෙන්නේ නැති වගක් මට නම් හිතෙන්නේ.

      Delete
    2. ඒ දවස්වල මාතර පන්ති එනවා මොනරාගල ලමයි(තවමත් වෙනසක් නැතුව ඇති ).සිකුරාදා පාසලෙන් ඇවිත් ඉරිදා යනවා.සතියේ දවස්වල පන්ති දැම්මම කට්ටක් කනවා.80% නිසා පාසල් යන්නත් ඕනනේ.

      Delete
    3. මේ වසරේ නොවේ ඕක දැන් බොහෝ කාලයකට පෙර සිටයි. දිස් ත්‍රක් සහ දුශ්කර ( දිස්ත්‍රක්ක 16කි) කෝටා ක්‍රමය විද්‍යා සහ වානිඣ ධාරාවන් සඳහා පමණි .

      Delete
    4. දුශ්කර පදනම ඉතා ප්‍රශ්ණ කාරී එකක් උදාහරණයක් විදියට අනුරාධපුර ,යාපානය දුශ්කරයි මාතලේ නෑ. දැන් මාතලේට අයිති ප්‍රදේශ ගන්න, ලග්ගල , ගලේවෙල , දඹුල්ල එතකොට කැකිරාව අනුරාධපුරේට . දැන් කැකිරාව සෙන්ට්‍රල් එක වගේ ඉස්කෝලයක් දඹුල්ලේ තියෙනවාද ? ලග්ගල දුශ්කර නැද්ද ? ඇයි කොලඹ දිස්ත්‍රක්කයේ අවිස්සාවේල්ල ?

      Delete
    5. serendipity, ඔවු. ඒක හරිම සංකීර්ණයි. මම ඔය උදාහරණයෙන් පෙන්වන්න උත්සාහ කලේ කොළඹ 1-15 තුලම කොයිතරම් විෂමතා තිබෙනවාද කියන ඒක.

      Delete
    6. "දිස් ත්‍රක් සහ දුශ්කර ( දිස්ත්‍රක්ක 16කි) කෝටා ක්‍රමය විද්‍යා සහ වානිඣ ධාරාවන් සඳහා පමණි ."

      ගණිත අංශයටත් තියෙනවා.

      Delete
  8. eka lamayek siya divi nasa gattta oka nisa

    ReplyDelete
  9. ප්‍රමිතියක් ඇතිව මේ වගේ ආයතන පවතින්න ඕන.

    ReplyDelete
  10. වෛද්‍යවරු , ඉංජිනේරුවරු වීම සඳහාම උසස්පෙළ කිරීම වෙනුවට වෙනත් පාඨමාලා පිළිබඳව ළමයින් දැනුවත් කල යුතුයි. ඇත්ත වශයෙන්ම ඔය පාඨමාලා දෙක වෘත්තිකයන් සඳහාම පැවැත්වෙන පාඨමාලා දෙකකි . ඉංජිනේරු විද්‍යාව හැදෑරීමෙන් පසු සමහර විට වෙනත් ( කලමනාකාර , විධායක වැනි) රැකියදවක් කලහැකිවුවත් වෛද්‍ය වෘත්තිය හැදෑරු අයෙකුට වෙනත් රුකියාවක් කිරීමට ඇති අවස්ඨා විරලය. මෙම වෘත්තීන් සඳහා දුවන්නන් වාලේ ළමයින් පෙළඹවීමෙන් සිදුවන්නේ විභාග පාස්වු පලියට තම වෘත්තියට ආදරය කරන එය කිරීමෙන් ආත්ම තෘප්තියක් නොලබන කොටසක් බිහිවීමය්ි. මම දන්නා ඉංජිනේරු උපාධිධාරියෙක් ඇත්තටම කැමති ගණිතය ඉහලට ඉගෙණීමට උවත් දෙමව්පියන්ගේ පෙරුත්තය නිසා ඉංජිනේරු විද්‍යාව හදාරු අයෙකි. ඇත්තටම ගණිතය , භෙෘතික විද්‍යාව යන මුලික විද්‍යාවන් ඉහලට ඉගෙන ගැනිමෙන් හොඳ ගණිතඥයෙකු , වද්‍යාඥයෙක් විය හැකි බව උසස් පෙළ ඉහල ලකුණු ගන්නා ශෂ්‍යයින්ට මතක් කර දිය යුතුය.

    ReplyDelete
  11. Free education is not free. Tax payers pay for that meaning every one in this country contribute for free education and do not get th benift of it when graduates migrate. Note that tax payers also pay for curruption and waste of public sector as well. Hence i dont think its feasible to increase government uni quota. The best option is to give all stidents a qualification that they can make money with and a loan to pay back once they complete their education. Specially docotrs migrate very often and th poor tax payers dont get the return on their investment where as western countires who didnt spend a cent for these doctors benift for free. May b thats something we can call free education. Tax payers in 3rd world countries pay to produce docotrs for rich countries for free. Suggest to hv a scheme where medical studwnts pay back their investment to th government after graducation. Then we can imcrease quota wit that money

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත්වෙනවා කියන්නනේ ඒක ශිෂ්‍යත්වයක් . මොකද ඉගෙනීමට සල්ලි අය නොකරන නිසා. තම උපාදිය වෙනුවෙන් වාරිශිකව වැයවෙන මුදල සඳහන්කොට "එම මුදල සඳහා ඔබට ශිෂ්‍යත්වයක් මෙයින් පිරිනමනු ලැබේ" කියා වගන්තියක් ඇතුල් කිරීම කාලෝචිතය. එතකොට තමන් පාරේ රස්තියාදුවෙන එක තම හෘර්ද සාක්ෂියට එකඟද කියල තමුන්ටම ප්‍රශ්ණකරඩත හැකිය

      Delete
    2. When I first came to Australia, people didn't believe that I got my Uni education for free, because there is nothing like that here. It is high time SL introduces a similar scheme (loan or pay-when-you-earn) with quality education and recognition for degrees offered (with a percentage of full scholarships offered for students from less privileged backgrounds). Also, Education Department must introduce a career advice service at year 9-10 level to make students understand that going to Uni's is not the only path for well paid career. I know plenty of examples who made a different choice and probably, have higher quality of life than who followed conventional path.

      Delete
    3. එතකොට තමන් පාරේ රස්තියාදුවෙන එක තම හෘර්ද සාක්ෂියට එකඟද කියල තමුන්ටම ප්‍රශ්ණකරඩත හැකිය ///////// ++++++

      Delete
    4. AnonymousFebruary 13, 2017 at 4:56 AM,

      Sir,
      Sure, Ossies didn't believe you that you received your Uni education free.
      But what they didn't tell you is 'What a pathetic fellow this is, got everything from the poor country and now working for someone else!' Disgusting!!

      Delete
    5. serendipityFebruary 13, 2017 at 4:17 AM, not only its free they also get an allowance called mahapola which most will waste for fun,i know one girl who was studying to be a doc, she said she didnt have a tea for 3 years cz she couldnt afford to buy a packet of milk and she had to get a used stethoscope for cheap cz her parents couldnt afford, in the other hand there is another girl i know who is a child of a rich doctor, both of them get the education for free which is not right. by the way the poor girl is now considering her options to migrate, again Zero ROI for the tax payer, pathetic how students think its their right to have everyting for free, im sure docotrs feel that way cz their income doesnt get taxed (as far as Im aware) and they also get tax free car, they care less about tax payer cz natuarlly they dont kow how hard it is to see money going off ur pay check

      Delete
  12. මට නම් කොළඹින් ඉන්ජිනියරින් යන්න ලකුණු බර ගණනක් අඩුයි. මම ඔය දිස්ත්‍රික් කෝටා එක දැක්කෙ උසස් පෙලින් පස්සෙ අපේ තාත්තගෙ බිස්නස් වැඩ වගේකට එක්තරා දුෂ්කරයි කියන දිස්ත්‍රික්කෙක නැවතිලා හිටපු කාලෙ. ඒ දිස්ත්‍රික්කෙ දුෂ්කරයි කිව්වට කොළඹ තිබුණ පහසුකම් තිබ්බා. ඒ ඉස්කෝලෙ කොටින්ම ක්‍රිකට් පිච්, ෆුට්බෝල් ග්‍රවුන්ඩ් පවා තිබ්බා. ඇතුලට වෙන්න ඒවා නැතුව ඇති. එතකොට මගෙ මල්ලි සා. පෙ කරනවා. ඌ දොස්තර වෙන්න හීන මැව්ව එකා. මම ඌට කිව්වා කොළඹින් අස්වෙලා මෙහෙ ඉස්කෝලෙකට ඇතුල් වෙයන්, ඉන්න තැන්, ටියුෂන් සෙට් කරලා දෙන්නම්. යන්තම් පාස් වෙලා මෙඩිකල් පලයන් කියලා. අන්තිමට මූ ඇහුවෙ නෑ. කොළඹින් මූ A2යි B1ක් ගත්තත් මූට මෙඩිකල් යන්න බෑ. ඒ කාලෙ සයිටමුත් නෑ. අන්තිමට පිටරට ගිහින් කෝටි ගාණක් කාල දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඕක අපි හැමෝටම වෙච්ච දේනේ රොබට්. අපි ශිෂ්‍යත්ව පාස් කරගෙන කොළඹ ආව . ඊට පස්සේ අපේ පිටිපස්සෙන් හිටිය අපේම යහළුවෝ අඩු ලකුණු වලට කැම්පස් ගියා . මට යන්න ලැබුනේ කොළඹ විශ්ව විද්‍යාලයට. ඒක නරකයි කියනවා නොවේ. නමුත් ඒ දවස්වල අපට වැරදියට ඉංජිනේරු හීනයක් කවල තිබුන.

      Delete
    2. kolama awith mokuth labune nadda.

      Delete
  13. මගේ දරුවෙක් මොනෑෂ් වි.විද්‍යාලයේ ඉගෙන ගන්නවා .එයා ඕස්ට්‍රේලියන් පුරවැසියෙක් වුනත් නොමිලයේ ඉගෙන ගන්න බැහැ. එයාගේ ඉගෙනීමට යන වියදම ‍රැකියාවක් කරන කොට ටික ටික ආඵු ගෙවන්න ඕනෑ. ඒ වගේ ක්‍රමයක් ලංකාවෙත් හැදුවොත් වැඩි පිරිසක ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ ව්ගේම ඔය අන්තරේ අයට පෙලපාලි යන එකත් අඩු කරන්න වෙයි මොකද කෝස් එකේ කාලය දික් වෙන කොට ගෙවන්න ගානත් වැඩි වෙන නිසා,

    ReplyDelete
    Replies
    1. අනෙත් එක පාරවල් දිගේ යනවා මිසක් ඉගෙනීමක් නෑ

      Delete
  14. දිස්ත්‍රික් පදනම කියල ගන්නේ 5%ක් විතරයිනේ.
    මේකේ කතා වෙන්නේ හරියට බාගයක් විතර දිස්ත්‍රික් පදනමට ගන්නවා වගේනේ.

    ඕනෙම නං Admission to Undergraduate Courses of the Universities in Sri Lanka 2013_2014.pdf බාගෙන බලන්ඩ. පිටු අංකය 7

    ReplyDelete
    Replies
    1. ඒ කියන්න දැනේ නේද. එතැන් සාධාරණත්වයක් තියනවා. මම නම් කිවේ 1980 ගණන්වල කතාවක්

      Delete
    2. නෑ. එක වැරදි අර්ථයක් දෙන කතාවක්.


      දිස්ත්‍රක් පදනම මත ගන්නේ 5% පමණක් නම් අනිත් 95 % ගන්නේ දිවයිනේ කුසලතා පදනම මතද ? නැහැ නේ. එහෙනම් ඉතිරු ටිකට මොකද වෙන්නේ ?

      දීප ව්‍යාප්ත කුසලතා පදනම (Island rank) මත 40 % ගන්නවා.

      දිස්ත්‍රික් කුසලතා පදනම (District rank) මත 55% ගන්නවා.

      අවසන් 5 % දුෂ්කර යයි හඳුනා ගත් දිස්ත්‍රික්ක 16 (Special) සිසුන් අතරේ බෙදා දෙනවා.

      http://www.ugc.ac.lk/downloads/admissions/Handbook_2016_17/HANDBOOK%202016-2017%20SINHALA.pdf

      පිටු අංකය 8. වගන්ති 1,2,3.
      3 වෙනි වගන්තිය විතරයි මේ අදහස් දක්වපු මිත්‍රයා කියන්නේ.

      Delete
    3. හැට්ටර් -මේ විට්ටර් ගෙ මල්ලිFebruary 13, 2017 at 9:35 AM,

      දක්වා තිබෙන්නේ දුෂ්කර යයි හඳුනා ගත් දිස්ත්‍රික්ක 16 වෙනුවෙන් පමණක් වෙන් කරන ලද 5% විතරයි.

      සියලු දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් පදනම මත ගන්න 55% ඔහු උවමනාවෙන්ම හෝ වැරදීමකින් අමතක කරලා.

      Delete
    4. දිස්ත්‍රික් කුසලතා පදනම (District rank) මත 55% ගන්නවා.
      මෙය ගණනය කරන්නේ දිස්ත්‍රික්කයේ ජනග්‍රහණය අනුව නේද ?ගම්පහට නේද වැඩිපුර ලැබෙන්නේ.

      Delete
    5. ඇයි මේ දිස්ත්‍රික් කුසලතා පදනම්, දීප ව්‍යාප්ත කුසලතා පදනම්, දුෂ්කර යයි හඳුනා ගත් දිස්ත්‍රික්ක පදනම් අරව මේවා දාගෙන වැඩේ
      සංකීර්ණ කරගන්නේ. හැමෝම එකම පාඨමාලාව ඉගෙනගෙන එකම විභාගෙට ලියන එකේ, මුළු ලකුණු ගණන අරගෙන ලැයිස්තුවක් හදල තෝරණ එකනේ ඇත්තේ.
      ඔබ හැමෝම ලංකාවේ ඉගනගත් අයනේ. ඉතින් දන්නවනේ රජයෙන් හැම ඉස්කොලේකටම සියලු පහසුකම් දීල එකම විදියට සලකන බව.
      සමහරු කියාවි ලොකු නගරවල ටියුෂන් තියෙනවා ගම්වල නැහැ කියල. එතකොට තියෙන්නේ පළාත් අද්යාපන ඇමති තුමාට කියල සති අන්තේ පන්ති යන්න බස් එකක් ලබා ගන්න එකයි. ටියුෂන් එකට සල්ලි නැත්තන් ඔය ජනසවිය වගේ එකක් හදල දෙනවනේ ආණ්ඩුවට කිව්වොත්.
      ඕව ගම්වල ළමයි ඉල්ලන්නේ නැහැ, නොදන්නා කම නිසා.

      Delete
  15. මගේ වාමාංශික මිතුරන් කියන්නේ - මේක දුන්නොත් ඊට පස්සේ දිගටම පෞද්ගලිකරණය කරලා මුළු නිදහස් අධ්‍යාපනයම නැතිවෙන බව. ඔවුන් උදාහරණයකට පෙන්වන්නේ එංගලන්තය.

    ReplyDelete
    Replies
    1. තලියෙත් කිඹුල්ලු දකින සමහද වාමාංශිකයෝ ඉන්නවනේ

      Delete
  16. If this continues for long th free education is becoming a more n more nonsense to the common public since only a fraction of students go to uni after a lelvel i dont think myany sri lankans wont bother if unis r free or not. The way these fools distrub th common man will force people to raise their hand against free education

    ReplyDelete
  17. ශිෂ්‍යත්වයෙන් කුරුණෑගල ලක්දාස් එකට ගිය දඹදෙණියෙ ළමයෙක් ලැබූ ලකුණු ප්‍රමාණයට වඩා, ඒ ශිෂ්‍යත්වෙ ම පාස් වෙලා කොළඹ ආනන්දෙට ආ ළමයෙක් ඊට වඩා අඩු ලකුණු අරගෙන කොළඹ වෛද්‍ය විද්‍යාලෙට ගියා. අර ළමය තේරුණේ පේරාදෙණියෙ දන්ත වෛද්‍ය පීඨයට. ඔහු දැන් දන්ත වෛද්‍යවරයෙක් හැටියට තෘප්තිමත් ව රැකියාව කරනව. අර ළමය සීමාවාසික වෛද්‍යවරයෙක් හැටියට Family Medicine වෛද්‍යවරයෙක්. ඔව ඔය දූපතේ වෙනස් වෙන්නෙ නෑ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook